සාහිත්‍ය 1
|
||
|
01. අනුරාධපුර සාහිත්‍ය යුගයේ සිට ගම්පොළ සාහිත්‍ය
යුගය දක්වා සංක්ෂිප්ත ඉතිහාසය විමසන්න.
සාහිත්‍ය ඉතිහාසයේ අක්මුල් සොයා යෑමේ
දී ඉතිහාසඥයෝ අධ්‍යයන පහසුව උදෙසා රාජධානි අනුපිළිවෙළට සාහිත්‍ය යුග බෙදා දක්වති.
1. අනුරාධපුර සාහිත්‍ය යුගය
2. පොළොන්නරු සාහිත්‍ය යුගය
3. දඹදෙණි සාහිත්‍ය යුගය
4. යාපහුව සාහිත්‍ය යුගය
5. කුරුණෑගල සාහිත්‍ය යුගය
6. ගම්පොළ සාහිත්‍ය යුගය
7. කෝට්ටේ සාහිත්‍ය යුගය
8. මහනුවර සාහිත්‍ය යුගය
9. කොළඹ සාහිත්‍ය යුගය
සිංහල සාහිත්‍ය වංශයේ පුරාණතම යුගය
වන්නේ අනුරාධපුර යුගය යි. මහින්දාගමනයෙන් ලත් පුනර්ජීවය මෙම යුගය පුරාවට කැපී
පෙනුණු ලක්ෂණයක් විය. කෙසේ නමුත් පද්‍ය සාහිත්‍යමය සම්භවයක් සහිත අනුරාධපුර යුගය
තුළ ගද්‍ය සාහිත්‍යයේ සම්භවයක් පිළිබඳව සාධක හමු නො වේ. ‘සීගිරි ගී’, පද්‍ය සාහිත්‍ය සම්භවය සඳහා ඇති සුවිශේෂ
උදාහරණයකි. සාහිත්‍යමය වශයෙන් ගත නො හැකි මුත් මෙකල බිහි වූ ප්‍රධාන ග්‍රන්ථ ත්‍රිත්වයක්
වේ:
1. සිඛවළඳ හා සිඛවළඳ විනිස
2. දම්පියා අටුවා ගැටපදය
3. සියබස්ලකර
කෙසේ නමුත් අශෝක අධිරාජ්‍යයේ බලය
පිරිහී යෑමත් සමඟ එහි අනිටු විපාකයක් ලෙස සොළීන් විසින් ඍවන මිහිඳු රජුව ඔවුන්ගේ
රටට රැගෙන යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන අරාජික සමයේ දී සිංහලයන් අතර හා
සිංහලයන් හා ද්‍රවිඩයන් අතර වූ ගැටුම් හේතුවෙන් අනුරාධපුප රාජධානිය බිඳ වැටී
පොළොන්නරු රාජධානිය බිහි විය.
පොළොන්නරු යුගය, හින්දු ආගමික බලපෑම් හා හින්දු ආගමේ හිස එසවීමට එරෙහිව බුදුරජාණන්
වහන්සේ හා උන් වහන්සේගේ ධර්මය පිළිබඳ ව දැඩි ආගමික විශ්වාසයකින් හා භක්තියකින්
යුතු ව පතපොත ලියැවුණු යුගයකි. එමෙන් ම සාහිත්‍ය ඉතිහාසය තුළ ගද්‍ය සාහිත්‍යයේ
ආරම්භය සනිටුහන් වන්නේ ද මෙම යුගයේ දී ය.
’ධම්ම සංගණී ප්රකරණය’, මුවදෙව්දාවත, ‘මහා බෝධි වංශ ග්‍රන්ථි
පද්‍ය’, ධර්ම ප්‍රදීපිකාව‘ හා ‘අමාවතුර’ යනාදී කෘති මෙකල බිහි වූ ඒවා ය. ඒ අතුරින් ගුරුළුගෝමීන් විසින් රචිත ‘අමාවතුර’ කෘතිය ලාංකේය සාහිත්‍ය ඉතිහාසයේ පළමු බණකථා
සාහිත්‍ය ග්‍රන්ථය ලෙස හඳුනා ගැනේ. එකල පාලකයෝ කිහිපදෙනෙක් රාජ්‍ය විචාළහ:
1. I වන විජයබාහු රජු
2. II වන ජයබාහු රජු
3. III වන වික්‍රමබාහු රජු
4. IV වන ගජබාහු රජු
5. I පරාක්‍රමබාහු රජු
6. කාලිංග මාඝ
යථෝක්ත පාලකයන් අතුරින් සොළීන් පළවා
හැර ලංකාව එක්සේසත් කළ පළමු වැනි පරාක්‍රමබාහු රජුට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.
අනතුරු ව දේශපාලන අස්ථාවරයත්. කාලිංග මාඝගේ ආක්‍රමණ හා මැලේරියා වසංගතයේ බලපෑමත්
නිසා පොළොන්නරු යුගය ද බිඳ වැටේ. ඊළඟට උදාවන්නේ දඹදෙණි යුගය යි.
පොළොන්නරු යුගයේ අවසන් භාගයේ ඇති වූ
සතුරු උවදුරු දඹදෙණි රාජධානිය පහළ වීමට හේතු විය. මෙම යුගයේ ආරම්භක පාලකයා මෙන් ම
විශිෂ්ටතම පාලකයා වූයේ III වන විජයබාහු හෙවත් දඹදෙණි විජයබාහු රජු ය. ඔහු වැදගත් සේවාවන්
රැසක් සිදු කළේ ය.
1. මායාරටෙහි සිංහල ප්රධානීන් එකමුතු කිරීම.
2. මායාරටෙහි දෙමළ ප්‍රධානීන් පළවාහැර දඹදෙණි
පව්ව මත රාජධානියක් ගොඩනැඟීම.
3. දළදා පාද වස්තු දෙකක් හා භික්ෂූන් වහන්සේලාත්,
ප්රභූ ජනයාත් කොත්මලෙන් දඹදෙණියට ගෙන්වාගැනීම.
4. තම පුතු වූ පැරකුම්බා කුමරුට සාහිත්‍ය
ඉගැන්වීම.
ඉහත සේවාවන් අතුරින් පැරකුම්බා කුමරුට
සාහිත්‍ය ඉගැන්වීම ඔහු විසින් සිදු කළ විශිෂ්ටතම සේවාව යි. පසුව III වන විජයබාහු රජුගේ ඇවෑමෙන් II වන පැරකුම්බා රජු සියතට
රාජ්‍ය පාලනය ගන්නේ ය. එකල සිටි ගිහි පඬිවරයකු වූ ඔහු ‘කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත’ නමින්
ද හැඳින්වේ. ඔහු අතින් ද ඉටු වූ වටිනා සේවාවන් රැසකි:
1. විජයබාහු රජු ගොඩනැඟූ දඹදෙණි රාජධානිය
සමෘද්ධිමත් කිරීම.
2. දඹදිවෙන් උගතුන් හා පොත්පත් ගෙන්වීම.
3. පළාබත්ගල ආරණ්‍යවාසය ඇති කිරීම හා සිවුපසයෙන්
භික්ෂූන්ට සංග්‍රහ කිරීම.
4. තමන්ට විරුද්ධ වූ දෙමළ පිරිස් පළවාහැරීම.
5. පරාක්‍රමබාහු පිරිවෙන, මිහිඳුබා පිරිවෙන යනාදි පිරිවෙන් විද්‍යස්ථාන ගොඩනැඟීම.
6. ‘කව්සිළුමිණ’ රචනා කිරීම. (මෙ පළමු මහා කාව්‍යය වේ)
දඹදෙණි සාහිත්‍ය යුගය රමණීයතම ගද්‍ය
සාහිත්‍ය යුගය සේ සැලකේ. එයට එකල බිහි වූ සාහිත්‍ය ග්‍රන්ථ රැස උදාහරණ සපයයි. ඒ
අතරින් පංචමහා බණකථා බිහි වීම ද සුවිශේෂී කාරණාවකි:
1. බුත්සරණ
2. දහම්සරණ
3. සඟසරණ
4. සද්ධර්මරත්නාවලිය
5. පූජාවලිය
දඹදෙණි යුගය සාහිත්‍ය මඟින් පෝෂණය කළා
වූ කතුවරු සමූහයක් පිළිබඳ ව නිකාය සංග්‍රහයෙහි සඳහන් වෙයි:
”එසේ ම ශ්ලෝක සිද්ධාර්ථ ය, සාහිත්‍ය විල්ගම්මුල ය, අනුරුද්ධ ය, දීපංකර ය, මයුරපාද ය, ධර්මසේන ය යනාදී ස්ථවිරයන් හා ශුරපාද ය, ධර්ම
කීර්තිපාද ය, ධීරනාගපාල ය, රාජමරාරි
ය, කවිරාජශේඛර ය, ගුරුළු දැමී ය,
ආගම චක්‍රවර්තී ය, පරාක්‍රම පණ්ඩිත ය,
අග්‍රපණ්ඩිත ය යනාදී වූ ගෘහස්ථ පණ්ඩිත ජනයෝ ධර්මානුගත ශ්ලෝක ප්‍රබන්ධ,
විචිත්‍රාර්ථ ප්රකාශ වූ සන්න ගැටපද හා නොයෙක් ධර්ම ව්යාඛ්යාන
ඉපැදැ වූ හ.”
01.දාඨා ධාතු වංශය
- අනුරාධපුර යුගය
02.දාඨා වංශය (පාලි) - පොළොන්නරු යුගය 03.දළදා සිරිත -කුරුණෑගල යුගය
04.දළදා පූජාවලිය ධ් - කුරුණෑගල යුගය 05.දළදා වරුණේ ධ්- මහනුවර
යුගය
06.දළදා පූජාවලිය ධ්ධ් මහනුවර යුගය
07.දළදා වංශය මහනුවර යුගය 08.දළදා හටන - මහනුවර යුගය
09.දළදා වංශ කවි
- මහනුවර යුගය 10.දන්ත ධාතු විස්තර
චිරන්තන සාහිත්‍යය ඇසුරේ දුගී බව පෙනෙනවා
මහාචාර්ය තුඹුල්ලේ
සීලක්‌ඛන්ධ හිමි
සංවාදය :
රත්තනදෙණියේ මේධානන්ද හිමි
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මුලික උපාධියත් කොළඹ
විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති (ඵගචයසක) සහ දර්ශනසූරි (ඡග්‍යගෘග) උපාධියත් ලබාගත් මහාචාර්ය
තුඹුල්ලේ සීලක්‌ඛන්ද හිමියෝ 1986 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලන සේවයට එක් වූ අතර
ලංකාවේ ප්‍රධාන පිරිවෙන් පරීක්‌ෂක ධුරයටද පත් විය. 1999 දී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
උපකුලපති ධුරයට පත්වන උන්වහන්සේ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයකු වශයෙන්ද ක්‍රියා
කළහ.
මියෙන්මාර් රජයෙන් ග්‍රන්ථවාචික අග්ගමහා පණ්aඩිත ගෞරව උපාධිය දිනාගත්
උන්වහන්සේD.LittDගඛසඑඑ) උපාධියද
දිනාගත්තේය. වත්මන් ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති හිමියන් වන උන්වහන්සේ
සමග මේ 'වටමඬල'
කළ සංවාදයේ සංක්‌ෂිප්ත
සටහනයි.
පොළොන්නරු යුගයේදී සාහිත්‍ය කලා ශිල්ප ක්‍ෂේත්‍රයෙහි
කිසියම් ප්‍රබෝධයක් ඇති වෙනවා. ඔබවහන්සේ දකින ආකාරයට මේ සඳහා බලපෑ හේතු මොනවා ද ?
අනුරාධපුරයේ සිට රාජධානිය පොළොන්නරුවට මාරුවීමත්
සම`ග පොළොන්නරුව මුල්
කරගෙන භාෂා සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි දියුණුවක් ඇති වෙනවා. පොළොන්නරු යුගය වශයෙන් සලකනු
ලබන්නේ අනුරාධපුර රාජධානිය බිඳ වැටුණු ක්‍රි.ව.1017 සිට පොළොන්නරු රාජධානිය බිඳ වැටුණු
1215 දක්‌වා වූ අවුරුදු 200 ක පමණ කාල පරිච්ඡේදයයි. පොළොන්නරු යුගය ව්‍යාකූල කාලපරිච්ඡේදයන්ගෙන්
ග්‍රහණය වුවත් එම ව්‍යාකූල කාලපරිච්ඡේදයන් අතර පැවති ශ්‍රේෂ්ඨ කාල පරිච්ඡේදයන් වන ෂ
වන විජයබාහු, ( ක්‍රි.ව.
1070- 1110) ෂ වැනි පරාක්‍රමබාහු, (1153 - 1186) නිශ්ශංකමල්ල (1187- 1196) වැනි කාල පරිච්ඡේදයන්වල
රටේ සාමය ඇති කොට එම රජවරුන් භාෂා සාහිත්‍යය නඟා සිටුවීම කෙරෙහි පූර්ණ අනුග්‍රහයක්
ලබාදීම නිසා මෙම යුගය තුළ භාෂා සාහිත්‍ය හා කලා ශිල්ප ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රබෝධයක්
ඇති වුණා. ඒ හැරුණු විට සාහිත්‍ය දියුණුවක් ඇති වීම කෙරෙහි බලපෑ තවත් හේතු සාධකයක්
වන්නේ පොළොන්නරු යුගය තුළ බුදු දහමට ප්‍රතිපක්‍ෂව ශිව ආගමේ වර්ධනයක් ඇති වීමයි. ඒ
අනුව බුදු දහමෙන් ඉවත්ව ශිව ආගම වෙත ඇදී යන ජනතාව බුදු දහම වෙතට අද්දවා ගැනීමේ අරමුණින්
කාලීන අවශ්‍යතාවය සැපිරීම සඳහා ග්‍රන්ථ සම්පාදනය කිරීමට දේශීය ගත්කතුවරුන්ට සිදු වුණා.
උදාහරණ වශයෙන් ගුරුළුගෝමීන්ගේ අමාවතුර සහ ධර්ම ප්‍රදීපිකාවත්, විද්‍යාචක්‍රවර්තීන් විසින්
රචිත බුත්සරණ, දහම් සරණ හා ස`ග සරණ යන කෘතිත් පෙන්වා
දිය හැකියි.
ඔබ වහන්සේ සඳහන් කරන බුත්සරණ දහම් සරණ හා ස`ග සරණ යන කෘති දඹදෙණි යුගයට
අයත් යෑයිද ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා...
අපගේ ඇතැම් පැරැණි සාහිත්‍ය කෘති අරභයා මේ ගැටලුව
පවතිනවා. ඇතැම් කෘති රචනා වූ කාලය අවිනිශ්චිතයි. ඇතැම් කෘතිවල කර්තෘ අඥාතයි. උදාහරණයක්
වශයෙන් මුවදෙව්දාවත කර්තෘ සහ රචිත කාලය යන දෙකම අඥාතයි. නමුත් සසඳාවත ලියවෙන්නේ ලීලාවතී
රැජනගේ කාලයේ බව කෘතියෙහි එන්නා වූ පද්‍ය වලින් සනාථ වුවත් එය කාගේ කෘතියක්‌ද යන ගැටලුව
තවමත් ඉතිරිව තිබෙනවා. මේ නිසා චිරන්තන සාහිත්‍යය අඩමානයෙන් සලකනු ලබන කෘති,
අනුමානයෙන් සලකනු ලබන කෘති,
හා නිසැක වශයෙන්ම දන්නා
කෘති ලෙස තුන් වැදෑරුම් වෙනවා. බුත්සරණ, දහම් සරණ වැනි කෘති අඩමානයෙන් සලකනු ලබන කෘති
ලෙසයි, ගැනෙන්නේ. මෙම
කෘති ලියෑවුණු කාලය අවිනිශ්චිතයි. එහෙත් ඒවා විශිෂ්ට බණ කතා සාහිත්‍ය කෘති වශයෙන් සැලකීමට
කාලය අවිනිශ්චිත වීම ගැටලුවක් නොවෙයි.
නමුත් පොළොන්නරු යුගය අගභාගයේදී (ක්‍රි.ව. 1215
) කාලිංග මාඝගේ ආක්‍රමණය හේතුවෙන් වටිනා පොත්පත් විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුණා
නේද?
ඔව්. නිසැක වශයෙන්ම මීට වඩා වැඩි සාහිත්‍යයක් තිබෙන්න
ඇති. කාලිංග මාඝ සහමුලින්ම මෙරටින් බුදු දහම තුරන් කිරීමේ උත්සාහයක නියෑළීම නිසා වෙහෙර
විහාරස්‌ථාන හා පිරිවෙන්වලින් භික්‍ෂුන් වහන්සේලා එලවා දමා ඒවායේ පැවති පොත්පත් එළියට
ඇද දමා ගිනි තබා විනාශ කරනු ලැබුවා. ''වටිනා පොත්පත් බැඳ තිබූ බැමිවලින් මුදා ඒ මේ අත විසුරුවා
හැරූහ'' යනුවෙන් චූලවංශ
කතුවරයා මේ පිළිබඳ විස්‌තර කොට තිබෙනවා. නමුත් දැනට ශේෂ වී තිබෙන සාහිත්‍ය ග්‍රන්ථවලට
අනුව භාෂා සාහිත්‍යයේ දියුණුවක් පැවති බව හ`දුනාගත හැකියි.
අනුරාධපුර යුගයේදී සිඛවළඳ හා සිඛවළඳ විනිස යන කෘති
දෙක ලියවුණත් සිංහල ගද්‍ය සාහිත්‍යයේ නැඟීම සනිටුහන් වන්නේ පොළොන්නරු යුගයේ ලියෑවෙන
අමාවතුර ඔස්‌සේ බවයි, මාර්ටින් වික්‍රමසිංහ
මහතා පෙන්වා දෙන්නේ...
ඊට හේතුව සිඛවළඳ හා සිඛවළඳ විනිස උපසම්පදා භික්‍ෂුන්
වහන්සේලාගේ විනය සම්බන්ධ ග්‍රන්ථයක් වීම. එය පැහැදිලිsවම ගද්‍ය කාව්‍ය රීතියක් ඉස්‌මතු නොකරන බව වික්‍රමසිංහ
මහතා 'සිංහල සාහිත්‍ය
නැඟීම' කෘතියෙන් පෙන්වාදීම
පිළිගත හැකි සත්‍යයක්. එමෙන්ම සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ දක්‌නට ලැබෙන පැරණිම ග්‍රන්ථයක්
වූ ෂ වැනි සේන රජු විසින් රචිත 'සියබස්‌ලකර'
පෙන්නුම් කරන්නේ සිංහල
කාව්‍ය ලක්‍ෂණයන්a. අනුරාධපුර යුගයේ
අග භාගයට අයත් දම්පියා අටුවා ගැටපදය පරිකතාවක්. මේ නිසා සිංහල ගද්‍ය සාහිත්‍යයේ ප්‍රාරම්භක
ශ්‍රෝෂ්ඨතම කෘතිය ලෙස ගුරුළුගෝමීන්ගේ අමාවතුර සැලකීම සාධාරණයි. නමුත් සිංහල සාහිත්‍ය
වංශයෙන් මහාචාර්ය පුංචිබණ්‌ඩාර සන්නස්‌ගල මහතා පෙන්වා දෙන්නේ ගුරුළුගෝමීන්ගේ අමාවතුරට
පූර්ව කෘතිය 'ධර්මප්‍රදීපිකාව'
සිංහල ගද්‍ය සාහිත්‍යයේ
ගුරු පොත වශයෙන් සැලකිය යුතු බවයි. ඒ කෙසේ වෙතත් ධර්මප්‍රදීපිකාව, අමාවතුර මෙන්ම බුත්සරණ
, මුවදෙව්දාවත,
සසදාවත, පොළොන්නරු යුගයේ රචිත සිංහල
සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කෘති ලෙස සඳහන් කරන්න පුළුවන්.
මේ හැරුණු විට පොළොන්නරු යුගයේ ඇති වූ භාෂා සාහිත්‍යයෙහි
විශිෂ්ටතා මිණිය හැකි අනෙකුත් කෘති මොනවාද ?
මෙම යුගයේදී සිංහල, පාලි, සංස්‌කෘත භාෂාවල දියුණුවක් ඇති වීම නිසා අනුරාධපුර
යුගයට වඩා පොළොන්නරු යුගයේ සාහිත්‍ය භාෂාත්මක අතින් ඉදිරිගාමී වෙනවා. සිංහල භාෂාවේ
ඇති වූ දියුණුව පිළිබඳ සඳහන් කිරීමේදී 'සඝ ලකුණ' නම් සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය මෙකල රචනා වී තිබෙනවා. පාලි
භාෂාවේ ඇති වූ දියුණුව පිළිබඳ සඳහන් කිරීමේදී පාලි උගතෙකු වූ දිඹුලාගල මහා කාශ්‍යප
හිමියන් විසින් රචනා කරනු ලැබූ 'විනය සංග්‍රහය'
සහ 'සාරාර්ථ දීපනිය'
නම් කෘති දෙකත් උදුම්බරගිරි
විහාරාධිපති කස්‌සප හිමියන්ගේ 'බුද්ධ වංශය',
'අනාගත වංශය' ආදී පාලි ග්‍රන්ථත් වැදගත්
වෙනවා. එසේම මොග්ගල්ලාන හිමියන් ලියූ 'මොග්ගල්ලාන ව්‍යාකරණය' නම් පාලි ව්‍යාකරණ ග්‍රන්ථයද වැදගත් වෙනවා. සංස්‌කෘත
භාෂාවේ ඇති වර්ධනය පිළිබඳ සඳහන් කිරීමේදී අනුරුද්ධ හිමියන් විසින් රචනා කරනු ලැබූ අනුරුද්ධ
ශතකය වැදගත් වෙනවා. මෙම යුගයේ භාෂාවේ ස්‌වරූපය වටහා ගැනීමට ෂ වැනි විජයබාහු රජු කල
ලියෑවී ඇති 'පනාකඩුව තඹ සන්නස්
සහ අඹගමුව ශිලා ලේඛනය වැදගත් වෙනවා.
පොළොන්නරු යුගයේ සාහිත්‍ය කටයුතු තුළ දක්‌නට ලැබෙන
තවත් විශේෂත්වයක් වන්නේ අතිවිශාල වශයෙන් ටීකා , ගැට පද, සන්න ග්‍රන්ථ ආදී විස්‌තරාත්මක කෘති රචනා වීම.
ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද ?
එබඳු කෘති විශාල ප්‍රමාණයක් රචනා වී තිබෙනවා. අනුරුද්ධ
තෙරුන්ගේ 'පරමත්ථ විනිච්ඡයට'
මහාබෝධි හිමියන් ලියූ 'මුඛ මත්ථක' නම් ටීකාවත්, එළු දළදා වංශය ගුරු කොට
ගෙන ධම්මකිත්ති හිමියන් අතින් රචනා වූ'දාඨාවංශය' වැදගත් වෙනවා. එමෙන්ම අංගුත්තර නිකායට අටුවාවක් වශයෙන් ලියෑවුණ
මනෝරථපූරණියට කළ 'සාරාර්ථ මංජුසා
ටීකාව' වියත් ගෞරවයට පාත්‍ර
වෙනවා. මේ හැරුණු විට තවත් ජනප්‍රිය කෘතියක් වශයෙන් ෂ වැනි පරාක්රමබාහු රජු කල සාරිපුත්‍ර
හිමියන් විසින් රචනා කරනු ලැබූ අභිධම්මට්‌ඨ සංග්‍රහය වැදගත් වෙනවා.
මීට අමතරව මේඝ දූත සන්නය, ජානකී හරණ සන්නය,
දාඨාවංශ සන්නය,
අටදා සන්නය, වෙසතුරුදා සන්නය,
ආදී සන්න ග්‍රන්ථ රාශියක්
රචනා වී තිබෙනවා. මේ අනුව පොළොන්නරු යුගයේ පුළුල් භාෂා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වී
තිබෙන බව පැහැදිලියි.
සිංහල සාහිත්‍යයේ නැඟීම පොළොන්නරු සමයේ ඇරඹුණත් රමණීයම
ගද්‍ය සාහිත්‍ය යුගය ලෙස දඹදෙණි යුගය සැලකෙනවා. මේ යුගයේ සාහිත්‍ය ප්‍රබෝධය ඔබ වහන්සේ
දකින්නේ කුමන අයුරින්ද ?
ෂෂෂ වැනි විජයබාහු රජු දඹදෙණිය අගනුවර කර ගැනීමෙන්
පසු මාඝ ආක්‍රමණයෙන් පීඩාවට පත් පොළොන්නරුවේ සියලුම භික්‍ෂුන් වහන්සේලා දඹදෙණියට වැඩමවා
ගනු ලැබුවා. පසුව බලයට පත් ෂෂ පරාක්‍රමබාහු රජතුමා ද විදේශගත වී සිටි භික්‍ෂුන් ආපසු
ගෙන්වා වෙහෙර විහාරස්‌ථාන ඉදි කරමින් විනාශ වූ ඒවා නැවත ප්‍රතිසංස්‌කරණය කරමින් පිරිවෙන්
අධ්‍යාපනය ගොඩනංවමින් ධර්ම ශාස්‌ත්‍රීය සේවයට අවශ්‍ය පසුබිම සකස් කරමින් විශාල අනුග්‍රහයක්
දැක්‌වූවා. ෂෂ පරාක්‍රමබාහු රජු උගතකු වූ නිසා දේශපාලන ස්‌ථාවරත්වයක් ඇති කළා පමණක්
නොව ධර්ම ශාස්‌ත්‍රීය සේවයට වැඩි අනුග්‍රහයක් දැක්‌වූවා. මේ හේතුවෙන් දැන උගත් භික්‍ෂුන්
වහන්සේලා මේ යුගයේ බිහිවීම නිසා භාෂා සාහිත්‍යයේ ප්‍රබෝධයක් ඇති වීමට හේතු වුණා.
දඹදෙණි යුගයේ සාහිත්‍යය තුළ ඔබ වහන්සේ දකින විශේෂ
ලක්‍ෂණ මොනවාද ?
දඹදෙණි යුගය තුළ දාර්ශනික ස්‌වරූපයේ ග්‍රන්ථ මෙන්ම
බුදුගුණ වැනීම් සහිත ග්‍රන්ථ සම්පාදනය වී තිබීම විශේෂ ලක්‍ෂණයක්. ඒ අතර විශිෂ්ට කෘතියක්
ලෙස බුදුන් වහන්සේගේ අරහං ගුණය පාදක කොට ගෙන මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන්
විසින් රචනා කරන ලද 'පූජාවලිය'
සඳහන් කළ හැකියි. ඊළ`ගට දේශීය ගැමි උපමා භාවිත
කොට පොදු ජන සමාජයට ඔබින ලෙස ධර්මසේන හිමියන් රචිත 'සද්ධර්ම රත්නාවලිය' මෙම යුගයේ විශේෂ සලකුණක්a.
ඊට අමතරව විසිරී පැවති
බෞද්ධ කථා රාශියක් එක්‌තැන් කරමින් වේදේහ හිමියන් විසින් රචිත 'රසවාහිනිය' ද වැදගත් වෙනවා.
සංඛ්‍යාත්මක අතින් පමණක් නොව ගුණාත්මක අතින්ද ඉහළ
අගයකින් යුත් ග්‍රන්ථ සම්පාදනය වීම මේ යුගයේ කැපී පෙනෙන ලක්‍ෂණයක්. සිංහල ව්‍යාකරණය
පිළිබඳ අපට හමුවන පැරණිම ග්‍රන්ථය වේදේහ හිමියන් විසින් රචිත 'සිදත් ස`ගරාව' ලියෑවෙන්නෙත් මේ යුගයේදී.
පාලි භාෂාවේ දියුණුව පිළිබඳ සඳහන් කිරීමේදී 'ප්‍රයෝග සිද්ධි' නම් පාලි ග්‍රන්ථයත්, සංස්‌කෘත භාෂාවේ දියුණුව
පිළිබඳ සඳහන් කිරීමේදී අනෝමදස්‌සි හිමියන් විසින් රචිත 'දෛවඥ කාමෙනුව' වැදගත් වෙනවා. මීට අමතරව
ගිහි උගතකු වූ ෂෂ පරාක්‍රමබාහු රජු අතින් සිංහල පද්‍ය සාහිත්‍යයේ අසමසම මහා කාව්‍ය
'කව්සිළුමිණ'
රචනා වෙන්නෙත් මේ යුගයේදී.
ඊට අමතරව දාර්ශනික පොතක් වශයෙනුත් බෞද්ධ කෝෂයක් හා සාහිත්‍යයික රචනයක් වශයෙනුත්
සැලකිය හැකි විශුද්ධිමාර්ග මහා සන්නයත් වනවිනිස මහා සන්නයත් ඔහු අතින් රචනා වෙනවා.
සංඝරක්ත මා හිමි සහ දිඹුලාගල
මේධංකර හිමියන් එක්‌ව සම්පාදනය කළ දඹදෙණි කථිකාවත ද මේ යුගයේ භාෂා තත්ත්වය මෙන්ම ශාසනික
තත්ත්වයද හෙළි කරන අගනා ලියවිල්ලක්. වේදේහ හිමියන්ගේ සමන්තකූඨ වර්ණාව හා කාව්‍ය කලාව
හා සම්බන්ධ ඡන්දස් අලංකාර ආදී කාව්‍ය ලක්‍ෂණ පැහැදිලි කිරීමට ලියා ඇති 'එළු සඳැස් ලකුණ'
ද මේ යුගයේ බිහි වූ විශේෂිත
කෘති. ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස කීර්තිනාම ලබන්නට සුදුසුකම් සපුරන තවත්
කෘති විශාල ප්‍රමාණයක් ද මේ යුගයේදී ලියෑවී තිබෙන බව කිව යුතුයි. ආගමික ස්‌වරූපය හැරුණු
විට කාව්‍ය, ව්‍යාකරණ,
ජ්‍යොතිෂ්‍ය, වෛද්‍ය විද්‍යාව,
කාව්‍ය අලංකාර,
ආදී විවිධ ලෞකික විෂය ක්‍ෂේත්‍රයන්ට
අදාළ කෘතිද සම්පාදනය වී තිබීම දඹදෙණි සාහිත්‍ය යුගය තුළ කැපී පෙනෙන ලක්‍ෂණයක්.
චිරන්තන සාහිත්‍යය පිළිබඳ අවලෝකනය කරන විට තවත් ගද්‍ය
සාහිත්‍ය යුග දෙකක් වශයෙන් කුරුණෑගල හා ගම්පොළ යුගය වැදගත් වන්නේ කුමන අයුරින්ද ?
සිංහල සාහිත්‍යට මහත් වටිනාකම් එක් කළ විශාලතම කෘතිය
වන පන්සිය පනස් ජාතක පොත මේ යුගයේදී රචනා වීම විශේෂ සලකුණක්. එය මෙතෙක් පැවති ගද්‍ය
සාහිත්‍යයේ විශාල අඩුවක් සම්පූර්ණ වූවා හා සමානයි. උම්මග්ග ජාතකය නූතන උසස් නවකතාවකට
සමීප වන තරම් කලාත්මක ගුණයෙන් උසස් කෘතියක් වෙනවා. වංශකථා සාහිත්‍යයේ ආරම්භය කුරුණෑගල
යුගයේ වීම තවත් වැදගත් ලක්‍ෂණයක්. ෂඪ වන පරාක්රමබාහු රජු රචනා කළ සිංහල 'ථූපවංශය', විල්ගම්මුල්ල හිමි රචනා
කළ 'අනාගත වංශය'
හා සිංහල බෝධි වංශය ,
ඊට නිදසුන් ලෙස දැක්‌විය
හැකියි. දළදා පූජාවලිය, දළදා සිරිත ඇතුළු
තවත් පොත් ගණනාවක් මේ යුගයේ ලියවී තිබෙනවා. එම නිසා මෙම අවධියත් සිංහල ගද්‍ය සාහිත්‍යයට
විශාල වටිනාකම් එක් කරනවා.
ඊළඟට ගම්පොළ යුගයේ සාහිත්‍යය දඹදෙණි කුරුණෑගල තරම්
පෝෂණය නොවූවත් සද්ධර්මාලංකාරය , තිසර සංදේශය,
මයුර සංදේශය, නිකාය සංග්‍රහය,
එළු අත්තනගලු වංශය වැනි
වැදගත් කෘති ලියෑවී තිබෙන බව කිව යුතුය. මේ හැරුණු විට පද්‍ය සාහිත්‍යයේ රමණීයම යුගය
ලෙස කෝට්‌ටේ යුගයේ රචනා වූ සංදේශ සාහිත්‍යය පිළිබඳවත් අපට අමතක කරන්න බැහැ.
වර්තමානයේ නූතන සාහිත්‍යය මෙතරම් ඉදිරියට පැමිණි
පසුබිමක චිරන්තන සාහිත්‍යය පිළිබඳ උසුරුවන්නේ ඇයි දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන්. එම
නිසා පැරණි සාහිත්‍යයේ ඇති වැදගත්කම ඔබ වහන්සේ නව පරපුරට පැහැදිලි කරන්නේ කොහොමද ?
ජාතක පොත පමණක් කියවීමෙන් අවුරුදු 200 ක් ජීවත්
වෙලා ලබා ගන්නා අත්දැකීම් කෙනකුට ලබා ගන්න පුළුවන් බව මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසා
තිsබෙනවා. ඊට අමතරව
සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය,
කව්සිළුමිණ, කෝට්‌ටේ යුගයේ සංදේශ කාව්‍ය
සාහිත්‍ය පමණක් හැදෑරීමෙන් වුවද නිර්මාණකරුවකුට විශාල පරිණතියක් අත් කරගන්න පුළුවන්.
විශ්ව සාහිත්‍යයේ වුණත් සම්භාව්‍ය සාහිත්‍ය කෘති සේවනය කළ යුතුයි. නිර්මාණකරුවෙක්
කියන්නේ අනුකාරකයෙක් නොවුණත් ආභාසය නොලබන්නෙක් නොවේ. එම නිසා අපේ පැරැණි සාහිත්‍ය
කෘති පරිශීලනය කිරීම කෙනෙකුට නිවැරැදි, ව්‍යක්‌ත, පණ්‌ඩිතමානී, බස්‌වහරක් නිපදවා ගන්න ප්‍රයෝජනවත් වෙනවා. වර්තමානයේ පළවන
බොහෝ කෘති තුළින් චිරන්තන සාහිත්‍ය ඇසුරු නොකිරීමේ අඩුව කැපී පෙනෙනවා. අපේ පැරණි සාහිත්‍ය
කෘති ජීවිතයට ලබා දෙන්නේ වත්මන් සාහිත්‍ය කෘති මෙන් හුදු වින්දනයක් පමණක්‌ම නොවේ.
මනුෂ්‍යත්වයේ ගූඪ ලක්‍ෂණ මෙන්ම ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම ද ඒ තුළින්
සිදු වෙනවා. මිනිස් ගුණධර්ම පෝෂණය, විෂමගති නිශේධනය, ලෞකික ලෝකෝත්තර සුවයට අදාළ චිත්ත සමාධිය,
මානුෂීය චින්තනය ආදී ස්‌වකීය
අධ්‍යාත්මය දියුණු කර ගැනීමට වගේම උසස් කලා නිර්මාණයන් ප්‍රතිනිර්මාණය කිරීමටත් චිරන්තන
සාහිත්‍ය ඇසුර ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා.
එහි කිසිදු විවාදයක් නැහැ. නමුත් චිරන්තන සාහිත්‍යය
අභාසයෙන් පෝෂණය වූ අනිකුත් පරිවාර සාහිත්‍ය කලාවන් මොනවාදැයි ඔබ වහන්සේ සනිදර්ශකව පෙන්වා
දුන්නොත් ඉතා වැදගත් වෙනවා.
අනුරාධපුර යුගයේදී කාව්‍යාලංකාර පිළිබඳ ලියෑවී තිබෙන
සියබස්‌ලකර තුළින් කාව්‍යකරණය වඩාත් ශාස්‌ත්‍රීය තත්ත්වයට පත්කර ගැනීමට පසු කාලීන රචකයන්
අභාසය ලැබුවා. දෙපද, සිව්පද,
අටපද, දොළොස්‌පද, සොළොස්‌පද, සැහැලි, උපහැලි ආදී විවිධ ආකෘති
ඔස්‌සේ සිංහල පද්‍ය ගොඩනැඟුණා. ගම්පොළ යුගයෙන් පසුව සිලෝ විරිතට ඇදී ගිය කවීන් කෝට්‌ටේ
යුගයේදී සමුද්‍රඝෝෂ විරිතට මුල් තැනක් දුන්නා. සිංහල පද්‍ය රචකයන් මෙබ`දු විවිධ ශෛලීන්ට අනුව
පද්‍ය ගොඩනැංවීම් කළත් පූර්ව කවීන් විචාරකයන් පෙන්වා දුන් ඡන්දස්, අලංකාර ආදිය කෙරෙහි සැලකිලිමත්
වෙමින් ආභාසය ලැබුවා. ඒ අනුව සංදේශ කාව්‍ය , උපදේශ කාව්‍ය, භක්‌ති කාව්‍ය , ප්‍රශස්‌ති කාව්‍ය, ශතක කාව්‍ය, ආදී විවිධ කාව්‍ය කෘති
බිහි වුණා.
ජාතක කතා පොත ආභාසයෙන්ද පෝෂණය වූ කලා කෘති බොහොමයි.
කාව්‍යශේඛරය සඳහා පාදක වන්නේ සත්තු භත්ත ජාතකය. කුස ජාතකය පාදක කොට ගෙන කව්සිළුමිණ,
සස ජාතකය ආශ්‍රයෙන් සසඳාවත,
මඛාදේව ජාතකය පදනම් කරගෙන
මුවදෙව්දාවත ආදී කෘති රචනා වී තිබෙනවා. සඳකි`දුරුදා කව සහ ගුත්තිල කාව්‍යය පාදක කොට ගෙන ඇත්තේද
ජාතක කතා. මේ හැරුණු විට තවත් ජාතක කාව්‍ය විශාල ප්‍රමාණයක් මේ ආශ්‍රයෙන් ලියෑවී තිබෙනවා.
ඒ විතරක් නොව සරච්චන්ද්‍ර ඇතුළු නාට්‍යකරුවන් කිහිප දෙනෙකුම සිය නිර්මාණ කලාත්මකව
ප්‍රතිනිර්මාණය කර ගැනීමට ජාතක කතා උපයුක්‌ත කොටගෙන තිබෙනවා. මනමේ, වෙස්‌සන්තර, ලෝමහංස, මහාසාර, ආදී නාට්‍ය මේ සඳහා නිදසුන්.
චිත්‍ර කලාව දියුණු වීමටද චිරන්තන සාහිත්‍ය හේතු
වී තිබෙනවා. බොහෝ වෙහෙර විහාරස්‌ථානවල ජාතක කතා ඇතුළු පැරණි සාහිත්‍ය කෘතිවල එන කථා
පුවත් සිතුවමට නඟා තිබීමෙන් ඒ බව පැහැදිලියි. දෙගල්දොරුව, කැලණිය, තොටගමු විහාරය ආදී ස්‌ථානවල
සිතුවම් පෞරාණික වටිනාකමකින් ද යුක්‌තයි. කෙටිකතා කලාවේ දියුණුවටත් ජාතක කතා බලපෑවා.
මේ අනුව සාහිත්‍යකරුවාට, නාට්‍යකරුවාට ,
චිත්‍ර ශිල්පියාට,
ගී පද රචකයාට, කවියාට, චිරන්තන සාහිත්‍ය ඇසුර
ඉතා වැදගත් වන බව පැහැදිලියි.
ය - කෝට්‌ටේ යුගයේ ශාස්‌ත්‍රීය නවෝදය
ශ්‍රී ලංකාවේ පිරිවෙන්
අධ්‍යාපන ආයතනවල ආරම්භය අනුරාධපුර යුගයේ දිග්සඳ සෙනෙවියා විසින් ආරම්භ කරන ලද දීඝසන්ද
ප්‍රසාද පිරිවෙන වෙයි. මේ යුගයේදී අනුරාධපුර මහා විහාරය, අභයගිරිය සහ ෙ-තවන විහාරය අධ්‍යාපන කේන්ද්‍රස්‌ථාන
වශයෙන් පැවතිණි. මධ්‍ය අනුරාධපුර යුගයේ පස්‌වැනි අග්බෝ (ක්‍රි. ව. 718 - 724) රජතුමාගේ
කාලයේදී උතුරුමුළ, වාදුමුළ,
කපුගම් පිරිවෙන,
දෙමටමල් පිරිවෙන,
අලගිරි පිරිවෙන,
සත්නැලිය පිරිවෙන හා උතුරු
පිරිවෙන යනුවෙන් පිරිවෙන් ආයතන හතක් පැවැති බව පූජාවලියේ සඳහන් ය.
පොලොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.
1153 - 1186) රජතුමාගේ කාලයේ දී ආලාහන පිරිවෙන් සංකීර්ණය ඉදි කළහ. එම යුගයේ 'අෂ්ටමූලායතන' පැවැතිබව චූලවංශයේ සඳහන්
ය. (1) උත්තරෝළ්හ ආයතනය (උතුරු මුළ) (2) මහානෙත්තපාසාද ආයතන (මහනෙත්පා මුළ) (3) කප්පූර
- මූල ආයතනය (කපාර මුළ) (4) වාහකදීපක ආයතන (වහදු මුළ) (5) දක්ණ මූළ ආයතනය (දකුණු
මුළ) (6) සේලත්තර මූල ආයතනය (ගලතුරුමුළ) (7) සරෝගාම මූළ ආයතනය (විල්ගම් මුළ) (8) සේනාපති
මූළ ආයතනය (සෙනෙවිරත් මූළ) යනු එම පිරිවෙන් අධ්‍යාපන ආයතන වෙයි. ආරාමික පරිසරයක පිහිටුවා
තිබූ මෙම සුප්‍රසිද්ධ ශාස්‌ත්‍රායතන ගිහි පැවිදි උභය දෙපිරිසම අධ්‍යාපනය හදාළ කේන්ද්‍රස්‌ථාන
විය.
දඹදෙනිය හා කුරුණෑගල යුගවල ඇති වූ සාහිත්‍ය උන්නතිය
දෙස බලන විට මෙරට පිරිවෙන් අධ්‍යාපනයේ මහිමය මොනවට පිළිබිඹු කරන සාධක ය. එහෙත් කෝට්‌ටේ
යුගයට සම කළ හැකි පිරිවෙන් අධ්‍යාපන උන්නතියක් හා ශාස්‌ත්‍රීය නවෝදයක් වෙනත් යුගවල
දැක ගැනීම අසීරුය. ලක්‌දිව ශ්‍රේෂ්ඨ පිරිවෙන් ආයතන රැසක්‌ද, ගිහි, පැවිදි බහුශ්‍රැත පඬිවරු
රැසක් සහ ඔවුන් අතින් ලියෑවුණු වටිනා ග්‍රන්ථ රැසක් ද මේ යුගයේදී බිහිවිය. ඒ සඳහා
මේ යුගයට අයත් ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයන් පස්‌දෙනකුගේ අනුග්‍රහය නොඅඩුව ලැබී ඇති බව පැහැදිලිය.
එම රජවරුන් පස්‌දෙනා වන්නේ,
1. හයවැනි පරාක්‍රමබාහු
රජු (ක්‍රි. ව. 1412 - 1467)
2. දෙවැනි ජයබාහු රජු (ක්‍රි. ව. 1467 - 1469)
3. හයවැනි බුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1469 -
1480)
4. හත්වැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1480
- 1490)
5. අටවැනි වීර (ධර්ම) පරාක්‍රමබාහු (ක්‍රි.ව.
1490 - 1509)
6. හයවැනි විජයබාහු (ක්‍රි.ව. 1509 - 1521)
යන රජවරු කෝට්‌ටේ යුගය තුළ අනභිබවනීය රාජ්‍ය සේවාවක්
සිදු කළ බව පැහැදිලිය. මෙම රජවරුන් අතුරින් හයවැනි පරාක්‍රමබාහු රජතුමාට හිමිවන්නේ
අද්විතීය ස්‌ථානයකි. සිංහල රාජ වංශයේ අවසන් වරට මුළු ලංකාවම එක්‌සේසත් කළ පාලකයා වශයෙන්
සැලකෙන්නේ හයවැනි පරාක්‍රමබාහු රජතුමා ය. මේ රජතුමා රජ බවට පත් වූයේ කුමන රජතුමාගේ
ඇවෑමෙන් ද යන්න පවා පැහැදිලි නැත. ක්‍රි. ව. 1415 දී මෙතුමා අභිෂේක ලැබූ බව ග්‍රන්ථ
වැඩි ගණනක සඳහන් ය. සමහර ග්‍රන්ථවල සඳහන් වන්නේ ක්‍රි. ව. 1412 දී රයිගම රජ කොට පසුව
ජයවර්ධනපුර කෝට්‌ටේ අගනුවර කර ගත් බව ය. 'පැරකුම්බා සිරිත' නමැති ප්‍රශස්‌ති කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් කරන
පරිදි මෙතුමාගේ මව සුනේත්‍රා මහා දේවිය බවත්, පියා ජයමහලෑන නමැති ප්‍රභූවරයකු බවත් සඳහන් ය.
මේ ජයමහලෑන ගම්පොළ රජ පරපුරේ පස්‌වැනි පරාක්‍රමබාහු රජුගේ මුණුබුරෙකි. රාජාවලියේ එන
විස්‌තරයකට අනුව වීර අලකේශ්වර චීනයට අල්ලා ගෙන ගිය අවස්‌ථාවේදී සුනේත්‍රා මහා දේවිය
පරාක්‍රමබාහු කුමරු කැටුව වීදාගම විහාරය වැඳ පුදා ගැනීමට ගිය බවත්, ජයමහලෑන වීර අලකේශ්වරගේ
නෑයෙකු විය යුතු බවත් ය. ඒ අනුව වීර අලකේශ්වරගෙන් පසු කෝට්‌ටේ පුරවරය ගොඩනැඟීමට මූලික
වූ බවත් මේ තොරතුරුවලින් පැහැදිලිය. කෙසේ හෝ ගම්පොළ රාජධානි සමයෙන් පසු රයිගම නැවතී
සිටි පරාක්‍රමබාහු කුමරු ජයවර්ධනපුර කෝට්‌ටේ පුරවරය ගොඩනගා අනභිබවනීය සේවාවක් සිදුÊකිරීමට පසුබිම සකස් කර
ගත්හ. මේ යුගයේ බිහි වූ 'අෂ්ටමූලායතනවල
' ආරම්භය හයවැනි
පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී සිදුව අත. එම පරිවේනස්‌ථාන වන්නේ,
1. තොටගමුවේ -
විජයබා පිරිවෙන.
2. පැපිළියානේ - සුනේත්‍රාදේවී පිරිවෙන
3. වීදාගම - ශ්‍රී ඝනානන්ද පිරිවෙන
4. කෑරගල - පද්මාවතී පිරිවෙන
5. එරබත්තොට - ධර්මරාජ පිරිවෙන
6. උස්‌සාපිටිය - මහපාය පිරිවෙන
7. ගලතුරුමුල - ගලතුරුමුල පිරිවෙන
8. දෙවිනුවර - ඉරුගල්කුලතිලක ලංකා සෙනෙවිරත් පිරිවෙන
යන ආයතන විය. මෙයින් කෑරගල පද්මාවතී පිරිවෙන පිළිබඳව
හංස සන්දේශයෙහි ද,තොටගමුවේ විජයබා
පිරිවෙන පිළිබඳව ගිරා සන්දේශයෙහි ද විස්‌තර අන්තර්ගත වෙයි. මෙම පිරිවෙන් ආයතනවලට අමතරව
කෝට්‌ටේ රජමහා විහාරය මෙකළ පැවැති ප්‍රධාන බෞද්ධාගමික කේන්ස්‌ථානය විය. මෙයට අමතරව
බෙන්තොට ගලපාත විහාරය, වත්තල වනවාසය මේ
යුගයේදී සංවර්ධනය කර ඇත. දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ආරම්භ කරන ලද
සබරගමු මහ සමන්දේවාලය සවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී නැවත ප්‍රතිසංස්‌කරණය කරන
ලදී. මේ කාලයේදී ම සඳගිරියේ අෂ්ටඵල බෝධි අංකුරයක් රෝපණය කළ ස්‌ථානයේ ස්‌තූපයක් කළ
බව සඳගිරිය අවට ජනප්‍රවාදවල සඳහන් ය. මේ රජතුමාගේ මවු බිසව වූ සුනේත්‍රා මහා දේවිය
සිහිපත් කිරීම සඳහා පැපිලියානේ සුනේත්‍රා මහාදේවී විහාරය හා පිරිවෙන මෙතුමාගේ විශේෂ
අනුග්‍රහය යටතේ කරවන ලද්දකි. මෙහි නඩත්තුව සඳහා ගම්, බිම්, කෙත්වතු පූජා කළ බව සෙල්ලිපි හා සන්නස්‌වල සඳහන්
ය. ජයවර්ධනපුර ඇතුළු නුවර රජමාලිගයට ආසන්නව මනහර දළදා මැඳුරක් තනවා එහි දළදා වහන්සේ
තැන්පත් කොට දෛනික ආවතේව කටයුතු කිරීමට සැලැස්‌වූ බවත්, රාජ්‍ය අනුග්‍රහය යටතේ දළදා පෙරහැර පැවැත්වූ
බවත්, සැළලිහිනි සංදේශයේ
සඳහන් පරිදි 'වඳු දළදා හිමි
තෙමහල් පහය රැඳී' යන කාව්‍ය පාඨයෙන්
ඒ බව වඩාත් පැහැදිලි වේ.
මේ යුගයේ වැඩ සිටි
ශේ්‍රෂ්ඨ සංඝ පීතෲන් වහන්සේගේ අපරිමිත කැපවීම නිසා ම මෙම පිරිවෙන් ආයතන මුල් කරගෙන
සාහිත්‍ය නවෝදයක් ඇති විය. උත්තරමූලයට අයත් ෂඩ්භාෂා පරරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය
තොටගමුවේ ශ්‍රී විජයබා පරිවේනාධිපති තොටගමුවේ ශ්‍රී රාහුල නාහිමියෝ (ක්‍රි. ව.
1467 -1476) සංඝරාජ පදවිය ඉසුලූහ. මෙම යුගයේ මුල් අවධියේ වැඩ සිටි කෑරගල පත්මාවතී පිරුවෙන්පති
ජයවර්ධනපුර වනරතන සංඝරාජයාණන් වහන්සේ (ක්‍රි. ව. 1415 -1425) මෙම යුගයේ සම්භව්‍ය අධ්‍යාපන
ක්‍ෂේත්‍රයට මුලින්ම පිවිසුණු භික්‍ෂුන් වහන්සේ විය. එසේම පැපිලියාන විහාරාධිපති පැපිලියාන
සුනේත්‍රා දේවි පිරිවෙන්පති, ගලතුරුමුල මේධංකර
සංඝරාජ (ක්‍රි. ව. 1460 - 1467) මහ සාමීන් ද එහි ම සංඝරාජ පදවියට පත් ශ්‍රී මංගල සංඝරාජයාණන්
(මහාසාමි) වහන්සේ ද, (ක්‍රි. ව.
1489 - 1495) මෙම යුගයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඉමහත් සේවයක් සිදුÊකළහ. මෙම හිමිවරු සංඝරාජ
පදවි හොබවා ආගම ධර්මයට සසුනට මෙන්ම ශබ්ද ශාස්‌ත්‍රයට ද හා කලාවට උපරිම සේවාවක් සිදු
කළහ.
මහානේත්‍ර ප්‍රසාද මූලයට අයත් වීදාගම මෛත්‍රෙය මාහිමි
(ක්‍රි. ව. 1479 - 1489) තම ගුරු කුලය තුළ අභිමානයෙන් පෙනී සිටිමින් වීදාගම ශ්‍රීසංඝානන්ද
පරිවේනාධිපති ධුරයෙහි නියමිත මෙහෙවර කාර්ය භාරයක් ඉටු කළහ. විශ්ව කීර්තියට පත් ධම්මකීර්ති
පරපුරේ අවසන් ශ්‍රේෂ්ඨ සංඝරාජයාණන් වහන්සේ වන ශ්‍රී සිද්ධාර්ථ දම්මදින්නවිමල කීර්ති
ධම්මකීර්ති මාහිමි (ක්‍රි.ව. 1450 - 1460) සද්ධර්මරත්නාකරය ලිවීම අතිශය වැදගත් සිද්ධියක්
ලෙස පිළිගැනේ. කෑරගල පද්මාවතී පිරිවෙන්පති කෑරගල වනරතන මාහිමි (ක්‍රි.ව. 1489 -
1500) මෙම යුගයේ අවසන් සංඝරාජයාණන් වහන්සේ වශයෙන් ශබ්ද ශාස්‌ත්‍රයට අගනා මෙහෙවරක්
ඉටු කළහ. සාර්ව භෞම පාණ්‌ඩිත්වයෙන් අගතැන්පත් කීර්තිමත් මෙම සංඝරාජ පදවි හෙබවූ ශ්‍රේෂ්ඨ
මාහිමිවරුන් හත් නම පමණක් නොව මෙම යුගයේ එවක සිටි ගිහි පැවිදි අග්‍රගණ්‍ය විද්වත්හු
අධ්‍යාපනය අතුළු ශාස්‌ත්‍රීය සේවාවට කැප වූහ. එවකට වැඩ සිටි අග්‍රගන්‍ය පැවිදි උතුමන්ගේ
නාම මෙසේ දැක්‌විය හැකිය.
1. එරබත්තොට ධර්මරාජ
පරිවේනාධිපති නියදවත්තේ ඵුස්‌සදේව සුමංගල හිමි
2. ඉරුගල්කුලතිලක පිරිවෙන්පති බුවනෙකබා මහ තෙරණුවෝ
3. ගතාර පිරිවෙන්පති බුවනෙකබා මහ තෙරණුවෝ.
4. ශ්‍රී විජයබා පිරිවෙන නිවැසි කවීන්ද්‍ර වෑත්තෑවේ
තෙරණුවෝ
5. රම්මුංගොඩ දීපංකර තෙරණුවෝ
6. අස්‌ගිරි ගණනායක සෝනුත්තර හිමි
7. අඹදෙනියේ කෝලිත හිමි
8. අරලුවැවේ සේනගුත්ත හිමි
මෙම යුගය ඔපවත් කළ අනෙකුත් භික්‍ෂුන් වහන්සේ වෙත්,
මෙම අවධිය වන විට මෙරට
පැවැති ථේරවාදී උපසම්පදා ක්‍රමයේ අඛණ්‌ඩතාව නීත්‍යනුකූල බව හා පාරිශුද්ධතාව පිළිබඳ
කීර්තිය අග්නිදිග ආසියාතික රටවල ව්‍යාප්තව පැවැතිණි. මේ නිසා මෙරට පැවැති පිරිසිදු
උපසම්පදාව ලබා ගැනීමේ අරමුණින් සියම් දේශයෙන් 33 දෙනකුගෙන් සමන්විත භික්‍ෂු කණ්‌ඩායමක්
වර්ෂ 1423 දී ජයවර්ධනපුරයට පැමිණ ඇත. එවක මෙරට මහාසාමි ධුරය ඉසුලූ ජයවර්ධනපුර වනරතන
මාහිමියන් ඇතුළු කාරක සංඝයාගෙන් අලුතින් මහණ උපසම්පදාව ලැබ වර්ෂ1424 දී පෙරළා සිය රටට
ගිය ඔවුහු එහි අලුත් ලංකා ශාසන වංශයක් පිහිටුවූහ. එමෙන්ම වර්ෂ 1450 දී පමණ පහළ බුරුමයේ
රාමCඳ්Cඳ දේශයේ 'මුත්තිම' නගරයේ ස්‌වණ්‌ණ සෝභන නම්
වූ තෙරවරයෙකු මෙහි පැමිණ ජයවර්ධනපුර වනරතන මාහිමියන් උපාධ්‍යය කොට ගෙන ශ්‍රී රාහුල
නාහිමියන් කර්මාචාර්ය කොට ගෙන මෙරට උපසම්පදාව ලැබ පෙරළා සිය රටට වැඩම කර ඇත.
වර්ෂ 1474 දී මෙරට මහා සංඝයා වෙතින් උපසම්පදාව ලබනු
සඳහා බුරුමයේ ධම්මෙච්තිය රජු විසින් බුරුම භික්‍ෂු කණ්‌ඩායමක් ලංකාවට එවන ලදී. මේ
දූත පිරිස පැමිණෙන කාලයේ හයවැනි බුවනෙකබාහු නමින් රජ පැමිණ සිටි සපුමල් කුමරුට විරුද්ධව
'සීහල සංගය'
නමින් කැරැල්ලක් පැන නැඟී
තිබිණ. කැරලි කලබල නිසා බුරුම දූත පිරිසෙන් වැලිගමට ගොඩබඩ කණ්‌ඩායමට අගනුවරට පැමිණිය
නොහැකිව වැලිගම තුන් මසක් පමණ කාලයක් නතරව සිටින්නට සිදු වූ බව සඳහන් ය. හයවැනි බුවනෙකබාහු
රජුට එරෙහිව පැවැති මෙම කැරැල්ල පිටුපස එවකට සංඝරාජ ධුරය හෙබ වූ තොටගමුවේ ශ්‍රී රාහුල
හිමියන් සිටින්නට ඇතැයි අනුමාන කරනු ලැබේ. එසේ අනුමාන කළ හැක්‌කේ හයවැනි බුවනෙකබාහු
රජුගේ අනුග්‍රහයෙන් වර්ෂ 1474 දී කල්‍යාණි සීමාවේ පැවැති බුරුම භික්‍ෂු උපසම්පදා උළෙලට
තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ නාහිමියන් සහභාගි වී නැති හෙයිනි. මේ අවස්‌ථාවේ උපසම්පදා
උළෙලේ මුලසුන හොබවා ඇත්තේ වීදාගම මෛත්‍රෙය මහා ස්‌ථවිරයන් ය. මෙම උත්සවය අවසානයේ බුqවනෙකබාහු රජතුමා විසින්
උපසම්පන්න බුරුම භික්‍ෂුන්ට ලාංකික නම් දුන් බව සඳහන් වේ. පරාක්‍රමබාහු මහාසාමි,සිරි වනරතන සාමි,
සිරි දන්තධාතු සාමි,
සිරි මංගල සාමි ඒ නම් වලින්
කිහිපයකි. බුරුම භික්‍ෂුන් එම රටට වැඩි පසු ධම්මෙච්තිය රජතුමා එම භික්‍ෂුන් මගින් එරට
භික්‍ෂූන් උපසම්පදා කරවීම සඳහා සීමාමාලකයක් කරවන ලදී. මෙරට කල්‍යාණි සීමාවේදී උපසම්පදා
ලද භික්‍ෂුන් විsසින් සම්මත වූ
හෙයින් එරට සීමාව ද කල්‍යාණි සීමා යනුවෙන් නම් කරන ලදී.
තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන්ගේ ඇවෑමෙන් වීදාගම
මෛත්‍රෙය හිමියන් ද, ඉන් අනතුරුව පැපිලියානේ
සුනේත්‍රාදේවි පිරිවෙන්පති මංගල හිමියන්ද, මාහිමි ධුරය හෙබ වූ අතර, එම හිමියන්ගේ ඇවෑමෙන් කෑරගල
පද්මාවතී පිරිවෙන්පති ශ්‍රී රාජගුරු වනරතන මාහිමියන් සංඝරාජ ධුරයට පත්ව තිබේ. හංස සංදේශයේ
වර්ණනා කර ඇත්තේ එම වනරතන මාහිමියන් සහ පද්මාවතී පිරිවෙන වේ. දඹදෙනි යුගයේ පමණ සිට
ආරම්භ වූ සංඝ පාලන සැලැස්‌ම මේ වන විට මැනවින් තහවුරු ව තිබිණි. පිරිවෙන් අධිපති හිමිවරු
සහ ආයතනාධිපති හිමිවරු උභයවාස මහා ස්‌ථවිර දෙදෙනා වහන්සේ ඡන්දයෙන් තේරුණු අතර රජුගේ
අනුමැතියෙන් එම පත්වීම නීත්‍යනුකූල විය. බහු නායකත්වය ශාසන විලෝපයට හේතු වන නිසා ග්‍රාමවාසී
හා වනවාසී මහ තෙරවරුන් දෙදෙනා වහන්සේ හැරුණු විට වෙනත් කිසිවෙකු මහතෙර නොවිය යුතු බවට
දඹදෙණි කතිකාවතින් පනවා තිබුණු නීතිය මේ වන විට ඒ අයුරින් ම ක්‍රියාත්මක වී නැති බව
පැහැදිලිය. මෙම යුගයට අයත් මූලාශ්‍රවල එකම කාලයේ වැජඹුණු මහ තෙරවරුන් දෙදෙනකුට වැඩි
ගණනක් සඳහන් වන නිසාය.
චිරාගත අෂ්ටමූලායතන අතරින් මහනෙත්පාමුළ, ගලතුරුමුළ, උතුරුමුළ, විල්ගම්මුළ යන සතරායතන
පිළිබඳව මේ වකවානුවේ නිතර තොරතුරු ලැබේ. අනෙක් මූලායතන පිළිබඳ වැඩි තොරතුරු නොලැබේ.
ග්‍රාමවාසී භේදය මේ වන විට තරගකාරී මුහුණුවරකින් මතු වී ඇත. ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ
ව ගිරා සන්දේශයේ එන තොරතුරු තුළින් ග්‍රාමවාසී සම්ප්‍රදාය ද, කෑරගල පද්මාවතී පිරිවෙන
තුළින් වනවාසී සම්ප්‍රදාය ද. සංසන්දනාත්මකව ඉදිරිපත් වී ඇති බව ඉතිහාසඥයන්ගේ මතය යි.
ජයවර්ධනපුර කෝට්‌ටේ යුගය තුළ මෛත්‍රෙය හා නාථ බෝධිසත්ත්ව වන්දනා ක්‍රමය ප්‍රචලිතව පැවැත්තේය.
උපුල්වන්, සුමන සමන්,
විභීෂණ, කතරගම යන සිවුවරම් දෙවිවරු
රට හා ශාසනය ආරක්‍ෂා කරන ප්‍රධාන දෙවිවරු බවට පත්ව සිටියහ. ඊශ්වර දෙවියන්, ගණදෙවියන් සහ කතරගම ස්‌කන්ධ
කුමාර දෙවියන් සඳහා වූ කෝවිල් අගනුවර හා ඈත පෙදෙස්‌වල බෞද්ධ විහාරාරාම ආශ්‍රයේ පැවැති
අතර ඒවා සිංහල බෞද්ධයන්ගේ පුද සත්කාරවලට පාත්‍ර වෙමින් පැවතිණි. මෙසේ සලකා බලන විට
මෙරට බෞද්ධ ශිෂ්ටාචාරය තුළට බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර වැනි ප්‍රධාන පෙළේ හින්දු දෙවිවරුන් ද, ශාසනාරක්‍ෂක දෙවිවරුන්
වශයෙන් බුදු දහමට ඇතුළත් කරගෙන ඇත.
මේ යුගයේ විසූ බහුශ්‍රැත පඬිවරුන් අතර තොටගමුවේ ශ්‍රී
රාහුල මාහිමි, වීදාගම මෛත්‍රෙය
මාහිමි සහ කෑරගල වනරතන මාහිමි ප්‍රමුඛස්‌ථානයක් ගත්හ. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ
ඇමැති මණ්‌ඩලයේ මිණිසන්නස් ඇමති ධුරය හෙබවූ ද, එතුමාගේ බෑණා කෙනකු වූ ද. නන්නූරුතුනයර් ඇමැති
මෙවක සිටි ගිහි ග්‍රන්ථ කතුවරයෙකු විය. එමෙන් ම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍ය
ඉන්දියාවේ ගෞඪ දේශීය රාමචJද්‍රභාරතී මේ යුගයේ
විසූ ශ්‍රේෂ්ඨ සංස්‌කෘත පඬිවරයෙකි. එතුමා බුද්ධ ගද්‍යය ආශ්‍රයෙන් භක්‌තිශතකයත්,
වුත්තමාලාව ආශ්‍රයෙන් වෘත්ත
මාලාඛ්‍යාවත් ශ්‍රී රාහුල හිමියන්ගේ රචනාවන්හි වෘත්තයන්ගේ පරිමිත ශ්ලෝක සමුදාය කියවා
වෘත්තරත්නාකර පංචිකාවත් ලියා එවක පැවැති පිරිවෙන් අධ්‍යාපනයට මහඟු සේවාවක් ඉටු කළේය.එතුමා
විසින් විජයබා පිරිවෙනෙන් ලබා ගත් සමයාන්තර ඥනෝප ලබ්ධිය අසම සම වූවකි. ඔහුගේ භක්‌ති
ශතක බෞද්ධ කාව්‍යයෙන් එය සනාථ වන අතර, ඒ නිසාම මහරජු විසින් ඔහුට 'බෞද්ධාගම චක්‍රවර්ති' යන ගෞරව උපාධිය පිරිනමන
ලදී. චෝල වංශික පනික්‌කි පඬිතුමා වංශවත් ද්‍රවිඩ ජාතිකයෙකු වුවද, ශ්‍රේෂ්ඨ විද්වත් බෞද්ධ
නායකයකු වශයෙන්, පැවැති අධ්‍යාපන
ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් කරන ලදී. අතිශය ජනප්‍රිය 'එළු සිලෝ ශතකය' ලියා නව අංගයක් සිංහල සාහිත්‍යයට එකතු කළේය.
කෝට්‌ටේ යුගයේ පැවැති ක්‍රමානුකූල පිරිවෙන් අධ්‍යාපන
පරිපාටිය අනුව ගිහි පැවිදි දෙපක්‍ෂයටම අධ්‍යාපනය ලබා දුන් ආයතන විය. මෙම ආයතනවල සිංහල,
පාලි, සංස්‌කාත. ප්‍රාකෘත,
දෙමළවැනි භාෂා මෙන් ම කාව්‍ය,
නාටක. ජ්‍යෙdතිශාස්‌ත්‍රය වැනි ලෞකික
විෂයන් ද උගන්වන ලද අතර ප්‍රධාන ම විෂය වූයේ ත්‍රිපිටක බුද්ධ ධර්මයයි. සංස්‌කෘත පොත
පත ආශ්‍රයෙන් මහායාන බෞද්ධ දර්ශනය ද උගන්වන ලද අතර, බෞද්ධ ඉගැන්වීම් ක්‍රම අනුව ගිහි පැවිදි දෙපක්‍ෂයේ
ම ශිෂ්‍යයන්ට හික්‌මීමක් සහිත සංයමයක් ලබාදීම මෙම පිරිවෙන් ආයතනවල මූලික පරමාර්ථවලින්
එකක් විය.
සිංහල පද්‍ය රචනය කෝට්‌ටේ යුගයේ වඩාත් ජනප්‍රිය සාහිත්‍යංගය
විය. සත්තුභත්ත ජාතකය පදනම් කර ගෙන ශ්‍රී රාහුල මාහිමියන් විසින් ලියූ කාව්‍යශේඛරය
සිංහලයේ දෙවැනි මහා කාව්‍යය යි. ගුත්තිල ජාතකය පදනම් කරගෙන වෑත්තෑවේ හිමියන් විසින්
ලියූ ගුත්තිල කාව්‍යය සරල බසින් රචිත අගනා කාව්‍යයකි. වීදාගම මෛත්‍රෙය හිමියන්ගේ බුදුගුණාලංකාරය
සහ ලෝවැඩ සඟරාව බුදුගුණ සහ බුදු දහම සරල සිංහල පද්‍ය මගින් පොදු ජනතාව අතරට ගෙන යැමට
දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වේ.
සිංහල පද්‍ය සාහිත්‍යය පෝෂණය වීමෙහි ලා මේ යුගයේ
ලියෑවුණු සන්දේශ කෘති බෙහෙවින් උපස්‌ථම්භක විය. ශ්‍රී රාහුල මාහිමියන්ගේ පරෙවි සන්දේශය
සහ සැළලිහිණි සන්දේශය ද කර්තෘ අවිනිශ්චිත ගිරා සන්දේශය හා හංස සන්දේශය ද, කෝට්‌ටේ යුගයට අයත් සන්දේශ
කාව්‍ය වේ. හයවැනි පරාක්‍රමබාහු රජුගේ ශ්‍රේෂ්ඨත්වය හා ප්‍රතාපවත් ප්‍රෙෘඪත්වය වර්ණනා
කිරීම සඳහා ලියන ලද පැරකුම්බා සිරිත ප්‍රශස්‌ති කාව්‍යයකි. වීදාගම මෛත්‍රෙය මාහිමියන්
ලියූ කවි ලකුණු මිණි මල් නමැති ග්‍රන්ථය ඡන්දස් ශාස්‌ත්‍රය විස්‌තර කෙරෙන කාව්‍යමය
ග්‍රන්ථයකි. මේ යුගයේ අධ්‍යාපනයේ විශේෂ විෂයයක් වශයෙන් පිළිගත් නිඝණ්‌ඩු විෂය භාෂාන්තර
හා විෂයාන්තර පරිඥානය ඇති උගතෙකු විසින් ම සම්පූර්ණ කළ යුතු විය. පද්‍යමය සිංහල නිඝණ්‌ඩුවක්
(ශබ්ද කෝෂයක්) වන රුවන් මල හයවන පරාක්‍රමබාහු රජු විසින් ම රචිත කෘතියක් ලෙස සැලකේ.
මෙයින් පෙනී යන්නේ මේ රජතුමාගේ පරිනත සාහිත්‍ය ඥානයයි. තවත් එබඳු ම කෘතියක් වන පුරාණ
නාමාවලිය රජුගේ බෑණා වූ නන්නූරුතුනයාර් ඇමැතිගේ රචනයකි.
සිංහල ගද්‍ය සාහිත්‍යය කෝට්‌ටේ යුගයේදී එතරම් දියුණුවට
පත් වූ බවක් නොපෙනේ. හයවැනි පරාක්‍රමබාහු රජුගේ මුල්කාලයේදී ධම්මදින්න විමලකීර්ති
මහ ස්‌ථවිරයන් විසින් ලියන ලද සද්ධර්මරත්නාකරය නමැති ගද්‍ය කෘතිය සංස්‌කෘත ශබ්ද බහුල
භාෂා ශෛලියකින් ලියෑවුණකි. දඹදෙනි යුගයේ ලියෑවුනු පාලි හත්ථවනගල්ල විහාරවංශයේ තවත්
සිංහල අනුවාදයක් ඇත. එය වීදාගම මාහිමියන් විසින් කථික ව උන්වහන්සේගේ ශිෂ්‍යයකු විසින්
ලියන ලද්දකි. මොග්ගල්ලාන ව්‍යාකරණයට අර්ථ විවරණයක් වශයෙන් ශ්‍රී රාහුල මාහිමියන් අතින්
රචිත පCඳ්චිකා ප්‍රදීපය
ද මේ යුගයට අයත් ගද්‍ය කෘතියක් වශයෙන් සැලකිය හැකිය. පාලි සාහිත්‍යය සම්බන්ධයෙන් සැලකිය
යුතු දියුණුවක් කෝට්‌ටේ යුගයේදී ඇති වූ බවක් නොපෙනේ. මේ යුගයට අයත් එකම පාලි කෘතිය
ශ්‍රී රාහුල මාහිමියන් විසින් මොග්ගල්ලානව්‍යාකරණය මුල් කරගෙන ලියන ලද පද සාධන ටීකාව
යි.
කෝට්‌ටේ යුගයේ දී ලියෑවුණු සංස්‌කෘත ග්‍රන්ථ කිහිපයක්
ද ඇත. බුද්ධ භක්‌ති ගීත සියයක් ඇතුළත් භක්‌ති සතකය රම්මුංගොඩ දීපංකර හිමියන්ගේ ජීවන
චරිත කථාව වූ වෘත්ත මාලාඛ්‍යාව සහ සංස්‌කෘත කාව්‍යකරණයට උපදේශ ග්‍රන්ථයක් වූ වෘත්තරත්නාකරයට
ව්‍යාඛ්‍යානයක් හෙවත් අර්ථ විවරණයක් ලෙස ලිවූ වෘත්තරත්නාකර පක්‌ඳිචිකා යන සංස්‌කෘත
භාෂාමය කෘති තුනම කලින් සඳහන් කළ ශ්‍රී රාචJද්‍ර භාරතී නම් බ්‍රහ්මණ පඬිවරයාගේ කෘතීන් ය.
මේ හැර සංස්‌කෘත ශබ්ද බහුල භාෂාවකින් රචිත සිංහල වෙද පොත් තුනක් වූ වෛද්‍ය චින්තාමනී,
භෛෂජ්‍ය සංග්‍රහය. යෝගරත්නාකරය
යන කෘති ද කෝට්‌ටේ යුගයට අයත් ය. කෝට්‌ටේ යුගයේ විසූ ශ්‍රේෂ්ඨ පඬිවරුන්ගේ අනුග්‍රහය
මත ඉදි වූ පිරිවෙන් ආයතන සහ ඔවුන් අතින් ලියෑවුණු විශිෂ්ට ග්‍රන්ථ දෙස බලන විට සිංහල
සාහිත්‍ය වංශයේ උච්චතම අවධිය මෙම යුගය බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකිය.
ආශ්‍රේය මූලාශ්‍ර
ග්‍රන්ථ :-
1. අපේ සංස්‌කෘතික උරුමය (1) - (1965) මධ්‍යම සංස්‌කෘතික
අරමුදලේ ප්‍රකාශනයකි.
2. ශ්‍රී ලංකාවේ ඉතිහාසය (11) - (1995) අධ්‍යාපන
ප්‍රකාශන දෙපාර්තමේන්තුව
3. බන්දුසේන ගුණසේකර (සං) - (1979) ගුත්තිල කාව්‍යය
ඇම්. ඩී. ගුණසේන සමාගම.
4. ඩී. සී. රණවක (සං) (1962) 'බුදුගුණාලංකාරය'
අනුලා මුද්‍රණාලයේ ප්‍රකාශනයකි.
5. ඒ. වී. සුරවීර (සං) (33, 34) පරි, (1961) පූජාවලිය,
ඇම්. ඩී. ගුණසේන සමාගම.
6. ගුණපාල සේනාධීර (සං) (1979) ලෝවැඩ සඟරාව,
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
7. ආර්. පෙරේරා - හංස සන්දේශ විචාරය, රත්න පොත් ප්‍රකාශකයෝ.
8. බුදුගුණාලංකාරය (1978) අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
9. කිරිඇල්ලේ Cඳණවිමල (හිමි) (1960) සිරි රහල් හිමියන්ගේ කාව්‍යශේකරය,
ඇම්. ඩී. ගුණසේන සමාගම.
10. මැන්දිස් රෝහණදීර (1978 ජයවර්ධනපුර සංඝරාජ පරපුර,
කර්තෘ ප්‍රකාශනයකි.
11. මැන්දිස් රෝහණදීර (2002) සාංඝික දේපළ තරංජි
ප්‍රින්ට්‌ස්, මහරගම.
12. අයි. බී. විමලවංශසූරිය (ප්‍රධාන - සං)
(1996) සම්භාෂා චතුර් මාසික අධ්‍යයන සංග්‍රහය, කලාප - 7 'පිරිවෙන් අධ්‍යාපනයේ ආවේණික ලක්‍ෂණ හා එහි කාර්යභාරය'
ලිපිය ඇසුරිනි.
දයානන්ද බිනරගම
Powered
B
Comments
Post a Comment