සන්ධි 10 සරලව
සන්ධි වීම සිදුවන
ක්‍රම දහයකි.
- ස්වර සන්ධිය
- පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
- පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
- ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය
- ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය
- ගාත්‍රාදේශ (ගාත්‍ර ආදේශ) සන්ධිය
- පූර්වරූප (පූර්ව රූප) සන්ධිය
- පරරූප (පර රූප) සන්ධිය
- ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය
- ආගම සන්ධිය
ස්වර සන්ධිය
සන්ධි වන පද දෙකෙන්
පළමු වන පදයේ අග හල් අකුරට දෙ වන පදයේ මුල යෙදී ඇති ස්වරය එක් වීමෙන් ගැළපෙන
සන්ධිය ස්වර සන්ධිය නම් වේ.
උදා: මලසුන
මල් + අසුන : විසන්ධිය
ම (ල් + අ) සුන : පළමු පදයේ හල් අකුරත් දෙවන පදයේ
ස්වරයත් එකතු වී තනි අකුරක් සෑදීම
ම (ල) සුන : ගැළපීම මලසුන
- ඔවුන් + ඔවුන්
=
- නිල්+අඹර =
- නිල්+උපුල්
=
- උපන් + උපන් =
- එදින්
+ එදා =
- උන් +
උන් =
- රත්මල් + ආන
=
- පින් + ඇති =
- උපන් + උපන් =
- පස් + ඇස් =
- අතින් + අත =
- නරන් + ඉඳු =
- එකින් + එක =
- නෙත් + අග =
- ඔබින් + ඔබ =
- රුවන් + ආර =
- නිල් + අඹර =
- සිත් + ඇති =
- එක් + ඇස් =
- මියුල් + ඇසි =
පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප් වී (ඉවත්වී) දෙවන පදයේ මුල් ස්වරය හා
ගැළපී සිදුවන සන්ධි යයි.
උදා: නැණැති
නැණ + ඇති : විසන්ධිය
නැ (ණ් + අ) + ඇති : පළමු පදයේ අග අකුරේ ඇති
ස්වරය ලොප් වීම
නැ (ණ් + ඇ) ති : දෙවන පදයේ
මුල ඇති ස්වරය සමග පළමු පදයේ අග අකුර එකතු වීම
නැ (ණැ) ති : ගැළපීම
නැණැති
- දකුණු
+ ඇස =
- ගමන + ආගමනය =
- සුර +
ඉඳු
=
- නර +
ඉඳු
=
- යන +
එන
=
- කර්ණ +
ආභරණ
=
- උදර +
ආබාධ
=
- සිය +
ඇසින්
=
- දන්ත + ආලේප =
- උත්තම + ආචාර =
- බමර + උදුල =
- සුරු + අත =
- දිගු + ආ =
- ගුණ + ඇති =
- ඇදුරු + ඉඳු =
- මන + ඇසින් =
- පරම + ආයුෂ =
- පණ + අකුරු =
- මැද + ඇගිල්ල =
- නුවණ + ඇත්තෝ =
පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
සන්ධි වන පද දෙකෙන්
දෙවන පදයේ මුල් ස්වරය හෙවත් පර ස්වරය ලොප් වී (ඉවත්වී)
පළමු පදය හා ගැළපීම.
උදා: මුනිතුමා
මුනි +
උතුමා : විසන්ධිය
මුනි + (උ) + තුමා : දෙවන පදයේ මුල් ස්වරය ලොප්
වීම
මුනි + තුමා
: ගැළපීම
මුනිතුමා
- ගුරු+උතුමා
=
- සුර+අඟන =
- හබර+අල =
- මුනි + ඉඳු =
- උඩ + එළිපත =
- ක්‍රියා + ආවලිය =
- වියළි + ඉඟුරු =
- පඬි + උතුමා =
- ඇදුරු + උතුමා =
- පිළි + උතුරු =
- රජ + උතුමා =
- බුදු +අකුරු =
- ලංකා + ආණ්ඩුව =
- විද්‍යා + ආලෝක =
- ශාලා + අධිපති =
- ලංකා + අධිපති =
- උපමා + අලංකාර =
- සදා + ආදර =
- විද්‍යා + අලංකාර =
- නර + අඟන =
ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය
ස්වරයක් වෙනුවට වෙනත් ස්වරයක් ආදේශ වීමෙන්
සැකසෙන සන්ධිය වේ. මෙය සිදුවන ආකාර කීපයකි.
සන්ධි වන පද දෙකෙහි
·
පූර්ව ස්වරය "අ" වන හා, පරස්වරය "ඉ" වන විට
"එ"
ආදේශ කිරීම .
උදා: මහ + ඉසුරු → මහ් + අ + ඉ + සුරු → මහ් + එ + සුරු → මහෙසුරු
සන්ධි වන පද දෙකෙහි
·
පූර්ව ස්වරය "අ" වන හා, පරස්වරය "ඉ" "ඊ" වන
විට "ඒ" ආදේශ කිරීම .
උදා: ගජ + ඉන්ද්‍ර → ගජ්+ අ + ඉ + න්ද්‍ර → ගජ් + ඒ + න්ද්‍ර → ගජේන්ද්‍ර
සන්ධි වන පද දෙකෙහි
·
පූර්ව ස්වරය "අ" වන හා පරස්වරය "උ" වන විට "ඔ"
"ඕ" ආදේශ කිරීම
ඔ ආදේශ කිරීම
උදා: වට + උර
වට් + අ + උ + ර
වට් + ඔ + ර
වටොර
ඕ ආදේශ කිරීම
උදා: සහ + උදර
සහ් + අ + උ + දර
සහ් + ඕ + දර
= සහෝදර
සන්ධි වන පද දෙකෙහි
·
පූර්ව ස්වරය "එ" වන හා පරස්වරය "අ" වන විට "ඈ" ආදේශ කිරීම
ඈ ආදේශ කිරීම
උදා: දෙ + අත
ද් + එ + අ + ත
ද් + ඈ + ත
= දෑත
1.
චූල + උදර =
2.
මහ + උදර =
3.
ලඹ + උදර =
4.
වීර + උදාර =
5.
නීල + උත්පල =
6.
ග්‍රාම + උදය =
7.
සූර්ය + උදය =
8.
මහ + ඉසි =
9.
ශ්‍රවණ + ඉන්දීය =
10.
කර්ණ + ඉන්දීය =
11.
නර + ඉන්ද්‍ර =
12.
සුර + ඉන්ද්‍ර =
13.
පංච
+
ඉන්ද්‍රිය
=
14.
මහ + ඊශ්වරී =
15.
නර + ඊශ්වරී =
16.
දෙ + අගසව් =
17.
දෙ + අවරයි =
18.
මෙ + අත =
19.
ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය
සිංහල භාෂාවේ සඤ්ඥක
අකුරු පහක් දක්නට ඇත. (ඟ,ඦ,ඬ,ඳ,ඹ) මින් ඦ හා ඬ යන අක්ෂර දෙක හැර ඉතිරි අක්ෂර තුන
මෙම සන්ධියට මුල් වේ. මෙහි දී සඤ්ඥක අකුර තුළ ඇති අකුරු දෙකෙන් එකක් ලොප් වීම
සිදුවේ.
උදා: තව දුරටත්
උදාහරණ
1.
ගඟ + වතුර =
ග + o + ග + වතුර
= ගංවතුර
2.
කොළඹ + තොට =
කොළොම් + බ + තොට = කොළොම්තොට
3.
ගඟ +
වෙරළ =
4.
මුඟු +
ඇට =
5.
නෙළුඹු + මල් =
6.
ගඟ +
වතුර
=
7.
ළිඳ
+ පඩිය
=
8.
මඟ
+ මුළා =
9.
අඹ
+ පාර
=
10.
තඹ
+ පලා
=
11. මිහිඳු
+ තලය =
12. සඟ + මිත් =
13.
ළිඳ
+ මැඩි
=
14.
සුළඟ
+ පහර
=
15.
ගඟ +
පොළ =
ගාත්‍රාදේශ (ගාත්‍ර ආදේශ) සන්ධිය
ගාත්‍රාදේශ සන්ධිය
යනු ගාත්‍රාක්ෂරයක් (ව්‍යංජනයක්) වෙනුවට වෙනත්ම අකුරක් ආදේශ වී සන්ධි පදයක්
සෑදීමයි. මෙය ක්‍රම තුනක් ඔස්සේ සිදුවේ.
සන්ධි වන පද දෙකේ
පසු පදයේ මුල් අකුර “ක“ නම්, “ය“ හෝ “ව“ ආදේශ වේ.
උදා: ගිනි + කම් → ගිනි + ක + ය + ම් → ගිනියම්
සන්ධි වන පද දෙකේ
පසු පදයේ මුල් අකුර “බ්“ නම්, ඒ සඳහා “ප්“ ආදේශ වේ.
උදා: කබ් + පිල → ක + බ් + ප් + පිල → කප්පිල (මොණර පිහාටුව)
සන්ධි වන පද දෙකේ
මුල් පදයේ පසු අකුර “ද්“ නම්, ඒ සඳහා “ත්“ ආදේශ වේ.
උදා: බුද් + සරණ → බු + ද් + ත් + සරණ → බුත්සරණ
1.
දඩ + කම් =
2.
පිළි + කම් =
3.
බිළි + කම් =
4.
සුරු + කම් =
5.
සිතු + කම් =
6.
පිරි + කම් =
7.
මහණු + කම් =
8.
රද් + ගම =
9.
සැරි + පුත් =
පූර්වරූප (පූර්ව රූප) සන්ධිය
මෙහි දී පූර්වරූපය
(මුල් පදයේ අග අකුර) පරරූපය (පසු පදයේ මුල් අකුර) ඇති තැනට ගොස් සම්බන්ධ වේ. යක්කු
උදා:
- වත් + කම් = වත් + ත +
ක+ ම් → වත්තම් - අත් + කම් = අත් + ත +
ක+ ම් → අත්තම් - පන් +
කම්
=
- විස් +
කම්
=
- ගෙත් + කම්
=
- කම් + හල =
- සිත් + කරු =
- සන් + හස් =
- පුත්+ හු =
- සත්+ හු =
- වෙද්+ හු =
- මිනිස්+ හු =
පරරූප (පර රූප) සන්ධිය
මෙහි දී පරරූපය
(පසු පදයේ මුල් අකුර), පූර්වරූපය (මුල් පදයේ අග අකුර) ඇති තැනට ගොස් සම්බන්ධ වේ.
උදා:
1.
අත්
+ සන = අ + ත් + ස් + සන = අස්සන
2.
ලප්
+ ගල = ල + ප් + ග් + ගල =ලග්ගල
3.
දුක්
+ පත්
=
4.
වප්
+ කඩ
=
5.
හක් +
ගල
=
6.
අත්
+ ගලා
=
7.
අත්
+ ගුලි
=
8.
අත් +ලස් =
9.
වක්
+ පිහිය
=
10.
කන් + මුල =
11.
ගිප් + කඩුව =
12.
කොක් + ගල =
13.
ගොප් + කොළ =
14.
පොහොසත් + දන =
15.
ළිප් + බොක්ක =
ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය
සන්ධි වීමට නියමිත
පද දෙකේ මුල් පදයේ අග අකුරේ ස්වරය ලොප් කළ යුතුය. පසුව ඉතිරි වන හල් අකුර ද්විත්ව කර පසු පදය හා සම්බන්ධ
කරයි.
උදා: වැද්දා
වැදි + ආ
වැද් + ඉ + ද් + ආ
වැද් + දා
වැද්දා
1.
වල් + අම්බලම =
2.
කොලු + ආ=
3.
පත් + ඉරු =
4.
රුක් + අත්තන =
5.
ඉනි + අල =
6.
පොල් + අත්ත =
7.
වැලි + අම්පිටිය =
8.
උකුසු + ආ =
9.
බලු + ආ =
10. මහලු
+ ආ =
11. ගාලු + අ =
ආගම සන්ධිය
මෙහි දී සිදුවන්නේ
සන්ධි වන පද අතරට වෙනත්ම අකුරක් පැමිණීමයි. මෙය ව්‍යඞජනයක් නම් “ව්‍යංජනාගමනය“ ලෙස
හඳුන්වන අතර, පැමිණෙන අකුර ස්වරයක් නම් “ස්වරාගමනය“ ලෙස හඳුන්වයි. ව්‍යංජනාගමනයේ
දී ව, ය, ර යන අක්ෂර තුන ආගමනය වේ.
උදා:
- පිරි + අත් = පිරි + (ය් +
අ) + ත් = පිරියත්
- වි
+ අවුල =
- වී
+ ඇට =
- මි + අඟුණු =
- කිරිමැටි + ආන =
- නො + එක් =
- නි +අවුල් = නි + ( ර්
+ අ) වුල් = නිරවුල්
- නි +ඔඳ =
- දු +ආචාර =
- නි +ආහාර =
- නි +අපරාධ =
- නි +ආකූල =
- සිවු +අඟ =
- සිවුපා+ ආ = සිවුපා + [ ව්
+ ආ] = සිවුපාවා
- තුනු +අග -
- ගෙ +උයන් =
- කොලු+ ආ =
- දු+ අඟ=
- සු+ ආසු =
- කටු +අල =
Comments
Post a Comment