සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්
http://www.myschool.lk/ලිපි
සමාන වචන 1
- සමාන වචන
- පාර - මාවත, මාර්ගය, මග
- අම්මා - මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ,මාතා
- එන්න - පැමිණෙන්න, සම්ප්‍රාප්ත වන්න
- ගෙදර - නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය
- ටිකක් - ඇබිත්තක්, ස්වල්පයක්, චුට්ටක්, මදක්, පොඩ්ඩක්, ඩිංගක්
- ඉක්මනින් - කඩිසරව, නොපමාව, වහාම, යුහුසුළුව, නොලස්ව, විගසින්, විගසට, හනික, අප්‍රමාදව
- ගුරුතුමා - ගුරුවරයා, ආචාර්යවරයා, විනයු, ඇදුරා
- පාසල - විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව
- එක්ක - සමග, කැටුව, සහ,හා
- උදේ - පාන්දර, හිමිදිරියේ, අළුයම, උදෑසන
- කිවුවා - පැවසුවා, ප්‍රකාශ කළා, දෙසුවා
- වාහනය- රථය, රිය, යානය
- නගින්න - ගොඩවෙන්න, නැගගන්න
- දුව - දියණිය, දෝණිය, දුහිතෘ
- දෙපැත්ත - දෙපාර්ශවය, දෙපිල, උභයපාර්ශවය
- ඊට පස්සෙ - ඉක්බිතිව, ඊට පසුව, ඊලගට, අනතුරුව
- ළග - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නොදුර, මෙපිට, ආසන්න, අසබඩ
- හැමෝම - කවුරුත්, ඔක්කොම, සැවොම, සැමදෙන, සියල්ලම
- ප්‍රසංසාව - ස්තුතිය, ගෞරවය, පැසසුම
- හඩ - ශබ්දය, නාදය, රාවය, ධ්වනිය
- පියා - තාත්තා, පිතෘ, අප්පච්චී, අප්පා
- පෙර - කලින්, පළමුව, ඉස්සර, පුරාණයේ, අතීතයේ
- කුඹුර - කෙත,වෙල
- වතුර - ජලය, දිය,පැන්, උදක, අඹ
- වනාන්තරය - වනය, කැලය, කැලෑව, අරණ
- අලියා - හස්තියා, වරුණ, ඇතා,ගජ, නා
- කන්ද - පර්වතය, පව්ව, ගිර
- යාළුවා - මිතුරා, සගයා, මිත්‍රයා, හිතවතා, සහෘදයා, සකි
- ඥානවන්ත - නුවනැති, නැණවත්, පඥාවන්ත, උගත්, නුවණක්කාර, ප්‍රඥාවන්ත,
- අලුත් - නවීන, නොපැරණි
- කෙළවර - අවසානය, කොන, අග්‍රය, අන්තය, සීමාව, අන්තිම, මායිම, නිම
- විශාල - ලොකු,මහ, මහත්, විසල්
- ඇදිරිය - කළුවර, අන්දකාරය, අදුර
- පියාඹන්න - ඉගිලෙන්න, පියාසලන්න
- ප්‍රමාද - පරක්කුව, පමා,ලස
- කුසලතා - ප්‍රවීණතා, දක්ෂතා, දස්කම්, හැකිකම්, හැකියා, සමර්ථතා, නිපුණතා
- දෙනෙත් - දෑස, දෙනුවන්. දෙඇස්, ඇස්දෙක, දෙනයන
- පොළව - බිම, දෙරණ, භූමිය, ධරණි, පෘථීවිය
- ප්‍රසිද්ධ - පසිදු, පවර, පරසිදු, ප්‍රකට. පතල
- රජතුමා - භූපති, නරදෙව්, රජු, නිරිදු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, මහීපාල
- කතාව - අන්දරය, කතන්දරය, කථාව
- හද - චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි,සිසි, සසදර
- අහස - ගුවන, අමර, ආකාෂය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග
- සතුරා - හතුරා. පිළිමල්, ප්‍රතිමල්ලවයා, පසමිතුරා, විරුද්ධකරු,
- තෑග්ග - තිළිණය, ත්‍යාගය, පඩුර
- කනවා - බුදිනවා, අනුභවකරනවා, වළදනවා. භක්ෂණය කරනවා
- ඉර - සූර්යයා, සැබරැස්, දිනේන්ද්‍ර, තික්මෙරද, දිනකර, සහස්රැස්, ගහමිණ, ගිම්රැස්, දියනෙත, අදුරුරුපු, සැඩකර, දිවයුරු, දිනපති, සහසකර, දිනිසුරු, දිනිදු, දිවාකර, දිනමිණ, හිරු
- කෑම - ආහාර, බොජුන්, භෝජන, ගොදුරු
- කෑලි - කැබලි, කොටස්, අංශු, අංග
- කුරුල්ලෝ - පක්ෂීන්, සියොතුන්, විහගුන්, සකලයන්
- වත්ත - උද්‍යානය, උයන
- ඔලුව - හිස, සිරස, ශිර්ශය
- ඇස් - නෙත්, අක්ෂි, නුවන්, නයන, නේත්‍ර, සක්
- කරදර - උවදුරු, අනතුරු, උපද්‍රව, අන්තරා, ගැහැට, විපත්ති, ආපදා, අවහිර
- ඇග - ශරීරය, සිරුර. ගත,කය
- සාරු - යුෂ, ඉස්ම, ශ්‍රාවය
- ලස්සන - ප්‍රියකරු, අලංකාර, ප්‍රියංකර, මනහර, ශෝභන, දර්ශනීය, විචිත්‍ර, මනොහර. දැකුම්කළු
- පාට - වර්ණය, පෑ,වන්, පැහැය
- නරියා - හිවලා, කැනහිලා, ගෘගාලයා
- ප්‍රීතිය - සතුට, සන්තෝෂය, සොම්නස. සතොස, තුට, ප්‍රමෝදය, ආහ්ලාදය, පමෝද, ඔකද, ආනන්දය
- මැණික් - මාණික්‍ය, මිණි, රුවන්, රත්න
- රත්තරන් - රත්රන්, කාංචන, කසුන්, ස්වර්ණ, කනක
- දුක - ශෝකය, කනගාටුව, දොම්නස, සොව
- කොඩි - ධජ,දද, පතාක
- කන - සවන, වදත්මහ, කර්ණය
- සරු - සාරවත්, සශ්‍රීක
- කට - මුඛය, මුව,මිය
- ප්‍රීති ඝෝෂා - ඔල්වරසන්, ජයඝෝෂා
- උදව්ව - උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර, පිටිවහල
- අවුරුද්ද - වසර, ශතකය, වර්ෂය
- ගෝලාකාර - රවුම්, වටකුරු
- පොත - ග්‍රන්ථය, පුස්තකය
- සුදු - ධවල, ශ්වේත, සේ
- සාගරය - මුහුද, සයුර, සමූද්‍රය, ජලනිධි, දළනිදු, සිදු, රුවනාර
- සමූහය - කැන,රැස, රාශිය
- ආකාරය - අයුරු, ක්‍රමය, විධිය. අන්දම, පිළිවෙළ, හැඩය. පෙනුම, ස්වරූපය
- උත්සාහය - වෑයම, වීර්ය, වෙහෙස, මහන්සිය, ප්‍රයන්තය, දිරිය, පරිශ්‍රමය, ප්‍රයන්තය, ධෛර්යය
- පතුල - අඩිය, පත්ල
- අවශ්‍ය - වුවමනා, අවැසි
- පියගැටපෙළ - පඩිපෙල, සෝපානය
- පිච්චෙන - පිළිස්සෙන, දැවෙන
- කැකුළු - පොහොට්ටු, මොට්ටු
ලියු දිනය : 2014-11-18
| | කැමති ගණන 6 |
සමාන වචන 2
- උපත - ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්‍රසූතිය,
- පිරිසිදු - නොකිලිටි, පවිත්‍ර, නිර්මල, නිමල, පරිශුද්ධ, පිවිතුරු
- මුහුණ - වත,මූණ, වුවන, වක්ත්‍රය
- දියුණුව - ප්‍රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම
- අශ්වයා - තුරගා, හය,අසු
- ඇත්ත - සැබෑ, සත්‍ය, නිබොරු
- ස්වාමිපුරුෂයා - සැමියා, හිමියා, බරුවා, වල්ලභයා, ස්වාමියා
- බහුල - බොහෝ, වැඩි, සුබල
- ඖෂධ - බෙහෙත්, ඔසු
- විහිළු - කවටකම්, සරදම්, කොලොප්පම්, ඔච්චම්
- කැදැල්ල - කූඩුව(කුරුළු කූඩුව)
- රෝගී - අසනීපය, ගිලන්, ලෙඩ
- නුවර - නගරය, පුරය, සිදාදිය
- පිපාසය - තිබහ, පවස
- පර්වතය - ගල, කන්ද
- වදුරා - වානරයා, සාමුව, ගොනගුල්
- වළාකුළු - වලා,මේඝ, ජලධර
- කල්‍යාණ - යහපත්, හොද, කළණ
- ජෝඩුව - යුවළ, යුගල, දෙක, සහල
- අත - හස්තය, බාහුව
- පොල් - නෙරළු
- වාඩිවෙන්න - ඉදගන්න, හිදගන්න, අසුන්ගන්න
- පැටවුන් - පොව්වන්, පෝතකයන්, දරුවන්, සුතන්
- ජයගත්තා - දිනුවා, ජයග්‍රහණය කලා, ජය ලැබුවා
- හිටවමු - ඉන්දමු, සිටුවමු, පැළකරමු, රෝපණය කරමු
- බෙල්ල - ගෙල, ග්‍රීවය, බොටුව, කුළල
- මාලය - දම,හර, දාමය
- හදවත - හෘදය, හද
- බිරිද - අබුව, භාර්යාව, බිරින්දෑ, පිය, ප්‍රියම්බිකාව
- නෙළුම් - කමල්, පියුම්. තඹුරු, සියපත්, ශතපත්‍ර
- එළිය - ආලෝකය, කාන්තිය, රශ්මිය, කිරණ, ප්‍රභාව, කැළුම්, රැස්
- සුදුසු - යෝග්‍ය, උචිත, ගැළපෙන, හොබිනා, නිසි
- දත් - දන්ත, දසන්
- තාරකා - තරු, දද
- අද්දර - අයිනෙ
- සිදුර - හිල,ගුල, කුහරය, ජිද්‍රය, විවරය
- වර්ග - ජාතිය
- පුංචි - කුඩා,චූටි, සිගිති, පොඩි
- දහවල් - දිවා, දවල්
- ඉදහිට - කලාතුරකින්
- අතීත - පැරණි, පුරාණ, පෙර
- ඉහළ පෙදෙස - ඉහත්තාව, උඩපෙදෙස
- දුර - ඈත,එහා, එපිට, ඔබ
- රැකියාව - රක්ෂාව, ජීවිකාව, ජීවනොපාය, වෘත්තිය
- උසස් - වටිනා, උතුම්, ශ්‍රේෂ්ඨ, උත්කෘෂ්ට, උදාර, උත්තුංග
- මුලුමනින්ම - සහමුලින්, සම්පූර්ණයෙන්
- යහන - ඇද, සයනය
- කණ්ඩායමක් - රංචුවක්, රොත්තක්, රැලක්, සමූහයක්, පිරිසක්, රෑනක
- මාළු - මත්ස්‍ය, මින්,මීන,මස්ටක
- රතු - ලෝහිත, රක්ත
- මාළිගය - මන්දිරය, මැදුර, ප්‍රාසාදය, වාසල, පහය
- ගුරුතුමී - ආචාර්යතුමී, විනාවි, ගුරුවරිය
- තරහ - කෝපය, කේන්තිය. උරණ
- දෙසට - දිශාවට, පැත්තට
- ගෙම්බා - මැඩියා
- පින් - කුසල්, පුණ්‍ය
- පන්සල - විහාරය
- පිළිතුර - ප්‍රතිවචනය, පිළිවදන්, උත්තර
- කොලපාට - හරිතවර්ණය
- කවුදෝ - කව්රුදෝ, කිසිවෙක්, කවරෙක්
- කොල්ලා - කොළුවා, ළමයා
- ගොනා - හරකා, ගවයා, වස්සා, වෘෂභයා
- තමාගේ - සිය, ස්වකීය
- ලොව - ලෝකය, ලෝ,දිය. ජගත්
- නිතර - නිබද. නිරතුරු, නිරන්තර, නිතින, අනවතරයෙන්, සතන, හැමවිට, හැමතිස්සේ
- අහංකාර - උඩගු, ආඩම්බර, එඩි
- අකමැත්ත - විරෝධය, නොකැමැත්ත, විරුද්ධත්වය
- උණුසුම් - උෂ්ණ, ග්‍රීෂ්ම, රස්න, දාහ,ගිම්
- ගැහැනිය - ස්ත්‍රිය, කාන්තාව, ළද,ලිය, දිගැසිය, අහන, ඉතිරිය, ලලනාව, මාගම. කත, මහිලාව, වනිතාව, බවලතා
- සතිය - සුමානය
- මෝඩ - නූගත්, අනුවණ, අඥාන, බුද්ධිහීන,
- සමූහය - ගොන්න, රාශිය, බොහෝ, බෙහෙවින්
- වැද්දා - වනචාරියා. සබර, වනසර
- අවිශ්වාසය - සැකය, කුකස
- විනාශය - නාස්තිය, වැනසීම. සුන්වීම
- යුද්ධය - සටන, සංග්‍රාමය, යුද
- ගස්වැල් - තුරුලිය, තුරුලතා, වෘක්ෂලතා, ශාක
- දෙව්ලොව - දිව්‍යලෝකය, සුරපුර, සුරලොව, ස්වර්ගය. දෙව්ලොව, දෙව්ලෝ, සග
- හසුන - ලිපිය, ලියුම, හස්න, සංදේශය
- මිනිස්ලොව - මනුලොව, මනුශ්‍ය ලෝකය, නරලොව
- මෙහෙකරුවා - වැඩකරුවා, වැඩකාරයා, දාසයා, සේවකයා, අතවැසියා
- ආගම - ධර්මය, දහම, සමය
- මහත - ස්ථුල, තර
- සුළග - පවන, නළ. මාරුතය
- අත්තිවාරම - අඩිතාලම, පදනම
- මොනරා - මයුර. නිල්ගෙල, පිල්බර, සිකි
- වැටුප - චේතනය, පඩිය
- මිශ්‍ර - කලවම්, මුසු
- ආරෝග්‍යශාලාව - රෝහල, ගිලන්හල, ඉස්පිරිතාලය
- පිරිමැස්ම - සකසුරුවම, අරපිරිමැස්ම, අරපරිස්සම
- නිශ්ශබ්ද - නිහඩ, නිසල, නිසසල, නිශ්චල
- විශ්වාසයක් - අදහසක්, මතයක්
- ඇසුවේය - විමසුවේය, විචාළේය
- ස්ථිර - නිත්‍ය, තිර
- බියකරු - භයානක, භයංකර, බියජනක, බිහිසුනු
- උගත් - පණ්ඩිත, වියත්, බහුශ්‍රැත, ව්‍යක්ත
- පුදුමාකාර - විශ්මිත, අසිරිමත්, අද්භූත, අපූර්ව, විශ්මයජනක
- බස්නාහිර - බටහිර, අපරදිග, අවරදිග, ප්‍රතිවීන
- නැගෙනහිර - පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන
- දූපත - දිවයින, දූව, ද්වීපය
- වෙහෙර - සෑය, චෛත්‍ය, දාගැබ, ස්තූපය
- පිළිමය - ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව
- සංඥාව - සලකුණ, ඉගිය
- නායකයා - නියමුවා, ප්‍රධානියා, මූලිකයා
- ඉදිරියේ - අභියස, අබිමුව, ඉස්සරහ, අභිමුඛ
- ගීතය - සින්දුව, ගීය
- ඉදිබුවා - ඉබ්බා
- තරුණ - තාරුණ්‍ය, යොවුන්, යෞවන, තුරුණු, ගැටවර
- සහෝදරයා - සොහොයුරා, සොයුරා, බෑයා
- ප්‍රශ්නය - පැනය, ගැටළුව
ලියු දිනය : 2014-11-20
| | කැමති ගණන 5 |
Comments
Post a Comment