සමාස සරලව

දකාරාර්ථ සමාසය.

දකාරාර්ථ සමාසය යනු "විවිධාර්ථවත් පද දෙකක් හෝ කීපයක් සමුච්චාර්ථ නිපාතයකින් (ද,හා,ත්,වැනි,) සම්බන්ධ වී ඇති කල්හි එම නිපාත ඉවත් කොට එකට ගැළපීම "දකාරාර්ථ" සමාස වේ.

.බඹහුද  සුරහුද නරහුද ."බඹසුරනරෝ"

දකාරාර්ථ සමාසයට අනුව ගලපා ලියන්න.

1 අඹුද සැමිද=අඹුසැමි

2 ගස්ද වැල්ද =ගස්වැල්

3 ඉර ද සඳ ද =

4 ඇඳ ද පුටු ද =  

5 මව්ද පියද =

6 අත්ද පයද =

7 පොත්ද පත්ද =

8 ඇත්ද අස්ද රියද පාබලද =

9 ඇස්ද ඉස්ද මස්ද =

10 ඇළද දොළද ගංගාද =

11 ලේද නහර ද =

12 රන් ද රීදී ද මුතු ද මැණික් ද =

 

විශේෂණ සමාසය

කිසියම් නාම පදයකට තවත්  නාම පදයක් හෝ පද කීපයක් වූ විශේෂණය වී සමාස වන්නේ විශේෂණ සමාසයයි.

උදාහරණ

කළු පාටින් යුත් ගල - කළුගල

අඳුරු ස්වභාවය ඇති කුටිය -අඳුරුකුටිය

1.       නිල් + උපුල් =

2.       වතු + සුද්ද  =

3.       මී + අඹ =

4.       පුංචි + අම්මා =

5.       පන් + සිල් =

6.       අට + පිරිකර =

7.       නව + දොර = 

8.       වැලි + තලප =

9.       රහල් + කුමරු =

10.   මායා + බිසව =

11.   ගුත්තිල + ඇදුරු =

12.   දෙව්දත් + තෙර =

13.   සිදුහත් + කුමරු =

14.   පා + පියුම =

15.   රතු පාටින් යුත් මල =

16.   කහ පාටින් යුත් සිවුර =

17.   සිංහයෙක් වැනි නරයන්  = නරසී

18.   නෙළුමක් වැනි මුව = මුවතඹර

19.   සිංහයෙක් වැනි ශාක්‍යයා = ශාක්‍යසිංහ

20.   සඳක් වැනි වත =

21.   මලක් වගේ හිනාව =

22.   යකෙක් වැනි මිනිසා  =

විභක්ති සමාසය

විභක්ති පදයක් පද යක් බෙර පදයක් වී පර පදයක් සමග ගැළපී සමාස වන්නේ විභක්ති සමාස යි .

උදාහරණ බුදුන් දෙසූ බණ බුදුබණ

රනින් කළ කොත රන්කොත

ගිරවාගේ හොට ගිරා හොට

1.       මෙහෙ කෙරෙනුයේ =

2.       ලිපි කරනුයේ =

3.       ජයග්‍රහණය කරනුයේ =

4.       බුදුන් විසින් භාෂිත =

5.       මාරයා විසින් ආවේශ වූ =

6.       ජලයෙන් දෙන විදුලිය =

7.       හස්තයෙන් කරන කර්මාන්ත =

8.       දියෙන් තැනූ බත් =

9.       කිරෙන් පිසූ බත් =

10.   ශිෂ්‍යයන් ට දෙන ආධාර =

11.   ගිලනුන් සඳහා උපස්ථාන =

12.   මහල්ලන් සඳහා නිවාස =

13.   විදේශ වලින් ලැබෙන ආධාර =

14.   මුහුදෙන් හමන සුළං =

15.   සොරුන් ගෙන් වන බිය =

16.   බුදුන්ගේ ගුණ =

17.   රජුගේ පිරිස් =

18.   හෙළයන්ගේ බස =

19.   මුවාගේ හම =

20.   දියෙහි සෙවෙල්  =

21.   දහම්හි සොඩ =

22.   වනයෙහි මල් =

 

අව්‍ය සමාසය

සමාස පද යේ මුලින් අව්‍ය පදයක් (නිපාත උපසර්ග ) මුලින් යෙදී තැනෙන සමාසය අව්‍ය සමාස නම් වේ .

උදා :- න+කුසල් = අකුසල්  (නිපාත)

  අති+ජාත = අතිජාත ( උපසර්ග)

   මනාව පිරුණු - සුපුන්

    ස්ථිර නැති  = අස්ථීර

1.       යව් + දිව් =

2.       යාව + ජීව =

3.       යත + ලබ =

4.       යථා + ලාභ =

5.       අනු + රූ =

6.       අනු + ගත =

7.       කු + පුරිස් =

8.       කු + දිටු =

9.       සු + ගඳ =

10.   දු + ගඳ =

11.   දු + ලද =

12.   දු + දන =

13.   + බල =

14.   උප + වන =

15.   සහ + ජාත =

16.   + ගුණ =

17.   + අදර =

18.   + මර =

19.   + සුර =

20.   + ඉටු =

අන්‍යාර්ථ සමාසය

වෙනස් අර්ථ ඇති නොයෙක් පද සමාස ව අන්‍ය වූ අර්ථයක් ප්‍රකාශ කරනුයේ අන්‍යාර්ථ සමාසයයි

උදා:-     ඇස් පහක් ඇත්තේ - පසැස් ( බුදුරජ)

වත් සයක් ඇත්තේ -සවත් ( කඳකුමරු)

ලඹ + සවන් - ලඹසවන් ( ක්ෂත්‍රීය  )

පන්+ සිළු - පන්සිළු ( දිව්‍ය ගාන්ධර්වයා )

 

සමාස වීමට පෙර

සමාස පදය

වෙනත් අර්ථය

නෙත් තුනක් ඇත්තේ

 

ඊශ්වර

දමනය වූ ඉඳුරන් ඇති

දැමිඳුරු

 

හිරු නැගෙන දිසාව

 

පෙරදිග

හිරු බසින දිශාව

බටහිර

 

තරු අතර පති

 

 

සහසක් කර ඇත්තේ

 

සූර්යයා

බල දහයක් ඇත්තේ

 

බුදුන් වහන්සේ

මල් අවියක් ඇත්තේ 

මලවි

 

හස් එරුණේ යමකට

එරුණුහස්

විල

දිනය  කරනුයේ

දිනකර

 

දල දෙනුයේ යමෙකුද

දලදා

වැහිවලාව

තුරු සුන් වූයේ යමකින් ද

සුන්තුරු

 

පන් සිඳුනුයේ යමකින් ද

 

ලේඛණිය

දෙන ලද වත් යමෙකුට ද

 

බමුණු

ගිලිහුනු ගොඩ වූ යමකින් ද

ගුලුගොනගුල්

වෘක්ෂ

සහස් ඇස් ඇත්තේ

 

ශක්‍රයා

මත්ස්‍ය කොඩියක් ඇත්තේ

 

 

මත්තේ ගජන් ඇතියේ

 

වනය

තාරකා සමුහය දරා සිටින්නේ

සහතුරුවැල

අහස

බර නෙත් වූයේ යමෙකුට ද

 

කඳකුමරු

සිහින් ඉඟිටියක් ඇත්තේ

සඟුවලඟ

යෞවනිය

 

 

 

 

 

Comments

Popular posts from this blog

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

සාහිත්‍ය යුග-

දඹදෙණි සාහිත්‍ය යුගය