වදන් කවි පොත
වදන් කවි පොත Wikibooks වෙතින් පටුන [ සඟවන්න ] 1 සංඥාපනය 2 තෙරුවන් නැමැදුම 3 සෝඩියේ අකුරු හැඳින්වීම 4 අක්‍ෂර විභාගය 5 ඉගැනීමේ අගය, ගණදෙව් වත, කඳකුමරු තෙදබල 6 අනුග්‍රහය සංඥාපනය [ සංස්කරණය කරන්න ] මෙහ මහඟු රචනාවෙකි. 1 – 5 කවිවලින් තෙරුවන් නැමැදුම ද, 12 දක්වා සෝඩියේ අකුරු හැඳින්වීම ද, 28 වැන්න දක්වා අක්‍ෂර විභාගය ද එතැන් සිට 36 දක්වා ඉගැනීමේ අගය හා සිසුනට අවවාද ශාස්‍ත්‍ර දායක ගණදෙව් වත හා ඔහු සොහොයුරු කඳකුමරු තෙදබල ආදිය ද සඳහන් වේ. මෙහි කර්‍තෘ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1742-1777) දවසැ වුසූ අත්තරගම බණ්‍ඩාර රාජගුරු පඬිතුමා යැ යි කියත්. බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්ථවිර තෙරුවන් නැමැදුම [ සංස්කරණය කරන්න ] පළමුව බුදුන් වැඳ දෙවනුව දෙසු දහම් වැඳ මහ සඟරුවන් වැඳ පටන් ගනිමුව ගණදෙවිඳු වැඳ ගණපති සුරන් වැඳ ගුරුවර පහත් බැස වැඳ දෙගුරුන් නැමී වැඳ ඉඳුව වන පොත් දී පොතට වැඳ බුත් සරණා වදනින් දම් සරණා වදනින් සඟ සරණා වදනින් මෙතුන් සරණා වදනින් සම්මා සම්බුත් සරණා වදනින් නව ලොවුතුරු දම් සරණා වදනින් පිවිතුරු සවු සඟ සරණා වදන...