Posts

Showing posts from September, 2016

ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය--අනු/ඤාණෝදය පිරිවෙනේ ආචාර්ය, පූජ්‍ය තියඹරාහේනේ ඤාණරතන හිමි

ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය                 ආරාම මුල්කරගත් අධ්‍යාපන ක්‍රමයේ බුදු දහම මානව ශිෂ්ටචාරයට උරැම කොට දෙන අගනා දායාදයකි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සමුදාය සමාජීය පුද්ගලයා තුළ මෙන් ම තමා ජීවත් වන ලෝකය පිළිබද ව පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දෙන ඉගැන්වීමකි.බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී ප්‍රථම වරට පස්වග මහණුන්ගෙන් ආරම්භ වුණු බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ශතවර්ෂ ගණනාවක් තිස්සේ ගමින් ගමට, නගරයෙන් නගරයට, රටින් රටට, ජනපදයෙන් ජනපදයට ව්‍යාප්ත විය.මෙම බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ව්‍යාප්ත කිරීමේදී භික්ෂූන් වහන්සේ මූලිකත්වය ගෙන ක්‍රියා කළහ. මෙම බෞද්ධ ඉගැනිවීම් සම්ප්‍රදාය ධර්මාවබෝධය ලබනු කැමති තැනැත්තන් වෙත ගොස් ඔවුන්ට ධර්මය පිළිබද අවබෝධය ලබා දුන් අධ්‍යාපන ක්‍රමවේදයක් විය.පස්වග මහණුන්ගෙන් ආරම්භ වූ මෙම අධ්‍යාපන ක්‍රමවේදය ඉන්දියාවේ විවිධ භික්ෂු ආරාම වල ව්‍යාප්ත වී දියුණු විය. මෙම අධ්‍යාපන ක්‍රමවේදයේ උච්චතම අවධිය හැටියට සැළකිය හැක්කේ ලෝකයේ ප්‍රථම වතාවට භික්ෂූන් වහන්සේ මුල් කරගෙන විශ්ව විද්‍යාල බිහිවීම ය. ඒ අනුව නාලන්දා,වික්‍රමශීලා,ජගන්දලා,ඕදන්තපුරි ආදී විශ්ව විද්‍යාල බිහිවන්න

මහින්දාගමනයේ සිට අධ්‍යාපනය විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

මහින්දාගමනයේ සිට අධ්‍යාපනය විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් මහින්දාගමනයේ සිට ක්‍රි.ව. 1505 දක්වා කාලය පොදුවේ සලකන කල ශාස්ත්‍රිය අධ්‍යාපනයට නැඹුරු වු විධිමත් අධ්‍යාපන රටාවක් ද. ස්වයංපෝෂිත ආර්ථිකයක්ද සහ සාමකාමි සමාජ පරිසරයක් ගොඩනැඟීමට අවිධිමත් අධ්‍යාපන රටාවක් ද ලංකාවේ පැවතිණි. පළමු වරට මිහින්තලා පර්වත මුදුනෙහි මිහිඳු හිමියන් විසින් දෙවන පෑතිස් රජුට බුදු දහම හඳුන්වා දීමත් සමඟම බෞද්ධ සංස්කෘතියටත්, බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායටත් පදනම වැටුණු අතර, බුදු දහම කෙරෙහි පැහැදුනු දෙවන පෑතිස් මහරජ දෙවන දින අනුරපුර මහමෙවුනා උයන මිහිඳු හිමියන්ට පිදීමත් සමඟ බෞද්ධ අධ්‍යාපන ආයතන ක්‍රමයකට ද පදනම වැටුණි. සංවිධිත වූ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ වීමටත් තැනින් තැන තිබූ අසංවිධිත ගුරු ගෙදර අධ්‍යාපන සම්ප්‍රදායය අනුක්‍රමයෙන් අහෝසි වීමටත් මහා විහාරය මුල් වූ බව අතීතය අපට ගෙනහැර දක්වයි. බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය වුයේ හික්මීමෙන් යුතු ගුණවත් සිල්වත් ජීවන රටාවක් ගොඩ නැගීමයි. මේ වනාහි දැහැමි ස්වයංපෝෂිත දිවි පෙවෙතක් තුළින් දෙලොවටම හිත සුව පිණිස වන සමාජයක් ගොඩනැගීම යි. පන්සල කේන්ද්‍ර කරගනිමින් අරඹන

බුදු ගුණ අලංකාරය

බුදු ගුණ අලංකාර සාරය [ සංස්කරණය කරන්න ] බුදු ගුණ අලංකාර බලා මෙත් මහ නෙත්පා මුළ හමියන් පසසන්නෝ බොහෝ යැ. රටේ පණ්ඩිතයෝ රැස් වැ ඹවුන් සදහා වීදාගමැ ජයස්තම්භයකුදු නැගු හ. යථාර්ථනාම ධර වු විද්යා චක්ර වර්තිනි , ඔබ ගේ ජයස්තම්භය මේ මැ වේ වා! බුත් සරණ [ සංස්කරණය කරන්න ] ( මේ එහි බුදු ගුණ අලංකාර කථා ශරීරය දක්වන කොටස යැ.) අංශයෙහි බුදුගුණාලංකාර පද්යාං කයෝ යැ. තව ද , එක් සමයෙක් හි විශාලා මහ නුවර නානා ප්රිකාර වු ‍ෙවිශයෙන් හා භූෂණයෙන් යුක්ත වු , සම්පත්තියෙන් අනූන වූ යෞවනයෙන් උද්දාම වූ , රූපයෙන් මනොහර වු , කුලකයෙන් අනින්දිත වු , විද්යාවයෙන් ප්රපසිද්ධ වු , සැරැසුම්හි තන්වැසි වු , කෙළියෙහි ‘ විදග්ධ වු , සත්යෙයෙහි ස්ථිර වු , ප්රේරමයෙහි නිබොරු වු , අන්තරංග බහිරංග කාර්ය.යෙහි ප්රයමාදයක් නැත්තාවු , ගෑනුන් හා පිරිමින් විසින් ගැවැසී ගත්තේයැ. සියලු දෙශයෙහි සමෘද්ධිසාරය තාක් එක් තැන්හි කොටැ මවා ලුවක් සේ නානා දෙශයෙහි වු අනෙක ප්රතකාර වස්තුයෙන් ‘ අසෝ වස්තුව මෙහි නැතැ ’ යි නොකියන පරිද්දෙන් කපුරු , කස්තුරු , සඳුන් , කලු වැල් , ලමඟ , තකුල් , පටපිලි , දෝවාග , රත්රන් , රීදී , මුතු , මැණික් , ආදී වු නො