බුදු ගුණ අලංකාරය
බුදු ගුණ
අලංකාර සාරය[සංස්කරණය කරන්න]
බුදු ගුණ අලංකාර බලා මෙත් මහ නෙත්පා මුළ
හමියන් පසසන්නෝ බොහෝ යැ.
රටේ පණ්ඩිතයෝ රැස් වැ ඹවුන් සදහා වීදාගමැ
ජයස්තම්භයකුදු නැගු හ. යථාර්ථනාම ධර වු විද්යා චක්ර වර්තිනි, ඔබ ගේ
ජයස්තම්භය මේ මැ වේ වා!
බුත් සරණ[සංස්කරණය කරන්න]
(මේ එහි බුදු ගුණ අලංකාර කථා ශරීරය දක්වන
කොටස යැ.)
අංශයෙහි බුදුගුණාලංකාර පද්යාං කයෝ යැ.
තව ද, එක් සමයෙක් හි විශාලා මහ නුවර නානා
ප්රිකාර වු ෙවිශයෙන් හා භූෂණයෙන් යුක්ත වු, සම්පත්තියෙන් අනූන වූ යෞවනයෙන් උද්දාම වූ, රූපයෙන්
මනොහර වු,
කුලකයෙන්
අනින්දිත වු,
විද්යාවයෙන්
ප්රපසිද්ධ වු,
සැරැසුම්හි
තන්වැසි වු,
කෙළියෙහි ‘විදග්ධ වු, සත්යෙයෙහි
ස්ථිර වු,
ප්රේරමයෙහි
නිබොරු වු,
අන්තරංග
බහිරංග කාර්ය.යෙහි ප්රයමාදයක් නැත්තාවු, ගෑනුන් හා පිරිමින් විසින් ගැවැසී
ගත්තේයැ.
සියලු දෙශයෙහි සමෘද්ධිසාරය තාක් එක්
තැන්හි කොටැ මවා ලුවක් සේ නානා දෙශයෙහි වු අනෙක ප්රතකාර වස්තුයෙන් ‘අසෝ වස්තුව
මෙහි නැතැ’
යි නොකියන
පරිද්දෙන් කපුරු,
කස්තුරු, සඳුන්, කලු වැල්, ලමඟ, තකුල්, පටපිලි, දෝවාග, රත්රන් , රීදී, මුතු, මැණික්, ආදී වු
නොයෙක් සාර වස්තුයෙන් සම්පුර්ණ යැ.
අඤ්ජනකූට පර්වුතය සේ උස් වු, මහත් වු, ජාතියෙන්
භද්ර වු,
සත්ත්වයෙන්
දෙවසත්තවාදී උත්තමසත්තව ඇති, දශා හෙයින් වතුර්ථෙ දශා ඇති, ශොභායෙන් චතුර්ථක ශොභායෙහි පවත්නා වු , විනීත කැමින්
තපස්වීන් වැනි වු,
කොපයෙන්
අශනිපාතයක් සේ නොවළකා ගත හැක්කා වු, ක්රිතයායෙන් උත්තම වු, සන්නාහ්යථ
කර්මන ඖපවාහ්යව කර්ම යෙහි දක්ෂ වු, වහ්නි දක්ෂ, වහ්නි පරාඝාත, පාණිපරාඝාත
වෙණුපරාඝාතාදි වු නානා ප්රුකාර පරාඝාතයෙන් හික්මවන ලද්දා වූ, ශාසෙත්රාෙක්ත
විධියෙන් ග්රා ම්යක කරන ලද,
පමණ නැත්තා
වූ,
හස්තීන්ගේ
කුඤ්ච නාදයෙන් ගැවැසී - ගත්තේ යැ.
තව ද, දෙශ හෙයින් සින්ධු දෙශාදි උත්තම දෙශයෙහි
උපන්නා වූ,
වර්ණ හෙයින්
ජාති හෙයින් සතත්ව හෙයින් ප්රමකෘති හෙයින් කිසි දෝෂයක් නැත්තා වූ, පඤ්චධාරායෙහි
ඉතා ශික්ෂිත වූ,
රළ සේ
අනවරතයෙන් දිෙවන්නා වු,
පනන්නා වු
අශ්වයන් ගේ හෙෂාරවයෙන් එකෙකාලාහල යැ.
එසේ මැ නානාප්රනකාර වර්ණඤකම්බල අතුළා වූ, නඟන ලද
ධ්වජපතාකා ඇති,
විනීත වූ
අශ්වයන් යෙදූ දෙව රථ යැ,
පුෂ්ය රථ යැ, සංග්රාාමික
යැ,
පුරපරිඝාතික
යැ යනාදි නොයෙක් රථයෙහි චක්රයනාදයෙන් නිරන්තර යැ.
පුඹුනාවුන් ගේ තුඩින් නික්මුණු, එහි රජ කරන
රජ දරුවන් ගේ මුර්තිමත් කීර්ති බඳු වු, අතිධවල දක්ෂිණාවෘත්ත සංඛනාදයෙන් එකනාද යැ.
සන්තුෂ්ට වු ස්ත්රීන- පුරුෂයන් ගේ නානා
ප්රකකාර මඞගලයෙහි හා නෘත්යෂ ගීත වාද්යක ප්රුසංගයෙහි ගසන ලද මිහිඟු බෙරෙහි ගම්භීර
ධීර නාදයෙන් ශ්රයවණ රමණීය යැ. ප්රගවීණ වු වීණාකාරයන් ගේ වීණාස්වරයෙන් සාඩම්බර යැ.
දෙශීය මාගී දෙක්හි සුශික්ෂිත වූ වංශකාරයන් විසින් පුඹුනා ලද වංශනාදයෙන් මනොහර යැ, ලයමානයෙහි
දක්ෂ වු,
තාලධරයන්
විසින් ප්රකයොග කරන ලද තාලයෙහි ශබ්දයෙන් දුරු කරන ලද උත්කණ්ඨා ඇත්තේ යැ.
තන්හි තන්හි ගෙහි ගෙහි දොරැ දොරැ
දෙවාලයයෙන් දෙවාලයයෙහි නටන්නා වු ස්ත්රීදන් ගේ නෘත්යායෙන් පුරුෂයන් සිත් ගන්නේ යැ.
පුරුෂයන් ගේ නෘත්යයයෙන් ස්ත්රීනන් සිත් ගන්නේ යැ. කාමවෙෂයට මතුරන මන්ත්රු බඳු වු ස්ත්රී්න්
ගේ මධුර ගීතයෙන් පුරුෂයන්ගේ කන්හි අමා නමන්නේයැ. පුරුෂයන් ගේ ගීතයෙන් ස්ත්රීනන් ගේ
කන්හි අමා නමන්නේ යැ.
‘මේ මධුරාහාර අනුභව කරව, මේ මධුර වු
පානීයය බොව’
යි මෙ සේ හඬ
ගහන වචනයෙන් සා පිපාසා ඇත්තවුන් ගේ කන්හි දාරිද්ර ය හරනේ යැ. සුවාසු දහසක් කුළින්
ගැවැසී - ගත් හිමාලය පර්‍වතය සේ උස් වු ධවල වු අනෙක ප්රාිකාර වූ ප්රාපසාද
ශතසහස්රහයෙන් හොබනා ලද්දේයැ. නො එක් හංස චක්රාවාකාදි වූ ජලචර පක්ෂින් ගේ මනොහර
ක්රීාඩායෙන් යුක්ත වූ,
පියුම්හි මී
බී මත් බමර පිය රැවින් මධුර වූ, අනවරතයෙන් පිපී සිටිනා පස් වනක් පියුම් ඇති, මන්ද මාරුතයෙන් සොලොවන ලද පදෙමාත්පලයෙන්
වගුළ අභිනව රේණු නමැති කුංකුමයෙන් අංගරාග ගත්, ගිමට සතුරු වූ, ක්රීවඩාවට
නිධාන වූ,
දිය මැදින්
අවුත් වෙළලැ ගැසෙන්නා වූ රළින් මැ බලන්නවුන් ගේ සිත් දොම්නස් තාක් තමා අතින් ගෙනැ
ගොඩට ගසන්නාක් වැනි වූ,
වෙරළෙහි සුදු
වැලි තලායෙන් සංසාර මුඛය නිරුපද්ර්ව වන පිණිස පාන්වලි දුන්නාක් වැනි වූ, තෙරෙහි
ලතාමණ්ඩපයෙහි හිඳැ හඬන්නාක් වූ රාජහංස නමැති වන්දීන් විසින් අනවරතයෙන් ස්තුති කරන
ලද්දා වූ,
නොඑක්
පොකුණින් හා විලින් ගැවැසී - ගත්තේයැ.
වසන්ත කාලයා ගේ අවන් බිම් වැනි වූ, බමරුනට කුල
පරපුර වූ,
මොනරුනට නෘත්යේ
ශාලා වූ,
නොඑක්
ජාතියෙහි මුවනට ක්රීගඩා ගෝෂ්ඨස්ථාන වූ, ලතායෙන් වෘක්ෂයට යන වෘක්ෂයෙන් ලතාවට යන
බමරුන් ගේ මධුර වූ,
නාදයෙන්
අනවරතයෙන් සන්තෝෂ ගායනා පවත්වන්නාක් බඳු වූ, මනුෂ්යා ලෝකයෙහි ඇති තාක් පුෂ්ප ජාති යැ, ඵල ජාති යැ, යන මේ එක්
කොටැ සැමනුම් සැමනුම් ගන්නා තැන් බඳු වූ, නොඑක් වැලි මලුයෙන් නොඑක් ලියමඬුයෙන්
නොඑක් ධාරා ගෘහයෙන් නොඑක් හැල්ලෙන් නොඑක් පතසින් නොඑක් විලින් නොඑක් ඇලින් හොබනා
වූ සියදහස් ගණන් උයනින් ශක්රකයාගේ නන්දනවනයට සපර්ඨා කරන්නේ යැ.
සියලු සත්ත්වයන් දරුවන් කොටැ සිතන්නා වූ
රජ දරුවන් විසින් යුක්ත යැ.‘අප ගේ ස්වාමි මධ්යනස්ථය හ. අප ගේ ස්වාමි නෑයනට නිෂ්ඨුරය හ. අප ගේ ස්වාමි
දුෂ්ටනිග්රථහ ශිෂ්ටපරිපාලන දෙකට මැ සැරැහී සිටිය හ.අප ගේ ස්වාමි සත්ය වාදී හ. අප
ගේ ස්වාමි ත්යදගී හ. අප ගේ උදාර වූ පරාක්රගම ඇත්තා හ. අප ගේ ස්වාමි ශාස්ත්රත
ශාස්ත්රස දෙක්හි සමර්ථරය හ. අප ගේ ස්වාමි ස්වමණ්ඩල පරමණ්ඩල කාර්යානකාර්ය්යෙහි
විභාග දන්නා හ. අප ගේ ස්වාමි ඇත් පිටැ අස් පිටැ රථ පිටැ ඉතා ශික්ෂිතය හ. කෝපයෙහි
යමයා වැන්න හ. කීර්තියෙන් සඳු වැන්න හ. ලෝ වැස්සනට සුව දී තුමූ සුව අනුභව කෙරෙති.’ මෙ සේ
අනවරතයෙන් තමන් ගේ ස්වාමීන් ගේ ගුණ කිය-කියා මත් වැ මත් වැ ඇවිදුනා වූ. භය පක්ෂ
පාත දෙකින් යුක්ත වූ රාජ සේවකයන් ඇත්තේ යැ.
සියලු සත්ත්වයන් ගේ අන්යාඇයනිවාරණය පිණිස
ස්ථානාස්ථානයෙහි පිහිටුවන ලද, ලොවට මවුපියන් සේ සිටියා වූ සතර අගතියට නොගිය සභ්යතයන් විසින් පිහිටි
ධර්මාොධිකරණ ඇත්තේ යැ. සද්ගුරුන් ගේ උපෙදශයෙන් මනා වැ පවත්නා වු ක්ෂුද්රමවිද්යා
වන් හා මහා විද්යාටවන් ගේ පැලැඹුම් ඇති නොයෙක් විද්යා ශාලා ඇත්තේයැ.
එහි වාරයෙන් වාරයෙහි රජ කරන රජ දරුවෝ සත්
දහස් සත් සිය සත් දෙනෙකැ. ඔවුන් වසන්නා වු එතෙක් මැ ප්රාිසාද ඇත්තේ යැ, එ තෙක් මැ
කූටාගාර ඇත්තේ යැ,
එ තෙක් මැ
පුෂ්පාරාම ඵලාරාම ඇත්තේ යැ,
එ තෙක් මැ
පොකුණු ඇත්තේ යැ.
මෙ සේ සමෘද්ධ වූ දිව්යො පුරයට ස්පර්ඨාා
කරන්නා වු මේ විශාලා නම් මහ නුවරැ කාලාන්තරයෙකින් දුර්භික්ෂයෙක් ඇති වී යැ. මෙසේ
දුර්භික්ෂ ඇති වු කල්හි ඝර්මරකාලයෙහි පළමු කොටැ ගෝකුර වියැළී යන්නා සේ, පළමු කොටැ
අනාථ වූ දිලිඳු වූ ජනයෝ මළ හ. ඒ මළා වූ මනුෂ්ය යන් ගේ කුණප ගන්ධයෙන් යක්ෂයෝ අවුත්
ඒ නුවරට වන්හ. මෙ සේ පළමු ඇති වු දුර්භික්ෂ භය ද ඇති වන්නා හා, නැවැතැ බෝහෝ
සේ මිනිස්සු මිය යන්නට වන් හ. මෙ සේ කුණප ගන්ධයෙන් එ නුවර පිරි ගිය කල්හි
සත්ත්වයනට අභිවාතක නම් රෝගයෙක් ඇති වී යැ. මෙ සේ දුර්භික්ෂ භය යැ, අමනුෂ්යන භය
යැ,
රෝග භය යැ යන
මේ තුනින් එ නුවර සර්වා කාරයෙන් උපද්රැත වී යැ.
ඉක්බිති මෙ කී තුන් භයින් පීඩීත වු සියලු
නුවර වාසීහු රාජාඞගණයෙහි රැස් වැ මහත් කොටැ හඬ ගැසූ හ. ඒ අසා රජ්ජුරුවෝ ‘මේ කිමෙක් දැ?’ යි විචාළ හ.
නගර වාසීහු ද ‘
ස්වාමිනි , මේ නුවරැ
දුර්භික්ෂ භය යැ,
අමනුෂ්ය භය
යැ,
රෝග භය යැ යන
ෙම් මහත් වු තුන් භයෙක් ඇති වී යැ මෙයට පළමු සත් වන රාජපරම්පරාව දක්වා මෙ සේ වු
තුන් භයෙක් නොඋපන් විරී යැ ෙක්ෂ ත්රවයෙහි ශස්ය නැති වී යැ. වැව් - අමුණුවලැ දිය
නැති වී යැ. අහස්හි වැසි නැති වී යැ. කොටු ගෙවලැ පිරූ ධාන්යනසඤචය නැති වී යැ. බිම
තණ නැති වී යැ. තලු තෙමන පමණක් පැන් නොලබන්නා වූ, තොලු ගානා පමණක් තණ නො ලබන්නා වූ, සියලු
චතුෂ්පාද ජාතීහු මියැ වැගිරැ ගිය හ.දොරැ දොරැ මීනි යැ. ගෙයි ගෙයි වළාමැ. ඇසැ ඇසැ කදුළු
යැ. සිතැ සිතැ ශෝක යැ. තන් තන්හි මිනීෙබර හා අවමඞගල්යඇකාහල යැ. ගෙහි ගෙහි
කණ්ඨගතප්රානණ වැ හොත්තා වු අනාථ සත්ත්වයන් ගේ බැගෑ පත් හඬ යැ. පවුරින් පිටතැ සියලු
භූමිය මිනී මත්තෙහි මිනියෙන් පවුර හා සම වැ උස් වී යැ. ‘ප්රාැණරක්ෂා
කොටැ -ගනුම් හ’
යි සියලු
ධනධාන්යාෙ හා බන්ධු වර්‍ගයා හැරැ - පියා භිත්ති බිඳැ- ගෙනැ නික්මෙන්නා වූ ජනයා ගේ
සංඛ්යාහ නැතැ. සියලු ජම්බූද්විපයෙහි උපද්රෙව තාක් හැම හැකිළී මෙ නුවරෙහි රැස්
වූවක් වැන්නැ. අපි හැම දෙන සතුටු කඳුළෙහි රස නො දනුම් හ. ශෝකයෙන් තොර වු ළයක් නො
ලබම් හ. දිව්යු ස්ත්රී න් හා සමාන වු ස්ත්රී්න් ගේ ශරිරයෙහි ලේ මස් නැති වැ ඇට සම්
මාත්රීයක් තුබූ හෙයින්,
ඔහු හැම ගෙයි
ගෙයි යකින්නන් වැන්න හ. ෙම් වු තුන් උපද්රීවය අසා සියලු දෙශාන්තර වාසීන් ගේ
උපසර්පමණයක් නැතිවැ ගිය හෙයින්, දෙශාන්තරයෙන් එන්නා වූ අමුතු පඬුරෙ කැ රස නො දනුම් හ. ‘අද මර යැ’ යන භයින්
ආතුර වු චිත්තයෙන්,
කාමානුභවතෘෂ්ණාවෙක්
නම් දුරින් දුරු වී යැ. කාමාස්වාද විගමනයෙන් අප ගේ දරු -මුණුබුරු පරම්පරාව
පිරිහෙන්නට වනැ. එ හෙයින් මැ, ෙම් රාජධානියෙහි එ සේ ගහන වු මිනිස්සු දැන් ගැණැ- ගත හැක්කා සේ ඉතා විරල
වැ ගිය හ. මර තෙෙම්,
‘විශාලා
මහනුවරැ මිනිසක්හු තබා -ලා ඹබ්බෙහි මිනිසුන් අල්වම් දැ?’ යි ප්රිතිඥා
කළාක්හු වැන්නැ. පෙරැ සම්පත්තීන් විශාලා වූ ෙම් නුවර දැන් විපත්තීන් විශාල වී ය.
පෙරැ ධර්මිෂ්ඨ වූ රජ දරුවන් දවසැ මෙ සේ වූ භයක් මෙ සේ වූ විපත්තියක් නුදුටු
විරූම්හ’
යි කියා, තමන් ආ
කටයුතු දැන්වූ හ.
එ බස් ඇසූ රජ්ජුරුවෝ සියලු නුවර වැස්සන්
සන්ථාගාරයෙහි රැස් කරවා,
‘ලොවට විපත්ති
නම් රජ දරුවන් ගේ අධර්මිෂ්ඨ කැමින් වන්නේ යැ. ඉදින් ෙම ලෙස විපත්ති . වීමට කාරණ
වු කිසි අධර්මිෂ්ඨ කමෙක් ඇත් නම්, තෙපි හැම දෙන මැ පරික්ෂා කොටැ කියව’ යි කී හ.
ඉක්බිති නගර වාසිහු හැම දෙන මැ රැස් වැ
ගෙනැ,
‘ලොකසමපත්ති
ලොකවිපත්ති දෙක රජ්ජුරුවන් ගේ ධර්මාැධර්මා දෙකින් වන්නේ යැ. රජු ධර්මිෂ්ඨ කල්හි
උන් ගේ රක්ෂාවෙහි සිටියා වූ දෙවතාවන් ආදී සියල්ලෝ මැ ධර්මිෂ්ඨ වන්නා හ. හිර සඳ දෙ
දෙන රජ දරුවන් රාජධම් මාර්ගැයෙහි පවත්නා කල්හි තුමු ද තමන් ගේ මාර්ගූ නො ඉක්මැ
පවත්නාහු යැ. සියලු කර්ම්ජ රූපයන් රක්නා ජිවිතෙන්ද්රි්යය සේ, සියලු
සත්ත්වයන් ගේ රක්ෂාව රජ දරුවන් පිළිබඳ යැ. ශුඞාෂටකයෙහි සෙසු රූපයන් ඇත ද, ද්රෂවගුණය
ආපො ධාතුවෙන් මැ පවත්නා සේ,
සත්තව
ලෝකයෙහි අනන්ත සත්ත්වයන් ඇත ද, රජ්ජුරුවන් ගේ කරුණායෙන් මැ සියලු සත්ත්වයන් ගේ ළය සැනැහී තිබෙන්නේ යැ.
මෙසේ ලොවට බෝහෝ උපකාර වු ස්වාමිකුලයෙහි උපන් අපගේ ස්වාමි මෙ සා විපත්තියක් වන
පරිද්දෙන් කවර දෝෂයක් කළ සේක් දෝ හෝ?යි පරික්ෂා කරන්නෝ, ‘අප ගේ ස්වාමි
මහා කුලීන හෙයින්,
හා දෛව යැ
බුධිය යැ සත්ය යැ යන මෙයින් සමප්ත්ත හෙයින් හා ඥානවාඞයන් කී පරිද්දෙන් පවත්නා
හෙයින් හා,
ධර්මිෂ්ඨ
හෙයින් හා සත්යාවාදි හෙයින් හා අවිසංවාදක හෙයින් හා කෙළෙහිගුණ දන්නා හෙයින් හා
බොහෝ අවගුණයන් අතුෙරහි ගුණ මාත්රළයක් මැ ගන්නා හෙයින් හා උත්සාහ සම්පත්න හෙයින්
හා අභිමත වු කාර්යය සාධා ගැන්මෙහි දක්ෂ හෙයින් හා, කීවා කරන අමාත්යාකයන් ඇති හෙයින් හා, ඉන්ද්රිිය
විජයයෙන් යුක්ත හෙයින් හා කිසි රජ දරුවනට සුදුසු වු ගුණයෙකින් හීන නො වෙති.
පානබ්යිසන යැ,
ස්ත්රීග
බ්යාසන යැ,
මෘගයා ව්යතසන
යැ,
ද්යුෙතව්යලසන
යැ යනාදි වු සප්තවිධ ව්යුසනයෙන් දුරු වැ සිටියා හ. ත්යාාග යැ, සත්ය යැ
ෙශෟර්යද යැ යන මහා ගුණ තුනට ජීවිතය සතර
වනු කොටැ සේ රක්ෂා කරන්නා හ. හිරු නැංග ද, ගුහාවට වන්නා වූ අන්ධකාරය නොනස්නා සේ, ලොවැ චණ්ඩ වු
බලවතුන් බොහෝ වුව ද,
මොවුන්
ආශ්රුය කළා වූ අනාථයෝ නො නැසි මැ සිටියහ. ශාලි රක්ෂාව පිණිස කෙත්වත්හි ලවන්
නෙළන්නා සේ,
ශිෂ්ටයන් ගේ
රක්ෂාව පිණිස දුෂ්ඨනිග්රෙහ කරන්නා හ. වරා අතුරෙහි නැගී හැල්පත් උදුරන්නා වූ මලය
වැස්සන් සේ,
අධර්මාය
රක්ෂා කොටැ ධර්මීයට හිංසාවක් නොකරන්නා හ. වැව් පත්ලෙහි දිය පුරා උඩත් තව දිය ගන්නා
සේ,
සත්ත්වයා
සුවපත් කොටැ තුමූ සුවපත් වූ හ. මල් පෙති නො බිඳැ මී බොන බමරක්හු සේ, යෙහෙන් ලෝ
වැස්සන් නො මිරිකා අය ගන්නා හ.ඇසින් දක්නා රූප කනින් දක්නට නියෝග නොකරන්නා සේ, සත්ත්වයා
සුදුසු කට යුක්තෙකැ මුත් නුසුදුසු කට යුක්තෙකැ නොයොදන්නා හ. කරයෙන් තැබුව මනා
අන්දම් වෑයෙන් පොරොවින් නොතබන්නා සේ. කෂුද්ර යන් හා කළ මනා කටයුතු මහතුන් හා
නොකරන්නා හ. ජත්රඇයෙන් වැළැකෙන්නා වූ වැස්සට ඇතුල් හිසැ තබන්නවුන් සේ, මහතුන් කළ
මනා කටයුතු ක්ෂුද්රුයන් ලවා නොකරවන්නා හ. දවසක් මුළුල්ලෙහි තැවු ය-කබල්හි ලූ
කිහිඹියන් සේ,
අඹුවන්
දරුවන් නැති යහන්හි මිනිසුන් නො හෙවු විරූ හ. ශරත් සමයෙහි දිලියෙන්නා වු සුර්යය
මණ්ඩලය ඇස හකුළුව - හකුළුව මැ බලන්නා සේ, ලොකාර්ථ්යක් තකා ද පරස්ත්රීසන් බලත් නම්, ඇස හකුළුව -
හකුළුවා මැ බලන්නා හ. මවුන් ගේ සෞභාග්යයෙහි රාගොත්පත්තියක් නොවන්නා සේ, පරස්ත්රී්න්ගේ
සෞභාග්යහයෙ හි රාගොත්පත්තියක් නොකරන්නා හ, දියෙහි ලු නැව දිය නො උකා රැකෙන්නා සේ, ධනීන්
කෙරෙහිත් උන් ගේ ධන නො ගැණැ පැවැත්තා හ. දත් මැද අන්තයෙහි දැවටු දඬ නිරපෙක්ෂ වැ
දමන්නා සේ,
පුරුෂයා ලවා
ප්රමයෝජන කරවා - ගෙනැ නිරපෙක්ෂ වැ අත් හැරැ නොපියන්නාහ. වෙන වෙන කරලෙහි තුබු වී
එක් කොටැ ගෙහි රැස් කොටැ බොහෝ කරන්නා සේ, හැම සත්ත්වයන් සිත ඇති සන්තෝෂ තමන් ලෙහි
බහාලා බොහෝ කළ හ. පුත්රත ප්රේඇම ඇති මව ප්රීසව ෙව්දනාව ඉවසන්නා සේ, සත්ත්වයා
කෙරෙහි කළ සෙනෙහයෙන් තමන් ගන්නා ආයාසය සරු නොකළ හ. මහ නැව පස්සෙහි යන ගල්වතක් සේ, පුර්ව
රාජධර්ම.ය පෙරදැරි කොටැ තුමූ ඒ අනුවැ පැවැත්නා හ. කුස පිරෙන පිණිස මියෙහි ආහාර
තබන්නා සේ,
ලෝ වැස්සන්
සමෘද්ධ කරන පිණිස තුමූ මැ ධන සඤචය කළ හ. විල්හි පියුම් මී බොන රාජහංසයකු සේ, ධන ඇති
ඇත්තවුන් ගේ ගෙහි මැ තබා,
තමා මැ එයින්
ප්රමයෝජන වින්ද හ. ඇත් හට ගොයම් පිණිස කුඹුරු ඇත්තවුන් හඬව - හඬවා ගොයම් දා ගන්නා
සේ එකකු හට ඉෂ්ට පිණිස එකක්හු ගේ ධනය හැරැ එකකු හට නොෙදන්නා හ. ආකාශයෙහි තරු වසා
වලා කුළු ඉඳුවන පවනක් සේ,
අනුන් ගේ ගුණ
වසා නොගුණ නො ලු හ. පිරිමැසු. තෙනැත්තවු මැරූ දා යෙහෙන් නිඳන මතැතක්හු සේ, තමනට දුක්
ගත්තවුන් මරා සුව නො වින්ද හ. ‘ෙම් දස් කම කොටැ -ලා අද මා ගේ දාරිද්රොය හැරැ - ගනිමි’ යි ආ
තැනැත්තා වූ හඬව - හිඬවා ගෙට නොයවන්නා හ. අතු කපා මොර කන්නා සේ ලෝ වැස්සා නසා
ප්ර්යෝජන නොගන්නාහ. ශුඬ කරන පිණිස මල සිෙඳන පමණක් රත්රන් දවන්නා සේ, සත්ත්වයා. ගේ
දෝෂ පමණක් මැ සන්තාප කරන්නාහ. මුහුද වඩදිය නැති විටැ මැ කළපුයෙහි දිය නැති වන්නා
සේ,
සත්ත්වයා හට
සුව නැති දා මැ තමන් සිතැ සුව නැති කළ හ. ගැල යෙහෙන් තබා, තමා බිමැ පෙරැළී
දුක් ගන්නා ගැල් සක සේ,
සත්ත්වයා
යෙහෙන් සිටුවා තුමූ දුක් ගත්හ. පඤෙචන්ද්රි යයන් වෙන වෙන ගත්තා වු ආලම්බනයෙහි රස
විඳුනා වු සිතක් සේ,
සත්ත්වයන්
වෙන වෙන ලද්දා වු සම්පත්තියෙන් තුමූ සුව වුන් හ. දුන්නෙහි දැඩි කැමින් ශරය දුරැ
හෙන්නා සේ,
තමන් ගේ දැඩි
කැමින් සත්ත්වයන් දුරු නො කළහ. වෘක්ෂයෙහි මූලය සිථිර වැ පිහිටි පිහිටි සේ ගසැ අග
සළෙල වන්නා සේ,
සත්ත්වයා
ස්ථිර වැ පිහිටි පිහිටි සේ තුමු සලෙළ වූ හ.නුවර රක්ෂාවට පවුර ස්ථිර කරන්නා සේ, ලොවට රක්ෂා
පිණිස තමන් ස්ථිර කළ හ. ඇතු සොඬින් ඉකැවූ පැන් මුඛය අනුභව කරන්නා සේ, තමන් සඤචය කළ
ධනය ලෝ වැස්සන් ලවා අනුභව කැරැවු හ මල්නො ගෙනැ පල දෙන්නා වූ දිඹුල් රුක් සේ,කාරණ
නිරපෙක්ෂ වැ මැ ලෝ වැස්සනට සුව දෙන්නාහු යැ. වෙහෙල්ල තෙමා -ගෙනැ බස්නා ජලප්රාවාහය
සේ,
අනාථයන් තෙමා
කරුණා වතුරු පැවැත්වූ හ. අශුචි භූමියත් පියුම් වනයත් නො හැරැ හමන්නා වු පවන් සේ, රාජ
පුත්රබයන් කෙරෙහි දූ චණ්ඩාලයන් කෙරෙහි සම වැ සිත් පැවැත්වූහ. දවස් පතා උදය රෙඛාව
නො හැරැ නැගෙන හිරු සේ,
තමන් ගේ ධර්‍ම
රෙඛාව නො හැරැ පැවැත්තා හ. හිරු රැසින් වන්නා වු තැවුලියට වඩා ප්රුයෝජන මැ බොහෝ
වන්නා සේ,
තමන් ගේ
ආඥායෙන් කරන සන්තාපයට වඩා ප්ර යෝජන මැ බොහෝ කළ හ. විකාරයට මැ වඳුරන් වඩන්නා සේ, චපලයන් චපල
කමට මැ රක්ෂා කළ හ. පැන් පිරුණු කළය නො සොල්වා තබන්නා සේ, ගුණෙන්
පිරුණු ධීරයන් නො සොල්වා මැ රක්ෂා කළ හ.
මෙ සේ හෙයින් අප ගේ ස්වාමින් ගේ කිසි
දෝෂයක් නැතැ’
යි කියා
නිශ්චය කොටැ ගොස්,
‘ස්වාමිනි, අපි හැම කැටි
වැ පරික්ෂා කරන්නමෝ ,
මෙ සා මහත්
විපත්තියකට කාරණ වූ කිසි දෝෂයක් නුදුටුම් හ’යි කියා දැන්වූ හ.
ඉකිබිති, රජ්ජුරුවෝ ඒ උපද්රදවයන් සන්හිඳුවන පිණිස
නොයෙක් බලිකර්මණ යැ,
දෙවතාරාධනා
යැ යන විධි කොටැ ද,
ඒ උපද්රවවයන්
සන්හිඳුවා - ගත නහුන හ. ඉකිබිතිව සමහර කෙනෙක් කිරි පිරුණු බුරුලු තිබියැ දී හඟ
ගෙනැ කිරි දෝතා සේ,
කරුණායෙන්
පිරුණු සර්වවඥයන් වහන්සේ වැඩැ හින්දැ දී, උන් වහන්සේ ගේ නම නො කියා, ‘කකුද
කාත්යණයන’
නම් එක්
සර්ව්ඥ කෙනෙක් ඇත. ඔවුන් අව හොත්, මේ උපද්රයව සන්හිෙඳයි’ කී හ. සමහර කෙනෙක් ඔවුන් වළකා, අඳුරු නිසා පහන් අවුලුවන්නට තෙල් ගන්නා
පිණිස වැලි මලු තෙලියත් හි ලූවා සේ, ‘ ෙම් උපද්රරව සන්හිඳුවන පිණිස
අජිතකෙසකම්බලීහු මෙයට ගෙන්වුව හොත් යහපතැ’ යි කී හ. එසේ කියන්නවුන් වළකා සමහර කෙනෙක්
වසත් කෙළියට සාවුන් හා පෙර මග බලා හිඳනා සේ, ‘මක්ඛලීගොසාල නම් බුදුන් මෙයට වැඩිය හොත්, මේ උපද්රනව
සන්හිෙඳයි’
කී හ. එසේ
කියන්නවුන් වළකා සමහර කෙනෙක් හැල් බත් පතා හකුරු වපුරන්නා සේ, ‘නිගණ්ඨනාථපුත්රට
නම් සර්චමඥ කෙනෙක් ඇත. උන් මෙයට ගෙනාව හොත්, මේ උපද්ර්ව සන්හිෙඳයි’ කී හ. එ සේ
කියන්නවුන් වළකා සමහර කෙනෙක් හැල් බත් පතා හකුරු වපුරන්නා සේ, නිගණ්ඨනාථපුත්රය
නම් සර්ව්ඥ කෙනෙක් ඇත. උනු මෙයට ගෙනාව හොත්, මේ උපද්රවව සන්හිෙඳහි’ කී හ.
ඔවුනුදු වළකා සමහර කෙනෙක් ගිතෙල් පිණිස ඔටු කිරි අලළන්නා සේ, ‘සඤජයබෙලට්ඨීපුත්ර්
නම් සර්චාඥ කෙනෙක් ඇත,
ඒ බුදුන්
මෙයට ගෙනවොත්,
‘මේ උපද්රෙව
සන්හිඳෙයි’
කී හ.
ඔවුනුදු වළකා වියතුන් හඳුනන සමහර කෙනෙක් මල් ගන්නා පිණිස අහසට පැන් දමා-ලූවා සේ, ‘පූරණකාශ්යරප
නම් එක් සර්ච ඥ කෙනෙක් ඇත. උන් මෙයට ගෙනා හොත්, මේ උපද්රමව සන්හිෙඳයි’ කී හ.
මෙසේ අඥානයන් කැටි වැ තමන් තමන් ගේ මත
කිය-කියා නිමැවු කල්හි,
එ වැනි භයක්
සන්හුන මනා කල්හි,
කෙළලක්ෂයක්
සක්වළැ ආඥා පවත්නා වු එකි-එකී ගාථායෙන් යුක්ත වු, අද දක්වා නම් සිහි කළ සියලු සත්ත්වයන් ගේ
සියලු භය සන්හිඳුවන්නා වු රතනසුත්රනයක් වැනි ධර්මතරත්නයක් ලොවැ පහළ වුව මනා කල්හි, පස් වා දහසක්
මුළුල්ලෙහි සියලු සත්ත්වයනට සියලු උපද්රයව දුරු කරන ධර්ම නමැති ඖෂධමහා වෘක්ෂයක්
ලොවැ මුල් බට මනා කල්හි,
ශක්රර
බ්රළහ්මාදි දෙවතාවන් ගේ පා බිම්හිදු පහළ මනා කල්හි, සුවාසූ දහසක් ප්රාිණීන් එක හෙළා අමාමහ
නිවන් දුට මනා කල්හි,
එ තන්හි හුන්
පිරිසින සමහර කෙනෙක් නැගී,
‘මහ රජ, මොවුන් හැම
දැන්වුයේ “අපට මෙ සේ වූ
තුන් උපද්ර්වය මඳ යැ”
යි කියා
නැවැතැ මෙ කී ස දෙනා විසින් මේ මත්තේහි උපද්ර්ව ගණනක් වඩනා පිණිස යැ. ඉදින් ඉඳුරා
මැ මේ උපද්රතවයන් සන්හිඳුවනු කැමැත හොත්, අප කියන්නකුදු ඇසුව මැනැවැ යි ගිම් නිවා
බස්නා ආකාශ ගඞගා ප්ර වාහයක් සේ, සියලු සත්වයන් ගේ සන්තාප නිවන්නා වු සද්ධර්මත නැමැති ගඞගාප්ර වාහයට උඩු ගං
වැ සිටියා වු එක් වියත් නා කෙනෙක් ඇත. ෙම් උපද්ර වය සන්හිඳුවනු පිණිස ගෙන්වුව
මැනැවැ’
යි කී හ.
නැවැතැ කියන්නෝ, ‘මහ රජ,මෙ කී ස දෙනා
බුදු බවට උසුළු ගන්වන්නා වූ නිවටුන් බව මුත් තුමූ බුදු නො වෙති. අප දන්වන ස්වාමි
දරුවාණෝ වු කලී වොටුන්නෙහි නිමාම් වැ සිටියා වූ අග්රමමාණික්යීයක් සේ ශාක්ය කුලයට
මුඳුන් පත් වැ සිටියා හ. තමන් පිළිසිඳ ගත් මඟුලෙහි සියලු ප්රේයත ලෝකය ආලකමන්දා
නම් දිව්යහ රාජධානිය සේ,
සා පිපාසා
දුක් නැති කොටැ ස්වස්ථ කළහ. දුකින් අතුරු නැත්තා වු අට මහ නරකය චිත්ත සුඛය පුරා-
ලූ අට මහා නිධානයක් සේ සුවයෙන් නිරන්තර කළ හ. නරකයෙහි සත්ත්වයන් මුවෙහි ලා ලූ ය-වට
අමා වට කළ හ. ඝොර වු අසිපත්රි වනය නන්දන වනය කළහ. සොළොස ‘ගුල් කටු ඇති
හිඹුල්රුක් නරකය සත්ත්වයනට කප් රුක් කළ හ. කපක් මුළුල්ලෙහි තැවී ගියා වූ ලොහො
දියෙන් පිරුණු වෙතරණි ගඞගාව පස් වනක් පියුමින් ගැවැසි ගත්තා වු ආකාශ ගඞගාව කළ හ.
ලොහො දියෙන් පිරුණු ලොහොකුඹු නරකය අභිමතාර්ථු සාධන්නා වු භද්රය කුම්භ කළ හ. නව
යොදුන් බොල යකබල පළා - ගෙනැ පිටතැ සියක් යොදුන් තන්හි පවත්නා වූ, සුවාසූ දහසක්
යොදුන් තන්හි පවත්නා වු,
සුවාසු දහසක්
යොදුන් ගැඹුරු මහා සමුද්රූ ජලය එක පැහැරැ තමා කරා නමා -ලුව හොත්, දුරැ දී මැ
පිනි බිඳක් සේ වියළවා -පියන්නට සමර්ථර වු; මහා ගින්නෙහි ආදි කල්පයෙහි පටන් තැවී
-පියා තුබු යකබල සියක් දවස් දියෙහි ලා නඟා -ගත්තා වු යපල්ලක් සේ සිහිල් කළහ.අවීචි
මහා නරකයෙහි දන පමණ වතුරු යන පරිද්දෙන් සත්ත්වයන් සනහා වැසි වැස්වූහ. සියක් යොදුන්
සිටැ කර දික් කළවුන් අතුණුබහන් පිටත් වැ යන පරිද්දෙන් ඉතා පිළිකුල් වු දුර්ගෙන්ද
ඇති අශුචි මහා නරකය,
අඩක් පිපී
මුව රඳින් පිරි සිටි පරසතු මදාරා මල් ගබක් සේ එක සුගන්ධ කළහ. තුන් ගවු පමණ
සත්ත්වයා ගේ සම් හා මස් හා නහර හා ඇට විදැ ඇට මිඳුලු කන්නා වු ගිජු ළිහිණියන් ගේ
භයඞකර වු නාද පුරවි කෙවිල්ලන් ගේ හඬ සේ මිහිරි කළහ. යකබලින් පිටතැ සියක් යොදුනෙහි
මෙහි සිටැ බැලුවන් ඇස් පිපිරැ පළා යන තරම් රළු වු අවීචි මහා නරකයෙහි ගිනි සිළු
මැදට වන්නා වු සත්ත්වයන් රක්තෝත්පල ගර්භකයට වන් මත් බමරුන් සේ සැනැසු හ. සත්ත්වයන්
සුනු කරණ පිණිස සංඝාත මහා නරකයෙහි නැංගා වු, නැගී මුදුන්හි හෙන්නා වු ලෝ දිය ධාරා ඇති
මහා පර්වනත,හිසින්
හෙන්නා වු ගඟුල්හැලි ඇති ක්රී ඩාපර්වඇත සේ සිත් කලු කළ හ. කපක් මුළුල්ලෙහි
ආලොකයෙක්හි රස නොදන්නා වූ ලෝ ඇඳිරි මහ නරකයෙහි අන්ධකාර විජයයට විස දහසක් සක්වළැ
හිර සඳ එක විටැ වැදැ ගියා සේ, එක විටැ මැ මහා ආලොක පැවැත්වු හ. එ මැ ලොකාන්තර නරකයෙහි චක්රිවාට පර්වාත
පාර්ශවයෙන් ගිලිහී ලොක සන්දාරක උදකයෙහි හී පෙන කඳු සේ, විරී යන
සත්ත්වයන් සත් රුවන් අතලෙහි සිටැ නන්දා පුෂ්කරණියට පැනැ සැනැහෙන තුසී පුරයෙහි
දෙවියන් සේ කළ හ. නව දොරින් වැදැ සියලු ශරිරය පුටපාකයක් සේ තවන හළුවෙන ගැවැසී-
ගත්තා වු කුක්කුල නරකයෙහි පැසෙන සතුන්, ආකාශ ගඞගායෙහි ජලකණිකා ඇඟැ ගස්වා -ගස්වා
වෙරළැ වැලි තෙලෙහි හෙවැ නිඳන්නා වු රාජ හංසයන් සේ මිහිරි නිඳි නිඳැවු හ. නයින් හා
ගුරුළුන් යහළු කම් ගැන්වු හ. බළලුන් හා මීයන් එක කෙළි මඬුල්ලෙහි කෙලි රස දැනැවු හ.
ඇතුන් ගේ පොකුර’ගින් ඉස්නා
ජලකණිකායෙන් සිංහයන් ඇඟැ විඩා දුරු කළහ. සිංහධෙනුන් ගේ තනයෙහි කිරියෙන් ඇත්
පොවුවන් පෙවු හ. ඇතින්නන් ගේ කිරි සිංහ පොතකයන් පෙවු හ. නයින් ගේ පෙණ ගබ් නමැති සේ
සත් යටැ මඬුවන් සතපා හිඳුවු හ. සෙනහයෙන් අසුන් හා මීවුන් හා ඔවුනොවුන් ඇඟ ලෙවැවූ
හ. මුවන් ගේ අඟින් දිවියන් ගේ කර කැස්වූ හ කවුඩන් හා බකමූණන් හා බොහෝ කලෙකින්
ප්රේනමයෙන් ඔවුනොවු න් මුහුණ බැලැවුහ. සියලු සතුන් ගේ ශරිරයෙහි ඇති වු අසාධ්යව වු
ව්යා්ධීනට තමන් උපන් මඟුලින් මැ පිළියම් කළහ. තමන් සියලු සංසාරයෙහි වක් හරනට
පූර්වමනිමිත්ත පාතා සේ. කුදුන් ගේ වක්රහ වු ශරිරයෙහි හැද මරා ඉදි කළ හ. සියලු
සත්වලෝකයාට දිව ඇස් දෙත බවට පූර්වරනිමිත්ත පාතා සේ, ජාත්ය න්ධයනට ඇස් දුන්හ. එ සේ මැ සියලු
සත්ත්වයනට දිව කන් දෙන්නට පූර්වයනිමිත්ත පාතා සේ, බිහිරනට කන් දෙන්නට පූර්වතනිමිත්ත පානා සේ, බිහිරනට කන්
දුන් හ. සියලු සත්ත්වයනට සතරසෘඩිපාද දෙන්නට පූර්ව,නිමිත්ත පානා සේ පිළුනට පා දුන් හ.
ධර්මවයට ගොළු වු සියලු සත්ත්වයන් ලවා සුවාසූ දහසක් ධර්මටස්කන්ධය හදාරවන්නට පූර්වනිමිත්ත
පාතා සේ,
ගොළුවනට බස්
දුන් හ. එක් ලක්ෂ අටසැටදහසක් යොදුන් මහමෙර තමන් පිළිසිඳැ - ගත් කිඹුල්වත් පුරය
දිශාවට වැඳුම් ගන්වා -පූ හ. සප්තකුල පර්වපතයන් ලවා සේ නඟා කෙළවා - පු හ. වෙසතුරු
අත් බව්හි සත් ඉඩක් හඬා විඩා වැ ගියා සේ මියෙන් නො බැණැ හොත්තා වු මහ පොළොව, මතැතක්හු
මැඩැ ලු හුණු පඳුරක් සේ,
දිය පොළොවෙහි
පටන් -ෙගනැ එක පැහැරැ ලුණුකර වූ මහා සාගර ජලය ශකීරා බහා -ලා කකාරා-ගත් කිරි
ඇතිළියක් සේ මිහිරි කළ හ. පස් වනක් පියුම් පිපුනා වු පර්වනත හිත්ති හා සදත් දහතළා
හා වාද කැරැවූහ. මල්හි රස නොදන්නා වු දිඹුලෙහි පිපි මල් පරසතුමදාරා මල් හා එක්
කොටැ දෙවියන් මුඳුනෙහි පැලැඳවූහ. වැසි නැති වැ මැ පොළොව බිඳැ -ගෙනැ වැගිරැ නැෙඟන
නාඹ තල් කඳ සා ජලධාරායෙන් සියලු ලොවට ශාන්තිජලය දුන් හ. බඹ ලොව හා දෙව් ලොව හා
මිනිස් ලොව හා යන තුන් තන්හි මැ සම්පත්තියෙන් වෙනසක් නොකළ හ. තමන් ගබ් ගත් මඟුලෙහි
මැ සියලු සත්ත්වයන් නිවන් සුවයට ගබ් ගැන්වූහ. දස දහසක් සක්වළැ සඳ මඬුලු හා හිරු
මඬුලු තමන් ගේ මඟුලට නැගු සේසත් සේ කිඹුල්වත් පුරයෙහි තමන් ගෙදොරැ ආකාශයෙහි රැඳැවු
හ. තමන් මතු වස්වන්නා වු ධර්මාතමෘත වර්ෂාෙවට පූර්ව නිමිත්ත පානා සේ, මුළු සක්වළැ
පොකුරු වැසි වැස්වු හ. ගුණෙන් සිස් වු සසර තමන් ගේ කරුණායෙන් පිහිට ලබන්නා සේ
නිරාලම්බ වූ ආකාශයෙහි මල් වියන් බැඳැවු හ. කසුබු සම්මා සම්බුදුන් වහන්සේ පිරිනිවී
තැන් පටන් -ගෙනැ නො පිඹැ තුබු විජයොත්තර ශඞඛය, ශක්රුයා ලවා තමන් ගේ ගේදොරැ පිඹැවූහ. හෙළ
කුඩ ගත් මහබඹු තමන්ගේ රාජාඞගණයෙහි ඔකඳ කෙළි කෙළැවූ හ. දෙවියෙකු වැඳැ - ගෙනැ හොත, ඕහට තුන් කෙළ
සැට ලක්ෂයක් හවුරුද්දට ආයු දී. ලති. මිනිසකු වැඳැ- ගෙනැ හොත, එක්සිය විසි
හවුරුද්දට ආයු දී ලති. මුහුණ බලා සතුටු වැ හුන් බකමුහුණන් ගේ ප්රිසාදයට පසේ බුදුන්
අග කෙරෙති. තමන් ගේ සව්වන් ලවා අවීචි මහා නරකයෙහි ගිනි නිවා වැසි වස්වා වතුර
හෙළවති. දීපංකර පාදමූලයෙහි අත් පත් නිවන් හැරැ, අපට ශාන්ති පිණිස සංසාර රාක්ෂසයා කටැ හුන
හ. දැන් බෝ මැඬැ වැඩැ හිඳැ සවාසන සර්වස කෙලශයන් නසා බුදු වැ නිරුපධිශෙෂ
නිර්වාිණධාතුයෙන් පිරිනිවන් නො පෑ, දෙතිස්කුණප කොටසින් යුක්ත වූ
පඤ්චස්කන්ධහාරය දෙතිස්මහා පුරුෂලක්ණයෙන් සාධා පිලිකුල් පෑවී කොටැ-ගෙනැ, එ බර උසුලා, ගම්නියම්ගම්
රාජධානියෙහි ඇවිදැ සත්ත්වයනට වැඩ කරන්නා හ. තමන් වසන විහාරය දිශාවට නැගූ පය නැවැතැ
සතර අපාය දිශාවට නැඟී යා නොදන්නා හ. තමන් දිශාවට නැගූ අත නැවැතැ අනුන් දිශාවට
නැඟියැ නොදෙන්නා හ. තමන්ගේ විහාරයෙහි තණ ගැටක් නෙළා- පියන්නට දික් කළ අත නැවැතැ
අනුන් දිශාවට සිඟන පිණිස දික් කට නොදෙන්නා හ. තමන් ගේ ශ්රීුපාදයට නැමු හිස නැවැතැ
අනිකක්හු ගේ පාද මූලයට නැමියැ නොදෙන්නා හ. තමන් දිශාවට නැමු සිත නිවන් රස පුරා
දෙන්නාහ. තමන් බලා සතුටු කඳුළු ගත් ඇසට දුකින් වන කඳුළක් වැද්දැ නොදෙන්නා හ. තමන්
ගේ ගුණයට සාධුකාර ගත්තවුන් ගේ තුඬට කිසි ශොක විලාපයක් වැද්දැ නොදෙන්නා හ. තමන් ගේ
බස් ඇසු කනට ‘
අනුව , බඳුව,ගනුව, මරව’ යනාදි බස්
වැද්දැ නොදෙන්නට තුමු මැ එහි රකවල් ගන්නා හ.තමන්ගේ ගුණ සිහි කිරීමෙන් ලොමුදහ ගත්
ශරීරයසසර පමණින් භයින් ලොමුදහගත නොදෙන්නා හ. මර හට වඩා බලවත් හ. සසරට වඩා මහත් හ.
පසේ බුදුනුදු නොවියත් කළ වියත් හ. මේ ආදී වු අනන්ත ගුණයෙන් සම්පූර්ණ. වු
ශාක්යවසිංහ වු දශබලධර වු අනාවරණඥාන ඇති චතුර්වෛ්ශාරාද්ය විශාරද වු, අවීචියෙහි
පටන් -ගෙනැ භවාග්රණය දක්වා,
ගවාග්රරයෙහි
පටන් - ගෙනැ අවීචිය දක්වා,
සියලු ලෝ
වැස්සන් ගත්තා වු ‘ඉතිපි සො
භගවා අරහං සම්මාසම්බුෙඬා විජ්ජා චරණ සම්පන්නෝ සුගතො ලොකවිදු අනුතතරො පුරිසධම්ම
සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධෝ භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රාහමකං
සස්ස මණබ්රාලහමණිං පජං සදෙව මනුස්සං සයං අභිඤඤා සචජි කත්වා පවෙදෙතිංසො ධමමං දෙසෙති
ආදිකල්යා ණං මජෙකධකල්යා ණං පරියොසාන කල්යා ණං සාත්ථං සව්ය ඤජනං කෙවලපරිපුණණං
පරිසුධං බ්රයහමචරියං පකාසෙති. සාධුඛො පන තථාරූපානං අරහතං දස්සනං හොති’ යන කීර්ති
ඝොෂයෙන් දශ දිග්භාගය එකකොලොහල කැරැවු හ. කරුණායෙන් ලොකොත්තර වු ප්ර ඥායෙන් අසාධාරණ
වු මෛත්රිියට කුලදේවතා වූ ස්වාමි දරුවාණ කෙනෙක් ලෝකයෙහි ඉපිද වදාළ සේක. ඒ ස්වාමි
දරුවාණන් ගේ ශ්රීවපාදය මෙ නුවරට දික් කළ හොත් ඒ ශ්රීතපාදය පිළිගන්නට නැෙඟන්නා වු
ආශ්චර්ය පද්මයෙහි සුගන්ධයෙන් මැ ෙම් කුණපගන්ධ තාක් පැවී වැ යන්නේයැ ඒ ස්වාමි
දරුවාණන් ගේ හිසට කුඩ ගෙනැ ආ මහා බ්රනහමයෝ යැ සක් පිඹැ -ගෙනැ ආ ශක්ර්යෝ යැ යන
මහෙශාක්යහ දෙවතාවන් ගේ සන්නිපාතයෙන් ෙම් මනුෂ්යෝ මාංස භක්ෂණය කරන්නා වු හීන වු
භූතපිශාචයෝ තුමු මැ තමහට ප්රශලය වන්නා හ. උන් පිරිවරා ආ වැසි වලා දෙවියෝ මැ ශතපටල
සහස්ර් පටලයෙන් මහා වැසි වස්වා, මේ මුළු නුවර සෝධා ශුද්ධ කරන්නාහු යැ. එසේ හෙයින් ඒ ධර්මාචක්ර වර්ති
ස්වාමින් වහන්සේ මැ අප ගේ දුක් නිවන පිණිස මෙයට වඩා එන්නා කැමැත්තම් හ’ යි දැන්වූ හ.
එ සේ කියන්නවුන් ගේ බස් හැම දෙන මැ ‘යහපතැ’ යි ගිවිසැ, ‘දැන් ඒ ස්වාමි දරුවාණන් වහන්සේ කොයි වැඩැ වසන සේක් දැ? යි විචාළ හ.
එ සමයයෙහි සම්ය්ක් සම්බුද්ධයන් වහන්සේ වස්
එළැඹෙන කාලය ආසන්නවු හෙයින්. තමන් වහන්සේ ගේ ප්රපථම දර්ශඑනයෙහි මැ ධර්මස දෙශනා අසා
එක්ලක්ෂ දසදහසක් බ්රා හමණ ගෘහපතීන් හා සමඟ අමාමහනිවන් දුටු බිම්බිසාර රජ්ජුරුවනට
ප්රුතිඥා දී,
රජගහා නුවර
නිසා වෙළුවන මහා විහාරයෙහි වැඩැ වසන සේකැ එ පවත්. ඇසූ විශාලා මහ නුවරැ වසන්නා වු
ලිච්ඡවි රජ දරුවෝ,
බිම්සර
රජ්ජුරුවන් හා සමඟ බණ අසා සෝවාන් වු මහාලි නම් ලිච්ඡවි කෙනෙකුන් හා පුරොහිතයන් ගේ
පුතණුවන් හා කැඳවා,
‘තෙපි බොහෝ
පඬුරු සරහා - ගෙනැ රජගහා නුවරට ගොස් පඬුරු පෑ දීලා, අප ගේ රාජ්යෝයට වූ තුන් උපද්රජවයන්
කියා-ලා,
සර්වේඥයන්
වහන්සේ වැඩියැ හොත් මුත් ඒ නොසන්සිෙඳන බව කියා, රජ්ජුරුවන් ගිවිස්වා - ගෙනැ, සර්වනඥයන්
වහන්සේ වඩා එව’
යි යැවුහ.
ඔහු ඒ පඬුරු ගෙනැ ක්රැමයෙන් ගොස් රජගහා නුවරට වැදැ, රජ්ජුරුවන් දැක, ගෙනැ ගිය පඬුරු
දී,
එ පවත් දන්වා, ‘සර්වරඥයන්
වහන්සේ අප ගේ නුවරට වඩනා පිණිස ආරාධනා කළ මැනැවැ’ යි දැන්වූහ.
පෙරැ මේ සර්ව’ඥයන් වහන්සේ
බෝධිසත්ත්ව භූමියෙහි සිටි කලැ පවා ජම්බූධීපයෙහි එක් සියක් රජ දරුවෝ ඔවුන් ගේ ධර්මර
දෙශනායෙහි පෙළැඹි,
පූණක නම්
යක්ෂ සේනාධිපතිහු ඔවුන් හැරැ- ගෙනැ ගිය කල්හි, ඔවුන් ගේ විරහය ක්ෂමා කොටැ -ගත නො හී, ‘සත් දවසක්
ඇතුළතැ අප ගේ පණ්ඩිතයන් නුදුටුමෝ නම්, ගිනි වැදැ මියම් හ’ යි සරැසුණහ.
බෝධිසත්ව භූමියෙහි විධුර පණ්ඩිත වැ සිටියා වු ස්වාමි දරුවණන් ගේ ධර්මසයෙහි රස දත්
පෘතග්ජන රජ දරැවන් පවා,
ඔවුන් ගේ
විරහය ක්ෂමා කොටැ -ගත නොහී,
‘ගිනි වදුම් හ’ යි කියන කලැ, දැන් සවාසන
සකල ක්ලේශයන් නසා බුදු වු ස්වාමි දරුවාණන් ගේ ධර්මට දේශනා අසා අමා මහ නිවන් හි රස
දත්තා වු මේ රජ්ජුරුවෝ තමන් ගේ නුවරින් සර්වමඥයන් වහන්සේ වඩා යන්නට අනුදනිති යනු
කවර නම් බසෙක් ද?
එ සේ හෙයින් ‘තොපට
නුගුණෙකැ’
යි කියා තුමූ
එ බස් නො අනුදත් හ.
ඉකිබිතිව එ බස් ඇසු මහාලිලිච්ඡවි
රජ්ජුරුවෝ බිම්සර රජ්ජුරුවන් උපෙක්ෂක වූ බව දැනැ,’ මේ රජ්ජුරුවන් නො අනුදත් හෙයින් කිම්ද? පරදුඃඛයෙහි
කම්පා ඇත්තෝ සර්වවඥයන් වහන්සේ මුත් නැත්තෝ වෙත් දැ යි සිතා, වැඩැ හුන්නා
වු වෙළුවන විහාරයට ගොස් ශ්රීැපාදය වැඳැ සිටි කල්හි, සර්වවඥයන් වහන්සේ ආගන්තුකයනට සුදුසු මධුර
කථා කෙටැ වදාරා,
‘ආ කම් කිම්
දැ’
යි විවාරා
වදාළ කල්හි,
‘ස්වාමිනි, විශාලා මහ
නුවරැ දුර්භික්ෂ භය යැ යක්ෂ භය යැ, රෝග භය යැ යි තුන් භයෙක් ඇති වී යැ. ඒ
භයින් පීඩිත වු විශාලා මහ නුවරැ ලිච්ඡවී රජ දරුවන් ප්රනධාන කොටැ ඇත්තා වු සියලු
පර්ෂිද ‘මේ උපද්රයව
කෙසේ සන්හිඳුවමෝ දැ”
යි මන්ත්ර ණය
කොටැ නොඑක් පරිද්දෙන් ප්රනතිකාර කොටැ, නොසන්සිෙඳන හෙයින් මෙ කී තුන් භයට
ස්වාමින් ඇතළු වු තුණුරුවන් සරණ කොටැ දුට හ එ හෙයින් පරාර්ථයය පිණිස සන්නද්ධ වු
ස්වාමි දරුවාණන් කරුණායෙන් වැඩ වදාරත් කලැ’ යි දැන්වුහ.
ඉකිබිතිව සර්වයඥයන් වහන්සේ ඔවුන් ගේ බස්
අසා ‘මා ඔබ ගිය
කල්හි කෙසේ වු අර්ථ් සිද්ධියෙක් වේ දෝහෝ’ යි පරික්ෂා කොටැ වදාරන සේක්,’මා විශාලා මහ
නුවරට ගොස් රත්ත සුත්රුය දෙසු කල්හි ,ඒ රත්න සුත්රතයෙහි එකි එකී ගාථායෙන් වන්නා
වු ආරක්ෂාව කෙළ ලක්ෂයක් සක්වළැ පැතිරැ සිටුනේ යැ. ඒ සූත්ර ය දේශනා කොටැ අනන්තයෙහි
සූවාසූදහසක් ප්රාපණීනට අමෘත මහා නාර්වාසණය සිද්ධ වන්නේ යැ. ඒ තුන් භය සන්සිඳෙන්නේ
යැ’යි දැකැ
වදාරා,
ඔවුන් ආරාධනා
කළ ගමන අනුදැනැ වදාළ සේක. එක සත්ත්වයකුටත් වත ඉෂ්ට කතා දික් කළ අතක් වත් නොකෙරෙන
තුරු ගොස් බඹ ලොවැ පැනී යන්නා වූ මහා පුරුෂයාණන් වහන්සේ, දැන් මේ තෙක්
සත්ත්වයනට වන ඉෂ්ට තකා එයට වැඩම අනුදනිති යනු කවර
ආශචර්ය යෙක් ද?
ඉක්බිති
බිම්සර රජ්ජුරුවෝ සර්ව ඥයන් වහන්සේ ආරාධනාව ඉවසා වදාළ බව අසා, සර්ව ඥයන්
වහන්සේ කරා,
‘ස්වාමිනි, විශාලා වට
වැඩම අනුදැනැ වදාළේ ඇද්දැ’යි විචාරා, ‘එසේ යැ මහ රජ’ යි වදාළ
කල්හි ස්වාමිනි,
එසේ වුව හොත්, මා වඩනා මඟ
සරහා - ලන තුරු හැම්මී වදාළ යහපතැ’යි දන්වා, රාජගහා නුවර හා ගංගාව හා දෙ මැද පස්
යොදනක් පමණ මඟ එක පැහැරැ සම කරවා, යොදනෙහි යොදනෙහි විහාර කරවා, ස්වාමිනි, ඉතිඹ වඩනා කලැ’ යි දැන්වූ හ.
ඉක්බිති සර්වඩඥයන් වහන්සේ ස්වාර්ථ යෙහි කළ
නිරපෙක්ෂතායෙන් පරාර්ථියෙහි කළ අභිලාෂයෙන්, පරදුඃඛයෙහි කළ අනුකම්පායෙන්, පුරුදු වැ ආ
ධාර්මිකත්වයෙන්,
‘මෙ තැන්හි
සතර පස සුව සේ ලැබෙති’
යි සිතා එක්
තැනෙක්හි නොකළ ආශායෙන්,
හුදු
සත්ත්වයනට මැ වැඩ පිණිස මැ පවත්නා වූ කායවාඞ්මනඃප්ර යෝගයෙන්, ‘විශාලා මහ
නුවරැ දුඃඛිත වූ සත්ත්වයන් ගේ සතුටු මුහුණක් බලා පුව’ යන මන දොළින්
පන්සියයක් භික්ෂූන් වහන්සේ පිරිවරා මඟට පිළිපන් සේකැ.
ඉක්බිති රජ්ජුරුවෝ, ඒ ඒ විහාර
අතුරෙහි සර්වපඥයන් වහන්සේ වඩනා පස් යොදනක් පමණ මෙඟහි පය ඔබා ලූ කලැ දණ දක්වා එරී
යන පමණින් පස් වතක් පියුමින් හෙබියා වූ නොඑක් ජාතියෙහි සුවඳ මල් ඉස්වා, ධවජ, පතාක, කෙහෙල්, තොරණ යැ, පූර්ණු කලස
යැ යනාදීන් මඟ සදා බුදුන් වහන්සේට සේ සත් මත්තෙහි සේ සත් බැගින් දෙ සේ සතක් ධාරා, එකි එකී
භිකෂූන් වහන්සේට එකි එකී ශෙව්තචඡත්ර බැගින් ලවා, ගඳ දුම් මල් පහන් ආදීන් පූජා කරන්නාහු, දවසින් දවසැ
එකි එකී විහාරයෙහි වස්වා,
පන්සියයක්
පරිවාරයෙන් යුක්ත වූ ස්වාමීනට දවස් පතා මහ දන් දී පස් දවෙසකින් ගංතෙරට වඩා ගොස්, එ තැන්හි
සිටැ වඩනට සුදුසු වූ හොරු හඟුළු ඉදි කරන්නා හූ, පූජා සත්කාර ගෙනැ අවුත් තමන්ගේ නුවරට
ස්වාමි දරුවාණන් වහන්සේ වඩා ගොස් අභිමතාර්ථය සෑධුව මැනැවැ යි හසුන් දුන් හ.
ඒ අසා විශාලා මහ නුවරැ ඇත්තෝ අප ගේ
උපද්රභව දුරු කරන්නට වඩනා ස්වාමී දරුවනට කරන පූජා අපට මැ අවශ්යි බව මුත්, තමනට කවර
අවශ්යසයෙක් ද?
අප වුන් දුක්
වූ නියාවටද,
එයට සුදුසු
වූ වහලක් කවර දා ලබමෝ දෝහෝ යි අප ගත් සිතුවලි වූ නියාවට ද, සර්වබඥයන්
වහන්සේ වැඩි සේක’
යන බස අසා
අපට වූ සතුටු නියාවට ද සුදුසු කොටැ අප ශක්ති පමණින් පූජා කෙරෙම් හ’යි විශාලා මහ
නුවර හා ගඞගාව හා දෙ මැදැ තුන් යොදනක් පමණ බිම එක පැහැරැ සම කොටැ, සර්වොඥයන්
වහන්සේට කුඩ මත්තෙහි කුඩ සතරක් හා, සෙසු පරිවාර භික්ෂූන් වහන්සේලා කෙරෙන් එකි
එකී වහන්සේ කෙනකුන් දෑට කුඩ මත්තෙහි කුඩ දෙක බැගින් මෙ සේ පූජා සරහාගෙනැ, දවසක්
මුළුල්ලෙහි සයින් සිටි වස්සා දුරැ එන මවු දෙන අභිමුඛයට යුහු වැ දිවෙන්නා සේ ද, මී වදයෙක්
හීඉව ඇසූ බමරුන් එ තැනට වේගයෙන් ඔවුනොවුන් පරයා දිවැ - ගන්නා සේ ද, ඝර්ම්යෙන්
සන්තප්ත වූ හස්තීන් ප්රවසන්න වූ මධුර වූ අති ශීතල වූ ජල ඇති වන විලට මධ්යා හ්න
සමයෙහි දිවැ- ගන්නා සේ ද,
පිපාසිත වූ
වැසි ළිහිණියන් මෙඝනාදය අසා මෙඝකූටයට උන්මුඛවැ දිවැ ගන්නා සේ ද, මස් ගැසූ
තෙනට එක හෙළා දිවැ-ගත් මහා මස් කැලක් සේ ද, පද්මයෙහි සුගන්ධය අසා පියුම් විලට දිවැ
ගත්තා වූ රාජ හංස කැලක් සේ ද, සත් රුවන් පිරුණු බිලයෙහි දොර හැරී ගිය ශබ්දය අසා එ දිගට උන් මුඛ වැ දිවැ
ගත්තා වූ දරිද්රු වූ ධනාරර්ථගන් සේ ද, චුම්බක පාෂාණ මුඛයට ගැසී යන්නා වූ ලොහ
ධාතු සේ ද,
වෙහෙල්ලට
දිවැ - ගත්තා වූ ජලප්රනවාහයක් සේ ද, කිරිබර තනයෙන් යුක්ත වැ එන්නා වූ මවුන්
අභිමුඛයට දිවෙන්නා වූ කුමාරයන් සේ ද, නිධාන තුබූ තැනට බස්නා අරළුවක් සේ ද, මධුර වූ
දිව්යේරූපාදි ආලම්බනයට දිවෙන්නා වූ චක්ෂුරාදි ඉන්ද්රියයයන් සේ ද, සගෞරව වැ
සසෙනහ වැ සාභිලාෂී වැ දිවෙමින්, බුදුන් වැඩි බව කියන්නට නික්මුණාක් මෙන් ගඟ පැනැ - ගෙනැ මෙ තෙරෙහි පැනී
ගියා වූ සවනක් ඝන බුදු රස් දක්මින් මැ, දුටු දුටු තන්හි මැ වැඳැ පෙරැළෙමින්, සොම්නස්හි
ගැලෙමින්,
‘අප ගේ
මනොරථය පිරිණැ’
යි යන
හෂීයෙන් තුන් යොදනක් පමණ තැන් තුන් පියවරෙකින් නික්මෙන්නා සේ යුහු වැ අවුත් තමන්
ගේ සීමායෙහි ගඞගාතීරයෙහි රැස් වැ එ තෙරැ වැඩැ හුන් ස්වාමි දරුවාණන් දිශාවට වැඳැ -
ගෙනැ හොත් හ.
ඉක්බිති බිම්සර රජ්ජුරුවෝ හොරු දෙකක් එක්
කොටැ බැඳැ එහි මණඩපයක් කරවා විචිත්රර වූ කුසුමයෙන් ඒ මඬුව සදා සත්රුවන්මය වූ
බුද්ධාසනයක් පැනැවූ හ. ඉක්බිති සර්ව ඥයන් වහන්සේ තමා ගේ රශ්මීන් රැදී ගිය යුගන්ධර
පර්වවත මස්තකයට පැනැ නැගි තරුණ සූර්ය මණඩලය සේ දිලියෙමින් පැනැවු ආසනයෙහි වැඩැ
හුන් සේක. භිකෂූන් වහන්සේ ද නැවට නැගී සර්වැඥයන් වහන්සේ පිරිවරා වැඩැ හුන් සේක.
ඉක්බිති බිම්බිසාර රජ්ජුරුවෝ ද කරවටක් පමණ දියට බැසැ දොහොත් මුඳුනෙහි තබා - ගෙනැ, ‘ස්වාමීනි, යම් තාක්
වැඩැ වදාරණ සේක් ද,
ඒ තාක් මෙහි
මැ වෙසෙමි’
යි දන්වා නැව
යවා තුමු නැවැත්තා හ. ඉක්බිති සර්වකඥයන් වහන්සේ ද යොදනක් පමණ තැන් ගඞගායෙන් වැඩැ
විශාලා මහ නුවර වාසීන් ගේ හිමට පැමිණි සේකැ. ඉක්බිති විශාලා මහ නුවරැ ලිච්ඡවි රජ
දරුවෝ ද,
‘අප ගේ දුක්
නැති කරන පිණිස කරුණායෙන් වැඩියා වූ ස්වාමි දරුවනට පෙර ගමන් කරම් හ’ යි කරවටක්
පමණ දියට ගොස් නැව ගොඩට ඇදැ සර්ව්ඥයන් වහන්සේ ගොඩට බහා - ගත් හ.
ස්වාමි දරුවන් නැවින් බැසැ ශ්රීඩපාදය ගොඩ
ස්පර්ශ කළ විටැ මැ,
‘තමන් වහන්සේ
ගේ සිතින් රාග නමැති කුණපයක් වත් ද්වේෂ නමැති කුණපයත් වත් මොහ නමැති කුණපයක් වත්
නො ගෙනැ වැඩියා වූ ස්වාමි දරුවන් ගේ එ බඳු වූ අටතුරාසියක් මඞගල ලකෂණ යෙන් යුක්ත
වූ. කුමාර කාලයෙහි පවා “වඳවන්නට යැ” යි ගෙනැ ගිය
කාලදෙවලයන් ගේ මුදුනෙහි සැතැපී ගියා වූ, ඒ ආශවර්යය දුටුවා වූ ශුධොදන රජ්ජුරුවන් ගේ
මුඳුනට මුඳුන්මල් වූ,
ස්වාමි
දරුවන් ගේ ගුණයෙහි ප්රලසන්න වූ කොසෙලයන් තමන් ගේ මුහුණ තබා හා ෙනා විඩා වූ, කිපී දිවැ - ෙගනැ
ආවා වූ අඞ්ගුලිමාලයන් අනන්තයෙහි ස්වාමි දරුවන් ගේ ධර්මලය අසා වඳැ - ගෙනැ හොත්
කල්හි ඔහු ගේ සිතැ පහළ වන්නා වූ ලෝකොත්තර ධර්ම නමැති වන්ද්රෝ දයට
උදයසන්ධ්යාාරාගයක් බඳු වූ රත් පැහැයෙන් උජ්ජවලිත වූ, මරන්නට මෙහෙයූ තන්හි වැඳැ - ගෙනැ හොත්තා
වූ ධනපාලයා ගේ මුඳුන්හි සින්ධුර ගල්වා ඉතිරි කළ සින්ධූරමලා දෙකක් බඳු වූ, රාත්රිියක්
මුළුල්ලෙහි උපක්රලම කොටැ කිසි උපද්රූවයක් කොටැ - ගත නො හී අනන්තයෙහි වැඳැ - ගෙනැ
හොත්තා වූ ආලවක නමැති රාජ හංසයා විසින් සුඹුනා ලද රක්තපද්මයක් බඳු වූ, කිහිරුඟුදාහි
ගිනි වළ පළා - ගෙනැ නැඟී පියුමින් පිළිගන්නා ලද්දා වූ, මෙරට සික් කළ
හොත් එක්ලකෂ අටසැට දහසක් යොදුන් පමණ මහමෙර තමහට නැමී අවුත් පිළිගන්නා වූ. සියක් තල
පමණ ප්රපපාතයකට දික් කළ හොත් ඒ කුඹුරු සමක් සේ පිරී බෙර ඇසක් සේ. සම වැ පිළිගන්නා
වූ,
අනවරතයෙන්
වඳනා වූ ශක්රදයා ගේ පරසතුමඳාරාමල් දම්හි රෙහෙණුයෙන් නිරන්තරයෙහි රැඳී තිබෙන්නා වූ, බ්රවහ්මයා ගේ
මුඳුනෙහි පිහිටා එයට “උතතම්ඞගය” යන නම
සාර්ථනක කළා වූ,
සාරාසංඛ්යු
කප්ලකෂයක් මුළුල්ලේහි “අසත්
පුරුෂයන් කරා යෙමි”
යි දික්
නොකළා වූ,
සත්පුරුෂයන්
කරා එළැඹැ නො විඩා වූ,
මුළු ලොවට
මුඳුන් මල් වූ,
ඒ ශ්රී් පාදය
පහරන බිමැ කුණපයක් තිබෙන බව සුදුසු නොවන්නේ ව් දැ?” යි කියා ගර්ජරනා කරන්නාක්හු මෙන් ගම්භීර
වූ නාද පවත් වන්නා වූ,
සර්වඥයන්
වහන්සේ වඩුත් මැ විශාලා මහ නුවරැ තුන් උපද්රනව විදිනට දෙවතාවන් ගත් දුනු බඳු වූ
ඉන්ද්රිචාපයෙන් ගැවැසී - ගත්තා වූ, විශාලා වාසීන් ගේ සිත්හි ශොකය කඬ කඬ කොටැ
කපා හරනට වැසිවලා දෙවින් ගත්තා වූ කඩු බඳු වූ අනනත වූ විජජුල්ලතායෙන් හොබනා වූ, ගොඩෙහි ශ්රීත
පාදය තුබූ විටැ මැ සර්ව ඥයනට වැසිවලා දෙවින් දැමූ කුසුමාඤජලියක් සේ ආකාශමණඩලයෙහි
විසිරැ ගිය කොක් පෙළින් යුක්ත වූ මහාමෙඝයෙක් නඟා, තෙමෙනු කැමැත්තත් තෙමා, නොතෙමෙනු
කැමැත්තන් නො තෙමා වැසැ,
දණක් පමණ උඩු
කළවයක් පමණ හිණ මසක් පමණ වතුරු හෙළා සියලු රාජධානියෙහි කුණප තාක් සෝධා ගඞගායෙහි ලා
පී යැ.
ඉක්බිති සියලු විශාලා පුරයෙහි භූමිභාගය
පරිශුද්ධ වී යැ. ඉක්බිති ලිචඡවි රජ දරුවෝ මේ මැ සලකුණින් තමන් ගේ මනොරථය සිඩ වන
බව දැනැ නියත කොටැ උපන් සොම්නසින් ස්වාමීන් වඩා යන්නහු, යොදනෙහි
යොදනෙහි මහ පූජායෙන් වාසය කරවමින් මහ දන් දී තුන් දවසෙකින් තමන් ගේ නුවරට වඩා ගිය
හ. එ සමයෙහි ‘සියලු භය
සන්සිඳුවන්නා වූ රත්න සූත්රේය ලොවට පහළ කරන්නට යැ යි වඩනා වූ ස්වාමි දරුවන් ගේ
බුද්ධ විලාශය බලමි’
යි සැරැහී දෙ
දෙව් ලොවැ දෙවතාවන් හා සමඟ ශක්රොදෙවෙන්ද්රැ, ද අවුත් වඩනා පෙර මඟැ රැස් වී යැ.
ඉක්බිතිමහෙශාක්ය දෙවතාවන් රැස් වත් රැස් වත් චන්රා, ලොදයයට බිෙඳන්නා වූ අනධකාරය සේ යකෂයෝ
බිඳී පලන්නට පටන් - ගත් හ.
ඉක්බිති සවාමි දරුවෝ සවස් වේලෙහි නුවර
දොරට පැමිණැ මුළු ලොවැ සනහමින් වැඩැ සිටැ, හංස ජාතියෙහි මලැ බැඳී සිටියවුනට තමන් නො
බැඳී සිටැ දිවි දී තමන් වහන්සේට වූ උපද්ර ව දුරු කළා වූ රන්වන්කකුළු වැ ඉපිද තමන්
වහන්සේට උපද්රසව කළා වූ කපුටුවා හා සර්පනයා හා නළින් ගෙනැ, ගිය ජිවිතය
පෙරළා දෙවා මිත්ර් ධර්ම ය රකෂා කළා වූ, ජුණ්හ ජාතකයෙහි බොහෝ විශ්වාසයක් තබා -
පියා උරයෙන් උරය ඝැටුණු මාත්රපයට තමන් වහන්සේ අතින් ගම්වර පසෙකැ මිඬියෝ සියයෙකැ
ගෙරි සත් සියයෙකැ යනාදීන් නොයෙක් උපකාර ලද්දා වූ, තමන් වහන්සේ අස් වැ ඉපිදැ සත් රජ්ජුරු
කෙනකුන් සාධා අනන්තයෙහි ප්රා ණ පරිත්යාැග කොටැ රාජ්යන දානයෙන් උපකාර කළා වූ. මෙ සේ
ජාති - ජාතිෙයහි පුරුදු වූ ගුණ ඇති දැන් මේ අනත්යය ජාතියෙහි තමන් වහන්සේට උපස්ථාන
කරන්නවුන කෙරෙහි අග්රන වූ,
බහුශ්රැ්තයන්
කෙරෙහි අග්රස වූ,
තමන් වහන්සේ
වඳාළ සූවාසූදහසක් ධර්ම සකනධ නමැති භාණඩාගාරය නො නසා රකෂා කොටැ සිටියා වූ
ධර්මඳභාණඩගාරික වූ,
තමන් වහන්සේ
මරන්නට හළ ධනපාලයා අභිමුඛයෙහි ප්රාසණය පරිත්යා,ග කොටැ සිටැ පොළව පෙරළා පස්සෙහි තබා -
පියන තුරු පසු නොබටුවා වූ,
ස්නේහයෙන් හා
පක්ෂපාත නමින් යුක්ත අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා, මහානුභාව ඇති මහ රජක්හු තමා පස්සෙහි සිටි
මුඛ්යප යොධයක්හු අතට තමා ගේ ආයුධය දී ඔහු ලවා ශත්රැජසේනාව බිඳුවන්නා සේ, තමන් වහන්සේ
නුවරින් පිටතැ වැඩැ සිටැ තමන් වහන්සේ වදාළා වූ සද්ධර්මේ නමැති ආයුධය ඔබට දී, ඔබ ලවා මැ මේ
තුන් උපද්රගවය දුරු කරවා ස්ථානොචිත වූ කටයුතු දන්නා සවාමි දරුවෝ’තමන් වහන්සේ
නො වැඩැ,
අග්රව
ශ්රාාවකයන් දෙදෙනා වහන්සේ ඇතුළු වූ සෙසු ක්ෂීණාශ්රවවයන් වහන්සේ වරුන් දෑකෙරෙන් ද
එක් කෙනෙකුනුදු නො යවා,
සියලු නිත්යන
පරිවාර පන්සියයක් දෙනා වහන්සේ අතුරින් ලද ගුණයෙන් හැම දෙනා වහන්සේට අඩු වූ, ගඳකිළිය
හැමැඳැ - ලා හිඳිනා වහන්සේ කෙනෙකුන් ලවා ඒ උපද්රඩවයන් සන්දිඳුවා වදාළ සේක” යන කීර්තිය
කලපානතසථායි කරන පිණිස,
‘අනනදය තෝ මේ
රත්නසූත්ර ය ඉගෙනැ - ගෙනැ ලිච්ඡවී රාජ කුමාරයන් හා සමඟ මේ විශාලා මහ නුවරැ තුන්
පවුරු වළල්ල ඇතුළෙහි ඇවිදැ පිරිත් බණ’යි වදාළ සේක.
ඒ අසා සකල ලෝකයට ආනන්දකර වූ ආනන්ද මහා
ස්ථවිරයන් වහන්සේ සර්වකඥයන් වහන්සේ විසින් වදාළා ඒ රත්නසූත්රේය ඉෙගැන, එ මැ
ස්ිවාමීන් ගේ ෛශලමය වූ සතර වරම් මහ රජ දරුවන් දුන් පාත්රියෙන් පැන් හැරැ ගෙනැ
නුවර දොර කඩැ සිටි සේක්,
එ මැ සර්ව
ඥයන් වහන්සේ සුමේධ තාපස කාලයෙහි කළා වූ ප්රිණිධානයෙහි පටන් රැස් කළා වූ නොයෙක් ගුණ
සම්භාරය සිහි කොටැ,
‘මා ගේ ස්වාමි
දරුවො’
“සමතිස්
පැරුම් නමැති මහා සාගරය පිහිනා ගොඩ දක්මී” යන මහා පරාක්රකමයෙන් දීපඞකර පාද මූලමයහි
දී පිනුවෝ සාරාසංඛ්යන කප්පලකෂයක් මුළුල්ලෙහි නො හැරැ පීනා අනතයෙහි බෝමැඩැ වප්රාාසන
නමැති සුපටුන් ගොඩට පැනැ නැගී සසර සයුරෙහි තෙර පත් වැ, අසාධාරණ වූ
පාරමිතායෙහි කුළු ගත් හ. අඞගපරිත්යාරග යැ, ජීවිත පරිත්යා ග යැ යනාදි වූ පඤච මහා
පරිත්යාරග කරන්නෝ ඒ ගන්නවුන් හැරැ ගනුන් “මා ගේ යැ” යන ලොභය බලත්, තමන් ගේ “දීපුව මැනැව” යන ලොභය එයට
ද වඩා බලවතැ. එයට ද වඩා පඤච මහා පරිත්යාගග කළ හ. ලොකාර්ථලවර්යාා ආදි වූ ත්රිපවිධ
අර්ථගචර්යාපයෙන් ශූන්ය වූ ජාතියක් බලු වැද වටු වැද කවුඩු වැ ද නො ලත් හ. මුහුකළා
වූ ඵලය අගැ අත්තෙන් බිමැ හී බිමැ සිටියවුනට ප්ර යෝජන සැදුවා සේ. පශ්චිම භවයෙහි
තුෂිත භවනයෙන් ච්යූයත ව. මනුෂ්යේ ලෝකයෙහි ඉපිදැ සියලු සත්තවයනට ප්ර්යෝජනවත් වූ
හ.සඳ නැතෙඟන කලැ සියලු ආකාශ මණඩලය ආලෝක කොටැ ගෙනැ නැෙඟන්නා සේ, තමන් මවු
කුසින් බිහි වන කලැ සියලු දසදහසක් සක්වළ එක පැහැරැ ආලෝක කොටැ ගෙන උපන් හ.
යශොධරාවන් වහන්සේ ප්රැධාන කොටැ ඇති සතළිස් දහසක් අනතඃපුර ස්ත්රීනන් විසින් හෙබියා
වූ කිඹුල්වන් පුරය වැනි පුරයක් හැරැ - පියා යන්නාහු, මිනිස් වෙස් ගත් යකින්නන් විසින් ගැවැසී -
ගත්තා වූ යක්ෂ. පුරයක් හැරැ - පියා යන්නා සේ නැගී ගියහ. සහවුරුද්දක් මුළුල්ලෙහි
මහා විර්යප කරන්නනෝ කෙළ දහසක් ඇතුන් රඳවා - ලන්නට සුදුසු වූ ඒ සා මහත් කාය බලය
තමන් ගේ එක ශරීරය මතු රඳවාගත ෙනා ගෙන පරිද්දෙන් සියලු කාය ශක්තිය ගෙවා වීර්යව
කළහ. බෝධි මණ්ඩලයෙහි වජ්රුපර්යතඞකයෙහි වැඩැ හිඳැ තමන් දුටු මරහු ලුහුබුඳැවූ හ.
ඉක්බිති සහස්ර රශ්මීන් යුක්ත වූ සූර්යෙයා ගේ උදය ලත් සුගන්ධර පර්වටතය සේ, අනනතාපරිමාණ
ගුණයෙන් විශිෂ්ට වූ සර්ව්ඥතාඥානය ලදින් මොහාණ්ධකාර විද්වංසනය කළහ. නවසත්තාවාසයෙහි
දුක් දුරු කරන්නා වූ නවලෝකෝත්තර ධර් කයන් සියලු ලොවට තමන් බෙදා දෙන පරිද්දෙන්
පළමු කොටැ ලද හ”
යි මෙසේ
සර්වවඥයන් වහන්සේ ගේ අනන්තාපරිමාණ ගුණයන් සිහි කොටැ, මෙ සේ වූ ගුණ
ඇති මහා පුරුෂයාණන් වහන්නස් ගේ ගුණ මහිමය එල්බැ - ගෙනැ යැ මා මේ පිරිත් බණන්නේ’ යි නුවරට
වැදැ තුන් පවුරු වළල්ල ඇතුලළහි රාත්රිාය මුළුල්ලෙහි පිරිත් බිණූ හ.
ඔවුන් පළමු වන ගාථායෙහි ‘යං කිංචි’ යන පදය සෙල්වූ විටැ මැ. යම් කිසි යක් කෙනෙක් නැති වූ හ. යම් කිසි දුඃඛයෙකුත් නැති වී යැ. තුන් වන ගාථායෙහි පටන් රිදී බුබුළු වැනි ඉසිනා පිරිත් පැනින් විසුරුණු ජලබින්දු රෝගීන් ගේ ශරීරයෙහි හෙන්නට වනැ. සර්වුඥයන් වහන්සේ වැනි ලෝකස්වාමි කෙනකුත් ශාන්ති පිණිස වදාළ සූත්රරයක් වුව, ඉගෙනැ - ගෙනැ පිරිවහන්නන් අනඳ මහ තෙරුන් වහන්සේ වැනි වියත් කෙනකුන් වුව, පැන් ඉස්නා පන්සාලිස් හවුරුද්දක් සවාමීන් ගේ ශ්රී් හස්තයෙන් පිරිමසා අහර වළඳන්නට නිසි වූ පාත්රියක් වුව, ස්වාමි දරුවාණන් ඒ පිරිත් බැණැ ඉසුත් ඉසුත් මියන්නට හොත් රෝගීහු අනුන් වෙහෙසන්නට මළ වෙස් ගෙනැ හොත්තවුන් කෂණකෂණයෙහි සිසී නැඟී සිටිනා සේ, කෂණයෙහි නැඟී සිටැ, තෙරුන් වහන්සේ පිරිවර ගෙනැ වඳිමින්, ‘ස්වාමිනි, සියලු සත්වයන් ගේ දුක් හරන සවාමි දරුවෝ නුඹ වැඩීදැ ද? ගැත්තවුන් විඳිනා දුක් ස්වාමි දරුවන් ඇසට පැනිණිද?’ යනාදි වු මිහිරි බස් බෙණෙමින්, තමන් ෙග් දුක් දුරු කළා වූ ඒ සර්ව’ඥයන් වහන්සේ සිහි කොටැ ‘නමෝ තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස’ යි දොහොත් මුඳුනෙහි තබා - ගෙනැ වඳිමින්, එ මැ විටැ මැ ඇති වූ කාය බලයෙන්, එ මැ විටැ මැ ඇති වූ ශරීරපුෂ්ටියෙන්, එ මැ විටැ මැ ඇති වූ මුඛශොභායෙන්,එ මැ ශරීරයෙන් නො මියැ මැ දෙවතා වුවත් සේ, පිළි හිස සිසාරමින් අපොළමින් කොක්සන් ගසමින් මහ තෙරුන් වහන්සේ සිසාරා ගත්හ.
‘යං කිංචි චිතතං’ යන පදයෙහි
පටන් - ගෙනැ ඉසැ ලූ දිය බිඳු ඇඟැ හෙත් හෙත්, පළමු පලනා යකුන් හා කැටි වැ නො පලා සාහසික
ෙකාටැ සිටි යකෂයෝ වෙතරිණී ගඞගායෙහි ජල බින්දු ඉසී ගිය නරකයේ සත්තවයන් සේ
වෙවුලමින් පස්පස් බලමින් පිට හඹමින් ඔවුනොවුන් ගත නොහී එක හෙළා දිවැ - ගත් හ.
ඔවුනට වාසල් දොර නො සෑහිණ. එ විටැ කේලුමක් සා පමණ තැනින් සැත්තෑ අසූ දෙනෙකුන් නැඟී
යන පමණ සියුම් අත් බව් නො මැවූ හ යි නො සිතමි. එ සේ වුව ද, තමන් පලන්නට
මහ දොර නො සෑහෙන්පවුරු බිඳැ - ගෙනැ පදනම් බිඳැ - ගෙනැ හිස ලුලූ දිග පැලෑ හ. සියලු
භය ද ඔවුන් හා කැටි වැ ගියේ යැ. එසේ දුක්පත් වූ විශාලා මහ නුවර අසුරයන් ජය ගෙනැ
වැදැ ගිය දෙවතාවන් විසින් ගැවැසී - ගත්තා වූ තව්තිසැ භවනය සේ එක පැහැරැ සැදී ගියේ.
එ වැනි ලෝක ශාන්තියෙක් නො වේ නම්, ඒ ස්වාමි දරුවාණෝ වැඩැ හුන් තැනින් ශ්රී පාදය නඟන දැ ද? ‘යං කිංචි
චිතතං’
යනාදි වූ එ
තෙක් ගාථා බැඳැ අනඳ මහ තෙරුන් වහන්සේට උගන්වන දැ ද? තමන් වහන්සේ වළඳන්නා වූ පාත්රඳය උන්
වහන්සේ අතට දී වදාරන දැ ද?
එසේ හෙයින්, ‘ලෝ වැස්සන්
සුවපත් කරම් හ’
යි දුක්
ගත්තවුන් මෙ තෙන් ශාන්ති කො කරන්, අනෙක් කවුර කෙරෙද්ද?
මෙසේ උඩ අපොළන දෙවියන් විසින් හා, බිමැ අපොළන
මිනිසුන් විසින් හා,
කටැ කටැ
සාධුකාරයෙන් හා,
ආකාශයෙහි
දිව්ය භෙරියෙන් හා,
භූමියෙහි
මනුශ්යටභෙරියෙන් හා,
ආකාශයෙහි
දිව්යිගීතයෙන් හා,
භූමියෙහි
මනුශ්ය ගීතයෙන් හා,
ආකාශයෙහි
දිව්යමනෘත්යහයෙන් හා,
භූමියෙහි
මනුශ්ය නෘත්යනයෙන් හා,
සියලු අහස්
පොළෝ දෙක නිරන්තර වැ ගිය කල්හි, ජය පුරයකට වදනා මහ රජක්හු සේ, ස්වාමි දරුවෝ ඉන්ද්රගකීල පැනැ - ගෙනැ
ඇතුළට වන් හ. ඉක්බිති ඖෂධ තෙල් ඉසැ ලූ කෂණයෙහි නිල් වූ මුහුද දිය කඳ මැඩැ - ගෙනැ
දිවෙන්නා වූ මහ ගිනි කඳක් සේ නිල් බුදු රැස් මත්තෙහි දිවැ - ගත්තා වූ රන්වන් පැහැ
මිශ්රන වූ රත් පැහැ කඳෙක් සියලු නුවර පුරා - ගෙනැ සක්වළ මුව විට දක්වා දිවෙන්නට
වනැ. පිරිත් පැනට දිවෙමින් සිටි යක්හු, පස්සෙහි දිවෙන්නා වූ ඒ රස් දකිමින්, මුහුණින්
හිහී දිවෙමින් සක්වළ ගල පැනැ - ගෙනැ ඇතැ වැගිරැ ගිය හ යි සිතමි. අතරතුරෙන් දිවන්නා
වූ නානා ප්රසකාර වූ රශ්මිජවාලායෙන් සියලු නුවර සදමින් ලිච්ඡවි රජ දරුවන් සදා
නිමැවූ සන්ථාගාරයෙහි මනොඥ වූ සපත රතනමය වූ බුඞාසන මස්තකයෙහි වැඩැ හුන් සේක.ස්වාමි
දරුවන් ආසනයෙහි වැඩැ හිඳින්නා හා මැ ශ්රදමණ බ්රාහහ්මණ රාජකුමාරාදි නානා ප්රයකාර වූ
පිරිස් බුදුන් පිරිවරා එහි මැ හුන් හ. ශක්රද දෙවෙන්ද්රනයා ද තමන් ගේ දෙ දෙව් ලොවැ
දෙවතාවන් හැරැ - ගෙනැ සුදුසු තැනෙක්හි හිඳැ - ගත. ඉක්බිති තෙරුන් වහන්සේ සියලු
නුවර පිරිත් කොටැ රෝගයෙන් මිදී තමන් වහන්සේ පිරිවරා ගත් මහජනයා ගෙනැ අවුත් ‘ස්වාමිනි, ස්වාමීන්
වහන්සේ ඇතුළු වූ රතනත්රජයෙහි බලයෙන් ජීවිත ලද්දා වූ ගැත්තෝ ස්වාමීන් වහන්සේ වඳිති’.යි ඒ පිරිස්
වඳවා තමන් වහන්සේද ශ්රීත පාදයවැඳැ එකත් පස් වැ වැඩැ හුන්
සේකැ. සර්වදඥයන් වහන්සේ හුන්නා වූ පර්ෂ්ද බලා සථානෝචීත ධර්ම් දේශනාවක් පරීක්ෂා
කොටැ වදාරා සම්ප්රාෂපත වූ පර්ෂචදට එ මැ රත්නසූත්ර ය දෙසා වදාළ සේකැ. දේශනා පර්ඪවසානයෙහි
සුවාසූ දහසක් ප්රා්ණීහු එක පැහැරැ අමෘතමහානිර්වාරණයට වන් හ.
මෙ සේ නැඟු නැඟු පියවරින් සිතු සිතු
සිතින් කළ කළ දෙයින් වන් වන් තන්හි සිටි සිටි තන්හි හුන් හුන් තන්හි සියලු උපද්රසව
පහ කොටැ සියලු ශාන්ති ඇති තාක් තමා ලෙවි ලොවුතුරා සැපත් දී සියලු ෙලාව සනහන්නා වූ
මා ගේ මැ ළයක් වැනි,
මා ගේ මැ
ඇසක් වැනි,
මට මැ පිහිට
වූ,
මට රකෂා සථාන
වූ ‘බුදුන් සරණ
යෙමි’
යි බුත් සරණ
යා යුතු.
බුදු ගුණ අලංකාරය-හඟවුව
Wikibooks
වෙතින්
හඟවුව (දෙ වැනි සැකැස්ම)
මේ කාව්යැයට කවීන් මැ දුන් නම යැ ‘බුදු ගුණ අලංකාරය’ යනු, ‘කය නම් අසාර යැ, බව (සංසාරයි) නම් බයංකාර යැ. [එ හෙයින්] දිවා රැයැ කියනු’ පිණිස මේ කාව්යංය ලියන බව ද කවීහු කියති:
‘කය නම් අසාරය - බව නම් බයංකාරය කියනුව දිවා රය - කියම් බුදු ගුණ අලංකාරය’
පොත අගැ ඇති තුන් පැදියෙන් කාව්යෙය කැරුණු කාලය ද කවීන් ගේ නම ද සඳහන්
කැරෙයි :
‘ස ම තැ ස් මුනිඳු පිරිනිවි වස පටන් ලද
දෙ ද හ ස් පසළොසක් හවුරුදු පිරුණු සඳ
දි ය ගො ස් පැතිරි බුවනෙක බුජ නිරිඳු සඳ
පි රි ව ස් තුනෙහි සිරි ලකැ රජ බිසෙව් ලද
‘දි න දි න නොඅඩු දින පුද පැවැති මනහර
ද න ම න රඳන සැදි ගෙ-උයන් සිරින් සර
වැ ජැ ඹෙ න පසිඳු මහ රයිගම් පුර අතර
බ බ ළ න සොඳුරු විදාගම මහ වෙහෙර
‘කි ත් යස කොත් දස දිගු දිගු යටගැ බඳ
මෙ ත් මහ මෙත් පා මුළැ මහතෙරිඳු සඳ
සෙ ත් කළ මුනිඳු සඳු ගුණ කව් පෙදෙන් බැඳ
ස ත් වැඩ පිණිස මෙ ද කෙළෙ මෙත් සිතින් නද’
මෙහි සඳහන් වන බුවනෙක බුජ (බුවනෙක බා) නම් කෝට්ටේ රජය කළ සවැනි පැරැකුම්බා
රජු ගේ පුත් තනතුරෙහි වැඩුණු සපුමල් කුමාරයා යැ.
ස වැනි පැරැකුම්බා රජු ගේ ඇවෑමෙන් ඔහු ගේ දු වු උලකුඩය දේවිය ගේ පුත් කුමරා ජයබාහු නමින් කෝට්ටේ රජ වීයැ. රාජාවලියහි සඳහන් පරිදි, සපුමල් කුමරා මෙ පවත් අසා, යාපා පටුනේ සිටැ අවුත් ජයබාහු රජ මරා VI බුවනෙක බා නමින් කෝට්ටේ රජ වියැ. ඇතැම් ඉතිහාස පොතෙකැ මෙ පුවත වෙනස් ලෙසකින් ද දැක්වේ. එහෙත් ඒ පිළිබඳ සැසැඳිල්ලකට මේ නොතැනි.
බුදු ගුණ අලංකාරය කැරුණේ ‘බුදුන් පිරිනිවී දෙ දහස් පසළොසක් හවුරුදු ගෙවුණු සඳ’ එ සේ මැ ‘බුවනෙක බුජ
නිරිඳු සඳ සිරි ලකැ රජ බිසෙව් ලද පිරිවස් තුනෙහි’යැ. මෙසේ මේ පැදියෙන් ෙහළි වන පරිදි මෙ
පොත ලියැවුණේ බු. ව. 2015
(කි. ව. 1472) දී යැ. ස
වැනි බුවනෙක බා රජ පැමිණියේ එයට තුන් හවුරුද්දකට පෙරැ, එ නම් බු. ව.
2012
(කි. ව. 1469) දී යැ.
මෙය කැරුණේ ‘මහනෙත් පා
මුළෙහි (මහා නේත්රක ප්රාළසාද මූලයෙහි) මෙත් (මෛත්රෙහය) මහ තෙරිඳුන්’ විසිනි. උන්
වහන්සේ වැඩැ සිටියේ රයිගම් පුරයෙහි වීදාගම මහ වෙහෙරෙහි යැ. මහනෙත් පා’ මුළ (මහා
නේත්ර ප්රා සාද මූලය) නම් එ වකට පැවැති සංඝ ගණයෙකැ නම යැ. උතුරුමුළ, විල්ගම්මුළ
යන ආදිය ද මෙ බඳු මැ සංඝ ආයතන වියැ. මේ හිමියන් ගේ තැනැති නම යැ, මෙත් යනු, විදාගම
වෙහෙරෙහි වැඩැ වුසු හෙයින් ඔවුන් පළ වුයේ විදාගම මෙත් (මෛත්රෙ ය) හිමි නමිනි.
ලෝ වැඩ සඟරාව හා කව් ලකුණු මිණි මල (කාව්යඝ ලක්ෂැණ දක්වන පොතෙකි) මෙ තුමන්
විසින් කැරුණු අනෙක් පොත් යැ. හංස සෙන්දෙශය ද මෙ තුමන්ගේ කෘතියෙකැ යි ඇතැම්මු
සලකති.
ලෝවැඩ සඟරාව කරන කාලයේ දී මෙ තුමන් මහ තෙර පදවියක් නො දැරූ බව පෙනේ:
‘වීදා ගම වෙහෙරෙහි මෙත් තෙරිඳු සඳ
සාදා රණ වැ පැවැසු මෙත් සිතින් නඳ
බාදා නො වී මොක් දැකුමට බැඳි මෙ පද
පාදා සතුන් සිත පවතී වා නිබඳ’
(ලෝ වැඩ සඟරාව)
එහෙත් කව් ලකුණු මිණි මල කරද්දී එ තුමෝ මහ තෙර වූහූ :
‘නොයෙක් කව් නළු සද - වියරන ලකර ලකරින්
වියතුන් සැරූ මෙත් මහ - නෙත් පා මුළැ මහ තෙරිඳු
‘මෙ ලක එක සත් කළ - සිරි පැරැකුම් නිරිඳු හට
පනස් සිවු වසැ කෙළ මේ - කව් ලකුණු මිණි මල් නම්’
(කව් ලකුණු මිණී මල)
ලෝ වැඩ සඟරාව කැරුණේ මහ තෙර පදවි ලබන්නට පෙරැ යැ. කව් ලකුණු මිණි මල, පැරැකුම්බා (VI වැනි) රජු කලැ යැ, බුදු ගුණ අලංකාරය, බුවනෙකබා (VI වැනි) රජු කලැ යැ. එ හෙයින් මේ පොත් තුන මෙහි දැක්වුණු පිළිවෙළින් මැ කැරුණු බව පැහැදිලි යැ.
හංස සෙන්දණශයෙහි කර්තෘව ය මෙ සේ සඳහන් වෙයි :
ස ත් වෙ ත මෙ ත් පතළ නිරතුරු මැ එක ලෙසින්
ද ත් නෙ ක ස ත් හෙළු සකු මගද ඈ නිසින්
කි ත් ය ස කො ත් බඳ දිගු යටග සහ තොසින්
මෙ ත් ම හ නෙ ත් පා මුළ තෙරිඳු සඳ විසින්
එය ද මහ තෙර වන්නට පළමු කැරුණු සේ පෙනේ.
බුදු ගුණ අලංකාරය කැරුණු කාලයේ දී එ නම් ස වැනි බුවනෙක බා රජු ගේ රාජ්යක
සමයේ දී රාජ සම්මානය ලැබුණේ විදාගම මෙත් මහ තෙරිඳුන් ගේ පසට බව කල්යායණි ශිලා
ලිපියෙන් හෙළි වෙයි. එ රජු කලැ රාමඤඤ රටින් උපසම්පදාව සඳහා මෙහි පැමිණි භික්ෂූඑන්
උපසම්පදා කැරැවී ෙමි උලෙෙළහි අධිපති බව දැරැෙවා වීදාගම මෙත් මහ තෙරණුවොයැ ස
වැනි පැරකුම්බා රජු දවසැ රාජ සම්මානය ලැබ සිටි තොටග මුවේ සිරි රහල් මා හිමියන් ගේ
නම පමණ වත් ඒ උපසම්පද්රධ පුවතේ සඳහන් නො වෙයි. ජයබාහු රජු ගේ අභාවයත් සමඟ මැ සිරි
රහල් පසෙහි බලය පිරිහුණු බවත් බුවනෙකබා, රජ වු පසු වීද්රසගම මෙත් මහ තෙරිඳුන් බලයට
පත් වු සැටිත් මෙයින් පැහැදිලි යැ.
බොහෝ දෙනකුට වැඩි ආයාසයක් නැති වැ වටහා ගත හැකි බසින් බුදු ගුණ ගයන හෙයින්
මෙය පෙරැ සිටැ බොහෝ දෙනා ප්රි ය කරන කාව්යගයක් වැ පැවැත්තේ යැ. බෞද්ධයන් ගේ
අබෞද්ධ ඇදැහීම් නිසා කලකිරුණු වීද්රපගම හිමියෝ ඒ ඇදැහිම්වලට පහර දී එ හැම දෙවියනට
වඩා බුදුන් උසස් බව මේ කාව්යියෙන් විසිතුරු කොටැ කියති. මේ දෙ අරමුණ මැ සලකා ඔහු
විසාලා නුවරැ පුවත සිය කාව්යයයට වස්තු කොටැ ගත් හ. එ පුවත සැකෙවින් මෙ සේ යැ:
සැපතින් අඩුවක් නුවූ විසාලා නුවරැ ලිච්චවි රජහු (ගණනින් සත් දහස් සත් සිය
දෙනෙක්) රද නීති අනුවැ දැහැමින් රජ කළ හ. මෙ සේ එ රජුන් රජ කරන කලැ එ නුවරට
දුර්භික්ෂා,
රෝග, යක්ෂට යන
තුන් බිය පැමිණියේ යැ. නුවර වැස්සෝ ඇතුළු නුවරට වැදැ පැමිණි විපත් රජු මැති පිරිසට
දන්වා පිහිටක් වන ලෙස ඇයැදිය හ. රජහු එ අසා, ‘ලොවැ නිරිඳුන් අදහමට පැමිණි විටැ යැ මෙ
බඳු විපත් වන්නේ. එ බැවින් පෙරැ රජ සිරිත් වෙන් කොටැ අප කළ කී දැයක් තොප දනිතොත්
කියව’
යි කී හ.
නුවරෝ ‘රජුන් වරද
නැතැ’
යි පිළිතුරු
දුන් හ. එ විටැ රජුහු දුක් පහ වන කරුණු විමසා දන්වන ලෙස මැතිනට කී හ.
ඒ ඒ මැතිවරු තමන් තමන් ගේ ඇදැහීම් අනුවැ කළ යුතු දැ සැලැකැවු හ. එතෙක් පූරණ
කාශ්ය ප ආදී නිගණ්ඨයන් පිදුව හොත් සෙත ලැබේ යැ යි කී යැ. බමුණන් ගෙන්වා ‘ගහ කැන්
වළඳවා ගිනි දෙවියාට පුද කොටැ යාග කළ හොත්’ උවදුරු දුරු වෙතී යි තවෙකෙක් දැන්වී යැ.
ඊශ්වරයාට පුජා පැවැත්වීම මැනැවැ යි තවෙකකු ගේ මතය වියැ. විෂ්ණුහු පිදීමෙන් සෙත
ලැබේ යැ යි අනෙක් මැතිෙඳක් කියැ. එ විටැ ‘පෙරැ බුදු බණ අසා බුදු ගුණ උගත් මැතිෙඳක්’ සබ මැදැ
උවිඳු පුද ගරහා බුදු ගුණ විසිතුරු ලෙස වැනී යැ. එ මැතිඳු ගේ බස් ඇසු රජවරු බුදුනට
විසාලාවට වඩනා ලෙසට අයදිනු සඳහා බිම්සර රජු ගේ නුවරට (රජගහාවට) මහාලි නම් රජ යැවු
හ. මහාලි රජ ගෙනැ ගිය පඬුරු බිම්සර රජුට පිළිගන්වා රජු ගේ අනුමැතිය ලැබැ-ගෙනැ
වේළුවන වෙහෙරට ගොස් විසාලාවට වඩනා ලෙස බුදුනට ආරාදනා කෙළේ යැ.
බුදුන් ඒ ඇරියුම පිළිගෙනැ සඟ ගණ ද කැටි වැ වැඩැ විසල් පුරයට යනුව ගඟින් එ
තෙර වත් මැ වැසි වැසැ මහත් සෙත් වියැ; යක් සෙන් ද දස අත දිවුහ; රෝ දුක් ද
නැති වියැ. පුර ද්රෙ රට පැමිණි බුදුහු, අනඳ තෙරුන් අමතා, රතන සුත්රිය
කියා,
‘මිණි පය දිය
පුරා මෙ පිරිත සපුරා දෙසා,
එ දිය ඉසැ
පිරිත් කරව’
යි දැන්වු හ.
අවසනැ බුදුහු නුවර මැදැ මහ පායෙහි රහත් සඟ ගණ හා වැඩැ-හිඳැ රැස් වු දෙව් බඹ මිනිස්
පිරිසට සත් දිනක් රතන සුත්ර ය දෙසුහ.
වීදාගම හිමියෝ,
බුත් සරණෙහි
එන විසාලා නුවර පුවත තම කව කිරීමට බෙහෙවින් මැ වහල් කොටැ ගත්හ. බුත් සරණින් බුදු
ගුණ අලංකාරයට කො තරම් දුරට අරුත් උපමා ආදිය ගැනිණි ද යනු මේ සංස්කරණයෙහි පෙළට
ඉක්බිති වැ දැක්වෙන ‘බුදු ගුණ
අලංකාර සාරය’
නම් කොටසින්
දත හැකි යැ. එහි අංශයෙහි දැක්වෙන්නේ
බුත් සරණ පාඨයෙන් අරුත් ගෙනැ තැනුණු බුදු ගුණ අලංකාර පද්යන අංක යැ. නිදසුනක් දෙකක් මෙහි දු දැක්වේ :
‘හිරු නැංග ද ගුහාවට වන්නා වු අන්කාරය නො නස්නා සේ, ලොවැ චණ්ඩ වු
බලවතුන් බොහෝ වුව ද මොවුන් ආශ්ර ය කළා වු අනාථයෝ නො නැසී මැ සිටියහ.’ (බුත් සරණ)
හිරු නැංග ද කෙ සේ රකින‘ඳුරු ගිරි ලෙන සේ සැඬ දනැතත් කෙ සේ දුගී සත රැකැ සිටිති සිත සේ’
(බුදු ගුණ අලංකාරය)
‘දිව්යග ස්ත්රී’න් හා සමාන වු ස්ත්රී න් ගේ ශරීරයෙහි ලේ මස් නැති වැ ඇට සම් මාත්රියක් තුබු හෙයින් ඔහු හැම ගෙයි ගෙයි යකින්නන් වැන්නහ.’ (බුත් සරණ)
පෙර සුරඟනන් වැනි අඟනෝ සොඳුරු රුසිරිනි මස් ලේ නැති බැවිනි උදක් ගෙයි ගෙයි යකින්නන් වැනි’
(බුදු ගුණ අලංකාරය)
මෙ බඳු තැනැ සිදු වී ඇත්තේ බුත්සරණ පාඨය ඉඳුරා පද්ය ට නැඟීම පමණෙකි.
විසල් පුර වැනුම,
රද වැනුම, තුන් බිය, බුදු පෙළහර
යන ආදියෙහි දී බුත් සරණින් ඉඳුරා පිහිට ලද ද බුමුණු ගහ-ගිනි දෙවි පුද, ඉසුරු පුද, උවිඳු පුද යන
ආදියෙහි දී කවීහු යම් පමණෙකැ සියත් බවක් දක්වති. ඔවුන් ගේ සිතුම් පිළිවෙළ හෙළි
වනුයේ ද මේ කොටසිනි. මේ කවීන් බමුණන් ගරහන්නේ මෙ සේ යැ :
‘බොරු වේ මතුරු බැඳ වළහන ලෙවන් හැම සඳ බමුණන් ගෙන් දුලද වැඩක් වුයේ ලොවට
කිකල ද’
(137)
‘ගැනුමට අන් ඉසුරු උපමා යොද්ර විසිතුරු කෙරෙතී යාග බොරු කෙ සේ දුරු වේ ද
ලොවැ උවදුරු’
(144)
බමුණකු ගිනි දෙවි පුද කළ සැටි කියන පුවත (146-154) ද බමුණු මතවලට විහිළුවට ලක් කැරෙයි. දෙවි
පුද විවේචනය කරන 138-143
තෙක් පැදි ද
සලකා බලන්නැ. ඉසුරු පුදට හා උවිද්රක පුදට සරදම් කරන සැටිද (164-173; 177-183) විමසන්නැ.
මෙ සේ මේ කවීන්ගේ අදහස වුයේ අබෞද්ධ වු ඇදැහීම් හරහා බුදුන්ගේ බල මහිමයෙන්
බුදුන් දෙසු රතන සුත්ර යේ අනුභාවයත් දක්වා-ලීම යැ.
මෙයට තිස් වසකට පමණ පෙරැ බුදු ගුණ අලංකාර විවරණය පළමු වරට පළ වියැ. එ වකට
පළ වැ පැවති බුදු ගුණ අලංකාර සංස්කරණවලැ බලවත් ලෙස අශුද්ධ වැ තුබුණූ පද්යැ ගණනෙක්
මැ එයින් පිරිසුදු වියැ. නිදසුනක් දෙකක් මෙ සේ දැක්වියැ හැකි යැ :
පැවති සංස්කරණවලැ :
‘රොන් ඇරැ ගෙනැ සෙමින් යන බිඟු ලෙසින් කුසුමින් ... ... ... ... ... ... ...
... ... ... ... ... ... ... ... ... ... ...’ (47)
‘සෙමින්’
යනන්ට අරුත්
දෙන ලද්දේ ‘සෙමෙන්’ (හෙමිහිට)
යනුවෙනි.
විවරණයෙහි :
රොන් ඇරැ ගෙනැ පෙමින් යන බිඟු ලෙසින් කුසුමින්
(පෙමින් - ප්රේ මයෙන්)
පැවති සංසකරණවලැ :
සවනින් අසන බස නුවණීන් අසව යන ලෙස’ (50)
අරුත :
කනින් අසන
වචනය ඥානයෙන් අසව යි කියන්නාක් මෙන්.
විවරණයෙහි :
සවනින් අසන බස නුවනින් අසව යන ලෙස
අරුත :
කනින් අසන බස
ඇසින් අසව යි කියන්නාක් මෙන්.
මෙ සේ වෙසෙසින් පිරිසුදු වු පෙළ හා අරුත් ඇති පද්යියන්හි අංක, මෙහි පළමු වන
සංඥාපනයට ලියන ලද විඥාපනයෙහි සඳහන් වෙයි.
දහම්සිරි කුමාරතුංග
2504 බක් අව 3.
වීදාගම හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරය "පෙදෙන් බුදු සිරිතයැ" අනුව ගිය සිංහල කාව්යයකි. බුදු සිරිත නිමිති කොට ගත්තත් මෙහි සංදේශකාව්ය ලක්ෂණයන්ගෙන් මිදි රාජ්ය වර්ණනයෙන් මිදි රජු දෝෂ දර්ශනයට ලක්කර ඇති බව පෙනේ. ලිච්චවි රජ වැනුම තුළින් විශාලා මහනුවර තුන්බිය ගැන ද විස්තර කර රාජ්ය පාලනය විවේචනය කර ඇති බව පෙන්.
වීදාගම හිමියන් විසින් රචිත මෙම බුදුගුණ අලංකාරය අන්තර්ජාල පාඨක සැම වෙත වයඹ පුහුණු ආයතනය මගින් මෙසේ ගෙනහැර දක්වමි.
1. කුළුණු මෙත් සත වෙ ත
පතළ නැණ සවපද රු ත
හෙළ කළ ලොවට සෙ ත
නිතර නමදිමු මුනිඳු සරණ ත
පතළ නැණ සවපද රු ත
හෙළ කළ ලොවට සෙ ත
නිතර නමදිමු මුනිඳු සරණ ත
2. ලංකර සසර හි ම්
දුරුකර කෙලස් බිය ගි ම්
සිදු කළ යුතු උතු ම්
වදිම් නව ලොව් තුරා සදහ ම්
දුරුකර කෙලස් බිය ගි ම්
සිදු කළ යුතු උතු ම්
වදිම් නව ලොව් තුරා සදහ ම්
3. කිසි කෙනෙකුන් පම ණ
නොකැළැකි තුණැති අපම ණ
සතහට පිළිසර ණ
වඳිම් අදරින් අරී සඟ ග ණ
නොකැළැකි තුණැති අපම ණ
සතහට පිළිසර ණ
වඳිම් අදරින් අරී සඟ ග ණ
4. බව සිදු පසු රුවන්
අව බිය අඳුරු හි රුවන්
පිරි ගුණ මහ රුවන්
මෙසේ නමකර පුදා තෙ රුවන්
අව බිය අඳුරු හි රුවන්
පිරි ගුණ මහ රුවන්
මෙසේ නමකර පුදා තෙ රුවන්
5. කයනම් අසාර ය
බව නම් බයන් කාර ය
කියනුය දිවා රැ ය
කියම් බුදු ගුණ අලංකාර ය
බව නම් බයන් කාර ය
කියනුය දිවා රැ ය
කියම් බුදු ගුණ අලංකාර ය
6. මහ කවි වරන් පෙ ර
පවසා නොපත් පරතෙ ර
සුගතිදු ගුණ ගැඔ ර
මේමා කියමි සිතනු වැරසැ ර
පවසා නොපත් පරතෙ ර
සුගතිදු ගුණ ගැඔ ර
මේමා කියමි සිතනු වැරසැ ර
7. සූවාසු දහසක්
යොඳුන් ගැඹුරැ'ති මුහුදක්
ගොඩ කරමැයි උදක්
ලෙහෙනු කළ තැන් වැන්න දවසක්
යොඳුන් ගැඹුරැ'ති මුහුදක්
ගොඩ කරමැයි උදක්
ලෙහෙනු කළ තැන් වැන්න දවසක්
8. එතකුදු වත් සොඳින්
පුරමී පිණක් නොමඳින්
මුනිදු ගුණ මුහුඳින්
බිදක් දක්වමි උදක් ඔකඳින්
පුරමී පිණක් නොමඳින්
මුනිදු ගුණ මුහුඳින්
බිදක් දක්වමි උදක් ඔකඳින්
9. නුවණැති යෙනි මෙ මා
බස ද්රෙස ඇතත් එද මා
දෙසවන් පුටන මා
පමා නොව ගනුව මුනි ගුණ මා
බස ද්රෙස ඇතත් එද මා
දෙසවන් පුටන මා
පමා නොව ගනුව මුනි ගුණ මා
විසල් පුර වැනුම්[සංස්කරණය කරන්න]
10. සඟ සිරි අසාලා
කළයුරු සොඳුරු සාලා
සිරින් සුවීසා ලා
පවර නුවරෙක් වී වීසාලා
කළයුරු සොඳුරු සාලා
සිරින් සුවීසා ලා
පවර නුවරෙක් වී වීසාලා
11. සත් සමුදුර අගළ
සත්ගිරි පවුරු වට කළ
සක් පුර මිස උදුළ
එපුර සරි කොද පුරෙක් සක්වළ
සත්ගිරි පවුරු වට කළ
සක් පුර මිස උදුළ
එපුර සරි කොද පුරෙක් සක්වළ
12. බබළන පැහැ ගිහිණි
වෙන වෙන දෙසින් සපැමිණි
පබළු රන්මුතු මිණි
නොයෙක් සල්පිල් සියෙන් සුසැදිණි
වෙන වෙන දෙසින් සපැමිණි
පබළු රන්මුතු මිණි
නොයෙක් සල්පිල් සියෙන් සුසැදිණි
13. ගණ රන් කොත් පැළැඳි
බිතුසිතුවමින් සිත් පැඳි
මිණි පහ පැහැ විහිඳි
කොවේ මාවේ සියෙන් සිය සැඳි
බිතුසිතුවමින් සිත් පැඳි
මිණි පහ පැහැ විහිඳි
කොවේ මාවේ සියෙන් සිය සැඳි
14. පුර වැසියන් තිළි
කෙළින කෙළි මෙන් නියැළි
දද ඉන් ඉන් වෙළි
කෙළි පුරඹර රැසින් බැබළි
කෙළින කෙළි මෙන් නියැළි
දද ඉන් ඉන් වෙළි
කෙළි පුරඹර රැසින් බැබළි
15. මනහර රුසිරි සර
දෙවියන් ලෙසින් සුර පුර
උරයෙන් උර පැහැර
නිතොර මහසෙන් සිටිති එනුවර
දෙවියන් ලෙසින් සුර පුර
උරයෙන් උර පැහැර
නිතොර මහසෙන් සිටිති එනුවර
16. හෙන සෙන සේ කිපෙන
තවසුන් ලෙසින් හික් මෙන
හැම රුපුසෙන් දිනන
මහත් ගජසෙන් සිටිති තැන තැන
තවසුන් ලෙසින් හික් මෙන
හැම රුපුසෙන් දිනන
මහත් ගජසෙන් සිටිති තැන තැන
17. හසල පස් දහරේ
කිසි ද්රෙස් නොමැති සිරුරේ
යනෙන නිති එ පුරේ
තුරඟ සෙන් වැනි තරඟ සයුරේ
කිසි ද්රෙස් නොමැති සිරුරේ
යනෙන නිති එ පුරේ
තුරඟ සෙන් වැනි තරඟ සයුරේ
18. එ පුර රජ මහවත
බන් රන් දෙනෙත් පැහැපත
සක් සන් ගත් දිගත
නිතර රන සෙන් විතර වනු නැත
බන් රන් දෙනෙත් පැහැපත
සක් සන් ගත් දිගත
නිතර රන සෙන් විතර වනු නැත
19. සුරතුරු මෙන් කැමැති
දෙය යදියන්ට දෙන නිති
ලොවැ පරසිඳු පිනැති
නොයෙක් මහසල් කුලන්ගෙන්යුති
දෙය යදියන්ට දෙන නිති
ලොවැ පරසිඳු පිනැති
නොයෙක් මහසල් කුලන්ගෙන්යුති
20. සුරඟන සිරි'සිලු
වරඟන කෙළින සඳ ලු
ලිය ගී කන් කලු
ඉමෙක් තැන රඟන රඟම්ඬුලු
වරඟන කෙළින සඳ ලු
ලිය ගී කන් කලු
ඉමෙක් තැන රඟන රඟම්ඬුලු
21. ඇම තැන ඇති සැපත්
එකතැන් කළෙව් සිරිගත්
දැක දැක රිසි නුමුත්
නැතැයි යන සම්පතෙක් එහි නැත්
එකතැන් කළෙව් සිරිගත්
දැක දැක රිසි නුමුත්
නැතැයි යන සම්පතෙක් එහි නැත්
22. නන් වෙස් නන් බරණ
සැපතින් පිරුණු අපමණ
සිටි වයසෙහි තුරුණ
කෙසේ මෙතෙකැයි යෙද්ද නරගණ
සැපතින් පිරුණු අපමණ
සිටි වයසෙහි තුරුණ
කෙසේ මෙතෙකැයි යෙද්ද නරගණ
23. සිහිල් දිය පිරැණු
පිය ගැට පෙළින් දිලුණු
බිඟු දැල් විසුරුණු
වූය තැන තැන පියුම් පොකුණු
පිය ගැට පෙළින් දිලුණු
බිඟු දැල් විසුරුණු
වූය තැන තැන පියුම් පොකුණු
24. නළඹල නන් කෙහෙලි
බන් මිණි කිකිණි මුතුලැලි
රන් වැට පහන් දිලි
ද්රෙරින් ද්රෙර දන් දෙවන දන් හල
බන් මිණි කිකිණි මුතුලැලි
රන් වැට පහන් දිලි
ද්රෙරින් ද්රෙර දන් දෙවන දන් හල
25. අසුර සෙන් තරමින්
තැන තැන පැන අතර මින්
රුපු මන් උපුර මින්
සරණ මහ සෙනඟ අවි සරමින්
තැන තැන පැන අතර මින්
රුපු මන් උපුර මින්
සරණ මහ සෙනඟ අවි සරමින්
26. ගිජිඳුන් තිමඳ ගිලි
තුරඟුන් සමග නොහැකිලි
තබා බන් රනැකිලි
කෙළින තැන් තැන්හි ගිලි අලියකුලි
තුරඟුන් සමග නොහැකිලි
තබා බන් රනැකිලි
කෙළින තැන් තැන්හි ගිලි අලියකුලි
27. දැනගෙණ විදු සියල්
උනු'නට වෙමින් පිළිම ල්
කියන රෑ දහව ල්
සැදිනි වෙන වෙන නොයෙක් විදුහල්
උනු'නට වෙමින් පිළිම ල්
කියන රෑ දහව ල්
සැදිනි වෙන වෙන නොයෙක් විදුහල්
28. විහිදි මිණි කිරණය
ද්රෙර ද්රෙරෙහි රන් තොරණය
නිති සතොස කරණය
සිරින් පිරි තිරි එපුර දෙරණය
ද්රෙර ද්රෙරෙහි රන් තොරණය
නිති සතොස කරණය
සිරින් පිරි තිරි එපුර දෙරණය
29. සතුරන් කළ නිහඬ
එහි රිය සක් හිසක් හඬ
වැජඹෙහි දසත මැඬ
ලෙසින් රළ ගළ සයුඑ ගත් හඬ
එහි රිය සක් හිසක් හඬ
වැජඹෙහි දසත මැඬ
ලෙසින් රළ ගළ සයුඑ ගත් හඬ
30. පුර දෙරණත පිරී
කුර රොන් සමඟ ඉතිරී
දිගත ගොස් පැතිරී
පවති හය මිණි කිකිණි ගිගිරී
කුර රොන් සමඟ ඉතිරී
දිගත ගොස් පැතිරී
පවති හය මිණි කිකිණි ගිගිරී
31. පසඟ තුරු නාදේ
ගජසෙන් කුඥච නාදේ
සමඟ තුති නාදේ
එපුර දිව රැ එකනි නාදේ
ගජසෙන් කුඥච නාදේ
සමඟ තුති නාදේ
එපුර දිව රැ එකනි නාදේ
32. එව කව බොරු කියන
තෙපුලෙන් පිරුණු ඇම තැන
උතුරු කුරු දිවයින
වැන්න ඉසුරෙන් එපුර හැම තැන
තෙපුලෙන් පිරුණු ඇම තැන
උතුරු කුරු දිවයින
වැන්න ඉසුරෙන් එපුර හැම තැන
33. සුරන් පහ සදිසිය
දිලිසත් රුවන් බිතුසිය
සත් දහස් සත්සිය
සතත් රජ මහ පයට ගැවසිය
දිලිසත් රුවන් බිතුසිය
සත් දහස් සත්සිය
සතත් රජ මහ පයට ගැවසිය
34. කෙළින පුර වැසියන්
ලොබවන තරම් දෙව්යන්
සව් සිරිනි සැදියන්
සැදිණි එපමණ පොකුණු ගෙවුයන්
ලොබවන තරම් දෙව්යන්
සව් සිරිනි සැදියන්
සැදිණි එපමණ පොකුණු ගෙවුයන්
35. නිරිඳුන් පෙම් බැඳි
උනුන් වෙත සිත් පැහැදි
ඉදිනෙත් එහි සැදි
බියෙන් මෙන් කිසි දුකෙන් නොවදි
උනුන් වෙත සිත් පැහැදි
ඉදිනෙත් එහි සැදි
බියෙන් මෙන් කිසි දුකෙන් නොවදි
36. රෑ දෙවෙහි නිතොරේ
මිණි පහ පැහැය පැතිරේ
දුරුවන ගණ'ඳු රේ
ලොවැති සව් සිරි සපිරි එපුරේ
මිණි පහ පැහැය පැතිරේ
දුරුවන ගණ'ඳු රේ
ලොවැති සව් සිරි සපිරි එපුරේ
ලිච්ඡවි රජ වැනුම්[සංස්කරණය කරන්න]
37. සත් සිය දහස් සත්
සත් නරනිඳුහු සම ගොත්
සත් වග කෙරෙහි මෙත්
යුත් ව පවතිත් සිතින් මැදහත්
සත් නරනිඳුහු සම ගොත්
සත් වග කෙරෙහි මෙත්
යුත් ව පවතිත් සිතින් මැදහත්
38. දුසිරිත සිත නැවතී
රද නිති දත් ගුණ ඇති
මැදහත් ලෙස පැවති
එරජ ලිච්ඡවි නිරිඳු නම් ලති
රද නිති දත් ගුණ ඇති
මැදහත් ලෙස පැවති
එරජ ලිච්ඡවි නිරිඳු නම් ලති
39. කුල දෙටුවන් පැවති
සෙබෙහි තෙදිණීන් නොදිලෙති
වෙන් වු සඳ දිලෙති
රසින් මුසු නුමුසු ගන් සේ වෙති
සෙබෙහි තෙදිණීන් නොදිලෙති
වෙන් වු සඳ දිලෙති
රසින් මුසු නුමුසු ගන් සේ වෙති
40. නොබලා වරද තැන්
නො නැමී බසට මහතන්
විලසින් සිය සු තන්
සතන් රකිනුය බලා ඇමතැන්
නො නැමී බසට මහතන්
විලසින් සිය සු තන්
සතන් රකිනුය බලා ඇමතැන්
41. නො මකා කුළසිරිත්
කො තබාම දෙන දන් වත්
නො වඩා අය බදුත්
නැගු සිත් සේම දිය දිය කොත්
කො තබාම දෙන දන් වත්
නො වඩා අය බදුත්
නැගු සිත් සේම දිය දිය කොත්
42. ගත උන් සබාමය
බස උන්ගේ සබාමය
ඉසුරෙන් සබාමය
සබානම් උන් උන් සබාමය
බස උන්ගේ සබාමය
ඉසුරෙන් සබාමය
සබානම් උන් උන් සබාමය
43. අවා බිය ඇව රූ
සිත් සත් ගුණෙන් සපිරූ
දිගු බිත කිවිය රූ
ඔවුන් ගුණ සිතුයමින් තැවරූ
සිත් සත් ගුණෙන් සපිරූ
දිගු බිත කිවිය රූ
ඔවුන් ගුණ සිතුයමින් තැවරූ
44. රන් රූ සදි සියහ
දැක දැක නොයන රි සියහ
කන් කළු සුබැ සියහ
ඔවුන් ගුණ සිතුයමින් තැවරූ
දැක දැක නොයන රි සියහ
කන් කළු සුබැ සියහ
ඔවුන් ගුණ සිතුයමින් තැවරූ
45. රුසිරෙන් ලොව ගරූ
අයුරු සුරිඳුන් පිළිරූ
දස රජ දම් දැරූ
ඔවුන් සරිවෙති මෙලොව කවුරූ
අයුරු සුරිඳුන් පිළිරූ
දස රජ දම් දැරූ
ඔවුන් සරිවෙති මෙලොව කවුරූ
46. සක බිම පෙරළෙ මින්
ගැල බඩු නිසල කෙරෙමින්
පවතින මෙන් නොමින්
තුමු දුක් වීඳිති සත රකිමින්
ගැල බඩු නිසල කෙරෙමින්
පවතින මෙන් නොමින්
තුමු දුක් වීඳිති සත රකිමින්
47. රොන් ඇරගෙන සෙමින්
යන බිගු ලෙසින් කුසුමින්
ලොවට දුක් නොදෙමින්
ගනිති අය පඩුරු පෙර නියමින්
යන බිගු ලෙසින් කුසුමින්
ලොවට දුක් නොදෙමින්
ගනිති අය පඩුරු පෙර නියමින්
48. ලුවද සිදු පෙදෙසේ
දිය නොගෙණම සිටි නැවසේ
දන නොගෙණම තොසේ
සිටිති දනවනි දනනි සිතසේ
දිය නොගෙණම සිටි නැවසේ
දන නොගෙණම තොසේ
සිටිති දනවනි දනනි සිතසේ
49. පල ගත් අතු නසා
පල කන්නවුන් විලසා
දන ගැනුමක් නිසා
දහම් නොනසති දනන් වනසා
පල කන්නවුන් විලසා
දන ගැනුමක් නිසා
දහම් නොනසති දනන් වනසා
50. සවනින් අසන බස
නුවනින් අසව යන ලෙස
කෙරෙති තමා බස
යමක් නොයොදති මිසක් නිසි ලෙස
නුවනින් අසව යන ලෙස
කෙරෙති තමා බස
යමක් නොයොදති මිසක් නිසි ලෙස
1. අන්වය : කුලුණු සත වෙතැ (පතළා) මෙන් නැණ සව් පද
අරුතැ පතළ,
ලොවට සෙත එළි
කළ මුනිඳු සරණත නිතර නමදිම්.
අර්ථ. : බුදුන් ගේ කරුණාව සකල සත්ත්වයා කෙරෙහි
පතළේ යැ. එ මෙන් මැ ඥානය සකළ පදාර්ථතයෙහි පතළේ යැ. බුදුහු ලෝකයට ශාන්තිය එළි කළා
හ. එ බඳු වූ ඒ බුදුගේ පාදය නිතර වදිම්.
ටිප්පණී : පදරුත - සචෙතන වූ හෝ අචෙතන වූ හෝ රූපි වූ
හෝ අරූප වූ හෝ සියල්ල පදාර්ථඒයි, පදයන් ගෙන් දැක්වියැ යුතු අර්ථ වන බැවැන්. එ හෙයින් ලෝකයෙහි ඇති තාක්
සියල්ල පදාර්ථ් නමි. බුදුන් සියල්ල දත් බව මේ කී පරිදි යි. ලොවට සෙත නම් නිර්වාපණය
යි. සරණත - මෙහි ‘අත්’ යනු නිරර්ථ ක
යි. සවනත්,
නුවනත්, වුවනත් යනාදි
තන්හි දු ඒ පෙනේ. වරලස,
මුහුලස යනාදි
නන්හි ‘අස’ යනු ද මෙ බඳු
යැ.
2. අන්වය : සසර හිම් ළං කැරැ, කෙලෙස් බිය
හිම් දුරු කැරැ සිදු කළ යුතු, උතුම්,
නව ලොවුතුරා
සදහම් වඳිම්.
ටිප්පණී : සසර හිම් - සංසාරයේ සීමාව. නිවන. කෙලෙස්
බිය හිම් - ක්ලේශ භීතියේ සීමාව. සිදු කළ යුතු - මෙහි සිදු කිරීම නම් අවබෝධ
කිරීමයි. නව ලොවුතුරා සඳහම් - සතර මඟ සතර ඵලය නිවන යන නවය.
3. අන්වය : කිසි කෙනකුන් පමණ නො කළ හැකි ගුණ ඇති, අපමණ සත හට පිළිසරණ අරී සඟ ගණ අදරින් වඳම්.
ටිප්පණී : අපමණ - ඇතැමෙක් මෙය ‘ගුණ’ යන්නට විෙශෂණ
කොටැ ගනිති ‘පමණ නො කළ
හැකි අපමණ ගුණ’
යනු උමතු
බසෙකි. අරී - ආර්යප. සතරමඟසතර - ඵලයට පැමිණියාහු ආර්යයෝ යැ.
4. අන්වය : බව සිඳු පසුරු වන්, අව බිය අඳුරු
හිරු වන්,
මහ රුවන්
මුනි පෙර තෙරුවන් මේසේ නම කැරැ පුදා -
අර්ථ : සංසාර නමැති සමුද්ර්යට පසුරු
(පහුරු - යාත්රාෝ) වැනි වූ,
අපාය භය
නමැති අන්ධකාරයට සූර්ය යා වැනි වූ, මහාරතන වූ බුදුන් මුල් කොටැ ඇති
රතනත්රඅයයට මෙ සේ නමස්කාර කොටැ, පූජා කොටැ -
ටිප්පණී : මහ රුවන් - තමනට වඩා රතනයන් නැති වන
බැවින් බුද්ධාදීහු මහාරතනයෝ යැ මුනි පෙර - බුද්ධාදි. මුනි පූර්ව්. බුදුන් ප්රමධාන
කොටැ ඇති.
5. ටිප්පණී : බව - භවය. සංසාරය. කියනුව - කියනු පිණිස.
මෙහි ‘නුව’ ප්ර ත්ය-ය යි; අනාගතාර්ථයයෙහි
වෙයි. දිවා රය - දිවා රැය. එළි වැට රැකැ - ගන්නා පිණිස ‘ඇ’ කාරයට කළ
අගෞරවයෙකි.
විශාලාවට පැමිණි තුන් බිය සැලැකීමේ දී ‘කය නම් අසාර
යැ’
යි ද ‘බව නම්
බයංකාර යැ’
යි ද කියන්නට
සිදු වේ.
6. සුගතිඳු - (සුගත්+ඉඳු) මුනීන්‍ද්‍රයා ගේ වැරසැර-වීර
සාරය. නිර්භිතත්වය.
7. ටිප්පණී : උදක් ගොඩ කෙරෙමි යි - ගොඩ මැ ෙකරෙමි යි.
හුදු ගොඩක් කෙරෙමි යි. දවසක් - කලන්දක ජාතකයෙහි.
8. ටිප්පණී : එ තෙකුදු වත් - (එතෙක් + දු) එ තරම් (එ සේ) ද වන නමුත්. නොමදින් - බෙහෙවින්. උදක් ඔකඳින් - හුදු මහත් ප්රීොතියෙන්. ‘ඔකඳ’ නම් මහත් ප්රී තිය යි.
9. ටිප්පණී : එ දමා - එ (දෝෂය) ඉවතැ ලා. දෙ සවන් පුට -
දෙකන් නමැති (පත්) ගොටු. නමා - යොමු කොටැ. මුනි ගුණ අමා - මුනි ගුණ නමැති අමෘතය.
2. විශාලා පුර වර්ණ්නය
10. අන්වය : සග සිරි අසා ලා කළ අයුරු සාලා සොඳුරු, සිරින්
සුවිසාල,
විසාලා නම්
පවර නුවරෙක් වී.
ටිප්පණී : සග සිරි - ස්වර්ගයයෙහි ග්රී ය සාලා -
ශාලාවන්. සොඳුරු - යහපත් වූ. සුවිසාල - ඉතා විශාල වූ. එළි වැට රැකෙන පිණිස කළ
දිගි.
11. ටිප්පණී : සත් සමුදුර - සප්ත සිදන්ත සාගර. මහ මෙර
වටා සිටි සාගර සත. සත් ගිරි - මහ මෙර වටා සිටි පර්වඑත සත. සප්ත සාගර නැමති අගළ ද
සප්තකූල පර්වීත නමැති ප්ර-කාර ද වට කළා වූ ශක්රළ පුරය මෙහි ගැනිණ. ‘එ පුර සරි
පුරෙක් සක්වළැ කො ද.) සරි - සමාන. කො ද - කවරේද?
12. අන්වය : වෙන වෙන දෙසින් සැපැමිණ පබළු රන් මුතු
මිණි බබළන පැහැ ගිහිණි නොයෙක් සල්පිල් සියෙන් (එ පුර) සුසැදිණි.
ටිප්පණී : පැහැ - ප්රිභාව. ගිහිණි - ගැවැසී ගන්තා
වූ. සුසැදිණි - මොනවට අලඞකෘත වී. යුක්ත වී.
13. ටිප්පණී : සිත් බැඳි - සිත් ගත්තා වූ. මිණි පහ - මණි
ප්රාදසාදයන් ගේ. කො වේ - කුඩා වීථි. මා වේ - මහා වීථි. සැදි - යුක්ත වී.
14. ටිප්පණී : තිළි-- සතුටු වැ. දද - ධ්වජ, කොඩි
නියැළි- ශක්ත වැ. විශේෂෙයන් ඇලී ඉන් ඉන් වෙළී - එකිනෙකින් වෙළී අහස්හි දද ඇඹැරෙන
කලැ එකෙකින් අනෙකක් වෙළන හෙයින් කියත්. රැසින් -රශ්මිෙයන් ස්වර්ණාෙදියෙන් කැරුණු
හෙයින් කොඩි රැසින් බැබැළී කෙළී. පුර අඹරැ - පුර ආකාශයෙහි.
15. අන්වය : සුර පුරැ දෙවියන් ලෙසින් මනහර රුසිරි සර
මහ සෙන් ඒ නුවරැ උරෙයන් උර පැහැර නිතර සිටිති.
ටිපපණි: මනහර -- මෙනාහර. සිත් ඇදැ -
ගන්නා. සෙන්-- ‘සෙනඟ’ යන්නෙහි
අන්ත්යව ලෝපයෙන් නිපත. උරෙයන් උර පැහැරැ -- උරින් උරය. හැපී. ඒ තරම් ළං වැ ගැවැසි
යැ යූ සේ යි.
16. ටිප්පණී : සෙණ හෙන සේ -- අශනිය පතිත වන්නා සේ. හෙන
ගසන්නා සේ. තවුසන්- තාපසයන්. හික්මෙන - කීකරු වන්නා වු.
17. ටිප්පණී : පස් දහරේ හසළ -- පඤච ධාරායෙහි පුරුදු වූ
පඤච ධාරා නම් අශ්වයන්ගේ පඤචවිධ ගමනයයි.[1] ආසකන්දිත )පියෙවි ගමන(. [2]රෙචිත
)හැල්මේ ගමන [3]
(ධෞරිත )මද
පිම් ෙම් ගමන( [4]
වල්ගිත )මැදි
පිම්මෙ ගමන[5]
පලුත )තද
පිම්මෙ ගමන( යනු ඒ පසට නමි. තුරගසෙන් -- අශ්ව සේනාව. තරඟ වැනි -- රළ වැනි යැ.
18. අන්වය : බන් රන් දෙදෙන් පැහැ පත සක් සන් දිගත ගත්
රත සෙන්,
පුරැ රජ
මහවතැ නිතර විතර වනු නැත.
ටිපපණි : බන් බඳනා ලද. දෙදෙන් -- ධවජයන් කරනනකොට -
ගෙනැ. පැහැ පත - ප්ර භාවට පැමිණියා වූ, ප්රයභාවත් වූ. සක් සන් --වක්ර‘ ස්වනය. රිය සෙකහි
නාදය දිගත ගත් - දිශාන්තය ගත්තා වූ. දිශා කෙළවරට ගියා වූ. රජ මහවතැ -- සාමාන්යස
මහා මාගර් යෙහි. මහා ජනයාට
අයත් වූ මාර්ගිය)Public Road (රාජ මාගර් නමි. විතර වනු නැත-)මෙ පමෙණකැ යි( ප්ර මාණ වීමෙක් නැත. අපමණ යැ.
19. ටිප්පණී : සුර තුරු -- දිව්යව වෘක්ෂ. සිතූ පැතූ දෑ
දෙන ගස්. යැදිනට -- යැදියා වූ )ඉල් වූ( අය හට. මහසල් කුලන් ගෙන් -- මහාසාර කුලයන් ගෙන්.
මහ පොහොසත් පවුල්වලින්. යුති - -)යුත්+යි(යුක්ත යි.‘ඒ පුර’ යනු අධ්යාතහාර්ය් උක්ත යි.
20. අන්වය : සුර අඟන සිරි ඉසිලු, වර අඟන කෙළිත
සඳලු. ලිය ගී කන් කලු. නරඟ රඟ මඬුලු ඉමෙක් නැත.
අථ්ර්ල : දිව්යධ අඞගනාවන් ගේ ආකාරය ඉසිලු උතුම්
අඩගනාවන් ක්රීෙඩා කන්නා වු චන්ද්රි කා ශාලා යැ. මධුර ගීතිකාවෝ කනට ප්රි්ය වූ යැ.
)එ හෙයින්( අනන්ගයා ගේ නෘත්යා මණ්ඩලයන් ගේ ගණන සීමාවෙක් නැත. චන්ද්රිුකා ශාලාවන්හි
කාන්තාවන්ගේ රූපය දැක,
මධුර ගීතිකා
අසා,
රාගය උපදනා
බව මෙයින් කියැවිණ.
21. අන්වය : ඇම තැනැ ඇති සැපත් ඒක තැනැ මැ වූ සිරි ගත්
දැකැ දැකැ රිසි නුමුත් ඒහි නැතැ යි යන සම්පතෙක් නැත්.
ටිප්පණි: සිරි - ආකාරය. ශොභාව. දැක දැකැ
රිසි නුමුත් -- කොපමණ දුටුව ද රුචිය නැති නොවූ නමුත් -- ‘නො’ නිපාත යි.‘මුස්’(මිදුම්හි (දය
යි.
22. ටිප්පණි: නන් වෙස් -- නානාවෙශ වූ. මෙහි
වෙශ නම් ඇඳුමි. නර ගණ-මනුෂ්යූ සමූහයා. යෙත් ද - කියත් ද ‘ය’ (කියුම්හි (
දය යි.
23. ටිප්පණි: පිය ගැට- පඬි. බිඟු දැල්- භෘඞග
ජාල. බමර සමූහ. විසිරුණු - විසිරී-ගිය.
24. අන්වය : රන් කෙෙහලි නලැ අඹළ. මිණි කිකිණි මුතු
ලැලි බන්,
රන් වැට පහන්
දිලි,
දොරින් දොරැ
දන් දෙවන දන් හලී.
අථර්: රන් කොඩි සුළගෙහි ඇඹැරුණා වූ, මැණික් රසු ද
මුතු ලැලි ද බඳනා ලද්දා වූ,
සවණර්
ප්රාදීපයන් බැබැළුණා වූ,
දොරක් දොරක්
පාසා දන් දෙවන්නා වූ දාන ශාලා යැ.
ටිපපණි : රන් වැට පහන්--‘වැට පහන්’ නම්
වැටියෙකින් දැල්වෙන පහනි. මෙහි ඒ පහන් රනින් කැරුණේ යැ. දන් හලි - දන් හල්+යි.
25. අන්වය : අසුර සෙන් තරමින් තැනැ තැනැ පණ අත්
අරමින්,
රුපු මන්
උපුරමින්,
අවි සරමින්
සරත මහ සෙනග යැ.
ටිපපණි : තරමින් -- ලෙසින්; ප්‍රමාණයෙන්.
පණ අත් අරමින් -- ප්රාණණය හස්තයට ආරූඪ කෙරෙමින්. පණ අතට ගනිමිනැ යු සේ යි. දිවි
නොතකා ඉදිරියට යන බව මින් කී හ. මන් -- මානය, දපර් ය. අඩිය. උපුරමින් -- උදුරා
හරිමින්. අවි සරමින් -- ආයුධ සරඹ යෙන්. අවි සරඹ කෙරෙමින් හැසිරෙන සේ කී හ.
26. අන්වය : තිමද ගිලි ගිජිඳුන්
නොහැකිලි තුරඟුන් ලෙසින්,
බන් රන්
ඇකිලි තබා තන් තන්හි කෙළිත,
බිහි අලි කුල
යි.
අථර්: තුන්
මද ගලන්නා වූ ඇතුන් හැකිලී නැති අශ්වයන් මෙන්, බඳනා ලද රන් හැකිලි තබා, තන්හි තන්හි ක්රී ඩා කරන කලැ, බැහැරැ භෘඞග සමූහ යෝ යි.
ඇතුන් කෙළනා කලැ උන් ගේ මදට ලොබින් වටා
හැසිරෙන භෘඞග සමූහයන් වෙතියි ෙමි කී යැටි යි.
ටිපපණි : තිමද -- තුන් මදය. ඇතුන් ගේ තුන් තැනෙකින්
වෑහෙන මදය. හැකිලි ඇකිලි --මෙ දෙක මැ ඒකාථර් යි. ශෘඞබල නම් ඇත් ආදීන් බදනා යදම්
යැ.
27. ටිප්පණි : විදු -- විද්යාු, ශාස්ත්රහ.
උනුනට -- ඔවුන් ඔවුන් හට. පිළිමල් වෙමින් - )ප්රවතිමල්ල( විරුද්ධ වෙමින්. තරග
වෙමින්. කියන පාඩම් කියන්නා වූ. විදු හල් - විද්යාල ශාලා. පල්ලි, පාඨශාලා.
28. අන්වය : දොර - දොරෙහි රන් ෙතාරණ මිණි කිරණ විහිදි, සිරින් පිරි
ඉතිරි එ පුර දෙරණ,
නිති සතොස
කරණ යැ.
‘තොරණ ය’ යනාදි තන්හි ‘ය’ පාද පූරණ යි.
අථ්ර්
: දොරක් දොරක් පාසා රන් තොරණෙහි මණී රශ්මිය
විහිදුණා වූ,
සම්පතතින් පිරුණා වූ, ඉතුරුණා වූ ඒ
නගරයෙහි භූමිය,
නිරන්තරයෙන් සන්තෝෂයට
කාරණ )හෙතු( යැ.
29. අන්වය : එහි රිය සක්හි සක් හඬ සතුන් නිහඬ
කැරැ..............
ටිප්පණි : රිය සක්හි - රථ සමූහයෙහි සතුරන් නිහඬ කැරැ
- සතුරන් නිශ්ශබ්ද කොට ඒ නගරයෙහි රථ චක්රි නාදය ඇසූ පමණින් මැ සතුරන් භය වැ
නිශ්ශබ්ද වෙති යි කී සේ යැ. සයුරැ රළ ගළ ගත් හඬ ලෙසින්-සාගරයෙහි තරංග සමූහය ගත්තා
වූ හඬ ලෙසින්. දස අත-දශ දිශාව. මැඬැ-මර්දනය කොටැ. අන් හඩ යට පත් කොටැ යැ යූ සේ යි.
30. අන්වය : හය මිණි කිකිණි ගිගිරි කුර රොන් සමඟ පුර
දෙරණතැ පිරී ඉතිරී දිගතැ පැතිරි ගොස් පවතී.
ටිපපණි : භය - අශ්වයන් ගේ. ගිගිරි - ඝෝෂය. පුර දෙරණතැ - නගර භෑමියෙහි. දිගතැ - දිශාන්තයෙහි.
31. අථී : පඤචාංගික තූර්ය නාදය ද හස්ති සේනාවන් ගේ
කුඤච නාදය ද සමග ස්තූති නාදය වෙයි. (ඒ හෙයින්) ඒ නගරය දිවා රාත්රිා දෙක්හි එකනිනාද
යැ (එක කොලාහල යැ )
ටිපපණි : පසඟ තුරු නාදේ - (1) ආතත (එකැස්
බෙර ),
(2) විතත (දෙ ඇස්
බෙර ),
(3) ආතත විතත
(ඇස් තුනේ බෙර ),
(4) ඝන (කයිතාලම්
ආදිය ),
(5) සුශිර (නළා)
යන පඤචාංගික තූර්ය නාදය. එක නිනාදේ - එක කෝලාහල යැ. එක මැ හඬ යැ .
32. ටිපපණි : උතුරු කුරු දිවයින - මහ මෙරින් උතුරෙහි
ඇතැ යි යන ද්වීපය. එහි කල්ප වෘක්ෂයෙන් සියලු සැප ලැබේ ල.
33. අන්වය : සුරන් පහ සදිසි සත් රුවන් බිතු සිය දිලි
.........
ටිප්පණි : සදිසි - සද්ර්ශ්යත. සමාන. සත් රුවන් -
සප්ත රත්නමය. (1)
රන්, (2) රිදී, (3) මුතු, (4) මිණි, (රතු,) (5) වෙරළු. (6) වජ්ර2 (දියමන්ති,) (7) ප්ර්වාල
(පබළු) යන මේ යැ සත් රුවන්. බිතු සිය - භිත්ති ශතයන්. සිය ගණන් භිත්ති.
34 . ටිප්පණී : සව් සිරිනි සැදියන් - මෙහි ‘යන්’ යනු පාද පූරණ
යි. සර්ව සිරිනි සැදි අපමණ පොකුණු ගෙ උයන් යි. අන්වය වේ .
35 . ටිප්පණි : සැදි - සජ්ජිත වැ . සැරසී.
3. ලිච්ජව් රාජ වර්ණ-නය[සංස්කරණය කරන්න]
36. ටිප්පණි : පැතිරේ - ‘පැතිර’ යනු එළි වැට රක්නට විරූප වී යැ. ගනදරේ -
මේ ‘ගනඳර’ යනු යි.
37. ටිප්පණී : සමගොත් - සමාන ගොත්රි වූ. සත් වග --
සත්ත්ව වර්ගේයා.
38. ටිප්පණී : දුසිරි සිත නැවති - දුශ්චරිත චිත්තය
නැවැත්තා වූ. දුශ්චරිතයට නැමුණු සිතක් ඒ රජුනට නැතැයි කී සැටි යැ. එ රජ -- රාජයෝ.
මෙහි ‘රජ’ යනු බහු වචන
රූපයි.
39. අන්වය : (ඔහු) කුල දෙටුවන් පැවැති සෙබෙහි තෙද අණින්
නො දිලෙති. වෙන් වූ සඳැ දිලෙති. රසින් මුසු නුමුසු රන් සේ වෙති.
අර්ථ. : (ඒ ලිච්ඡවි රාජයෝ) කුල ජේ්යසෂ්ඨයන් ඉන්නා
සහායෙහි තේජසින් ද ආඥයෙන් ද නො දිලෙති. වෙන් වූ කල්හි දිලෙති. (එ හෙයින්) රස
දියෙන් මිශ්ර් වූ ද අමිශ්ර වූ ද රන් වැනි වෙත්.
රස දියෙන් මිශ්ර් වූ රන නො දිලෙයි, අමිශ්ර වූ රන
දිලෙයි. එ මෙන් මැ කුල දෙටුවන් ඉන්නා සභායෙහි ලිච්ඡවි රාජයෝ තමන් ගේ තේජස හෝ ආඥ
බලය හෝ නො දක්වති.
වැඩි සිටි අයට රජ දරුවන් දකවන ගෞරවය
මෙයින් වැනූ හ .
40. අන්වය : අවරද තන් නො වළා, මහ තන් බසට
නො නැමී,
ඇම තන් බලා, සතන් පිය
සූතන් ලෙසින් රකිනූ යැ.
අර්ථ : අවරජ වූ තැනැත්තන් හෙවත් හීන
ජන්ම ඇත්තන් දුරු නො කොටැ,
උසස්
තැනැත්තන් ගේ වචනයට වචනයට නොනැමී, සියලු තැන් බලා සත්ත්වයන් ප්රි්ය පුත්රනයන් මෙන් රකින්නේ යැ .
ටිප්පණී : අවරද - අවරජ. ‘අවර’යනු පහත් යන
අර්ථ යෙහි යෙදේ. පහත් වැ උපන්නාහු අවරජයෝ යැ. වළා - වළහා. ‘වළහ’ (දුරු
කිරීමෙහි) ධාතු යි.
41. ටිප්පණී : නො මකා - විනාශ නො කොටැ දන් වත් - දාන
වස්තු. නො තබා- නොනවත්වා. නො වඩා - වැඩි නො කොටැ. දියැ - ලෝකයෙහි. දිය කොත් - ජය
කොඩි.
42. ටිප්පණී : ගත සබා මැ යැ - ශරීරය කාන්ති සහිත මැ යැ. ‘බා’ නම් කාන්තිය
යි. බස සබා - මෙහි සබා නම් සත්යරය යි. ඉසුරන් සබා මැයැ - ඊශ්වරයන් ( අධිපතීන් )ගේ
ස්වභාවය මැ යැ.
43. ටිප්පණී : අවා - අපාය. ඇවුරූ - ආවරණය කළා වූ. සත්
ගුණෙන් - සත්පුරුෂ ගුණයෙන්. දිගු බිත - දිශා නමැති භිත්තිය. කිවියරු- කිවිවරු.
තැවැරූ ආලේප කළ හ.
කවීහූ ඔවුන්ගේ ගුණ නමැති සිතියම දිශා
නමැති භිත්තියෙහි ඇන්දෝ යැ. කාව්යියන් කිරීමෙන් ඒ ගුණ දිශාන්තයෙහි පැතිරී ගිය සේ
මෙයින් කියැවිණ.
44. අන්වය : (ඔහු) රන් රූ සදිසිය හ; දැකැ දැකැ
නොයන රිසිය හ;
කන් කලු
සුබැසිය හ. ඔහු මැ නර දෙවි නමට නිසිය හ.
අර්ථ : ඒ ලිච්ඡවි රජහු ස්වර්ණ රූප
සමානයෝ යැ;
දැකැ දැකැ ද
නොයන්නා වූ රුචි වඩන්නා හ. කනට ප්රිරය වූ යහපත් වචන ඇතිය හ. ඔහු මැ ‘නරෙදව’ නාමයට තිස්ස
හ.
ටිප්පණී : සුබැසි - සුබස් (මනා බස්) ඇතියේ සුබැසි
යි. නර දෙවි -‘නර දෙව’ යනු රජුනට
නමෙකි. නරයනට දේව වන හෙයිනි.
45. ටිප්පණී : පිළිරූ - ප්රනතිරූප. කෙනෙකු ලෙසට කැරුණු
රුව පිළිරුව යි. දස රජ දම් - දශ රාජ ධර්මයය. (1) දානය, (2) ශීලය, (3) පරිත්යා ගය, (4) ඍජු බව, (5) මෘදු බව, (6) තපස, (7) ක්රෝ3ධ නැති බව, (8) හිංසා නොකරන බව, (9) ඉවැසීම, (10) විරුද්ධ නොවන
බව යන මේ රාජ ධර්මයෝ දසය.
46. ටිප්පණී : සක-චක්ර9ය. නොමින් - බෙහෙවින් බඩු නිසල කරනු පිණිස
සක පෙරැළෙයි. සතුන් සුව පත් කරනු පිණිස රජහූ දුක් විදිත්.
47. ටිප්පණී : පෙමින් - ප්රේිමයෙන්. ගැහැට නො කොටැ. නො
තළා. අය පඬුරු - අය බදු. පෙර නියමින් - පූර්වෘ රාජයන් විසින් නියම කරන ලද පරිදි.
48. ටිප්පණී : සිඳු පෙදෙසේ - සමුද්ර ප්රවදේශයෙහි. ලුව ද
- ලන ලද නමුත්. සමුද්ර මධ්ය යෙහි සිටිය ද නැව දිය නොගන්නා සේ ධනවතුන් අතරැ සිටියද
මේ රජහූ ඔවුනගේ ධනය නො ගනිත්.
49. ටිප්පණී : පල ගන්නවුන් විලසා - ගෙඩි කඩා - ගන්නන්
මෙන්. දන ගැනුමක් - ධනය ගැනීමක්. දහම් - (යුකති) ධර්ම-ය.
50. ටිප්පණී : සවනින් -කනින්. නුවනින් - නයනයෙන්. ඇසින්.
යන - කියන. තමා බස කෙරෙති යි - තමා කීවා කෙරෙති යි කියා. නිසි ලෙස මිසක් - නිසි ෙස්
විනා (අන් පරිද්දෙකින් ) බස අසියැ යුත්තේ කනිනි. ‘එය ඇසින් අසව’ යි කීම නිසි
ලෙස යෙදීම නො ෙව්. තමාට කීකරු වු පමණින් ඒ රජ හු මෙ බඳු අයුතු යෙදුම් නො කෙරෙති.
‘නුවණීන්’ යන්නක් ගෙනැ ‘ඥානයෙන්’ යි අරුත්
බණණුවෝ පදාර්ථන නො දනිත්.
51. අන්වය : සතින් වළකන වැස්සට ඉසට අතුල් දෙන සේ
..............
ටිප්පණි : සතින් - ඡත්රටයෙන්.
කුඩයෙන්. වැස්සට - වැස්සෙහි දී අතුල් - හස්ත තලය. යෙදෙන - සුදුසු වන මහතුනට සුදුසු
දැයක් හීනයනට යෙදිම කුඩය වෙනුවට අත්ල හිසට දීමක් වැන්නැ.
Comments
Post a Comment