Posts

සොබා දම් අපූර්වතාව රසවත්ව හෙළි කරන 'මඟුල් ගීය' - අරිසෙන් අහුබුදු අන්තර් ජාලයේ උපුටා ගත්තකි.

කලාසූරී අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කරන්න] කලාශූරී නාමය ද[තහවුරු කරන්න] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානයද[තහවුරු කරන්න] හිමි කරගෙන ඇත. අරිසෙන් අහුබුදු   උපත දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ මාර්තු 18, 1920 කොග්ගල, මලළගම, ශ්‍රී ලංකාව මරණය මැයි 26, 2011 කොළඹ ශ්‍රී ලංකා ජාතිකත්වය   Sri Lankan වෘත්තිය ලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්. රචිත ග්‍රන්ථසංස්කරණය • අඩුව • හදිය • කුමරතුඟු දෑ ඇල්ම • කුමරතුඟු ඇසුර • සිංහල වංස කතාව • රන් කිරුළ • අරුත නිරුත • මහා පාවා දීමේ ජාතකය • එන කපේ බණ කතා • කලට පිපෙන මල් • හෙළ දෙරණ වග • කොග්ගල පවත • මංගල කිංකිණි • දම් රස දහර • අසම්මතය රජ වීම • අරිසෙන් අහුබුදු හරසරණිය • සක්විති රාවණ • ලංකා ගම් නම් වහ...

පිරිවෙන් සිංහල 5 විෂය නිර්දේශය - කවිය ( කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවියෝ හා පද්‍ය නිර්මාණ විමසුම )

 කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවියෝ  පියදාස සිරිසේන   ආනන්ද රාජකරුණා  එස් මහින්ද හිමි   පීඑච්පෙරේරා  කවීන්ගේ වස්තු විෂය  දේශාභිමාන හා ජාත්‍යානුරාගය  ස්වභාවික සෞන්දර්යය වර්ණනා  ළමා සිතුම් පැතුම් මුල් කොට ගැනීම  සමාජය සංශෝධනයට සදුපදේශ ලබා දීම  ආගමික චරිත හා බොදු බැතිය දැනවීම  කවි බස  පැරණි පද්‍ය කාව්‍ය බස යොදා ගැනීම  ආවේගාත්මක බස් වහරක්  කට වහරේ බසක් භාවිතය  ළමා ලොවට ගැලපෙන සරලහා සුඛ නම්‍ය බස  සංකල්ප රූප  පැරණි කවි සමයේ ඇසුරෙ ඇසුරෙන් ගොඩ නගා ගත් සංකල්ප රූප භාවිතය  ළමා මනසට ගෝචර වන නව සංකල්ප රූප භාවිතය  ආකෘතිය  පුරාතන පැදිසම්පදායේ සම්ප්‍රදායේ ආභාසය  ළමා පැදි සඳහා සරල ආකෘතියක් යොදා ගැනීම  පියදාස සිරිසේන  වසන්ත කාලය අවුරුදු කාලයේ ස්වභාවදහමේ අසිරියත්, එකල පවත්වන උත්සවත්, එමගින් වැඩිහිටියන් අනුගමනය කරනදුසිරිත්දැනුවත්කර දේශාභිමානය හා ජාතික හැඟීම් පුබුදුවාලීම කවියාගේ අරමුණයි. වසන්ත කාලය ස්වභාව සෞන්දර්යේ අපූර්ව නිර්මාණයකි. එහිදී මල් පිපීමහාසුවද හැමීම , පලබරින් යුක්තවීම, සියොතුන්ගේනාද පැවැත්වීම, වැසිවිටීම කවියා විස්තර කරයි. මල් පිපීමහාසුවද හැමීම  සුරත්පුල...

කවිය හදුනා ගැනීම

 කවිය යනු කුමක්ද  නිර්වචන කීපයක්  රසය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි.  විශ්වනාථ   රමණීය අලුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි . ජගන්නාථ  කවිය යනු අනුන් අනු සාහසිකව කලා එන ප්‍රබල හැඟීම් ය .   විලියම් හැස්වීම්  කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම ය .  එලියට්  කාව්‍ය විචාර මූලධර්ම  කාව්‍ය භාෂාව  කාව්‍යෝක්ති උපමා රූපක ආදිය අලංකාර යෙදුම්  කාව්‍යක විවිධ ආකෘති  විරිත රිද්මය ලය   පරිකල්පනය ප්‍රතිභාව   විවිධ කාව්‍ය ශෛලීන්  කාව්‍ය විචාර සම්ප්‍රදායන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමේදී   රසවාදය   ධ්වනිවාදය  ඖචිත්‍යවාදය   අලංකාරවාදය   රීතිවාදය  භාවිත විචාරය  කවියා හඳුනාගැනීම   ප්‍රතිභාව   ව්‍යුත්පත්තිය  සතනාභ්‍යාසය  කවියාගේ කාර්යභාරය  කවියේ අරමුණ   රස නිෂ්පත්තිය   ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාම   සමාජ මෙහෙවර  කාව්‍ය නිර්මාණ රසාස්වාදයේදී සැලකිලිමත් විය යුතු කරුණු  වස්තු විෂය හඳුනාගැනීම  අනුභූතිය අපූර්වත්වය හා අර්ථවත් බව විමසීම  කවියාගේ අරමුණ හඳුනා ගැනීම  ආකෘතිය විමසීම  කාව්‍ය භාෂාව ...

කුකුළු හැවිල්ල රැපියෙල් තෙන්නකෝන්

රැපියෙල් තෙන්නකෝන්ගේ  හැවිල්ල නමැති කවි පොතෙන් උපුටා ගත්තකි .  ගැමියන් තුළ පවත්නා අන්ධ දේව විශ්වාසය වස්තු  විෂය කර ගත්  පද්‍ය නිර්මාණයකි . මෙයට අනුභූතිය වන්නේ ගැමි කාන්තාවක සතු කුකුළාව  විසින් පැහැර ගෙන යෑම නිසා  ඇය කතරගම දෙවියන් වෙත ගොස් කරනු ලබන කන්නලව්වකි . ඇය එහි දී දෙවියන් තම කාර්යය ඉටු කළ හොත් දෙවියන්ට දෙන පුද පඬුරු පිළිබඳ විස්තරයක් ද කරයි . මෙම පැදි පෙළෙන් ලින් කවියා උත්සාහ දරන්නේ සමාජයේ පවතින ගතානුගතික පටු දේව සංකල්පය උපහාසයට ලක් කිරීමයි . ඇය පළමුවෙන්ම දෙවියන්ට ආමන්ත්‍රණය  කරන්නේ කන්නලව්වක  ස්වරූපයකිනි . දුදොනොද              බිඳ  ලද තෙද                කඳ  කඳ දෙවි                 රද  සාමිනේ ! තම කාර්යය ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රශස්ති ගායනා මල් ලෙසින් ආරම්භ වන මුල් පැදියෙන් ම සහෘදයා තුළ පූජා භූමියක චිත්තජ රූපයක් මවා පායි . ඉන් පසු ව කුකුළා ගෙනගිය සොරු ට දිය යුතු දඬුවම් දෙවියන්ට පෙන්වා දෙයි . මගෙ කුකුළා නැ...

රාත්‍රිය ඇස් මහින්ද හිමි

රාත්‍රිය  රාත්‍රිය කුඩා ළමුන් සඳහා කළ රචනයකි. මෙහි රචකයා ඇස් මහින්ද හිමියන් ය. උන්වහන්සේ විශේෂයෙන් ජාතිකාභිමානය, දේශවාන්සල්‍යය, දේශානුරාගය, ජත්‍යාලය, ආගමාලය, ජනිත කරවීමේලා මහින්ද හිමියන්ගෙන් වූ සේවාව සුළු පටු නොවේ. ළමා සාහිත්‍යය ක්‍ෂේත්‍රයට ඉටු කළ සේවය අමරණීය වේ. ජාතික තොටිල්ල, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ඔවා මුතුදම රත්නමාලි කාව්‍යය, නන්දන ගීතය, දහ අට වන්නම, සද්ධර්ම මාර්ගය, මහා පරාක්‍රමබාහු, කුසුමාංජලි ආදී ග්‍රන්ථ උන්වහන්සේ විසින් රචිතය. මෙම කවි පන්තියට වස්තු විෂය වන්නේ ස්වභාව සෞන්දර්ය යි. නිසල රාත්‍රියක අහස හා පොලව කවි පන්තියට අනුභූතිය වේ. මේ මගින් ද ළමා පරපුර සොබා දහමට ඇලුම් කරවීම අරමුණයි. රාත්‍රී අහස අපූරු වූ වස්තුවකි. එහි නිතැතින්ම ළමුන් හා තරු හා සඳුට ඇඳුම් කරයි කවියා අහසේ තරු රටාව නිල් පැහැගත් තණකොළ පිට්ටනියක් පුරා ඉහිරුණු සමන්පිච්ච මල් සමූහ ලෙසින් දකියි.      ‘ සමන් පිච්ච මල් ඉහිරුණු - නිල් තණකොළ පිට්ටනියක් ’                                      සඳුගේ සෞම්‍ය ගුණයට...

ඉර හා හඳ - ආනන්ද රාජකරැණා

ඉර හා හඳ   ආනන්ද රාජකරැණාගේ පැදි පෙළකි. ස්වභාව සෞන්දර්ය වස්තුවිෂය වේ. එහි ඉර හා හඳ  පැදි පෙළට අනුභූතිය වේ.  ළමා පරපුර සොබාදහමටත් එහි අපූර්ව නිර්මාණයට ආදරය දැක්වීම අරමුණ වේ.  එදිනෙදා ගෝචරවන ඉර හා හඳ වස්තුන් ළමුන්ගේ මානසික පරිසරයට  යොමුවිය යුතු බව කවියා පිළිගෙන රචිත පැදි පෙළකි. ඉර හා හඳ යන පැදිපෙළ  ගැඹුරු අර්ථයක් නැති වුවද ළමා මනසේ සිතුවමක්  උද්දීපනය කරයි.  ඉර පැදි පෙළින් උදෑසන  පරිසරයේ චමත්කාරය දනවයි.  නැගෙනහිරින් උදා වී හිරුගේ කිරණින් අහස් තලේ විවිධ වර්ණ ගැන්වීම ස්වභාවික සංසිද්ධියකි. එය කවියා දකින්නේ  *නොයෙක් පාට කොඩි ඇදිලා*යන්නෙන්ය. සූර්යෝත්ගමනය සමගින් පරිසරයේ මල් පිපීම සිදුවේ.  එය *පොළොවේ හැමතැන නොයෙක් පාට මල් ඉහිලා* ලෙස දකියි. *නොයෙක් පාට එලි වැටිලා* යන පැදි පෙළෙන් අරුණාලෝකය තුළින් අහස් තලේ විවිධ වර්ණ ගැන්වීම හා පොළවේ මල් පිපීම චමත්කාර දසුනක් බව ප්‍රකාශිතයි.  ශබ්ද රසයට මුල් තැන ලබා දෙමින් සරල වදන් ඇසුරෙන් ළමා මනස කියැවීමෙන් ප්‍රබෝධමත් කරන පැදි පෙළකි. අහස බලව්!  පොළොව බලව්! යන ආමන්ත්‍රණ වචන තුළින්  ආවේගාත්මක බව...

පියදාස සිරිසේන - වසන්ත කාලය

පියදාස සිරිසේන  වසන්ත කාලය අවුරුදු කාලයේ ස්වභාව දහමේ අසිරියත්,  එකල පවත්වන උත්සවත්, එමගින් වැඩිහිටියන් අනුගමනය කරන දුසිරිත් දැනුවත්කර දේශාභිමානය හා ජාතික හැඟීම් පුබුදුවාලීම කවියාගේ අරමුණයි.     වසන්ත කාලය ස්වභාව සෞන්දර්යේ අපූර්ව නිර්මාණයකි. එහිදී මල් පිපීම හා  සුවද හැමීම , පලබරින් යුක්ත වීම, සියොතුන්ගේ නාද  පැවැත්වීම, වැසි විටීම  කවියා විස්තර කරයි. මල් පිපීම හා  සුවද හැමීම  සුරත් පුල් උවන් කොඳ දත් බබ ලන්නී  රැගත් මල් සුවඳ  නල එ සුසුම් ලන්නී   නොහැර පිපෙන තුරුලිය මල් එක තාලේ  වසත් කල දිලේ  තුරුලිය මලින් පිරී  පලබරින් යුක්ත වීම හා  සියොතුන්ගේ නාද  පැවැත්වීම   පේනා අඹ දිවුල් තුරු පල බරිනි   නා නා  සියොත් රඟ දක්වන තුටු රුවිනි   මඳ වැසි වැටීම   නිතර වසින මඳ මඳ වැසි රෑ කාලේ  ස්වභාව දහමේ අසිරිය සමගින් යස ඉසුරින් පිරි ජීවිතයක් හෙළයින්ට උදාවේ. ඔවුන් අවුරුදු සංස්කෘතික මංගල්‍යය පවත්වා සතුටුව කාලය ගත කරන බව පැවසේ.  කවර සැප නැද්ද ලොව මෙ වසත්    කාලේ   හා...