පිරිවෙන් සිංහල 5 විෂය නිර්දේශය - කවිය ( කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවියෝ හා පද්‍ය නිර්මාණ විමසුම )

 කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවියෝ

 පියදාස සිරිසේන 
 ආනන්ද රාජකරුණා
 එස් මහින්ද හිමි 
 පීඑච්පෙරේරා

 කවීන්ගේ වස්තු විෂය
 දේශාභිමාන හා ජාත්‍යානුරාගය
 ස්වභාවික සෞන්දර්යය වර්ණනා
 ළමා සිතුම් පැතුම් මුල් කොට ගැනීම
 සමාජය සංශෝධනයට සදුපදේශ ලබා දීම
 ආගමික චරිත හා බොදු බැතිය දැනවීම
 කවි බස
 පැරණි පද්‍ය කාව්‍ය බස යොදා ගැනීම
 ආවේගාත්මක බස් වහරක්
 කට වහරේ බසක් භාවිතය
 ළමා ලොවට ගැලපෙන සරලහා සුඛ නම්‍ය බස
 සංකල්ප රූප
 පැරණි කවි සමයේ ඇසුරෙ ඇසුරෙන් ගොඩ නගා ගත් සංකල්ප රූප භාවිතය
 ළමා මනසට ගෝචර වන නව සංකල්ප රූප භාවිතය

 ආකෘතිය
 පුරාතන පැදිසම්පදායේ සම්ප්‍රදායේ ආභාසය
 ළමා පැදි සඳහා සරල ආකෘතියක් යොදා ගැනීම

 පියදාස සිරිසේන
 වසන්ත කාලය
අවුරුදු කාලයේ ස්වභාවදහමේ අසිරියත්, එකල පවත්වන උත්සවත්, එමගින් වැඩිහිටියන් අනුගමනය කරනදුසිරිත්දැනුවත්කර දේශාභිමානය හා ජාතික හැඟීම් පුබුදුවාලීම කවියාගේ අරමුණයි.
වසන්ත කාලය ස්වභාව සෞන්දර්යේ අපූර්ව නිර්මාණයකි. එහිදී මල් පිපීමහාසුවද හැමීම , පලබරින් යුක්තවීම, සියොතුන්ගේනාද පැවැත්වීම, වැසිවිටීම කවියා විස්තර කරයි.
මල් පිපීමහාසුවද හැමීම
 සුරත්පුල්උවන්කොඳදත්බබ ලන්නී
රැගත්මල් සුවඳ නල එසුසුම් ලන්නී
 නොහැරපිපෙනතුරුලියමල්එක තාලේ
 වසත් කල දිලේ තුරුලිය මලින් පිරී
පලබරින් යුක්තවීමහාසියොතුන්ගේනාද පැවැත්වීම 
 පේනා අඹ දිවුල් තුරු පල බරිනි 
 නානාසියොත් රඟදක්වන තුටු රුවිනි 
මඳ වැසි වැටීම 
 නිතරවසිනමඳ මඳ වැසි රෑ කාලේ
 ස්වභාව දහමේ අසිරිය සමගින් යස ඉසුරින් පිරි ජීවිතයක් හෙළයින්ට උදාවේ. ඔවුන් අවුරුදුසංස්කෘතික මංගල්‍යය පවත්වා සතුටුව කාලය ගත කරන බව පැවසේ.
 කවරසැපනැද්දලොවමෙවසත්කාලේ
 හානාකුඹුරුතැනතැන ගොවියන්  තුටිනී
ලෞකික ජීවිතය සතුටින් සමරා අනතුරුවබෞද්ධ ආගමික කටයුතුවල යෙදී තම ලෝකෝත්තර ජීවිතය සාරවත් කර ගැනීම පරැන්නන්ගේ සිරිත විය.
නැකැත් කෙළි ඉවරවී සතුටුව     සිහලූ
මහත් වෙසක් සැණකෙළි සමගින් ළකුණු 
සංස්කෘතික මංගල්‍යයන් බටහිර ජාතීන්ගේ පැමිණීමත් සමගින් වෙනස් මගකට යොමු කළ සිහළුන් නිවන් මග වෙනුවට දුසිරිතට හැසිරී ඇත. සුරාපානය ඉන් ප්‍රමුඛස්ථානයක් විය. පියදාස සිරිසේන වැන්නවුන් සුරාපානයේ ආදීනව දක්වමින් සමාජය යහමගට ගැනීමට උත්සාහ කළ කවියෙකි.
වසත් උරා බොති දැන් සිහලු අමිහිරි
වසත් සුර නිවන් මග දුසිරිත හැසිරී 
හෙළ විරුවන්ගේ ජාතික හැඟීම් පුබුදුවාලමින් ඔවුන් ගියමඟ යමින් පෙර පැවති සෞභාග්‍යමත් ජීවිතය නැවත උදාකර ගැනීමේ වැදගත්කම කවියා ඉස්මතු කරයි.
දන්වා සිහලලේ වල උණුසුම පුදුම
ගෙන්වා ගනිව් සිරිලිය සිහිලුනි වහම
සමාජ සංශෝධනය හා සදූපදේශ වස්තු විෂයක් ලෙස යොදාගනිමින් කාව්‍ය සම්ප්‍රදායේ සිව්පද විරිතේ ආභාසයක් පුරාතන පද්‍ය කාව්‍ය භාෂාවේ වදන් සිහිපත් කරමින්රචිතපැදි පෙළකි. උදා- සුරත්පුල් වුවන් , ළකල්කල් , පෑසර, අනඟඔප
මෙකල කවීහු පි%ය කළ ආවේගාත්මක  බස් වහර යොදාගැනීමේ පුරුද්ද මොහුද අනුගමනය කළහ. උදා- ගෙන්වා ගනිව් සිරිලිය සිහිලුනි වහම

ඉර හා හඳ
ආනන්දරාජකරැණාගේ පැදි පෙළකි. ස්වභාව සෞන්දර්ය වස්තුවිෂය වේ. එහි ඉර හා හඳ  පැදි පෙළට අනුභූතිය වේ.  ළමා පරපුර සොබාදහමටත් එහි අපූර්ව නිර්මාණයට ආදරය දැක්වීම අරමුණ වේ.
එදිනෙදා ගෝචරවන ඉර හා හඳ වස්තුන් ළමුන්ගේ මානසික පරිසරයට  යොමුවිය යුතු බව කවියා පිළිගෙන රචිත පැදි පෙළකි. ඉර හා හඳ යන පැදිපෙළ  ගැඹුරු අර්ථයක් නැති වුවද ළමා මනසේ සිතුවමක් උද්දීපනය කරයි.
ඉර පැදි පෙළින් උදෑසන  පරිසරයේ චමත්කාරය දනවයි. නැගෙනහිරින් උදාවී හිරුගේ කිරණින් අහස් තලේ විවිධ වර්ණ ගැන්වීම ස්වභාවික සංසිද්ධියකි. එයකවියාදකින්නේ  *නොයෙක් පාට කොඩි ඇදිලා*යන්නෙන්ය. සූර්යෝත්ගමනය සමගින් පරිසරයේ මල් පිපීම සිදුවේ.  එය *පොළොවේ හැමතැන නොයෙක් පාට මල් ඉහිලා*ලෙසදකියි.*නොයෙක් පාට එලි වැටිලා* යන පැදි පෙළෙන් අරුණාලෝකය තුළින් අහස් තලේ විවිධ වර්ණ ගැන්වීම හා පොළවේ මල් පිපීම චමත්කාර දසුනක් බව ප්‍රකාශිතයි.
 ශබ්ද රසයට මුල් තැන ලබා දෙමින් සරල වදන් ඇසුරෙන් ළමා මනස කියැවීමෙන් ප්‍රබෝධමත් කරන පැදි පෙළකි. අහසබලව්!  පොළොවබලව්! යන ආමන්ත්‍රණ වචන තුළින් ආවේගාත්මකබවක් ඉස්මතු වේ. 
 හඳ 
සොබාදහමේ විවිධ වස්තූන්ට ජීවයක් ආරෝපණය කරමින් කවි ලිවීම උන්ගේ සිරිතෙකි. එලෙස ලියූ පැදි පෙළක් ලෙස හද දැක්විය හැකිය. කුඩා දරුවන්ට හඳ චමත්කාර වස්තුවකි. දරුවන්ගේ සිත්වල පවතින හඳ පිළිබද සිතුවම විනාශ නොවන පරිදි රචිත මෙම පැදි පෙළකි.
දරුවා තමා එදිනෙදා භාවිතා කරන පිඟාන වටකුරු හැඩයෙන් යුක්තය. එය උපමා කරමින් හඳ ගැන විස්තර කරයි.
රන් පිඟාන ලෙස වටකුරු - දිලිහි දිලිහි තිබෙන අපූරු
සඳු පෘථිවිය වටා ගමන් කරන ආකාරය අනුව අමාවක යනු සඳු නැති දිනයයි.සඳුගේ අඩක් ඇති දිනයකි. එය කවියා විස්තර කරන්නේ මෙසේය.
අමාවකයි නුබ නැතිදා -අටවක නැමි පනාව දා
පසළොස්වක පිගාන දා
පසළොස්වකදිනය පිරුණු සදින් යුත් දිනයකි. එලෙසින් සඳුගේ පෝය දින පිළිබඳ අවබෝධයක් ළමා මනසට ලබා දෙයි.
චන්ද්‍රයා මතුපිට ඇති ලා වට පිළිබඳ විද්‍යාත්මක මතය පැරැන්නන් ළමයින්ට කතා පුවතකින් රසවත්ව දැක්වීම සිහියට නඟමින් කවියා රසවත්ව ඉදිරිපත් කරයි. හදේ පැහැය කිරි පැහැයට සමාන ය.  ළමයාගේ සිතේ කිරි පැහැය පිළිබඳ සිතුවිල්ල කිරි පැණි සමග ගලපා රසවත් ව ඉස්මතු කරයි.
හඳ හාමියෙ !හඳ හාමියෙ !
කිරිත්පැණිත්දියෝ!දියෝ!
එසේමහදේ ස්වරූපය විස්තර කරමින් පැදි පෙළඅවසන යෙදූ හඳ හාමියෙ !හඳ හාමියෙ !ආමන්ත්‍රණයෙන් හදපාන දුටු දරුවා අචේතනික වස්තුවකට සචේතනික බවක් ආරෝපණයකරයිළමා මනසේ හඳ පිළිබඳ සිතුවම වඩාත් තහවුරු කරයි කවියා යොදා ගත් බස සරලය සුගමය 
රන් පිඟාන ලෙස වටකුරු....
එම පිඟාන මැද හිදින්නේ හාවෙකි.
අමාවකයි නුබ නැතිදා
අටවක නැමි පනාව දා 
පසළොස්වක පිඟාන දා 
ඉහතඋදාහරණවලරූපකනම්වස්තුවක් තවත් වස්තුවකට උපමා කිරීමේ කාව්‍යරීතියඅනුගමනයකරමින්ළමුන්ගේසිතුවිලිසමුදායන්අභියෝගයටලක්නොවනපරිද්දෙන්කවියාතමනිර්මාණයඉදිරිපත්කරයි.

රාත්‍රිය 
රාත්‍රිය කුඩා ළමුන් සඳහා කළ රචනයකි මෙහි රචකයා ඇස් මහින්ද හිමියන් ය. උන්වහන්සේ විශේෂයෙන් ජාතිකාභිමානය  දේශවාන්සල්‍යයය, දේශානුරාග , ජත්‍ය ාජනිත  කරවීමේලා මහින්ද හිමියන්ගෙන් වූ සේවාව සුළු පටු නොවේ . ළමා සාහිත්‍යය ක්‍ෂේත්‍රයට ඉටු කළ සේවය අමරණීය  වේ . ජාති ක තොටිල්ල, නිදහසේ දැහැන , නිදහසේ මන්ත්‍ර ය , ඔවා මුතුදම රත්නමාලි කාව්‍ය , නන්දන ගීතය , දහ අට වන්නම , සද්ධර්ම  , මබාහුපරාක්‍ මහා  , කුසුමාංජලි ග්‍ දීආ  ර  උන්වහන්සේ විසින් රචිතය. මෙම කවි පන්තියට වස්තු විෂය වන්නේ ස්වභාව සෞන්දර්ය යි. නිසල රාත්‍රියක අහස හා පොලව කවි පන්තියට අනුභූතිය වේ. මේ මගින් ද ළමා පරපුර සොබා දහමට ඇලුම් කරවීම අරමුණයි.
රාත්‍රී අහස අපූරු වූ වස්තුවකි. එහි නිතැතින්ම ළමුන් හා තරු හා සඳුට ඇඳුම් කරයි කවියා අහසේ තරු රටාව නිල් පැහැගත් තණකොළ පිට්ටනියක් පුරා ඉහිරුණු සමන්පිච්ච මල් සමූහ ලෙසින් දකියි.
     ‘ සමන් පිච්ච මල් ඉහිරුණු - නිල් තණකොළ පිට්ටනියක්’          
සඳුගේසෞම්‍යගුණයට ළමා වැඩිහිටි සැවොම ප්‍රිය කරති. රාත්‍රි අහසේ පෑවූ විට එය බලා සිටීමට කැමැතිය. එය කවියා“හඳහාමි අප දිහාව -එබී බලයි පා සිනාව” ලෙස හදට සචේතනික බවක් ආරෝපණය කරමින් හඳහාමියක් ලෙස දකිමින් කුඩා සුරතල් දරුවකු සිහිගන්වමින් ඔහු තුළ පවතින සිනාව යම්සේද  එලෙසින්  සඳ වලාකුළු අතරින් එබී බලමින් හිනාවෙන බව කවියා ප්‍රකාශ කරයි.
 නිසල රෑ පිණි බින්දු වැටීම හා සෞම්‍ය සුළං හමා යෑමද සාමාන්‍ය සංසිද්ධියකි.  ඉහත කවියා  එයද සිහිපත් කරයි.  පිණිබිඳු අක්කාගේ මාලේ මුතු ඇට වලට උපමා කරමින් දක්වයි. සිසිල් සුළං හමා යාම කවියා දක්වන්නේ “සිහිල් සුළං රැල් විදින්ට‍ - දොරට යන්ට හොද වෙලාව” ලෙසයි. 
සඳුගේ රැස් දහරා පොළොවට පතිතවූ විට කාන්තිමත්ව බබළන කිරි පැහැය කවියා ‘පොළොවේ සුදු මල් පිපිලා ‘’යනුවෙන් සඳහන්කරයි. නිසාචර සහ දිවාචර කුරුල්ලන්ගේ හැසිරීම් රටාවන් කවියා පේලි හතරකට කැටි කොට දක්වයි. මා වවුලෝරාත්‍රී කාලය උදාවත් ම ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල යෙදෙති. ‘ බකමූණෝ පියාඹති - මාවවුලෝ කෑගසති’ ලෙස විස්තර කරයි. ‘අනිත් කුරුල්ලෝ නිදති’ එනම් දිවාචර පක්ෂීන්ගේ කාර්යය නිදාගැනීමයි.
කවියාගේ වදන් භාවිතය සරලය. ‘සමන් පිච්ච මල් ඉහිරුණුනිල් තණ කොළ පිට්ටනියක්වගෙයි’‘මගේ සුරතල් අක්කාගේ මාලේ  ඇට වාගේ’ මගුල් ගෙවල් දෙකක් වගෙයි’ උපමා යොදාගෙන ලියූ පද්‍ය පන්තියකි.


බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා - කුරක්කන් හේන
බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කුරක්කන් හේන ජන කවියේ ආභාසය රචනා කෙරුණකි. මොහු ද කොළඹ යුගයේ පළමු කවි පරපුරට අයත් වෙයි. ගුරුවරයෙකු හා සාහිත්‍යධරයකු වූ මෙතුමා ජාතික හා ආගමික අවබෝධය උදෙසා තම පන්හිද මෙහෙයවූවෙකි . බේබදු ගෙදර පරලොවට පණිවිඩයක්  දරු දරු නැළවිල්ල පද්‍ය පන්ති  කීපයකි.
ස්වභාව සෞන්දර්ය කාව්‍ය වස්තු විෂය වේ . කුරක්කන් හේන පිළිබඳ විස්තර කිරීම කරා කවියාගේ අරමුණය. එහිදී ඔහු ගැමි ජීවිතයේ විවිධ අවස්ථා ඇසුරෙන් රසවත් ව ඉදිරිපත් කරයි. ඔහු සෑම අවස්ථාවක් මකුමක් වැනි යයි පස්න කරමින්……වැනි යනුවෙන් පිළිතුර ලබා දෙමින් රචනා කර ඇත . කුරක්කන් හේන වර්ණනා කිරීම පිණිස තමා ම උප උපදවා ගත් අලුත්ම උපමාලංකාර යොදා ගනී .කුරක්කන් හේනට සම්බන්ධ සිද්ධීන් සමාන කිරීමට තමා අවට පරිසරය කෙරෙහි සිත් යොමු කළ බව දකින්නට ඇත. හේන් ගොවිතැන් කරන්නේ කැලේය. කැළය එලි කිරීම යහපත් දිනයේ මූණ ලෙස ද කවියා දකී. අනතුරුව කුරක්කන් බීජ වැපිරීමෙන් පසුව කුරක්කන් පිදීඒම ලමයකුගේ මල් හිනාවකි බණ්ඩි කුරක්කන් සෙලවීම මඟුල් දවසේ දී නෑනගෙ අතවැනීමකි. කිරට නැමුණු කුරක්කන් පෝරුව මතමනාලියෝ ඔලුව පහත් කොට  සිටීමකි . කුරක්කන් පැසී රතුවීම පොඩි නෑනා ක් දුර සිට අතවැනීමකි. . කරල් කපා මුල් මාළු පුරවාලීම මඟුලට එක් කරන ලද අති රසය වැනිය. කැපූ කුරක්කන් නිවසට ගෙන යාම මනාලිය කැන්දාගෙන යාමකි . කවියා කුරක්කන් හේන රැක ගැනීමට පැල්පත සාදා ගනී . එය විසි සිටින තරුණයවී සිටින තරුණයකුගේ කම්මුලේ පෙනුමට සමාන කරයි . එසේම කුරක්කන් මගින් සාදාගනු ලබන සාදාගනු ලබන ආහාරයක් වන්නේ පිට්ටු ය .එය මිරිසවැටිය අව්වට දිලිසීමකි. අනතුරුව කුරක්කන් අස්වැන්න නිවසට ගෙන එයි. එය ගොවියාට ප්‍රීති දායක සැනසිල්ලකි
මෙලෙස සොබාදහමට ජීවියා ලබාදෙමින් රචිත මෙම පැදිපෙළ සෑම තැනම  උපමා බාහුල්‍යයෙන් යුක්ත බව ඉහත වගන්තිය අනුසාරයෙන් විද්‍යමාන වේ . ශුංගාර රසය ද මුසු කොට ගත්ගැමි තරුණයා ඒ දකින්නේ අලුත් ලමිස්සියෙකුගේ මල් ද වේ මිරිසවැටියේ අව්වට දිලිසෙනා වැනි යනුවෙන් උපමා කරන්නේ වණ්ඩුව බැඳුම් තැනූ පිටුවකට ය පූජනීය ස්ථානයක් පිටුවට පිටුවකට කිසිලෙසකින් ගැලපෙන්නේ නැත .කාව්‍යාත්මක බස සරලයසුගමය එය කාව්‍ය සහෘදයා තුළ කුරක්කන් හේනක් පිළිබඳ අවස්ථා මනසේ තැම්පත් කර අපූර්වත්වයක් ඇති කිරීමට සමත් ය. සිව්පද ආරෙන් ලියැවුණු මෙම පැදිපෙළ නූතන කාව්‍ය රසිකයා කාව්‍ය රසාස්වාදය ට යොමු කිරීමට සමත් ය.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය