මීමන ප්‍රේමතිලක -මියුණු ඇල්ල

මීමන පේමතිලක මියුණු ඇල්ල  
කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවිය කි . මියුණු ඇල්ල කවි පංතියට වස්තු විෂය වන්නේ ස්වභාව දහම වර්ණනා කිරීමයි . කවි පංතියේ  අනුභූතිය වන්නේ ඇල් දිය ඇල්ලක අසිරිය කියාපෑමෙකි. කුකුළු කෝරලයේ වනගත පෙදෙසක පිහිටි මියුනු ඇල්ල ගල්පර සහිත උස් බිමක සිට නිල් පැහැයෙන් නිල් පැහැයෙන් යුත් බලයෙන් කඩා හැලෙන දිය ධාරාවකි .
නිල් වතුරෙන් නැගුණු අතිසුන්දර          කළඹ
ගල් පර නැමැති උස් රඟමඩලට          එළඹ 

මියුනු ඇල්ල යොවුන් ජීවිතයේ සිටින කාන්තාවකි. එය දිස් වන්නේ නාට්‍යාංගනාවක් ලෙසය .ඇගේ කෙස් කලඹ මියුණු ඇල්ලයි .

යොවුන් ජීවිතයේ රූපය ඇති ව                      දිනා
නටතත් මොහොතකදු නොහැරම උකුල   වනා 

මියුනු ඇල්ල නම් අැය උකුල වනමින් ද ඔල්වර හඬ නගමින් ද ද මුවගට සිනහ පාමින් ද 
ඇය රංගනයේ යෙදෙමින් ද ඇය රංගනයේ යෙදෙමින් ද පහළට කඩා හැලෙන දිය දහරාවක් බව කවියා ප්‍රකාශ කරයි .ඇය හැඳ සිටින ඇඳ සිටින්නේ දියවැල් නමැති ඔසරියකින්ය. පැළඳ සිටින්නේ පබළු ඇට නැමැති පෙණපිඩු බව රූපකාර්ථවත් ව පවසයි.

තිගේ රැඟුමේ දී ගතින්  මිදී  ලිය වැල්      ඔසරි 
අමුණා ගති පබළු ඇට පෙණපිඬු               විසිරී 

මියුනු ඇල්ල සුන්දරිය කවියාට වරෙක සිතෙන්නේ මදහස  එකම   අයුරකින්වත් අඩු නොකර ගත් සෑම මොහොතක ම සිරි බරව  පෙනෙන තැනැත්තියක් ලෙස ය . 

අඩු නොමවී තිගෙ මද හස එකම          මෙනේ 
බැලූ බැලූ කොයි මොහොතකදීත්  සිරිබරව     පෙනේ 
ජලධාරාවන් අඩු වැඩි නොවී පහතට වැටෙන දිය ධාරාවක් ලෙස දියඇල්ල දකී . දියදහරා පහතට වැටී දියබිඳු විසුරුණු මීදුම් පටල කවියා දකින්නේ මෙසේය .
රඟමඩලක නටිය වසනා තිරය                            වගේ 
දිය බිඳු විසිර මිහිඳුම් සළුවක ට                  නැගේ
 රංග ශාලාවක නාට්‍ය සංදර්ශනයක් වැසෙන තිර සළුව ලෙසින් විසුරුණු දියබිඳු සහිත මීදුම් දිය ඇල්ලේ අසිරිය තවත් තීව්‍ර කරයි .එය කවියා ගේ කවියා ගේ කවි  සංකල්පනාවන්ගේ අපූර්වත්වය යි. එසේම දිය ඇල්ලේ උස් ගල මුදුනින් පහතට කඩා හැලෙන විට පෙණ පිඩු විසිරේ . එය  රංගනයේ යෙදෙන නාට්‍ය අංගනාවගේ දහඩිය පිට වීමකි .
මෙලෙසින් වර්ණිත මියුනු ඇල්ල වනාන්තරයක් ගහන ස්වභාවික ගීත ගීත නාද හා විහඟුන් ගේ සංගීතයෙන් මුසු ව අපූර්වත්වයක් එක් කරන ස්ථානයක් ලෙස කවියා වර්ණනා කරයි .එහි දෙපස වැඩී ඇති වන මලින් දිය ඇල්ල අලංකාර කරන බව කවියා දක්වයි .  මෙම ස්වභාදහමේ අසිරිය තමාට ආශ්වාදයක ට ආස්වාදයක් මෙන්ම සිත පුබුදුවාලීමට  සමත් වූ බව කවියා ප්‍රකාශ කරයි .
සිව්පද විරිත භාවිත කරමින් මියුනු ඇල්ලක් පිළිබඳ කවි සන්තානයේ පහල වූ  කාව්‍ය අත්දැකීම් සමුදාය විසිතුරුව ඉදිරිපත් කළ කවි පන්තියක් ලෙස අගය කළ හැකිය . සදා රූපිකා වක් , සුන්දරිය ,නලගන  යන යෙදුම් භාවිතයෙන් මියුනු ඇල්ල හඳුන්වා දෙමින්  කවි යා ශබ්ද රසය හා අර්ථ රසය උද්දීපනය සඳහා රූප රූපකාර්ථවත් බසක් යොදා ගනියි . ඔල්වර  හඬ නගන , දිය සුළි මිණි සළඹ , දිය වැල් ඔසරි , පබළු ඇට පෙණපිඬු , මිහිදුම් සළුව  වැනි යෙදුම් සේ ම ගල් පර නැමැති උස් රඟමඩලට , දහඩියෙන් ඇමති පෙණපිඬු යන උපමාවලින් ද  සරසා රචිත පැදි පෙළකි . සංකල්ප රූප මතුකරන වදන් යොදා ගත් බව ඔල්වර  හඬ, ලාලනය මුවඟ සිනා යන පද උදාහරණයන්ය .

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය