රාත්‍රිය ඇස් මහින්ද හිමි

රාත්‍රිය 
රාත්‍රිය කුඩා ළමුන් සඳහා කළ රචනයකි. මෙහි රචකයා ඇස් මහින්ද හිමියන් ය. උන්වහන්සේ විශේෂයෙන් ජාතිකාභිමානය, දේශවාන්සල්‍යය, දේශානුරාගය, ජත්‍යාලය, ආගමාලය, ජනිත කරවීමේලා මහින්ද හිමියන්ගෙන් වූ සේවාව සුළු පටු නොවේ. ළමා සාහිත්‍යය ක්‍ෂේත්‍රයට ඉටු කළ සේවය අමරණීය වේ. ජාතික තොටිල්ල, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ඔවා මුතුදම රත්නමාලි කාව්‍යය, නන්දන ගීතය, දහ අට වන්නම, සද්ධර්ම මාර්ගය, මහා පරාක්‍රමබාහු, කුසුමාංජලි ආදී ග්‍රන්ථ උන්වහන්සේ විසින් රචිතය. මෙම කවි පන්තියට වස්තු විෂය වන්නේ ස්වභාව සෞන්දර්ය යි. නිසල රාත්‍රියක අහස හා පොලව කවි පන්තියට අනුභූතිය වේ. මේ මගින් ද ළමා පරපුර සොබා දහමට ඇලුම් කරවීම අරමුණයි.
රාත්‍රී අහස අපූරු වූ වස්තුවකි. එහි නිතැතින්ම ළමුන් හා තරු හා සඳුට ඇඳුම් කරයි කවියා අහසේ තරු රටාව නිල් පැහැගත් තණකොළ පිට්ටනියක් පුරා ඉහිරුණු සමන්පිච්ච මල් සමූහ ලෙසින් දකියි.
     ‘ සමන් පිච්ච මල් ඉහිරුණු - නිල් තණකොළ පිට්ටනියක් ’                                     
සඳුගේ සෞම්‍ය ගුණයට  ළමා වැඩිහිටි සැවොම ප්‍රිය කරති. රාත්‍රි අහසේ පෑවූ විට එය බලා සිටීමට කැමැතිය.  එය කවියා  “හඳහාමි අප දිහාව -එබී බලයි පා සිනාව”  ලෙස  හදට සචේතනික බවක් ආරෝපණය කරමින් හඳහාමියක් ලෙස දකිමින්  කුඩා සුරතල් දරුවකු සිහිගන්වමින් ඔහු තුළ පවතින සිනාව යම්සේද එලෙසින් සඳ වලාකුළු අතරින් එබී බලමින් හිනාවෙන බව කවියා ප්‍රකාශ කරයි.
 නිසල රෑ පිණි බින්දු වැටීම හා සෞම්‍ය සුළං හමා යෑමද සාමාන්‍ය සංසිද්ධියකි.  ඉහත කවියා එයද  සිහිපත් කරයි.  පිණිබිඳු අක්කාගේ මාලේ මුතු ඇට වලට උපමා කරමින් දක්වයි. සිසිල් සුළං හමා යාම කවියා දක්වන්නේ  “ සිහිල් සුළං රැල් විදින්ට‍ - දොරට යන්ට හොද වෙලාව” ලෙසයි. 
සඳුගේ රැස් දහරා පොළොවට පතිත වූ විට කාන්තිමත්ව බබළන කිරි පැහැය කවියා ‘පොළොවේ සුදු මල් පිපිලා ‘’යනුවෙන් සඳහන් කරයි. නිසාචර සහ දිවාචර කුරුල්ලන්ගේ හැසිරීම් රටාවන් කවියා  පේලි හතරකට කැටි කොට දක්වයි. මා වවුලෝ රාත්‍රී කාලය උදාවත් ම ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල යෙදෙති. ‘ බකමූණෝ පියාඹති  - මා වවුලෝ  කෑගසති’ ලෙස විස්තර කරයි. ‘අනිත් කුරුල්ලෝ නිදති’ එනම් දිවාචර පක්ෂීන්ගේ කාර්යය නිදාගැනීමයි. 
කවියාගේ වදන් භාවිතය සරලය.  ‘සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි’ ‘මගේ සුරතල් අක්කාගේ මාලේ  ඇට වාගේ’ මගුල් ගෙවල් දෙකක් වගෙයි’ උපමා යොදාගෙන ලියූ පද්‍ය පන්තියකි.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය