ඉර හා හඳ - ආනන්ද රාජකරැණා

ඉර හා හඳ
  ආනන්ද රාජකරැණාගේ පැදි පෙළකි. ස්වභාව සෞන්දර්ය වස්තුවිෂය වේ. එහි ඉර හා හඳ  පැදි පෙළට අනුභූතිය වේ.  ළමා පරපුර සොබාදහමටත් එහි අපූර්ව නිර්මාණයට ආදරය දැක්වීම අරමුණ වේ. 
එදිනෙදා ගෝචරවන ඉර හා හඳ වස්තුන් ළමුන්ගේ මානසික පරිසරයට  යොමුවිය යුතු බව කවියා පිළිගෙන රචිත පැදි පෙළකි. ඉර හා හඳ යන පැදිපෙළ  ගැඹුරු අර්ථයක් නැති වුවද ළමා මනසේ සිතුවමක්  උද්දීපනය කරයි. 
ඉර පැදි පෙළින් උදෑසන  පරිසරයේ චමත්කාරය දනවයි.  නැගෙනහිරින් උදා වී හිරුගේ කිරණින් අහස් තලේ විවිධ වර්ණ ගැන්වීම ස්වභාවික සංසිද්ධියකි. එය කවියා දකින්නේ  *නොයෙක් පාට කොඩි ඇදිලා*යන්නෙන්ය. සූර්යෝත්ගමනය සමගින් පරිසරයේ මල් පිපීම සිදුවේ.  එය *පොළොවේ හැමතැන නොයෙක් පාට මල් ඉහිලා* ලෙස දකියි. *නොයෙක් පාට එලි වැටිලා* යන පැදි පෙළෙන් අරුණාලෝකය තුළින් අහස් තලේ විවිධ වර්ණ ගැන්වීම හා පොළවේ මල් පිපීම චමත්කාර දසුනක් බව ප්‍රකාශිතයි.
 ශබ්ද රසයට මුල් තැන ලබා දෙමින් සරල වදන් ඇසුරෙන් ළමා මනස කියැවීමෙන් ප්‍රබෝධමත් කරන පැදි පෙළකි. අහස බලව්!  පොළොව බලව්! යන ආමන්ත්‍රණ වචන තුළින්  ආවේගාත්මක බවක් ඉස්මතු වේ. 
 හඳ 
සොබාදහමේ විවිධ වස්තූන්ට ජීවයක් ආරෝපණය කරමින් කවි ලිවීම උන්ගේ සිරිතෙකි. එලෙස ලියූ පැදි පෙළක් ලෙස හද දැක්විය හැකිය. කුඩා දරුවන්ට හඳ චමත්කාර වස්තුවකි. දරුවන්ගේ සිත්වල පවතින හඳ පිළිබද සිතුවම විනාශ නොවන පරිදි රචිත මෙම පැදි පෙළකි. 
දරුවා තමා එදිනෙදා භාවිතා කරන පිඟාන වටකුරු හැඩයෙන් යුක්තය. එය උපමා කරමින් හඳ ගැන විස්තර කරයි.
රන් පිඟාන ලෙස වටකුරු - දිලිහි දිලිහි තිබෙන අපූරු
සඳු පෘථිවිය වටා ගමන් කරන ආකාරය අනුව අමාවක යනු සඳු නැති දිනයයි. සඳුගේ අඩක් ඇති දිනයකි.එය කවියා විස්තර කරන්නේ මෙසේය.
අමාවකයි නුබ නැතිදා -අටවක නැමි පනාව දා
පසළොස්වක පිගාන  දා
 පසළොස්වක දිනය පිරුණු සදින් යුත් දිනයකි. එලෙසින් සඳුගේ පෝය දින පිළිබඳ අවබෝධයක් ළමා මනසට ලබා දෙයි. 
චන්ද්‍රයා මතුපිට ඇති ලා වට පිළිබඳ විද්‍යාත්මක මතය පැරැන්නන් ළමයින්ට කතා පුවතකින් රසවත්ව දැක්වීම සිහියට නඟමින් කවියා රසවත්ව ඉදිරිපත් කරයි.  හදේ  පැහැය කිරි පැහැයට සමාන ය.  ළමයාගේ සිතේ කිරි පැහැය පිළිබඳ සිතුවිල්ල කිරි පැණි සමග ගලපා රසවත් ව ඉස්මතු කරයි. 
හඳ හාමියෙ ! හඳ හාමියෙ !
කිරිත් පැණිත් දියෝ!  දියෝ !
එසේම හදේ ස්වරූපය විස්තර කරමින් පැදි පෙළඅවසන  යෙදූ හඳ හාමියෙ !  හඳ හාමියෙ ! ආමන්ත්‍රණයෙන් හදපාන දුටු දරුවා අචේතනික වස්තුවකට සචේතනික බවක් ආරෝපණය කරයි  ළමා මනසේ හඳ පිළිබඳ සිතුවම වඩාත් තහවුරු කරයි කවියා යොදා ගත් බස සරලය සුගමය 
රන් පිඟාන ලෙස වටකුරු....
එම පිඟාන මැද හිදින්නේ හාවෙකි. 
අමාවකයි නුබ නැතිදා
අටවක නැමි පනාව දා 
පසළොස්වක පිඟාන දා 
ඉහත උදාහරණවල  රූපක නම් වස්තුවක් තවත් වස්තුවකට උපමා කිරීමේ කාව්‍ය රීතිය  අනුගමනය කරමින් ළමුන්ගේ සිතුවිලි සමුදායන් අභියෝගයට ලක් නොවන පරිද්දෙන් කවියා තම නිර්මාණය ඉදිරිපත් කරයි.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය