කුමාරතුංග මුනිදාස -නැළවිල්ල

කුමාරතුංග මුනිදාස  -නැළවිල්ල 

කොළඹ යුගයේ හෙළ හවුලේ  කවියෙක් වූ මෙතුමා  විසින් රචිත පද්‍ය පන්තියකි . මෙ තුමා හෙළ හෙළ බසේ වටිනාකමත් එහි අපූර්වත්වයක්  පාඨකයන් වෙනුවෙන් උද්දීපනය කිරීමෙහිලා පුරෝගාමියකු විය . ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු ලෙස සලකනු ලබයි. ඔහු අන්‍ය සාහිත්‍යකරුවන් අතරින් විශේෂ වුයේ ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත්, නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව හැසිරවීමත් නිසාය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසල දැනුමත් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂෙයක් ද වුයේය. https://si.m.wikipedia.org/wiki
• ශික්ෂ
• මඟුල් කෑම
• හීන්සැරය
• ප්‍රබන්ධ සංග්‍රහය
• පහන් කටුවෙකි
• කවි ශික්ෂාව
• කියවන නුවණ
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත කෘතීන් වේ.
නැළවිල්ල" නම් පැදි පෙළ ද ළමුන් පමණක්‌ නොව වැඩිහිටියන් අතරද ජනාදරයට පාත්‍ර වූ අතිශය සාර්ථක නිර්මාණයකි. කුඩා දරුවෙකු නිදි ගැන්වීම පිණිස රචනා වූ මේ පැදි පෙළ නැළවිලි ගීයක ස්‌වරූපය ගනියි. බාහිර පරිසරයේ ජීවී හා අජීවී සියලු වස්‌තු හැසිරෙන්නේ සුවසේ නිදන ළදරුවාගේ නින්දට කිසිදු බාධාවක්‌ නොවන ආකාරයෙනි. දරුවා නිදාගන්නා අවස්‌ථාවේ අවට පරිසරයේ ස්‌වභාවය ඉතා චමත්කාරජනක ලෙසින් ඉදිරිපත් කිරීමට කුමාරතුංගයන් දරා ඇති උත්සාහය සාර්ථක යෑයි මෙම පැදි පෙළ රස විඳීමේදී හැඟී යනු ඇත.
"තොටිල්ල සැම සුව පිරී - පැද්දෙයි තාලෙට සරී
අසමින් ගී සුමිහිරී - නිදන්න පුත රන් කිරී"
සරල තේමාවක්‌ ඔස්‌සේ සැම විටම පද්‍යකරණයෙහි නියෑලුණු කුමාරතුංගයන්ගේ මෙවැනි බොහෝ නිර්මාණ අදටද බොහෝ දෙනා රස විඳිනු ඇත. https://si.m.wikipedia.org/wiki
මවගේ සෙනෙහස ආදරය රැකවරණය බිලිඳු වියේ සිටම දරුවන්ට  හිමිවිය යුතු බව වර්තමාන මනෝ විද්‍යාඥයින්ගේ මතයයි . එහිදී මවගේ ශබ්ද රසය ගැබේ සිට සවිඥානක ව අසා විවිධ ප්‍රතිචාර දක්වන බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ . මෙම කවි පන්තිය සුවිශේෂී වන්නේ උත්පත්තිය ලත් බිළිඳු කොට මවගේ සුමිහිරි ලයාන්විත නාදය අසා සුවසේ නිදා ගැනීමට අවකාශය ලබා දීමට ගත් උත්සාහය නිසා වෙනි .
සිංහල භාෂාව තුළ පැවති පැවැති සංස්කෘත බලපෑම් ඉවත් කිරීමේ අරමුණින් හෙළ හවුල ආරම්භ කළ මෙතුමා එතුමා හෙළ බසේ වටිනාකම හා අපූර්වත්වය ප්‍රකට කිරීමට කාව්‍යකරණයේ යෙදුණි 
විශේෂයෙන්ම ළමා මනසේ ඉලක්ක කර පද්‍ය නිර්මාණය කළ මෙතුමාගේ නැලවිල්ල පැදි පෙළට අනුභූතිය වන්නේ කුඩා දරුවකුගේ සුව නින්ද වෙනුවෙන් තොටිල්ල නැලවෙමින් පරිසරයේ නිහඬතාවය  රැකීමට ගත් උත්සාහයයි . පැද්දෙන තොටිල්ල දරුවෙකුට සුව යහනකි .  රත්තරං පුතුනි ! සුමිහිරි ගීත අසමින් නිදන්න යැයි මම ඉල්ලා සිටියි .
ජන කවියේ  කියැවෙන  දොයි දොයි දොයි - දොයිය බබා  යන පැදිය සිහි කරමින්  අනුප්‍රාසාත්මක පද සංයෝජනය ක්  එක් කරයි . 
දොයි දොයි     දොයි 
බයි බයි               බයි 
නිදි මව                 එයි 
වැළඳැ                ගනියි 
යනුවෙන් ළදරුවාගේ නින්ද  ආරම්භ කරන කවියා  නිදි සුවයට බාධා කරන හිරු කිරණ සාගරයේ  ගිල්වා  සිසිලසක්  පරිසරයේ මවා පායි .
උණු වැඩියැයි  හිරුගේ    රැස් 
තෙමා නැවැතැ ගෙනෙන ලෙස් 
ගියේ යැ  වැදැ මුහුදු           කුස් 
පෙනේ ද ආදර               වෙසෙස්  
අපූර්ව  කාව්‍ය සංකල්පනාවකි . හිරු තමාගේ  රැස්  උණුසුම්  යැ යි සිතා නැවත  උදා වන තෙක්  තේමා ගැනීමට  මුහුද තුළට වැදුණේ යැයි කවියා සිතයි .  පළමුව දරුවාගේ නිදි සුවයට  ඇති බාධාවක් ඉවත් කිරීම කි . අනතුරු ව  සඳු උදාවේ.  කවියා මෙහිදී ද අපූර්වත්වයෙන් පැදිය නිර්මාණය කරයි .  සඳු ගේ  කිරණින් ද  බාධාවක් වී යැයි සිතා  හාවා  පැන ගොස්  තම රශ්මියෙන් අඩක් වලක්වයි .  පරිසරයේ අචේතනික  වස්තූන්ගේ  ක්‍රියාකාරකම්  ළදරුවාගේ සුව නින්දට  ආශිර්වාදයක් එක් කරන කවියා අනතුරු ව කුරුලු පැටවුන්ගේ කිචි බිචිය නවත්වා කිරිල්ලියන් ද නින්දට යයි . වසු පැටවුන් තම ගෙලේ පැළඳි ගෙජ්ජි වැල්   නාද වීම වැළකීමට තමාගේ ඇඟේ වසන මැසි මදුරුවන්  පලවා නොහැර  තණ පියසි මත ඇස  වසා ගෙන නිදයි. 
හූනෝ එළියට                     අවුත් 
මැස්සන් පස්සෙන්        ගතොත් 
නඟති යි  හඬ                    මහත් 
කට මැ කටෙහි ලා           ගනිත්  
අඳුර ත්  සමගින් සක්‍රිය වන  හූනෝ  මැස්සන් ගේ කෑ ගැසීම නවත්වන ලෙසින් ම  සිය කටෙහි  දමා ගන්නා බව කියැවෙයි .  හූනන් කෑ ගහන්නේ සෙමින් ය . එයත් දරුවාගේ නින්දට  බාධාවක් ලෙස  කවියා දකියි.  ඔරලෝසුවේ  බට්ටාගේ හඬ  වෙන දා මෙන්  නාද නොකිරීමත් , මල් උයන් වල සුවඳ ගෙනෙන  සුළඟ වේගය අඩු කිරීම ත්,   ගස් තමන්ගෙ ඇඟේ වදින  සුළං අතු පතරින් ගමන් කිරීමට සලස්වා හඬ නොනගා සිටීමට කටයුතු කරයි . 
එසේම ඔරුවේ හබල්  පහරෙන්  ගඟ වෙත වැදෙන හඬ නිසොල්මනේ ගඟ වැළඳ ගනිමින් ළදරුවාගේ නින්දට  අවස්ථා  සම්පාදනයෙන් දායක වේ. 
පරිසරය නිසොල්මනේ පසු වෙද්දී  කවියා කවි පෙළ  නව මඟකට යොමු කරමින් ළමයින් ප්‍රිය කරන සුර කුමර හා සුරංගනා වර්ණනාවක්  එක් කරයි. සැබැවින්ම එය දරුවන් දකින සිහිනයක් වැනිය. 
සද පානේ වැලි තලා 
සුරකුමරියො මල් සලා
නටති මෙදෙස බල බලා 
ගිගිරි වළලු පය නෙළා 
සුර කුමරුවො පෙළ සැදී 
අතින් හිසින් රඟ යෙදී 
හඟවති  කාලය බැඳී 
වීණා බෙර නද නොදී 
සඳ කිරණින් නැහැවුන වැලිතලාවක මල් සලමින්   පුතු දිහා බලමින්  සුර කුමරියො නටති. ඔවුහු  පයෙහි ගිගිරි වළලු සෙලවීමක් නොකරති .  එසේ නොකරන්නේ පුතු ඇහැරෙයි යන බියෙනි . සුර  කුමාරයෝ  පේලියට සැදී   ආංගික අභිනයෙන්  තාලේට රංගනයේ යෙදෙති .  ඔවුහු  වීණා බෙර  නොපවත්වති. එසේ නොකරන්නේ ද  දරුවා ඇහැරෙයි යන බියෙනි .  මෙම පෙළ දෙකෙහි  යොදා ගත් විරිතෙන්  හා පද සංයෝජනයෙන්  නර්තනයක ස්වභාවය ඉස්මතු කිරීමට කවියා සමත් වේ .
මෙම දින සඳු යම්කිසි කාර්යයක් ඉටු කරයි. 
සඳ ද සිනිඳු ගස් කඳු 
නො හෙළා බිමැ එක බඳු  
වලාකුලින් පිරිසිදු
පෙරා එවයි බිඳු බිඳු 
සිය  සඳුගේ  ක් රැස් දහරා පොළොවට එක එල්ලේ පතිත නොකරයි . තම කිරණ වලාකුලින් පෙර එවන බව කවියා ප්‍රකාශ කරයි .  බිඳු බිඳු යන  අනුප්‍රාසාත්මක  පද  සංයෝජනයක් මෙම කවියේ දැකිය හැකි ය .  සඳකැලුම් ගලන කල් හි වෙන දා සුර බිළිදෝ  තමන්ගෙ අත් වලින් සමන් මල් පොඩි කළ ද එදින ඔවුන්  දරුවාගේ  සියුම්  කන  බිහිරි වේ යැ යි සිතා  නවතති.  අහසේ තරු රැස ද  එදින  පුතු ගේ ඇඳ වටා එළි ගණන වැඩියැයි   බියගෙන වෙවුලයි.  සුර කුමරියො දරුවා සිප ගැනීමේ අටියෙන්  එකිනෙකා පසුබාමින් පැමිණ  පය ඇඟිලි  බිම ඔබමින්  හැසිරෙන බව කියැ වේ . 
එසේ ම සුරලොව දෙවියෝ එබි එබී බලමින් නින්දට බාධාවක් නොවන ලෙස කටයුතු කරයි . 
සැන්දෑවක් සුන්දර රාත්‍රියක් බවට පත්කරමින් පත් කරමින් කවියා ඉදිරිපත් කළ නැළැවිල්ල  සහෘද මනස විකසිත කිරීමට සමත් ය . එහි දී කෙටි විරිතක්  හා  රිද්මය  මනාව පවත්වා ගනිමින්  ළමා මනසට ගෝචර වන සරල බස් වහරක්  භාවිතා කරයි . 
රූපකාර්ථ -  නිදිමව 
අනුප්‍රාසාත්මක පද - දොයි දොයි දොයි , බයි බයි බයි , සර සර , බිඳු බිඳු , 
ජන වහර -  පැද්දෙයි,  රන් කිරි , ගෙවෙනා , පෙරා එවයි , ඇසෙන්නටා, වෙවුලයි,
සම්භාව්‍ය කවි බස - ලෙස් , කුස්, වෙසෙස්, මිණි වැල් , රිසි ලෙස , මලුයනා , නොහිම් , පයැඟිලි 
 කවියාගේ කාව්‍ය අනුභූතිය වන ළදරුවකුගේ සුව නින්දට අවශ්‍ය පරිසරය සකසා දීම මෙම පැදි පෙළ සාර්ථක නිර්මාණයක් කිරීමට අවකාශය ලබා දී ඇත . 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය