කුකුළු හැවිල්ල රැපියෙල් තෙන්නකෝන්


රැපියෙල් තෙන්නකෝන්ගේ  හැවිල්ල නමැති කවි පොතෙන් උපුටා ගත්තකි .  ගැමියන් තුළ පවත්නා අන්ධ දේව විශ්වාසය වස්තු  විෂය කර ගත්  පද්‍ය නිර්මාණයකි . මෙයට අනුභූතිය වන්නේ ගැමි කාන්තාවක සතු කුකුළාව  විසින් පැහැර ගෙන යෑම නිසා  ඇය කතරගම දෙවියන් වෙත ගොස් කරනු ලබන කන්නලව්වකි . ඇය එහි දී දෙවියන් තම කාර්යය ඉටු කළ හොත් දෙවියන්ට දෙන පුද පඬුරු පිළිබඳ විස්තරයක් ද කරයි . මෙම පැදි පෙළෙන් ලින් කවියා උත්සාහ දරන්නේ සමාජයේ පවතින ගතානුගතික පටු දේව සංකල්පය උපහාසයට ලක් කිරීමයි .
ඇය පළමුවෙන්ම දෙවියන්ට ආමන්ත්‍රණය  කරන්නේ කන්නලව්වක  ස්වරූපයකිනි .
දුදොනොද              බිඳ 
ලද තෙද                කඳ 
කඳ දෙවි                 රද 
සාමිනේ !
තම කාර්යය ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රශස්ති ගායනා මල් ලෙසින් ආරම්භ වන මුල් පැදියෙන් ම සහෘදයා තුළ පූජා භූමියක චිත්තජ රූපයක් මවා පායි . ඉන් පසු ව කුකුළා ගෙනගිය සොරු ට දිය යුතු දඬුවම් දෙවියන්ට පෙන්වා දෙයි .
මගෙ කුකුළා නැසූ එකා 
දදය ඔබගෙ පාළු යකා 
තව එක බුද දිනක් තකා 
ඉන්නට ඉඩ නොදී මකා 
මෙහි දී  කතරගම දෙවියන්ගේ සලකුණ වූ කුකුළා සොරා ගැනීම ඔබ වහන්සේට කළ  නින්දාවකි . එසේ හෙයින්  බදාදා දිනයක්වත්  ඉන්නට ඉඩ නොදී සොරු විනාශ කර දැමිය යුතු යන  ස්ථාවරයේ ඇය සිටී .
බලා             එල්ල
හෙළුව     හෙල්ල 
මුලැ ම     බෙල්ල 
මරු නැගේ .
එහි දී  ඇය කතරගම දෙවියන් ගෙන් ඉල්ලා සිටින්නේ  බෙල්ල මුල ට හෙල්ල විසි කොට සොරු මරා දැමිය යුතු බවයි . එම කාන්තාව තුළ පවතින කෝපය ද්වේශය ඉස්මතු වන අයුරින් කවියා පද්‍ය බන්ධනය කොට ඇත . මෙමගින් කවියා ගේ අපේක්ෂාව වන්නේ ගතානුගතික ව මේ ගැමියන් තුළ පවතින දේව විශ්වාසය  උපහාසයට ලක් කිරීමකි .
කතරගම දෙවියන් තමන්ගේ ඉල්ලීම ඉටු කළහොත් ලබා දෙන තුටු පඬුරු ගැන විස්තරයක් කියැවේ .
රනින් කුකුළු රුවක්     පුදමි 
රිදියෙන් බිජුවටක්          පුදමි 
රන් දුනු හී දෙකක්        පුදමි 
රුවට රිදී  රුවක්             පුදමි 

ඇය මෙම ස්ථානයට පැමිණෙන්නේ පයින්  හිඟා කකා ය . පොළොවේ නළලෙ උලා , දිගට ඇදී , මහ හඬින් යුතුව  දෙවියන් ඉදිරියේ රත්තරං කුකුළෙක් ,  රිදී බිත්තරයක් , රන් දුනු හී දෙකක් ,  රිදී රුවට රුවක් පිදීමට එකඟ වෙයි . 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය