පී බී අල්විස් පෙරේරා -අන්ධ කවියා

පී බී අල්විස් පෙරේරා  අන්ධ කවියා 
කොළඹ යුගයේ දෙවන කවි පරපුර පරපුර ට අයත් වන පී බී අල්විස් පෙරේරා කවියා විසින් රචිත අන්ධ කවියා නම් කවි පන්තියට අනුභූතිය වන්නේ අන්ධ කවියකුගේ ආත්ම භාෂණය කි .මියගිය සිය බිරිඳ පිළිබඳ අතීත අනුස්මරණයක් සමග ස්වභාව සෞන්දර්යේ චමත්කාරය තමාට දැනෙන හැඟීම් වස්තු විෂය කොට ගනිමින් රචනා කර ඇත . තමාගේ බිරිඳගේ බිරිඳ ගේ විප්‍රයෝගය බිරිඳගේ විප්පයෝගය නිසා හටගන්නා දුකක් තමාගේ අන්ධභාවය නිසා හටගත් අසරණ බව කවි පංතියෙන් ඉස්මතු කරයි .
අන්ධ තැනැත්තකුට සුළඟෙන් හමායන සිසිලස මල් වලින් නික්මෙන මී පැණිවල සුවඳ මී මැස්සන්ගේ ගුමු ගුමු නාදේ තුරුපත් එකට වැදීම , වන විට උන්ගේ නාද ආදී පාරිසරික වෙනස්වීම් ඔහුට හොඳින් දැනේ .තම දියණිය එක් දිනයකදී  මල් මාලාවක් ගෙන සරසයි .එහි දී තම මියගිය බිරිඳගේ ඇමතීමක් ලෙස කවියා දකියි 
දියණිය  ඔබ මව මට අමතන්නීය  සැඟවී  හිඳ  උණ පඳුර         තුළින් 
අමු හමුවුණා මල්දම් මා ගෙල සරසනු වැළලූ තැන පිපුණු          මලින් 
කවියාගේ කවි සංකල්පනාව මෙලෙස ඉදිරිපත් කරන විටදී සහෘද මනසේ සෝකී බවත් අනුකම්පාවක් ඉස්මතු කිරීමට සමත් වෙයි . එසේම තම බිරිඳගේ කට හඬත් , සිනහවත්, ඇගේ වදන් වල  මතකයත් අත් වල මුදු මොළොක් බවත් ඔහු සිහිපත් කරන්නේ මෙලෙසින්ය .
මවගේ කටහඬ වෙනසක් නොමැතිව සැඟවී ඇත ඔබ මුවෙහි    දුවේ 
ඇදුම් රන්මල් මදහස එපරිදි ඇද්දැයි අතගා බලමි                             මුවේ
තම  බිරිඳගේ කටහඬ දරුවාගේ මුවෙන් පිට වෙන විටදි  අන්ධ තැනැත්තා තම දරුවා සිනහ වෙයි දැයි අත්හදා බලයි . එමඟින් ද  කවි පෙළ කියවන්නා තුළ අනුකම්පාව තවත් වඩාත් තීව්‍ර කරයි . බිරිද එක් අවස්ථාවකදී තම ස්වාමියාගෙන් අසන්නේ තමන්ගේ දුව සැඳෑ වලාවන්ගේ පැහැය ගත් තොල් ඇති දුවකට කැමති දැයි විමසයි . එම වදන් සිහිපත් කරන ඔහු ට  සිතේ ඇති වෙන්නේ දුකක් ය .
මදු මල් පෙති වල සිනිඳු මොළොක් බව මවගේ අතර තිබුණේ      එදා
එය ඒ නැති වූයේ ඒවා කැටිකොට පොඩි දුවගේ අත්දෙකට              පුදා  
බිරිඳගේ අත් වල මුදු මොළොක් බව තම දියණිගේ අත් දෙකෙන් ඔහු සොයා බලයි .එය එලෙසින් පවතින බව ඔහුට ඒත්තු වේ . 
ඔහු තම බිරිඳ ජීවත්ව සිටින කාලයේදී ඉතා සතුටින් ආදරෙන් සෙනෙහෙබර ජීවිතයක් ගත කළ නමුදු ආ ද ඔහුට සිදු ව ඇත්තේ  එය සිහිපත් කිරීම පමණි .වරෙක ඔහු දුව අඬන විට දුවගේ කඳුලැලි ලේ මෙන් දකී .
එක් පාදයකට මාත්‍රා 30 බැගින් වූ සිව් පද විරිතෙන් රචනා කරන ලද මෙම කවි පන්තිය කවියාගේ සන්තානයේ පහල වූ  ශෝකී  ස්වරයෙහි රිද්මය ප්‍රකාශ කිරීමට උචිත ධ්වනියක් මතු කිරීමට සමවත් පෙළකි .ශබ්ද රසය හා අර්ථ රසය උද්දීපනය ට වට ව්‍යංගාර්ථ වත් බස් වහරක් යොදා ගනී.
උදා මායා සිහිනය මැද්දේ පීනමි
         ලෝකේ පිබිදී දොඩමළු වී ඇත 
         කාලය උල්පත් දෙතැනක තිබිණි 
එසේම ප්‍රබල සංකල්ප රූප වලින් මුඛ්‍ය අර්ථය ඉස්මතු කිරීමට කවියා බස යොදා ගත් බව වැව් බන්දේසිය, සොබා සුන්දරි වෙත,  රත් මල් මදහස යන වදන් වලින් පෙනේ .

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය