Posts

Showing posts from July, 2021

සැළලිහිණි සන්දේශය

සන්දේශ කාව්‍ය  ඉතිහාසය සන්දේශ යන වචනයේ අර්ථය ‘හොඳින් දක්වා ලීම’ යනුයි.   පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය   සන්දේශ කාව්‍ය හෙවත් දූත කාව්‍ය නමින් ‍හැඳින්වේ.   සඳස හසුන අස්න පණිවිඩය යන අරුත් දේ . දූතයකු අත තවකෙකුට යවන පණිවිඩය සංදේශය යන්නෙන් හැඳින්වේ. ඍග්වේදයේ ශ්ලෝක එකොළහකින්  කියවෙන සරමා පුවතින් බැල්ලක අත යවන ලද පණිවිඩයකින්ද රාමායණයේ  හනුමා අත ලංකා පුරවරයේ සිටි සීතාට රාම කුමරු විසින් එවූ පණිවිඩයකින් ද , නල දමයන්ති කතාවේ හංසයකු දූතයෙකු ලෙස යොදාගත් අවස්ථාවක් ද බෞද්ධ සාහිත්‍යයේ එන කාම විලාප ජාතකයෙක් අපට කුලව මරණීය දණ්ඩනයට නියම වූ මිනිසෙකුට තම බිරිය විසින් එවන ලද පණිවිඩය කින්ද  දූතයෙකු අත යවන ලද සංදේශ සාහිත්‍යයේ මූලබීජ සඳහන් වේ.  නමුත් සංදේශ සන්දේශ ලක්ෂණ සහිත ප්‍රථම සංදේශය වන්නේ  කාලිදාසගේ මේඝ දූතයයි. මෙහිදී වෙසමුනි (කුවේර )යක්ෂයාට ආවතේව කළ අලුත විවාහ පත්  යක්ෂයෙකුට මානසි විලේ මල් ආරක්ෂා කිරීමේ කාර්යය ඉටුකර දීමට නොහැකිවී කුවේරයාගේ කෝපයෙන් සාපලත් ඔහු රාමගිරි අසපුවේ සිරක...

ගුත්තිල කාව්‍යය

ගුත්තිල කාව්‍යය සාහිත්‍ය යුග අනුරාධපුර යුගය පොළොන්නරු යුගය දඹදෙණි යුගය කුරුණෑගල යුගය ගම්පොළ යුගය කෝට්ටේ යුගය සීතාවක යුගය මහනුවර යුගය කෝට්ටේ යුගය පිරිවෙන් තොටගමුවේ විජයබා පිරිවෙණ කෑරගල පද්මාවතී පිරිවෙණ පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙණ වීදාගම ඝනානන්ද පිරිවෙණ දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙණ පඬිවරු තොටගමුවේ සිරි රහල් හිමි විදාගම මෛත්‍රිය හිමි වනරතන හිමි නන්නූර්තුනයාර් මැතිඳු ශ්‍රී රාමචන්ද්‍රභාරතී   ගුත්තිල කාව්‍ය   රචනා කළේ වෑත්තෑවේ හිමි වස්තු බීජය - ජාතක පොතේ   237 වැනි ජාතක කථාව වූ ගුත්තිල ජාතකය පදනම් කරගෙන කාව්‍ය ආකෘතිය -   සිවුපද ආරින් ලියැවුණු ඛණ්ඩ කාව්‍යකි. ගී කාව්‍ය - සීගිරි ගී සංදේශ කාව්‍ය -   මයුර තිසර සැළලිහිණි පරවී කෝකිල හංස සන්දේශ මහා කාව්‍ය - කවිසිළුමිණ  කාව්‍යශේඛරය ඛණ්ඩ කාව්‍ය - ගුත්තිල කාව්‍ය චූල කාව්‍ය   රචනා කාලය ගුත්තිල කාව්‍යය රචනා වූයේ       හය වැනි පරාක‍්‍රමබාහු රජ සමයේ මෙය ලියැවුණු බවය . එය ක්‍රි. ව . 1448 - 1467 හෝ ක්‍රි . ව. 1457 1507 ත් ...

උම්මග්ග ජාතකයේ කතා සාරය· වර්තමාන කතාව

උම්මග්ග ජාතකයේ කතා සාරය ·        වර්තමාන කතාව බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි එම විහරවාසී භික්ෂූන් වහන්සේලා සැඳෑ කාලයෙහි දම්සභා මණ්ඩපයෙහි රැස්ව බුදුන් වහන්සේ වඩනා පෙර මග බලා වැඩ සිටින අතර සාකච්ඡාවෙහි යෙදී සිටිය හ. එහි මාතෘකාව වූයේ “ බුදුන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාවේ මහිමය කෙතරම් ද යන්නයි. “ එතැනට වැඩි බුදුහු මෙතෙක් ඔවුන් සාකච්ඡා කරමින් සිටියේ කුමන කරුණක් පිළිබඳ ව දැයි සුපුරුදු පරිදි ඇසූහ. එවිට ප්‍රස්තුත කාරණය ඉදිරිපත් කෙරිණි. තමන් වහන්සේ “ මතු පමණක් නොව, මෙම සර්වඥතා ඥානය ලබාගැනීම් වස් පාරමී දම් පිරු භවයන්හි දී ද, ප්‍රඥා මහිමයෙන් යුක්ත වූම්හ ‘ යි බුදුහු පැවසූහ. මෙහි දී “ මතු පවතින ප්‍රඥාව පිළිබඳව තමන් දන්නා හෙයින් භවාන්තරයෙන් වැසී තිබෙන්නා වූ ප්‍රඥා මහිමය පිළිබඳ ව වදාරන්නැ යි එම භික්ෂූහු බුදුන් වහන්සේට ඇරයුම් කළහ. එවිට මෙම ප්‍රඥා පාරමිතා පූර්ව වූ උම්මග්ග ජාතකය දේශනා කළ සේක. උපුටා ගැනීම අන්තර්ජාලය  1.       බුදුන් වහන්සේ සඳහා යොදාගත් පර්යාය පද        ...