සැළලිහිණි සන්දේශය
සන්දේශ කාව්‍ය
ඉතිහාසය
සන්දේශ
යන වචනයේ අර්ථය ‘හොඳින් දක්වා ලීම’ යනුයි.
පක්ෂියෙකු
හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය
විශේෂය සන්දේශ කාව්‍ය
හෙවත් දූත කාව්‍ය නමින් හැඳින්වේ.
සඳස
හසුන අස්න පණිවිඩය යන අරුත් දේ . දූතයකු අත තවකෙකුට යවන පණිවිඩය සංදේශය යන්නෙන්
හැඳින්වේ. ඍග්වේදයේ ශ්ලෝක එකොළහකින් කියවෙන සරමා පුවතින් බැල්ලක
අත යවන ලද පණිවිඩයකින්ද රාමායණයේ හනුමා අත ලංකා පුරවරයේ සිටි සීතාට රාම කුමරු
විසින් එවූ පණිවිඩයකින් ද ,
නල දමයන්ති කතාවේ හංසයකු
දූතයෙකු ලෙස යොදාගත් අවස්ථාවක් ද බෞද්ධ සාහිත්‍යයේ එන කාම විලාප ජාතකයෙක් අපට කුලව
මරණීය දණ්ඩනයට නියම වූ මිනිසෙකුට තම බිරිය විසින් එවන ලද පණිවිඩය කින්ද දූතයෙකු අත යවන ලද සංදේශ සාහිත්‍යයේ මූලබීජ
සඳහන් වේ. නමුත් සංදේශ සන්දේශ ලක්ෂණ සහිත
ප්‍රථම සංදේශය වන්නේ කාලිදාසගේ මේඝ දූතයයි.
මෙහිදී වෙසමුනි (කුවේර )යක්ෂයාට ආවතේව කළ අලුත විවාහ පත් යක්ෂයෙකුට මානසි විලේ මල් ආරක්ෂා කිරීමේ කාර්යය
ඉටුකර දීමට නොහැකිවී කුවේරයාගේ කෝපයෙන් සාපලත් ඔහු රාමගිරි අසපුවේ සිරකරුවෙකු බවට
පත්වේ. ආදරවන්තියට තමා සිටින තත්ත්වය වැහි
වළාවක් දූතයකු ලෙස යොදාගෙන පණිවුඩයක් යවයි.
සීගිරි
කැටපත් පවුරේ එන සිරිනාග නැමැත්තෙකු විසින්
තම ආදරවන්තියට වලාකුලක් අත යවන ලද පණිවුඩයකින්ද ( වන්දමි හිමි වලා - තොගොසින්
ඇය නිවෙස්නට - පිරිබුන් පගා මලයුන - දිවොට තො හදහව කිය කියස් )
සිදත්
සඟරාවේ
පැරණි මයුර සංදේශයෙන් ගත් පද්‍ය
කාණ්ඩයකින් ද ( මොනරිඳු එකල්හි පුල් සලග නවා ගනී ) සිංහල සන්දේශ කාව්‍ය මං සලකුණු
විවර කරයි . ගම්පොළ යුගයේ රචිත මයුර හා තිසර සන්දේශ දැනට විද්‍යමාන වන පැරණිත ම
සිංහල සන්දේශ කාව්‍ය ලෙස පිළිගැනේ .
එලෙස
ආරම්භ වන සන්දේශ කාව්‍ය ඉතිහාසයේ අමරණීය යැයි යුගය වන්නේ කෝට්ටේ යුගය යි . කෝකිල , පරෙවි
,හංස ,
ගිරා , සැළලිහිණි
සංදේශ රචනා මෙම සමයේ ලියැවෙයි.
සිංහල
සංදේශ සාහිත්‍යයේ ඉතිහාසය හා විකාශනය
සිංහල සාහිත්‍යයේ ඉතිහාසය
Ø අනුරාධපුර යුගය
Ø පොළොන්නරු
යුගය
Ø දඹදෙණි
යුගය
Ø කුරුණෑගල
යුගය
Ø ගම්පොල
යුගය
Ø කෝට්ටේ
යුගය
Ø සීතාවක
යුගය
Ø මහනුවර
යුගය
Ø කොළඹ
යුගය
ගම්පොළ
යුගය
·
මයුර සංදේශය ක්‍රි.ව.
·
තිසර සංදේශය
කෝට්ටේ
යුගය
·
පරවි සන්දේශය
·
කෝකිල සන්දේශය
·
සැළලිහිණි
සන්දේශය
·
ගිරා සන්දේශය
·
හංස සන්දේශය
මහනුවර යුගය
·
කහකුරුලු සංදේශය
·
කැටකිරිලි
සන්දේශය
·
නීලකොබෝ සන්දේශය
·
සැවුල් සන්දේශය
·
කිරල සංදේශය
කෝට්ටේ
යුගයේ සන්දේශ සාහිත්‍යය
පරවි
සන්දේශය
·
කර්තෘ -
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
·
අරමුණ - චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියෙකු හා පුතකු ප්‍රාර්ථනා
කිරීම රජුට උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම
·
ගමන්මග - ශ්‍රී
ජයවර්ධනපුර දෙවිනුවර උපුල්වන් දෙවි
·
පද්‍ය දෙසිය තුනයි
කෝකිල සන්දේශය
·
කර්තෘ -
දෙවිනුවර තිලක පිරිවෙන ප්‍රති හිමි
·
අරමුණ -
යාපාපටුන සපුමල් කුමරුට ස්ථීර කර දෙන මෙන් උපුල්වන් දෙවියන් වැදීම
·
ගමන්මග - දෙවිනුවර
යාපාපටුන
·
පද්‍ය දෙසිය අනූ
එකයි
සැළලිහිණි සංදේශය
·
කර්තෘ -
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
·
අරමුණ - උලකුඩය
දේවියට පුතකු ලබා දෙන මෙන් විභීෂණ දෙවියන් වැදීම
·
ගමන්මග - කෝට්ටේ
ශ්‍රී ජයවර්ධනපුර ජයවර්ධනපුරය කැලණිය
·
පද්‍ය
108 එකසිය අටයි
ගිරා සන්දේශය
·
කර්තෘ - අඥාතයි
·
අරමුණ - පැරකුම්බා
රජු වැනිම හා දේව ආසිරි පැතීම ශ්‍රී රාහුල
හිමියන් වර්ණනා කිරීමක්
·
ගමන්මග - ශ්‍රී
ජයවර්ධනපුරය තොටගමු විජයබා පිරිවෙන
·
පද්‍ය ගණන 254
හංස සන්දේශය
·
කර්තෘ - වීදාගම මහා මෛත්‍රිය හිමි
·
අරමුණ - පැරකුම්
රජුට සෙත් පැතීම
·
ගමන්මග - ශ්‍රී
ජයවර්ධනපුරයේ කෑරගල පත්මාවතී පිරිවෙන
·
පද්‍ය -
සන්දේශ කාව්‍ය
සම්ප්‍රදාය හා සැළලිහිණි සංදේශය
සිංහල
සන්දේශ කාව්‍ය සම්ප්‍රදායට ඉන්දියානු සංදේශ කාව්‍ය සම්ප්‍රදායේ ලක්ෂණ බලපෑවේය.
එහිදී සාහිත්‍ය ධර්මය නම් කෘතිය රචනා කරන ලද විශ්වනාථ පඬිවරයා සන්දේශ කාව්‍යයක
අන්තර්ගත විය යුතු ලක්ෂණ මෙසේ දැක්වීය .
1.
ප්‍රසිද්ධ
පුද්ගලයකු හෝ කාන්තාවක කතා නායකයා විය යුතුය
2.
දූතයා
උසස් වංශිකයකු විය යුතුය
3.
ආශිර්වාදයකින්
හෝ ඉතිහාස ප්‍රවෘත්තියකි ප්‍රවෘත්තිය ගේ කාව්‍යය ආරම්භ කළ යුතුය
4.
දූතයා
වර්ණනා කිරීම
5.
අස්න
පසුවට තබා යා යුතු මග වර්ණනා කිරීම
6.
යා
යුතු තැන හා අස්න ප්‍රකාශ කිරීම
7.
දූතයාට
කෙරෙන ආශිර්වාදයකින් නිමාවට පත් කිරීම
සිංහල සඳෙස්කරුවා ඊට අනුරූපව ආකෘතිය ගොඩනගා ගත්තද වෙනස් මගේ එකට සිංහල සංදේශ සාහිත්‍යය යොමු කරන
ලදී .ඒ අනුව සිංහල සන්දේශ කාව්‍ය ලක්ෂණ මෙසේ ය .
1.
ආසිරි
2.
දූත
පැසසුම
3.
අරමුණ
දැක්වීම (කටයුතු නිඳෙස)
4.
වැනුම්
( පුර රාජ මාර්ග ආදිය)
5.
සන්දේශය
ලබන තැනැත්තාගේ ගුණ ගුණකථනය
6.
සංදේශය
7.
දූතාශිර්වාදය
එසේම සන්දේශයේ ශරීරය පිළියෙල කිරීමේදී යහ ගී යහගී දස
දසපද සැහැලි ගද්‍ය ඡේද ඇතුලත් කිරීම සේම පවුර දියඅගල සිව් රඟ සේනා පූර අඟනන් උදා
සැඳෑ නිසා වර්ණනා ඇතුලත් කෙරිණ . අන්‍ය සංදේශ කරුවන්
මෙන්ම සැළලිහිණි කතුවරයාද ආශිර්වාදයකින් අරඹනු ලබයි.
සැරද සුල කළකුරු - මියුරු තෙපුලෙන් රඳනා
රජකුල රහසැ මැතිනිය - සියනිඟ සැළලිහිණි සඳ
අතිශයින් අලංකාර වූ අකුරු වලින් යුත් මධුර වචනයෙන් සතුට ඇති කරන රජ පවුලේ රහස් විසි මන්ත්‍රීන්ගේ
නුවණ හා සමාෂයෙහි මන්ත්‍රීන්ගේ නුවණ හා සමාන වූ ඥානයක් ඇති උතුම් සැළලිහිණිය
ස්වකීය ඥාති මිත්‍රාදීන් හා එක්ව බොහෝ කලක් ජීවත් වන්න . යනුවෙන් සැළලිහිණියා
මිහිරි වචන කියන බවත් රජ දරුවන්ගේ කටයුතුවලදී ඇමතියකු මෙන් ඥානවන්තව කටයුතු කරන
බවත් දක්වයි .
අනතුරුව සම්ප්‍රදායානුකූලව සැපදුක් විචාරමින් දූතයාට
පැසසුම් කරයි .
මේ පා යුවල පිපුනු මල් වල රේණු මෙන් රන්වන්ය . සපුමල් සපු මල් කැකුළක් මෙන් මඳක් රතු
පැහැයෙන් මනහර වේ. ප්‍රිය වූ නිල් මහනෙල් පෙති මෙන් නිල්වන් ය. ඔබ මලින් කළ රූපයක් වැන්න . එබැවින්
අහසින් එන විට තරුණ සිද්ධා සිද්ධාංගනාවෝ
තමන්ගේ නිල්වන් වූ දික් කේශ කලාපයෙහි නො ලා
ගත්තුද ? නෙලූ මල්වල වසන මී මැසි සමූහයා වටලා නොගත්තු ද වන දෙවුලිය කනෙහි ආභරණ නො කළාහු ද එන මග දුකෙක්
නොවී ද කළණ මිතකළණ මිතුර සෙනෙහස
බැඳුණු තැන එය දියුණු කරනු විනා අත් නොහරින්නා වු ඔබ දැකීම ම ප්‍රමාණවත් ය . වෙන
සැප කුමට ද
එසේ ම ලාභයෙන් තොර සඳ බඳු වූ සෞම්‍ය ගුණයෙන් පිරුණු හෙල්මැලි
කුසුමක් බඳු වූ සුකුමාර බවට පැමිණි අධික කාන්ති ඇති අතැතයක් ඇති ශරීරයකින් යුතු
අභිමත සැපදෙන සිතුමිණක් වැනි රසවත් බස් ඇති තොප දැකීමෙන් දැකුමෙන් අප පින් කළ බව
අවබෝධ විය
අනතුරුව තමා අරමුණු කරනු ලැබූ කාර්‍ය්ය කර ලීමට හොඳින් අසන්න එසේ ම ඔබ වැනි සුදුසු මිතුරෙක් ලොව
නැති බව කවියා ප්‍රකාශ කරයි.
මිතුරු තුමෝ දුක
සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නො පාවතී
යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණ ඇති
සිත් රූ නතු කර අස යහළුව වඩන රුති
මිතුරු තුමෝ පැවැති
දුක සැප දෙකෙහිම බිතුසිතුවම් රූප මෙන් පිටු නො පාතී . එවැනි ගුණ ඇති රුචිය
වඩන්නා වූ යහළුව මතු වැඩ සිදු කරන දෙන මාගේ මේ වචන සිත නම අසන්න
පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර
ලෙව් තුරු සුසැදු ඊ යස මිණිමුතු මල් පතර
සව් සිරි පිරි සුරපුර වන් කැලණි පුර
දෙව් මෙහසුන් විබිසණ
සුරිඳුට පවර
පර්වත රාජ හෙවත් මහාමේරු පර්වතය නැවැතී රන් දැකැතිකඳක්
ඇති නාග ලෝකය නැමති මූලයක් ඇති දිසා නැමති විශාල අතු සමූහයක් ඇති ලෝකය නැමැති මහා
ගසෙහි කීර්ති නම්වූ පිපුණු කුසුම් සංවේදී දිව්‍ය පුරය මෙන් සියලු ආශ්චර්යයෙන්
පිරුණු කැලණි පුරයෙහි උතුම්වූ විභීෂණ දෙවිඳුට මේ සංදේශය දෙව .
අනතුරුව කවියා මාර්ග වර්ණනයට ඉඩ සකසා ගනී. කෝට්ටේ සිට කැලණිය තෙක් කෙටි ගමන් මඟේ හමුවන
ජයවර්ධනපුර 15 - කොන්තගංතොට 21 ඉසුරු
කෝවිල 22 කයිකාවල 31 වල් අම්බලම 33
සුමුටාන 34 ගුරුබැවුල 36 ගුරුළු කෙත 38
වෙළඳ ගොඩ 39 වෙරළාන 40
පසු කොට කැලණියට පිවිසේ.
එහිදී සම්ප්‍රදායික සන්දේශ ලක්ෂණ වලට අනුගත වෙමින් පුර
රජ මග වන සැන්දෑ නිසා උදා වැනුම් ඉදිරිපත්
කරයි.
ජයවර්ධන පුර වර්ණනාව
ජයවර්ධනපුරය අගනගරයයි. පුරවර්ණනයේදී පොහොසත් ජනයා , (
7 කවිය ) දියවන්නා ඔය ( 8 )
පවුර ( 9 )
පවතින ඝෝෂාව ( 10 ) එල්ලා ඇති කොඩි හා චාමර ,
( 11 ) සඳලුතල සහිත උස් ගොඩනැගිලි ,
( 12 )
දිව්‍යංගනාවන් බඳු කාන්තාවන් ,
( 13 )
ඉසුරු දනන් හා සශ්‍රීකත්වය ( 14
) අවධානය යොමු කරයි.
පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම නමා
ජයවද්දන පුරවර දනු
මිතුරු තුමා
තුනුරුවන්
කෙරෙහි භක්තිමත් ( ආගමිකත්වය)
පොහොසත් ජනයා සිටින සියලු යස ඉසුරින් පිරුණු ( සශ්‍රීකත්වය ) නිතර
ජය වර්ධනය කරන නගරයක් ලෙස වර්ණනාවට ලක් කරන කවියා ,
නගරයේ ස්වාභාවයෙන් පිහිටි දිය අගල වන දියවන්නා ඔය
අපූර්වත්වයෙන් දකී.
සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු
නරු පටැති
රැඳි රළ රළැති හොය
දියවන්නා නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි
රැපැයි නිති
ජයවර්ධන පුර අංගනාව පට සළුවක් ( රෙද්දක් ) ඇඳ ගෙන සිටී. එහි
රතු නෙළුම් රූප , ස්වර්ණ
හංස රූප , දිග් වූ ලෙල දෙන රැළි සහිත
බව දියවන්නා ඔයේ රතු නෙළුම් මල්වලට,
ස්වර්ණ හංසයන්ට ,
විසුරුණු දියදහර හා ලෙල දෙන රැළිවලට ගලපා ඉදිරිපත් කිරීම
නවතාවයකින් යුතුව අපූර්වත්වයකින් දැකීමකි.
සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පුවල ලකඟන සිරි යොවුන් වර
තරකළ විසල් වාසල් යතුරු
මෙ නුවර
බැඳහළ රුවන් තනපට කියලි ය පවුර
පවුර වර්ණනාවට
ලක් කිරීම මේ කවියෙන් කියැවේ. එයද අපූර්ව කවි සංකල්පනාවකි. ලංකාගනාව නම් යෞවන වියේ
සිටින කතගේ බැඳී මුහුළ (කොණ්ඩය) සමනොළය. ස්ත්‍රීන්
ඉණ වටා පළදින ආභරණයක් වන මෙවුල් බර ( මෙඛලාදාමය ) මහ සමුදුරයි. ඇය අලංකාරව ප්‍රෞඩව සිටින මේ කාලයේ බැඳ අත් හරින ලද මැණික්
වලින් කළ තනපටක් ලෙස පවුර දකින කවියා, එහි තර කළ යතුරු සහිත විශාල දොරටු තිබුණු බව
දක්වයි.
දුවන බඳ කිකිණි හය කුර
පහර නද
සවන තල නිනද ගිජිඳුන් සෙමෙර බඳ
රවන නොයෙක තුරු ජය සක් හඬ නොමඳ
දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර නිබඳ
පය කුඩා මිණි ගෙඩි ( ගෙජ්ජි කිංකිණි ) බැඳි අශ්වයෝද සෙමෙර ( චාමර) බඳ
ඇතුන්ගේ කන්තල ගසන හඬින්ද ජයසක් තූර්ය නාද ඇසෙන මෙම නගරය දෙවන මුහුදක් ලෙස ඝෝෂා
ඇති වේ. නිතර පවතින ඝෝෂාව,
ආඪ්‍යත්වය හා අලංකාරය වර්ණනා කළ
ආකාරය මින් නිරූපිතයි.
සිහිල් සපු සුවඳ ගෙන එන උයන් වල
සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි කැළ
විපුල් රත් සෙමෙර බඳ රන්
දද සසල
ළකල් මෙපුර තුළ වළහා රිවි තැවුල
මෙම නගරයට දැඩි සූර්ය තාපයක් පතිත වුවත් එය වැළකෙන්නේ රත්තරන්
කොඩි එල්ලා ඇති බැවිණි. උයන්වල සඳුන් හා
සපු මල්වල සුවඳවත් සුළඟින් කුඩා මිණි ගෙඩි සහිත කොඩි සෙලවෙන බව පවසයි.
තරසර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර
සුරසිදු විදුදරන් සැදි සඳලු මනහර
කරවන මඟුල් කෙළියෙන් නොමැති අවසර
පුරසිරි බලන ලෙස බට සුර විමන් යුර
ස්ථිරසාර උස් සඳලුතල සහිත ප්‍රාසාදවල දේව සිද්ධ විද්‍යාධරයන්ගේ
රූපවලින් අලංකාර වේ. නිතරම සඳලුතලවල මංගල ක්‍රීඩාවන් සිදුවේ. එහි පුරසිරි බැලීමට
දිව්‍ය විමාන පැමිණියාක් මෙන් දිස්වන බව කවියා ප්‍රකාශ කරයි.
සිසි වන වුවන ඉඟ සුඟ ගත
හැකි මිටින
නිසි පුළුලු කුළ රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
මෙපුර අඟනෝ දිව්‍යංගනාවන් බඳුය. ඇසිපිය හෙළිම වෙනසට
පවතී. සඳ වැනි මුහුණින් ද මිටින් ගතහැකි සිහින් ඉඟකින් ද රිය සක් ආකාරගත්
පුළුලුකුළක් ද හංසයන් බඳු පියයුරු ද ශරීරය රන්වන් ඇති ඉතා රූමත් අඟනන්ය යනුවෙන් ශුංගාරාත්මකව
ඉදිරිපත් කරයි.
සොඳුරු සිය නදන් අනුතුරු
දෙස සිටින
කිනුරු නිසසරන් කදහස
වෙත නොවන
ඉසුරු දනද සිය නිකෙලෙස්
තැන රඳන
උතුරු දිගිඳු පුර දිනි මෙපුර වැජඹෙන
සුන්දර වූ සිය
ගණන් ධන නිධාන ඇති මෙම නගරයේ ධනවතුන් ධනයේ අධිපති කුවේරයා පවා පැරදවීමට සමත් කෙලෙස් නැති වැජඹෙන පිරිසක් බව ප්‍රකාශ කරමින් ජයවර්ධනපුයේ ආගමිකත්වය, සශ්‍රීකත්වය
, ආඪ්‍යත්වය , සෞන්දර්යාත්මක බව , මෙන්ම
එහි පුරවාසීන් පිළිබඳ කෙටි වර්ණනාවක් ඉදිරිපත් කරයි.
පැරකුම්බා රාජ
වර්ණනය
ක්‍රි .ව. 1412
1467 කාලයේ රජ කළ සවන පැරකුම්බා රජුගේ අගනුවර වූයේ ශ්‍රී ජයවර්ධනපුරයයි. එතුමා වර්ණවත් රූපකායකින්
යුත් ගුණ සමුදායකින් හෙඹි,
ධාර්මික, රණශූර
පාලකයෙක් මෙන්ම සාහිත්‍ය කාමියෙක් විය. සතුරු කරදරවලින් තොර වී සියලුම ජාතීන් අතර සාමයෙන්
සංහිඳියාවෙන් යුත් මෙම කාලසීමාව සාහිත්‍යය ප්‍රබෝධයට තෝතැන්නක් විය. එතුමාට චන්ද්‍රවතී
ලෝක නාථ ( උලකුඩය නමින් දියණියන් දෙදෙනෙක් වූහ. සපුමල් කුමරු හා අම්බුලුගල
කුමාරයා නම් දෙබෑයෝ දෙදෙනෙක් ද පැවිදි වූ තොටගමුවේ
ශ්‍රී රාහුල හිමි පුත් තනතුර ලත් කුමරෙක් විය.
මායාදුන්නේ කුමරු ඔහුගේ එකම සොහොයුරාය. සඳෙස් කරුවන් රාජ වර්ණනය දී රාජ වංශය , ගෝත්‍ර ය රූපවත් බව, තේජස, බලප්‍රරාක්‍රමය, කීර්තිය, ගුණ
සමුදාය, ඉසුරු මත් බව , වැනි කරුණු ඉස්මතු
කරයි. සැළලිහිණි සංදේශයේ රාජ්‍ය වර්ණනාව
ඉතා එකකි. කවි පහකට පමණක් සීමා වේ. පුර වර්ණනයේ
දී කවි දෙකක් ද ( 18/19 කවි ) පසුව කැළණියේ
විභීෂණ දෙවිඳුන්ට අස්න සැල කිරීමට පෙර කවි තුනකින් යුක්ත වේ. ( 97 / 99 කවි )
කතුවරයා රාජ වර්ණනයට වර්ණනයට අවතීර්ණ වන්නේ මෙසේය.
රිවිබිම්බා
යුරු රිවි කුල කමලකර
පියුමම්බා
නිතොර ව රැඳී උර මැඳුර
මෙනරමබා හිමි
රූ සිරිනි මනහර
පැරකුම්බා
නිරනිදු සඳ දකු මිතුර
සූර්ය ය වංශික වූ එතුමා රූපශ්‍රීයෙන් මන බඳින රජෙකි. සූර්ය වංශය නැමැති පියුම් විලට හිරු මඬලක් වැනි ය. යන්නෙන් අදහස් කරන්නේ තම කුල
පරම්පරාව පුබුදුවාලීමට සමත් රජ කෙනෙක් බවයි. එතුමාගේ ළය නැමැති මන්දිරයේ ශ්‍රියාකාන්තාව
නිතරම වාසය කරන බව පවසයි. ඉන් ගම්‍ය වන්නේ
සෞභාග්‍යයෙන් යුත් රජෙක් යන අදහසයි. එසේම රම්බා නම් දෙවගනගේ ස්වාමියා (
නලකුමරු ) මෙන් රුසිරින් යුත් බව කියැවේ. අනතුරුව කවියා සිව් සැට ආභරණ හා ඔටුන්න පැළඳගෙන සිහසුන් දරා සිටින
විෂ්ණු දෙවියන් වැනි රජුගෙන් සිරිපතුල් වැඳ ගමන් ආරම්භ කරන ලෙස දුතයාට කවියා ප්‍රකාශ
කරයි.
රිවි කුල ලමැණි ගොත් පිරිසුදු ගුවන් මැද
පැහැදුල සරාකල්
පත් සහස කර බඳ
කිවි කැල ගලට මුතුහර වන් යස පබඳ
සිරි කල කුල නිවෙස් දිය පතළ තද තෙද
පැරකුම්
රජු සූර්ය වංශික ලම්බකර්ණ ගෝත්‍රයට අයත්
ප්‍රභාවෙන් දිලිසෙන කීර්ති රාශියක් ඇති
තේජස ලෝකයේ පතළ රජෙක් බව කවියා දක්වයි. එතුමා සරත් කාලයේ ගුවන් මැදට පැමිණි සූර්යයා මෙන් ප්‍රභාවෙන් දිලිසෙන, කවියන් සමූහයකගේ
ගෙලට මුතුහරක් වැනි කීර්ති රාශියක් ඇත්තෙකු ලෙස ද ශ්‍රී කාන්තාවගෙන් ප්‍රවේණිය ලද තේජස ලෝකයේ පතළ රජෙක්
බව කතුවරයා ප්‍රකාශ කරයි.
හළ දුසිරිත් දැන තෙවළා මුනිඳු
බණ
කෙළ පත් සියල් අවිසිප් කවි නළු සතණ
ඔළ මොළ රුපුන් දප මැඬ පෑ උපා නැණ
කළ මුළු ලක්දිව එක සේසත් සෙවණ
එතුමා ත්‍රිපිටක
බුද්ධ ධර්මය දැන දුශ්චරිතයන් අත් හැරියා වූ සියලු ආයුධ ශිල්ප කාව්‍ය නාටක ශාස්ත්‍ර
නමැති සමුදායෙහි කෙළවරට ( ගියා වූ උපාය ඥානය දක්වා ප්‍රචණ්ඩ සතුරන්ගේ දර්පය මර්දනය
කොට මුළු ලක්දිව එක් සේසතක සෙවණ යටතට ගත් රජෙකි.
ස්වභාව සෞන්දර්ය වර්ණනා
( මාර්ග උදා
සැඳෑ නිසා වැනුම් පිළිබඳ විචාරය )
අන් සන්දේශ අතරින් කෙටිම ගමන් මගකින් යුත් සංදේශය වන්නේ
සැළලිහිණි සංදේශයයි. ජයවර්ධනපුරයේ සිට කැලණියේ විභීෂණ දේවාලය වෙත එන ගමන් මගේ වටපිටාවේ ඇති සුන්දර ස්ථාන හා එහි සිරි
අසිරි විඳ ගැනීමට දූතයාට අවස්ථාව සම්පාදනය කරයි. රජුගෙන් අවසර ගත්
දූතයා මුලින්ම කොන්තගම් තොටින් පියාසර කරයි. එය සුන්දරත්වයෙන් පිරුණු ස්ථානයකි.
පෙරව
සඳ කිරණ පිපි කුමුදු මල් |
වටින් |
පරව
තඹර පෙති ගිලි තලා |
පිටින් |
තරව
සිහි ඇතිව පරතෙරට යන |
අටින් |
කරව
පියාසර සකි කොන්ත ගං |
තොටින් |
සඳකිරණ පොරවාගෙන කුමුදු මල් පිපුණු පරවි ගිලිහෙන නෙලුම් මල් පෙති
පාවෙන ජලතලා මතින් පරතෙරට යන අදහසින් වැඩි කල්පනාවෙන් යුක්තව කොන්ත ගං තොටින් එතෙර
පියාසර කළ යුතු බව කවියා අවවාදාත්මක ප්‍රකාශ කරයි. එය ස්වභාව සෞන්දර්යයෙන් යුක්ත ය.
ගඟ දියකට සඳරැස් වැටීම කුමුදු මල් පිපීම නෙලුම් මල් පරවී ජන මතුපිට ගමන් කිරීම
අපූර්වත්වයත් දනවන්නකි.
ඉසුරු
කෝවිලේ ලැගුම් ගත් දුතයාට පසුදා පංච තූර්ය නාදයෙන් නැගී සිටින විට උදෑසන මාරුතයේ සුවඳවත්
බව , සිසිල් බව සුළඟේ මද බව යන නැවුම් බව
සමගින් අපූර්ව සුන්දරත්වයක් පරිසරයේ සිදුව
ඇත. එනම් සූර්යෝත්ගමනයයි. එය කවියා දකින්නේ
උදා
ගිරි කසුන් රිටි වැට හිස |
බැබළි |
|
එදා
සහසකර පහනෙව් කරත |
හෙළි |
උදය පර්වතය නැමැති ස්වර්ණමය පහන් කණුව මත බබලන පහනක් මෙන්
සූර්යයා ඒ දිනය ආලෝක කරන බවයි.
නැගෙනහිර
දිසාවෙන් සමනොළ ගිර ද දකුණු දිසාවෙන්
මහසෙන් දෙව් රදපාය ද උතුරු දිසාවෙන් මහමුහුද ද වර්ණනාවට ලක් කරයි.
වලඳින
අදහසින් මෙන් සුර ගඟ |
අඟන |
නලබල
සසල දළ රළ පෙළ නුබ |
නැගෙන |
වෙලළසැ
ගැවසි මුතු සක් පබළු |
බබළන |
බල
මහ මුහුද එම සඳ උතුරෙන් |
පෙනන |
කවියා
මුහුද දකින්නේ සාමාන්‍ය අයුරින්
නොවේ. ආකාශ ගංගාව නැමැති කාන්තාව වැළඳ ගන්නා අදහසින් සුළං බලයෙන් මහත් රළක්
අහසට නැගෙන විට මුහුදු වෙරළේ මුතු හක් ගෙඩි පබළු
බබළන බව කවියා විස්තර කරයි. අනතුරුව මඟ තොරතුරු ගිරවුන්ගෙන් අසා දැන යන දුතයාට යාපාපටුන ජය ගෙන එන සපුමල් කුමරු ඇතුළු සේනාව
දැකීමෙන් පසුව වනාන්තරයක සුන්දරත්වය වර්ණනා කරයි.
අග
පිපි මල් මලිගිය ලිය |
කැලේ යා |
|
වග
බැඳ හෙන රජ හස පුල් |
විලේ යා |
|
ළඟ
තුරු මල් ගිලිහුණු |
රොනවුලේ යා |
|
මඟ
බැස යව පළ හෙළ වැලි |
තෙලේ යා |
වන
මුදුනෙහි පිපුනු පිපුණ මල් වලින් ද
රාජ හංසයන් රංචු
පිටින් බස්නා මල්
පිපුණු විල්වලින් ද මල් ගස්
වලින් ගිලිහුණු රොන් වලින්
ගැවසුනු සුදු වැලි තලාවන් ද එහි
වෙයි. සිතුවමක්
මෙන් අපූර්වත්වයෙන් වනයක
අසිරිය දක්වන කවියා කයිකාවල
ස්ථානයේ මුර කරන සෙබළුන්ට දැක මල්
ගසින් ගැවසුණු වන මුදුනින් ගමන්
කරමින් සිටින
ප් සැළලිහිණියාට මදක් නැවතී සල් ගසක
ගිමන් හරින ලෙස දක්වයි.
Comments
Post a Comment