ඉතිහාසය
ලංකා ඉතිහාසයේ මූලාශ්‍ර
ලංකා ඉතිහාසයේ මූලාශ්‍ර
මූලාශ්‍ර අතීතය ඉගැනීමට යොදාගන්නා මූලද්‍රව්‍ය ලෙස හැදින්විය හැක. එසේම අප අතීතය දෙස එබී බලන කවුලු ලෙස මූලාශ්‍ර හැදින්විය හැක. මූලාශ්‍ර වලින් අපට ඉතිහාසය පිළිබද කරුනු ලැබෙනවා පමණක් නොව. ඉතිහාසය කෙනෙක් දූරට පැතිර යන්නේද එයින් ඉතිහාසය කෙනෙක් දූරට උගත හැකිද යන්න තිරණය වේ. ලංකා ඉතිහාසයේ පුරාතන යුගය අවුරුදු 2000 ක් පමණ දිර්ඝ කාලයක් තිස්සේ පැතිර යන්නකි. මෙයින් බොහෝ කාලයක් සදහා යොදා යතහැකි විවිධ මූලාශ්‍ර රාශියක් වේ. මේ මූලාශ්‍ර අතිරින් වඞාත්ම වැදගත් මූලාශ්‍රය ලෙස දැක්ව්ය හැක්කේ මහාවංශය නමින් හැදින්වෙන වංශ කථාවෙන් දැක්වෙන වංශ කතාවයි. මේ වංශ කථාවෙන් දැක්වෙන ව්ස්තර නිසාත් අබන්ඞ ඉතිහාසය නිසාත් අනික් මූලාශ්‍ර වලට වඩා වැදගත් කමක් මහාවංශය දරයි. මහාවංශය ආගමික ඉතිහාසය ග්‍රන්තයනක් වශයෙන් ලියවුන නිසාත්, ඉතිහාසය හැදිරීමේදි එය මුල්තැන තබා ගැනිම යුක්ත ඉතිහාසය මහාවංශය නොතිබෙන්නට අපේ පැරණි ඉතිහාසයෙන් වැසි කොටසක් පිළිබව ඉගෙනීම මෙන්ම විස්තර ලබා ගැනිමද දූෂ්කර වනු ඇත. මහාවංශය හෝ එයට මුල්වු මුලාශ්‍ර පදනම් කරගෙන ලියුවුනු ඓතිහාසික යුක්ත පරණි කාලයේ සිටම සකස්කෙරුනු බව දක්නට ඇත. මේ කෘතින්ගේ අගය මැනිය යුත්තේ ඒවායෙන් කියවෙන සිද්දිනට කෙතරම් ආසන්න කාලයක සිට ඒවා රචනා වී දැයි යන්න ගැන සලකමිනි. මිලගට තවත් වැදගත් මුලාශ්‍රයක් ලෙස සැලකිය හැක්කේ ශිලා ලේඛනයි. සාහිත්‍ය මුලාශ්‍ර වලින් කියවෙන තොරතුරු වලට වඩා අමුතු කරුණු ශිලා ලේඛන වලින් සැපයේ. එපමනක් නොව ඒවායෙන් කියවෙන තොරතුරු සිද්ධි හා සමකාලින නිසාත් ශිලා ලේඛන විශේෂයෙක් වැදගත් වේ. වෙනත් පුරාව්ද්‍යාත්මක මුලාශ්‍ර ගැන සලකා බලන විට ප්‍රතමා, චිත්‍ර, ගෘහ නිර්මාණ හා කාසි සහ ඒ සියල්ලටම වඩා වැවි හා වාරි කර්මාන්ත අපේ පැරණි ඉතිහාසය ඉගෙනීට වැදගත් ආලෝකයක් ලබාදෙන මුලාශ්‍රයන්ය. මේ දිවයිනට පැමිණි නොයෙක් විදේශිය සංචාරකයෝ ලංකාව පිළිබද ඔවුන් තුල ඇතිවු ව්ව්ධ අදහස් සටහන් කර තිබුහ. චිනය, අරාබිය, ඉතාලිය වැනි රට වලින් පැමිණි සංචාරකයින් ව්සින් ලියන ලද මෙවැනි වාර්ථා වලින් සමහරක් ඉතා වැදගත්ය.
සාහිත්‍යමුලාශ්‍ර
මහාවංශය යනු අපේ ඉතිහාසය පිළිබදව ඇති පැරිණිම වාර්ථාව නොවේ. එයට පසුබිම වු කෘති රාශියක් තිබු බව පෙනේ. මෙවැනි කෘති සියල්ල ඉන්දියාවේ බුදු දහමේ ආරමිභයේ සිට පැවත එන ඉතිහාසය ලිවීමේ සමිප්‍රධායක ප්‍රථිපලයක් ලෙස හැදින්විය හැක. මේ කෘති සියල්ලෝම කතෘවරුන් බෞද්ධ හික්ෂුන් වහන්සේලා වේ. අප වෙත ඒවා පත්වුයේ විහාර වල ඒවා ආරක්ෂ වු නිසාය. ලංකාවට බුද්ධාගම ගෙන ලැබු බෞද්ධ ධර්මදුතයෝ තමන් සමග ත්‍රිපිටකය පමණක් නොව ශාසනයේ ඉතිහාසය පිළිබද විස්තරද ගෙන ආහ. මේ ශාසනික ඉතිහාසයට මගදයේ රඡුන් පිළිබද විස්තරන් ඇතුළත් වේ. ලංකාවට මිහිදු හිමි පැමිණිමට තුඩුදුන් කරුණු විශේෂ සැලකිල්ලකින් යුතුව ඊට ඇතුළත් කරන ලදි. තෙවන සංගාවනාවට පසු බුදු දහම පැතිරි යාම පිළිබද විස්තර දේවානම්පියතිස්ස රාඡ්‍ය සමයේ ම්හිදු හිම් සහ සංඝමිත්තා තෙරණිය ලංකාවට පැම්ණිමට හේතු කරුණු විශේෂ සැලකිල්ලක්න් යුතුව එක් කරන ලදි. කල්යාමේදි මේ මුල් ප්‍රවෘතිවලට තවත් කරුණු එකතු කරම්න් එම ග්‍රන්ථ පුළුල් කරන ලදි. මහින්දාගමනයෙන් පසු ලංකාවේ බුදු සසුන පිහිට විමත් මහා විහාරය පිහිට වීමත් දිවයිනේ ඉතිහාසයේ වැදගත් සිද්දින් ලෙස සලකන ලදි. පාලි ත්‍රිපිටකයට මුලින්ම සිංහල අටුවා ග්‍රන්ත ලියන විට එයට මේ සියලු මුබ පරම්පරා ගත තොරතුරු ඇතුළත් ඓතිහාසික වැදගත් කමක් එකතතු කරන ලදි.තුපාරාමය දාගැබේ පුඡා වස්තු නිදන්ගත කිරිම, බෝධි රෝපනය, ලෝවා මහාපාය, රුවන්වැලි මහා සෑය වැනි සිද්ධි ඉතා වැදගත් ලෙස සලකා මුබ පරම් පරාවේන් ගෙන එන ලදි.
පණ්ඩුකාභය රජතුමා 1 කොටස
පණ්ඩුකාභය රජතුමා
ලංකාවට බුදු දහම පැමිණි යුගයේ ඓතිහාසික වීරයා ලෙස මහවංශය දක්වනුයේ පණ්ඩුකාභය රජතුමාය. ඔහුගේ ජීවන ප්‍රවෘත්තිය හා කාර්ය්‍ය සංකල්පයන් වටා ජනකථා රාශියක් ගෙතී ඇත. මේ ඇතැම් කථා වලට සමාන කථා ප්‍රවෘත්ති ඉන්දියාවේ තෘෂ්ණ දෙවියා පිළිබද කතාවලත් දක්නට ඇත. පණ්ඩුකාභය රජු ගැන කරුණු ඉදිරිපත් කර ඇත්තේ සම්පුර්ණයෙන්ම ජනකතා ආශ්‍රයන් උපුටා ගෙන යැයි කිව හැක.ඉන්දු ආර්ය්‍යන් අතරේ පැවති ජනකථා ද මෙහිදී ප්‍රයෝජනයට ගන්නට ඇත. පණ්ඩුකාභය රජු පිළිබද නොයෙක් ජනකථා ගෙතෙන්නට ඇත්තේ අනුරාධපුර රාජ්‍යෙය් පළමු ආරම්භකයා මෙන්ම ශ්‍රි ලංකාවේ රජවරුන්ගේ මුල් පෙළපතේ ආරම්භකයා ලෙසත් ජනතාව අතර පණ්ඩුකාභය රජු පිළිබද පිළිගැනික් තිබුන නිසා වන්නට ඇත. ඔහු පිළිබද සදහන් කිරිමට මහා වංශයේ විශාල කොටසක් වෙන් කර ඇත. පණ්ඩුකාභය කුමරුගේ ළමා කාලය පිළිබදව බොහෝ තොරතුරුද බොහෝ දෙනාගේ විවේචනයට ලක්වි ඇත. මේ කාලය සම්බන්ධ කර දැක්වෙන කතාන්තර බොහෝ විට කල්පිත කරුණු ඇතුලත් වෙන ඒවා බව සාහාත්‍ය මුලාශ්‍ර උපයෝගිකරගෙන පෙන්වා දිය හැක.මහ වංශයේ පණ්ඩුකාභය යන නාමය ඔහුගේ මවගේ පිය වූ පණ්ඩුවාසුදේව හා මයිල නුවන්ගේ අභය යන නාමය එක් කොට සකසා ගත් බව සදහන් වේ. එසේම මහා වංශය ඔහු ආර්ය්‍ය රජ පෙලපතකට සම්බන්ධ කර දැක්විමට උත්සහ කර ඇත. සමන්ත පාසාදිකාව, දිපවංශය හදුන්වන ලෙස ඔහුගේ නාමය පණ්ඩුකාභය යි. දිපවංශය ඔහු සොරකු ලෙස සිටි බව දක්වා ඇත. වීරකාව්‍ය නිර්මාණයට උත්සහ නොකල එවැනි රචකයින් හැකි තාක් නිවරදිව තොරතුරු ඉදිරිපත් කිරීමට උත්සහ කර ඇති බව කිව හැකිය.
පණ්ඩුකාභය රජු පිළිබද විස්තරය මදක් සොයා බැලිමෙන් ඔහුගේ වැදගත් කම දැක්වෙන ප්‍රධාන කරුණු පිළිබද අවබෝධයක් ලබාගත හැකිය. වංශකථා ප්‍රවෘත්ති අනුව ඉන්දියාවේ සිට පැමිණ මෙහි රජුවු පණ්ඩුවාසුදේව රජුට සහ ඔහුගේ බිසව බද්ධකච්චානා දේවියට පුතුන් 10 හා චිත්‍රා නම් දියණියක් විය. දියණියගේ උප්පත්තියෙදිම ඇය ලබන පුතකු විසින් ඇයගේ සොහොයුරන් මරණයට පත්කරන වබට නක්ෂත්‍ර කරුවන් විසින් පවසා ඇත. එබැවින් අනතුරක් වලක්වනු පිනිස ඇය මරා දැම්මට සොහොයුරන් කල්පනා කල නමුත් වැඩිමහල් සොහොයුරාගේ මැදිහත් විමෙන් එසේ නොකොට ඇය වෙන්කර තබා අරක්ෂා කිරීමට විධි විධාන යෙදිය. එහෙත් ඇය තම මවගේ සොහොයුරෙකුගේ පුතෙකු වු දිඝ ගාමිණී සමග සම්භන්ධයක් ඇති කරගත් අතර පුතෙකුද ලැබුවාය. දිඝ ගාමිණී කුමරු පණ්ඩුවාසදේව රජුගේ රාජ සභාවේ සේවයේ නියුතුව සිටි අයෙකු බව සදහන් වේ. චිත්‍රා තම පුත්‍රයා එදිනම උපන් මහෙකාර ස්ත්‍රියකගේ දියණිය හා හුවමාරු කොට තම පුත්‍රයා රහසේ ඇතිදැඩි කිරිමට කටයුතු යෙදුවාය.
ඇය තම පුත්‍රයාව දොරමඩලාවට යව්වාය. වැඩිකල් නොගොස් රහස දැනගත් ඇගේ සොහොයුරන් කුමරු මරණයට පත් කිරිමට නොයෙක් උපක්‍රම යෙදුවත් එම උපක්‍රම අසාර්ථක විය.
පණ්ඩුකාභය යැයි නම් තබනු ලැබු මෙම කුමරා සොලොස් වෙනි වියට පැමිණ පසු රුහුණේ විසු පණ්ඩුල නම් බ්‍රහ්මණයෙක් යටතේ ශිල්ප හැදැරිමට කටයුතු යොදන ලදි. ශිල්ප හදාරා නිමවු පසු පණ්ඩුල බ්‍රහ්මනයා විසින් සෙනා රුස් කොට එයට අවශ්‍ය මුදල් ලබාදී තම පුත්‍රයාගේ සහය ද දුන්නේය. මේ අකාර 30 වසක පාලනයෙන් පසු පණ්ඩුවාසදේව රජු මරණයට පත්ව අභය රජ පැමිණ සිටියේය. සේනාවක් රුස්කර පණ්ඩුකාභය තමා කවුරුන්දැයි පවසා කාසි පර්වතය අසල පණ නම් නගරයේ කදවුරු බැදගෙන තම හමුදා බලය වැඩිකර ගත්තතේය. පණ්ඩුකාභය කැරලි කාරයෙකු ලෙස කටයුතු කල මේ කාලයේ ඔහුගේ මාමා වරුන් ඔහුට හිරුහැර කිරීමට එතරම් උනන්දු වු බවක් නොපෙනේ. ඉන්පසුව මොහු තම මාමා කෙනකු වු ශිව යටතේ පාලනය වු ගිරි කන්න නම් ප්‍රදේශයට ගොස් ශිව ගේ දියණිය වු ස්වර්ණපාලි කුමරිය තම සහයිකාව ලෙස පත් කර ගත්තේය
පණ්ඩුකාභය රජතුමා 2 කොටස
පණ්ඩුකාභය රජතුමා 2 කොටස
මේ පුවත ඇසු ශිව පණ්ඩුකාභයට විරුද්ධව හමුදාව එවු නමුත් ඒවා පරාජය විය. එමෙන්ම පලිගැනිමට සිතු පාලි කුමරියගේ සොහොයුරන් කිහිපදෙනෙකුම චන්ද්‍ර බ්‍රහ්මනයා විසින් පරාජය කරන ලදි. එම සටන් වලින් ජයගත් නමුත් පණ්ඩුකාභය කුමරු කාසි පම්බතයට පසු බැස සිටීම නුවනට හුරු බව කල්පනා කලේය. එහි සිව් වසක් ඔහු නතරව සිටි අතර මාමා වරු පැමිණ මොහුට පහර දුන්හ. එහෙත් ඔවුන් මහවැලි ගගෙන් එතෙරට පන්නා දමා එය ඔහුගේ සටන් මධ්‍යස්ථනය බවට පත්කරගෙන කටයුතු කරන ලදි. පණ්ඩුකාභය මර්ධනය කිරිමට නෙහැකි වු පසු ඔහුගේ වැඩිමහල් මයිලනුවන් වු අභය මහවැලි ගගෙන් එතෙර ප්‍රදේශය පණ්ඩුකාභයට දී සම්මුතියක් ඇති කර ගැනිමට යෝජනා කලේය. මෙයට අකමැති වු ඔහුගේ අනෙක් සෙහොයුරෝ අභය සිහිසුනෙන් නෙරපා තිස්ස සිහිසුනේ තැබුවේය.
ස්වාභාවික ආරක්ෂිත ස්ථානයක් වු දිබුලාගල සිව් වසක් ගතකර රිටිගල නම් ස්ථානයේ කදවුරු බැදගෙන තම මාමා වරුන්ට පහර දිමට ඔහු බලාපොරොත්තු විය. පළමුව රිටිගල සිට ඒ අවට ඔහු තම බලය පතුරුවා ගත්තේය. අවුරුදු 8 ක කාලයක් තිස්සේ එසේ ගත කල පසු ඔහුගේ මාමා වරු ඔහුට පහරදිම පිණිස රිටිගල වටා කදවුරු බැදගෙන සිටියහ.
පණ්ඩුකාභය මේ අවස්ථාවේ උපක්‍රමක් ගැන කල්පනා කර ඔහු යටත් වන බව අගවා ඔවුන් බලාපොරොත්තු නොවු මොහොතක ඔවුන් පහර දුන්නේය. මෙම සටනින් මොහු ජයගත්තේය. මෙම සටනේදී ඔහුගේ මාමා වරු අට දෙනෙක් මරණයට පත් වුයේය. මෙම සටන සිදුවුයේ ලබුනොරුව (ලාබු ගාම) නම් ස්ථානයේදිය.
මෙසේ වසර 17 ක් පුරා කැරලි කරුවෙකු ලෙස සටන් කල මොහු අභය රජු යටතේ පැවති ප්‍රදේශ වල අසහාය පාලකයා වී ඇති බව දක්නට ලැබේ. මේ අතර පණ්ඩුකාභය රජු තම කුඩා කාලය ආශ්‍රිත අප්‍රිය ජනක සිදුවිම් නිසා ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශයෙන් ආ උපතිස්ස නිර්මාණය කළ උපතිස්ස ග්‍රාමය තම වාසස්ථානය කරගැනිමට කැමති නොවිය. ඔහු අනුරාධ වාසය කල අනුරාධ ගාමයට ගොස් එය තම වාසස්ථානය කර ගත් බව ද දක්නට ලැබේ.
පණ්ඩුකාභය රජු ගැන වංශකථා ප්‍රවෘත්ති ඇතැම් අවස්ථාවල අද්භුත ජනක ලෙස සිතා ඉවත දැමිය නොහැක ඔහුගේ සටන් ව්‍යාපාරය හා සම්බන්ධ කර දැක්වෙන්නේ සීමා සහිත ජනතාවකි. එසේම වීර ක්‍රියා ආදිය ඔහු වෙත ආරෝපනය කර ඇත. පණ්ඩුකාභය පුවතේ එන යුද්ධ උපායන් විශ්වාස කිරිමට පුළුවන. පණ්ඩුකාභය රජු කල සටන් තුලින් ලංකාවට ආර්ය්‍යවර්ථයේ බටහිරින් හා නැගෙනහිරින් පැමිණි ආර්ය්‍ය කණ්ඩායම් දෙක අතර සටනක් පිළිබද හැගිමක් ඇතිකර ගත හැකි යැයි ඇතැම් ඉතිහාසඥයෝ පවසති.
ඒ අදහස මගින් ලංකාවට ආර්ය්‍යවර්ථයේ බටහිරන් පැමිණි මුල් ජනයා ලංකාවේ වයඹ දිග හා බටහිර ඇසුරු කර පදිංචි වු බවත් ආර්ය්‍යවර්ථයේ නැගෙනහිරින් පැමිණි ජනයා ලංකාවේ නැගෙනහිර ආශ්‍රිතව ව්‍යාප්ත වු බවත් පැහැදිළි වේ. කල් යාමේදි දිවයිනේ ආධිපත්‍යයට මේ දෙපක්ෂයම අතර සටනක් ඇතිවු බවත් එම සටනින් නැගෙනහිරින් පැමිණි අය ජයගත් බවත් පැහැදිළි වේ.
ඇතැම් ඉතිහාසඥයන්ගේ මතයටඅනුව ආර්ය්‍යන්ට විරුද්ධව ස්වදේශිකයන් මෙහෙයවු ස්වදේශිකයෙකු ලෙස පණ්ඩුකාභය හදුන්වයි එසේත් නැනි නම් යටත් පිරිසෙන් ස්වදේශිකයින් ලෙස සැලකිය හැකි යක්ශයන්, යක්ශයනියන්ව ආශ්‍රය කරන ලද බවත් ඔවුන්ගේ විශාල උපකාර වලට ලක්වී ඇති බවත් සමන්ත පාසාදිකාව දිපවංශය වැනි මුලාශ්‍ර වල පණ්ඩුකාභය වැනි නාමය හා පඩුන්ඩක යන නාමය භාව්තා කිරිමත් ඊට සාදක ලෙස දක්වා ඇත. දිපවංශය සමන්ත පාසාදිකාව වැනි ග්‍රන්ථ වල පණ්ඩුකාභය රජු ගැන සදහන් වන්නේ ඉතා කෙටි හැදින්විමකි
ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය.
ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය.
රටක සොභාවික පිහිටිම හා එරට ඉතිහාසය අතර කිට්ටු සබදතාවයක් ඇත. එබැවින් ලංකාවේ පිහිටිම කෙතෙක් දුරට එහි ඉතිහාසය කෙරෙහි බලපා ඇත්දැයි සොයාබැලිය යුතුය. ලංකාවේ පිහිටිම දෙස බලන විට අපට පෙනියන එක් කරුණකි ලංකාව ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති බව. ඒ සමගම පෙනෙන තවන් කරුණක් නම් දකුනින්, නැගෙනහිර හා බටහිර ලොව අනෙක් රටවල් වලින් ඈත්ව සමුද්‍ර සන්ධියක පිහිටා ඇති බවයි. ලංකාවේ භූගෝලිය තත්වය විමසා බලව විට ලංකාව කුඩා දිවයිනක් බවත් එබැවින් එහි ඉතිහාසය කෙරෙහි එම තත්වය බලපා ඇති බවත් සදහන් කල යුතුය.
- ඉක්මනින් සතුරු ආකුමණ වලින් බේරීම.
- ඉක්මනින් සතුරු ආකුමණ වලට නතුවීම.
- ලංකාව ඉන්දියාවෙන් ඈත්ව පිහිටිමද එහි ඉතිහාසය කෙරෙහි බලපෑවේය. එබවින් ඉන්දියාවට එල්ලවු ආක්‍රමණ වල බලපෑම ලංකාවට ඇති නොවීම.
- මුස්ලිම් ආක්‍රමණ වල බලපෑමට ලංකාව නතු නොවීම.
- ඉන්දියාව ආසන්නයෙන් පැවති නිසා බුදු දහම ලංකාවට පැම්ණීම.
- මුස්ලිම් ආක්‍රමණ නිසා ඉන්දියාවේ බුදු දහම පිරිහිම එහෙත් ලංකාවේ බුදු දහම එලෙසම පැවතිම.
ඒ හැර අභ්‍යන්තර ගෝලීය ලක්ෂණද එහි ඉතිහාසයට බලපා ඇත.
ලංකාවේ ඉතිහාසය කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණ නම් ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටිමයි. මෙය කෙතරම් වැදගත්වී ද කිවහොත් ලංකා ඉතිහාසය සම්පුර්ණයෙන්ම හැඩ ගැසුනේ ඉන්දියානු බලපෑම් අනුවය. සමහර විද්‍යාඥයෝ මෙයට වසර දහස් ගනනකට පෙර ලංකාව ඉන්දියාවේ කොටසක්ම තිබෙන්නට ඇතැයි පවසති. ලංකාවට ආර්ය්‍යන්ගේ පැමිණිමට සිදුවුයේ ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටා තිබීම නිසා යැයි කිව හැක. ඉන්දියාවේ ඒ ඒ කාල වලදී ඇතිවු අධිරාජ්‍ය වල බලපැම් ලංකාවේ දක්නට ඇත්තේ මෙසේ ඉන්දියාවට ආසන්නව පිහිටීම හේතු කරගෙනය.
- මෞර්ය්‍ය රාජ්‍ය මගින් බුදු දහම පැමිණීම.
- ගුප්ත අමරාවතී සම්ප්‍රධායන් ලංකා කලා අංශයට බලපෑම.
අනුරාධපුර යුගයේදී පල්ලව ගුප්ත, මෞර්ය්‍ය ආදි ලෙස ඇතිවු සෑම අධිරාජ්‍යයකම බලපෑම් ලංකාවට ඇතිවිය. අනුරාධපුර යුගයේ ඉන්දියාව ලංකාව කෙරෙහි කෙතරම් බලපෑවේදයත් සමහරු එම යුගය ඉන්දියානු යුගය ලෙසද හදුන්වයි. මුලින් සදහන් කල සැම අධිරාජ්‍යයකම ආගම, කලාශිල්ප, දේශපාලන මතිමතින්තර ආදී සෑම අංශයක්ම ලංකාව කෙරෙහි බලපා ඇති බව පෙනේ.
අනුරාධපුර යුගයේ මුල් කාලයේදී ඉන්දියාවෙන් ලංකාවට ලැබුනු වැදගත් දායාදයක් නම් බුදු දහමයි. බුදු දහම හදුන්වා දිමත් සමගම ලේඛන කලාව, ගෘහ නිර්මාණ ශිල්ප, චිත්‍ර කලාව, මුර්ති හා කැටයම්, සාහිත්‍යය ආදි සෑම අංශයක්ම ලංකාවේ දියුණු විය. කල් යාමේදි ඉන්දියාවේ ඇතිවු වෙනත් ආගම්ද ලංකාව කෙරෙහි බලපෑවේය.
පොළොන්නරු යුගයෙදි ලංකාව කෙරෙහි බලපෑම් ඇති කලේ දකුණු ඉන්දියානු අධිරාජ්‍යයන්ය. එම රාජ්‍යයන් නම් සොලින් (චොල) , පාණ්ඩ්‍ය, කේරල (මේර), මේනාද්, විජය නගර් ආදි රාජ්‍යයන්ය. උතුරු ඉන්දියානු අධිරාජ්‍ය වැඩි වශයෙන් ලංකා සංස්කෘතිය කෙරෙහි බලපෑම් කල අතර දකුණු ඉන්දියාවේ ඇතිවු අධිරාජ්‍යයන් වැඩිවශයෙන් ලංකාවේ දේශපාලන කටයුතු කෙරෙහි බලපෑම් කරන ලදී.
දකුණු ඉන්දීය අධිරාජය්‍ය නායකයෝ ඔවුන්ගේ බලය ව්‍යාප්ත කිරිමේදි ලංකාව අල්ලා ගන්නට උත්සහ කලේ ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා තිබීම නිසා ය.චෝල අධිරාජය්‍යයේ අදහස් මේ කාලයේදි ලංකාවේ රජවරු කෙරේ තදින් බලපා ඇති බව පෙනේ. චෝල අධිරජුන් දකුණු ඉන්දියානු ප්‍රදේශ ලබා ගැනිමෙන් පමණක් සෑහිමකට පත් නොවී. ඉන්දියාවෙන් පිටත රාජ්‍යන් නතු කර ගැනිමට කල උත්සාහය ලංකාවේ රජවරු කෙරෙහිද බලපෑ ආකාරය පොළොන්නරුවේ පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ විදේශ ප්‍රතිපත්තියෙන් පැහැදිලි වේ.
මෙසේ ඉන්දියාවට සමීපව ඉන්දියාවෙන් වෙන්ව පිහිටා තිබිම නිසා ඉන්දියාවේ ඇතිවු සිද්ධීන් බොහෝ දුරට ලංකා ඉතිහාසයට බලපෑ නමුත් ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිට්ම නිසා මෙහි ඉතිහාසය ලංකාවටම විශේෂ වුවක් ලෙස සකස්වුනි.
ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය 2 කොටස.
ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය 2 කොටස.
පරසතුරු ආක්‍රමණ හා නොයෙකුත් විප්ලව හේතුවෙන් නොයෙක් කාලවල ඉන්දියානු ශිෂ්ඨාචාරය විනාශ වී ගියත් (12වන 13 වන සියවසේදි මුස්ලිම් ආක්‍රමණ එල්ලවිම) ඒවායේ බලපෑම කෙලින්ම ලංකාවට එල්ල නොවුයේ මෙසේ ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටිම නිසාය. ඒ අනුව ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටිම හේතුවෙන් ඉන්දියාවේ සිද්ධින්ගේ බලපෑම මෙහි දක්නට වු අතරම, ඉන්දියාවෙන් වෙන්ව පිහිටිමෙන් එම බලපැම් වලට එක එල්ලේ යටත් නොවී සිටිමට ලංකාවට හැකි විය. ඉන්දියාවේ බුදු දහම විනාශ වුවත් ලංකාවේ එසේ නොවුයේ ලංකාව ඉන්දියාවෙන් ඇත්ව පිහිටිම නිසාය.
ශ්‍රී ලංකාවේ භූගෝලිය පිහිටිම සලකා බලන විට ඊළගට සැලකීම යොමු විය යුත්තේ ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව යුරෝපය හා ඈත පෙරදිග සම්බන්ධ කෙරෙන මුහුදු මාර්ගයේ අසලින්ම පිහිටා තිබීම කෙරෙහිය.මේ පිහිටිම හේතුවෙන් පුරාණයේ සිටම වෙළහෙළදාම මගින් පිටස්තර ලෝකය සමග සබදතා පවත්වාගෙක යාමට ලංකාවට ඉඩ ලැබනු බව දක්නට ඇත. මහාතිත්ථ අසලින් ලැබි ඇති පුරාණ රෝම කාසි රුසක් ඒ කාලයේ රෝමයේ විවිධ ප්‍රදේශ හා ලංකාව අතර තිබු සබදතා පැහැදිළි කරයි. ඉතා පැරණි ග්‍රීක ලේඛකයන් හා කවීන් ද මේ වෙළෙද සබදතා ගැන කරුණු දක්වා ඇත. වර්ථමනයේ කන්කසන්තුරය (සම්බිලිතුරෙයි) නමින් හදුන්වන පුරාණ ජබ්බකෝලපට්ටන (දඹකොල පටුන) වරාය උතුරු ඉන්දියාව සමග කල සබදතා වල මුලික වරාය විය. එසේම ගෝකන්න වරාය ද ඉන්දියාව හා ඈත පෙරදිග අතර සබදතා පැවැත්වු තවත් වරායකි.(බද්ධකච්චානා කුමරිය තම සහෝදර පිරිස සමග පැමිණි වරායයි.)
ශ්‍රි ලංකාව මුහුදු මාර්ගයක පිහිටා තිබිම එහි ඉතිහාසය කෙරෙහි වඩාත් බලපාන්නට වුයේය. 16 වන සියවසෙන් පසුව පෘතුගිසි, ලන්දේසි, ඉංශ්‍රිසි ආක්‍රමණ වලින් පසුව වෙළෙදාමේ වැදගත්කම වැටහුනු යුරෝපියෝ මුහුදු මාර්ග භාවිතා කරන්නට වුහ. (1453) දී පෙරදිගට පැමිණි යුරෝපියෝ ලංකාව මධ්‍යස්ථානයක් වශයෙන් සලකන්නට වුහ. ඒ හැර ලංකාවේදි ඔවුන්ට අවශ්‍ය වෙළෙද ද්‍රව්‍ය ලබාගැනිමට පහසු වුයෙන් යුරෝපියන්ට ලංකාව ඉතාම වැදගත් ප්‍රදේශයක් බවට පත්විය. මෙහිදි ඉංශ්‍රිසින්ට ත්‍රිකුණාමලය වරාය ඉතාම වැදගත් විය. ලංකාව මුහුදු මාර්ගයක මධ්‍යගතව පිහිටා තිබිම. ලංකා ඉතිහාසයේ වැදගත් වන්නේ ලංකාවේ නුතන යුගය ආරම්භ වන්නේ යුරෝපියන්ගේ පැමිණිමෙන් පසු බැවිනි.
ලංකාව කුඩා දිවයිනක් වීමද එහි ඉතිහාසය කෙරෙහි බලපා ඇත. ලංකාව කුඩා වීම නිසා අතීතයේදී ප්‍රාදේශිය වෙනස්කමි බහුලව දක්නට නොවීය. විශාල රටක් වු ඉන්දියාවේ ඉතිහාසයේ මෙවැනි ඒකාකාරි බවක් දක්නට නැත. ලංකාව කුඩා වීම නිසා බොහෝ අවස්ථා වලදී රජවරුන්ට මුළු රටම එක්සත් කර ඒකිය පාලනයක් ගෙනයාමට හැකියාව ලැබුනි. ලංකාව කුඩා රටක් වීම නිසා විදේශිකයන්ට ද ලංකාව අල්ලා ගැනිමට පහසු විය.
රටක භූගෝලිය පිහිටිම විමසා බලන කල එහි අභ්‍යන්තර පිහිටිමද විමසිල්ලට භාජනය කල යුතු වන අතර එම තත්වද රටේ ඉතිහාස කෙරෙහි බලපා ඇති බව පිළිගත යුතුය. ලංකාවේ අභ්‍යන්තර පිහිටිම අනුව කදුකර, තැනිතලා වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.ඒ අතරම තෙත් කලාපය හා වියලි කලාපය වශයෙන් දේශගුණය අනුවද කොටස් දෙකකට බෙදිය හැකිය. වියලි කලාපය වු උතුරු ප්‍රදේශයේ මල්වතු ඔය (කදම්බ නදි), කලා ඔය (ගෝණනදී), දැදුරු ඔය (ජජ්ජර නදී), මහවැලි ගග ආදි ගංගා පිහිටා ඇති අතර දකුණු ප්‍රදේශයෙ වලවේ ගග (වනවාහිනි නදී), කිරිද ඔය (කිරින්ද නදී), මැණික් ගග (කප්පකන්දර නදී) ආදි ගංගා පිහිටා ඇත. උතුරු පහත් බිම් ඉන්දියාවට ආසන්නව පිහිටා ඇති අතර එහි දේශගුණයද බොහෝ දුරට ඉන්දියාවේ දේශගුණයට සමාන වේ. ඉන්දියාවේ සිට පැමිණි ආර්ය්‍යන් මෙම පහත් බිම් තම ජනාවාස භූම් ලෙස තෝරා ගන්නට ඇත්තේ මෙම සමාන තත්වය නිසා වන්නට ඇත.
ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය 3 කොටස.
ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය 2 කොටස.
ප්‍රධාන ජීවන මාර්ගය ගොවිතැන කරගත් ආර්ය්‍යන් ඒ අනුව තම වාස භූම් ලෙස වියලි කලාපය තෝරා ගැනිම නිසා ලංකාවේ ප්‍රථම ශිෂ්ඨාචාරය වියලි කලාපයෙන් බිහිවී ඇති බව දක්නට ලැබේ. ඒ අනුව ලංකාවේ මුල් යුගයන් වල එනම් අනුරාධපුර, පොළොන්නරු ඉතිහාසය එසේ සකස්වීමට භූමියේ පිහිටිම බලපා ඇතිබව පෙනේ. තවද තෙත් කලාපය වී ගොවිතැනට අවශ්‍ය යෝග්‍ය තාවයෙන් යුතු නොවීමද ආර්ය්‍යන් පළමුවෙන්ම වියළි කලාපය තෝරා ගැනිමට බලපා ඇත. තවද උතුරේ ජනාවාස වලට පසුව ආර්ය්‍යන් ක‍්‍රමයෙන් ගිනිකොන දිග වියළි කලාපයට ඇදි යාමට හේතුවුයේද මෙම භූගෝලිය පිහිටිමයි. තවද ඉන්දියාවට ආසන්නව උතුරු තැනිතලා පිහිටිම නිසා දකුණු ඉන්දිය රාජ්‍ය වල යුධ සේනා බෙහෝ අවස්ථා වල එම රාජ්‍ය අල්ලා ගැනිමට උත්සහ දැරිය. එලෙස ලංකා ඉතිහාසයට සෑම අවස්ථාවකම දකුණු ඉන්දිය බලපෑම් ඇතිවිමට මෙම භූගෝලිය පිහිටිම බලපා ඇති බව දක්නට ලැබේ.
උදා-: සේන ගුත්තික ආක්‍රමණ, එලාර, පුල්ල හත්ත ආක්‍රමණ
ප්‍රධාන ජිවන උපාය ගොවිතැන කරගත් ආර්ය්‍යන්ට උතුරේ පහත් බිම් වල ශිෂ්ඨාචාර ගොඩ නැගීමට උපකාරි වු තවත් කරුනක් නම් ජලය ලබාගැනිමට ප්‍රමාණවත් ගංගා පිහිටිමයි එය කෘෂිකර්මාන්තයට මෙන් අනුරාධපුර නගරයේ ඇතිවු දියුණුවටද එය මහත් පිටිවහලක් විය.
දකුණු පහත්බිම් වලින් බටහිර කොටස තෙත් කලාපයට අයත් වු අතර නැගෙනහිර කොටස වියලි කලාපයට අයත් විය. මේ ප්‍රදේශ අනුරාධපුරයෙන් ඈත් වු නිසා බොහෝ විට එහි නිදහස් පාලනයක් ඇති වීමට මග පෑදුනි. රජරට දුර්වල පාලකයන් සිටි සෑම අවස්ථාවකම පාහේ රුහුණේ නිදහස් පාලනයක් දක්නට ලැබුනි.
මධ්‍යම කදුකර ප්‍රදේශය මලය රට නමින් හැදින්විය. මේ ප්‍රදේශ කදු සහිත වු හෙයින් සහ වනාන්තර බහුලව වු හෙයින් නුතන කාලය දක්වා ජනාවාස වලින් තොර ප්‍රදේශයක් වශයෙන් පැවතුනත් විදේශ ආක්‍රමණ ආදින්ගෙන් ආරක්ෂා වි පැවතුනේය. අතීතයේ සිටිම බොහෝ සෙයින් වැරදි කල පුද්ගලයින් ආරක්ෂාව සදහා පලාගියේ මේ ප්‍රදේශයටය.
උදා-: (දුටුගැමුණු රජු තම පියාට විරුද්ධව කටයුතු කිරිමට ගොස් බේරිම සදහා පලා ගියේ මලය රටටය,
වලගම්බා රජු ද්‍රවිඩයන්ට බියව සැගවි සිටියේ මලය රටේය.
පළවන විජයබාහු රජ සොලින්ගෙන් පරදින විට ආරක්ෂාව සදහා මලය රටට පසුබැස්සේය. (සොලින් ශ්‍රි ලංකාව අවිරුදු 70 පාලනය කලේය.) පළවන පරාක්‍රම බාහු රජ මලය කදුකරයට පැරදුන අය ආරක්ෂාව තකා පලායන නිසා ඔහු ප්‍රථමයෙන්ම මලය රට අල්ලා ගත්තේ එය වලක්වා ලිමටය.
1796 දි ඉංශ්‍රිසින්ගේ පැමිණිමෙන් පසුව. 1803 දී උඩරට අල්ලා ගැනිමට උත්සහ කලත් එය අසාර්ථක වු නමුත් 1815 දි උඩරට ආක්‍රමණය කලේ සිංහලයින්ගේ වැරදි නිසාය.
ඝන කැලෑ සහ කදු සහිත නිසාත් අනෙකුත් ප්‍රදේශ වලින් වෙන්වී පිහිටිම නිසාත් මේ ප්‍රදේශ බෙහෝ කලක් නිදහස්ව පැවතුන බව දක්නට ලැබේ. 16 වන සියවස අවසානස වෙද්දි ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ විදේශිකයින් සතු වුවද මුළු මනින්ම එය අල්ලා ගත නොහැකි වුයේ රට මැද කදු වලල්ලකින් ආරක්ෂා වී තිබීම නිසාය. 1815 වන විටත් මුළු ලංකාවම විදේශිකයන්ට යටත් කරගැනිම අපහසු වී ඇති බව දක්නට ලැබේ. මේ කරුණු අනුව බලන විට ලංකා ඉතිහාසයේ මුල් යුගයේ සිට නුතන යුගය දක්වාම. ලංකාවේ පිහිටිම හා එහි භූ විෂමතා ලක්ෂන (අභ්‍යන්නර පිහිටිම) ලංකා ඉතිහාසය කෙරෙහි බලපා ඇත. ලංකාවේ ගංගා වල පිහිටිමද මෙය සදහා බලපා ඇත.
මධ්‍යම කදුකරයෙන් ආරම්භ වී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගලා යන ගංගා නිසා මධ්‍යම කදුකර ප්‍රදේශ වලට ලගාවීමට මෙයද එනම් ගිරි දුර්ග මෙන්ම ජල දුර්ග ද විශාල භාදාවක් වී ඇත.
"vikum dulanjala" ලියූ අනෙකුත් ලිපි
- පණ්ඩුකාභය රජතුමා 2 කොටස
- පණ්ඩුකාභය රජතුමා 1 කොටස
- ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය 3 කොටස.
- ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය 2 කොටස.
- ලංකාවේ භූගෝලිය පිහිටිම ඉතිහාසයට බලපෑ ආකාරය.
- කාසි සහ විදේශිය මුලාශ්‍ර
- ශිලා ලේඛණ 4 කොටස
- ශිලා ලේඛණ 3 කොටස
- ශිලා ලේඛණ 2 කොටස
- ශිලා ලේඛණ 1 කොටස
- කොටස
- ශිලා ලේඛණ 1 කොටස
- මහා වංශය 3 කොටස
- ශිලා ලේඛණ 1 කොටස
- මහවංශය 2 කොටස
- මහාවංශය
- ලංකා ඉතිහාසයේ මූලාශ්රන 2
- ලංකා ඉතිහාසයේ මූලාශ්රන
- ලංකා ඉතිහාසයේ මූලාශ්‍ර
- ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස 4 කොටස
- ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස 3 කොටස
- ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස 2 කොටස
- ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස 1 කොටස
- මහා වංශය 3 කොටස
http://www.myschool.lk/ලිපි/ශ්‍රී-ලංකාවේ-ආර්ය-ජනාවාස-2-කොටස/MTY0/MTMx
Comments
Post a Comment