Posts

Showing posts from 2019

අඳුර අපේ දුක නිවාවි ගුණදාස අමරසේකර

අඳුර අපේ දුක නිවාවි ගුණදාස අමරසේකර නව කතාකරුවෙකු, කෙටි කතාකරුවෙකු කවියෙකු විචාරකයකු දන්තවෛද්‍යවරයෙකු වූ ගුණදාස අමරසේකර ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප‍්‍රදේශයේ 1929 නොවැම්බර් 12 වැනි දා උපත ලැබී ය. යටලමත්ත රජයේ පාසලින් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු මෙතුමා ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය  ලබා වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. සිය සාහිත්‍ය සේවාව උදෙසා ආචාර්ය උපාධියෙන් පුද ලැබුවෙකි. ඔහුගේ මුල්ම කෙටිකතා සංග‍්‍රහය ”රතුරෝසමල”යි.ප‍්‍රථම නව කතාව කරුමක්කාරයෝ වේ. රාජ්‍ය සමිමානයෙන් ද පිදුම් ලැබුවෙකි. ඇතැම් පොත් විදෙස්  භාෂාවන්ට ද පරීවර්තනය වී තිබේ. නවකතා • ධාතුසේන • කරුමක්කාරයෝ • යළි උපන්නෙමි • දෙපානොලද්දෝ • ගන්ධබ්බ ආපදානය • අසත්‍ය කථාවක් • පේ‍්‍රමයේ සත්‍ය කථාව • ගමනක මුල • ගම්දොරින් එළියට • ඉණිම‍ඟේ ඉහළට • වංකගිරියක • යළි මඟ වෙත • දුරු රටක දුකට කිරියක • ගමනක මැද • අතරමඟ • ගමනක අග කෙටිකතා • රතු රෝස මල(1953) • ජීවන සුවඳ(1960) • එක ම කථාව(1969) • එක්ටැමෙන් පොළවට • කථා පහක් • ගල් පිළිමය සහ බොල් පිළිමය • මරණ මංචකයේ දුටු සිහිනය • පිළිම ලොවයි පියවි ලොවයි

පරාක්‍රම කොඩිතුවක්කු දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්

පරාක්‍රම කොඩිතුවක්කු දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්  කොළඹ යුගයේ හැත්තෑව දශකයෙන් පසුව ආරම්භ වන නිදහස් කවියේ දෙවැනි පරම්පරාවට අයත්  පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත පොඩි මල්ලියෙ පද්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් ජන කවි පන්තියට වස්තුන් වස්තු විෂය වන්නේ පුද්ගලයකුගේ සිත් තුළ  ජනිත මනෝභාවයකි . කාව්‍ය පන්තිය ට අනුභූතිය වන්නේ තමා වෙතින්  වෙන් ව ගිය ආදරවන්තිය පිළිබඳ ආවර්ජනයකි . වර්තමාන සමාජයේ  සමාජ ප්‍රශ්නයක්  සාකච්ඡා කරන පැදි පෙළකි .  අනියම් පෙම නිසා පවුල් ජීවිතය බිඳ වැටෙන අවස්ථා සමාජ පිළිලයක් බවට බඳුන් වී ඇත.  මෙම පැදි පෙළේ දී ද  සාකච්ඡාවට බඳුන් කරන්නේ ආදරයෙන් වෙළී සිටි  ආදර වන්තිය  වෙනකෙකු අත ගැනීම නිසා  වික්ෂේපයට පත්  පුද්ගලයාගේ  ජීවන දෘෂ්ටිය යි.  නොවැලපෙමි, ඔබ යන්න වැලප ඇති  පල කිම්ද? ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ  සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල්  මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකි ද ? කථනයට බඳුන් වන පුද්ගලයා  ඔබ යන්න වැලප ඇති පල කිම්ද  යන යෙදුම්න් ඔහු තුළ පවත්නා උදාර භාවය  මෙන් ම  බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍යතා සංකල්පයෙන් පන්නරය ලැබූවෙකි.   ඔබ යන්න  වදනින් උදාර භාවය

සොබා දම් අපූර්වතාව රසවත්ව හෙළි කරන 'මඟුල් ගීය' - අරිසෙන් අහුබුදු අන්තර් ජාලයේ උපුටා ගත්තකි.

කලාසූරී අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කරන්න] කලාශූරී නාමය ද[තහවුරු කරන්න] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානයද[තහවුරු කරන්න] හිමි කරගෙන ඇත. අරිසෙන් අහුබුදු   උපත දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ මාර්තු 18, 1920 කොග්ගල, මලළගම, ශ්‍රී ලංකාව මරණය මැයි 26, 2011 කොළඹ ශ්‍රී ලංකා ජාතිකත්වය   Sri Lankan වෘත්තිය ලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්. රචිත ග්‍රන්ථසංස්කරණය • අඩුව • හදිය • කුමරතුඟු දෑ ඇල්ම • කුමරතුඟු ඇසුර • සිංහල වංස කතාව • රන් කිරුළ • අරුත නිරුත • මහා පාවා දීමේ ජාතකය • එන කපේ බණ කතා • කලට පිපෙන මල් • හෙළ දෙරණ වග • කොග්ගල පවත • මංගල කිංකිණි • දම් රස දහර • අසම්මතය රජ වීම • අරිසෙන් අහුබුදු හරසරණිය • සක්විති රාවණ • ලංකා ගම් නම් වහර • අතු අ

පිරිවෙන් සිංහල 5 විෂය නිර්දේශය - කවිය ( කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවියෝ හා පද්‍ය නිර්මාණ විමසුම )

 කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවියෝ  පියදාස සිරිසේන   ආනන්ද රාජකරුණා  එස් මහින්ද හිමි   පීඑච්පෙරේරා  කවීන්ගේ වස්තු විෂය  දේශාභිමාන හා ජාත්‍යානුරාගය  ස්වභාවික සෞන්දර්යය වර්ණනා  ළමා සිතුම් පැතුම් මුල් කොට ගැනීම  සමාජය සංශෝධනයට සදුපදේශ ලබා දීම  ආගමික චරිත හා බොදු බැතිය දැනවීම  කවි බස  පැරණි පද්‍ය කාව්‍ය බස යොදා ගැනීම  ආවේගාත්මක බස් වහරක්  කට වහරේ බසක් භාවිතය  ළමා ලොවට ගැලපෙන සරලහා සුඛ නම්‍ය බස  සංකල්ප රූප  පැරණි කවි සමයේ ඇසුරෙ ඇසුරෙන් ගොඩ නගා ගත් සංකල්ප රූප භාවිතය  ළමා මනසට ගෝචර වන නව සංකල්ප රූප භාවිතය  ආකෘතිය  පුරාතන පැදිසම්පදායේ සම්ප්‍රදායේ ආභාසය  ළමා පැදි සඳහා සරල ආකෘතියක් යොදා ගැනීම  පියදාස සිරිසේන  වසන්ත කාලය අවුරුදු කාලයේ ස්වභාවදහමේ අසිරියත්, එකල පවත්වන උත්සවත්, එමගින් වැඩිහිටියන් අනුගමනය කරනදුසිරිත්දැනුවත්කර දේශාභිමානය හා ජාතික හැඟීම් පුබුදුවාලීම කවියාගේ අරමුණයි. වසන්ත කාලය ස්වභාව සෞන්දර්යේ අපූර්ව නිර්මාණයකි. එහිදී මල් පිපීමහාසුවද හැමීම , පලබරින් යුක්තවීම, සියොතුන්ගේනාද පැවැත්වීම, වැසිවිටීම කවියා විස්තර කරයි. මල් පිපීමහාසුවද හැමීම  සුරත්පුල්උවන්කොඳදත්බබ ලන්නී

කවිය හදුනා ගැනීම

 කවිය යනු කුමක්ද  නිර්වචන කීපයක්  රසය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි.  විශ්වනාථ   රමණීය අලුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි . ජගන්නාථ  කවිය යනු අනුන් අනු සාහසිකව කලා එන ප්‍රබල හැඟීම් ය .   විලියම් හැස්වීම්  කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම ය .  එලියට්  කාව්‍ය විචාර මූලධර්ම  කාව්‍ය භාෂාව  කාව්‍යෝක්ති උපමා රූපක ආදිය අලංකාර යෙදුම්  කාව්‍යක විවිධ ආකෘති  විරිත රිද්මය ලය   පරිකල්පනය ප්‍රතිභාව   විවිධ කාව්‍ය ශෛලීන්  කාව්‍ය විචාර සම්ප්‍රදායන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමේදී   රසවාදය   ධ්වනිවාදය  ඖචිත්‍යවාදය   අලංකාරවාදය   රීතිවාදය  භාවිත විචාරය  කවියා හඳුනාගැනීම   ප්‍රතිභාව   ව්‍යුත්පත්තිය  සතනාභ්‍යාසය  කවියාගේ කාර්යභාරය  කවියේ අරමුණ   රස නිෂ්පත්තිය   ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාම   සමාජ මෙහෙවර  කාව්‍ය නිර්මාණ රසාස්වාදයේදී සැලකිලිමත් විය යුතු කරුණු  වස්තු විෂය හඳුනාගැනීම  අනුභූතිය අපූර්වත්වය හා අර්ථවත් බව විමසීම  කවියාගේ අරමුණ හඳුනා ගැනීම  ආකෘතිය විමසීම  කාව්‍ය භාෂාව සොයා බැලීම   භාෂාවේ වචන වල කෝෂාර්ථ වාච්‍යාර්ථ ලක්ෂණ ව්‍යංගාර්ථ පිළිබද අවබෝධය 

කුකුළු හැවිල්ල රැපියෙල් තෙන්නකෝන්

රැපියෙල් තෙන්නකෝන්ගේ  හැවිල්ල නමැති කවි පොතෙන් උපුටා ගත්තකි .  ගැමියන් තුළ පවත්නා අන්ධ දේව විශ්වාසය වස්තු  විෂය කර ගත්  පද්‍ය නිර්මාණයකි . මෙයට අනුභූතිය වන්නේ ගැමි කාන්තාවක සතු කුකුළාව  විසින් පැහැර ගෙන යෑම නිසා  ඇය කතරගම දෙවියන් වෙත ගොස් කරනු ලබන කන්නලව්වකි . ඇය එහි දී දෙවියන් තම කාර්යය ඉටු කළ හොත් දෙවියන්ට දෙන පුද පඬුරු පිළිබඳ විස්තරයක් ද කරයි . මෙම පැදි පෙළෙන් ලින් කවියා උත්සාහ දරන්නේ සමාජයේ පවතින ගතානුගතික පටු දේව සංකල්පය උපහාසයට ලක් කිරීමයි . ඇය පළමුවෙන්ම දෙවියන්ට ආමන්ත්‍රණය  කරන්නේ කන්නලව්වක  ස්වරූපයකිනි . දුදොනොද              බිඳ  ලද තෙද                කඳ  කඳ දෙවි                 රද  සාමිනේ ! තම කාර්යය ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රශස්ති ගායනා මල් ලෙසින් ආරම්භ වන මුල් පැදියෙන් ම සහෘදයා තුළ පූජා භූමියක චිත්තජ රූපයක් මවා පායි . ඉන් පසු ව කුකුළා ගෙනගිය සොරු ට දිය යුතු දඬුවම් දෙවියන්ට පෙන්වා දෙයි . මගෙ කුකුළා නැසූ එකා  දදය ඔබගෙ පාළු යකා  තව එක බුද දිනක් තකා  ඉන්නට ඉඩ නොදී මකා  මෙහි දී  කතරගම දෙවියන්ගේ සලකුණ වූ කුකුළා සොරා ගැනීම ඔබ වහන්සේට කළ  නින්දාවකි . එසේ හෙයින්  බදාදා දිනයක්වත් 

රාත්‍රිය ඇස් මහින්ද හිමි

රාත්‍රිය  රාත්‍රිය කුඩා ළමුන් සඳහා කළ රචනයකි. මෙහි රචකයා ඇස් මහින්ද හිමියන් ය. උන්වහන්සේ විශේෂයෙන් ජාතිකාභිමානය, දේශවාන්සල්‍යය, දේශානුරාගය, ජත්‍යාලය, ආගමාලය, ජනිත කරවීමේලා මහින්ද හිමියන්ගෙන් වූ සේවාව සුළු පටු නොවේ. ළමා සාහිත්‍යය ක්‍ෂේත්‍රයට ඉටු කළ සේවය අමරණීය වේ. ජාතික තොටිල්ල, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ඔවා මුතුදම රත්නමාලි කාව්‍යය, නන්දන ගීතය, දහ අට වන්නම, සද්ධර්ම මාර්ගය, මහා පරාක්‍රමබාහු, කුසුමාංජලි ආදී ග්‍රන්ථ උන්වහන්සේ විසින් රචිතය. මෙම කවි පන්තියට වස්තු විෂය වන්නේ ස්වභාව සෞන්දර්ය යි. නිසල රාත්‍රියක අහස හා පොලව කවි පන්තියට අනුභූතිය වේ. මේ මගින් ද ළමා පරපුර සොබා දහමට ඇලුම් කරවීම අරමුණයි. රාත්‍රී අහස අපූරු වූ වස්තුවකි. එහි නිතැතින්ම ළමුන් හා තරු හා සඳුට ඇඳුම් කරයි කවියා අහසේ තරු රටාව නිල් පැහැගත් තණකොළ පිට්ටනියක් පුරා ඉහිරුණු සමන්පිච්ච මල් සමූහ ලෙසින් දකියි.      ‘ සමන් පිච්ච මල් ඉහිරුණු - නිල් තණකොළ පිට්ටනියක් ’                                      සඳුගේ සෞම්‍ය ගුණයට  ළමා වැඩිහිටි සැවොම ප්‍රිය කරති. රාත්‍රි අහසේ පෑවූ විට එය බලා සිටීමට කැමැතිය.  එය කවියා  “හඳහාමි අප දිහාව -එබී බල

ඉර හා හඳ - ආනන්ද රාජකරැණා

ඉර හා හඳ   ආනන්ද රාජකරැණාගේ පැදි පෙළකි. ස්වභාව සෞන්දර්ය වස්තුවිෂය වේ. එහි ඉර හා හඳ  පැදි පෙළට අනුභූතිය වේ.  ළමා පරපුර සොබාදහමටත් එහි අපූර්ව නිර්මාණයට ආදරය දැක්වීම අරමුණ වේ.  එදිනෙදා ගෝචරවන ඉර හා හඳ වස්තුන් ළමුන්ගේ මානසික පරිසරයට  යොමුවිය යුතු බව කවියා පිළිගෙන රචිත පැදි පෙළකි. ඉර හා හඳ යන පැදිපෙළ  ගැඹුරු අර්ථයක් නැති වුවද ළමා මනසේ සිතුවමක්  උද්දීපනය කරයි.  ඉර පැදි පෙළින් උදෑසන  පරිසරයේ චමත්කාරය දනවයි.  නැගෙනහිරින් උදා වී හිරුගේ කිරණින් අහස් තලේ විවිධ වර්ණ ගැන්වීම ස්වභාවික සංසිද්ධියකි. එය කවියා දකින්නේ  *නොයෙක් පාට කොඩි ඇදිලා*යන්නෙන්ය. සූර්යෝත්ගමනය සමගින් පරිසරයේ මල් පිපීම සිදුවේ.  එය *පොළොවේ හැමතැන නොයෙක් පාට මල් ඉහිලා* ලෙස දකියි. *නොයෙක් පාට එලි වැටිලා* යන පැදි පෙළෙන් අරුණාලෝකය තුළින් අහස් තලේ විවිධ වර්ණ ගැන්වීම හා පොළවේ මල් පිපීම චමත්කාර දසුනක් බව ප්‍රකාශිතයි.  ශබ්ද රසයට මුල් තැන ලබා දෙමින් සරල වදන් ඇසුරෙන් ළමා මනස කියැවීමෙන් ප්‍රබෝධමත් කරන පැදි පෙළකි. අහස බලව්!  පොළොව බලව්! යන ආමන්ත්‍රණ වචන තුළින්  ආවේගාත්මක බවක් ඉස්මතු වේ.   හඳ  සොබාදහමේ විවිධ වස්තූන්ට ජීවයක් ආරෝපණය කරමින් කවි ලිවීම

පියදාස සිරිසේන - වසන්ත කාලය

පියදාස සිරිසේන  වසන්ත කාලය අවුරුදු කාලයේ ස්වභාව දහමේ අසිරියත්,  එකල පවත්වන උත්සවත්, එමගින් වැඩිහිටියන් අනුගමනය කරන දුසිරිත් දැනුවත්කර දේශාභිමානය හා ජාතික හැඟීම් පුබුදුවාලීම කවියාගේ අරමුණයි.     වසන්ත කාලය ස්වභාව සෞන්දර්යේ අපූර්ව නිර්මාණයකි. එහිදී මල් පිපීම හා  සුවද හැමීම , පලබරින් යුක්ත වීම, සියොතුන්ගේ නාද  පැවැත්වීම, වැසි විටීම  කවියා විස්තර කරයි. මල් පිපීම හා  සුවද හැමීම  සුරත් පුල් උවන් කොඳ දත් බබ ලන්නී  රැගත් මල් සුවඳ  නල එ සුසුම් ලන්නී   නොහැර පිපෙන තුරුලිය මල් එක තාලේ  වසත් කල දිලේ  තුරුලිය මලින් පිරී  පලබරින් යුක්ත වීම හා  සියොතුන්ගේ නාද  පැවැත්වීම   පේනා අඹ දිවුල් තුරු පල බරිනි   නා නා  සියොත් රඟ දක්වන තුටු රුවිනි   මඳ වැසි වැටීම   නිතර වසින මඳ මඳ වැසි රෑ කාලේ  ස්වභාව දහමේ අසිරිය සමගින් යස ඉසුරින් පිරි ජීවිතයක් හෙළයින්ට උදාවේ. ඔවුන් අවුරුදු සංස්කෘතික මංගල්‍යය පවත්වා සතුටුව කාලය ගත කරන බව පැවසේ.  කවර සැප නැද්ද ලොව මෙ වසත්    කාලේ   හා නා කුඹුරු තැන තැන ගොවියන්  තුටිනී  ලෞකික ජීවිතය සතුටින් සමරා අනතුරුව බෞද්ධ ආගමික කටයුතුවල යෙදී තම ලෝකෝත්තර ජීවිතය සාරවත් කර ගැනී

කුමාරතුංග මුනිදාස -නැළවිල්ල

කුමාරතුංග මුනිදාස  -නැළවිල්ල  කොළඹ යුගයේ හෙළ හවුලේ  කවියෙක් වූ මෙතුමා  විසින් රචිත පද්‍ය පන්තියකි . මෙ තුමා හෙළ හෙළ බසේ වටිනාකමත් එහි අපූර්වත්වයක්  පාඨකයන් වෙනුවෙන් උද්දීපනය කිරීමෙහිලා පුරෝගාමියකු විය . ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු ලෙස සලකනු ලබයි. ඔහු අන්‍ය සාහිත්‍යකරුවන් අතරින් විශේෂ වුයේ ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත්, නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව හැසිරවීමත් නිසාය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසල දැනුමත් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂෙයක් ද වුයේය. https://si.m.wikipedia.org/wiki • ශික්ෂ • මඟුල් කෑම • හීන්සැරය • ප්‍රබන්ධ සංග්‍රහය • පහන් කටුවෙකි • කවි ශික්ෂාව • කියවන නුවණ කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත කෘතීන් වේ. නැළවිල්ල" නම් පැදි පෙළ ද ළමුන් පමණක්‌ නොව වැඩිහිටියන් අතරද ජනාදරයට පාත්‍ර වූ අතිශය සාර්ථක නිර්මාණයකි. කුඩා දරුවෙකු නිදි ගැන්වීම පිණිස රචනා වූ මේ පැදි පෙළ නැළවිලි ගීයක ස්‌වරූපය ගනියි. බාහිර පරිසරයේ ජීවී හා අජීවී සියලු වස්‌තු හැසිරෙන්නේ සුවසේ නිදන ළදරුවාගේ නින්දට කිසිදු බාධාවක්‌ නොවන ආකාරයෙනි.

පී බී අල්විස් පෙරේරා -අන්ධ කවියා

පී බී අල්විස් පෙරේරා  අන්ධ කවියා  කොළඹ යුගයේ දෙවන කවි පරපුර පරපුර ට අයත් වන පී බී අල්විස් පෙරේරා කවියා විසින් රචිත අන්ධ කවියා නම් කවි පන්තියට අනුභූතිය වන්නේ අන්ධ කවියකුගේ ආත්ම භාෂණය කි .මියගිය සිය බිරිඳ පිළිබඳ අතීත අනුස්මරණයක් සමග ස්වභාව සෞන්දර්යේ චමත්කාරය තමාට දැනෙන හැඟීම් වස්තු විෂය කොට ගනිමින් රචනා කර ඇත . තමාගේ බිරිඳගේ බිරිඳ ගේ විප්‍රයෝගය බිරිඳගේ විප්පයෝගය නිසා හටගන්නා දුකක් තමාගේ අන්ධභාවය නිසා හටගත් අසරණ බව කවි පංතියෙන් ඉස්මතු කරයි . අන්ධ තැනැත්තකුට සුළඟෙන් හමායන සිසිලස මල් වලින් නික්මෙන මී පැණිවල සුවඳ මී මැස්සන්ගේ ගුමු ගුමු නාදේ තුරුපත් එකට වැදීම , වන විට උන්ගේ නාද ආදී පාරිසරික වෙනස්වීම් ඔහුට හොඳින් දැනේ .තම දියණිය එක් දිනයකදී  මල් මාලාවක් ගෙන සරසයි .එහි දී තම මියගිය බිරිඳගේ ඇමතීමක් ලෙස කවියා දකියි  දියණිය  ඔබ මව මට අමතන්නීය  සැඟවී  හිඳ  උණ පඳුර         තුළින්  අමු හමුවුණා මල්දම් මා ගෙල සරසනු වැළලූ තැන පිපුණු          මලින්  කවියාගේ කවි සංකල්පනාව මෙලෙස ඉදිරිපත් කරන විටදී සහෘද මනසේ සෝකී බවත් අනුකම්පාවක් ඉස්මතු කිරීමට සමත් වෙයි . එසේම තම බිරිඳගේ කට හඬත් , සිනහවත්, ඇගේ වදන් වල  මතකය

සාගර පලන්සූරිය - ධීවරී ගීතය

සාගර පලන්සූරිය -  ධීවරී ගීතය කොළඹ දෙවන කවි පරපුරේ කේයස්  යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ සාගර පලන්සූරිය කවියා  ගුරුවරයෙකු , ලේඛකයකු, දේශකයෙකු , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, එපමණක් නො ව හිමි නමක ද විය . පුළුල් දැනුම් සම්භාරයකින් හා හා අත්දැකීම් සමුදායකින් හෙබි  මෙ තුමා සමාජ අසාධාරණයට ලක් වූ ගැමියන්ගේ මානව දයාව ප්‍රේමය කරුණා ගුණය වස්තු විෂය කොට ගනිමින් පද්‍ය රචනයේ යෙදුණු සොඳුරු මිනිසෙකි .  එතුමාගේ මුල් ම පද්‍ය කෘතිය වූයේ සුදෝ සුදු ය . මීට අමතර ව  • මල්හාමි • විසිවුණ තරු • අපේ ඇත්තන්ගේ විත්ති • කාලකණ්නියා • කැළණි විත්ති • කන්දේ ගෙදර • පිළිරුව යන කෘති ද සම්පාදනය කළේ ය .  එතුමා විසින් රචිත ධීවරී ගීතය පැදි පෙළට අනුභූතිය වන්නේ ධීවර කර්මාන්තයට ගිය සැමියා පිළිබඳ සන්තාපයට පත් කාන්තාවකගේ සෝක හැඟීම්ය. මෙම පැදිපෙළට වස්තු විෂය වන්නේ පුද්ගල මනෝභාවයක් වන තනිකමයි.  හිමි ඔබ සයුර මැද රුදු සටනක ය           රැයේ  පොල් අතු පැලේ මම තනිව ම වෙසෙමි බියේ  ඇතිමුත් හුරුපුරුදු එඩිතර ගතිය                ළයේ තරමක සැකයකින් ඔබ අද   සවස            ගියේ  ඇය තම ස්වාමියාට ආදරයෙන් යුත් තැනැත්තියකි .  තම ස්වාමියා ධීවර කර්මාන්තය

මීමන ප්‍රේමතිලක -මියුණු ඇල්ල

මීමන පේමතිලක මියුණු ඇල්ල   කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවිය කි . මියුණු ඇල්ල කවි පංතියට වස්තු විෂය වන්නේ ස්වභාව දහම වර්ණනා කිරීමයි . කවි පංතියේ  අනුභූතිය වන්නේ ඇල් දිය ඇල්ලක අසිරිය කියාපෑමෙකි. කුකුළු කෝරලයේ වනගත පෙදෙසක පිහිටි මියුනු ඇල්ල ගල්පර සහිත උස් බිමක සිට නිල් පැහැයෙන් නිල් පැහැයෙන් යුත් බලයෙන් කඩා හැලෙන දිය ධාරාවකි . නිල් වතුරෙන් නැගුණු අතිසුන්දර          කළඹ ගල් පර නැමැති උස් රඟමඩලට          එළඹ  මියුනු ඇල්ල යොවුන් ජීවිතයේ සිටින කාන්තාවකි. එය දිස් වන්නේ නාට්‍යාංගනාවක් ලෙසය .ඇගේ කෙස් කලඹ මියුණු ඇල්ලයි . යොවුන් ජීවිතයේ රූපය ඇති ව                      දිනා නටතත් මොහොතකදු නොහැරම උකුල   වනා  මියුනු ඇල්ල නම් අැය උකුල වනමින් ද ඔල්වර හඬ නගමින් ද ද මුවගට සිනහ පාමින් ද  ඇය රංගනයේ යෙදෙමින් ද ඇය රංගනයේ යෙදෙමින් ද පහළට කඩා හැලෙන දිය දහරාවක් බව කවියා ප්‍රකාශ කරයි .ඇය හැඳ සිටින ඇඳ සිටින්නේ දියවැල් නමැති ඔසරියකින්ය. පැළඳ සිටින්නේ පබළු ඇට නැමැති පෙණපිඩු බව රූපකාර්ථවත් ව පවසයි. තිගේ රැඟුමේ දී ගතින්  මිදී  ලිය වැල්      ඔසරි  අමුණා ගති පබළු ඇට පෙණපිඬු               විසිරී  මියුනු ඇල්ල සුන්දරිය කවි

කුරක්කන් හේන බොරලැස්ගමුවේ ජී. එච් . පෙරේරා

කුරක්කන් හේන  බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කුරක්කන් හේන  ජන කවියේ ආභාසය රචනා කෙරුණකි .මොහු ද කොළඹ යුගයේ පළමු කවි පරපුරට අයත් වෙයි. .ගුරුවරයෙකු හා සාහිත්‍යධරයකු වූ මෙතුමා ජාතික හා ආගමික අවබෝධය උදෙසා තම පන්හිද මෙහෙයවූවෙකි.බේබදු ගෙදර, පරලොවට පණිවිඩයක්, දරු නැළවිල්ල පද්‍ය පන්ති  කීපයකි . ස්වභාව සෞන්දර්ය කාව්‍ය වස්තු විෂය වේ . කුරක්කන් හේන පිළිබඳ විස්තර කිරීම කවියාගේ අරමුණ ය. එහිදී ඔහු ගැමි ජීවිතයේ විවිධ අවස්ථා ඇසුරෙන් රසවත් ව ඉදිරිපත් කරයි . ඔහු සෑම අවස්ථාවක් ම  කුමක් වැනි යයි පස්න කරමින් ……වැනි යනුවෙන් පිළිතුර ලබා දෙමින් රචනා කර ඇත . කුරක්කන් හේන වර්ණනා කිරීම පිණිස තමා ම උප උපදවා ගත් අලුත්ම උපමාලංකාර යොදා ගනී .කුරක්කන් හේන ට සම්බන්ධ  සිද්ධීන් සමාන කිරීමට තමා අවට පරිසරය කෙරෙහි  සිත් යොමු කළ බව දකින්නට ඇත .හේන් ගොවිතැන් කරන්නේ කැලේය කැළය ලි කිරීම යහපත් දිනයේ මූණ ලෙස ද කවියා දකී අනතුරුව කුරක්කන් බීජ වැපිරීමෙන් පසුව  කුරක්කන් පිදී ඒ එම ලමයකුගේ මල් හිනාවකි බණ්ඩි කුරක්කන් සෙලවීම මඟුල් දවසේ දී නෑනගෙ අතවැනීමකි කිරට නැමුණු කුරක්කන් පෝරුව මත මනාලියෝ ඔලුව පහත් කොට සිටි සිටීමකි . කුරක්කන් පැසී රතු

තනි පද

සිංහල භාෂාවේ භාවිතා කරන දිගු වැකියක් සදහා යොදන කෙටි පදය   තනි පද   නම් වේ කිරි බී වැඩෙන                                        - ක්ෂීරපායී දිවා කාලයේ හැසිරෙන                                 - දිවාචර රාත්‍රී කාලයේ හැසිරෙන                                - නිශාචර ජලයේ හැසිරෙන                                       - ජලචර වනයේ සැරිසරන්නා                                    - වනචාරී මූණ බලන කණ්නාඩිය                                  - කැඩපත ඉතා වේගයෙන් යන                                    - අධිවේගී තමාගේ යහපත පමණක් සලකන                       - ආත්මාරතකාමී පැරණ දේ රැස්කර තබන ස්ථානය                      - කෞතුකාගාරය කටින් කඩාගෙන කෑම                                  - උලාකෑම හොදම මිතුරා                                           - අඹ යහළුවා මසුන් මරන්නා                                          - ධීවරයා නිවසට පිටින් පැමිණි තැනැත්තා