සැළලිහිණි සංදේශ කවියාගේ කවිත්වය
සැළලිහිණි සංදේශ කවියාගේ කවීත්වය / ප්‍රතිභානය
ප්‍රතිභානය යනුවෙන් සංස්කෘත කාව්‍ය විචාරකයෝ හඳුන්වා ඇත්තේ අපූර්ව වස්තු නිර්මාණය සූර ප්‍රඥාව යි . රස ආවේශ කරන ලද සෞන්දර්ය කාව්‍යය නිර්මාණය හුරු කමයි .
සැළලිහිණි සන්දේශ කතුවරයා ද සාම්ප්‍රදායික කාව්‍ය ආකෘතිය මත පිහිටා කාව්‍ය රචනා කළ ද, තම අත්දැකීම් හා ස්වභාව සෞන්දර්යේ චමත්කාරය අපූර්වත්වයෙන් යුතු ව පද්ය බන්ධනයට මුසු කොට ගත් ඒ අවස්ථා සුලබ ග්‍රන්ථයකි.එවැනි අවස්ථා කවිත්වයෙන් පරිපූර්ණ නිර්මාණයන් වේ . පද්‍ය පන්ති 108 කින් සැදුම්ලත් සංදේශ සාහිත්‍යයේ කෙටි සඳෙස වෙන මෙහි අපූරු කාව්‍ය සංකල්පනා වන් රැසෙකි. කාව්‍ය අලංකාර උචිත අවස්ථාවන්ට යොදා ගෙන තිබීම මෙහි ඇති සුවිශේෂී ගුණයයි.
ජයවර්ධනපුර වැනුමේ පහත සඳහන් පද්‍යයට අවධානය යොමු කරන රහල් හිමියන් එ හි ශ්‍රී විභූතිය කෙටියෙන් රසවත් ව ඉදිරිපත් කරයි.
පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා
ජය වද්දන කැරුමෙන් සුදු ඇඳුම් තම තමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා
ජයවර්ධන පුරය කෙබඳු නගරයක් දැයි විස්තර කරන කවියා එම නගරයේ ජීවත් වන ජනතා ව තුනුරුවන් කෙරෙහි භක්තිමත් පෙමින් යුක්ත වේ. දිව්‍ය පුරය මුළු ගන්වන සියලු ඉසුරෙන් පිරි ඇත. එසේම ජය වර්ධනය කිරීම නිසා තමන් ගේ නාමය මනා ලෙස සෑදූ ජයවර්ධන නම් පුරවරය උතුම් මිත්‍රය දැනගන්න යන්න අර්ථ දක්වයි. මෙම පද්‍ය සඳහා යොදා ගත් ශබ්ද වචන කාව්‍යාලංකාර මගින් නගරයේ මනෝ චිත්‍රයක් සහෘද මනස තුළ ඉස්මතු කරයි.
සිරි රහල් හිමියන් දියවන්නා ඔය වර්ණනා කරන්නේ පුරය නැමැති අංගනාව විසින් අඳින ලද පට සළුවක් ලෙසටය. එයින් හැඟවෙන්නේ කවියාගේ කවීත්ව යයි.
සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු පටැති
රැදී රළ රැළැති ඔය දියවන්නා නැමති
ඇඳි පූර අඟන පට සළු සිරි රැපැයි නිති
රතු නෙලුම් මල් පෙළින් සැදුණු, ස්වර්ණ හංසයන් ගේ රූප ඇති, විසිරී ලෙළදෙන දිගු නරුපටක් වැනි දිය දහර ඇති , රළ රැළින් පිරුණු දියවන්නා ඔය, පුර අංගනාව විසින් අඳින ලද පට සළුවක විලාසය නිතරම ගෙන හැර හායි යනුවෙන් කවියා දකී. පට සළුව සුවදායක ඇඳුම කි. එපරිද්දෙන් දියවන්නා ඔය ද සිසිල් සුළඟ හමන සුව දායක ස්ථානයකි. පට සළුවේ සිතුවම් කර ඇති නෙලුම් මල් හා හංසයන්, දියවන්නා ඔයේ ද සිටී. පට සළු හැඳ ගත් කතකගේ ලෙල දෙන විසිරෙන රැළි ඔයේ රැල්ල නංවන දිය දහරය. එලෙස කියවෙන දියවන්නා ඔය ජයවර්ධනපුර නැමැති කාන්තාව ඇඳ ගත් පට සළුවකි. මෙම කවියෙන් කියවෙන පරිදි මුලින් සඳහන් කළ අපූර්ව, පෙර නො වූ විරූ වස්තු නිර්මාණයක් නො වන්නේ ද යන්න තීරණය කළ හැක. සැප සම්පතින් ආඪ්‍ය ජයවර්ධනපුරයේ ආරක්ෂාව සැපයූ පවුර ජීවමාන වස්තුවක් ලෙස ක්‍රියා පෑමට ගත් උත්සාහය ප්‍රශංසනීය වේ.
කාව්‍යමය පැදි පෙළක ජීවගුණය පවතින්නේ ශබ්දාලංකාර හා අර්ථාලංකාර වල උචිත ලෙස හැසිරවීම අනුවය. ශබ්දාලංකාර ( එළිසමය , අනුප්‍රාසය, යතිය) හා අර්ථාලංකාර ඔප් නැංවීමට උචිත බස් වහරක් සේම, උපමා රූපක යෙදීම, ස්වභාවෝක්ත්‍යලංකාර අතිශයෝක්ත්‍යලංකාර, යෙදිමෙන් රසවත් හා විශ්මිත කාව්‍ය නිර්මාණයක් බිහි කිරීමට හේතු වේ. සිරි රහල් හිමියන්ගේ කවිත්වය තුළ ප්‍රකට කරන්නේ එම සුවිශේෂත්වයයි.
ජයවර්ධනපුරයේ කාන්තාවගේ රුව දකින්නේ ශංගාරාත්මක රසයක් ජනිත කරන අපූර්වත්වයකිනි. කාන්තාවකගේ රූ සපුව පවතින සැබෑ ස්වභාවය ඉක්මවන අතිශයෝක්ත්‍යලංකාරයක් වුවද එය විචිත්‍ර වර්ණනාවක් වන්නේ කවිබසේ අපූර්වත්වය නිසාය.
සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළු'ලු'කුල රිය සක'යුරු තිසර තන
දිසි රනලි'යෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
සඳ වැනි මුහුණක් ඇති, මිටින් ගත හැකි සිහින් ඉඟක් ඇති, රිය සක් ආකාර ගත් පුළුල් උකුලක් ඇති, හංසයන් බඳු පියවුරු ඇති, රන්වන් මෙන් පෙනෙන රූපයෙන් යුක්ත මේපුරඟන ඇසිපිය හෙලීම නිසා පමණක් දෙවඟනෝ නොවෙති. අර්ථ විග්‍රහය අනුව ජයවර්ධනපුර කතුන් සෞම්‍ය ගුණයෙන් ද, පිවිතුරු බවින් ද, ප්‍රියංකරත්වයෙන්ද, හෙබි රූමතුන් බවයි. ශුංගාරාත්මක හැඟීමක් මෙන් ම චිත්තය රූපයක් සහෘද මනසේ ඇති කිරීමට සමත්වුයේ රූපක හා උපමා අලංකාර යොදාගැනීම නිසාය.
වර්ණනාවට ලක් කරන වස්තුවේ ඇති ස්වභාවය ඒ අයුරින්ම ඉදිරිපත් කොට අර්ථාලංකාර රසය මතු කිරීම ස්වභාවෝක්ත්‍යලංකාර ලෙස හැඳින්විය හැකි ය. අර්ථාලංකාර රස උත්පාදනය වන්නේ කතුවරයෙකු යොදා ගන්නා විචිත්‍ර බස අනුව ය. කොන්ත ගං තොටින් පියාසර කළ යුතු බව කියැවෙන කවිය එවැන්නෙකි.
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
සඳකිරණ කිරණ පොරවාගෙන තිබුණා වූ කුමුදු මල් යායෙන් හා පරවී ගිලිහුණු නෙලුම් මල් පෙති වලින් යුක්ත වූ ජල තලා මතින් පරතරය ට යන දැඩි කල්පනාවෙන් යුක්තව කොන්ත ගං තොටින් එතෙරට පියාසර කළ යුතු බව කිය වේ. ගංගාවක සිරියාව ඔප්නංවන්නාසේම එහි බාධක ජය ගෙන තම කාර්යය ඉෂ්ඨ කිරීමට ප්‍රවේශමෙන් එගොඩ විය යුතු යැයි කවියා කියයි. මෙහි
සාහිත්‍ය නිර්මාණයක අර්ථ රසය ඉස්මතු කිරීමට ව්‍යංගාර්ථවත් හෙවත් ධ්වනිතාර්ථවත් බසක් යොදා ගැනීම කවියෙකු සතු අපූර්ව හැකියාවකි. සැළලිහිණි සන්දේශ කතුවරයාද එවැන්නෙකි. පුර්ව කවියේ "පරතෙර ට යන අටින් " යන වදන ව්‍යංගාර්ථවත් ලෙස යොදා ගත් බව විද්වත් මතයයි. ඉන් අදහස් කරන්නේ තමාට පැවරී ඇති කාර්යය ඉටු කිරීම තුළින් ලබන කුසලය, ලෝකෝත්තර විමුක්තිය සඳහා ගිරවාට ඉඩ හසර ලබා දෙන බවයි.
සන් නන් සිහින් ගෙදි සෙවණලු වැලි තෙලෙන
තැන් තැන් වලම සැතපී සියුමැලි බැවින
රන් වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන් මන් තොසින් මග තොරතුරු නියම දැන
සැළලිහිණිය, ඔබ සියලු මැලි වූ නිසා, නොයෙක් ආකාරයට සෙවන වැටේවන වැටුණු හීන් ගෙන්ද ගස් සහිත වැලි තලාවේ තැන් තැන් වල විවේක ඇරගෙන, රන් පැහැ වී කරල් රැගෙන එන ගිරවුන්ගෙන් නිවැරදිවම මග තොරතුරු අසා සිත් සතොසින් යන්න එහි අදහසයි. ධ්වනිතාර්ථය අනුව සැඟවුණු කරුණු රාශියකි. වසන්ත කාලයක සංදේශය රැගෙන යන බවත් , එම ප්‍රදේශයේ අස්වැන්න නෙළන කාලයක් බවත් , අස්වැන්නෙන් කොටසක් ගිරවුන් ට රැගෙන යාමට ගොවියන් ඉඩ දී ඇති බවත් , එදා හෙළ ගොවියා ධාර්මික බවත් ඉන් හැඟවේ.
සහෘද මනස රස ජනිත කර එය ආනන්ද කරා රැගෙන යාම කාව්‍ය නිර්මාණයක කවිත්වය ප්‍රකට කිරීමේ සාධකයක් වේ. ශුංගාර, කරුණ, ශාන්ත රසයන් මුසු වූ සැළලිහිණි සංදේශය පහත කවි දෙස අවධානය යොමු කරන්න.
ශුංගාර රසය
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින ……..
විදෙන ලෙළෙන නරුබර පුළුලුකුළ රැඳී ……. 74 කවියේ විස්තර බලන්න.
කරුණ හා ශාන්ත රසය
ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොමදා සිරි සග මොක් සැප නිසැ දී
ලද මුනිදා දම් කඳ පහස මන බැඳී
වඳු දළදා හිමි තෙමහල් පහය රැඳී
සඳ රැස් වැනි සුදු පැහැය ලොව පුරා විහිදුවමින් ස්වර්ග මෝක්ෂ සම්පත් නිරන්තරයෙන් දෙන බුදුන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය ස්පර්ශය ලද තුන්මහල් පායේ වැඩ සිටින දළදා හිමි වඳින්න. පවිත්‍රත්වය හා කීර්තිය පැතිරුණු කරුණා මහිමය හා සාන්ත ගුණයෙන් යුත් දළදා හිමියන්ගේ ආනුභාවය අපූර්වත්වයෙන් ප්‍රකාශ කළ ආකාරය ප්‍රශංසනීය වේ.
ප්‍රකාශ කළ යුතු දේ නවතාවකින් ඉදිරිපත් කිරීම කවිත්වය හෙවත් ප්‍රතිභානය යන අදහස විග්‍රහ කරයි. හිරු නැගෙන බසින අවස්ථා සැමදා සිදුවේ. එය සැමදා දර්ශනය වීමෙන් අපූරු බවක් අපට කිසිදා නොදැනේ. සැළලිහිණි කතුවරයා හිරු බැසයාම අවරගිර නටුවෙන් ගිලිහී වැටෙන රත් පැහැයෙන් යුත් ඉදුණු ඵලයක් ලෙසින් දකියි.
වඳිමින් සවස නල හැසිරෙන දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබතුරැ විපුල
පතසන් අවර අවර ගිරි නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල
හිරු මඩල අලංකාර වූ ඉන්ද්‍රනීල මාණික්‍ය මෙන් නිල් පැහැ ගත් මහත් ආකාශය නැමැති දසදිසා නමැ දිසා නමැති අතු අතරේ කරන සවස සුළඟ වැදීම නිසා අවරගිර නැමැති නටුවෙන් වැටෙන්නට කාලය ළං ඉදුන හෝ අතිශයින් රක්ත වර්ණ වූ ඵලයක් හා සමාන වේ.
ලිපියේ සම්පූර්ණ පිටපත ලබා ගැනීමට
විමසීම් nspriyadarshana72 @gmail.com
Comments
Post a Comment