සමාජ විද්‍යාව 4 ශ්‍රේණිය සමාජ විද්‍යාව හැඳින්වීම
සමාජ විද්‍යාව
4 ශ්‍රේණිය
1 සමාජ
විද්‍යාව හැඳින්වීම
1. සමාජ
ශාස්ත්‍ර වල රැජින සමාජ විද්‍යාවයි.ඒ ලෙස නම්
කළේ
I.
එල්.ටී.හොබ්හවුස්
II.
එලිසබත් ජේ. විල්කින්ස්
III.
ඔගස්ට් කොම්ට්
IV.
ජෝන් ස්ටුවට්මිල්
2. සමාජ
විද්‍යාව යනු මානව සමාජය පිළිබඳව අධ්‍යයනය කිරීමයි . මෙම
මතය ඉදිරිපත් කළේ
I.
එල්.ටී.හොබ්හවුස්
II.
එලිසබත් ජේ. විල්කින්ස්
III.
ඔගස්ට් කොම්ට්
IV.
ජෝන් ස්ටුවට්මිල්
3. සමාජ
විද්‍යාව මිනිසාගේ සකල සමාජ ජීවිතය විද්‍යාත්මකව අධ්‍යයනය කරන්නකි
.මෙම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ
I.
එල්.ටී.හොබ්හවුස්
II.
එලිසබත් ජේ. විල්කින්ස්
III.
ඔගස්ට්කොම්ට්
IV.
ජෝන් ස්ටුවට්මිල්
4. 5මෙම
නිර්වචන ඉදිරිපත් කළේ
I.
එල්.ටී.හොබ්හවුස්
II.
එලිසබත් ජේ. විල්කින්ස්
III.
ඔගස්ට්කොම්ට්
IV.
ජෝන් ස්ටුවට්මිල්
5. සමාජ
විද්‍යාව විෂයක් ලෙස ස්ථාපිත වී වසර කීය ද
I.
160කි.
II.
140කි.
III.
150කි.
IV.
130කි.
6. සමාජ
විද්‍යාව මානව චර්යාවන් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන බව අදහස් දැක් වූ පුද්ගලයා කවුද
I.
එල්.ටී.හොබ්හවුස්
II.
එලිසබත් ජේ. විල්කින්ස්
III.
ඔගස්ට්කොම්ට්
IV.
ජෝන් ස්ටුවට්මිල්
7. සමාජ
විද්‍යාව සමාජ ආයතන හෙවත් සමාජ සංස්ථා පිළිබඳ ව අධ්‍යයනය කරන විද්‍යාවයි.
I.
ඔගස්ට් කොම්ට්
II.
එමිල්දුර්කයිම්
III.
ජෝන් ස්ටුවට් මිල්
IV.
එල්. ටී.හොබ්හවුස්
8. සමාජයේ
විපර්යාසයන්ට පත් වන බව ප්‍රකාශ කළේ
I.
ජෝර්ජ් රිට්සර්
II.
එමිල්දුර්කයිම්
III.
ඔගස්ට්කොම්ට්
IV.
ජෝන් ස්ටුවට් මිල්
9. යුරෝපා සමාජයට නව ආචාර ධර්ම
පද්ධතියක් හඳුන්වා වීමට පුරෝගාමීන් වූයේ කවුද
I.
මාටින් ලූතර් ජෝන් කැල්වින්
II.
මැක්ස් වෙබර්
III.
ජෝර්ජ්ර රිට්සර්
IV.
ජේම්ස් වොට්
10. .
පොතෙස්තන්ත්‍ර ආචාර ධර්ම හා ධනවාදයේ හරයඒ නම් කෘතියේ
කතුවරයා කවුද
I.
මැක්ස් වෙබර්
II.
එමිල් දුර්කයිම්
III.
කාල් මාක්ස්
IV.
මාටින් ලූතර්
11. ප්‍රංශ
විප්ලවයෙන්,
I.
බටහිර සමාජයේ ආගමික ප්‍රතිසංස්කරණයක් සිදු විය
.
II.
නව නගර බිහි වීමට හේතු විය .
III.
පුද්ගල නිදහස පදනම් කරගත් දේශපාලන දර්ශනයකට මග පෑදිණි
.
IV.
යුරෝපා සමාජය තුළ විද්‍යාත්මක පුනරුදය පුනරුදයට හේතු විය
12. මිනිසා
සමාජයෙන් වෙන් කර කර්මාන්ත ශාලාවක සේවකයකු බවට පත් කරන ලද්දේ
I.
නාගරීකරණය
II.
විද්‍යාත්මක පුනරුදය
III.
ආගමික පුනරුදය
IV.
ධනවාදී සමාජයක් බිහි වීම
13. බටහිර
සමාජයේසමාජ ප්‍රශ්න බිහි වීමට බලපෑ හේතුවවන්නේ
I.
ආගමික ප්‍රතිසංස්කරණ
II.
විද්‍යාත්මක පුනරුදය
III.
නාගරීකරණය
IV.
ධනවාදී අර්ථ ක්‍රමය
14. යුරෝපා
සමාජය ධනවාදී සමාජයක් කරා යොමු කිරීමට සමත්වූයේ කවරක් නිසා ද
I.
ප්‍රංශ විප්ලවය නිසාය .
II.
විද්‍යාත්මක පුනරුදය නිසා ය .
III.
ආගමික ප්‍රතිසංස්කරණ නිසා ය
IV.
නාගරීකරණය නිසා ය
15. ප්‍රංශ
විප්ලවය ආරම්භ වූ යුගයේ පාලකයා වූයේ
I.
දාහතර වෙනි ලුවී රජු
II.
පහළොස් වැනි ලුවී රජු
III.
දහසය වැනි ලුවී රජු
IV.
දාහත් වැනි ලුවී රජුව්
1.
සමාජ විද්‍යාව යනු කුමක් දැයි විද්‍යාඥයන් සඳහන් නිර්වචන
ඉදිරිපත් කරන්න.
I.
සමාජ ශාස්ත්‍ර වල රැජින සමාජ විද්‍යාවයි.
ඔගස්ට් කොම්ට්
II.
සමාජ විද්‍යාව යනු මානව සමාජය පිළිබඳව අධ්‍යයනය කිරීමයි.
එලිසබත් ජේ. විල්කින්ස්
III.
සමාජ විද්‍යාව මිනිසාගේ සකල සමාජ ජීවිතය විද්‍යාත්මකව
අධ්‍යයනය කරන්නකි. එල්.ටී.හොබ්හවුස්
IV.
සමාජ විද්‍යාව මානව සමාජයේ සෑම අංශයක් කෙරෙහිම අධ්‍යයනය
කරනු ලබයි. ජෝන් ස්ටුවට්මිල්
V.
සමාජ විද්‍යාව සමාජ ආයතන හෙවත් සමාජ සංස්ථා පිළිබඳ ව අධ්‍යයනය
කරන විද්‍යාවයි. එමිල්
දුර්කයිම්
2.
සමාජ විද්‍යාව බිහි වීමට බලපෑ සාධක නම් කරන්න.
I.
ප්‍රංශ විප්ලවය
II.
කාර්මික විප්ලවය
III.
නාගරීකරණය
IV.
ආගමික ප්‍රතිසංස්කරණ
V.
විද්‍යාවේ වර්ධනය
3.
ප්‍රංශ විප්ලවය යනු කුමක් ද?
ක්‍රි.ව. 1789 දී
දහසයන වන ලුවී රජුගේ පාලනයට එරෙහිව ජනතාව
කැරලි ගැසීමෙන් පසු රාජාණ්ඩු ක්‍රමය බිඳ දමා ගොඩනගන ලද දේශපාලන ප්‍රතිසංස්කරණය ප්‍රංශ විප්ලවය නමින් හැඳින්වේ.
එමගින් රජුගේ හා කතෝලික පල්ලියේ ආධිපත්‍යයෙන් ප්‍රංශය මුදවා ගෙන ප්‍රජාතන්ත්‍රවාදී
පාලනයකට යොමු කිරීමට හේතු විය.
4.
පහළොස් වන සිය වස යුරෝපයේ ඇති වූ ආගමික ප්‍රතිසංස්කරණ
පිළිබඳ විස්තරයක් කරන්න.
සාම්ප්‍රදායික කිතුනු පල්ලියේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ආගමික ප්‍රතිසංස්කරණ
යුරෝපා සමාජයේ එවක ඇතිවිය. මාටින් ලූතර් හා ජෝන් කැල්වින් පූජකවරුන් කිතුනු ආගමට හඳුන්වා
දුන් නව ආචාර ධර්ම පද්ධතිය නිසා ප්‍රොතෙස්තන්ත්‍ර නිකාය නමින් නව ආගමික ව්‍යාපාරයක්
ආරම්භ විය. එමගින් යුරෝපා සමාජය ධනවාදී සමාජයක් බිහි වීමට බලපෑවේය.
5.
පොතෙස්තන්ත්‍ර ආචාර ධර්ම හා ධනවාදයේ හරය නැමැති ග්‍රන්ථයේ
කතුවරයා නම් කර එහි සාකච්ඡා කරනුයේ කවරක් ද ?
ජර්මන් ජාතික මැක්ස් වේබර්,
පොතෙස්තන්ත්‍ර
ආගමික නිකාය මගින් හඳුන්වා දුන් නව ආචාර
ධර්ම පද්ධතිය තුළින් බටහිර සමාජයේ ධනවාදී
ආකල්ප ගොඩනැගුණු ආකාරය සාකච්ඡා කරයි.
6.
ආගමික ප්‍රතිසංස්කරණ නිසා බටහිර සමාජයේ උද්ගත වූ ආර්ථික
සමාජ ගැටලු නම් කරන්න.
I.
සමාජානුයෝජන ක්‍රියාවලිය බිඳ වැටීම
II.
ආගමික සාරධර්ම වල බලපෑම අඩු වීම
III.
ආගමික සංස්ථා බිඳ වැටීම
7.
නාගරීකරණය යනු කුමක් ද?
නව
නගර බිහිවීමත් පවතින නගර සීමා වඩාත් පුළුල් වෙමින් සංකීර්ණ නගර නිර්මාණය වීම
නාගරීකරණය නමින් හැඳින්වේ.
8. නගර
නිර්මාණය නිසා ඇති වූ සමාජ වෙනස්කම් නම් කරන්න. නගර
බිහිවීම බිහි වීම තුළින් සාම්පදායික අන්තර් ඉස්සර සම්බන්ධතා සංකීර්ණ වූ සමාජ
සම්බන්ධතා දක්වා වෙනස් විය.
9.
නගර බිහි වීම නිසා සමාජයේ ඇති වූ සමාජ ප්‍රශ්න නම් කරන්න.
සෞඛ්‍ය ගැටළු ගැටලු මානසික අසහනය,
සියදිවි හානිකර ගැනීම, ගණිකා වෘත්තිය මත්ද්‍රව්‍ය උවදුර
10.
විද්‍යාත්මක පුනරුදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
පහළොස්වන හා 16 වන සියවස් වල බටහිර යුරෝපීය සමාජය තුළ නව සොයාගැනීම් හා තාක්ෂණයේ
දියුණුව නිසා ඇති වූ වෙනස විද්‍යාත්මක
පුනරුදය යනුවෙන් හැඳින්වේ.
11.
බටහිර සමාජයේ සමාජ විද්‍යාව ස්ථාපනය වීමට හේතු වූ කරුණු
2
නම් කරන්න.
එකල ඇති වූ සමාජ ප්‍රශ්න විසදීමට පැවැති විෂයන්ට
නොහැකිවීම,
සංකීර්ණ සමාජ පර්යාය තේරුම් ගැනීමට
12.
විද්‍යා විෂයේ ප්‍රධාන බෙදීම් 2
දෙක නම් කරන්න.
ස්වභාවික විද්‍යා
සමාජීය විද්‍යා
13. වස්තු
ද්‍රව්‍ය ජීවින් ආලෝකය විදුලිය ආදී ස්වාභාවික ලෝකය පිළිබඳ හදාරන විද්‍යාව නම්
කරන්න. ස්වභාවික
විද්‍යා
14.
සමාජීය විද්‍යාවන් යනු කුමක් දැයි හඳුන්වා එම විද්‍යා
ගණයට අයත් වන විෂයන් නම් කරන්න . මිනිසා හා ඔවුන්ගේ සමාජය පිළිබඳව අධ්‍යනය කරන විද්‍යාවක්
සමාජීය විද්‍යාවන් ලෙස හැඳින්වේ. සමාජ විද්‍යාව මානව විද්‍යාව මනෝ විද්‍යාව ආර්ථික විද්‍යාව
දේශපාලන විද්‍යාව ඉතිහාසය
15. වෛද්‍ය විද්‍යාවට සමාජ විද්‍යා
දැනුම අවශ්‍ය වන්නේ ඇයි ?
රෝගීන් හා වෛද්‍ය සම්බන්ධතා පවත්වාගෙන යාම,
නව පර්යේෂණ සිදු කිරීමට , ප්‍රතිකාර කිරීමට, ඖෂධ නිෂ්පාදනයට, බෙදා හැරීම,
විකිණීම හා ඖෂධ භාවිතය සඳහා සමාජ විද්‍යා දැනුම උපකාරී වේ.
16. කාර්මික
සමාජ විද්‍යාව බිහි වූයේ ඇයි?
කාර්මීකරණය නිසා උද්ගත වන ගැටලු තේරුම් ගැනීමට සමාජ
පරිසරයට ගැළපෙන පරිදි කර්මාන්තශාලා නිර්මාණය කර ගැනීමට
17. සමාජ
විද්‍යාව හා සම්බන්ධ උප විෂය ක්ෂේත්‍ර නම් කරන්න.
ඓතිහාසික සමාජ විද්‍යාව,
සමාජ මනෝ මනෝවිද්‍යාව, මනෝ විද්‍යාව සමාජ ආර්ථික විද්‍යාව,
සමාජ මානව විද්‍යාව, දේශපාලන සමාජ විද්‍යාව
බෞද්ධ
සමාජ විද්‍යාත්මක චින්තනය
18.
බුදු දහමේ සමාජ
විද්‍යාත්මක චින්තනය විග්‍රහ කළ ලාංකික සමාජ විද්‍යාඥයෙකි. ඔහු,
I.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා
II.
මහාචාර්ය ඩබ්ලිව්.
එස්. කරුණාරත්න මහතා
III.
ආචාර්ය නන්දසේන රත්නපාල මහතා
IV.
නිව්ටන් ගුණසිංහ
මහතා
19. බුදුදහමේ
සමාජ සම්බන්ධතා දැක්වෙන සූත්‍රය වන්නේ
I.
වසල සුත්‍රය
II.
සිගාලෝවාද සූත්‍රය
III.
පරාභව සූත්‍රය
IV.
ධම්මික සූත්‍රය
20. සමාජානුයෝජනය
බුදු දහමේ වැදගත් සමාජ විද්‍යාත්මක සංකල්පයකි. විවිධ
ආශ්‍රයන් පිළිබඳ සංකල්පය පහදා දෙන ජාතක කථාවක් වන්නේ
I.
ඉල්ලීස ජාතකය
II.
මහා සුපින ජාතකය
III.
යස ජාතකය
IV.
සත්ති
කුම්භ ජාතකය
21. "කරත්ත රෝදයේ
කඩ ඇණ තිබෙන තාක් කරත්තය ගමන් කළ හැක්කේ
යම් සේද " යන උපමාවෙන්,
I.
සමාජ සාරධර්ම ගැන කියැවේ.
II.
සමාජ සම්බන්ධතා ගැන කියැවේ.
III.
සමාජානුයෝජනය ගැන
කියැවේ.
IV.
කෘත්‍ය වාදය ගැන
කියැවේ.
22. ක්‍රියාකාරිකයා නිරතුරුව ම තම
ක්‍රියාවට අර්ථය දිය යුත්තේ තමන් හා අනුන් යන සාධකය මුල් කොටගෙන බව සඳහන් සුතුර වන්නේ
I.
රාහුලෝවාද සූත්‍රය
II.
සිගාලෝවාද සූත්‍රය
III.
පරාභව සූත්‍රය
IV.
ධම්මික සූත්‍රය
23. ප්‍රතිමාන
විරහිත වීම නිසා සමාජය බිඳ වැටීමකට හේතුවන බව
I.
වසල සුත්‍රය
II.
සිගාලෝවාද සූත්‍රය
III.
පරාභව සූත්‍රය
IV.
ධම්මික සූත්‍රය
24.
මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා බුදු දහමේ සමාජ විද්‍යාත්මක
චින්තනය විග්‍රහයේ දී අන්තර් ගත සමාජ විද්‍යා මූලධර්ම වෙන වෙනම ලියන්න
( සමාජ විද්‍යාත්මක මූලධර්ම )
·
සූත්‍රපිටකය - සමාජ
සම්බන්ධතා සමාජ සංස්ථා සමාජානුයෝජනය සමාජ ස්ථර
සමාජ සමූහ සමාජ ගැටලු සහ සමාජ අධ්‍යයන ක්‍රම
·
විනය පිටකය - නෛතික
පාලනය, අපරාධ, දඬුවම්, සාමූහික ජීවිතය
හා සම්බන්ධ චර්යා ධර්ම
25.
සමාජ විද්‍යාත්මක මූලධර්ම ඇතුලත් සූත්‍ර නම් කරන්න.
මංගල, පරාභව, සිඟාලෝවාද, වසල, ධම්මික, චක්‍කවත්ති සීහනාද, අග්ගඤ්ඤ,
කූටදත්ත
26.
සමාජ විද්‍යාත්මක මූලධර්ම අන්තර්ගත විනය පිටකයේ කරුණු
නම් කරන්න.
පාරාජිකා, සංඝාදිසේස, අනියත, නෛතික පාලනය,
අපරාධ, දඬුවම්
27.
සිඟාලෝවාද සූත්‍රයේ සමාජ කරුණු පිළිබඳ කෙටි හැඳින්වීමක්
කරන්න.
බුදු දහමේ සමාජ සම්බන්ධතා දක්වන සූත්‍රයකි.
අන්තර් පුද්ගල සම්බන්ධතා හා සමාජ ජීවිතය සමග සම්බන්ධ කොට
ඇත. යුතුකම් වගකීම් හා අයිතිවාසිකම් පදනම් කොටගත් සදිසා
නමස්කාරය නමින් සමාජ අන්තර් සම්බන්ධතා දක්වා තිබේ.
28.
සමාජ සාරධර්ම ඇතුලත් ඇතුළත් සූත්‍ර නම් කර එහි අන්තර්ගතය
සමාජ සාරධර්ම පෙන්වා දෙන්න.
වසල සුත්‍රය
, පරාභව සූත්‍රය , මංගල
සූත්‍රය - සමානාත්මතාවය, දෙමාපිය වැඩිහිටි
ගුරු දෙගුරුන්ට සැලකීම, අපරාධ හා අපචාර කටයුතුවලින් ඉවත් ,
නිවැරදි රැකියා කිරීම
29.
බෞද්ධ පංචශීල පංචශීල ප්‍රතිපත්තියේ සමාජ විද්‍යාත්මක අගය
පැහැදිලි කරන්න.
30. අනිත්‍යතා
සංකල්පය බුදුදහමේ සමාජ විද්‍යාත්මක මූලධර්මයකි. කෙටි සටහනක් ලියන්න.
Comments
Post a Comment