සිංහල වර්ණ මාලාවඋපුටා ගැනීම https://si.wikipedia.org/wiki/සිංහල_අක්ෂර_වින්‍යාසය
සිංහල අක්ෂර වින්‍යාසය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
සිංහල භාෂාව යනු මදක් සංකීර්ණ අක්ෂර වින්‍යාසයක් සහිත භාෂාවකි. ලේඛනයේදී නිවැරදි ලෙස අකුරු භාවිත කිරීම අක්ෂර වින්‍යාසයයි. මෙහිදී ප්‍රධානතම වෙනස්කම දක්නට ලැබෙන්නේ න, ණ, ල, ළ යන අක්ෂර භාවිතය පිළිබඳවයි. මෙම එක් අක්‍ෂරයක ඇතිවියහැකි වැරදි භාවිතයක් නිසා සම්පුර්ණ තේරුම වෙනස්විය හැක. එම නිසා සිංහල ලේඛනයේදී ඉතා ප්‍රවේසම් විය යුතුය.
පටුන
[සඟවන්න]සිංහල වර්ණ මාලාව[සංස්කරණය කරන්න]
මූලික ලිපිය: සිංහල හෝඩි
සිංහල වර්ණ මාලාව යනු ස්වර සහ ව්‍යංජන සමග සිංහල භාෂාවේ සියලුම අක්ෂර හෝඩියයි.
පිල්ලම් උපුටා ගැනීම ජගත් කුමාර ජයසිංහයන්ගේ සිංහල සාර සංග්‍රහය ග්‍රන්ථයෙනි+[සංස්කරණය කරන්න]
ස්වර හෙවත් ප්‍රාණාක්ෂර[සංස්කරණය කරන්න]
තනිව ශබ්ද කළහැකි අක්ෂර ස්වර නමවන අතර එම අකුරු හල් කළ නොහැකිය. මෙම අකුරු ලේඛනයේදී පණකුරු හෙවත් ප්‍රනාක්ෂර ලෙස හැඳින්වෙයි. සාමාන්‍යයෙන් ප්‍රනාක්ෂරයක් ප්‍රකෘති රුපයෙන් පදයක ආරම්භයේදී පමණක් භාවිතා කරයි. පදයක මැදින් එන ප්‍රාණාක්ෂරයක් ඇත්නම් එය මුලින් ඇති ගාත්‍රාක්ෂරය හා සංයුක්ත කිරීමෙන් සිංහල ලේඛනයේදී භාවිත කරයි.
පදයක ආරම්භයේ ප්‍රාණාක්ෂර යෙදීම[සංස්කරණය කරන්න]
අ - අම්මා
ආ - ආච්චි
ඇ - ඇතා
ඌ - ඌරා
උ - උයන
ඉ - ඉම
ව්‍යංජනාක්ෂර හෙවත් ගාත්‍රාක්ෂර[සංස්කරණය කරන්න]
තනිව උච්චාරණය කළ නොහැකි අක්ෂර ව්‍යංජනාක්ෂර නම් වේ. එම අක්ෂර උච්චරනයෙදී ස්වර අක්ෂරවල උපකාරය අවශ්‍ය වේ. ලිවීමේදී සාමාන්‍යයෙන් ව්‍යන්ජනාක්ෂරයක් හල් අකුරක් ලෙස පිහිටයි.
මුර්ධජ "ණ" කාරය සහ දන්තජ "න" කාරය[සංස්කරණය කරන්න]
1. මාතෘ භාෂාගත වචන වල "ර" කාරයට පසුව සැමවිටම යෙදෙන්නේ මුර්ධජ "ණ" කරයි.
උදාහරණ: පරිහරණය, කාරණය, තරණය, තරුණයා
2. "ර" කාරය වෙනුවට යෙදෙන රකාරාංශය හි දී ද "ණ" යොදාගනියි.
උදාහරණ : මන්ත්‍රණ, ප්‍රණාම, සංකීර්ණ, ශ්‍රේණිය, ප්‍රාණවාචී
3. වර්තමානයේදී "ර" කාරයට පසුව "ණ" කාරය යෙදෙන්නේ නාම පදවල සහ විශේෂණ පද වල පමණි. ක්‍රියාපද වලදී, "ර" කාරයට පසුව දන්තජ "න' යොදා ගනියි.
උදාහරණ : මෝරනවා, කනවා, අසුරනවා, හදාරනවා, දුවුරනවා
මුර්ධජ "ළ" කාරය සහ දන්තජ "ල" කාරය[සංස්කරණය කරන්න]
- 'පිළි' යන උපසර්ග පදය සැමවිටම "පිළි" යන්නෙහි "ළි" මුර්ධජ වේ.
පිළිමය, පිළිබඳ, පිළිරුව, පිළිගත්, පිළිතුර, පිළිවෙල, පිළිකුල්
- මුර්ධජ "ළ" කාරය බොහෝවිට පදයක ආරම්භයේදී යොදා ගනියි. තවද මෙම අක්ෂරය කිසිවිටෙක 'හල්' නොකරයි.
- 'ර' කාරයෙන් සෑදෙන අතීත කාල ක්‍රියා වල කෘදන්ත රූප වල 'ර' කාරය වෙනුවට බොහෝවිට මුර්ධජ 'ළ' කාරය යෙදෙයි
කර - කරයි = කළේය/කළෝය
මතුර - මතුරයි = මතුළේය
හදාර - හදාරයි = හදාළෝය
ගුගුර - ගුගුරයි = ගුගුළෝය
ස, ශ, ෂ අක්ෂර භාවිතය[සංස්කරණය කරන්න]
ශ /ෂ /ස භාවිතය ශ භාවිතය[සංස්කරණය කරන්න]
(1) බොහෝ විට තාලුජ අක්‍ෂරයක් සමග සංයෝජනය වනුයේ ශ කාරයයි. තාලුජ අක්‍ෂර :- ච , ඡ , ජ , ඣ ,ඤ දුශ්චරිත ,ආශ්චර්ය , නිශ්ශබ්ද , නිශ්ශංක
(2) තාලුජ අක්‍ෂරයක් නොමැති තන්හිද තාලුජ ශ යෙදෙන තැන් ඇත. අනුශාසනා , විශාරද , ක්ලේශ , ශ්‍රවණ
(3) ඇතැම් විට “ව” යන්නට මුලින් යෙදේ. විශ්වාස , ඊශ්වර , විශ්වය , අශ්වයා
(4) ශ / ස සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ. ප්‍රශස්ති , ශාස්ත්‍රාලය , ශාසනය
(5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ. ශිෂ්ටාචාර , විශේෂ , විශිෂ්ට , ශිෂ්‍යයා
ෂ භාවිතය
(1) මුර්ධජ අක්ෂරයකට පුර්වයෙන් මුර්ධජ ෂ යෙදේ. විෂ්ණු , නෂ්ට , දෘෂ්ටි , අෂ්ටලෝක , ක්‍රිෂ්ණජිනා
(2) ක සමග සංයෝග වන්නේ මුර්ධජ ෂ වේ. අක්‍ෂර , දුෂ්කර , පරීක්ෂණ , තීක්ෂණ (3) ඇතැම් විට ප බලපෑම නිසා ෂ යෙදේ. නිෂ්පාදන , නිෂ්ප්‍රභා , නිෂ්පත්තිය
තවද බලන්න[සංස්කරණය කරන්න]
විකිමාධ්‍ය කොමන්ස් හි සිංහල භාෂාවට අදාළ මාධ්‍ය ඇත. |
Comments
Post a Comment