සිංහල බෝධිවංශය ප්‍රශ්න අන්තර්ජාල උපුටා ගැනීම්
01. සිංහල බෝධිවංශය ”සිංහල බෝධිවංශයෙහි භාෂා ශෛලිය ශබ්දාර්ථ
රසයෙන් පරිපූර්ණය” නිදසුන් සහිතව පැහැදිලි කරන්න. (2010* ”
සිංහල බෝධිවංශ කතුවරයාගේ මූලික අභිප‍්‍රාය වූයේ ශ‍්‍රි මහා බෝධියෙහි
ඉතිහාසය ගෙනහැර දැක්වීම පමණක් ම නොවේ.” මේ මතය විමසන්න. (2009* ”
සිංහල බෝධිවංශය කාව්‍යාත්මක අගයකින් සමන්විත කෘතියක් සේ ම ඓතිහාසික
කරුණු අන්තර්ගත නිබන්ධයක් වශයෙන් ද අගය කළ හැකිය.” විමසන්න. (2008*
සම්භාව්‍ය ගද්‍ය කාව්‍ය අතර සිංහල බෝධිවංශය කවර අගයක් ගන්නේ දැයි
විමසන්න. (2007*
බුදුසමයෙහි ඉතිහාසය ප‍්‍රකට
කිරීම සම්බන්ධයෙන් සිංහල බෝධිවංශය කෙතරම් දුරට වැදගත් වන්නේ දැයි එහි අන්තර්ගත
තොරතුරු ඇසුරෙන් විමසන්න. (2006*
සිංහල බෝධිවංශයෙන් හෙළි වන ශ‍්‍රි ලංකාවේ ඓතිහාසික තොරතුරු පිළිබ`ද සමාලෝචනයක් කරන්න. (2005*
කුරුණෑගල්පුර යුගයේ සිංහල සාහිත්‍යය සිංහල බෝධිවංශය කරුණෑගල්පුර යුගය
නියෝජනය කරයි. එහෙයින් එම යුගයේ සාහිත්‍යය පසුබිම පිළිබ`ද මදක් විමසා බැලීම වැදගත් වේ. සිංහල
සාහිත්‍ය නියෝජනය කරන පන්සියපනස් ජාතක පොත, දළදා සිරිත,
දළදා
පූජාවලිය, අනාගතවංශය, ථූපවංශය වැනි ගද්‍ය පොත් කිහිපයක් ම
මෙම යුගයේ දී රචනා විය. චන්දකින්නර ජාතකය වස්තුවිෂය කොටගත් ස`දකිදුරු දා කව ද මෙම යුගයේ දී රචනා
වූවක් බව අයෙක් පවසති. අවුරුදු 54ක් පැවති කුරුණෑගල්පුර යුගය නිරවුල්, සමෘද්ධ කාලයක් නොවීය. ගිරිදුර්ග, වනදුර්ග ගහන වූ මෙම රාජධානියෙහි දෙවන
බුවනෙකබාහු , සතරවන පරාක‍්‍රමබාහු, (ද්විතීය පණ්ඩිත පරාක‍්‍රමබාහු ලෙසින් හ`දුන්වන්නේ ද මෙතුමා ම ය* තුන්වන
බුවනෙකබාහු, පස්වන විජයබාහු යන රජවරු සිංහාසනාරූඪ
වූහ. ‘බෝධි‘ යන වචනය ශ‍්‍රී සුමංගල සිංහල - සිංහලාර්ථ
ශබ්දකෝෂය ‘බෝධි’ යන වචනයට පහත ස`දහන් අදහස් පහ ලබා දී ඇත.
1. අවබෝධ කරණ හෝ අවබෝධයට ඉවහල් වන ඥානය
(මාර්ග ඥානය*
2. සර්වඥතා ඥානය
3. අවබෝධ කරණ පුද්ගලයා
4. අවබෝධ කරණු ලබන නිවණ
5. අවබෝධයට ආධාර වූ වෘක්‍ෂය
අභිධානප්පදීපිකාව ද ඊට සමාන අර්ථ දක්වයි.
ඒ මෙසේ ය. බොධි සබ්බඤ්ඤුුත ඤාණෙ -
රියමග්ගේ (ච නාරියං* පඤ්ඤත්තියං (පුමෙ* සත්‍ථ - රුක්ඛම්හි (පුරිසිත්‍ථියං* පාලි
බෝධිවංසයෙහි ‘බෝධි’ යන්න විග‍්‍රහ කර ඇත්තේ මෙසේ ය. ”බෝධි වුච්චති චතුසු මග්ගෙසු ඤාණං. තං
තං බොධි භගවා එත්‍ථ පත්තොති රුක්ඛොපි බොධිෙත්‍ථව නාමං ලභි” (සෝවාන් , සකෘදාගාමි, අනාගාමි, අරහත් යන සතර මාර්ගය විෂයෙහි පවත්නා
නුවණ ‘බෝධි’ නම් වෙයි. බුදුරජාණන් වහන්සේ යම් වෘක්‍ෂයක
සෙවනෙහි වැඩ හි`ද ඒ සිවුමග නුවණ ලබාගත් සේක් ද ඒ වෘක්‍ෂයට
ද අභේදෝපචාර (එක් වස්තුවක් යම් කිසි හේතූන් නිසා අනික් වස්තුවකට ලං කොට ඒ දෙක
නොවෙනස් සේ සැලකීම* වශයෙන් ‘බෝධි’ යැයි කියනු ලැබේ* ‘බෝධි’ යන්න බුධ් (සංස්කෘත* (දැකීමෙහි* බුධ (පාළි*
(බොධනෙ* ධාතුවෙන් තැනෙන භාව කෘදන්තයක් ලෙස ව්‍යාකරණානුකූලව විග‍්‍රහ කළ හැකි ය. ප‍්‍රාග්
බෞද්ධ යුගයේ පටන් ‘බෝධි’ යන වචනය භාවිත වී ඇත. සෘග් වේදයේ පස්වන මණ්ඩලයේ
හැත්තෑ පස්වන සූක්තයේත් අටවන මණ්ඩලයේ අසූ දෙවන සූක්තයේත් ‘බෝධින් මනස්’ යන්න භාවිත කොට ඇත්තේ ‘අවදි වූ මනසක් ඇත්තා’ යන අදහසිනි. අශ්වත්ත, ඇසතු ,ඇසටු යන නම් වලින් හැ`දින් වූ වෘක්‍ෂය මුල දී අප තථාගතයන්
වහන්සේ ‘සම්බෝධියට’ පත් හෙයින් එම වෘක්‍ෂය ද බෝධි නමින් ප‍්‍රචලිත
වී ඇත. ‘බෝධි’ යන වචනය වඩාත් ප‍්‍රචලිත වූයේ බෝ රුක නිසා ම බව
පෙනේ. බෝධි සංස්කෘතිය ප‍්‍රාග් බෞද්ධ යුගයේ පටන් ම ඇසතු ගස පූජනීය වෘක්‍ෂයක් ලෙස සලකා
ඇත. දෙව්දුවක විසින් අරක් ගත් ඇසතු වෘක්‍ෂයක් දැක්වෙන මුද්‍රාවක් ප‍්‍රාග් බෞද්ධ
ඉන්දු නිම්න නටබුන්වලින් මතු කොට ගෙන ඇත. තත් ශිෂ්ටාචාරයෙහි සභ්‍යත්වය මෙයින්
විදහා දැක්වෙන බව අවිවාදිත ය. දඹදිව ශ‍්‍රිී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව
සංඝමිත්තා ස්ථවිරින් වහන්සේ විසින් සිරිලකට වැඩම වන ලද්දේ බුද්ධ වර්ෂ 236 (ක‍්‍රි.පූ.247* වැන්නේ උ`දුවප් මස පුර පසළොස්වක දිනයේ ය. එය
දෙවනපෑතිස් රජු දවස සිදු වූ බව ප‍්‍රසිද්ධ ය. ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත‍්‍රිවිධ චෛත්‍යයන්ගෙන්
පාරිභෝගික චෛත්‍යය ලෙස වඩාත් ම ජනාදරයට පාත‍්‍ර වූයේ ශ‍්‍රී මහා බෝධිය යි. සිදුහත්
කුමරු උපන් දවසේ ම දඹදිව ශ‍්‍රී මහා බෝධිය හටගත් බව පැවසේ. ලක්දිව ශ‍්‍රී මහා
බෝධිය රෝපණය කරන ලද්දේ කකුස`ද, කෝනාගම, කාශ්‍යප යන තුන් බුදුවරුන්ගේ බෝධි වෘක්‍ෂයන්හි
දක්‍ෂිණ ශාඛාව පිහිට වූ ස්ථානයේ ම බව සමන්තපාසාදිකාව කියයි. විල්හෙල්ම් ෙගෙගර්
මහතා පවසන්නේ ලක්දිව සිදු වූ බෝධි රෝපණ උත්සවය සාඤ්චි ස්ථූපයේ නැගෙනහිර තොරණ
මුදුනෙහි හරස් අතට දිවෙන පුවරුවක කැටයම් වී ඇති බවයි. ‘දුමි`දු’ යනු බෝධින් වහන්සේට පර්යාය (සමානාර්ථවත්* වශයෙන් භාවිත කරන නමකි. ‘වෘක්‍ෂයනට අධිපති’ (දුම ූ ඉ`දු ළ දෘම ූ ඉන්‍ද්‍ර* යන අදහස එහි ගැබ් වී ඇත.
සංඝමිත්තාගමනය හැ`දින්වීම ස`දහා ‘දුමින්දාගමනය’ යන්න භාවිත කරනුයේ ද එහෙයිනි. දුමින්දාගමනයත්
සම`ග ලක්දිව සංස්කෘතිය ද පෝෂණය වූ බව
නොරහසකි. ශ‍්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීමත් සම`ග ම ලක්දිව ‘බෝධාහාර කුලය’ නමින් කුලයක් ද ‘අග්බෝ’ නමින් රාජ පරම්පරාවක් ද ඇතිවිය. බෝධීන්
වහන්සේගේ මළපත් ඉවත් කිරීම,
පැන්
ගෙන ඒම, දිරාගිය අතු වැළලීම ආදිය බෝධාහාර කුලය
විසින් සිදු කරන්නට ඇතැයි සිතිය හැකිය. බෝධියට ආවතේව කළවුන්ට ඉඩකඩම් හා ගම්බිම්
වෙන්කොට දී ඇත. බෝධි ගුප්ත,
බෝධි
නායක ආදි වශයෙන් ඔවුන්ගේ පරම්පරාගත නම් භාවිත වන්නට විය. බෝධිගුප්ත කුමාරයාට ‘ජයමහලේනා’ යන තනතුර ලැබීමෙන් පැහැදිලි වන්නේ
ලක්දිව රාජ කාර්යය විෂයෙහි නව තනතුරු නාමයන් ද බෝධ්‍යාගමනයත් සම`ග සකස් වූ බවයි. මෙවන් තනතුරු නාම
රැුසක් ගැන සිංහල බෝධිවංශයේ දුමින්දාගමන කථාවේ ස`දහන් වේ. ශ‍්‍රී මහා බෝධිය වැඩම වීමත් සම`ග කුල දහඅටක පැමිණීමත් සිදු වූ බව
මහාවංසය පවසයි. මෙම කුලයන්ගේ පැමිණීම නිසා විවිධ කර්මාන්ත රාශියක් සිරිලක ප‍්‍රචාරයට
පත් වූ බව පෙනේ. සාඤ්චි, භාරුත්, නාගාර්ජුනී කොණ්ඩ යන ස්ථානයන්හි ඇතැම් කැටයම්වල
බෝධිවෘක්‍ෂය භාවිත කොට ඇත්තේ බුදුරදුන් සංකේතවත් කිරීම පිණිස ය. ලක්දිව කලාශිල්ප
කෙරෙහි ද දුමින්දාගමනය බලපා ඇත. ආනන්ද කේ. කුමාරස්වාමි මහතා ‘මධ්‍ය කාලීන සිංහල කලා’ නමැති කෘතියේ දක්වන පරිදි බෝ කොළය යොදා
විවිධ මෝස්තර සකස් කිරීමට ලක්දිව කලාකරුවා පුරුදු වී සිට ඇත. ‘බොධිඝර’ නමින් හ`දුන්වන ගෘහ විශේෂය ද මෙහි දී සිහිපත් කළ යුතුය. ‘අනුරාධපුර යුගය’ නමැති කෘතියේ දැක්වෙන පරිදි බෝධිඝර
නිර්මාණය කිරීම ක‍්‍රි.ව. 13 වැනි සියවස පමණ දක්වා ලක්වැසියන්
විසින් සිදු කර ඇත. ශ‍්‍රී මහා බෝධිය හා සම්බන්ධ බෝධිඝරයන් පිළිබ`ද විස්තර මහාවංසයෙන් සොයාගත හැකි ය.
බෝධීන් වහන්සේ උදෙසා පැවැත් වූ විවිධ පුදපූජා පිළිබ`ද ව ද අසන්නට ලැබේ. මහනුවර යුගය වන විට යුක්තිය
ඉෂ්ට කිරීමේ බලය ද බෝධීන් වහන්සේ සතුව පවතිනු ඇතැයි ඇතැම්හු විශ්වාස කළහ. ‘දිව්රුම් බෝධිය’ නමින් හැ`දින් වූ දිව්රීම ස`දහා භාවිත කළ බෝධි වෘක්‍ෂයන්ගෙන් ඒ බව
මනාව පැහැදිලි වේ. අෂ්ට ඵලරුහ හා දෙතිස් ඵලරුහ බෝධි රෝපණයත් සම`ග බෝධි සංස්කෘතිය ලක්දිව පුරා වඩ වඩාත්
පැතිර ගිය බව පෙනේ. ප‍්‍රසිද්ධ බෝ රුක්වල පත‍්‍ර එකතු කොට පූජාර්හ වස්තු ලෙස සලකා
උස් තැනක තබා වැ`දුම් පිදුම් කරන්නෝ විරල නොවෙති. රනින්
හෝ රිදියෙන් බෝපත් සකස් කොට මැණික් ඔබ්බවා ගෙලෙහි පළදින බෞද්ධයන් ද විශාල ප‍්‍රමාණයකි.
මේ අනුව පැහැදිලි වන්නේ දිනෙන් දින බෝධිය ජනතාවට සමීප වෙමින් ඒ හරහා බෝධි
සංස්කෘතියක් සකස් වූ ආකාරය යි. බෝධි සාහිත්‍යය ජාතක කථා වස්තුවිෂය කොටගෙන
වෙසතුරුදා සන්නය, අටදා සන්නය, මුවදෙව්දාවත, සසදාවත, කව්සි`ඵමිණ, ස`දකි`දුරු දා කව, කාව්‍යශේඛරය වැනි ග‍්‍රන්‍ථ විශාල ප‍්‍රමාණයක්
රචනා විය. ජාතක සාහිත්‍යය ගණයෙහිලා ඒ සියල්ල ගිණිය හැක. දාඨාවංසය, දළදා සිරිත, දළදා පූජාවලිය ආදිය දළදා සාහිත්‍යය
විෂයෙහි ලා ගිණිය හැකිය. එමෙන්ම ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කොටගෙන රචනා වූ
සාහිත්‍යය ‘බෝධි සාහිත්‍යය’ ලෙස හැ`දින්විය හැකි ය. ලක්දිව තරම් ප‍්‍රචුර ලෙස
දඹදිව බෝධි වෘක්‍ෂය ව්‍යාප්ත නොවූ බව පෙනේ. නමුත් අශෝකාවදානය, දිව්‍යාවදානය, ලලිතවිස්තරය වැනි දඹදිව දී රචනා වූ ග‍්‍රන්‍ථවල
බෝධීන් වහන්සේ පිළිබ`ද තොරතුරු ස`දහන් වේ. පාලි බෝධිවංසය ආරම්භයේ දී
සිංහල බෝධිවංශයක් ගැන ස`දහන් කර ඇත. වංසත්‍ථප්පකාසිනියෙහි ‘මහා බොධිවංස අට්ඨකථාවක්’ පිළිබ`ද ස`දහන් වේ. මේ ස්ථාන දෙකෙහි ම ස`දහන් වන්නේ එකම ග‍්‍රන්‍ථයක් පිළිබ`ද ව බව සිතිය හැකය. අපගේ අවාසනාවකට මෙන් මෙකියන
පුරාණ සිංහල බෝධිවංශය අද වන විට අභාවප‍්‍රාප්ත වී ඇත. අවශේෂව ඇත්තේ නාමය පමණකි.
මෙය හෙළටුවා තරමට ම පැරණි විය හැකි බව පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා පවසයි. නිකාය
සංග‍්‍රහයෙහි ද එ`ඵ බෝධිවංසයක් පිළිබ`ද ස`දහන් වේ. එය ද ඉහත කී පුරාණ සිංහල බෝධිවංශයම
යැයි සිතීමට බාධාවක් නැත. ඉහත කී පුරාණ සිංහල බෝධිවංශයෙහි පරිවර්තනයක් ලෙස සැලකෙන
පාලි බෝධිවංසය ක‍්‍රි.ව. 10 සියවසේ දී පමණ රචනා වූවක් බව පැවසේ.
දාඨානාග නමැති තෙරනමකගේ ආරාධනයෙන් උපතිස්ස නමැති මහතෙරනමක් විසින් මෙය රචනා කරන ලද
බව වැලිවිට සරණංකර හිමියෝ පවසති. මෙය ඉහත කී පුරාණ සිංහල බෝධිවංශයේ පරිවර්තනයක් බව
පහත ගාථාවෙන් පැහැදිලි වේ. දස්සයිස්සං මහා බෝධි- වංසං භාසාය සත්‍ථුනො පුබ්බේ සීහළ
භාසාය - ඨිතං බුද්ධ ජනානුගො (පාලි බොධිවංසය* පාලි බෝධිවංසයේ ගැටලූ තැන් නිරාකරණය
කරමින් බෝධිවංශ ටීකාව නමින් ග‍්‍රන්‍ථයක් රචනා වී ඇත. මෙහි කර්තෘ අඥාත ය. ක‍්‍රි.ව.10 සියවසේ දී පමණ රචනා කරන්නට ඇතැයි
සැලකෙන මහා බෝධිවංශ ග‍්‍රන්‍ථිපද විවරණය ද පාලි බෝධිවංසාගත ගැටපද පැහැදිලි කරමින්
ලියන ලද්දකි. මෙය ඉතා ප‍්‍රශස්ථ ව්‍යාඛ්‍යාන ග‍්‍රන්‍ථයක් ලෙස පිළිගැනේ. ක‍්‍රි.ව.
12 සියවසේ අග භාගයේ හෝ 13 සියවසේ මුල භාගයේ රචනා කරන්නට ඇතැයි
සැලකෙන ගුරු`ඵගෝමීන්ගේ ධර්මප‍්‍රදීපිකාව ද බෝධි සාහිත්‍යය
නියෝජනය කරන පරිකථාවකි. පාලි බෝධිවංසාගත පද 205කට පරිකථා ලියන අයුරින් මෙය රචනා කොට ඇත.
කුරුණෑගල්පුර යුගයේ දී ලියවුණු සිංහල බෝධිවංශය ද බෝධි සාහිත්‍යය නියෝජනය කරන තවත්
ග‍්‍රන්‍ථයකි. විල්ගම්මුල යතීන්‍ද්‍රයන් වහන්සේ විසින් මෙය රචිත බව බෝධිවංශයේ ම ස`දහන් වේ. කර්තෘ හා කාලය පිළිබ`ද නිශ්චිත තොරතුරු සොයාගත නොහැකි චුල්ල
බෝධිවංශය ද මෙහිලා ගිණිය හැකි ය. දඹදිව ශ‍්‍රී මහා බෝධිය, ලක්දිවට වැඩම කර වූ දක්‍ෂිණ ශාඛාව, අෂ්ඨ ඵලරුහ බෝධි, දෙතිස් ඵලරුහ බෝධි ආදිය පිළිබ`ද තොරතුරු රැුසක් මෙහි ස`දහන් වේ. ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්‍ද්‍රසිංහ
රජු දවස වැලිවිට සරණංකර හිමියන් විසින් රචනා කරන ලද ‘මධුරාර්ථ ප්රකාශිනී’ නම් වූ බෝධිවංශ සන්නය ද බෝධි සාහිත්‍යයෙහි
ලා ගත හැකි ය. මෙය පාලි බෝධිවංසයට සන්න වශයෙන් ලියවුණකි. කතුවරයා සිංහල
බෝධිවංශයෙහි ම සඳහන් වන පරිදි මෙහි කතුවරයා විල්ගම්මුල ස්ථවිර පාදයන් වහන්සේ බව
පැහැදිළි වේ. ශ‍්‍රී පරාක‍්‍රමබාහු විල්ගම්මුල නමින් හැඳින්වෙන උන්වහන්සේ රාජගුරු
ගලතුරුමුල මහා ස්වාමිපාදයන් වහන්සේගේ ප‍්‍රධාන ශිෂ්‍යයා ය. මතු බුදුවන මෛත‍්‍රී
බුදුරජාණන් වහන්සේ පිළිබඳ කියවෙන අනාගත වංශය ද, සූර්ය ශතක සන්නය හෙවත් මයූර ශතක සන්නය ද විල්ගම්මුල තෙරිඳුන් විසින්
රචනා කරන ලද බව පිළිගැනේ. ඇතැමෙක් පවසන්නේ ස`දකිඳුරුදාකව ද උන්වහන්සේගේ රචනයක් බවයි. මුන්වහන්සේගේ නම කොට්ටන්ගෙ
ගිරිලිපි දෙකෙහි ම ස`දහන් වේ. දෙවන ලෝකේශ්වර විසින් ඒවා
පිහිටුවන ලද බව පැවසේ. ‘සාහිත්‍ය විල්ගම්මුල’ නමින් නිකාය සංග‍්‍රහයෙහි ස`දහන් වන්නේ ද මුන්වහන්සේ ය. නිමිත්ත
බෝධිවංශය රචනා කිරීමට නිමිත්ත හෙවත් හේතුව වී ඇත්තේ ආරාධනයකි. දෙවන පණ්ඩිත පරාක‍්‍රමබාහු
නමින් ද හැ`දින්වෙන කුරුණෑගල සිව්වැනි පැරකුම්බා
රජු විසින් කරන ලද ආරාධනයකට අනුව සිංහල බෝධිවංශය රචනා කරන ලද බව ග‍්‍රන්‍ථයේ දෙපලක
ම ස`දහන් වේ. ග‍්‍රන්‍ථාරම්භයෙහි එය ස`දහන් වන්නේ මෙසේ ය. ”උතුම් බෝධිසත්ව චරිත ඇති ද්වීප චක‍්‍රවර්ති
වූ දෙවෙනි පණ්ඩිත පරාක‍්‍රමබාහු මහරජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් මගධ භාෂාවෙන් ආකෝවිද වූ
සත්ත්වයන් හට වැඩ ස`දහා මේ බෝධිවංශය ස්වභාෂාවෙන් වර්ණනා
කරමි” ග්රන්ථාවසානයෙහි එය මෙසේ ස`දහන් වේ. ”......... ද්විතීය පණ්ඩිත පරාක‍්‍රමබාහු මහා
රාජෝත්තම තෙම, භවිෂ්‍යත් කාලයෙහි ශ‍්‍රද්ධාබුද්ධි
සම්පන්න ධර්මදේශකයන් බහුල නොවන හෙයින් ධර්ම ශ‍්‍රවණයෙහි තත්පර වූ ශ්‍රෝතෘ ජනයා ම`ද සේ දැකැ, ශ‍්‍රවණරමණීය වූ බොධිවංශ කථාව මාගධික
භාෂායෙන් තුබුවා ස්වභාෂායෙන් ලියැවූයෙම් වීම් නම් සාධු ජනයෝ සැප සේ අසා ස්වර්ග
මෝක්‍ෂ සම්පත්ති සාධනය කෙරෙති’ යන මහා කරුණායෙන් සඤ්චෝදිත හෘදය ඇති වැ ........ මූල භාෂායෙන් ප‍්‍රවෘත්ත
වූ බෝධිවංශාභිධාන ප‍්‍රසිද්ධ ප‍්‍රබන්‍ධය ස්වභාෂායෙන් කළහොත් යෙහෙකැ’යි ආරාධනා කළේ යැ” මේ අනුව පැහැදිලි වන්නේ ශ‍්‍රී
මහාබෝධියේ වංශකථාව ප‍්‍රකාශ කිරීම ම පරමාර්ථ කොටගෙන සිංහල බෝධිවංශය රචනා කර නොමැති
බව යි. ධර්මශ‍්‍රවනාභිලාෂීන් එකල විසුවත් ධර්ම කථිකයන් බහුල නොවී ය. එහෙයින් එම
අඩුව පුරවාලනු වස් බෝධිවංශය බණ පොතක් කිරීමට වෙර දරා ඇති බව විචාරකයෝ පවසති.
බෝධීන් වහන්සේ පිළිබ`ද තොරතුරුවලට අමතර බාහිර තොරතුරු
රැුසක් මෙහි දී අපට හමු වේ. බුද්ධචරිතයත්, ශාසන වංශකථාවත් ඇතුළත් කිරීමෙන් බෝධිවංශ කතුවරයා අපේක්‍ෂා කළේ
ඉතිහාසය බණක් බවට පත් කොට ‘දේශනාමය’ කුශල කර්මය රැුස්කරගන්නට බව විචාරකයෝ වැඩි
දුරටත් පවසති. බෝධිවංශ කතුවරයා දක්වන පහත ස`දහනින් ද එය ස්ඵුට වේ. ”මහා බෝධිවංශය කරන්නා වූ මා විසින් යම් කුශල කර්මයක් රැුස්කරන ලද ද, ඒ කුශල කර්මයෙන් ......... මම වනාහි
උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණ නිරුත්තර වූ ධර්මදේශනා කොට සියලූ සත්‍වයන් සංසාර
බන්‍ධනයෙන් මුදම්වා.” අන්තර්ගතය හා ඓතිහාසික වැදගත්කම ඒ ඒ
පරිච්ෙඡ්දයෙහි අන්තර්ගතය පිළිබඳ විමසා බලන කල්හි මෙහි ඇති ඓතිහාසික වටිනාකම ද මනාව
පැහැදිලි වේ. පාලි බෝධිවංසය මෙන්ම සිංහල බෝධිවංශය ද ප‍්‍රශ්න පහකට පිළිතුරු සපයන
ආකාරයෙන් රචනා කර ඇත.
විල්ගම්මුල හිමියෝ ග‍්‍රන්ථය ආරම්භයේ දී ම එම ප‍්‍රශ්න පහ
මෙසේ දක්වා ඇත.
1ග කවර අර්ථයෙකින් බෝධි නම්වේ ද?
2ග කවර කෙනෙකුගේ බෝධියෙක් ද?
3ග කුමක් සිද්ධ කෙරේ ද?
4ග කවරක්හු විසින් ස්තුති කරන ලද්දේ ද?
5ග කොතැන්හි පිහිටියේ ද?
මෙම ප‍්‍රශ්න පහ විසඳීම සඳහා සිංහල
බෝධිවංශකරු පරිච්ෙඡ්ද දොළහක් භාවිත කර ඇත.
1ග අභිසම්බෝධි කථා
2ග ආනන්ද බෝධි කථා
3ග දසබල පරිනිර්වාණ කථා
4ග ප‍්‍රථම සංගීති කථා
5ග ද්විතීය සංගීති කථා
6ග තෘතීය සංගීත කථා
7ග ලංකාවතරණ කථා
8ග නගර ප‍්‍රවේශ කථා
9ග මහාවිහාර ප‍්‍රතිග‍්‍රහණ කථා
10ග චේතියගිරි විහාර ප‍්‍රතිග‍්‍රහණ කථා
11ග ධාත්වාගමන කථා
12ග දුමින්දාගමන කථා
මෙම එක් එක්
පරිච්ෙඡ්දයක අන්තර්ගතය අපි දැන් විමසා බලමු. අභිසම්බෝධි කථා අප මහ බෝසතුන් සුමේධ
තාපසව උපන් අවස්ථාවේ පටන් චරිත කතාව ද, බුද්ධත්වය ලබාගත් අවස්ථාව දක්වා සිදුහත් බෝසත් සිරිත ද අභිසම්බෝධි
කථාවේ ඇතුළත් වේ. සුමේධ බෝසත් තුමා තමා සතු ධනය දන්දීමට සූදානම් වූ අවස්ථාව
අභිසම්බෝධි කථාවේ මෙසේ දක්වා ඇත. ‘‘ ඒ සුමේධ කුමාර තෙම දෙමාපියනට කළ මනා උපස්ථාන
කොට ඉක්බිති අයකැමි අමාත්‍යයන් විසින් භාණ්ඩාගාරිකයන් ලවා හරවන ලද දොර ඇති නොයෙක්
රත්න ගර්භ සහශ‍්‍රයන් දැකැ...... ’’
ආනන්ද බෝධි කථා සත්සතිය, බ‍්‍රහ්මාරාධනාව, ඉසිපතනයට වැඩම කිරීම, ධම්මචක්කපවත්තන සූත‍්‍ර දේශනාව, ජටිල දමනය, කිඹුල්වත් පුරයට වැඩම වීම, යශෝදරාවන් හමුවීම, අනේපි`ඩු සිටුතුමා සෝවාන් වීම, යමාමහ පෙළහර පෑම, අභිධර්මය දේශනා කිරීම, ආනන්ද බෝධිය රෝපණය කිරීම, ආනන්ද ස්තුතිය ආදි කරුණු මෙයට ඇතුළත්
වේ. ආනන්ද හිමියන් විසින් ජේතවනාරාම භූමියෙහි බෝ පැළයක් රෝපණය කිරීමට බුදුරජාණන්
වහන්සේගෙන් අවසර ඉල්ලූ අවස්ථාව මෙහි මෙසේ දැක් වේ. ‘‘ එවේලෙහි අන`ද මහ තෙරුන් වහන්සේ ස්වාමීනි ! නුඹ වහන්සේ සැරිසරා වැඩි කල්හි මේ
ජේතවන විහාරය කුසල් කැමැති සත්වයනට පිළිසරණ නොවෙයි. මනුෂ්‍යයෝ පිදිය යුතු ස්ථානයක්
නොලබති. එසේ හෙයින් ශ‍්‍රී මහා බෝධියෙන් බිජුවටක් ගෙනවුත් ජේතවන දොරටුව සමීපයෙහි
රෝපණය කරවම්ද ස්වාමීනි? යි විචාළ සේක.’’
දසබල පරිනිර්වාණ කථා මෙහි දී දකුණු ශ‍්‍රී
මහා බෝධි ශාඛාව පිළිබ`ද විස්තර කිරීම ආරම්භ කරයි. අභ්‍යන්තර
ප‍්‍රශ්න පහක් මෙහි දී විස`දා ඇත. ඒවා මෙසේ ය.
x ඒ දක්ෂිණ මහා ශාඛාව කවරක්හු විසින්
ගන්නා ලද්දේ ද?
x කවරක්හු විසින් ගෙන එන ලද්දේ ද?
x කවරක්හු විසින් පිහිටුවන ලද්දේ ද?
x කවරක්හු විසින් පුදන ලද්දේ ද?
x කවරක්හු විසින් රක්ෂා කරන ලද්දේ ද?
මෙම ප‍්‍රශ්න පහට පිළිතුරු ලබා දෙමින්
තොරතුරු ගෙනහැර දැක්වීම මෙහි දී සිදුවී ඇත. ඉහත දැක්වූ ප‍්‍රශ්න පහ සඳහා මෙහි ලබා
දී ඇති පිළිතුරු පිළිවෙළින් මෙසේ දැක්විය හැකි ය.
x ධර්මාශෝක රජ්ජුරුවන් විසින් ගන්නා ලද්දේ ය.
x සංඝමිත්ත‍්‍රා නම් මහාස්ථවීරීන් විසින්
ගෙන එන ලද්දේ ය.
x දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් පිහිටුවන
ලද්දේ ය.
x බුද්ධාදි මහෝත්තමයන් විසින් පුදන ලද්දේ
ය.
x බෝධිගුප්තාදි වූ රාජ කුමාරවරුන් විසින්
රක්ෂා කරන ලද්දේ ය. බුදුරජුන්ගේ පරිනිර්වාණය දැක්වීමෙන් අනතුරුව මෙම පරිච්ෙඡ්දය
නිම වේ. මෙහි එන, බුදුරජුන්ගේ පරිනිර්වාණය හා සම්බන්ධ
විස්තරයෙන් උදුරාගත් පාඨයක් මෙසේ දැක්විය හැකි ය. ‘‘කුසිනාරා නුවර සමීපයෙහි වූ මල්‍ය රජදරුවන්ගේ
ශාලවනෝද්‍යානයෙහි සල් රුක් දෙකක් අතුරෙහි එක් සල් රුකකට පයලා එහි පනවන ලද ශ‍්‍රී
යහන් මස්තකයේ සැතපී වෙසක් මස මැදි පොහෝ දවස් රාත‍්‍රියෙහි ........’’
ප‍්‍රථම සංගීති කථා රජගහ නුවර වේභාර
පර්වතයෙහි සප්තපර්ණී ගුහා ද්වාරයෙහි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන්, රහතන් වහන්සේලා පන්සිය නමකගේ
සහභාගීත්වයෙන්, බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගිය
පසු, අජාසත් රජතුමාගේ අනුග‍්‍රහය යටතේ, හත් මසක් පුරා පවත්වන්නට යෙදුණු ප‍්‍රථම
ධර්ම සංගායනාව පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වේ. මෙහි ධර්ම සංගායනාව පවත්වන අවස්ථාව
විස්තර කෙරෙන ස්ථානයෙන් උපුටා ගත් පාඨයක් මෙසේ ය. ‘‘ඉක්බිත්තෙන් ආයුෂ්මත් වූ මහා කාශ්‍යප ස්ථවිරයන්
වහන්සේ ආයුෂ්මත් වූ අන`ද මහ තෙරුන් වහන්සේගෙන් ධර්මය විචාරන
සේක් ‘ඇවැත් වූ ආනන්ද ස්ථවිරයෙනි, බුදුරජාණන් වහන්සේ විසින් බ‍්‍රහ්මජාල
සූත‍්‍රය කොහිදී වදාරණ ලද්දේදැ යි විචාළ සේක. ’’
ද්විතීය සංගීති කථා වජ්ජි භික්ෂූන්ගේ දස වස්තුව
ප‍්‍රතික්ෂේප කරමින්, බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පමණ
පසුව, විශාලා මහනුවර වාලූකාරාමයේ දී, කාලාශෝක රජුගේ අනුග‍්‍රහය යටතේ, සබ්බකාමී මහ රහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන්, රහතන් වහන්සේලා පන්සිය නමකගේ
සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුණු දෙවන ධර්ම සංගායනාව පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත්
වේ. එයින් උදුරා ගත් වාසගම් ප‍්‍රදේශයක් මෙසේ දැක්විය හැකි ය. ‘‘මෙබඳු වූ දශ වස්තුවක් වජ්ජි පුත‍්‍රක
භික්ෂූහු ප‍්‍රකාශ කෙරෙති යනු අසා ඒ යස මහ තෙරුන් වහන්සේ ‘යම් බඳු වූ මම සර්වඥයන් වහන්සේගේ ශාසන
විපත්තිය අසා නිරුත්සාහ වැ වැද හුන්නෙම් වීනම් ඒ මට සුදුසු නොවන්නේයැ. එබැවින් මම
අධර්මවාදීන්ට නිග‍්‍රහ කොට ධර්මය ප‍්‍රකාශ කෙරෙමි’යි සිතා ........’’
තෘතීය සංගීති කථා ධර්මාශෝක රජුගේ
චරිතකතාව, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ චරිතකතාව, මෝගගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේ
මිසදිටුවන් සසුනෙන් නෙරපා සසුන පිරිසිදු කිරීම, ධර්මාශෝක රජු දවස මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන්
රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයෙන් පැවති තෙවන ධර්ම සංගායනාව ආදි තොරතුරු
තෘතීය සංගීති කථාවට ඇතුළත් වේ. අන්‍ය තීර්ථකයන් හැටදාහක් දෙනා බුදුසසුනෙන් නෙරපූ
අයුරු මෙහි දී මෙසේ දක්වා ඇත. ‘‘ඉක්බිත්තෙන් ධර්මාශෝක රජ්ජුරුවෝ පළමු කොට මැ උගන්නා ලද සමය ඇති
හෙයින් ‘මොහු භික්ෂූහු නොවෙති. මොහු අන්‍ය
තීර්ථකයහ’ යි දැනැ, ඔවුනට සුදු පිළි දී හැටදාහක් තීර්ථකයන් සිවුරු
හරවා.......’’
ලංකාවතරණ කථා විජයාවතරණය හෙවත් විජය
කුමරු ලංකාවට ගොඩ බැසීම, ධර්මාශෝක රජු හා දේවානම්පියතිස්ස රජු
අතර පැවති මිත‍්‍රත්වය, නවරට සසුන් පතුරුවා හැරීම, මහින්දාගමනය යන තොරතුරු ලංකාවතරණ කථාවට
ඇතුළත්ව ඇත. එහි මහින්දාගමනය හා සම්බන්ධ තොරතුරු දක්වන ස්ථානයෙන් උදුරාගත් වාසගම්
ප‍්‍රදේශයක් මෙසේ ය. ‘‘මිහිඳු මහ තෙරුන් වහන්සේ ද ‘තාම‍්‍රපර්ණි ද්වීපයට ගොස් එහි ශාසනය
පිහිටුවවයි උපාධ්‍යායන් වහන්සේ විසිනුදු භික්ෂු සංඝයා විසිනුදු ආරාධනා කරන ලද
සේක්. මම තාම‍්‍රපර්ණි ද්වීපයට යන්නට මේ කල් වේදො? නොවේ දෝ යි පරීක්ෂා කොටැxxxxxxxx’’
නගර ප‍්‍රවේශ කථා දෙවනපෑතිස් රජු මුව
දඩයමේ යාම, මිහිඳු හිමියන් හමුවීම, දෙදෙනා අතර ඇති වූ සාකච්ඡුාව, මිහිඳු හිමියන් දහම් දෙසීම යන කරුණු
මෙහි විස්තර වේ. ‘‘තවද ඒ මිහිඳු මහ තෙරුන් වහන්සේ මහරජ, තොපගේ නෑයෝ ඇද්දැයි විචාරා ස්වාමීනි, බොහෝ දෙන ඇතැයි කී කල්හි මහ
රජ්ජුරුවෙනි, තොපගේ නොනෑයෝත් ඇද්දැයි විචාරා
ස්වාමීනි නෑයනට වඩා නොනෑයෝ බොහෝ වේයැයි කී කල්හි ......’’
මහාවිහාර ප‍්‍රතිග‍්‍රහණ කථා මහමෙවුනා
උයන සසුනට පිදීම, මිහි`දු හිමියන් එහි මල් පිදීම, භූමිය කම්පා වීම, පෙර බුදුවරයන් දවස ලංකාවේ සිදු වූ
ශාසනික කටයුතු , ගෞතම බුදුහිමි ලක්දිවට වැඩම කළ අවස්ථා, රුවන්වැලි සෑයේ අසදෘශ ලක්‍ෂණ, සීමා බැ`දීම, ලක්දිව ශාසනය පිහිටුවීම, ශාසනය අන්තර්ධාන වන ක‍්‍රම, මහාවිහාරය සසුනට පිදීම ආදිය මෙහි විස්තර වේ. එයින් උදුරා ගත් ගද්‍ය
ඛණ්ඩයක් මෙසේ ය. ”ඒ දුටුගැමුණු මහරජ මෙතැන්හි අසදෘශ වූ
රත්නමාලි චෛත්‍යය කරන්නේ යැ‘යි කියා රජ්ජුරුවන් පැහැද වූ සේකැ. එකල්හි රජ්ජුරුවෝ ඉදින් ස්වාමීනි, මාගේ මුනුබුරාණෝ කරවත් නම්, මා විසින් කරන ලද්දේමැ’යි කියා දොළොස් රියන් ගල් ටැඹක් ගෙන්වා
”දෙවනපෑතිස් රජ්ජුරුවන්ගේ මුනුබුරු වූ
දුට්ඨගාමිණි අභය නම් රජ්ජුරු කෙනෙක් මේ ප‍්‍රදේශයෙහි ථූපයක් කරවති’යි අකුරු කොටවා එතැන්හි පිහිටුවූහ.” චේතියගිරි විහාර ප‍්‍රතිග‍්‍රහණ කථා
සෑගිරිය, මිහින්තලය යනුවෙන් ද හැඳින් වූ චේතිය
ගිරියෙහි විහාරයක් කරවීම හා දෙවන පෑතිස් රජතුමාගේ බෑනණු වූ මහා අරිට්ඨ කුමරු
සහෝදරයන් පනස්පස් දෙනෙකු සමග පැවිදි වීම මෙම පරිච්ෙඡ්දයේ දී විස්තර කෙරේ. ‘‘..... එදවස් මැ රජජ්ජුරුවන්ගේ බෑනණු වූ මහා
අරිට්ඨ නම් අමාත්‍ය පුත‍්‍ර තෙම රජ්ජුරුවන් අනුදක්වා පස්පනසක් පමණ වූ මල් බෑයන් හා
සම`ග තෙරුන් වහන්සේ සමීපයෙහි මහණ වැ. ආර්ය
මාර්ග නමැති පොකුණෙහි ගැලී මාර්ගඥාන නමැති ජලයෙන් කෙලෙස් නමැති මල සෝදා .......’’
ධාත්වාගමන කථා මිහිඳු හිමියන්ගේ
මෙහෙයවීමෙන්, සුමන සාමණේරයන් වහන්සේ විසින්, ධර්මාශෝක රජතුමාගෙන් සහ ශක‍්‍ර
දේවේන්ද්‍රයාගෙන් සර්වඥ ධාතූන් ලබාගෙන පෙරලා ලක්දිවට පැමිණීම, ඒ ධාතූන් වහන්සේලාට පූජා පැවැත්වීම, දකුණු අකු ධාතුව ථූපාරාම දාගැබෙහි
පිහිටුවීම හා ප‍්‍රාතිහාර්ය පෑම යන කරුණුු මෙහි විස්තර වේ. එයින් උදුරාගත් වාසගම්
ප‍්‍රදේශයක් මෙසේ ය. ‘‘සුමනයෙනි, මෙසේ එවු. ජම්බුද්වීපයෙහි තොපගේ
මුත්තණුවන් ධර්මාශෝක රජ්ජුරුවන් හා ශක‍්‍ර දේවේන්ද්‍රයා ද කරා ගොස් ධාතු ගෙනෙව’යි වදාළ සේක’’ දුමින්දාගමන කථා අරිට්ඨ නම් ඇමැතියා
රාජ ¥තයෙකු ලෙස ධර්මාශෝක රජතුමා වෙත යාම, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහ, ධර්මාශෝක රජුගේ බෝධි පූජාව, බෝධීන් වහන්සේ ප‍්‍රාතිහාර්යය පෑම, දහ අට කුලයක් සමග සංඝමිත්තා මෙහෙණිය
ලක්දිවට වැඩම කිරීම, නාගයන්ගේ බෝධි පූජාව, දෙවනපෑතිස් රජුගේ පූජෝපහාර, ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාව
අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කිරීම, ඵලරුහ බෝධි පිහිටුවීම, බුද්ධාදි උතුමන්ගේ බෝධි පූජා, බෝධි ආරක්ෂක පරපුර හා තනතුරු, අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි වීම ආදි තොරතුරු රැුසක් මෙහි
ඇතුළත් වේ. ‘‘තමන්ගේ ¥ වූ සංඝමිත්ත‍්‍රා නම් ස්ථවිරාව කැඳවා ආර්යයන්
වහන්ස, දැන් මහා බෝධිය ගෙනැ ලක්දිවට ගිය
මැනවැයි කියා විධුරින්ද නම් රාජ කුමරයන් කැඳවා ‘තෙපි සහ පිරිවරින් මහාබෝධීන් වහන්සේ ආරක්ෂා
කරවයි කියා........’’
සිංහල බෝධිවංශය මෙතකින් නිම වුවද
පසුකාලීන කතුවරයෙකු විසින් ග‍්‍රන්ථය අගට එකතු කරන ලද කුඩා ගද්‍ය කොටසක් පෙනේ.
මෙයින් කතුවරයාගේ පෙළපත පිළිබඳ කියවේ. ඉහත අප දැක්වූ තොරතුරුවලට අනුව පැහැදිළි
වන්නේ ඉතිහාසය අධ්‍යනයෙහිලා මූලාශ‍්‍රයක් වශයෙන් බෝධිවංශය ඇසුරු කළ හැකි බවයි.
භාෂා විලාසය පාලි බෝධිවංසයෙහි පරිවර්තනයක් ලෙස සිංහල බෝධිවංශය රචනා වූ බව අපි
දනිමු. එහි දී පාලි පොතෙහි ආ භාෂාව හා රීතිය, රචනා උපක‍්‍රම, පද යෝජනා ක‍්‍රම ආදියෙහි බලපෑම සිංහල පොතට ද ලැබී ඇත. කතුවරයාම
නිපදවාගත් රචනා උපක‍්‍රම,
භාෂා
ප‍්‍රයෝගාදිය ද මෙහි නැත්තේ ම නොවේ. සිංහල බෝධිවංශයෙහි භාවිත කොට ඇත්තේ තත්කාලීන
ව්‍යවහාර බසට සමීප භාෂා ශෛලියකි. දළදා සිරිත හැර තත් කාලීන සෙසු ගද්‍ය කෘතිවල ද
භාවිතයට ගෙන ඇත්තේ බෝධිවංශ භාෂා විලාසයම ය. බෝධිවංශ භාෂා විලාසයෙහි පෙනන විශේෂ ලක්‍ෂණ
සෝදාහරණව මෙසේ ගෙනහැර දක්වම්.
01. සංස්කෘත තත්සම වචන සුලභව භාවිත කිරීම ”නිර්මල ප‍්‍රභා ඇති සර්වඥයන් වහන්සේ.” ”වහ්නි ශිඛා ශත සහශ‍්‍රයෙන්” ”ඒ රාක්ෂසිය පර්ෂද් මධ්‍යයට කොටැ” ”අනේක ප‍්‍රකාර වූ ප‍්‍රාතිහාර්යයන්
නිර්මල වූ ආකාශ තලයෙහි දක්වා”
02. හුදු හෙළ වදන් භාවිත කිරීම හුදු හෙළ වදන්ම භාවිත කරමින් ලියූ වාක්‍යයන්
මෙහි දී අපට හමුවේ. පාලි,
සංස්කෘත
වචන අතරට හෙ`ඵ වදන් යෙ¥ තැන් ද රැුසකි. හුණ කිලිල් කන්වැයින්
(කොට්ටිය* අත්වැටුගැළ (අත් කරත්තය* කපුටුවන් කිබිසිනි දුමලොසු ළමන්දුන් (මෑණියන්* ”එහි කොත් ම`ඵයෙහි සිටැ ම`ගුලැතුන් දෙනෙකු යොදන ලද රන් න`ගුලක් ගෙනැ හීවිටක්
දක්වමින්...........”
03.
හෙළ
බසින් පැහැදිලිව භාවිත කළ හැකි වචන තිබියදීත් එම ස්ථානයන්ට සංස්කෘත වචන භාවිත
කිරීම. මල්‍ය රජ්ජුරුවන්ගේ තුෂිත කාර්ය සමර්ථ ඡෙද්‍ය - භෙද්‍ය ස්ථානාන්තරයට ච්‍යුතව
තාම‍්‍රපර්ණි ලංකාද්වීපයෙහි අග‍්‍රමහීෂිය ශක‍්‍ර දේවේන්‍ද්‍ර ලීලායෙන්
04. සමාස පද බහුල ව භාවිත කිරීම. සංස්කෘත, පාලි භාෂාවලින් ගත් සමාස පද එලෙසම යෙ¥ තැන් මෙහි දී අපට හමුවේ. පාලි
බෝධිවංසයට කාදම්බරී නම් ගාඪ සංස්කෘත කාව්‍යයෙහි ආභාසය ලැබී ඇත. පේළි ගණන් දිවෙන
ගර්භ සමාස (එකිනෙකට බැ`දුණු සමාස* විශාල ප‍්‍රමාණයක් එහි ඇත.
එම බලපෑම අනුව පාලි බෝධිවංසයට ද සමාස රැුසක් පැමිණ ඇත. එහි පර්වර්තනයක් වූ සිංහල
බෝධිවංශයෙහි සමාස බහුල වූයේ ඒ නිසාවෙනි. ‘‘කමලකොමලකරා”
”චතුසත්‍යාවබෝධය” ”දෙවදානවනාගසුපර්ණාදීන්” ”සන්නිහිත බාලාන්‍ධකාර” ”බ‍්‍රහ්මාමර මනුෂ්‍යයන්”
05. විකල්ප පද රූප භාවිතය කුරුණෑගල්පුර
යුගය වන විට සිංහලය බොහෝ සෙයින් තැම්පත් භාෂාවක් බවට පත්ව තිබූ හෙයින් විකල්ප පද
රූප භාවිතවූයේ ඉඳ හිටය. බෝධිවංශයෙහි එසේ භාවිත විකල්ප පද රූප කිහිපයක් මෙසේ ය. ස`ගමිත් - සංමිත් - සංඝමිත්තා බයාවැව -
භයාවැව - අභයවාපි අස්න - අසුන් - හසුන් - සාසන ( සියලූ*ලියුම * ඇම - හෑම - සම (
06. අනුප‍්‍රාස බහුල වාක්‍ය භාවිතය . සමාන
ශබ්ද ඇති අකුරු, වචන ල`ග ල`ග යෙදීමෙන් අනුප‍්‍රාස රසය උපදී. (සරූපවර්ණ වින්‍යාසමනුප‍්‍රාසං ප‍්‍රචක්‍ෂතෙ*
එවන් තැන් රැුසක් මෙහි දී අපට හමුවේ. ‘‘තර්කනය කිරීමෙන් අවචරණය නොකට හැකි බැවින් අතර්කාවචර යැ’’ ‘‘හිමබින්දුවක් පමණ වූ ජලබින්දුවක් ” ‘‘වට මට වූ ” ‘‘අජර වූ අමර වූ නිර්මල වූ” ‘‘කන්දර්ප දර්පය” ‘‘සිද්ධාර්ථ කුමාරයා අසිද්ධ වූ අර්ථ
ඇත්තෙකු කෙරෙමි’’
07. ශ‍්‍රැති ගෝචර රීතියක් අනුගමනය කිරීම
ශබ්ද ධ්වනියට ප‍්‍රමුඛත්වය දෙමින් මෙය රචනා කර ඇති බව පෙනේ. බණ අසන්නන්ට ගැළපෙන
පරිදි මෙය සකස් කර ඇති හෙයින් එලෙස ශබ්ද ධ්වනිය මතුවන සේ වචන යොදන්නට ඇත. ”බෝමැ`ඩට අග්නිකෝණයෙහි වූ මිදෙල් විල් තෙරැු මිදෙල්
රුක් මුල්හි වැඩැහි`දැ, මුචලින්ද නම් නාගරාජයාගේ සිත් නමැති ඇඹුල වනය පුබුදුවමින්......” ”ගර්ජනාකරන ලද ප‍්‍රලය කාලයෙහි මේඝ
මාලාවන්ගේ ගර්ජනයෙන් උපන්නා වූ චණ්ඩ වූ සෙණහ`ඩ දහස් සුවහස් හෙන කලක් මෙන් ”
08. නූතන ව්‍යවහාරයේ භාවිත වන වචන බහුල ලෙස දැකගත
හැකිවීම ඇස් ගලක් මිහිරි භාජනයන් කටහ`ඩින් බෙරය උයන අතු ජලයෙන්
09. අචේතන නාම සචේතන ලෙස වරනැගීම අචේතන නාම
සංචේතනික ලෙස වරනගා, බහුවචන ගන්වා, ගැළපෙන ලෙස අඛ්‍යාතරූප භාවිත කිරීම
මෙහි බහුලව දැකගත හැකි ලක්‍ෂණයකි. ”ශරීරාභරණයෝ මධුර නාද පවත්වන්නාහුය.” ”තාරකා සමූහයෝ අධිකතරව බබළන්නට පටන්ගත්තාහු ය.”
10. ව්‍යාකරණ රීති වැරදී ගිය තැන් දැකගත
හැකිවීම මෙහි ඇතැම් දිගු වාක්‍යවල උක්තාඛ්‍යාත භාවිතය සදොස් ය. එවන් තැන් රැුසක්
පෙන්වා දෙන කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන් පවසන්නේ එම දෝශයන් පසුකාලීන පිටපත්කරුවන්
අතින් සිදුවන්නට ඇති බවයි. එවන් සදොස් තැන් කිහිපයක් මෙසේ ය. ”......ධර්මාශෝක රජ්ජුරුවෝ ඒ ප‍්‍රාතිහාර්යය
දැක ........අභිෂේක ජලය වත් කළේය.” ”....සැපය අනුභව කරන්නෝ ........ඒ රජ්ජුරුවන්
ඇවෑමෙන් රාජ්‍යය ගත්තේය.”
රචනා
ශෛලිය ශෛලිය හෙවත් රීතිය නම් ”යමක් ප‍්‍රකාශ කරන ආකාරය යි.” සිංහල බෝධිවංශ රචනා ශෛලියෙහි දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණ පිළිබඳ මඳක්
විමසා බලමු.
01. කෙටි වැකි භාවිතය ”නොබෝ කලෙකින් අධර්මය දීප්තිමත් වන්නේ
යැ. ධර්මය පසු බස්නේ යැ. අවිනය දීප්තිමත් වන්නේ යැ. විනය පසු බස්නේ යැ”.
02. දිගු වැකි භාවිතය බෝධිවංශයෙහි බහුලව ම
දක්නට ලැබෙන්නේ දිගු වැකි යි. වර්ණනා බාහුල්‍යය එයට හේතු වී ඇත. මෙහි එන ඇතැම්
වාක්‍ය පිටු ගණනක් පුරා දිවෙයි. ‘‘එකල්හි තෙරුන් වහන්සේගේ මේ වචනය අසා නැවැත අදෘෂ්ට මිත‍්‍ර වූ
ධර්මාශෝක රජ්ජුරුවන් විසිනුදු ”ලෝකයෙහි දත යුතු යම් කිසි පදාර්ථයෙක් ඇත් නම් ඒ සියල්ල මැ ස්වයම්භූ
ඥානයෙන් විශේෂයෙන් දත් බැවින්, සර්වඥතාඥානාදී වූ ගුණයෙන් නිපන්නා වූ අර්හත්ඵල සඕඛ්‍යාත විමෝක්ෂය
කෙළවර කොටැ ඇති ඥානයෙන් බුදුහු යැයි ගත් සව්නේ දත් බුදුන් දත තමා ධරන්නා වූ
සත්ත්වයන් සතර අපායෙහිදු සංසාර වෘත්තයෙහිදු නො හෙළා ධරන බැවින් ධර්ම යැ යි ගත්
නෛර්යාණික ධර්මය දත දෘෂ්ටිශීල ශ‍්‍රාමණ්‍යයෙන් ගැලැපුණු බැවින් සඕඝයා යි ගත්
අෂ්ටාර්ය පුද්ගල සඕඝයා ද මම සරණ ගියෙමි.”
03. පාලි, සංස්කෘත වචන මිශ‍්‍ර වාක්‍ය යෙදීම ‘‘චතුර්විධ පාරිශුද්ධි ශීලයෙන් යුක්ත වන බැවින්
ශීලසම්පන්නයහ. චිත්තේකාග‍්‍රතාවෙන් යුක්ත වන බැවින් සමාධි සම්පන්නයහ’’
04. සරල සිංහල වැකි භාවිතය ”මේ කුමාරයා වූ කලි අනාගාමී ඵලයට
පැමිණියේ යැ” ”දහස් ගණන් භික්‍ෂුන් වහන්සේ සාධුකාර
දුන් සේකැ”
05. උපමා භාවිතය මෙහිදී අවස්ථාවෝචිත ලෙස
පැරණි උපමා රැුසක් එලෙස ම භාවිතයට ගෙන ඇත. නව්‍ය උපමා ද නැත්තේ ම නොවේ. ”ආකාශ නමැති මහ විලට දහසක් පෙති ඇති ප‍්‍රධාන
පද්මයක් බඳු වූ” ”භයපත් වූ මෘග ධේනුවක මෙන්” ”අනංග නමැති විලට කල හංසයකු බ`දු වූ” ”අජපාල වෘක්‍ෂ නමැති උදය පර්වතයෙන් නැංගා වූ
සර්වඥ නමැති සූර්යාණන් වහන්සේ.” ”පරවියන්ගේ කකුල් සේ රත් පැහැ ඇති ”
06. සිිංහල ෙඡ්ද අතරට පාලි හෝ සංස්කෘත ගද්‍ය, පද්‍ය පාඨ යෙදීම. පාලි ත‍්‍රිපිටකයෙන්
හා වෙනත් පොත් පත් වලින් උදුරාගත් ගද්‍ය, පද්‍ය කොටස් සිංහල ෙඡ්ද අතරට යොදා ඇත. ”එහෙයින් කියන ලදි: සමණාමයං මහරාජ -
ධම්මරාජස්ස සාවකා තවේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා ’‘ යි එකල්හි තෙරුන් වහන්සේගේ මේ වචනය අසා
..........” ”ශෘංගාරවීර බීභත්ස රෞද්‍ර හාස්‍ය භයානකඃ
කරුණාද්භුත ශාන්තශ්ච නවනාට්‍ය රසස්මෘතඃ”
07. සනිරුක්තික විවරණ සැපයීම ස්ථාන නාම, පුද්ගල නාම ආදිය දක්වන ඇතැම් අවස්ථාවල
දී ව්‍යාඛ්‍යාන ග‍්‍රන්ථයක මෙන් පැහැදිලි කිරීම් දක්වා ඇත. ”සිංහ පුරයෙහි සිංහයාට දා වූ බැවින්
සිංහල යයි ලබන ලද නම් ඇති ...සිංහබාහු කුමාරයාගේ ” ”සියලූ පෘථග්ජන ලෝකයා තමා වශයෙහි පවත්වන හෙයින්
වශවර්ති නම් වූ .....” ”ඇම කල්හි අනාථ සත්වයන්ට තේරීමක් නැතිව
පි`ඩු දෙන හෙයින් අනාථපිණ්ඩික යයි නම් ලද”
08. වර්ණනා ඉදිරිපත් කිරීම අවස්ථාවෝචිත ලෙස
වර්ණනා ඉදිරිපත් කරන අවස්ථා රැුසක් මෙහි දී අපට හමුවේ. අනුචිත වර්ණනා ද මෙහි
නැත්තේ ම නොවේ. ශුද්ධෝදන රජතුමා යශෝධරාවගේ විරහ වේදනාව බුදුරදුන් ඉදිරියෙහි කියා
පාන්නේ මෙසේ ය.
”මේ යශෝධරා දේවී තොමෝ නුඹ වහන්සේගේ
වියෝගයෙන් පීඩිත වූ තැනැත්තී රත් පියුම් ගබක් ඇතුළෙහි තෙවුනා වූ ළහිරු ම`ඩලක් මෙන් අලතා කල්ක පතුල් තලයෙහි
නොගල්වන්නී යැ. අනංග නමැති විලට කල හංසයකු බඳු වූ මැණික්මය නුරුවළා පාපියුම්
පහසින් නොගන්නී යැ. පහවූ මෙවුල් දම් හ`ඩින් නිශ්ශබ්ද වූ මධ්‍ය ප‍්‍රදේශ ඇත්තී යැ ........”
අතිශය දුකට පත් රෝගියෙකු පිළිබඳ කරන
පහත වැනුම ද ඉතා උචිත වූවකි. ”ඉතා පළල් වැ ඉදිමී ගියා වූ බඩ හා පාද යුගලය ද ඇති, සුසුම් ලීමෙන් වෙවුලන්නා වූ ශරීර ඇති, ව්‍යාධි නමැති සතුරා විසින් පෙළන ලද්දා
වූ ........” බණ පොතක් ලෙස ඉතිහාසය හදාරනවුන්ට
ඉතිහාස ග‍්‍රන්‍ථයක් ලෙස ද,
සාහිත්‍යාභිලාෂීන්ට
සාහිත්‍ය කෘතියක් ලෙස ද, ධර්ම ශ‍්‍රවනාභිලාෂීන්ට ධර්ම ග‍්‍රන්‍ථයක්
ලෙස ද සිංහල බෝධිවංශයෙන් ප‍්‍රයෝජන ගත හැකි ය.
මෙහි ඉදිරිපත් කොට ඇති දහම් කරුණු
පිළිබ`ද ම`දක් විමසා බලමු. ආනන්ද බෝධි කථාවෙහි
අවකුජ්ජපඤ්ඤ, උච්ඡුංගපඤ්ඤ, පුථුපඤ්ඤ යන තෙවැදෑරුම් බණ අසන්නන්
පිළිබ`ද පාලි පාඨයන් ද සමග දැක් වූ සම්පූර්ණ
විස්තරයක් ඇත. ආනන්ද බෝධිකථාවෙහි ම ‘දහසක් නය’ විස්තර කරමින් දීර්ඝ ධර්ම විස්තරයක්
පාලියෙන් හා සිංහලයෙන් ඉදිරිපත් කර ඇත. බුදුරදුන්ගේ චතුවෛශාරද්‍ය ඥානය පිළිබ`ද ස`දහන් කරන අවස්ථාවේ දී එම ඥාන සතර ම පිළිබ`ද කියවෙන පහත ගාථාව දක්වා ඇත. අන්තරායෙ
ච නිය්‍යානෙ බුද්ධත්තෙ ආසවක්ඛයෙ එතෙසු චතුසු ඨානේසු බුද්ධො බුද්ධි විසාරදො
බුදුරදුන් දහම් දෙසූ අවස්ථාවක් දක්වමින් පහත දහම් කරුණු ඉදිරිපත් කර ඇත. ”තවද ඒ පාපධර්ම පුද්ගලයෝ නම් කවරහ යත් :
පාපධර්ම යැ, පාපධර්මතර යැයි ඔහු ද්විවිධ වෙත්. එහි
ප‍්‍රාණාතිපාතාදි දශ අකුශල කර්ම පථයෙහි නියුක්ත වූයේ පාපධර්ම යැ. තමා සේ මැ
සෙස්සනුත් ප‍්‍රාණාතිපාතාදියෙහි සමාදන් කරවනුයේ පාපධර්මතර යි.” පාලියෙන් ධර්ම විස්තර ගෙනහැර දක්වන සෑම
අවස්ථාවක දී ම පාහේ සිංහලයෙන් අරුත් දැක්වීම ද මෙහිලා ඉතා වැදගත් වේ. බණ අසන
සාමාන්‍ය ජනයා ගැන සිතා එසේ කරන්නට ඇත. සතරවිධ බුදුවරුන් පිළිබ`ද පැහැදිලි කරමින් ඉදිරිපත් කරන පහත
විස්තරය ඉතා අගනේ ය. ”සමත‍්‍රිංශත් පාරමීධර්මයන් නිරවශෙෂ කොට
පුරා සම්‍යක් සම්බොධිඥානය සමධිගම කළා වූ සර්වඥ බුද්ධයහ. ඊට උනු කොට පාරමීධර්මයන්
පුරා ප‍්‍රත්‍යෙක බොධිඥානය සමධිගම කළා වූ ප‍්‍රත්‍යෙක බුද්ධයහ. ඊට ද උනු කොට
පාරමීධර්මයන් පුරා ශ‍්‍රාවක බොධිඥානය සමධිගම කළා වූ චතුස්සත්‍ය බුද්ධයහ. බොහෝ
ශාස්ත‍්‍රයන් හදාරා පිරුවා බහුශ‍්‍රැතවූවාහු බහුශ‍්‍රැත බුද්ධයහ යි කියන ලද
..........” කල්‍යාණ ධර්ම පුද්ගලයන් පිළිබ`ද මෙහි ඉදිරිපත් කර ඇති ධර්ම විස්තරයක්
මෙසේ ය. ”තවද, කල්‍යාණ ධර්ම පුද්ගලයෝ නම් කවරහ යත් ත කල්‍යාණ
ධර්මය යැ කල්‍යාණධර්මතර යැ යි ඔහු ද්විවිධ වෙත්. එහි ප‍්‍රාණාතිපාතාදීන් විරත වූයේ
කල්‍යාණ ධර්ම යැ. තමා සේමැ සෙස්නනුදු ප‍්‍රාණාතිපාතාදියෙන් විරමණය කරනුයේ කල්‍යාණ
ධර්මතර යි” බෝධිවංශ කතුවරයන් වහන්සේ ධර්ම කාරණා
ඉදිරිපත් කිරිමේ දී ධර්මප‍්‍රදීපිකාව ඉතා සමීපයෙන් ඇසුරු කර ඇති බව පෙනේ.
Comments
Post a Comment