ගිරා සංදේශය පසුගිය ප්‍රශ්න
ගිරා සංදේශය
02. ගිරා සන්දේශය ඇසුරින් පසුගිය වසරවල දී
අසා ඇති ප‍්‍රශ්න
ගිරා සන්දේශ කතුවරයා ස්වභාව සෞන්දර්ය
වර්ණනයෙහිලා දැක්වූ සාමාර්ථ්‍යය අභිමත වැනුම් දෙකක් ඇසුරින් සාකච්ඡුා කරන්න. (2010*
”ගිරා සන්දේශ කතුවරයා සෙසු සන්දේශ
කවියන් අනුගත කාව්‍ය මාර්ගය ම යොදා ගෙන ඇත.” මෙම කියමන උදාහරණ සහිතව විමසන්න. (2010*
ගිරා සන්දේශ කතුවරයාගේ වර්ණනා චාතූර්යය අභිමත වැනුම් දෙකක් ඇසුරින්
පැහැදිලි කරන්න. (2009*
ගිරා
සන්දේශයෙන් හෙළිවන තත්කාලීන ආගමික තත්ත්වය පිළිබ`ද සමාලෝචනයක් කරන්න. (2009* ”
ගිරා සන්දේශය සෞන්දර්යාත්මක වර්ණනාවලින් පිරිපුන් කාව්‍යයකි.” සනිදර්ශනව විමසන්න. (2008*
කෝට්ටේ යුගයේ පැවැති අධ්‍යාපන තත්ත්වය ගිරා සන්දේශයෙන් හෙළිවන ආකාරය
පහදා දෙන්න. (2008*
ස්වභාව සෞන්දර්ය වර්ණනයෙහි ලා ගිරා සන්දේශ කතුවරයා පළ කළ සාමාර්ථ්‍යය
සනිදර්ශනාත්මකව විමසන්න. (2007*
ගිරා සන්දේශයෙන් හෙළිවන තත්කාලීන අධ්‍යාපන තත්ත්වය කෙබ`දු වී දැයි උදාහරණ මගින් පැහැදිලි
කරන්න.(2007* ‘
ගිරාසන්දේශාගත වැනුම් අතරින් අම්බලමේ වැනුම සුවිශේෂත්වයක් දරයි’ මෙය විමසන්න. (2006*
ගිරා සන්දේශයෙන් හෙළි වන තත්කාලීන සමාජය කෙබඳු දැයි උදාහරණ ම`ගින් පැහැදිලි කරන්න. (2006*
ස්වභාව වර්ණනය හෙවත් කිවයුතු දෙය ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමට ගිරා
සන්දේශ කතුවරයා දැක් වූ සාමාර්ථ්‍යය අභිමත වර්ණනා දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න. (2005*
තොටගමුවේ විජයබා පිරිවෙණෙහි පැවැති අධ්‍යාපන තත්ත්වයට අදාළ කෙබ`දු තොරතුරු ගිරා සන්දේශයෙන් හෙළි වේ
දැයි පැහැදිලි කරන්න. (2005*
සන්දේශයක් යනු කුමක්ද? ‘‘සං” පූර්ව ”දිශ්” ධාතුවෙන් නිපන් සංදේශ යන වචනයෙහි අර්ථය ‘‘හො`දින් දන්වාලීම’’ යන්න යි. ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය සන්දේශ යන්නට පහත ස`දහන් ආකාරයේ අර්ථ රැුසක් ලබා දී ඇත.
ලියමන, පණිිවුඩය, දැන්වීම, ආරංචිය, ප‍්‍රවෘත්තිය,
තොරතුර, නියමය සාමාන්‍යයෙන් සන්දේශයක දී
සිදුවන්නේ දුර ප‍්‍රදේශයක සිටින්නෙකුට කිසියම් පණිවුඩයක් යැවීම යි. හස්න, අස්න, සෙ`දස යන නම් වලින් ද හ`දුන්වන්නේ මෙය යි. නියම සන්දේශයක් වීමට නම් පේ‍්‍රෂකයකු හෙවත්
යවන්නෙකු, හාරකයකු හෙවත් ගෙනයන්නෙකු, ග‍්‍රාහකයකු හෙවත් ලබන්නෙකු සිටිය
යුතුවාක් මෙන්ම දැන්වීමට පණිවුඩයක් ද තිබිය යුතු ය. සන්දේශයක තිබිය යුතු ලක්ෂණ
සංස්කෘත ප`ඩිවරු සන්දේශයක තිබිය යුතු ලක්ෂණ
කිහිපයක් ගෙනහැර දක්වති. x
කථානායකයා
හෝ නායිකාව ප‍්‍රසිද්ධ අයෙකු විය යුතු ය. x ¥තයා හෙවත් සන්දේශ හාරකයා උසස් වංශවතෙකු විය
යුතු ය. x ඉතිහාස කථාවක් හෝ ආශිර්වාදයක් පෙරටු
කොට සන්දේශය ඇරඹිය යුතු ය. x සන්දේශය ගෙන යායුතු ස්ථානය ප‍්‍රකාශ කළ යුතු ය. x සන්දේ්ශය ගෙනයන අතරම`ග මාර්ග ආදිය වර්ණනා කළ යුතු ය. x සන්දේශය දැක්විය යුතු ය. x ¥තයාට ආශිර්වාද කළ යුතු ය. සිංහල සන්දේශ
සාහිත්‍යය සිංහල සාහිත්‍යය නමැති වෘක්ෂයේ කොළයෙන්, මලින්, ඵලයෙන් වඩාත් ම අලංකාර වූයේ සිංහල සන්දේශ නමැති ශාඛාව බව නොකිව මනාය.
පාලි, සංස්කෘත, දෙමළ වැනි සෙසු සාහිත්‍යයන්ට වඩා වැඩි සංදේශ ප‍්‍රමාණයක්
සිංහල සාහිත්‍යය සතුව ඇත. අපට හමුවන දෙසීයකටත් වඩා වැඩි වූ සන්දේශ ප‍්‍රමාණය ම
මෙයට සාක්‍ෂ්‍ය සපයයි. ගම්පොළ යුගයේ දී රචනා වූ තිසර, මයූර යන සන්දේශ දෙක දැනට සිංහල සාහිත්‍යයේ
අපට හමුවන පැරණිම සන්දේශ බව කිව යුතු ය. ඉන්පසු එළඹි කෝට්ටේ සාහිත්‍ය යුගයේ දී
සිංහල සන්දේශ කාව්‍ය කෙතරම් නැගී ආවේ ද යත් එය ‘සන්දේශ යුගය’ යන අන්වර්ථ නාමය ලැබීමෙන් ම පැහැදිලි වේ. කෙසේ
වුවත් කෝට්ටේ යුගයෙන් පසු සිංහල සන්දේශ කාව්‍යවල පරිහානි ලක්ෂණ මතු වන්නට විය.
සංස්කෘත, දෙමළ, පාලි, කේරළ සන්දේශවල ආභාසය සිංහල සන්දේශ සාහිත්‍යයට ලැබී ඇත. නමුත් සිංහල
සන්දේශ රචකයාගේ ස්වාධීන ලක්ෂණ රැුසක් ද අපගේ සංදේශ තුළ දැක ගැනීමට තිබේ. එමෙන් ම
සන්දේශ රචනයත් සමග ම සිංහල සාහිත්‍යයේ ද යම් යම් වෙනස්කම් මතුවී පෙනුණි. x සිවුපදය ප‍්‍රචලිත වීම ඒ අතර කැපී
පෙනෙන්නකි. සීගිරි ගීයේ පටන් විවිධ අවස්ථාවන්හි අපට සිවුපද හමු වූ බව සැබවකි.
නමුත් සිවුපද ආකෘතියට ප‍්‍රමුඛත්වය ලැබුණේත්, එය ප‍්‍රචලිත වූයේත් සන්දේශ රචනයත් සමග යැයි කිව හැකි ය. x සිංහල සාහිත්‍යයේ දෙවියන් යැදීම ඉතා ප‍්‍රකටව
ගියේ ද සන්දේශ සාහිත්‍යය හරහා ය. හින්දු දෙවිවරුන් ඉදිරියේ කරන අයැදුම් රැුසක්
සිංහල සන්දේශවල පෙනේ. x සියබස්ලකර නම් කාව්‍යාලංකාර ග‍්‍රන්ථයේ
ආ ‘පෙදෙන් බුදු සිරිතැ’ (පද්‍යයෙන් බුද්ධ චරිතය හා සම්බන්ධ
නිර්මාණ කළ යුතු ය.* යන නියමය ඉතා පැහැදිලි ලෙස කඩ කිරීම ද සන්දේශ රචනයත් සමග
සිදුවිය. x ලක්දිව දේවාල නැටුම්, රජ ගෙදර නැටුම් පැහැදිලිව වර්ණනා කරන
සිංහලයේ එකම සාහිත්‍ය රචනය ලෙස ද සන්දේශ හැඳින්විය හැකිය. x සිරිලක ගහක, කොළයක, මලක, ඇලක, දොළක සුන්දරත්වය වර්ණනා කරන මුල්ම
සිිංහල පද්‍ය සාහිත්‍යාංගය ද මෙයයි. සන්දේශයක සැකැස්ම සෑම සම්භාව්‍ය සිංහල
සන්දේශයක් ම පාහේ පොදු සැලැස්මකට අනුව සකස් කොට ඇති බව පෙනේ. එකී සන්දේශ සන්දර්භය
මෙසේ දැක්විය හැකිය. ¥තයාට ආසිරි පැතීම ¥තයා පැසසීම සන්දේශය රචනා කිරීමේ අරමුණ දැක්වීම පුර, රජ, දියකෙළි, වන, සැඳෑ, නිසා, උදා ආදි වැනුම් දැක්වීම ¥තයා යන ස්ථානය වර්ණනා කිරීම කාව්‍ය නායකයා වර්ණනා කිරීම සන්දේශය ලබන තැනැත්තා වර්ණනා කිරීම සන්දේශය ඉදිරිපත් කිරීම ¥තයාට සුබපැතීම සම්භාව්‍ය සිංහල සන්දේශ
සියල්ලම ‘සැරදෙ’ (බොහෝ කල් ජීවත් වේවා* යන ආසිරි පැතුම සහිත යහ
(යා* ගීයකින් ආරම්භ වේ. ඉන්පසු ¥තයාගේ බාහිර සහ අභ්‍යන්තර ගුණ වර්ණනා කෙරේ. ඒ සඳහා ජාතක කථා ආදිය ද
උපයෝගී කරගනියි. බොහෝවිට ¥තයා පිටත් වන්නේ සුභ මොහොතකිනි.
අනතුරුව ගමනට සුභ නිමිති ද දක්වයි. තත් කාලයෙහි රටෙහි නායකයා හෝ වෙනත් ප‍්‍රසිද්ධ
අයෙකු කාව්‍ය නායකයා ලෙස තෝරාගෙන වර්ණනා කරයි. අතරමග ¥තයාට හමුවන නගර, වන, දියකෙළි, හිරුසඳු උදාව, සන්ධ්‍යාව, රාජ සභාව, දේවාලයන්හි නැටුම් ආදිය මනහර ලෙසින්
වර්ණනා කෙරෙයි. සන්දේශ ග‍්‍රාහකයා (ලබන්නා* බොහෝවිට උපුල්වන්, විභීෂණ වැනි දෙවි කෙනෙකි. ඔහු ද
වර්ණනයට බඳුන් වේ. අනතුරුව සන්දේශය හෙවත් පණිවුඩය ඉදිරිපත් කෙරේ. ඉන් පසු ¥තයාට සුබ පතා සන්දේශය නිමා කෙරේ.
සන්දේශයේ තැනින් තැන දසපද සැහැලි, ශද්දාඩම්බරයෙන් යුත් අනුප‍්‍රාස රස ගැබ් වූ ගද්‍ය ඛණ්ඩ ආදිය ඇතුළත්
වේ. බොහොමයක් ඇත්තේ සිවුපදයි. සාහිත්‍ය විචාරකයන් විවිධාකාරයට සිංහල සන්දේශ සාහිත්‍යය
බෙදා දක්වා ඇත. එසේ වුවත් විදයාර්ථීන්ගේ සුඛාවබෝධය තකා සිංහල සන්දේශ සාහිත්‍යය
මෙසේ ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දක්වමු. 1ග ආරම්භක යුගය 2ග ස්වර්ණමය යුගය 3ග පරිහානි යුගය ආරම්භක යුගය අනුරපුර යුගයේ පටන් ගම්පොළ යුගයේ ආරම්භය
දක්වා කාලය ආරම්භක යුගයට ඇතුළත් කරනු කැමැත්තෙමු. අපගේ අවාසනාවකට මෙන් මෙම යුගයේ
දී ලියවුණු එකම සිංහල සන්දේශයක්වත් අද වන විට දැක ගැනීමට නැත. නමුත් එකල පැවැති
සිංහල සන්දේශයන්ගෙන් උපුටා ගන්නට ඇතැයි සිතිය හැකි පද්‍ය හා පද්‍ය ඛණ්ඩ දඹදෙණි
යුගයේ රචිත සිදත් සගරාව, එළු ස`දැස් ලකුණ යන පසු කාලීන පොත් වලින් අපට හමුවේ.
එමෙන් ම සීගිරි කැටපත් පවුරේ එන සිරිනාග නැමැත්තෙකු විසින් ලියන ලද ක‍්‍රි.ව 08 වන සියවසට අයත් යැයි සැලකෙන පහත ගීය ද
සිංහල සන්දේශ සාහිත්‍යයේ ආරම්භක යුගය පිළිබඳ කතා කිරීමේ දී වැදගත් කොට සලකනු ලැබේ.
‘‘වන්දිමි හිමිවලා - තොගොසින් ඇය
නිවෙස්නට පිරිබුන් පගා මලයුන - දිවොට තො හදහව කියකියය්’’ මෙයින් පිරිමියෙක් කාන්තාවකට වලාකුළක්
අතේ පණිවුඩයක් යවන ආකාරය දිස්වේ. මෙම ගීය කියවන විට මහා කවි කාලිදාසයන්ගේ මේඝ ¥තය නිතැතින් ම සිහියට නැගේ.
කරහම්පිටිගොඩ සුමනසාර නාහිමියන්ගේ ‘එළු සඳැස් ලකුණේ නිදසුන් පද්‍ය’ නමැති පොත සංස්කරණය කළ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා සිය සංස්කරණයේ
සංඥාපනයෙහි ඉහත සීගිරි ගීය සම්බන්ධයෙන් මෙවන් අදහසක් දක්වා ඇත. ‘‘යක්ෂාධිපති වෙසවුණු රජු විසින් කිසියම්
වරදකට රාමගිරි අසපුවෙහි සිර කරනු ලැබ සිටි යක්‍ෂයෙකු විසින් සිය බිරිඳ වෙත මේඝයක් ¥ත මෙහෙවරෙහි යොදා යවන හස්නක ව්‍යාජයෙන්
එකව (මේඝ¥තය* රචිත යැ. එය ම අනුකරණය කොට සිංහල
කවියෙකු විසිනුදු සිංහල මේඝ ¥ත කාව්‍යයක් රචනා කරන ලදැයි හෝ යථෝක්ත කාව්‍යය ම සිංහලයට අනුවාද කරන
ලදැයි හෝ සිතියැහෙයි. මේ කව දඹදෙණි අවධියෙහිදු ව්‍යවහාරයෙහි පැවති බව පෙනෙයි.
සිදත්ස`ගරාවෙහි ප, පිරි උපසර්ග ප‍්‍රයෝගයට ෙඡ්කපාඨ විසින්
පූර්වෝක්ත ගීයෙහි ‘පගා’, ‘පිරිබුන්’ යන වචන දෙක ගන්නා ලද්දේ එකව එදවසැ වහරෙහි පැවති හෙයිනි’’ ඡුන්ද ශාස්ත‍්‍රය සඳහා ගුරුහරුකම් ලබා
දෙන එළුසඳැස් ලකුණ භද්‍ර නම් තෙර කෙනෙකුගේ රචනයකි. විවිධ විරිත්වලට උදාහරණ දැක්වීමට
පද්‍ය රැුසක් භද්‍ර තෙරුන් විසින් ගෙන හැර දක්වා ඇත. ඒවා කවර පොත් වලින් ගත්තේ ද
යන වග මෙහි දක්වා නොතිබීම මහත් ම පාඩුවකි. එසේ වුවත් එහි එන ඇතැම් නිදසුන් පද්‍ය
දෙස බලා ඒවා අනුරපුර, පොළොන්නරු යුගවල පැවති සිංහල
සන්දේශයන්ගෙන් උදුරා ගන්නට ඇතැයි විචාරකයෝ පවසති. ඒ අනුව සිංහල සන්දේශ ආරම්භක
යුගයට අයත් යැයි සිතිය හැකි සන්දේශ කිහිපයක් පිළිබඳ ව සුචරිත ගම්ලත් මහතා තොරතුරු
දක්වයි. ඒවා මෙසේ ය. x මේඝ¥තය වැනි සන්දේශයක් x කිරිලි සන්දේශයක් x මානව සන්දේශයක් x හංස සන්දේශයක් x මයූර සන්දේශයක් එමෙන් ම සිදත්ස`ගරාවේ එන ‘‘ කළවන් බි`ගු මහත්වත හිරු හත්වත’’ (හිරු බැස යන කල්හි බඹර සමූහයාගේ කළු
පැහැය මහත් විය.* යන පාඨය මයූර සන්දේශයෙන් ගෙන ඇති බව සිදත්ස`ගරා පුරාණ සන්නය පවසයි. මේ කියන මයූර
සන්දේශය දැනට අප හමුවේ ඇති මයූර සන්දේශය නොවේ. දැනට විද්‍යමාන මයූර සන්දේශය සිදතට
පසුව , ගම්පොළ යුගයේ දී රචනා කරන ලද්දක්
හෙයින් එහි පාඨයක් සිදතට යාමට කොහෙත්ම ඉඩක් නැත. එසේ නම් සිදත් සගරා පුරාණ සන්නය
පවසන මයූරය සිංහල සන්දේශ සාහිත්‍යයේ ආරම්භක යුගය නියෝජනය කරන සන්දේශයක් යැයි සිතිය
හැකි ය. සිදතේ ම කම් විබතට දක්වා ඇති නිදසුන් අතරෙහි පෙනෙන ‘‘ නරඹන්න මොනරාන නස්නා’’ (නටන්නා වූ මොනරුන් නරඹන්න* යන පාඨය ද
ඉහත කී මයූර සන්දේශයෙන් ම ගත්තකැයි සිතිය හැකි ය. එමෙන් ම සිදතෙහි ම එන ‘‘ මොනරිඳු එකල්හි පුල් සලග නවා ගනී ’’ (මොනර රාජයා ඒ අවස්ථාවේ දී (මල්* පිපුණු
සල් ගසක් අග නවාතැන් ගනියි*. යන ගී පාඨය ද එම මයූර සන්දේශයෙන් ම උදුරා ගන්නට ඇතැයි
සිතිය හැකි ය. එමෙන් ම සිදත් සගරාවේ එන අලප් විබතට නිදසුන් ලෙස දක්වා ඇති, ‘‘ බිගුනි, මී ලොලින් කල් ඉක් තඹරෝරේ ද`ග නොවා’’ යන පාඨය ද අදර විබත සඳහා නිදසුන් ලෙස දක්වා ඇති, ‘‘ පහනැ තඹරන්හි බමන බමරමුළු තමඹ පියසැ
සරන තිමිර බලල් වලා’’ යන පාඨය ද දෙස බැලූ කල සිංහල සන්දේශ
ආරම්භක යුගය නියෝජනය කළ බඹර සන්දේශයක් තිබීදෝ යන සැකය ඇති වේ. ස්වර්ණමය යුගය
ගම්පොළ රාජධානිය ආරම්භ වූ කාලයේ පටන් සීතාවක සමයෙහි සැවුල් සන්දේශය රචනා විම තෙක්
කාලය සිංහල සන්දේශාවලියෙහි ස්වර්ණමය යුගය ලෙස හඳුන්වනු කැමැත්තෙමු. සන්දේශ යුගය යන
අන්වර්ථ නාමය ලත් කෝට්ටේ සාහිත්‍ය යුගයෙහි සම්භාව්‍ය සිංහල සන්දේශ කෘති පහක් රචනා
විය. එම සන්දේශයන් ද කෝට්ටේ යුගයට පෙර එනම් ගම්පොළ යුගයේ දී ලියවුණු මයූර, තිසර යන සන්දේශ දෙක ද කෝට්ටේ යුගයට
පසුව එළඹෙන සීතාවක සමයෙහි ලියවුණු සැවුල් සන්දේශය ද ඉහත කී ස්වර්ණමය යුගය නියෝජනය
කරයි. ඒ අනුව මෙම යුගයට අයත් සන්දේශ අටකි. සම්භාව්‍ය සිංහල සන්දේශ ගණයෙහි ලා
සැලකෙන්නේ ද මෙම සන්දේශ අටයි. තිසර සන්දේශය මයූර සන්දේශය පරෙවි සන්දේශය කෝකිල
සන්දේශය සැළලිහිණි සන්දේශය ගිරා සන්දේශය හංස සන්දේශය සැවුල් සන්දේශය පරිහානි යුගය
කෝට්ටේ යුගයෙන් පසු රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් විවිධ අර්බුධකාරී තත්වයන් ඇති වූ
හෙයින් අප රටෙහි ආර්ථිකය,
ශාසනය
මතු නොව සාහිත්‍යය ද පරිහානියට ගිය බව දැකගත හැකිය. සීතාවක රාජසිංහ රජු හින්දු සමය
වැළඳගෙන බුදු සමයට කළ විනාශය මෙහිලා ප‍්‍රධාන වේ. සැවුල් සන්දේශයෙන් පසු ලියවී ආ
කහ කුරුලූ, නීලකොබෝ වැනි සන්දේශවල පටන් සිංහල
සන්දේශ සාහිත්‍යයේ පරිහානි ලක්ෂණ ඉස්මතු වන්නට විය. ඒවා සමහරක් මෙසේ ය. මූලික සන්දේශ ලක්ෂණ පවා ඇතුළත් නොවීම පෞද්ගලික අභිමථාර්ථ සාධනය පිණිස සන්දේශ
රචනා කිරීම සිය විරුද්ධවාදීන්ට ගරහන රිසින් විවේචනාත්මක මඩ
ප‍්‍රහාර එල්ල කිරීමට සන්දේශ යොදා ගැනීම රසභාව අලංකාර ආදිය ගැන නොසිතා ඉතා ග‍්‍රාම්‍ය
බස් වහරක් යොදා ගැනීම (ව්‍යක්ත බස් වහරක් භාවිත කළ සන්දේශ කිහිපයක් ද නැත්තේ ම
නොවේ.* හුදු විනෝදාස්වාදය පිණිස පමණක් සන්දේශ රචනා
කිරීම ‘‘කෝට්ටේ යුගයෙන් පසු ලියවුණු බොහෝ
සන්දේශ ආත්මය වශයෙන් හෝ නිර්මාණ කෞශල්‍යය වශයෙන් පිරිහී ගොස් ඇට සැකිලි බවට පත්වී
තිබෙන දුර්වල කෘති සමූහයකැයි කිව යුතුය’’ යනු වියත් මතයකි. මෙකල රචිත සන්දේශ විෂය අතින්
ද ඉතා පුළුල් පරාසයක විහිදෙන බව දැක ගත හැකි ය. කොස්වාලිහිණි, නිල්ලිහිණි, ගිනිසැවුල්, සක්වාලිහිණි, කිරළ, කුමාරි, වැසිලිහිණි,
කොකැටු
වැනි සන්දේශ ගිහි පැවිදි ප‍්‍රභූන්ට ආසිරි පතා ලියා ඇත. පුද්ගලයකු හෝ ස්ථානයක්
පිළිබඳ හෝ පොදුවේ රටවැසියා කෙරෙහි බලපෑ විශේෂ සිදුවීමක් අරභයා ලියවුණු සන්දේශ අතර
සමනල අස්න, වටකුරුලූ අස්න, රණමොනර සන්දේශය වැනි කෘති ප‍්‍රධාන වේ.
සුරාසො`ඩ, පස්කම්, බේබදු, තුර`ග, වනමයූර, කේසර වැනි සන්දේශ සුරාව සූදුව ගවඝාතනය ආදිය
සමාජ ව්‍යසන බව පෙන්වා දෙමින් රචනා කොට ඇත. යම් යම් පුද්ගලයන් උපහාසයට ලක් කරමින්
ඇතැම් සන්දේශ ලියැවුණු අතර හාස්‍ය රසය උත්පාදනය කරමින් ලියැවුණු සන්දේශ ද ඇත. ඒ
අතර ඔපිසර, මිතුරු, හීරලූ, සතුරු, අතවැසි, හෙරණ, තෙල්ඌරු, රුක්දෙවි, ¥තඅ`ගන වැනි සන්දේශ ප‍්‍රධාන වේ. පෞද්ගලික අභිමථාර්ථ සාධනය කර ගැනීම සඳහා
රචිත සන්දේශ අතර නීලකොබෝ,
දියසැවුල්, මයූර (II* යන සන්දේශ ප‍්‍රධාන වේ. එමෙන්ම මැතිවරණ ජය පතා
සිළුකුරුලූ, හස්ති වැනි සන්දේශ ද හුදු විනෝදය දනවනු
පිණිස මදුරු වැනි සන්දේශ ද ලියා ඇත. ගැටබරු වෙහෙරෙහි විෂ්ණු දෙවියන් වෙත යැවුණු
ලෙහෙන සන්දේශය එම විහාරයෙහි යටලී සිදුරු කරමින් කුරුමිණියන් කරන විනාශය කියාපායි.
අභිනව බකමුහුණු සන්දේශය ලියා ඇත්තේ දුම්රියේ තුන්වන පන්තියේ මගීන්ට වැසිකිලි
පහසුකම් නොමැති හෙයින් විඳින්නට සිදුවී ඇති කරදරය කියාපාමිනි. 1929 ජූලි මස 30 වෙනිදා අනුරාධපුර ශ‍්‍රී මහා බෝධියෙහි
ශාඛාවකට උමතු මිනිසෙකු විසින් එල්ල කරන ලද පොරෝ පහර පිළිබඳ තොරතුරු කියවෙන
සන්දේශයක් ලෙස වනපරෙවි සන්දේශය පෙන්වා දිය හැකි ය. හීරලූ සන්දේශය රචනා කොට ඇත්තේ
හීරලූවන් රටට කරන විපත දක්වමිනි. එහි එන ආරම්භක ගීය හා තවත් සිවු පදයක් මෙසේ ය.
සැරද රළු හීරළු - සිවුරළු සසුන වනසන මනා ගුණ මුළුසුන් - පාළෙන් සුසිරි පාකළ අදමින්
වත් බැරිව රකිනට බඩ ගෙඩියා නොලසින් මිසදිටුව දෙපයින් බණ මැඩියා ගනිමින් එබයිබලෙ
සිඹි හැම ගුණ කැඩියා නොදොකින් නොදෝකින් හීරළු ගොන් තඩියා බේබද්දෙකු හාරකයා කොටගත්
බේබදු සන්දේශයෙහි එන ¥ත ආශිර්වාදය මෙසේ ය. වැනී කැරකී බිම -
වැටී මොරදී ද`ගලන වැදී අඩි පිට අඩි - බේබදු මිතුර
සැරදේ මෙකල ඇතැම් සන්දේ්ශවල ¥තාශිර්වාදය ලෙස යෙදෙනුයේ ¥තයාට බැන වැදීමකි. සන්දේශ ග‍්‍රාහකයන් වූයේ දෙවියන් පමණක් ම නොවේ.
ඇතැම් ඒවා ප‍්‍රභූන්ට හෝ රාජ්‍ය නිළධාරීන්ට යැවේ. තෙල්ඌරු සන්දේශය යැවුණේ මහසෝනා
වෙතට ය. මෙම තොරතුරුවලින් සන්දේශ පරිහානිය මනාව හ\ුනාගත හැකි ය. ගිරා සන්දේශය - දැනගත යුතු මූලික
කරුණු කර්තෘ ගිරා සන්දේශයෙහි කිසි ම තැනක කතුවරයාගේ නම සඳහන් නොවේ. එහෙයින් මෙහි
කතුවරයා කවරෙක්දැයි නිශ්චිතව ම හඳුනාගත නොහැක. ගුත්තිල කාව්‍යය රචනා කළ වෑත්තෑවේ
හිමියන් මෙහි කතුවරයා විය හැකි බවට මත පළවී ඇත. ගුත්තිල කාව්‍යයෙහි හා ගිරාවේ එන
ඇතැම් පාඨ අතර පවතින සම්බන්ධය පිළිබඳ විමසා මෙම මතය ඉදිරිපත් කර තිබේ. එහෙත් ඇතැම්
විවේචකයන් පවසන්නේ ඉතා දීර්ඝ ලෙස ගිරා සන්දේශයේ දී සයවැනි පරාක‍්‍රමබාහු රජතුමා
පිළිබඳ ව වර්ණනා කළත් ගුත්තිලයේ දී පැරකුම් රජු එලෙස වර්ණනා කර නැති හෙයින් මෙම
කාව්‍ය දෙක ඒක කර්තෘක යැයි පිළිගත නොහැකි බවයි. එසේම ගුත්තිල කාව්‍යයේ තොටගමුවේ
රාහුල හිමියන් පිළිබඳ සඳහන් නොවීම ද කතාබහට ලක්වී ඇත. මුව නොපොහොනා තරම් ශ‍්‍රී
රාහුල හිමියන් වැනූ ගිරා කතුවරයා අතින් ම ගුත්තිලය ලියැවිණි නම් එහි දී ශ‍්‍රී
රාහුල හිමියන්ගේ ගුණ තබා නමවත් සඳහන් නොකිරීම ද භින්න කර්තෘකතාව පෙන්වන්නක් බව
දෙගම්මැද සුමනජෝති හිමියෝ පවසති. වැත්තෑවේ හිමියන් තොටගමුවේ රාහුල හිමියන්ගේ
ගෝලයෙකු බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. පසු කලෙක දී මෙම ගුරුගෝල දෙදෙනා අතර විරසකයක්
ඇති වූ බව ද පැවසේ. ඒ අනුව ගුරුගෝල දෙදෙනා සමගිව සිටි කාලයේ දී ගෝලයා විසින් ගිරාව
රචනා කරන්නට ඇති බවත් දෙදෙනා විරසක වූ පසු ගෝලයා විසින් ම ගුත්තිල කාව්‍යය රචනා
කරන්නට ඇති බවත් සිතිය හැකි ය. ගිරාවෙහි දී සිය ගුරු හිමියන් බොහෝ සෙයින් වර්ණනයට
බඳුන් කළ ද ගුත්තිලයෙහි දී එසේ නොකිරීමට හේතුව මේ විරසක බව යැයි සිතිය හැකි ය.
රාහුල හිමියන්ට දැඩි පක්ෂපාතිත්වයක් දැක්වූ සවැනි පරාක‍්‍රමබාහු රජතුමා ද වර්ණනා
කිරීමට වෑත්තෑවේ හිමියන් අකමැති වන්නට ඇත. ගිරාවේ කතුවරයා සම්බන්ධයෙන් මාර්ටින්
වික‍්‍රමසිංහයන් මෙවන් අදහසක් ඉදිරිපත් කොට ඇත. ‘‘ගිරවෙකු ¥ත ක‍්‍රියාවෙහි යොදා විජබාහු පරිවේණාධිපති ශ‍්‍රී රාහුල ස්ථවිරයන්
වෙත අස්නක් යවන සේ රචිත මේ කාව්‍යයෙහි කර්තෘහු වෑත්තෑවේ ස්වාමීන් යැයි සලකතොත්
ගුත්තිල කාව්‍යයෙන් විකාශයට පැමිණි උන්වහන්සේගේ කවිත්වයෙහි අපරිණත ලක්ෂණ ගිරා
සන්දේශයෙහි ප‍්‍රතිබිම්බිත බව පිළිගත යුතුය. ගිරා සන්දේශය අන්‍ය කවියෙකුගේ කෘතියක්
නොවේ නම්, එය ගුත්තිල කාව්‍යය අනුකරණයෙන් කරන
ලද්දක් විය යුතු’’ ගිරා සන්දේශයෙහි කර්තෘ ජයවර්ධන පුරයෙහි
මහා විහාරයක විසූ භික්ෂූන් වහන්සේ නමක් බව 53 වැනි පද්‍යයෙහි පෙනෙන, ‘‘ අවුත් සොඳුරු විසිතුරු මේ වෙහෙරතුර ’’ යන්නෙන් හා 243 වැනි පද්‍යයෙහි එන, ‘‘ සමග මහ`ගු මහස`ගගණ මෙහෙවරින’’
යන්නෙන්
ද අනුමාන කළ හැකිය. අරමුණු ගිරා සන්දේශය රචිත වර්ෂය නිශ්චය කළ නොහැකි නිසා එය
සවැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලය තුළ, එනම් ක‍්‍රි.ව. 1415-1467 කාලයේ ලියන ලද්දකැයි සිතීමට සිදුවේ. ගිරා සන්දේශකරුවා ස්වකීය අරමුණු
දසපද හෑලි තුනකින් මෙසේ දක්වයි. පවර මුණි වදහළ ............... (250* (උතුම් වූ, සර්වඥයන් වහන්සේ වදාළ ප‍්‍රතිපත්ති කඩ
නොකොට වාසය කරන්නා වූ, උතුම් සැප සම්පත්තිය ස්වභාවයෙන් ම සිද්ධ
කරන්නා වූ, සමගි වූ, මහාර්ඝ වූ, මහා සංඝයා වහන්සේගේ මෙහෙය වීමෙන් මා කියන්නා වූ, මේ වචනය ලෝකයට ම වැඩ සලස්වන්නකි.
සත්වයන් කෙරේ නිතර ම මෛත‍්‍රී කරුණා පෙන්වා, සිරිකල නිරන්තරයෙන් රකින්නා වූ, එඩිතර වූ, බුදුන් වහන්සේගේ ශී‍්‍රීපාද නමැති
නෙළුම් මල හිසෙහි පැළැන්දා වූ, මනු රජුගේ සුචරිත නීති නමැති කාන්තාව වැළඳගත්තා වූ, දුටුගැමුණු රජතුමා මෙන් ධර්ම මාර්ගයෙහි
මැනවින් යෙදුණා වූ මේ ශී‍්‍ර මහා පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයා සමග * සමුදුර හිම් අවට
සව්සිරි .............(251*
(මිත‍්‍රය, හාත්පසින් සමුද්‍රය සීමා කොට ඇති
සව්සිරි සපිරි ලක්දිව, සඳරැුස් මෙන් පිරිසිදු වූ දිවැස යොදා
කරුණා ගුණයෙන් හැම දවසක ම දැක, සතුරන්ගේ මිථ්‍යා වචනයන් විශේෂයෙන් අතුරුදහන් කොට, රෝග බිය දුරු කර, උපද්‍රවයන් දුරට පළවා හැර, තමන්ගේ බෝධිසත්ව භාවය සමස්ත ලෝකයාට
පෙන්වා ජය සැපත දියුණු කොට,
රජතුමා
ද පිරිවර ජනයා ද නිරන්තරයෙන් රකින ලෙස ආදර සිතින් යුතුව නාථ දෙවියන්ගෙන් ආයාචනා
කරන ලෙස ඒ මහ තෙරුන්ට සන්තෝෂයෙන් දන්වනු මැනවි.* පමණින් දසදහස් යොදුන් වූ
..........(252* (මිත‍්‍රය, දසදහසක් යොදුන් ඇත්තා වූ දඹදිව් තලයෙන්
සර්වඥයන් වහන්සේ තුන්වරක් ලක්දිවට වැඩමවා, යක්ෂ සේනාව ¥රීභූත කොට, අනාගතයෙහි (වියහැකි* අන්තරායන් දුරුකොට, ශාසනය පිහිටන ආකාරයට කටයුතු සම්පාදනය
කළ සේක. දේවලෝක , අසුරලෝක වාසීන් සතුටු කරවා ඒකාකාරයෙන්
බබළන්නාවූ සම්බුද්ධ ශාසනය වසර පන්දහසක් පවතින ලෙසට, සිත සතොසින් සියලූ කල්හි වර්ජනය නොකොට ආරක්ෂා
කරනු පිණිස, ලොවට චන්ද්‍රයා මෙන් කීර්තිය පෙන්වා
බබළන්නා වූ නාථ දෙවිඳුන් යළි යදින ලෙස උතුම් වූ ඒ (රාහුල* හිමියන්ට දන්වනු මැනවි.*
ඉහත දැක්වූ දසපද හෑලි සැලකිල්ලෙන් කියවන්නෙකුට ගිරා සන්දේශ කතුවරයාගේ ප‍්‍රධාන
අරමුණු දෙකක් පැවති බව පසක් වේ. ඒ රජතුමා හා සසුන පිළිබඳ ව ය. 1. සතුරු ව්‍යසන දුරුකොට රජතුමා හා පරිවාර
ජනයා නිරතුරුව ම රැුකදෙන ලෙස රාහුල හිමියන් ලවා නාථ දෙවිඳුන්ගෙන් අයැදවීම. 2. බුද්ධ සාසනය පන්දහසක් කල් පවතින ලෙස
රක්ෂා කර දෙන්නැයි අයැදවීම. ඍජුව ම ප‍්‍රකාශ නොකළ ද තවත් අරමුණක් ගිරා සන්දේශ
කතුවරයා සිත තුළ තබාගෙන සිටි බව සන්දේශයෙන් පෙනේ. එනම් සවැනි පැරකුම්බා රජු හා
තොටගමුවේ රාහුල හිමියන් වර්ණනා කිරීම යි. ප‍්‍රමාණය සන්දේශ කාව්‍යයක පද්‍ය ප‍්‍රමාණය
නිශ්චිතව ම දැක්විය නොහැකි තරම් ය. එකම සන්දේශයකට ලියැවුණු සංස්කරණ පහක් ගෙන
බැලූවහොත් එම එක් එක් සංස්කරණයේ පද්‍ය ප‍්‍රමාණය එකිනෙකට වෙනස් ය. පුංචිබණ්ඩාර
සන්නස්ගල මහතා සිංහල සන්දේශ සාහිත්‍යය නමැති කෘතියේ දී සැවුල් සන්දේශයෙහි පද්‍ය ප‍්‍රමාණය
203ක් බව පවසන අතර එතුමාගේ ම කෘතියක් වන
සිංහල සාහිත්‍ය වංශයේ දී පවසන්නේ සැවුල් සන්දේශයෙහි පද්‍ය 204ක් ඇති බවයි. ගිරා සන්දේශය සම්බන්ධයෙන්
ද මෙවන් විෂමතා පවතියි. පද්‍ය ප‍්‍රමාණය පිළිබඳ ඉහත ගැටලූව විමසා බැලීමේ දී පෙනී
යන්නේ ඇතැම් සංස්කාරකයන් සන්දේශවල එන ගද්‍ය කාණ්ඩවලට අංක යෙදීම නිසාත් ඇතැම් පැරණි
පුස්කොළ පොත් ආදියෙහි දක්නට ලැබෙන පද්‍ය ගෙනහැර පෑම නිසාත් මෙම තත්වය උද්ගත වී ඇති
බවයි. උදාහරණයක් ලෙස පහත සඳහන් ගීය දැක්විය හැකි ය. මෙය සෑම ගිරා සන්දේශ සංස්කරණයක
ම දක්නට නොලැබෙන්නකි. ඇසේ ම`ද පවන් - වැද ලෙළ දෙන ලිය වදල සහකුරු පලූක සටකට - පරපුටු තෙපුල් ම`ද ම`ද ගිරා සන්දේශ සංස්කරණ කිහිපයක ප‍්‍රමාණයන්
මෙසේ ය. වැලිවිටියේ සෝරත නාහිමියන්ගේ ගිරා සංස්කරණයෙහි
පද්‍ය හා ගද්‍ය පාඨ 253කි. මකුළු¥වේ පියරතන හිමියන්ගේ ගිරා සංස්කරණයෙහි පද්‍ය හා
ගද්‍ය පාඨ 254කි. අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව
මගින් පාසල් හා පිරිවෙන් සඳහා අතිරේක කියවීම් පොතක් ලෙස නිකුත් කර ඇති ගිරා
සන්දේශයෙහි ද පද්‍ය 254කි. දෙහිගස්පේ පඤ්ඤාසාර, පලන්නෝරුවේ විමලධම්ම යන හිමිවරුන්ගේ
සංස්කරණයෙහි පද්‍ය 243කි. ගද්‍ය ඛණ්ඩ හතරකි. ඒවාට වෙනම ම රෝම
ඉලක්කම් යොදා ඇත. ඒ අනුව එහි පද්‍ය හා ගද්‍ය ඛණ්ඩ 247කි. ඉහත දැක්වූ ප‍්‍රමාණයන් කෙසේ වුව ද
සැලකිල්ලෙන් ගිරා සන්දේශ සංස්කරණ රැුසක් විමසා බැලූ අපට පෙනී ගියේ පද්‍ය හා ගද්‍ය
ඛණ්ඩ 254ක් ලෙස පිළිගැනීම සාර්ථක බවයි. එ අනුව
ගිරාවේ, සිවුපද 229කි. දසපද හෑලි 11කි. ගී 08කි. ගද්‍ය ඛණ්ඩ 06කි. ගමන් මග ජයවර්ධන පුරයේ සිට තොටගමු වෙහෙර දක්වා ගිරවාගේ ගමන්
මාර්ගය වැටී ඇත. මෙම දුර යාමට ගිරවාට දින හතරක් ගතවී ඇත. ඉරු දින සවස හත නැකත යෙදී
කන්‍යා රාශියෙහි ගුරු - සිකුරු දෙදෙනා පිහිටීමෙන් යෙදුණු සුභ මුහුර්තයෙන් ගිරවා
පිටත් වී ඇත. පළමු දිනය :- ගිරවා ජයවර්ධන පුරයෙහි සිරි නරඹා, පැරකුම් රජ සබයට පිවිස, එය ද නරඹා, රජතුමාගෙන් අවසර ගනියි. දළ\ ගෙට ගොස් දළ\ වහන්සේ ද වැඳපුදා ගනියි. ඉන් පසු මහ
වෙහෙරට පැමිණ දහම් ඇදුරු හිමියන් ඇතුළු ස`ග ගණ වැඳ ගමන ආරම්භ කරයි. අනතුරුව පැරකුම් රජු කරවූ පොහොය ගෙය නරඹයි.
ඉන්පසු යටියන ඔස්සේ පැපිළියානට පැමිණෙන ගිරවා එහි විහාරයෙහි පවුර අසල මී අඹ ගසක
පළමු රාත‍්‍රීය ගත කරයි. දෙවන දිනය :- එහි ත‍්‍රිවිධ චෛත්‍යය ද, සුනේත‍්‍රාදේවී මහ පිරවෙණෙහි නාහිමියන්
ද නමැද නික්මෙයි. අත්තිිඩිය, මොරටුඑළිය, පොල් උයන්, පානදුර, පොතුපිටිය පසුකර කෙත්වතු නරඹමින් කළුතොටට පැමිණ, කළු ග`ග අයිනේ ම`දනල විඳිමින් දිය කෙළි නරඹා, විසිතුරු ගසක ලැගුම් ගනියි. තෙවන දිනය :- උදයේ අවදි වී ගමන් අරඹයි.
කලමුල්ල, පයියාගල (පයාගල* විහාරය, නරඹා මග්ගොන පසුකර බේරුවලට පැමිණෙයි.
ඉන්පසු වනවාසේ විහාරයට ගොස් බුදුන් වඳියි. කොමළ`ගනන් දකිමින් පරතරකය පසුකොට, සවස් යාමයේ වැලිතොට අම්බලම අසල ගසක
නවාතැන් ගෙන, රාත‍්‍රිය මුළුල්ලේ අම්බලමේ නවාතැන්
ගත්තන්ගේ කතාබහට සවන්දෙයි. සිවුවන දිනය :- උදෑසන පිටත්ව මහදම්පා මුවදොර පසුකර
කසායෙන් ගොස් තොටගමුවට පැමිණ මුහුදු වෙරළ, වෙහෙර උයන, වෙහෙර හා විජයබා පිරිවෙණ නරඹා බුදුන්
වඳියි. ඉන්පසු රාහුල මාහිමියන් හමුවී අස්න පවසයි. විශේෂ ලක්ෂණ සෙසු සන්දේශ හා
තුලනය කර බැලීමේ දී ගිරාවෙහි විශේෂතා කිහිපයක් හඳුනාගත හැකි ය. ගිරාවට පෙර ලියවුණු සන්දේශවල ග‍්‍රාහකයා
වූයේ දෙවි කෙනෙකි. නැතහොත් රජතුමා හෝ වෙනත් ප‍්‍රභූවරයෙකි. මුල්වරට තෙරකෙනෙකු අතට
පත්වන සන්දේශය ගිරාවයි. රජුනට සෙත්පතා නාථ දෙවියන් යදින ලෙස රාහුල හිමියන්ට දැනුම්
දීම මෙහි දී සිදුවෙයි. වැලිතොට අම්බලමට රැුස්වූවන්ගේ කතාබහක
ව්‍යාජයෙන් ඉදිරිපත් කෙරෙන ‘අම්බලමේ කතා’
නැමැති
වර්ණනය ද වෙනත් කිසි ම සන්දේශයක දැකගැනීමට නැති කදිම වර්ණනයකි. ස්වභාව සෞන්දර්ය වර්ණනයෙහි ලා ගිරා
සන්දේශයට ඉහළින් සිටින වෙනත් සන්දේශයක් නොමැති තරම්ය. සම්භාව්‍ය සිංහල සන්දේශ කාව්‍ය අතර පද්‍ය
ප‍්‍රමාණය අතින් දෙවන ස්ථානය හිමිවන්නේ ද ගිරාවට ය. මෙය දෙවැනි වන්නේ පද්‍ය 291ක් ඇති කෝකිලයට පමණි. සැළලිහිණි සන්දේශය හැර ඉන් පෙර රචිත
සියලූ ම සන්දේශ නා නා වෘත්තයන්ගෙන් ම බැඳී තිබේ. ඒ සියල්ලෙන් ම වෘත්ත බහුල සන්දේශය
මෙම ගිරා සන්දේශය යි. (රැුකව පාලිත හිමි - ගිරා සන්දේශ විවරණය* මෙතරම් සමාජ තොරතුරු වෙන කිසි ම සන්දේශ
ග‍්‍රන්ථයක නැත්තේ ය. (බද්දේගම විමලවංස හිමි* මේ සන්දේශය ද ප`ඩුවන්ගේ අනභිමුඛයෙහි තැබිය යුත්තක්
නොවේ. සිය බසින් (සිංහලයෙන්* රචිත අනෙක් සන්දේශයකට දෙවැනි නොවන බැව් මෙහි භාෂා
විලාසයත්, වර්ණනාත් ගැන සලකා බලන්නෙකුට අවබෝධ විය
යුතු ය. ( පනම්ගල ජිනරතන හිමිි * උද්ධෘත පද්‍ය රචනා ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ
දී භාවිතයට ගත හැකි ප‍්‍රශස්ත පද්‍ය ඒ ඒ වර්ණනාවන්ගෙන් උදුරා ගෙන මෙහි දක්වමු.
විචාර ලියා ශිෂ්‍යයන් අතට පත් කිරීමට අපි කැමැත්තෙමු. නමුත් ඒ ස`දහා විශාල පිටු ප‍්‍රමාණයක් වැය වේ.
අපට ලැබී ඇති කාලය ද සීමිතය. එහෙයින් වෙනම ම ගිරා සන්දේශ විචාරයක් සකස් කිරීමට
පටන් ගතිමු. එය පසුව ඔබ අතට පත් කිරීමට බලාපොරොත්තු වෙමු. උදුරාගත් පද්‍යයන්
සම්පූර්ණයෙන් ම මෙහි නොදක්වා පළමුවන පාදය පමණක් පද්‍ය අංකය සම`ග දැක්වීමු. එවිට ගිරා සන්දේශය පෙරළා
නියමිත පද්‍යයෙන් සොයාගැනීමට ශිෂ්‍යයාට හැකිවේ. මෙහිලා විශේෂයෙන් සිහි තබාගත යුතු
කරුණක් ඇත. එනම් දැනට පළවී ඇති විවිධ ගිරා සන්දේශ සංස්කරණවල එන පද්‍ය ප‍්‍රමාණයන්
අතර විෂමතා පවතින බවයි. එහෙයින් මෙහි දී ඇති අංකයට ම අනුව පද්‍යයන් සොයා ගැනීමට
අපහසු වනු ඇත. විද්‍යාර්ථීහු කවිපදය දෙස ම බලත්වා. (අප මෙහි පද්‍ය අංක යොදා ඇත්තේ
අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රසිද්ධ කොට ඇති ගිරා සන්දේශය අනුව
බව සලකන්න.* ¥ත වර්ණනාව සැරද කිර රද ස`ද (1* ඉ`දු දුනු පැහැ දිනු (2* දිරා වැටෙන තුරු තුර නොහැර ඉ`ද තොසේ (5* පෙමා වඩන ඉටු සකි ස`දිනි දස දෙස (6* හිමසෙල් අතර කෙළලක් රකුසන් විසිනි (8* බඹදත් රද රදුන් හට විස යෙ¥ ස`ද (9* ජයවර්ධනපුර වර්ණනාව ජයවද්දන දැනුමැති
මැති යුත් පවර (13* එන ස`ද පෙර මෙපුර කිරිසි`දු දුව තුටුව (15* ස`ද රිවි තමන් රහුමුව පත් වූ සෙ`දහී (17* හය කුර ගසින් නැගි රෙදෙසින් හිවි අඹර (18* සොබන නොයක් පහ මිණිබිතිනි මනහර (21* පියකරු තෙනෙන් පැරදී පිවිසි වන විල (24* රොදක් කන අල මුතුපට ගොතා බැ`ද (26* දිය කෙළි වර්ණනාව සුරග`ග දිය කෙළනා යුරු සුරඹා (81* කෙළනා ලිය පියවුරු බිත ගැසෙමිනි (83* කියමින් වෙන වෙන වාසී පෑ බල (84* කොමළ`ගනන් වුවනත් උඩුකුරු කොට (86* න`දනා දන නෙත් පැහැ ලණු ලා සිට (88* සෙදනා ලොවිනා ල`දුනා ලෙසිනා (89* මාර්ග වර්ණනාව ගවසා සුනිල් වරලස කුසුම පටියෙන (61* සිත් එඩියෙන් යුද කර තම හිමි යෙහෙන (71* ලක කොමළ`ග සමනොළ ගිරි හිසින් යුතා (79* සිත් සනහන රත් ලවනත බිඹු පලය (103* රන්පන් සවන් යොන් ලිය ර`දනා නිමල (104* මත්වන අබින් කංසා කා ර`ඵ පර`ඵ (105* ස්වභාව සෞන්දර්ය වර්ණනා සරණවි රැුවු කෙරේය තුරු
සිරේය (167* ස`දරැුස් වතුරු ලොව පිරෙමින් බසින ස`ද (169* සිකි පිල් සත් කෙළේය ගිරි කුළේය (171* දිලිහෙන ග`ගුලැලිීය ඇද හැලීය (172* අතු අතිනැද ගසාය තුරු රැුසාය (173* වන විල් වැද බොල් සෙවෙලැ`ග තවරා (179* විල් තෙරවළ බි`ද හෙව ම`ඩ තවරා (180* වැද සෙද උනුනට පසු නොබසමිනේ (181* තොටගමු විජයබා පිරිවෙන් වර්ණනාව මහරු
මහ ස`ගන එවෙහෙර තුර ර`දන (207* තුරු යටියෙන් හුණු පැටි ලෙහෙනුන් රැුගෙන (208* පත`ග කිරණ දුරු කළ දද ගළපාය (217* මනරම් වෙහෙර තුළ තැන තැන සපැමිණිය (219* සමහර සුපිළිපන් ස`ග ගණ මන මෙනය (221* ගැඹුරු නොයෙක තැන් පිළිවස සිත් ලෙසින (222* තියුණු නැණින් කෙරෙමින් සැක නිවාරණ (223* මුනිවිරු දෙසූ සදහම් මෙන් ඇම දවස (225* සිරිමත් සො`දුරු එ වෙහෙර තැන තැන ලකු`ඵ (227* රාහුල හිමි වර්ණනාව හරගිරි රසිනුදුළ - දිනිසුරු
අලකපුර යුරු (11* ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇම විට (234* සසමය සතර සි`දු අගතිසි කරතලය (238* පසි`දු රුසිරු සරසවි ලිය රැු`දි නිතොර (240* තිවට කසුබු ඉසි සුරගුරු මෙන් සුබද (241* තොසී තරණ මිසදිටුවන් බස් අබ`ද (243* පසැස් පසැස් කර වදහළ ලෙස ම සො`ද (246* සයවැනි පරාක‍්‍රමබාහු රාජ වර්ණනාව පවර ඉසුරු
පරසි`දු දම්බා විරිදු (29* මෙ රද ගුණෙන් සව්සත සිත් සැනහැවිය (31* මෙ රද රුපුන් කර පා වැජඹි මෙ දියත (33* සොරකම් කර රැුගෙන වෙන වෙන වෙස් රුදුරු
(36* සුරතුරු අයුරු අතු අත රැු`දි කනාලිය (39* තෙදින් රිවි බිම්බා (26* මෙරද සිරි සරණය (131* මු`ඵ දඹදිව අවට (139* මුනි බණ අසා නිති (154* ශබ්දාර්ථ රස ජනනය වෙරළ ඉගිළ තුළ රළ වැළ ලෙස උලෙළ (27* සෙදනා ලොවිනා ල`දුනා ලෙසිනා (89* අතු අතිනැද ගසාය තුරු රැුසාය (73* සරණවි රැුවු කෙරේය තුරු සිරේය (167* දිලිහෙන ග`ගුලැලීය ඇද හැලීය (172* මල් රොන් තුරු සිරේය නිරතුරේය (205* ප‍්‍රතිභාන්විත කවීත්වය සුවිසල් අගළ
දිය තුළ පෙනෙන මනහර (16* පියකරු තෙනෙන් පැරදී පිවිසි වනවිල (24* න`දනා දන නෙත් පැහැ ලණු ලා සිට (88* අතු අතිනැද ගසාය තුරු රැුසාය (173* වැද සෙද උනුනට පසු නොබසිමිනේ (181* කොමළ`ගනන් වුවනත් උඩුකුරු කොට (86* ස්වභාව වර්ණනය හෙවත් ඇත්ත ඇති සැටියෙන්
කීම වන විල් වැද බොල් සෙවලැ`ග තවරා (179*
විල්
තෙරවළ බි`ද හෙව ම`ඩ තවරා (180* මහරු මහ ස`ගන එ වෙහෙර තුර ර`දන (207* තුරු යටියෙන් හුණු පැටි ලෙහෙනුන්
රැුගෙන (208* තුරු වැල උදුල ස`දරැුස් පිරි නුබ ගැබද (97*
Comments
Post a Comment