සද්ධර්මාලංකාරය

. Wednesday, December 11, 2013 සද්ධර්මාලංකාරය දැනගතයුතු මූලික කරුණු සද්ධර්මාලංකාරය දැනගතයුතු මූලික කරුණු (මෙහිදී අපි ශිෂ්‍යයන් හට විචාර ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීම පහසුවනු පිණිස බොහෝ උධෘත පාඨ නියමිත කථා වස්තු දෙකෙන්ම ගෙනහැර දක්වමු* x කතුවරයා පාලි බණ සිංහලයෙන් ලියූ පොත් ගණයෙහි වැටෙන සද්ධර්මාලංකාරයෙහි කතුවරයා දේවරක්ඛිත ජයබාහු ධර්ම කීර්ති සංඝරාජයන් වහන්සේ බව පිළිගැනෙයි. ශාසනාවතාරය හෙවත් නිකාය සංග‍්‍රහය, බාලාවතාර ගඩලාදෙණි සන්නය, නවබෝධාවලි ආදී කෘතීන්ද විජයබාහු ධර්මකීර්ති මාහිමියන්ගේ රචනාවන්ය. විජයභාහු ධර්මකීර්තී හිමියන්ගේ අවසාන කෘතිය ලෙසින් පිලිගැනෙන සද්ධර්මාලංකාරය උන්වහන්සේගේ සංඝරාජ පදවියට පත්වීමෙන් පසුව රචනා කරන ලද බව එහිම සඳහන්වේ. x කාලය සද්ධර්මාලංකාරය රචනා වූ වර්ෂය කිසි තැනක සඳහන් වී නැත. නමුත් ක‍්‍රි.ව 1398 පසු, එනම් ගම්පොළ යුගයේ අගභාගයේදී මෙය රචනා වී ඇතැයි සිතීමට තරම් ප‍්‍රමාණවත් සාධක ඇත. x නිමිත්ත නිමිත්තමෙහිදී නිමිත්ත යනුවෙන් හඳුන්වන්නේ සද්ධර්මාලංකාරය රචනා කිරීමට බලපෑ හේතුවයි. මෙම ගුන්ථය රචනා කරන ලෙස ජයභාහු ධර්මකීර්ති හිමියන්ට ආරාදනාවක් ලැබුණු බව එහිම සඳහන් වන්නේ මෙසේය. ”ප‍්‍රිය සබ‍්‍රහ්මචාරී වූ ප‍්‍රියදර්ශී නම් බුද්ධපුත‍්‍රයාණන් විසින් කරන ලද ආරාධනාව හාගගගග ” මේ අනුව පැහැදිලි වන්නේ ජයබාහු ධර්මකීර්ති සංඝරාජයන් හා එකට විසූ ප‍්‍රියදර්ශී නම් හිමිනමකගේ ආරාධනාවෙන් සද්ධර්මාලංකාරය රචනා කර ඇති බවයි. x ආශ‍්‍රය සද්ධර්මාලංකාරයට ප‍්‍රධාන වශයෙන් ගුරුවී ඇත්තේ පාලි භාෂාවෙන් රචිත රසවාහිනි නැමති නමැති ග‍්‍රන්ථයයි. නමුත් සද්ධර්මාලංකාරය ගුරුවූ එකම පොත එය යයි කිව නොහැක. දඹදිව හා සම්බන්‍ධ කථා 40 ක් ද ලක්දිව හා සම්බන්‍ධ කථා 63 ක්ද ඇතුලත් කොට වේදේහ නම් හිමිනමක විසින් රචනා කර ඇති රසවාහනිය මා හැඟ පාලි ග‍්‍රන්ථයකි. සද්ධර්මාලංකාරය රචනා කිරීමේදී රසවාහිනියට අමතරව භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි පොත් කිහිපයක්ම පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා සිංහල සාහිත්‍ය වංශයේ දක්වා ඇත. ඒවා මෙසේය. සෝදත්ත කනිදාන යසෝධරාපදාන පාරමීසතක සූවිසිවිවරණය ක්ෂේමේන්‍ද්‍රයන්ගේ අවදානකල්පනාව අනාගත වංසය x අරමුණ දන්දීමේ, බණ ඇසීමේ ආනිසංස, කෘතගුණ සැළකීම, අසරණයන්ට පිහිටවීම ආදී යහපත් ගුණධර්ම පුහුණු කිරීමේ වැගත් කම, කරන ලද කුසල් හා අකුසල් අනුව විපාක ලැබෙන ආකාරය වැනි කරුණු පිළිබඳව කියවෙන කථා සංග‍්‍රහයක් ලෙස සද්ධර්මාලංකාරය හඳුන්වා දිය හැකිය. මෙම කථා සංග‍්‍රහය රචනා කිරීමේදී පාලි භාෂාව නොදන්නා සිංහල මිනිසුන් ඉලක්ක කොට ගෙන ඇත. සාමාන්‍ය ජනතාව දාන, ශීල, ආදී යහපත් කටයතුවල යොදවා ඔවුන්ට මෙලොව පරලොව අභිවෘද්ධිය සලසා ගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙම ග‍්‍රන්ථය රචනා කිරීමට ජයභාහු ධර්මකීර්ති මාහිමියන් උත්සහ දරා ඇත. x ප‍්‍රාර්ථනාව තමන් මෙම ග‍්‍රන්ථය රචනා කරන්නනෙ කිසියම් ප‍්‍රාර්ථනාවක් සමෘර්ද්ධ කරගැනීම පිණිස බව කතුවරයාම මෙහිදී දක්වා ඇත. ඒ මෙසේය. ”ගගගගගගගගමතු බුදුවන බුදුන් දැක අෂ්ටධර්මසමෝදානයෙන් යෙදී විවරණ ලදින් බුද්ධකාරක ධර්මයන් මුහුකුරවා ලොව්තුරා බුදුව මුලූලොවට අභිවෘර්ද්ධිදායක වෙම්වයි යන මාගේ අභිමත ප‍්‍රාර්ථනාව සාධාගන්නා පිණිස ත්‍වත්‍වත්‍වත්‍වත්‍වත්‍වගග. මේ අනුව පැහැදිලි වන්නේ මෙහි කතුවරයා මෛත‍්‍රී බුදුරදුන් සමීපයෙහි නියත විවරණ ලබාගෙන මතු කාලයකදී බුදුබව ලබාගැනීමේ පරමාර්ථයෙන් මෙම ග‍්‍රන්ථය රචනා කර ඇති බවයි. x ප‍්‍රමාණය සිය ග‍්‍රන්ථයෙහි ප‍්‍රමාණය පිළිබඳවද කතුවරයා මෙහිදි සඳහන් කර ඇත. ඒ මෙසේය. ”ත්‍වත්‍වත්‍වත්‍වගගසූවිසි වර්ගයකින් හා සංක්‍ෂෙප කථාවන් සමඟ අමෘත අස ධාරාවක් සේ සිටියා වූ එක්සිය පස් පනසක් පමණ වස්තු කථාවෙන් අලංකෘත කොට. මේ අනුව පැහැදිලවන්නේ සද්ධර්මාලංකාරයෙහි වර්ග විසිහතරක් (24* හා ලොකු කුඩා කථා එකසිය පනස් පහක් (155* අන්තර්ගත වන බවයි. x බස් වහර හා රචනා ශෛලිය සද්ධර්මාලංකාර බස් වහරෙයි පෙනෙන ලක්‍ෂණ එක එකක් ------------------- උදාහරණ සහිතව මෙසේ ගෙනහැර දක්වමු. x සරල බස තම පණ්ඩිත්‍යය ප‍්‍රකට කරමින් පාඨක/ශ‍්‍රාවක සහෘදයාට නොතේරෙන ගාඨා ශෛලියකින් සිය බස හැසිරවීමට සද්ධර්මාලංකාර කතුවරයා උත්සහ දරා ඇත. තම අරමුණ මුදුන් පමුණුවා ගැනීමට නම් සරල සිංහල භාෂාව උපයෝගි කොට ගෙන සද්ධර්මාලංකාරය රචනා කල යුතු බව ධර්මකීර්ති හිමියන් සිතුවාසේය. එවකට සාමාන්‍ය ව්‍යවහාරයෙහි පැවති මිශ‍්‍ර සිංහලය උන්වහන්සේ සිය කෘතියට යොදා ගෙන ඇත. උදා ඃ- ”එකල සොරා නොයෙක් කාරණා කියාත් ගිවිස්වා දොර අරවා ගත නොහී එසේම තමන්ගේ දෙමව්පියන්ගේ ද නෑයන් හා කුසෙහි ඔත්තවුන්ගේ ද ගෙවලට වෙන වෙනම ගොස්ගගගගගගගගගගගගග” (ආරඤ්ඤකඅභය ස්ථවිර වස්තුව* එතැන් පටන් අශෝක මාලා දේවී මහජනයාට සංග‍්‍රහ කෙරෙමින් ශාලි රාජ කුමාරයන් හා සමඟ සුවසේ වෙසෙති. එකල රජ්ජුරුවෝ පෙර පරිද්දෙන් රාජ කුමාරයන්ට උතුරු දිග් භාගයෙහි ප‍්‍රාසාදයක් කරවා දුන්හ. (සාලිරාජ වස්තුව* x සංස්කෘත වචන භාවිතය විශේෂ වර්ණනා ආදිය ඉදිරිපත් තළයුතු අවස්ථාවලදී සංස්කෘත වචන රැුසක් සමීපව යොදාගත් අවස්ථා ද ඇත. උදා ඃ ”ගගගගගසුපුෂ්පිත වෘක්‍ෂමාලාවෙන් හා ඉතා රම්‍ය වූ මනහර උද්‍යානයෙහිගගගගගගගගගගගගගගගග” (සාලිරාජ වස්තුව* ”අකුශල ධර්මයන් දුරුකොට ගෘහස්ථ ප‍්‍රවෘජ්ජිතාදී වු ඒ ඒ භාවයට සුදුසු වූ කුසලක‍්‍රියාවන්ගගගගගග” (ආරඤ්ඤක අභය ස්ථවිර වස්තුව* x කෙටි වැකි භාවිතය කථාවක් නිරවුල්ව ගලා යාමට හා පාඨක/ශ‍්‍රාවක සහෘර්ද්ධයා තුළ චිත්තරූප මැවීමට කෙටි වැකිවලින් ලැබෙන්නේ මහත් පිටුවහලකි. සද්ධර්මාලංකාර කතුවරයා ද අවස්ථාචෝචිත ලෙස කෙටි වැකි භාවිත කර ඇත. උදා ඃ ”එම්බා මේ ගම් හැම දෙනම මා කියන්නක් අසව අද මේ රාත‍්‍රියෙහි එක් අමනුෂ්‍යයෙක් එයි. ඒ යක්ෂයා සැබවින් දි නම් තොප හැම කා මරයි. මහත් වූ විනාශයට පමුණුවයි.” (ආරඤ්ඤක අභය ස්ථවිර වස්තුව* ”බැලූ බැලූවන් පිනවන මනා වූ පින් ලකුණු ඇතිය. මහත් වූ තේජස් ඇති යහ අපමණ රාජසෘස්ධී ඇතියහ අළාමක වූ වික‍්‍රම ඇතියහ දසදිග පතළ යසස් ඇතියහ. ස්ථානෝචිත ප‍්‍රඥාඇතියහ” (සාලිරාජ වස්තුව* x දිගු වැකි භාවිතය පිටු ගණන් දිවෙන අති දීර්ඝ වැකි භාවිත නොකල ද අතරින් පතර දිගු වැකි භාවිත කිරීමට ධර්මකීර්ති මාහිමියන් පෙළඹී ඇත. එම දිගු වැකි තුළ ඇතිකර තිබෙන මනා අන්තර් සම්බන්ධය නිසා පාඨක/ශ‍්‍රාවක සහෘර්දවයා කිසිවිටෙකත් වෙහෙසට පත් නොවෙයි. උදා ඃ මෙසේ නිරන්තරයෙන්ම මහදන් පවත්වා දානපතිව වසන්නාහු එක් දවසෙක උයන්කෙළි පිණිස සර්වාභරණයෙන් සරහී මහසෙනඟ පිරිවර බස්නාහිර වාසලින් ගොස් උයනට වැද ඒ ඒ තන්හිගගගග” (සලිරාජ වස්තුව* x උපමා භාවිතය ස්ථානෝචිත ලෙස උපමා යොදමින් පාඨක/ශ‍්‍රාවක සහෘදයාට යමක් ඉතා නිරවුල්ව පැහැදිලි කිරීමට ජයබාහූ ධර්මකීර්ති හිමියන් සද්ධර්මාලංකාරයේදී උත්සහ කර ඇත. නමුත් එහි එන උපමා බොහෝමයක් උන්වහන්සේ විසින් නිපදවාගත් ඒවා නම් නොවේ. මූලාශ‍්‍ර පොත්වලින් ගත් ඒවාය. උදා ඃ ”ත්‍යාගයෙන් කප්රුකක් වැනියහ බලයෙන් බලදේවයන් වැනියහ සියලූ සතුන්ට වැ¥ මවක් වැනියහ” (සාලිරාජ වස්තුව* ”මනාව වටවූ තොපගේ දණ මඬල දෙක රන් මුහුදැ පැන නැගි රනිබ්බන් දෙදෙනෙකු මෙන් ඉතා හොබනේය. තව ද තොපගේ මට සිලූටු වූ පිරිපුන් කලවා සඟළ රන් කෙහෙල් කඳ දෙකක් මෙන් ඉතා සිත්කලූයගගගගග” (සාලිරාජ වස්තුව* x ගාථා දැක්වීම මූලාශ‍්‍ර ග‍්‍රන්ථවල එන ගාථා එලෙසම ගෙනහැර දක්වා එම ගාථා වලට පූර්වයෙන් හෝ පසුව තේරුම ද දක්වා ඇත. විශේෂයෙන්ම ශ‍්‍රාවක සහෘදයා ඒකකාරි බවින් මුදවා ගැනීම අරමුණු කොටගෙන එලෙස ගාථා යොදන්නට ඇත. x චරිත නිරූපණය කිසියම් සාහිත්‍ය කෘතියක් සාර්ථක වීමට නම් එහි අන්තර්ගත චරිත මනාව නිරූපණය කල යුතුය. එම කටයුත්තෙහිලා ගත්කතුවරයා බුහුටි විය යුතුය. සද්ධර්මාලංකාරයේදී ද දක්‍ෂ ලෙස චරිත නිරූපණය කිරීමට ධර්මකීර්ති හිමියන් සමත් වී ඇත. තමන්ගේ සිවුරුපිළි සොරාගත් හරන්තික නම් සොරාට ආරඤ්ඤක අභය තෙරුන් වහන්සේ කරුණාවෙන් යුතුව ප‍්‍රතිකාර කළ සේක. එය දැක සොරුන්ගේ නුගුණ කී තම කුලූපග උපාසකයාට අභය තෙරුන් කරන පහත ප‍්‍රකාශය තුළින් උන්වහන්සේගේ ගුණ කදම්භය චිත‍්‍රණය නොවන්නේ දැයි බලන්න. ”එම්බා පින්වත් උපාසක මෙන් කළ උපාසකය මෝ හට සොරකම් කරන ද්‍රෝහියා” යයි නොසිත මෛත‍්‍රී කරව. මූ කමන් කළ සොරකමෙහි විපාක මතු තබා මෙම ජාතියෙහිම ලද්දේ වේදැයි වදාරා ත්‍වත්‍වත්‍වත්‍වත්‍වත්‍වත්‍වග. (ආරඤ්ඤ අභය ස්ථවිර වස්තුව උදා ඃ ”සාලි රාජ කුමාරයාගේ ශ‍්‍රද්ධාවෙන් පිරීගිය චරිතය මනාව නිරූපනය කර ඇති ආකාරය බලන්න. ස්වාමීනී, කොයිසිට වැඩි සේක්දැයි විචාරා ‘රුහුණු තුලාධාර පර්වතයෙහි සිට ආම්හ’ කී කල්හී ‘ස්වාමීනි, ඒ විහාරය ඉතා දුරය. හැම දෙනා වහන්සේට විහාරයක් කරවමි’යි ගගගගග රජමහා විහාරයක් කරවා පිළිගැන්වූහ” (සාලිරාජ වස්තුව* අවස්ථා නිරූපණය ද වරිත නිරූපණය මෙන්ම අතිශය වැදගත් අංගයකි. කතුවරයා විසින් වර්ණනා කරන අවස්ථාව ශ‍්‍රාවක/පාඨක සහෘර්දයා තුළ චිත‍්‍රණය වන්නේ නම් එහි සාර්ථක අවස්ථා නිරූපණයක් හෙවත් සිද්ධි නිරූපණයක් පවතින බව පැහැදිලි වෙයි. උදා ඃ මෑණියන් පැනට ගිය කල්හි තමන් ඉතා බාල හෙයින් සයින් පීඩාව සිටිය නොහී ගෙට දිව ගොස් කැඳිත්තක් බොමින් උන්හගගගගගගගග” (සාලිරාජ වස්තුව* ”මතු මෙසේ වූ සොරකමක් කෙරෙයිද නොකෙරෙයි දැයි කිය කයා අතින් පයින් ඔහු තුළ දුර්වල කොට අමුසොහොනකට ඇදගෙන ගොස් පළමු ගෙන ගොස් දැමු අලූත් මළ මිනියක් අධෝමුඛ කොට මුහුණින් බිම හොවාගගගගගගගගග ” (ආරඤ්ඤක අභය ස්ථවිර වස්තුව* x විශේෂතා  මෙතෙක් සිංහල භාෂාවෙන් රචනා වූ සෑම කථා සංග‍්‍රහයකම පාහේ අන්තර්ගත වූයේ දඹදිව කථා ප‍්‍රවෘත්තීන්ය. නමුත් සද්ධර්මාලංකායේදී අපට ලක්දිව හා සම්බන්‍ධ කථා පුවත් රැුසක් හමුවේ.  සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍ය නමැති දම්වැලෙහි අවසාන පුරුක ලෙස පිළිගැනෙන්නේ සද්ධර්මාලංකාරයයි.  මෙතෙක් ලිය වී ආ අනික් සිංහල පොතකින් නොලද හැකි තරමට සමාජ තොරතුරු පිළිබඳ වාර්තාවක් ද සද්ධර්මාලංකාරයෙන් සපයා ගත හැක. (පුංචි බණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්‍ය වංශය*  සීතාවක මුල් කාලයේදී ලියැවුණු දහම්සොඬ ජාතක කාව්‍යයත් මහනුවර කාලයේදී ලියැවී ආ පද්මාවතී, කඤ්චනදේවි හා නන්දිය වෙළද යන කථා කාව්‍යයනුත්, සද්ධර්මාලංකාරයෙන් එකී වස්තු මුල් කරගෙන කරන ලද ඒවාය.මෙපමණක් නොව මෙහි ඇතැම් කථා වෙනම පොත් වශයෙන් ලියවී ආ බවද පෙනේ. මෙයින් පෙනෙන්නේ සද්ධර්මාලංකාරය ලියවීමෙන් පසු එය පැමිණ ජනප‍්‍රිය වූ තරමය. (පුඤ්චිබණ්ඩාර සන්නස්ගල - සිංහල සාහිත්‍ය වංශය* kawshalya sanadaruwan dissanayake at 10:43:00 PM Share   ‹ › Home View web version About Me  kawshalya sanadaruwan dissanayake  View my complete profile Powered by Blogger. 

Comments

Popular posts from this blog

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

සාහිත්‍ය යුග-

දඹදෙණි සාහිත්‍ය යුගය