කොළඹ කවි පරපුර

. Tuesday, December 10, 2013 කොළඹ කවීන්ගේ සරල බස්වහර කවිය ජනතාව වෙත සමීප කළ අතරම කාව්‍යයේ අර්ථය සැහැල්ලූද කළේය කොළඹ කවීන්ගේ සරල බස්වහර කවිය ජනතාව වෙත සමීප කළ අතරම කාව්‍යයේ අර්ථය සැහැල්ලූද කළේය. කවියා තමාගේ දැනුම් හා සිතුම් බුද්ධි ක්‍ෂෙත‍්‍රයේ නොව භාව ක්‍ෂෙත‍්‍රයේ වපුුරා හැගුම් නොහොත් භාව රස ඵල හටගන්වන්ට වෑයම් කරන්නෙකි. (මාර්ටින් වික‍්‍රමසිංහ, නව පද්‍ය සිංහලය.14 පිටුව* කොළඹ කවි යුගය පහළ වීම සිංහල කාව්‍ය සම්ප‍්‍රදාය ස`දහා දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය මහින්දාගමනයෙන් පසුව ආරම්භ වී වර්තමානය දක්වා වර්ධනය වී ඇත. එවැනි පැරණි කාලයකට අයත් ලක්‍ෂණ ඉපැරණි සෙල් ලිපිවලින් හමු වී ඇත. එය ක‍්‍ර‍්‍රි.පු . දෙක තුන දක්වා ඈතට දිව යයි. එම කාලයේ සිට පරිණාමය වී මේ දක්වා වර්ධනය වී ඇත. ඉතිහාසයත් සම`ග විවිධ යුගයන් වලදි විවිධ අයුරින් වර්ධනය වී ඇත. අනුරාධපුර හා පොළොන්නරුව වැනි යුගයන් වලදී පද්‍යය ඓතිහාසික අයුරින් වර්ධනය වී ඇත. සිගිරි ගී තුළින්ද එම කාලයන් තුළදී පද්‍ය සංවර්ධනය වී පැවැතිී ආකාරය මනාව පැහැදිලි වේ. නමුදු මෙම යුගයන්හි රචිිත පද්‍ය සාහිත්‍ය කෘති කිසියම් රාමුවකට කොටු වූ බව ‘‘පෙදෙන් බුදු සිරිත....’’ වැනි පද්‍ය තුළින් පැහැදිලි වේ. මෙම යුගයන්වල පද්‍ය සාහිත්‍ය විශේෂයෙන් භාරතීය අභාසය ලබා ඇත. නමුත් දේශීය උරුවක් ඇතිව වර්ධනය වී ඇත. මෙම පද්‍ය අතරින් මහාකාව්‍ය ආදී විවිධ ප‍්‍රවණතා දැකිය හැක. මෙම යුගයන්හි පද්‍ය සාහිත්‍ය සම්භාව්‍ය ලක්‍ෂණ සහිත විය. ජන්දස් ශාස්ත‍්‍රයට අනුව පද්‍ය බොහෝ විට රචනා වී ඇත. මහනුවර යුගය වනවිට පද්‍ය බොහෝවිට ජනකාව්‍ය සමුප‍්‍රදායකට අනුගත විය. මහනුවර යුගයේ ශාස්ත‍්‍රීය අධ්‍යාපනය විධිමත් අයුරින් නොවීමත් උගතුන් දුලබ වීමත් බුදු සමය පරිහානියට පත් වීමත් වැනි සාධක ගණනාවක් කරණකොට ගෙන සම්භාව්‍ය සාහිත්‍යයක් ඇති නොවීය. නමුත් ජන වහරට අනුගත වෙමින් එය සරලත්‍වයකට පත්වෙමින් පැවැතුනේය. ක‍්‍රි.ව. 1815 දී උඩරට ගිවිසුමත් සම`ග හෙළදිව විදේශිකයන්ට නතු වීමත් සම`ග මෙරට සමාජ තත්ත්‍වය මුලූමනින්ම වෙනස් විය. විදේශ ආධිපත්‍යයට රුචි නොවු ජනයා ඔහුනට විරුද්ධව නැගී සිටියේය. එම නිසා කැරලි ඇති විය. එසේම කැරලි හා සිංහල මුස්ලිම් කොලාහලය වැනි ආරවුල්වලින් හෙම්බත් වී සිටි ජනයා ඉංග‍්‍රීසින්ට විරුද්ධව අරගලවලින් බැහැරව සංවිධානය වූහ. කොළඹ යුගය ලෙසින් හැදින්වෙන සාහිත්‍යය ආරම්භ වන්නේ ක‍්‍රි.ව 1815 සිටය. ‘‘කොළඹ යුගය වශයෙන් සාහිත්‍යධරයන් වෙන්කර දක්වන්නේ 1815 සිට වර්තමාවය දක්වා කාලපරිච්ෙඡ්දයයි. ’’ ’’ ක‍්‍රි. ව. 1815 දි මෙරට සම්පූර්ණ පාලනය ඉංග‍්‍රීසීන්ට පවරා දී මහනුවර රාජධානිය යටපත් වීමෙන් පසුව කොළඹ , ලංකාවේ අගනුවර විය. ක‍්‍රි. ව. 1815 සිට මේ දක්වා වූ කාලය ලංකා ඉතිහාසයේ කොළඹ යුගය වශයෙන් සැලකිය යුතුව තිබේ.’’ මෙසේ විශ්වාස කරනුයේ ජී. බි . සේනානායක මහතාගේ 1946 ‘පළිගැනීම’ නම් කෘතියත් සම`ග නිසදැස් කවිය හෙවත් නූතන කවිය ආරම්භ වීම ය. මේ වන විට කොළඹ යුගය අවසානයට පැමිණ සිටි බව ඇතමුන් විශ්වාස කරතත් 1960 හා 1970 යන කාලයන්හිද කොළඹ කවීන්ගේ කාව්‍ය ග‍්‍රන්‍ථ හමුවන බැවින් මෙම කාල සීමාව ගැටළුවකට ලක්වේ. එම නිසා කිව හැක්කේ එම කාල සීමාවෙන් කොළඹ කවිය අවසන් නොවී නිස`දැස් කවිය හෙවත් නූතන කවි යුගය දක්වා පැමිණි බවයි. ඒ අනුව කොළඹ යුගය පිළිබ`දව කාල නිර්ණය කිරීම සූකර කටයුත්තක් නොවේ. කොළඹ යුගයට සමාසන්න කාලය මාතර යුගය වශයෙන් ඇතමෙක් සලකතත් එසේ ප‍්‍රදේශයක් සලකාගෙන වෙනමම සාහිත්‍ය යුගයක් ලෙස ගත නොහැක. කොළඹ කවිය පැවැත ආ කවි සම්ප‍්‍රදායන්ගෙන් වෙනස් විය. ‘‘ ජන ජීවිතය පිළිබ`ද සිතුම් පැතුම් දන්නා කොළඹ කවීන් පණ්ඩිත ප‍්‍රිය ගැඹුරු බස්වහර හා අනවශය බාහිර සැරසිලි ඉවත් කොට තනාගත් කාව්‍ය රීතිය බොහෝ දුරට නිර්ව්‍යාජ එකක් විය.’’ මහනුවර යුගයේ හටන් කවියට , ස්තොත‍්‍ර කීමට , රාජ සභා කවියට වැනි විවධ ලෙසින් පැන නැගී ආ කවිය පොදු ජන රසික පිරිසක් වෙත යොමු කරන ලද්දේ කොළඹ කවීන් විසිනි. ’’ පැරණි කවිය රණබරණ පැළ`ද සිටින රදළයෙකු වැන්න . ජන කවිය චීත්ත රෙද්දක් හා ඔපනැලි හැට්ටයක් හැ`ද සිටින ගැමි ලියක් මෙනි. නූතන කවිය ගමේ හැදි වැඩි චාම් ඇ`දුමෙන් සැරසී කොළඹ කාර්යාලයක වැඩට එන තරුණියක මෙන් විය යුතු යැයි මට සිතේ.ඈ ගැමිලිය මෙන් ග‍්‍රාමීය නැත. කුරු`දුවත්තේ ගැහැණියකගේ විකාර විලාසිතා ද ඈ පිළිකුල් කරයි. ගමේ හො`ද ගතිගුණ ඈ ආශ‍්‍රයෙන් ලබා ඇත.’’ කොළඹ යුගය වන විට මෙරට සිටි උගතුන් ඉංග‍්‍රීසින් විසින් බිහි කරන ලද අධ්‍යාපනයෙන් බිහි වු පිරිසක් විය . එම නිසා මොවුන් බොහෝවිට පැරණි සම්ප‍්‍රදායන් පිළිකෙව් කළ බව උගත්තු ස`දහන් කරති. ’’කොළඹ කවිය ලෙස හ`දුන්වන ලද මේ නූතන කවිය නිර්මාණය කරන ලද්දේ මෙරට තුළ විජාතිකයන් විසින් ව්‍යාප්ත කරන ලද නව අධ්‍යාපනයක් මගින් බිහිකරන ලද පිරිසක් විසිනුයි. මේ නව පාසල් අධ්‍යාපනය අප සතු සියලු පාරම්පරික දැනුම ආකල්ප අවඥාවෙන් බැහැර කරන මුල් ඉදිරුණු අනුකාරක පිරිසක් බිහි කරන අධ්‍යබාපනයක් විය.මේ නව අධ්‍යාපනය අනුව අපගේ පාරම්පරික සාහිත්‍ය හා ඒ සාහිත්‍ය බස සලකන ලද්දේ ,මළ බසකට අයත් වන අංගෝපාංග ලෙයසි.’’ ගුණදාස අමරසේකරගේ මෙම දෘෂ්ටිය සදොස් බව ඉදිරියේදී සාකච්ඡුා කරනු ලැබේ. කෙසේ හෝ වේවා කොළඹ කවිය නව සම්ප‍්‍රදායක් ආරම්භ කළ බවත් එය ජනතාව තුළ ශිඝ‍්‍රයෙන් ව්‍යාප්ත වූ ජනප‍්‍රිය සම්ප‍්‍රදායක් විය. කොළඹ කවියෝ කොළඹ කවිය ආරම්භ වන්නේ විසිවන සියවසේ ප‍්‍රථම දශකයේ යැයි කිව හැක. මෙම කවිය නව කාව්‍ය සම්ප‍්‍රදායක ආරම්භය සනිටුහන් කළේය. කොළඹ කවීහු සිංහල කාව්‍ය සම්ප‍්‍රදායෙහි විශාල පෙරළියක් ඇති කළහ. පැරණි කාව්‍ය සම්ප‍්‍රදාවෙන් එතරම් දුරට නිදහස් වීමට තැත් කළ පිරිසක් ඊට පෙර පහළ නුවූ බව කිව යුතුය. කථා ව්‍යවහාරයේ පවතින භාෂාව පදනම්කරගෙන මටසිලිටු කාව්‍ය භාෂාවක් නිපදවීමේ ගෞරවය කොළඹ කවීන්ට හිමි වෙයි. උගතුන්ට පමණක් සීමා වී තිබුණු සිංහල කාව්‍ය පොදු ජනයා අතට පත්කිරීමේ ගෞරවයද කොළඹ කවීන්ට හිමි වෙයි. කොළඹ යුගයේ කවීන් ප‍්‍රධාන වශයෙන් යුග දෙකකට අයත් වෙයි. මෙයට ඔහුන් කාව්‍යකරණයට නිපන් කාල සීමාව වස්තු විෂය හා භාෂාව හේතු වී ඇත.’’ කොළඹ අවධියේ කවීන්ගේ පද්‍ය රචනා වස්තු විෂය , සන්දර්භය , ආකෘතිය හා භාෂාව ආදී කරුණුඅතින් කරන විමසුමකදී කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය. 1. කොළඹ යුගයේ වැඩිහිටි කවීන්ගේ පද්‍ය රචනා 2. කොළඹ යුගයේ තරුණ කවීන්ගේ පද්‍ය රචනා 3. හෙළ හවුලේ කවීන්ගේ පද්‍ය රචනා’’ කොළඹ යුගයේ හෙළ හවුලේ පද්‍ය රචනා වෙනම කවිකාර සමාගමක රචනා ලෙස පිළිගැනෙන බැවින් ඒවා කොළඹ කවිය හා නොගැටෙයි.‘‘ පැරණි කවි සමයට නොපටහැණි වූ අලූත් කවි රචනා කළවුන් අතර බෙන්තොට ඇල්බට් සිල්වා , පියදාස සිරිසේන , ඩි .වි . ද ලැනරෝල් , ආනන්ද රාජකරුණා , ජේ. පි . වික‍්‍රමතිලක , ජී . එච් . පෙරේරා , සෝමවීර චන්‍ද්‍රසිරි ආදීහු නායක්යෝ වූහ. අල්විස් පෙරේරා , සාගර පලන්සූරිය , මීමන ප්‍රෙමතිලක , විමලරත්න කුමාරගම , විමලඛන්ති හිමියෝ , එච්. ඇම් . කුඩලිගම ආදීහු කොළඹ කවීන්ගේ සරල බස්වහර කවිය ජනතාව වෙත සමීප කළ අතරම කාව්‍යයේ අර්ථය සැහැල්ලූද කළේය. කවියා තමාගේ දැනුම් හා සිතුම් බුද්ධි ක්‍ෂෙත‍්‍රයේ නොව භාව ක්‍ෂෙත‍්‍රයේ වපුුරා හැගුම් නොහොත් භාව රස ඵල හටගන්වන්ට වෑයම් කරන්නෙකි. (මාර්ටින් වික‍්‍රමසිංහ, නව පද්‍ය සිංහලය.14 පිටුව* කොළඹ කවි යුගය පහළ වීම සිංහල කාව්‍ය සම්ප‍්‍රදාය ස`දහා දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය මහින්දාගමනයෙන් පසුව ආරම්භ වී වර්තමානය දක්වා වර්ධනය වී ඇත. එවැනි පැරණි කාලයකට අයත් ලක්‍ෂණ ඉපැරණි සෙල් ලිපිවලින් හමු වී ඇත. එය ක‍්‍ර‍්‍රි.පු . දෙක තුන දක්වා ඈතට දිව යයි. එම කාලයේ සිට පරිණාමය වී මේ දක්වා වර්ධනය වී ඇත. ඉතිහාසයත් සම`ග විවිධ යුගයන් වලදි විවිධ අයුරින් වර්ධනය වී ඇත. අනුරාධපුර හා පොළොන්නරුව වැනි යුගයන් වලදී පද්‍යය ඓතිහාසික අයුරින් වර්ධනය වී ඇත. සිගිරි ගී තුළින්ද එම කාලයන් තුළදී පද්‍ය සංවර්ධනය වී පැවැතිී ආකාරය මනාව පැහැදිලි වේ. නමුදු මෙම යුගයන්හි රචිිත පද්‍ය සාහිත්‍ය කෘති කිසියම් රාමුවකට කොටු වූ බව ‘‘පෙදෙන් බුදු සිරිත....’’ වැනි පද්‍ය තුළින් පැහැදිලි වේ. මෙම යුගයන්වල පද්‍ය සාහිත්‍ය විශේෂයෙන් භාරතීය අභාසය ලබා ඇත. නමුත් දේශීය උරුවක් ඇතිව වර්ධනය වී ඇත. මෙම පද්‍ය අතරින් මහාකාව්‍ය ආදී විවිධ ප‍්‍රවණතා දැකිය හැක. මෙම යුගයන්හි පද්‍ය සාහිත්‍ය සම්භාව්‍ය ලක්‍ෂණ සහිත විය. ජන්දස් ශාස්ත‍්‍රයට අනුව පද්‍ය බොහෝ විට රචනා වී ඇත. මහනුවර යුගය වනවිට පද්‍ය බොහෝවිට ජනකාව්‍ය සමුප‍්‍රදායකට අනුගත විය. මහනුවර යුගයේ ශාස්ත‍්‍රීය අධ්‍යාපනය විධිමත් අයුරින් නොවීමත් උගතුන් දුලබ වීමත් බුදු සමය පරිහානියට පත් වීමත් වැනි සාධක ගණනාවක් කරණකොට ගෙන සම්භාව්‍ය සාහිත්‍යයක් ඇති නොවීය. නමුත් ජන වහරට අනුගත වෙමින් එය සරලත්‍වයකට පත්වෙමින් පැවැතුනේය. ක‍්‍රි.ව. 1815 දී උඩරට ගිවිසුමත් සම`ග හෙළදිව විදේශිකයන්ට නතු වීමත් සම`ග මෙරට සමාජ තත්ත්‍වය මුලූමනින්ම වෙනස් විය. විදේශ ආධිපත්‍යයට රුචි නොවු ජනයා ඔහුනට විරුද්ධව නැගී සිටියේය. එම නිසා කැරලි ඇති විය. එසේම කැරලි හා සිංහල මුස්ලිම් කොලාහලය වැනි ආරවුල්වලින් හෙම්බත් වී සිටි ජනයා ඉංග‍්‍රීසින්ට විරුද්ධව අරගලවලින් බැහැරව සංවිධානය වූහ. කොළඹ යුගය ලෙසින් හැදින්වෙන සාහිත්‍යය ආරම්භ වන්නේ ක‍්‍රි.ව 1815 සිටය. ‘‘කොළඹ යුගය වශයෙන් සාහිත්‍යධරයන් වෙන්කර දක්වන්නේ 1815 සිට වර්තමාවය දක්වා කාලපරිච්ෙඡ්දයයි. ’’ ’’ ක‍්‍රි. ව. 1815 දි මෙරට සම්පූර්ණ පාලනය ඉංග‍්‍රීසීන්ට පවරා දී මහනුවර රාජධානිය යටපත් වීමෙන් පසුව කොළඹ , ලංකාවේ අගනුවර විය. ක‍්‍රි. ව. 1815 සිට මේ දක්වා වූ කාලය ලංකා ඉතිහාසයේ කොළඹ යුගය වශයෙන් සැලකිය යුතුව තිබේ.’’ මෙසේ විශ්වාස කරනුයේ ජී. බි . සේනානායක මහතාගේ 1946 ‘පළිගැනීම’ නම් කෘතියත් සම`ග නිසදැස් කවිය හෙවත් නූතන කවිය ආරම්භ වීම ය. මේ වන විට කොළඹ යුගය අවසානයට පැමිණ සිටි බව ඇතමුන් විශ්වාස කරතත් 1960 හා 1970 යන කාලයන්හිද කොළඹ කවීන්ගේ කාව්‍ය ග‍්‍රන්‍ථ හමුවන බැවින් මෙම කාල සීමාව ගැටළුවකට ලක්වේ. එම නිසා කිව හැක්කේ එම කාල සීමාවෙන් කොළඹ කවිය අවසන් නොවී නිස`දැස් කවිය හෙවත් නූතන කවි යුගය දක්වා පැමිණි බවයි. ඒ අනුව කොළඹ යුගය පිළිබ`දව කාල නිර්ණය කිරීම සූකර කටයුත්තක් නොවේ. කොළඹ යුගයට සමාසන්න කාලය මාතර යුගය වශයෙන් ඇතමෙක් සලකතත් එසේ ප‍්‍රදේශයක් සලකාගෙන වෙනමම සාහිත්‍ය යුගයක් ලෙස ගත නොහැක. කොළඹ කවිය පැවැත ආ කවි සම්ප‍්‍රදායන්ගෙන් වෙනස් විය. ‘‘ ජන ජීවිතය පිළිබ`ද සිතුම් පැතුම් දන්නා කොළඹ කවීන් පණ්ඩිත ප‍්‍රිය ගැඹුරු බස්වහර හා අනවශය බාහිර සැරසිලි ඉවත් කොට තනාගත් කාව්‍ය රීතිය බොහෝ දුරට නිර්ව්‍යාජ එකක් විය.’’ මහනුවර යුගයේ හටන් කවියට , ස්තොත‍්‍ර කීමට , රාජ සභා කවියට වැනි විවධ ලෙසින් පැන නැගී ආ කවිය පොදු ජන රසික පිරිසක් වෙත යොමු කරන ලද්දේ කොළඹ කවීන් විසිනි. ’’ පැරණි කවිය රණබරණ පැළ`ද සිටින රදළයෙකු වැන්න . ජන කවිය චීත්ත රෙද්දක් හා ඔපනැලි හැට්ටයක් හැ`ද සිටින ගැමි ලියක් මෙනි. නූතන කවිය ගමේ හැදි වැඩි චාම් ඇ`දුමෙන් සැරසී කොළඹ කාර්යාලයක වැඩට එන තරුණියක මෙන් විය යුතු යැයි මට සිතේ.ඈ ගැමිලිය මෙන් ග‍්‍රාමීය නැත. කුරු`දුවත්තේ ගැහැණියකගේ විකාර විලාසිතා ද ඈ පිළිකුල් කරයි. ගමේ හො`ද ගතිගුණ ඈ ආශ‍්‍රයෙන් ලබා ඇත.’’ කොළඹ යුගය වන විට මෙරට සිටි උගතුන් ඉංග‍්‍රීසින් විසින් බිහි කරන ලද අධ්‍යාපනයෙන් බිහි වු පිරිසක් විය . එම නිසා මොවුන් බොහෝවිට පැරණි සම්ප‍්‍රදායන් පිළිකෙව් කළ බව උගත්තු ස`දහන් කරති. ’’කොළඹ කවිය ලෙස හ`දුන්වන ලද මේ නූතන කවිය නිර්මාණය කරන ලද්දේ මෙරට තුළ විජාතිකයන් විසින් ව්‍යාප්ත කරන ලද නව අධ්‍යාපනයක් මගින් බිහිකරන ලද පිරිසක් විසිනුයි. මේ නව පාසල් අධ්‍යාපනය අප සතු සියලු පාරම්පරික දැනුම ආකල්ප අවඥාවෙන් බැහැර කරන මුල් ඉදිරුණු අනුකාරක පිරිසක් බිහි කරන අධ්‍යබාපනයක් විය.මේ නව අධ්‍යාපනය අනුව අපගේ පාරම්පරික සාහිත්‍ය හා ඒ සාහිත්‍ය බස සලකන ලද්දේ ,මළ බසකට අයත් වන අංගෝපාංග ලෙයසි.’’ ගුණදාස අමරසේකරගේ මෙම දෘෂ්ටිය සදොස් බව ඉදිරියේදී සාකච්ඡුා කරනු ලැබේ. කෙසේ හෝ වේවා කොළඹ කවිය නව සම්ප‍්‍රදායක් ආරම්භ කළ බවත් එය ජනතාව තුළ ශිඝ‍්‍රයෙන් ව්‍යාප්ත වූ ජනප‍්‍රිය සම්ප‍්‍රදායක් විය. කොළඹ කවියෝ කොළඹ කවිය ආරම්භ වන්නේ විසිවන සියවසේ ප‍්‍රථම දශකයේ යැයි කිව හැක. මෙම කවිය නව කාව්‍ය සම්ප‍්‍රදායක ආරම්භය සනිටුහන් කළේය. කොළඹ කවීහු සිංහල කාව්‍ය සම්ප‍්‍රදායෙහි විශාල පෙරළියක් ඇති කළහ. පැරණි කාව්‍ය සම්ප‍්‍රදාවෙන් එතරම් දුරට නිදහස් වීමට තැත් කළ පිරිසක් ඊට පෙර පහළ නුවූ බව කිව යුතුය. කථා ව්‍යවහාරයේ පවතින භාෂාව පදනම්කරගෙන මටසිලිටු කාව්‍ය භාෂාවක් නිපදවීමේ ගෞරවය කොළඹ කවීන්ට හිමි වෙයි. උගතුන්ට පමණක් සීමා වී තිබුණු සිංහල කාව්‍ය පොදු ජනයා අතට පත්කිරීමේ ගෞරවයද කොළඹ කවීන්ට හිමි වෙයි. කොළඹ යුගයේ කවීන් ප‍්‍රධාන වශයෙන් යුග දෙකකට අයත් වෙයි. මෙයට ඔහුන් කාව්‍යකරණයට නිපන් කාල සීමාව වස්තු විෂය හා භාෂාව හේතු වී ඇත.’’ කොළඹ අවධියේ කවීන්ගේ පද්‍ය රචනා වස්තු විෂය , සන්දර්භය , ආකෘතිය හා භාෂාව ආදී කරුණුඅතින් කරන විමසුමකදී කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය. 1. කොළඹ යුගයේ වැඩිහිටි කවීන්ගේ පද්‍ය රචනා 2. කොළඹ යුගයේ තරුණ කවීන්ගේ පද්‍ය රචනා 3. හෙළ හවුලේ කවීන්ගේ පද්‍ය රචනා’’ කොළඹ යුගයේ හෙළ හවුලේ පද්‍ය රචනා වෙනම කවිකාර සමාගමක රචනා ලෙස පිළිගැනෙන බැවින් ඒවා කොළඹ කවිය හා නොගැටෙයි.‘‘ පැරණි කවි සමයට නොපටහැණි වූ අලූත් කවි රචනා කළවුන් අතර බෙන්තොට ඇල්බට් සිල්වා , පියදාස සිරිසේන , ඩි .වි . ද ලැනරෝල් , ආනන්ද රාජකරුණා , ජේ. පි . වික‍්‍රමතිලක , ජී . එච් . පෙරේරා , සෝමවීර චන්‍ද්‍රසිරි ආදීහු නායක්යෝ වූහ. අල්විස් පෙරේරා , සාගර පලන්සූරිය , මීමන ප්‍රෙමතිලක , විමලරත්න කුමාරගම , විමලඛන්ති හිමියෝ , එච්. ඇම් . කුඩලිගම ආදීහු පැරණි කවිසමය විසින් නො බ`දිනු ලැබූ තරුණ කවි පරපුරේ නායක්යෝ වූහ.’’ කොළඹ යුගයේ මුල් පරපුරේ කවි බහුල වශයෙන් රචනා වූයේ අධිරාජ්‍යවාදී ආක‍්‍රමණ , විනාශ වූ සංස්කෘතිය හා ජාත්‍යාලය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම ස`දහා ය. දෙවන පරපුරේ කවීන්ගේ නිර්මාණවලින් බලාපොරොත්තු වූයේ ප්‍රෙමය , දෙදරා ගිය ආර්ථික හා සමාජය තුළින් හෙම්බත් වූ ජීවිත පිළිබිඹු කිරීමයි. පියදාස සිරිසේන හා රාජකරුණා පැරණි කවි සමයෙන් මුලූමනින්ම බැහැර නොවීය. පැරුණි කවි සම්ප‍්‍රදායන් ඔස්සේ නව කවි සම්ප‍්‍රදායක් ගොඩ නැගීමට මෙවුහු උත්සාහ කළහ. කොළඹ කවීන්ගේ සමාජ වටපිටාව ඔහුන්ගේ නිර්මාණ තුළින් දැකිය හැක. ‘‘තමන් ඇසූ දුටු දේ සිත් කා වැදෙන සේ වර්ණනා කළ හැකි ශක්තියෙන් අල්විස් පෙරේරා අනෙක් තරුණ කවීන් ඉකමවන්නෙකි . නොසිදෙන දිය උල්පතක් වැනි කල්පනා ඇත්තෙකි අල්විස් පෙරේරා . කේයස් හා පේ‍්‍රමතිලක වැඩි සංයමයකින් තමන්ගේ අත්දැකීම් හා සිතුම් පද්‍යයට නගන්නට වෑයම් කරති. මොවුන් තිදෙනාට වඩා සංවරයකින් හා සංයමයකින් තම අත්දැකීම් කීමට පුරු¥ වූවෙකි , විමලරත්න කුමාරගම.’’ මෙම කවියන් කොළඹ කවීන්යැයි කීවද කොළඹ ප‍්‍රදේශයේ උපන්නේ පි.බි. අල්විස් පෙරේරා වැනි සුළු පිරිසකි. ලොකයේ නිරතුරුව පවතින වංචාව හා නොසියුම්බව දකින කවියා දුකට පත්වේ. කවියාගේ මෙම චිත්ත සන්තානයට බොහෝවිට දුප්පත්කම විසින් උරුමකර දෙන ලද වේදනාවද එක්වේ. කොළඹ කවීන් ඇතැම් අයෙක් උක්ත අර්බුදයේ කොටසු කරුවෝ වූහ.‘‘මීමන ප්‍රෙමතිලකගේ ජීවිතය හො`දින් දන්නා කෙනෙකුට ඔහුගේ දර්ශනය වටහා ගැනුම එතරම් අපහසු නොවේ. ... ඔහු ධනවත් නෑදැයන් ඇතිව වෙසෙතුදු ඔහුගේ ජීවිතය එකරම් සුඛිත වූවක් බව කිව නොහැකිය. තමාගේ ජීවිතය ගැන කලකිරී ඔහු කී දෙය ඔහුගේ දර්ශනය වී ඇති බව පෙනේ.’’ එච් . එම්. කුඩලිගම කවියා කුඩා කළ තම දෙමාපියන් නැති වීමෙන් දැඩිව දුක් කම්කටොලූ වි`දි තැනැත්්තෙකි. මෙවුන්ගේ මෙම පරිසරය නිතැතින් ඔවුන්ගේ කාව්‍යකරණයට බලපා ඇත.විමලරත්න කුමාරගම ආදායම් පාලක නිලධාරියෙකි. කැස්බෑවේ සෝමවීර රාජ්‍ය මන්ත‍්‍රණ සභා නියොජිතයෙකි. ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමි වැනි යතිවරයන්ද විය. කොළඹ කවිය ව්‍යාප්ත වූ ආකාරය කොළඹ කවිය තරම් ජනතාව අතරට ගිය ජනතාව වැළ`දගත් වෙනත් සාහිත්‍යාංගයක් මෙරට දැකිය හැකි නොවේ යැයි උපකල්පනය කිරීම නිවරදි ය. කාලීන සමාජ අවශතාවන් මෙන්ම තේමාවන් ඔහුුන්ගේ කවියේ ප‍්‍රධාන තේමාවන් බවට පත්කළහ. ලංකාවේ විමුකති අරගලය කවියන්ට තොතැන්නක් විය.‘‘මෙරට ජාතික ප‍්‍රශ්න පිළිබ`දවත් විමුක්ති අරගලය පිළිබ`දවත් එබ`දු විවෘත සංවාදයක් හා පිළිස`දරක් කරන ලද්දේ කොළඹ යුගයේ කවීන් විසිනි. මේ කාලයේ කොළඹ යුගයේ ප‍්‍රධාන පෙළේ කවීන්ගේ සංස්කාරකත්‍වයෙන් පළ වුණු ‘දේදුන්න , වැනි කවි ස`ගරාත් කවීන්ගේ සමිති සමාගම් හා සංවිධානත් එකී කාරණයට බෙහෙවින් හේතු කාරක විය. සංවිධානාත්මක ස්වරූපයෙන් ජනතා බුද්ධිමතුන් අතරට ඒ පිළිස`දර ගෙන ගිය කවීන්ගේ සංවිධාන අතර සමස්ත ලංකා කවි සම්මේලනය ප‍්‍රධාන තැනක් ගනී.’’ කවියට ප‍්‍රසිද්ධවූ ස`ගරා අතර සුව`ද , මිවදය , දේදුන්න ,මහවැලි , කාන්තා , අමරසිංහ ,මැණික , මෝහිණි , කිවියර , ළමා විමන ,සිරිමා වැනි ස`ගරා වූවේය. කොළඹ කවිය කෙතරම් ජනප‍්‍රියවූ ද කියතොත් කවි සෑදීමට උගන්වන තැපැල් මාර්ගික පාඨමාලා ඇති විය. ‘‘ මුද්දරයක් ගැසූ ලිපි කවරයක් සම`ග විමසන්න’’ යනුවෙන් පළ වූ දැන්වීම් සුලභ විය. කවි රසිකයන් මෙන්ම කවියන්ද දහස් ගණනක් විය. මෙසේ කොළඹ කවියේ ජනප‍්‍රිය අංශය වැඩි වෙද්දි එහි ගුණාත්මක පක්‍ෂය අඩු වූ බව බොහෝ විචාරකයන්ගේ මතයයි. ‘‘නූතන සංහල කවියේ ඉතාම ජනප‍්‍රිය යුගය මෙන්ම ගුණාත්මක ව්‍යශයෙන් දුර්වලම යුගය කොළඹ කවි යුගය බව විචාරකයන්ගේ පිළිගැනීමය.’’ මෙම යුගය තුළ දේශපාලනඥයින් පාර්ලිමෙන්තුවේ කතා කළේ කව්යෙනි. ඇතැම් සාකච්ඡුා පැවැත්වූයේ කවියෙන් පමණි. කොළඹ කවිය වටා මේ තරම් විශාල රසික පිරිසක් කේන්‍ද්‍ර ගත වූයේ කවිය ඔහුනට වඩාත් සමීප වූ බැවිනි . පෙර පැවැති කවි සම්පදාය බොහෝ විට පණ්ඩිතයන්ට පමණක් සීමා වී තිබුණු අතර මෙම කවිවලින් යම් ඉසිඹුවක් ජනතාව ප‍්‍රාර්ථනා කළ බව සිතිය හැක. මෙම කාලයේදී කවිය එතරම් ජනප‍්‍රිය වීමෙදී හේමපාල මුනිදාස , ජි.පි. වික‍්‍රරමාරච්චි හා මාර්ටින් වික‍්‍රමසිජහ වැනි පුවත්පත් කතුවරුන්ද කවියට සහය දැක්වීය. සමස්ත ලංකා කවි සම්මේලනය , අගනුවර කවි සමාජය , රසික හවුල ,රයිගම් කොරළයේ සවි සමාජය වැනි නාගරික හා ප‍්‍රදේශීය කවි සම්ගම්වලින් කොළඹ කවිය ව්‍යාප්ත විය. රෝහල , දුම්රිය පොළ වැනි පහජනතාව ගැවසෙන තැන්වල කියවන කවි කොළ සුලභ දෙයක් විය. කොළඹ කවියේ සරල බස හා සුගම අර්ථය කොළඹ යුගයේ කවි ස`දහා කවියන් යොදාගෙන ඇත්තේ ව්‍යවහාර බසයි. එම නිසා එම කවි ජනප‍්‍රිය වී ඇත. මහනුවර යුගයේ තුන් සරණ , යශෝදරාවත වැනි ග‍්‍රන්‍ථ ජනප‍්‍රිය වූයේ එම ලක්‍ෂණය නිසා ය. කොළඹ කවි යුගයේ කවිවල භාෂාව පිළිබ`ද සිරි ගුණසිංහ වැනි විචාරකයන් කොළඹ යුගයේ දුර්වල කාව්‍ය කිහිපයක් නිදර්ශනකර ගනිමින් සමස්ත කොළඹ කවියම නිෂේධනය කිරීමට උත්සාහ දරා ඇත. නමුත් එය සාධාරණ නොවේ. පළමුවැන්න නම් අදාළ සාහිත්‍ය නිර්මාණ මනා ලෙස අධ්‍යනය කර නොමැති වීමයි. දෙවැන්න නම් මතවාද කාලයෙන් කාලයට වෙනස් වීමයි. ‘‘කොළඹ කවියට සාධාරණත්‍වයක් ලබා දීමට කරුණු දෙකක් මුල් කර ගත යුතුය. 1. ඒ ඒ රචකයාගේ කාව්‍ය රචනා ඉතා පරිස්සමින් හා අවධානයකින් පරිශීලනය කොට ඒවායේ සාධනීය ලක්‍ෂණ හා නිෂේධනීය ලක්‍ෂණ පසක් කර ගැනීම. 2. ඒ ඒ රචකයන්ගේ කාව්‍ය රචනා හුදකලාව ගෙන නොවිමසා : ඔවුන් ජීවත් වූ යුගය , ඒ යුගයේ සමාජ ආර්ථික හා දේශපාලන බලවේග මෙන්ම , ඔවුන් අනුදත් කවි සමයද සැලකිල්ලට භාජනය කිරීම. ’’ කවියන්ට තමන් ජීවත්වන සමාජයෙන් වියුක්තව ජීවත් විය නොහැක. ඔහු සමාජයේම ජීවත් වෙමින් එහි අක්දැකීම් තුළින් කාව්‍යකරණයේ යෙදෙන්නකි. ‘‘සාහිත්‍ය සමාජය පිළිබිඹු කරන අර්ථවත් දර්පණ තලයක් සේ’’ වන බැවින් කොළඔ කවි තුළින් සමකාලීන ජිවීතය පිළිබිඹු වේ. ඇතැම් විවෙචකයන් කොළඹ යුගයේ පළමු යුගයේ කවි නොවිමසා දෙවැනි යුගයේ ඇතැම් කවියන්ගේ කවි කිහිපයක් පමණක් නිර්දය ලෙස විවේචනය කර කොළඹ කවි නිෂේධනය කිරීමට උක්සාහ දරන්නේ කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කවීන්ගේ බස සරලවීමත් ,විවිධ වීමත් , භාව ගෝචර ලක්‍ෂණවලින් හා ඔහුන් තහවුරු වීමත් හා තවත් කරුණු ගණනාවකින් යුතු වූ බැවිනි. කොළඹ කවියන් තම භාෂාව සකස් කර ගැනීමෙහිලා චිරන්තන කවි සමය අනුදත් කාව්‍යාලංකාර අර්ථාලංකාර යම් යම් ප‍්‍රමාණයකට අනුගමනය කර ඇත. අපේ පැරුණි කවීන් විසින් කවි සමයට අනුගත කොට ගත් ප‍්‍රයෝග වශයෙන් ‘පාපය , මලිනය , යසස කීර්තිය සිනාව සුදුය’ ආදිය පෙර කරුණට උදාහරණ වශයෙන් දැක්විය හැක. මෙය බොහෝවිට පළමු පරපුරේ කවීන්ගෙන් බහුල වශයෙන් සිදුවී ඇත. ‘‘ ඉව කළ මල් යහන් කෙළි සුර’ඹුවනග ති සුව සැළලිහිණි සුලකළ මුයුරු තෙපළැ ති ගැව සී පිය`ගනන් සමග ව රසය තු ති කව නෙවි උයන් සිරියට දනු න`ගා ල ති’’ දෙවැනි පරපුරේ කවියන් ශීඝ‍්‍රයෙන් නැඹුරු වන්නේ දෛනික ව්‍යවහාර භාෂා රටාව වෙතය. ඔහුනට වස්තු විෂය සැපයූවේ බොහෝවිට පරිසරයේ හාත්පස අපරිමිත චමත්කාරයයි. ඔහුනට රොමැන්ටික්වාදයේ අභාසයක් ලබා ඇත. සෞන්දර්ය පිළිබ`දව රචනා කළ කවිවල විශේෂත්‍වයක් වන්නේ ස්වභාව සෞන්දර්යට සචෙතනිකත්වයක් ආරෝපණය කිරීම ය. කවියා ජගත් සෞන්දර්ය කාන්තාවක සේ දකියි. ඇය ආමන්ත‍්‍රණය කරන බස සරලය. මනහරය. පෙර පැවැති කවියේ අර්ථයද සැහැල්ලූ කළේය. ‘‘ සැන්දෑ වලාවක සිට තොල් පෙති මතුල සොබා දහම ! ඔබ රෝහිණි මා අතුල ආදර මැණික් වැලි පෙන්වා සෙනෙහෙ ගෙ`ග් ඔබ හිතවතිය වූයෙහි නිරතුරු ව මගේ’’ විමලරත්න කුමාරගම දෙවැනි පරපුගේ ජනප‍්‍රිය කවියෙකි. මොහුගේ කවිවලින් පාඨකයාගේ කල්පනාව පුබුදයි. තම අදහස් හා සංවේගය ආත්ම සංයමයකින් මැඩ ගනියි. ද්වේශයෙන් තොර උපහාසය , උචිතානුචිත විවේක බුද්ධිය , දයානුකම්පාව , මුහුකුරා ගිය ශක්තිය - දෘෂ්ටිය , නුවණ හා මානව භක්තිය , පොතින්පතින් ලත් අත්දැකීම් නොව තමාම පසක් කරගනීම (නිර්ව්‍යාජ අත්දැකීම් විෂය කර ගැනීම*. මනුෂ්‍ය චරිතය ගතානුගතිකත්වයෙන් තොරව තැන්පත් නුවණින් විභාග කරයි. මනුෂ්‍ය ජීවිතය හා පරිසරයෙහි ආධ්‍යාත්මික නෑ සබ`දකම් ප‍්‍රතිභානයෙන් දකියි. සිත කලකිරවන කරුණ රසයක් හා ජීවිතයෙන් වෙන් නොකළ හැකි දුක පිළිබ`ද හැ`ගීමක් ඇත. ඔහුගේ උචිතානුචිත විවෙක බුද්ධිය කොළඹ කවිය ජනතාවට සමීප කිරීමට ප‍්‍රබල හේතුවක් විය. ‘‘වන පෙත දැවෙන වි වැද මළ හිරුගේ රත ගණදුර වසන විට ආලොකයෙහි නෙත ස`ද රුස් ගලන විට තෙරෙපි සෙවණ මත එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත සාගත වසංගත හා එන නිය`ග වලින් සහනය පතා වන දෙවියන් ළ`ගට කෙලින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළෙඹන අයට අනුකම්පා කරමි මුලින්’’ වන්නියේ ජන ජීවිතත් සම`ග සිටි කුමාරගම තම කවියෙන් ඔවුන්ගේ ජිවිතයන්වල ගැඹුරු අර්ථයක්ද එයින් ඉස්මතු කළේය. මෙවැනි පද්‍ය තුළින් පුද්ගල ජීවිතය මෙන්ම ඒවා කෙරෙහි පරිසරය පවත්වන ආධිපත්‍යයද සිහි කරවයි. මෙම පද්‍ය ස`දහා යොදා ගෙන ඇති බස්වහර සරලය. සංවාද බස උපයෝගී කරගෙන කාව්‍ය රචනයේ යෙදීම කොළඹ කවියේ කැපි පෙනෙන ලක්‍ෂණයක් විය. මෙම සංවාද බස කටවහරට බොහො සේයින්ම සමීපය. දෙවැනි යුද්ධ කාලයේ මෙම කවි උපත සැපයූවේ එච් . ඇම් කුඩලිගම සහ පි.බි.අල්විස් පෙරේරා කළ ‘නලිනි - පබලූ’ සංවාදයෙනි. එහි භාෂාව ලිහිල් ය . සරල ය. ‘‘ හත් වැන පොත මල්ලි තවමත් කියවනව ද කැත්තේ උදැල්ලේ වැඩ හෙම කරනව ද රත්ති දැනුත් පැටියට කිරි පොවනව ද වත්තේ ජම්බු ගස්වල ගෙඩි තියෙනව ද (පබලූ 49* හත්වැනි පොත මල්ලී තවමත් කියවන වා කැත්තේ උදැල්ලේ වැඩ ගැන පැකිලෙනව වා රත්තී නම් දැනුත් පැටියට කිරි දෙනව වා වත්තේ ජම්බු ගස් වියලීගෙන යන වා’’ (නලිනි 50* කොළඹ කවියන් බහුල වශයෙන් යොදාගත්තේ සිව් පද ආකෘතියයි. සමුද්‍රඝෝෂ විරිත බොහෝවිට යොදාගනු ලැබ ඇත. කොළඹ කවියන් යොදාගත් එළිසම සිව්පද ආකෘතිය නිසා කොළඹ කවියන් වෙත ජි.බි. සේනානායක වැනි විචාරකයන් නිර්දය ලෙස විවේචනය කළේය. සක්ක පද යොදා කළ කවි යැයි විවේචනය කළේය. මොවුන් මෙසේ විචාරය කර ඇත්තේ මෙම පද වෙන වෙනම ගෙන විචාරය කිරීමෙනි. සමස්ථය ගත් කල්හි එබ`දු ගැටලූවක් නැත.‘‘එළිසම කවිය සිංහල කවීන්ගේ ආරම්භක යුගයේ සිට පැවතෙන්නක් බව අප විසින් අවබොධ කර ගත යුතු ය.ජන ජීවිතය හා බැදුණු කවියෙහි විශේෂයෙන් එළිසම ලක්‍ෂණ දැකිය හැක. ගීතවත් බව හා ශබ්ද ධ්වනි වෙතින් අර්ථය පෝෂණය කිරීමේ අපේක්‍ෂාව එහි විය. වියත් කවියෙහි ද එම ලක්‍ෂණ මතු කළ යුතු තන්හි දි එළිසමය අගේ කොට සැලකිණ.’’ කොළඹ කවියෙහි එන විසිතුරු හා සරල උපමා රූපක ම`ගින් එහි බස්වහර තවත් සරල විය. ‘‘මුලදි කැලේ හැටි බැලූවම කුමක් වැනී පිහිය නුදුටු අපේ මාමගේ රුවුළ වැනී හේන කොටා ගිනි තිබ්බම කුමක් වැනී ම`ගුල දවසෙ එළි කළ මගේ මූණ වැනි’’ කවියෙකුගේ භාෂාව සමස්ත නිර්මාණයේම තත්ත්වය තීරණය කරන්නක් වේ. කව්යෙකු ප‍්‍රබල බසකට හිමිකම් කීමෙන් එක් අතකින් ඔහු ප‍්‍රබ කවියෙකු වේ. කවියා සිය හැගීම් සිතුවිලි ආදිය කාව්‍යයට නැගීමේ කටයුත්තේහි ඔහු කෙතෙක් දුරට සාර්ථක වී තිබේද යන්න නිර්මාණයෙහි අගය මැනීමෙහි සලකා බැලෙන ප‍්‍රමුඛ කරුණකි. වියරණ නොසිදි චිත්ත රූප ඇති කරවන සරළ බස්වහරක් කොළඹ යුගයේ දැකිය හැක. එළිසමයෙන් තොර වූ කවිද මීමන ප්‍රෙමතිලක හා චන්ද්‍රරත්න මාවනසිංහ වැනී කොළඹ කවීන් විසින් රචනා කර ඇත. ළමා පද්‍ය නිර්මාණය කිරීමෙදි බස සරල වීම නියතයෙන්ම සිදුවන්නකි. නමුත් කොළඹ යුගයේ එස්. මහින්ද හිමි හා රාජකරුණා රචනා කළ ‘ළමා කවි’ ළමා හා වැඩිහිටි හ`දවත් කුල්මත් කරයි. එස්. මහින්ද හිමියන් ජාත්‍යානුරාගය ඇතිවන අයුරින් කාව්‍යකරණයේ යෙදීමට සමතෙකි. එම නිසාම සමකාලීනව උන්වහන්සේගේ නිර්මාණ ජනප‍්‍රිය විය. කාව්‍යරසාස්වාදනය ස`දහාම නොව උන්වහන්සේ කවි ලියුවේ. විදේශ ආධිපත්‍යයට එරෙහිව ජනතාව නැගීසිටුවීමට කවිය අවියක් කර ගත්තේ ය. සමකාලීනව පැවැති සමාජ පසුබිම නිසා එතුමාගේ කවි විවේචනය කිරීම එම කවියට කරන අසාධාරණයකි. කොළඹ යුගයේ සරල බසින් රචිත හාස්‍යෝත්පාදක කාව්‍ය ජනතාව අතර බෙහෙවින් ජනප‍්‍රිය විය. සමාජයේ දුබල තැන්වලට පහරදෙමින් එම කාව්‍ය ජී. එච් . පෙරේරා රචනා කර ඇත.කේෂ කලාපය නැති කාන්තාවන් එය තමන් සතු බව බොරුවට පෙන්වීම ස`දහා හවරි භාවිත කීරීමට පටන්ගත් අවස්ථාවේ එය උපහාසයට ලක් කෙරිණි. ඇතැම් සිදුවීම් පිළිබ`දව කවියා සරලව ඉදිරියත් කරයි. එය වාර්තා කථනයකට සමීප වන ස්වභාවයක් තිබූ නමුත් එය සවනීය මනහර පද්‍යයන් වේ. කොළඹ කවි සම්ප‍්‍රදායක් නිර්මාණය කරගැනීමෙදි ඇතැම් අවස්ථාවලදී කවියා ජන කවියේ ආභාසය ලබා ඇත. රාජකරුණාගේ ‘ධීවර ගීතය ’නම් පද්‍ය පෙළ කරුණ රසය දනවන පරිදි රචනා කර ඇත. යශෝදරාවත ගුරුකොට ගෙන ඇති බව එහි කවි විමසීමෙදි පැහැදිලි වේ. සරල-සුන්දර රීතිය පාඨකයාගේ භාවමය පක්‍ෂය පුබුදු කිරීම ස`දහා සංයත දෘෂ්ටියකින් රචනා කර ඇත. ‘‘හිමි ඔබ සයුර මැද රුදු සටනකය රුයේ - පොල් අතු පැලේ මම තනියම වෙසෙමි බියේ ඇතිමුත් හුරු පුරුදු එඩිතර ගතිය ළයේ - තරමක සැකයකිනි ඔබ අද සවස ගියේ අහසේ අ`දුරු පැහැ වැහි කළු නගින කොට - සුළගේ වෙනස මෙහි ගහ කොළ කියන කොට ගෙරවිලි සහිත විදුලිය හඩ ඇසෙන කොට - හිමියනි මගේ හිත වාවනු බැරිය මට’’ සමාලෝචනය සිංහල කාව්‍ය සාහිත්‍යට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය මහින්දාගමනයට පසු කාලීනව වර්ධනය වූවකි. විවිධ යුගයන්හිදී විවිධ අයුරින් එහි වර්ධනය විය. අනුරාධපුර , පොළොන්නරු වැනි යුගයන්වලදී එය දේශීය ලක්‍ෂණ සහිතව සංවර්ධනය වි ඇත. අනුරාධපුර යුගයේ සිට මෙරට පද්‍ය යම්කිසි ආකෘතියකට අනුව ග‍්‍රන්‍ථ රචනා වූ බව සියබස්ලකර වැනි අලංකාර ග‍්‍රන්‍ථවලින් පැහැදිලි වේ. ප‍්‍රධාන වශයෙන් භික්‍ෂූන් වහන්සෙලා කාව්‍ය කරණයේ යෙදුණු බැවින් පාලි හා සංස්කෘත සාහිත්‍ය තුළින් නොම`ද අභාසයක් ලබා ඇත. වියතුන් ම`ද නොවූවෙන් සම්භාව්‍ය සාහිත්‍යක් ඇති විය. මහනුවර යුගයේදී නොකඩවා පැවතී ආ ප‍්‍රාචීන ශාස්ත‍්‍රී ශාස්ත‍්‍රීය අධ්‍යාපනය බි`ද වැටීමත් සම`ග කාව්‍යකරණයේ භික්‍ෂූන් සතුව තිබු අධිකාරිය නැතිවූ අතර කවියද සාමාන්‍ය ජනයා අතට පත් විය. ඉන් පසුව සාහිත්‍ය ජන සාහිත්‍යයක් විය. උඩරට ක‍්‍රී.ව 1815 දී ඉංග‍්‍රීසීන්ට නතු වීමත් සම`ග මුලූ රටේම පරිපාලනය කොළඹ කේන්ද්‍ර කරගැනීමත් සම`ග කොළඹ යුගය ආරම්භ විය. මෙම කාලයේ ප‍්‍රාචීන අධ්‍යාපනය වැටී තිබුණි. කොළඹ යුගයේ මුල් කාලයේ කැරලි ගණනාවක් ඇතිවූ අතර එයින් හෙම්බත් වූ සිංහල ජනයා මනාව සංවිධානය වෙමින් සම`ගියෙන් එකතු වී ඔහුන්ගෙන් නිදහස ලබා ගැනීමට උත්සාහ කර ඇත. කොළඹ යුගය පිළිබ`ද සාහිත්‍යධරයන් අතර එක`ගතාවක් නැත. ආරම්භය ක‍්‍රි.ව. 1815 බවට තර්තයක් නැත. ගැටළුව පවතින්නේ මෙය අවසන් වන්නේ කවර කාල සීමාවකදීද යන්නයි. ක‍්‍රි . ව. 1946 ජී . බි. සේනානායක මහතාගේ පළිගැනීම නම් කෘතියේ ආරම්භයත් සම`ග මෙම කොළඹ යුගය අවසන් වූ බව බෙහෝ දෙනා ප‍්‍රකාශ කරතත් 1960 හා 1970 වැනි කාලවලද කොළඹ කවීන්ගේ කෘති හමුවීමෙන් පූර්වෝක්ත කාල සීමාව ගැටළුක් බවට බත් වේ. එම නිසා නිශ්චිත කාලසීමාවක් නොමැත. කොළඹ යුගය කොළඹ කවියෙහි ප‍්‍රථම වැඩිහිටි පරපුර , කොළඹ යුගයෙහි තරුණ කවි පරපුර හා දෙවැනි කවි පරපුරට සමගාඹව ඇතිවු හෙළ හවුල වෙනම සමාගමක් , ගුරු කුලයක් හැටියට හැදින් විය හැක. කොළඹ කවියෙහි ප‍්‍රථම යුගය නියොජනය කරන කවීන් අතර පිදාස සිරිසෙන , ආනන්ද රාජකරුණා , ඇස් මහින්ද හිමි ,ජී.එච්. පෙරේරා යන කවීහු ප‍්‍රමුඛයෝ වෙති. පී.බි. අල්විස් පෙරේරා ,සාගර පලන්සූරිය , මීමන ප්‍රෙමතිලක ,විමලරත්න කුමාරගම ,එච්.එම්.කුඩලිගම යන කවීහු කොළඹ යුගයේ දෙවන යුගයේ ඉදිරියෙන් සිටිති.මුල් යුගයේ කවියන් යම් තරමක් දුරට සාම්ප‍්‍රදායිකත්‍වයේ සිටිමින් අලූත් කාව්‍ය සම්ප‍්‍රදායක් නිර්මාණය කිරීමට සමත් වූවෝය. කොළඹ යුගයේ පළමු පරයුරේ සහය ඇතිව දෙවැනි කවි පරපුර භාෂාව , ආකෘතිය සන්දර්භය , වස්තු විෂය වැනි කරුණුවලින් නව මුහුණුවරක් ගත්තේය. කොළඹ කවීන්ගේ නිර්මාණ අතරින් දෙවන පරපුරේ කවියන්ගේ නිර්මාණ බහුල වශයෙන් ඇතැම් විවේචකයන් නිර්දය ලෙස විවේචනය කරමින් එම කවි සක්ක කවි යැයි පවසා ඇත. මොවුන් මෙසේ ප‍්‍රකාශකරන්නේ ඔහුන්ගේ අතළොස්සක් නිර්මාණ විවේචනය කරමිනි. ආර්ථික වටපිටාව අමතක කරමිනි. මෙම පද (සක්ක පද* වෙන් වෙන්ව නොගෙන සමස්තාර්ථය විමසන කල්හි ඒවායේ විචිත‍්‍රබව මැනවින් පෙනේ. කොළඹ කවියන් විවිධ තරාතිරම්වල වූවන්ගෙන් යුතු විය. දෙවැනි පරපුර බෙහෝකොට රොමැන්ටික් වාදයෙන් අභාසය ලබා ඇත. සමුද්‍රඝෝෂ විරිත හා එළිසමය යොදා කවි නිර්මාණය කර ඇත. ජාත්‍යානූරාගය , ආගමාලය හා ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීම ,සමකාලීන සමාජ ආර්ථික පරිසරයෙන් පීඩාවට පත් සමාජය වැනි වස්තු විෂයන් සමකාලීනව පැවැති භාෂාව උපයෝගී කරගෙන රචනා වූ බැවින් කොළඹ කවිය වෙනත් කිසිදු කාලයක නොවූ ලෙසට ජනප‍්‍රිය විය. රෝහලේ , දුම්රිය ස්ථානයේ හා වෙනත් පොදු ස්ථානවල කවි කොළ නිතර දැකිය හැකි දර්ශනයක් විය.කවි ස`ගරා පුවත්පත්වල කවි අතිරේක ජනප‍්‍රිය විය. පෙර නොවූ විරූ ලෙස කවිය ජනතාවට සමීප වූයේ පණ්ඩිතමානි කවියෙන් ලාංකික ජනයා යම් ඉසිඹුවක් ප‍්‍රාර්ථනා කලාක් මෙනි. න්ර්භය කවීහු කැලය බි`ද නව මං පාදාගෙන ගමන් ගන්නාක් මෙන් කොළඹ කව්හු නව ම`ගක් සොයා ගමන් කළහ. ඇසුරු ගත් නම් වැල අබේසිරිවර්ධන ආනන්ද , රසාස්වාදය හා චමත්කාරය . මහරගම: සමන් මුද්‍රණාලය , 1962. අබේසිංහ ඒ. ඩබ් , කවිය ගීතය හා සමාජය . කුලියාපිටිය : සාරද ප‍්‍රකාශන , 1991. අමරසේකර ගුණදාස , සිංහල කාව්‍ය සම්ප‍්‍රදාය . බොරලැස්ගමුව : සී/ස (පෞද්* විසිනුදු ප‍්‍රකාකයෝ , 1996. අමරසේකර ගුණදාස , භාව ගීත . කොට්ටාව : සාර ප‍්‍රකාශන , 1992(තෙවන මුද්‍රණය* . කරුණාරත්න ගාවින් ,සිංහල කවියේ නව යුගය . මහරගම : සිමාසහිත සමන් ප‍්‍රකාශකයෝ , 1963 කුඩලිගම එච් . එම් , කුණාටුව . ඊ . එම් . දයානන්ද (ප‍්‍රකාශක* , 1954 . පිටුව 01 කුසුමා කරුණාරත්න ,(සංස්* සරත් විජේසූරිය , නව කවි සංග‍්‍රහය . කොළඹ 12: ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ , 1992 . ගුණවර්ධන වී. ඞී. එස් (සංස්* , සියබස්ලකර දීපනී . කොළඹ 10 : සමයවර්ධන සමාගම , 2003. ගුණසේකර බන්දුසේන ,‘‘ සම්ප‍්‍රදායෙන් බැදුණු හා නොබැ`දුණු සිංහල කවිය ’’. සාහිත්‍ය . (සංස්* එස්. ජි . පුංචිහේවා , සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව , 1996 . දිසානායක විමල් (සම්පාදක*, නව කවි සරණිය . කොළඹ - 12 : ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ. පීරිස් රූබන් පී (සංස්*, ජ්‍යෙෂ්ඨ පද්‍ය මාලා, දෙහිවල: කොසල මුද්‍රණාලය , 1964. පිටුව 48 පේරෙරා අල්විස් , සොබාදහම . ප’ කේ . ඩබ් . සිරිවර්ධන (ප‍්‍රකාශක* ,1935 . පිටුව 1 මහින්ද හිමි ඇස් , ‘‘ලංකාමාතා’’ සංකෘහිත සිංහල පද්‍ය . (සම්පාදක* සෝමරත්න බාලසූරිය , ගාමිණි දෑල බණ්ඩාර , කොළඹ : එස්් ගොඩගේ සහ සහෝදරයෝ , 1996 . රාජකරුණා ආනන්ද , ‘‘ධීවර ගීතය’’. සරත් විජේසූරිය , නව කවි අධ්‍යනය . පුංචි බොරුල්ල: විජේසූරිය ග‍්‍රන්‍ථ කෙන්ද්‍රය , 2007 . රාජකරුණා ආරිය , නූතන සිංහල කාව්‍යය -1 . කොළඹ 10 : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 1962. ආරිය රාජකරුණා , නූතන සිංහල කාව්‍ය -2 . මහරගම : සමන් ප‍්‍රකාශකයෝ , 1962 . රාජකරුණා ආරිය , සිංහල කාව්‍ය සංග‍්‍රහය . කොළඹ 11 : සීමාසහිත ඇම්. ඩි . ගුණසේන සහ සමාගම ,1961. රුවන් පතිරණ මොනිකා , සම්භාව්‍ය විචාර ලිපි සරණය .(සංස්* පී . ඇම් . සේනාරත්න ,කොළඹ 10 : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 1998. රිටිගහපොළ හංසමාලා , ’’අප‍්‍රකට කොළඹ කවියෝ’’ , (සංස්* කුසුමාඤ්ජලී අතිපූජ්‍ය වැවතැන්නේ පියතිස්ස නිහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය . ඔකකම්පිටියේ පඤ්ඤාසාර හිමි , කොටගම වාචිස්සර හිමි , නුගේගොඩ : කොලිටි ප‍්‍රීන්ටර්ස් , 2010 . වර්තමාන සිංහල සාහිත්‍යය පිළිබ`ද ප‍්‍රශ්න කිහිපයක් . (සංස්* විමල් දිසානායක , සෝමරත්න බාලසූරිය , කොළඹ 10 : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 2000 . වික‍්‍රමසිංහ මාර්ටින් , නව පද්‍ය සිංහලය . මහරගම : සමන් මුද්‍රණාලය , 1957 . විජේසූරිය සරත් , නව කවි අධ්‍යනය . පුංචි බොරුල්ල: විජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය , 2007 . විජේසූරිය සරත් , ‘‘ අද්‍යතන සිංහල කවියේ පසුබිම ‘‘, සම්භාෂා . (සංස්* විජිත වෙලගෙදර , පිරිවෙන් හා ආගමික කටයුතු අමාත්‍යංශය , 1993. 5 කලාපය සරච්චන්ද්‍ර එදිරිවීර , සාහිත්‍ය විද්‍යාව. ඇස් .කොළඹ -10 : ගොඩගේ සහ සහෝදරයෝ , 1965. සිරිවර්ධන රංජිත් , සිංහල කාව්‍ය විමර්ශනය . කොළඹ : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 1990. සේකර මහගම , ‘‘නූතන පද්‍ය භාෂාව පිළිබ`ද විමසීමක් ’’, වීමංසා . (සංස‘* දාගොන්නේ උයදධම්ම හිමි , කැලණිය : විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය , 1967 . හිනිදුම සුනිල් සෙනෙවි , කොළඹ කවිය සහ කුඩලිගම . කොළඹ 10 : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 2000. විශ්ව කෝෂ සිංහල විශ්වකෝෂය - 8 වැනි කාණ්ඩය , ප‍්‍රධාන කත_ෘ , ධර්මදාස කේ. එන් . ඕ , සංස්කෘතික දෙපාර්තමෙන්තුව,1994 . සිංහල පද්‍ය සාහිත්‍යය මහින්දාගමනයෙන් පසුව වර්ධනය වු සාහිත්‍යාංගයකි. ක‍්‍රි.පු. දෙවන තුන්වන කාලයේ සියවස්වල ලියැවී ඇති සමහර ශිලාලේඛණයන් ලියා ඇත්තේ පද්‍යයෙනි. අනුරාධපුර පොළොන්නරු යුගයන්වලදී පද්‍යන්හි සංවර්ධනය මෙන්ම ජනප‍්‍රියබව සීගිරි ගී තුළින්ද පැහැදිලි වේ. එසේම සම්භාව්‍ය කාව්‍ය නිර්මාණ යම් කිසි රාමුවකට කොටු වී තිබු බව සියබස්ලකර වැනි ග‍්‍රන්‍ථ තුළින් පැහැදිලි වේ. කාව්‍යකරණය බුදු දහම බද්ධ වූවක් විය. එසේම කාව්‍යකරණයේ බොහෝ කොට යෙදුණේ භික්‍ෂූන් වහන්සේ වූහ. මෙම හේතූන් නිසා කාව්‍යකරණය තුළින් පැහැදිලිවම ලෞකිකත්‍වයක් ප‍්‍රදර්ශනය නොවුණි. මෙම අරමුණින් මිදීමට කවිසිළුමිණ කවියා තැත් කළ ආකාරය තුළින් පැහැදිලි වන්නේ මෙම සම්ප‍්‍රදායෙන් ඈත් වීමට කවියන්ට ඉතා දුෂ්තර කටයුත්තක් වූ බවයි. ප‍්‍රාචීන අධ්‍යාපනය බි`ද වැටීමත් බුදු දහමට රාජ්‍ය බලය නොලැබීමත් විදේශ ආක‍්‍රමණ පැවැති සීතාවක මහන්වර වැනි යුගයන්හිදී කාව්‍යකරණය ජනතාව අතට පත් වීමත් සම`ග කාව්‍යකරණය ජන කාව්‍යයක් බවට පත් විය. කොළඹ යුගය කි. ව. 1815 සිට ආරම්භ වන අතර එකල පැවැති ජාතික , සමාජික හා ආර්ථික පරිසරය කොළඹ කවීන්ට නව මාවතක් සොයා යාමට හේතු වී ඇත. කොළඹ යුගයේ කවි පරපුරවල් දෙක අතරින් දෙවැනි කවි පරපුරේ කවිහු වඩාත් සරල බසකින් ජනතාව අතරට ගියහ. වෙන කිසිම යුගයක කවිය නොලබූ ජනප‍්‍රියතාවයක් ලැබීමට හේතුවූ කොළඹ කවීන්ගේ බස මුල්කර ගත් ආකෘතිය හා වස්තු විෂය වැනි කරුණු රාශියක් බලයා ඇත. එම කරුණු මෙහිදි විධිමත්ව සාකච්ඡුා කෙරේ. පැරණි කවිසමය විසින් නො බ`දිනු ලැබූ තරුණ කවි පරපුරේ නායක්යෝ වූහ.’’ කොළඹ යුගයේ මුල් පරපුරේ කවි බහුල වශයෙන් රචනා වූයේ අධිරාජ්‍යවාදී ආක‍්‍රමණ , විනාශ වූ සංස්කෘතිය හා ජාත්‍යාලය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම ස`දහා ය. දෙවන පරපුරේ කවීන්ගේ නිර්මාණවලින් බලාපොරොත්තු වූයේ ප්‍රෙමය , දෙදරා ගිය ආර්ථික හා සමාජය තුළින් හෙම්බත් වූ ජීවිත පිළිබිඹු කිරීමයි. පියදාස සිරිසේන හා රාජකරුණා පැරණි කවි සමයෙන් මුලූමනින්ම බැහැර නොවීය. පැරුණි කවි සම්ප‍්‍රදායන් ඔස්සේ නව කවි සම්ප‍්‍රදායක් ගොඩ නැගීමට මෙවුහු උත්සාහ කළහ. කොළඹ කවීන්ගේ සමාජ වටපිටාව ඔහුන්ගේ නිර්මාණ තුළින් දැකිය හැක. ‘‘තමන් ඇසූ දුටු දේ සිත් කා වැදෙන සේ වර්ණනා කළ හැකි ශක්තියෙන් අල්විස් පෙරේරා අනෙක් තරුණ කවීන් ඉකමවන්නෙකි . නොසිදෙන දිය උල්පතක් වැනි කල්පනා ඇත්තෙකි අල්විස් පෙරේරා . කේයස් හා පේ‍්‍රමතිලක වැඩි සංයමයකින් තමන්ගේ අත්දැකීම් හා සිතුම් පද්‍යයට නගන්නට වෑයම් කරති. මොවුන් තිදෙනාට වඩා සංවරයකින් හා සංයමයකින් තම අත්දැකීම් කීමට පුරු¥ වූවෙකි , විමලරත්න කුමාරගම.’’ මෙම කවියන් කොළඹ කවීන්යැයි කීවද කොළඹ ප‍්‍රදේශයේ උපන්නේ පි.බි. අල්විස් පෙරේරා වැනි සුළු පිරිසකි. ලොකයේ නිරතුරුව පවතින වංචාව හා නොසියුම්බව දකින කවියා දුකට පත්වේ. කවියාගේ මෙම චිත්ත සන්තානයට බොහෝවිට දුප්පත්කම විසින් උරුමකර දෙන ලද වේදනාවද එක්වේ. කොළඹ කවීන් ඇතැම් අයෙක් උක්ත අර්බුදයේ කොටසු කරුවෝ වූහ.‘‘මීමන ප්‍රෙමතිලකගේ ජීවිතය හො`දින් දන්නා කෙනෙකුට ඔහුගේ දර්ශනය වටහා ගැනුම එතරම් අපහසු නොවේ. ... ඔහු ධනවත් නෑදැයන් ඇතිව වෙසෙතුදු ඔහුගේ ජීවිතය එකරම් සුඛිත වූවක් බව කිව නොහැකිය. තමාගේ ජීවිතය ගැන කලකිරී ඔහු කී දෙය ඔහුගේ දර්ශනය වී ඇති බව පෙනේ.’’ එච් . එම්. කුඩලිගම කවියා කුඩා කළ තම දෙමාපියන් නැති වීමෙන් දැඩිව දුක් කම්කටොලූ වි`දි තැනැත්්තෙකි. මෙවුන්ගේ මෙම පරිසරය නිතැතින් ඔවුන්ගේ කාව්‍යකරණයට බලපා ඇත.විමලරත්න කුමාරගම ආදායම් පාලක නිලධාරියෙකි. කැස්බෑවේ සෝමවීර රාජ්‍ය මන්ත‍්‍රණ සභා නියොජිතයෙකි. ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමි වැනි යතිවරයන්ද විය. කොළඹ කවිය ව්‍යාප්ත වූ ආකාරය කොළඹ කවිය තරම් ජනතාව අතරට ගිය ජනතාව වැළ`දගත් වෙනත් සාහිත්‍යාංගයක් මෙරට දැකිය හැකි නොවේ යැයි උපකල්පනය කිරීම නිවරදි ය. කාලීන සමාජ අවශතාවන් මෙන්ම තේමාවන් ඔහුුන්ගේ කවියේ ප‍්‍රධාන තේමාවන් බවට පත්කළහ. ලංකාවේ විමුකති අරගලය කවියන්ට තොතැන්නක් විය.‘‘මෙරට ජාතික ප‍්‍රශ්න පිළිබ`දවත් විමුක්ති අරගලය පිළිබ`දවත් එබ`දු විවෘත සංවාදයක් හා පිළිස`දරක් කරන ලද්දේ කොළඹ යුගයේ කවීන් විසිනි. මේ කාලයේ කොළඹ යුගයේ ප‍්‍රධාන පෙළේ කවීන්ගේ සංස්කාරකත්‍වයෙන් පළ වුණු ‘දේදුන්න , වැනි කවි ස`ගරාත් කවීන්ගේ සමිති සමාගම් හා සංවිධානත් එකී කාරණයට බෙහෙවින් හේතු කාරක විය. සංවිධානාත්මක ස්වරූපයෙන් ජනතා බුද්ධිමතුන් අතරට ඒ පිළිස`දර ගෙන ගිය කවීන්ගේ සංවිධාන අතර සමස්ත ලංකා කවි සම්මේලනය ප‍්‍රධාන තැනක් ගනී.’’ කවියට ප‍්‍රසිද්ධවූ ස`ගරා අතර සුව`ද , මිවදය , දේදුන්න ,මහවැලි , කාන්තා , අමරසිංහ ,මැණික , මෝහිණි , කිවියර , ළමා විමන ,සිරිමා වැනි ස`ගරා වූවේය. කොළඹ කවිය කෙතරම් ජනප‍්‍රියවූ ද කියතොත් කවි සෑදීමට උගන්වන තැපැල් මාර්ගික පාඨමාලා ඇති විය. ‘‘ මුද්දරයක් ගැසූ ලිපි කවරයක් සම`ග විමසන්න’’ යනුවෙන් පළ වූ දැන්වීම් සුලභ විය. කවි රසිකයන් මෙන්ම කවියන්ද දහස් ගණනක් විය. මෙසේ කොළඹ කවියේ ජනප‍්‍රිය අංශය වැඩි වෙද්දි එහි ගුණාත්මක පක්‍ෂය අඩු වූ බව බොහෝ විචාරකයන්ගේ මතයයි. ‘‘නූතන සංහල කවියේ ඉතාම ජනප‍්‍රිය යුගය මෙන්ම ගුණාත්මක ව්‍යශයෙන් දුර්වලම යුගය කොළඹ කවි යුගය බව විචාරකයන්ගේ පිළිගැනීමය.’’ මෙම යුගය තුළ දේශපාලනඥයින් පාර්ලිමෙන්තුවේ කතා කළේ කව්යෙනි. ඇතැම් සාකච්ඡුා පැවැත්වූයේ කවියෙන් පමණි. කොළඹ කවිය වටා මේ තරම් විශාල රසික පිරිසක් කේන්‍ද්‍ර ගත වූයේ කවිය ඔහුනට වඩාත් සමීප වූ බැවිනි . පෙර පැවැති කවි සම්පදාය බොහෝ විට පණ්ඩිතයන්ට පමණක් සීමා වී තිබුණු අතර මෙම කවිවලින් යම් ඉසිඹුවක් ජනතාව ප‍්‍රාර්ථනා කළ බව සිතිය හැක. මෙම කාලයේදී කවිය එතරම් ජනප‍්‍රිය වීමෙදී හේමපාල මුනිදාස , ජි.පි. වික‍්‍රරමාරච්චි හා මාර්ටින් වික‍්‍රමසිජහ වැනි පුවත්පත් කතුවරුන්ද කවියට සහය දැක්වීය. සමස්ත ලංකා කවි සම්මේලනය , අගනුවර කවි සමාජය , රසික හවුල ,රයිගම් කොරළයේ සවි සමාජය වැනි නාගරික හා ප‍්‍රදේශීය කවි සම්ගම්වලින් කොළඹ කවිය ව්‍යාප්ත විය. රෝහල , දුම්රිය පොළ වැනි පහජනතාව ගැවසෙන තැන්වල කියවන කවි කොළ සුලභ දෙයක් විය. කොළඹ කවියේ සරල බස හා සුගම අර්ථය කොළඹ යුගයේ කවි ස`දහා කවියන් යොදාගෙන ඇත්තේ ව්‍යවහාර බසයි. එම නිසා එම කවි ජනප‍්‍රිය වී ඇත. මහනුවර යුගයේ තුන් සරණ , යශෝදරාවත වැනි ග‍්‍රන්‍ථ ජනප‍්‍රිය වූයේ එම ලක්‍ෂණය නිසා ය. කොළඹ කවි යුගයේ කවිවල භාෂාව පිළිබ`ද සිරි ගුණසිංහ වැනි විචාරකයන් කොළඹ යුගයේ දුර්වල කාව්‍ය කිහිපයක් නිදර්ශනකර ගනිමින් සමස්ත කොළඹ කවියම නිෂේධනය කිරීමට උත්සාහ දරා ඇත. නමුත් එය සාධාරණ නොවේ. පළමුවැන්න නම් අදාළ සාහිත්‍ය නිර්මාණ මනා ලෙස අධ්‍යනය කර නොමැති වීමයි. දෙවැන්න නම් මතවාද කාලයෙන් කාලයට වෙනස් වීමයි. ‘‘කොළඹ කවියට සාධාරණත්‍වයක් ලබා දීමට කරුණු දෙකක් මුල් කර ගත යුතුය. 1. ඒ ඒ රචකයාගේ කාව්‍ය රචනා ඉතා පරිස්සමින් හා අවධානයකින් පරිශීලනය කොට ඒවායේ සාධනීය ලක්‍ෂණ හා නිෂේධනීය ලක්‍ෂණ පසක් කර ගැනීම. 2. ඒ ඒ රචකයන්ගේ කාව්‍ය රචනා හුදකලාව ගෙන නොවිමසා : ඔවුන් ජීවත් වූ යුගය , ඒ යුගයේ සමාජ ආර්ථික හා දේශපාලන බලවේග මෙන්ම , ඔවුන් අනුදත් කවි සමයද සැලකිල්ලට භාජනය කිරීම. ’’ කවියන්ට තමන් ජීවත්වන සමාජයෙන් වියුක්තව ජීවත් විය නොහැක. ඔහු සමාජයේම ජීවත් වෙමින් එහි අක්දැකීම් තුළින් කාව්‍යකරණයේ යෙදෙන්නකි. ‘‘සාහිත්‍ය සමාජය පිළිබිඹු කරන අර්ථවත් දර්පණ තලයක් සේ’’ වන බැවින් කොළඔ කවි තුළින් සමකාලීන ජිවීතය පිළිබිඹු වේ. ඇතැම් විවෙචකයන් කොළඹ යුගයේ පළමු යුගයේ කවි නොවිමසා දෙවැනි යුගයේ ඇතැම් කවියන්ගේ කවි කිහිපයක් පමණක් නිර්දය ලෙස විවේචනය කර කොළඹ කවි නිෂේධනය කිරීමට උක්සාහ දරන්නේ කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කවීන්ගේ බස සරලවීමත් ,විවිධ වීමත් , භාව ගෝචර ලක්‍ෂණවලින් හා ඔහුන් තහවුරු වීමත් හා තවත් කරුණු ගණනාවකින් යුතු වූ බැවිනි. කොළඹ කවියන් තම භාෂාව සකස් කර ගැනීමෙහිලා චිරන්තන කවි සමය අනුදත් කාව්‍යාලංකාර අර්ථාලංකාර යම් යම් ප‍්‍රමාණයකට අනුගමනය කර ඇත. අපේ පැරුණි කවීන් විසින් කවි සමයට අනුගත කොට ගත් ප‍්‍රයෝග වශයෙන් ‘පාපය , මලිනය , යසස කීර්තිය සිනාව සුදුය’ ආදිය පෙර කරුණට උදාහරණ වශයෙන් දැක්විය හැක. මෙය බොහෝවිට පළමු පරපුරේ කවීන්ගෙන් බහුල වශයෙන් සිදුවී ඇත. ‘‘ ඉව කළ මල් යහන් කෙළි සුර’ඹුවනග ති සුව සැළලිහිණි සුලකළ මුයුරු තෙපළැ ති ගැව සී පිය`ගනන් සමග ව රසය තු ති කව නෙවි උයන් සිරියට දනු න`ගා ල ති’’ දෙවැනි පරපුරේ කවියන් ශීඝ‍්‍රයෙන් නැඹුරු වන්නේ දෛනික ව්‍යවහාර භාෂා රටාව වෙතය. ඔහුනට වස්තු විෂය සැපයූවේ බොහෝවිට පරිසරයේ හාත්පස අපරිමිත චමත්කාරයයි. ඔහුනට රොමැන්ටික්වාදයේ අභාසයක් ලබා ඇත. සෞන්දර්ය පිළිබ`දව රචනා කළ කවිවල විශේෂත්‍වයක් වන්නේ ස්වභාව සෞන්දර්යට සචෙතනිකත්වයක් ආරෝපණය කිරීම ය. කවියා ජගත් සෞන්දර්ය කාන්තාවක සේ දකියි. ඇය ආමන්ත‍්‍රණය කරන බස සරලය. මනහරය. පෙර පැවැති කවියේ අර්ථයද සැහැල්ලූ කළේය. ‘‘ සැන්දෑ වලාවක සිට තොල් පෙති මතුල සොබා දහම ! ඔබ රෝහිණි මා අතුල ආදර මැණික් වැලි පෙන්වා සෙනෙහෙ ගෙ`ග් ඔබ හිතවතිය වූයෙහි නිරතුරු ව මගේ’’ විමලරත්න කුමාරගම දෙවැනි පරපුගේ ජනප‍්‍රිය කවියෙකි. මොහුගේ කවිවලින් පාඨකයාගේ කල්පනාව පුබුදයි. තම අදහස් හා සංවේගය ආත්ම සංයමයකින් මැඩ ගනියි. ද්වේශයෙන් තොර උපහාසය , උචිතානුචිත විවේක බුද්ධිය , දයානුකම්පාව , මුහුකුරා ගිය ශක්තිය - දෘෂ්ටිය , නුවණ හා මානව භක්තිය , පොතින්පතින් ලත් අත්දැකීම් නොව තමාම පසක් කරගනීම (නිර්ව්‍යාජ අත්දැකීම් විෂය කර ගැනීම*. මනුෂ්‍ය චරිතය ගතානුගතිකත්වයෙන් තොරව තැන්පත් නුවණින් විභාග කරයි. මනුෂ්‍ය ජීවිතය හා පරිසරයෙහි ආධ්‍යාත්මික නෑ සබ`දකම් ප‍්‍රතිභානයෙන් දකියි. සිත කලකිරවන කරුණ රසයක් හා ජීවිතයෙන් වෙන් නොකළ හැකි දුක පිළිබ`ද හැ`ගීමක් ඇත. ඔහුගේ උචිතානුචිත විවෙක බුද්ධිය කොළඹ කවිය ජනතාවට සමීප කිරීමට ප‍්‍රබල හේතුවක් විය. ‘‘වන පෙත දැවෙන වි වැද මළ හිරුගේ රත ගණදුර වසන විට ආලොකයෙහි නෙත ස`ද රුස් ගලන විට තෙරෙපි සෙවණ මත එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත සාගත වසංගත හා එන නිය`ග වලින් සහනය පතා වන දෙවියන් ළ`ගට කෙලින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළෙඹන අයට අනුකම්පා කරමි මුලින්’’ වන්නියේ ජන ජීවිතත් සම`ග සිටි කුමාරගම තම කවියෙන් ඔවුන්ගේ ජිවිතයන්වල ගැඹුරු අර්ථයක්ද එයින් ඉස්මතු කළේය. මෙවැනි පද්‍ය තුළින් පුද්ගල ජීවිතය මෙන්ම ඒවා කෙරෙහි පරිසරය පවත්වන ආධිපත්‍යයද සිහි කරවයි. මෙම පද්‍ය ස`දහා යොදා ගෙන ඇති බස්වහර සරලය. සංවාද බස උපයෝගී කරගෙන කාව්‍ය රචනයේ යෙදීම කොළඹ කවියේ කැපි පෙනෙන ලක්‍ෂණයක් විය. මෙම සංවාද බස කටවහරට බොහො සේයින්ම සමීපය. දෙවැනි යුද්ධ කාලයේ මෙම කවි උපත සැපයූවේ එච් . ඇම් කුඩලිගම සහ පි.බි.අල්විස් පෙරේරා කළ ‘නලිනි - පබලූ’ සංවාදයෙනි. එහි භාෂාව ලිහිල් ය . සරල ය. ‘‘ හත් වැන පොත මල්ලි තවමත් කියවනව ද කැත්තේ උදැල්ලේ වැඩ හෙම කරනව ද රත්ති දැනුත් පැටියට කිරි පොවනව ද වත්තේ ජම්බු ගස්වල ගෙඩි තියෙනව ද (පබලූ 49* හත්වැනි පොත මල්ලී තවමත් කියවන වා කැත්තේ උදැල්ලේ වැඩ ගැන පැකිලෙනව වා රත්තී නම් දැනුත් පැටියට කිරි දෙනව වා වත්තේ ජම්බු ගස් වියලීගෙන යන වා’’ (නලිනි 50* කොළඹ කවියන් බහුල වශයෙන් යොදාගත්තේ සිව් පද ආකෘතියයි. සමුද්‍රඝෝෂ විරිත බොහෝවිට යොදාගනු ලැබ ඇත. කොළඹ කවියන් යොදාගත් එළිසම සිව්පද ආකෘතිය නිසා කොළඹ කවියන් වෙත ජි.බි. සේනානායක වැනි විචාරකයන් නිර්දය ලෙස විවේචනය කළේය. සක්ක පද යොදා කළ කවි යැයි විවේචනය කළේය. මොවුන් මෙසේ විචාරය කර ඇත්තේ මෙම පද වෙන වෙනම ගෙන විචාරය කිරීමෙනි. සමස්ථය ගත් කල්හි එබ`දු ගැටලූවක් නැත.‘‘එළිසම කවිය සිංහල කවීන්ගේ ආරම්භක යුගයේ සිට පැවතෙන්නක් බව අප විසින් අවබොධ කර ගත යුතු ය.ජන ජීවිතය හා බැදුණු කවියෙහි විශේෂයෙන් එළිසම ලක්‍ෂණ දැකිය හැක. ගීතවත් බව හා ශබ්ද ධ්වනි වෙතින් අර්ථය පෝෂණය කිරීමේ අපේක්‍ෂාව එහි විය. වියත් කවියෙහි ද එම ලක්‍ෂණ මතු කළ යුතු තන්හි දි එළිසමය අගේ කොට සැලකිණ.’’ කොළඹ කවියෙහි එන විසිතුරු හා සරල උපමා රූපක ම`ගින් එහි බස්වහර තවත් සරල විය. ‘‘මුලදි කැලේ හැටි බැලූවම කුමක් වැනී පිහිය නුදුටු අපේ මාමගේ රුවුළ වැනී හේන කොටා ගිනි තිබ්බම කුමක් වැනී ම`ගුල දවසෙ එළි කළ මගේ මූණ වැනි’’ කවියෙකුගේ භාෂාව සමස්ත නිර්මාණයේම තත්ත්වය තීරණය කරන්නක් වේ. කව්යෙකු ප‍්‍රබල බසකට හිමිකම් කීමෙන් එක් අතකින් ඔහු ප‍්‍රබ කවියෙකු වේ. කවියා සිය හැගීම් සිතුවිලි ආදිය කාව්‍යයට නැගීමේ කටයුත්තේහි ඔහු කෙතෙක් දුරට සාර්ථක වී තිබේද යන්න නිර්මාණයෙහි අගය මැනීමෙහි සලකා බැලෙන ප‍්‍රමුඛ කරුණකි. වියරණ නොසිදි චිත්ත රූප ඇති කරවන සරළ බස්වහරක් කොළඹ යුගයේ දැකිය හැක. එළිසමයෙන් තොර වූ කවිද මීමන ප්‍රෙමතිලක හා චන්ද්‍රරත්න මාවනසිංහ වැනී කොළඹ කවීන් විසින් රචනා කර ඇත. ළමා පද්‍ය නිර්මාණය කිරීමෙදි බස සරල වීම නියතයෙන්ම සිදුවන්නකි. නමුත් කොළඹ යුගයේ එස්. මහින්ද හිමි හා රාජකරුණා රචනා කළ ‘ළමා කවි’ ළමා හා වැඩිහිටි හ`දවත් කුල්මත් කරයි. එස්. මහින්ද හිමියන් ජාත්‍යානුරාගය ඇතිවන අයුරින් කාව්‍යකරණයේ යෙදීමට සමතෙකි. එම නිසාම සමකාලීනව උන්වහන්සේගේ නිර්මාණ ජනප‍්‍රිය විය. කාව්‍යරසාස්වාදනය ස`දහාම නොව උන්වහන්සේ කවි ලියුවේ. විදේශ ආධිපත්‍යයට එරෙහිව ජනතාව නැගීසිටුවීමට කවිය අවියක් කර ගත්තේ ය. සමකාලීනව පැවැති සමාජ පසුබිම නිසා එතුමාගේ කවි විවේචනය කිරීම එම කවියට කරන අසාධාරණයකි. කොළඹ යුගයේ සරල බසින් රචිත හාස්‍යෝත්පාදක කාව්‍ය ජනතාව අතර බෙහෙවින් ජනප‍්‍රිය විය. සමාජයේ දුබල තැන්වලට පහරදෙමින් එම කාව්‍ය ජී. එච් . පෙරේරා රචනා කර ඇත.කේෂ කලාපය නැති කාන්තාවන් එය තමන් සතු බව බොරුවට පෙන්වීම ස`දහා හවරි භාවිත කීරීමට පටන්ගත් අවස්ථාවේ එය උපහාසයට ලක් කෙරිණි. ඇතැම් සිදුවීම් පිළිබ`දව කවියා සරලව ඉදිරියත් කරයි. එය වාර්තා කථනයකට සමීප වන ස්වභාවයක් තිබූ නමුත් එය සවනීය මනහර පද්‍යයන් වේ. කොළඹ කවි සම්ප‍්‍රදායක් නිර්මාණය කරගැනීමෙදි ඇතැම් අවස්ථාවලදී කවියා ජන කවියේ ආභාසය ලබා ඇත. රාජකරුණාගේ ‘ධීවර ගීතය ’නම් පද්‍ය පෙළ කරුණ රසය දනවන පරිදි රචනා කර ඇත. යශෝදරාවත ගුරුකොට ගෙන ඇති බව එහි කවි විමසීමෙදි පැහැදිලි වේ. සරල-සුන්දර රීතිය පාඨකයාගේ භාවමය පක්‍ෂය පුබුදු කිරීම ස`දහා සංයත දෘෂ්ටියකින් රචනා කර ඇත. ‘‘හිමි ඔබ සයුර මැද රුදු සටනකය රුයේ - පොල් අතු පැලේ මම තනියම වෙසෙමි බියේ ඇතිමුත් හුරු පුරුදු එඩිතර ගතිය ළයේ - තරමක සැකයකිනි ඔබ අද සවස ගියේ අහසේ අ`දුරු පැහැ වැහි කළු නගින කොට - සුළගේ වෙනස මෙහි ගහ කොළ කියන කොට ගෙරවිලි සහිත විදුලිය හඩ ඇසෙන කොට - හිමියනි මගේ හිත වාවනු බැරිය මට’’ සිංහල කාව්‍ය සාහිත්‍යට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය මහින්දාගමනයට පසු කාලීනව වර්ධනය වූවකි. විවිධ යුගයන්හිදී විවිධ අයුරින් එහි වර්ධනය විය. අනුරාධපුර , පොළොන්නරු වැනි යුගයන්වලදී එය දේශීය ලක්‍ෂණ සහිතව සංවර්ධනය වි ඇත. අනුරාධපුර යුගයේ සිට මෙරට පද්‍ය යම්කිසි ආකෘතියකට අනුව ග‍්‍රන්‍ථ රචනා වූ බව සියබස්ලකර වැනි අලංකාර ග‍්‍රන්‍ථවලින් පැහැදිලි වේ. ප‍්‍රධාන වශයෙන් භික්‍ෂූන් වහන්සෙලා කාව්‍ය කරණයේ යෙදුණු බැවින් පාලි හා සංස්කෘත සාහිත්‍ය තුළින් නොම`ද අභාසයක් ලබා ඇත. වියතුන් ම`ද නොවූවෙන් සම්භාව්‍ය සාහිත්‍යක් ඇති විය. මහනුවර යුගයේදී නොකඩවා පැවතී ආ ප‍්‍රාචීන ශාස්ත‍්‍රී ශාස්ත‍්‍රීය අධ්‍යාපනය බි`ද වැටීමත් සම`ග කාව්‍යකරණයේ භික්‍ෂූන් සතුව තිබු අධිකාරිය නැතිවූ අතර කවියද සාමාන්‍ය ජනයා අතට පත් විය. ඉන් පසුව සාහිත්‍ය ජන සාහිත්‍යයක් විය. උඩරට ක‍්‍රී.ව 1815 දී ඉංග‍්‍රීසීන්ට නතු වීමත් සම`ග මුලූ රටේම පරිපාලනය කොළඹ කේන්ද්‍ර කරගැනීමත් සම`ග කොළඹ යුගය ආරම්භ විය. මෙම කාලයේ ප‍්‍රාචීන අධ්‍යාපනය වැටී තිබුණි. කොළඹ යුගයේ මුල් කාලයේ කැරලි ගණනාවක් ඇතිවූ අතර එයින් හෙම්බත් වූ සිංහල ජනයා මනාව සංවිධානය වෙමින් සම`ගියෙන් එකතු වී ඔහුන්ගෙන් නිදහස ලබා ගැනීමට උත්සාහ කර ඇත. කොළඹ යුගය පිළිබ`ද සාහිත්‍යධරයන් අතර එක`ගතාවක් නැත. ආරම්භය ක‍්‍රි.ව. 1815 බවට තර්තයක් නැත. ගැටළුව පවතින්නේ මෙය අවසන් වන්නේ කවර කාල සීමාවකදීද යන්නයි. ක‍්‍රි . ව. 1946 ජී . බි. සේනානායක මහතාගේ පළිගැනීම නම් කෘතියේ ආරම්භයත් සම`ග මෙම කොළඹ යුගය අවසන් වූ බව බෙහෝ දෙනා ප‍්‍රකාශ කරතත් 1960 හා 1970 වැනි කාලවලද කොළඹ කවීන්ගේ කෘති හමුවීමෙන් පූර්වෝක්ත කාල සීමාව ගැටළුක් බවට බත් වේ. එම නිසා නිශ්චිත කාලසීමාවක් නොමැත. කොළඹ යුගය කොළඹ කවියෙහි ප‍්‍රථම වැඩිහිටි පරපුර , කොළඹ යුගයෙහි තරුණ කවි පරපුර හා දෙවැනි කවි පරපුරට සමගාඹව ඇතිවු හෙළ හවුල වෙනම සමාගමක් , ගුරු කුලයක් හැටියට හැදින් විය හැක. කොළඹ කවියෙහි ප‍්‍රථම යුගය නියොජනය කරන කවීන් අතර පිදාස සිරිසෙන , ආනන්ද රාජකරුණා , ඇස් මහින්ද හිමි ,ජී.එච්. පෙරේරා යන කවීහු ප‍්‍රමුඛයෝ වෙති. පී.බි. අල්විස් පෙරේරා ,සාගර පලන්සූරිය , මීමන ප්‍රෙමතිලක ,විමලරත්න කුමාරගම ,එච්.එම්.කුඩලිගම යන කවීහු කොළඹ යුගයේ දෙවන යුගයේ ඉදිරියෙන් සිටිති.මුල් යුගයේ කවියන් යම් තරමක් දුරට සාම්ප‍්‍රදායිකත්‍වයේ සිටිමින් අලූත් කාව්‍ය සම්ප‍්‍රදායක් නිර්මාණය කිරීමට සමත් වූවෝය. කොළඹ යුගයේ පළමු පරයුරේ සහය ඇතිව දෙවැනි කවි පරපුර භාෂාව , ආකෘතිය සන්දර්භය , වස්තු විෂය වැනි කරුණුවලින් නව මුහුණුවරක් ගත්තේය. කොළඹ කවීන්ගේ නිර්මාණ අතරින් දෙවන පරපුරේ කවියන්ගේ නිර්මාණ බහුල වශයෙන් ඇතැම් විවේචකයන් නිර්දය ලෙස විවේචනය කරමින් එම කවි සක්ක කවි යැයි පවසා ඇත. මොවුන් මෙසේ ප‍්‍රකාශකරන්නේ ඔහුන්ගේ අතළොස්සක් නිර්මාණ විවේචනය කරමිනි. ආර්ථික වටපිටාව අමතක කරමිනි. මෙම පද (සක්ක පද* වෙන් වෙන්ව නොගෙන සමස්තාර්ථය විමසන කල්හි ඒවායේ විචිත‍්‍රබව මැනවින් පෙනේ. කොළඹ කවියන් විවිධ තරාතිරම්වල වූවන්ගෙන් යුතු විය. දෙවැනි පරපුර බෙහෝකොට රොමැන්ටික් වාදයෙන් අභාසය ලබා ඇත. සමුද්‍රඝෝෂ විරිත හා එළිසමය යොදා කවි නිර්මාණය කර ඇත. ජාත්‍යානූරාගය , ආගමාලය හා ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීම ,සමකාලීන සමාජ ආර්ථික පරිසරයෙන් පීඩාවට පත් සමාජය වැනි වස්තු විෂයන් සමකාලීනව පැවැති භාෂාව උපයෝගී කරගෙන රචනා වූ බැවින් කොළඹ කවිය වෙනත් කිසිදු කාලයක නොවූ ලෙසට ජනප‍්‍රිය විය. රෝහලේ , දුම්රිය ස්ථානයේ හා වෙනත් පොදු ස්ථානවල කවි කොළ නිතර දැකිය හැකි දර්ශනයක් විය.කවි ස`ගරා පුවත්පත්වල කවි අතිරේක ජනප‍්‍රිය විය. පෙර නොවූ විරූ ලෙස කවිය ජනතාවට සමීප වූයේ පණ්ඩිතමානි කවියෙන් ලාංකික ජනයා යම් ඉසිඹුවක් ප‍්‍රාර්ථනා කලාක් මෙනි. න්ර්භය කවීහු කැලය බි`ද නව මං පාදාගෙන ගමන් ගන්නාක් මෙන් කොළඹ කව්හු නව ම`ගක් සොයා ගමන් කළහ. ඇසුරු ගත් නම් වැල අබේසිරිවර්ධන ආනන්ද , රසාස්වාදය හා චමත්කාරය . මහරගම: සමන් මුද්‍රණාලය , 1962. අබේසිංහ ඒ. ඩබ් , කවිය ගීතය හා සමාජය . කුලියාපිටිය : සාරද ප‍්‍රකාශන , 1991. අමරසේකර ගුණදාස , සිංහල කාව්‍ය සම්ප‍්‍රදාය . බොරලැස්ගමුව : සී/ස (පෞද්* විසිනුදු ප‍්‍රකාකයෝ , 1996. අමරසේකර ගුණදාස , භාව ගීත . කොට්ටාව : සාර ප‍්‍රකාශන , 1992(තෙවන මුද්‍රණය* . කරුණාරත්න ගාවින් ,සිංහල කවියේ නව යුගය . මහරගම : සිමාසහිත සමන් ප‍්‍රකාශකයෝ , 1963 කුඩලිගම එච් . එම් , කුණාටුව . ඊ . එම් . දයානන්ද (ප‍්‍රකාශක* , 1954 . පිටුව 01 කුසුමා කරුණාරත්න ,(සංස්* සරත් විජේසූරිය , නව කවි සංග‍්‍රහය . කොළඹ 12: ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ , 1992 . ගුණවර්ධන වී. ඞී. එස් (සංස්* , සියබස්ලකර දීපනී . කොළඹ 10 : සමයවර්ධන සමාගම , 2003. ගුණසේකර බන්දුසේන ,‘‘ සම්ප‍්‍රදායෙන් බැදුණු හා නොබැ`දුණු සිංහල කවිය ’’. සාහිත්‍ය . (සංස්* එස්. ජි . පුංචිහේවා , සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව , 1996 . දිසානායක විමල් (සම්පාදක*, නව කවි සරණිය . කොළඹ - 12 : ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ. පීරිස් රූබන් පී (සංස්*, ජ්‍යෙෂ්ඨ පද්‍ය මාලා, දෙහිවල: කොසල මුද්‍රණාලය , 1964. පිටුව 48 පේරෙරා අල්විස් , සොබාදහම . ප’ කේ . ඩබ් . සිරිවර්ධන (ප‍්‍රකාශක* ,1935 . පිටුව 1 මහින්ද හිමි ඇස් , ‘‘ලංකාමාතා’’ සංකෘහිත සිංහල පද්‍ය . (සම්පාදක* සෝමරත්න බාලසූරිය , ගාමිණි දෑල බණ්ඩාර , කොළඹ : එස්් ගොඩගේ සහ සහෝදරයෝ , 1996 . රාජකරුණා ආනන්ද , ‘‘ධීවර ගීතය’’. සරත් විජේසූරිය , නව කවි අධ්‍යනය . පුංචි බොරුල්ල: විජේසූරිය ග‍්‍රන්‍ථ කෙන්ද්‍රය , 2007 . රාජකරුණා ආරිය , නූතන සිංහල කාව්‍යය -1 . කොළඹ 10 : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 1962. ආරිය රාජකරුණා , නූතන සිංහල කාව්‍ය -2 . මහරගම : සමන් ප‍්‍රකාශකයෝ , 1962 . රාජකරුණා ආරිය , සිංහල කාව්‍ය සංග‍්‍රහය . කොළඹ 11 : සීමාසහිත ඇම්. ඩි . ගුණසේන සහ සමාගම ,1961. රුවන් පතිරණ මොනිකා , සම්භාව්‍ය විචාර ලිපි සරණය .(සංස්* පී . ඇම් . සේනාරත්න ,කොළඹ 10 : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 1998. රිටිගහපොළ හංසමාලා , ’’අප‍්‍රකට කොළඹ කවියෝ’’ , (සංස්* කුසුමාඤ්ජලී අතිපූජ්‍ය වැවතැන්නේ පියතිස්ස නිහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය . ඔකකම්පිටියේ පඤ්ඤාසාර හිමි , කොටගම වාචිස්සර හිමි , නුගේගොඩ : කොලිටි ප‍්‍රීන්ටර්ස් , 2010 . වර්තමාන සිංහල සාහිත්‍යය පිළිබ`ද ප‍්‍රශ්න කිහිපයක් . (සංස්* විමල් දිසානායක , සෝමරත්න බාලසූරිය , කොළඹ 10 : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 2000 . වික‍්‍රමසිංහ මාර්ටින් , නව පද්‍ය සිංහලය . මහරගම : සමන් මුද්‍රණාලය , 1957 . විජේසූරිය සරත් , නව කවි අධ්‍යනය . පුංචි බොරුල්ල: විජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය , 2007 . විජේසූරිය සරත් , ‘‘ අද්‍යතන සිංහල කවියේ පසුබිම ‘‘, සම්භාෂා . (සංස්* විජිත වෙලගෙදර , පිරිවෙන් හා ආගමික කටයුතු අමාත්‍යංශය , 1993. 5 කලාපය සරච්චන්ද්‍ර එදිරිවීර , සාහිත්‍ය විද්‍යාව. ඇස් .කොළඹ -10 : ගොඩගේ සහ සහෝදරයෝ , 1965. සිරිවර්ධන රංජිත් , සිංහල කාව්‍ය විමර්ශනය . කොළඹ : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 1990. සේකර මහගම , ‘‘නූතන පද්‍ය භාෂාව පිළිබ`ද විමසීමක් ’’, වීමංසා . (සංස‘* දාගොන්නේ උයදධම්ම හිමි , කැලණිය : විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය , 1967 . හිනිදුම සුනිල් සෙනෙවි , කොළඹ කවිය සහ කුඩලිගම . කොළඹ 10 : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 2000. විශ්ව කෝෂ සිංහල විශ්වකෝෂය - 8 වැනි කාණ්ඩය , ප‍්‍රධාන කත_ෘ , ධර්මදාස කේ. එන් . ඕ , සංස්කෘතික දෙපාර්තමෙන්තුව,1994 . හැදින්වීම සිංහල පද්‍ය සාහිත්‍යය මහින්දාගමනයෙන් පසුව වර්ධනය වු සාහිත්‍යාංගයකි. ක‍්‍රි.පු. දෙවන තුන්වන කාලයේ සියවස්වල ලියැවී ඇති සමහර ශිලාලේඛණයන් ලියා ඇත්තේ පද්‍යයෙනි. අනුරාධපුර පොළොන්නරු යුගයන්වලදී පද්‍යන්හි සංවර්ධනය මෙන්ම ජනප‍්‍රියබව සීගිරි ගී තුළින්ද පැහැදිලි වේ. එසේම සම්භාව්‍ය කාව්‍ය නිර්මාණ යම් කිසි රාමුවකට කොටු වී තිබු බව සියබස්ලකර වැනි ග‍්‍රන්‍ථ තුළින් පැහැදිලි වේ. කාව්‍යකරණය බුදු දහම බද්ධ වූවක් විය. එසේම කාව්‍යකරණයේ බොහෝ කොට යෙදුණේ භික්‍ෂූන් වහන්සේ වූහ. මෙම හේතූන් නිසා කාව්‍යකරණය තුළින් පැහැදිලිවම ලෞකිකත්‍වයක් ප‍්‍රදර්ශනය නොවුණි. මෙම අරමුණින් මිදීමට කවිසිළුමිණ කවියා තැත් කළ ආකාරය තුළින් පැහැදිලි වන්නේ මෙම සම්ප‍්‍රදායෙන් ඈත් වීමට කවියන්ට ඉතා දුෂ්තර කටයුත්තක් වූ බවයි. ප‍්‍රාචීන අධ්‍යාපනය බි`ද වැටීමත් බුදු දහමට රාජ්‍ය බලය නොලැබීමත් විදේශ ආක‍්‍රමණ පැවැති සීතාවක මහන්වර වැනි යුගයන්හිදී කාව්‍යකරණය ජනතාව අතට පත් වීමත් සම`ග කාව්‍යකරණය ජන කාව්‍යයක් බවට පත් විය. කොළඹ යුගය කි. ව. 1815 සිට ආරම්භ වන අතර එකල පැවැති ජාතික , සමාජික හා ආර්ථික පරිසරය කොළඹ කවීන්ට නව මාවතක් සොයා යාමට හේතු වී ඇත. කොළඹ යුගයේ කවි පරපුරවල් දෙක අතරින් දෙවැනි කවි පරපුරේ කවිහු වඩාත් සරල බසකින් ජනතාව අතරට ගියහ. වෙන කිසිම යුගයක කවිය නොලබූ ජනප‍්‍රියතාවයක් ලැබීමට හේතුවූ කොළඹ කවීන්ගේ බස මුල්කර ගත් ආකෘතිය හා වස්තු විෂය වැනි කරුණු රාශියක් බලයා ඇත. එම කරුණු මෙහිදි විධිමත්ව සාකච්ඡුා කෙරේ. kawshalya sanadaruwan dissanayake at 11:19:00 PM Share   ‹ › Home View web version About Me  kawshalya sanadaruwan dissanayake  View my complete profile Powered by Blogger. 

Comments

Popular posts from this blog

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

සාහිත්‍ය යුග-

දඹදෙණි සාහිත්‍ය යුගය