Posts

Showing posts from 2020

බබුන් අප්පු බැද්දේගම

බබුන් අප්පු  බැද්දේගම නවකතාවේ බබුන් අප්පු බබේ හාම් ආරච්චිලගේ මස්සිනාය. ඔහු පුංචි මැණිකාගෙ සැමියා වේ. සිලිඳුගේ බෑණා වේ. නැන්චොහාමිගේ මල්ලීය. අවුරුදු විසි එකක තරුණයෙකු වූ ඔහු සාමාන්‍ය සිංහලයෙකුට වඩා වැඩුණු කාය ශක්තියකින්, ධෛර්යය වන්ත, අවංක කමින් යුත්, කුඩා දරුවෙකුට වුවත් රැවටිය හැකි අයකු ලෙස කතු වරයා බබුන් හඳුන්වා දේ. කඩවසම් තාරුණ්‍ය  නියෝජනය කළ බබුන් අප්පු පුංචි මැණිකා දැකීම ප්‍රිය දසුනක් විය . පුංචි මැණිකා  ඩැහැ ගැනීමට මාන බලමින් සිටි ඔහුට හේනට ගොස් එන අතුරතුර ඇය හමු වේ.   "උඹ හොයාගෙනයි මං මේ ආවේ. වරෙන් මාත් එක්ක මේ පාරෙන් එහාට. ඊයෙ මුළු රෑම මට නිදාගන්න බැරි වුණා. උඹ  ගැන හිත හිතාම උන්නා මිස. උදේ පාන්දරම හේනේ ඉදලා එනකොට උඹ  හම්බවෙන්න මං ආවේ ඒකයි."  බබුන් අප්පු ගේ සිත තුළ රාගික චේතනාවක් මතු වී ඇත. ඒ අදහස  ඉහත පාඨයෙන් පැහැදිලි වේ. එසේ ම ප්‍රබලයා විසින් දුබලයා ග්‍රහණයට ගැනීමේ ආරච්චිලගේ ක්‍රියා කලාපය ඉදිරියට ගෙන යන්නකු ලෙස ක්‍රියා කරයි.  තමා අදහස් සෘජුව ප්‍රකාශ කරන්නෙකු ලෙස බබුන්  බැද්දේගම නවකතාව තුළ හඳුනා ගත හැකිය. එහි පළමු සිදු වීම වන්නේ තමාගේ විවාහය පිළිබඳ ව ආරච්චිලට හා නැනැන්

පුංචි මැණිකාගේ චරිතය

පුංචි මැණිකාගේ චරිතය  බැද්දේගම නව කතාවේ සිළිඳුගේ චරිතයෙන් පසු හමුවන ප්‍රධාන චරිතය යි. කතා ආරම්භයේ සිට අවසානය දක්වා දිවෙන මෙම චරිතයෙන් දහසකුත් කම් කටොලු මැද දිවි ගෙවන  තැනැත්තියකි.  • ඇගේ පියා සිලිඳුයි  • මව වූයේ ඩිංගි හාමියි • ඇගේ ඒ නිවුන් සොහොයුරිය හින්නිහාමියි • ඇය හදා වඩා ගත්තේ කර්ලිනාහාමි නැන්දණියයි • බබුන්ගේ බිරිඳයි • බැද්දේගම ගම්මානයෙ අවසාන මනුෂ්‍ය ප්‍රාණියා ය  • විවිධ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ආත්ම ආත්ම ශක්තියක් ඇයට ඇත  • උපායශීලී ධෛර්යය සම්පන්නව  තම අයිතීන් උදෙසා හුදකලාව සටන් වදින තැනැත්තියකි. බැද්දේගම නවකතාවේ පුංචි මැණිකාගේ චරිතය හමුවන්නේ සිලිඳු  හට දාව ඩිංගි හාමිට නිවුන් දැරියන් පිළිබඳ හෙළිදරව්වෙනි. "කල් යාමෙන් ඩිංගි හාමි සිළිඳු නිසා නිවුන් දරු දෙදෙනකු ලැබුවාය. දරු දෙදෙන ම ගැහැනුය. ඉන් එකියගේ නම පුංචි මැණිකාය. අනෙකියගේ නම හින්නිහාමිය. "  ඉපදී දෙදනකින් ඩිංගිහාමිගේ මවු සෙනෙහස අහිමි වන්නේ  තම පියාගේ පහරකෑමකිනි. එදින සිට කර්ලිනාහාමි   නම් නැන්දණිය යටතේ ඇති දැඩි වන තැනැත්තියකි. මවු සෙනෙහස අහිමි වූ ඇය සිළිඳුගේ ආදරය රැකවරණය අවුරුදු ගණනාවක් යන තෙක් නොලැබූ චරිතයකි.  තම දැරි

සිලිඳුගේ චරිතය

සිලිඳු  බැද්දේගම නවකතාවේ නවකතාවේ ප්‍රධාන චරිතය  වූයේ සිලිඳුය. ගම්මුලාදෑනියා වූ ඔබේ හාමි ආරච්චිලගේ සහෝදරිය  වන ඩිංගිහාමි  හිරගත් මස්සිනාය. ඔහුට නිවුන් දරුවන් (පුංචි මැණිකා, හින්නිහාමි) දෙදෙනෙක් විය. කර්ලිනා හාමිගේ අයියාය . සිලිඳු ගොවියෙක්, දඩයම්කරුවෙක් , පියෙක් , දාමරිකයෙක්, නිහඬතාවයෙන් ජීවත් වන පිය කළ අයෙක් ලෙස බැද්දේගම නවකතාවේ හඳුනාගත හැකිය . ඔහු  දියණියන්ට මෙන්ම වනයට ආදරය කළ පුද්ගලයෙකි . වරෙක ඔහු සත්‍යවාදී මිනිසෙකි. මිත්‍යා විශ්වාස එල්බ ගත්  මෝඩ චරිතයක් ලෙස හඳුන්වා දිය හැකිය . සිලිඳු පිළිබඳ විස්තර කරන කතුවරයා  'අන් හැම ගැමියකු මෙන්ම, සිලිඳු ගොවියෙකි. ඔහුට   ටිකක් පිස්සු ගම්මු කීවෝය.   හේන් ගොවිතැන් කිරීමේදී පවා ඔහු ගමෙන් ම අලසයා විය. මොහුගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ දඩයම ය.  එමෙන්ම කතුවරයා ඔහුගේ ගති ලක්ෂණ හා ශරීර ස්වාභාවය පිළිබඳ කදිම  විස්තරයක් ඉදිරිපත් කරයි. මුහුණේ ස්වරූපය තුළ රිළවකුගේ මෙනි. ගමන් බිමන් යාමේ දී දුරින් දුරින් අඩි තබා යන්නකු ලෙස ද, වැඩි කතාබහක් න බහක් නැතිව  වන සතුන් මෙන්  නිදා ගන්නා තැනැත්තකු ලෙස හඳුන්වයි . එසේ ම පැල්පත යට ඇන තියාගෙන හිඳ හිස් බැල්මෙන් යුතුව කාලය ගත කර

පන්සිය පනස් ජාතක කතා පොත - චුල්ලසෙට්ඨි ජාතකය හා චුල්ල හන්ස ජාතකය අනුමාන ප්‍රශ්න

පන්සිය ජාතක කතා පොත 1. පන්සිය පනස් ජාතකය රචනා වූයේ කවර යුගයක ද කුරුණෑගල යුගය  2. කවර රජ දවස ද 4 වන පරාක්‍රමබාහු රජු දවස  3. විද්වතුන්ට අනුව ජාතක කතාව කවර යුගයක ආරම්භ ව කවර යුගයක අවසාන් වීද  කුරුණෑගල යුගයේ iv පරාක්‍රමබාහු රජ දවස ආරම්භ ව ගම්පොළ යුගයේ තුන්වන වික්‍රමබාහු රජු කාලයේ දී අවසන් වූ බව. 4. මෙම ග්‍රන්ථය රචනා කිරීමට ආරාධනා කළේ කවුරුන් ද පරාක්‍රම නම් ඇමතියා  5. ඒ සඳහා අනුග්‍රහය උත්සාහය දැරුවේ කවුරුන් ද වීරසිංහ ප්‍රතිරාජ ඇමති  6. පන්සිය පනස් ජාතක කතාවේ අරමුණ කුමක් ද  බුදුන් වහන්සේගේ පූර්ව ජන්මය පිළිබඳ පුරා කතා ඉදිරිපත් කිරීම  7. පන්සිය පනස් ජාතකය රචනා කිරීමට මූලාශ්‍රය වූයේ කවර ග්‍රන්ථය ද  පාලි ජාතකට්ඨ කතාව 8. ජාතකට්ඨකථාව  ත්‍රිපිටකයේ කිනම් නිකායට අයත්ද  ඛුද්දක නිකාය 9. ජාතක කථාවන්හි පරමාදර්ශි ප්‍රධාන චරිතය කවරේද බෝසත් චරිතය 10. ජාතක පොතෙහි ඇතුළත් කතා ගණන කොපමණද  547 11. ජාතක කතා කතාවට පොදු වූ අවස්ථා තුන නම් කරන්න  වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සන්ධි ගැළපීම හෙවත් සමෝධානය  12. ජාතකට්ඨකථාව රචනා කළේ කවුරුන් විසින්ද  බුද්ධ ඝෝෂ හිමියන්  13. ජාතක කතාවේ ප්‍රයෝජන සඳහන් කරන්න  • උපදේශාත්මක

සද්ධර්මාලංකාරය ප්‍රශ්න හා පිළිතුරු

1. සද්ධර්මාලංකාර යන්න අර්ථ දක්වන්න සද් + ධර්ම + අලංකාර යහපත් ධර්මය නම් සැරසිල්ල  2. සද්ධර්මාලංකාර ලියන කවර යුගයකද ගම්පොළ යුගය  3. එහි කතුවරයා කවුරුන් ද ගඩලාදෙණි විහාරයේ විසූ  දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති සංඝරාජ හිමියන් ය . 4. ඒ හිමියන් විසින් රචිත කෘති කවරේ ද ගඩලාදෙනි  සන්නස ජින බෝධාවලිය නිකාය සංග්‍රහය  5. මෙම කෘතිය රචනා කිරීමට ප්‍රධාන මූලාශ්‍ර වූයේ කවර ග්‍රන්ථයද පාලි රසවාහිනිය 6. පාලි රසවාහිනිය බණකථා කොපමණද 103යි. 7. පාලි රසවාහිනී කෘතියට පාදක වූ කෘති නම් කරන්න සහස්සවත්ථුප්පකරණය  සීහල වත්ථුප්පකරණය  8. රසවාහිනියේ විශේෂත්වය කුමක්ද දඹදිව හා ලක්දිව  කතා පුවත් පදනම් කරගෙන රචනා වීම ය. 9. පාලි රසවාහිනිය ට අමතරව සද්ධර්මාලංකාරය රචනා කිරීමට පාදක වූ වෙනත් කෘති නම් කරන්න බුද්ධ වංසට්ඨකථා, අනාගතවංශය, අවදාන කල්ප ලතා 10. සද්ධර්මාලංකාරය වැදගත් වන්නේ ඇයි ලක්දිව කතා ප්‍රවෘත්ති ඇතුළත් කළ බණ කතා සංග්‍රහයක් වීමය. 11. සද්ධර්මාලංකාරයේ අන්තර්ගත කතා කවර රජවරුන්ගේ කාල සීමාවට අයත් වේ ද දෙවන පෑතිස් හා වට්ටගාමිණි අභය රජු දක්වා කාල සීමාවට අයත් වේ. 12. එම  කතා වලින් වැඩි ප්‍රමාණයක් රචනා වූයේ කවර  රාජ සමයේ ද සද්ධා තිස්

බැද්දේ ගම නවකතාවෙන් නිරූපිත ජන සමාජය

Image
සත්මඬල  මාසික සඟරාවේ ලිපියකි. බැද්දේ ගම  නවකතාවෙන් නිරූපිත ජන සමාජය 1 පෙබරවාරි, 2019 ප්‍රබෝධ කහඳගමගේ කලාව   ‘නවකතාව’ යන සාහිත්‍යාංගය බටහිරින් අප අතට පත් වූවක් බව ප්‍රකට කරුණකි වෙයි. විශේෂයෙන් ම ප්‍රංස, ඉංග්‍රිසි, රුසියානු හා ඇමෙරිකානු සාහිත්‍යයෙහි වර්ධනය වූ මෙකී සාහිත්‍යාංගය යුරෝපාවතරණයෙන් අනතුරුව මෙරටට ළඟා වෙයි. ඉංග්‍රීසින්ට මේ රට යටත්විජිතයක් ව තිබියදී බටහිර ආභාසයෙන් මෙරට සාහිත්‍යයට නවකතාව අවතීර්ණ විය. එවන් සමයකදී හම්බන්තොට නගරයෙන් සැතපුම් පනහක් පමණ දුරින් පිහිටි එක්තරා වනගත ගමක විසූ ගැමි දනන්ගේ වගතුග අප ඉදිරියෙහි ජීවමාන කරන්නට ‘බැද්දේගම’ නවකතාවට හැකි විය. සැබවින් ම එය එතරම් ම සාර්ථක නවකතාවක් වූයේ දාස් දෙන අවුවේ, ඉරි තැළී ගිය බිමක කඨෝර ජීවන රටාවක් ගෙවූ අසරණ මිනිසුන්ගේ ජීවනය තත්ත්වාකාරයෙන් විස්තර කෙරෙන කතා ප්‍රවෘත්තියක් වූ නිසාවෙනි. සිංහල ජන ජීවිතය පසුබිම් කරගෙන ‘බැද්දේගම’ නම් නවකතාව ලියූවේ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් නමැති මෙරට ජනතාවට ඉතා සමීප වූ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියා ය. එදා හම්බන්තොට දුප්පත් ගැමියාගේ ජීවිතය විනිවිද දුටු ලේඛකයෙක් හැටියට ඔහු ඉතිහාසයට එක් වී සිටියි. ඔහු ලංකාවට පැමිණෙන්

බැද්දේ ගම ප්‍රශ්න 32

බැද්දේ ගම  1. බැද්දේගම නවකතාවේ  ප්‍රධාන චරිතය කුමක්ද සිලිඳු 2. බැද්දේ ගම  පිහිටි උළු සෙවිලි කළ එකම නිවාසය හිමිකරුවා කවුද බබේහාමි ආරච්චිල  3. බැද්දේගම නවකතාවේ  බබේහාමි ආරච්චි ලගින් පසුව ගමේ ප්‍රධානියා ලෙස සැලකුවේ කවුද වෙදරාල  4. බැද්දේගම ගම්මුන් විසින් පිස්සු වැද්දා කොටියා ලෙස හඳුන්වන ලද්දේ කවුද  සිලිඳු  5. බැද්දේගම නවකතාවේ මුල් රචකයා කවුද ලෙනාඩ් වුල්ෆ්  6. බැද්දේගම නවකතාව පරිවර්තනය කලේ කවුද ඒ පී ගුණරත්න  7. මෙම නව කතාව රචනා වී ඇත්තේ කවර කරුණක් පදනම් කරගෙන ද කැලෑබද ගමක පරිහානිය හා අවසානය  8. බබේ හාමි ආරච්චිලගේ සහෝදරිය කවුද ඩිංගිහාමි 9. සිලිඳුගේ දියණියන් දෙදෙනා කවුද පුංචි පුංචිමැණිකා හා හින්නිහාමි  10. බබුන් අප්පු කාගේ මස්සිනා ද බබේ හාමි ආරච්චිලගේ මස්සිනාය  11. සිළිදුගේ නැගණිය කවුද කර්ලිනා හාමි  12. සිළිඳු විවාපත් වූයේ කවර සමගද ඩිංගිරි හාමි  13. සිළිඳු පුංචි මැණිකා හඳුන්වන්නේ කුමන නම් වලින්ද ගෙඹි පැටික්කි කපුටු පැටික්කියේ  14. සිලිඳු වනයේ යක්කු ලෙස සැලකූවේ මොකුන්ද  කොටි  15. ගම්මුන් සිළිඳුගේ ගෙදර   හැඳින්වූයේ  කවර නමකින්ද  වැදි  ගෙදර  16. බැද්දේගම නව කතාවේ  සිලිඳු  කුමන පුද්ගලයෙක්ද නිහඩත

චිරත්තන ගද්‍ය සංග්‍රහය- සද්ධර්ම රත්නාවලිය පිරිවෙන් සිංහල

චිරත්තන ගද්‍ය සංග්‍රහය  1. චිරත්තන බණ කතා කලාවේ ආරම්භය ලෙස සැලකෙන කෘතිය කුමක්ද  අමා වතුර  2. එම කෘතිය අයත් වන යුගය සඳහන් කරන්න  පොලොන්නරුව  3. සියබස් ලකර කෘතියේ සඳහන් වන පරිදි ගද්‍ය පද්‍ය නිර්මාණයේ දී වස්තු විෂය කර ගන්නා ලෙස නිර්දේශිත කරුණු මොනවාද  පද්‍ය නිර්මාණයේදී -  බුද්ධ චරිතය ගද්‍යයෙන් නිර්මාණයේදී- බුදුරදුන්ගේ වෘත චරිත්‍රාදිය  4. පොලොන්නරු යුගයේ රචිත සිංහල බණ කතා කෘති නම් කරන්න  බුත්සරණ අමාවතුර දහම් සරණ සඟ සරණ  5. දඹදෙණි අවධියේ දී රචිත සිංහල බණ කතා කථා කෘති නම් කරන්න පූජාවලිය සද්ධර්ම රත්නාවලිය  6. ගම්පොළ යුගයට අයත් වන බණ කතා සාහිත්‍යය කෘතිය නම් කරන්න සද්ධර්ම අලංකාරය  7. බණ කතා සාහිත්‍ය මගින් අපේක්ෂා කළ අරමුණු කවරේද  • ජනයාගේ සිත් සතන් හි බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කිරීම  • දුශ්චරිත මාර්ගයෙන් සුචරිත මාර්ගය වෙන් කොට හඳුනාගත හැකි ධර්මෝපදේශ සැපයීම  • කාලීන සමාජ අවශ්‍යතා කෙරෙහි පුද්ගල පුද්ගල සවිඥානික කර වීම  • නිර්වාණගාමී මාර්ගය ට අවතීර්ණ කරවීම  8. සද්ධර්මරත්නාවලී යන්නේ අදහස පැහැදිලි කරන්න  සත්  ධර්ම රත්න ආවලි - සද්ධර්මය නම් මිණිකැට ඇමුණු වැල හෙවත් මාලය යන්නයි. 9. සද්ධර්ම රත්නාවලිය රචිත

සැළලිහිණි සංදේශය - කෙටි ප්‍රශ්න 25

1. සැළලිහිණි සංදේශය රචනා කිරීමේ පරමාර්ථය කුමක්ද ? 6 වන පැරකුම් රජුගේ කණිටු දූ කුමරිය වූ උලකුඩය දේවියට සුදුසු පුත් කුමරු ලබාදෙන ලෙකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවිඳු  ආයාචනය කිරීමයි  2. සැළලිහිණි සන්දේශ කතුවරයා විසින් රචිත සන්දේශ නොවන සිංහල පද්‍ය කෘතිය කුමක්ද? කාව්‍යශේඛරය  3. සැළලිහිණි හැරුණුකොට කෝට්ටේ යුගයේ රචිත සන්දේශ කාව්‍ය නම් කරන්න? ගිරා පරෙවි කෝකිල හංස  4. සැළලිහිණි සංදේශයේ ගමන් මග සඳහන් කරන්න? ජයවර්ධනපුරයේ සිට කැලණි පුරවරයට  5. සැළලිහිණි සංදේශය ග්‍රාහක දෙවියො කවුරුන්ද?   කැලණියේ විභීෂණ දෙවිඳු  6. සැළලිහිණි සංදේශය රචනා කළ යුගයේ සිටි රජු කවුරුන්ද? හය වන පැරකුම්බා රජු  7. රාහුල හිමියන් රචනා කළ කාව්‍යශේඛරයට වස්තු විෂය වූයේ කුමන  ජාතකයද? සත්තුභත්ත ජාතකය 8. රහල් හිමියන් විසින් රචිත කෘති නම් කරන්න  පරවි සන්දේශය කාව්‍යශේඛරය   කාව්‍යශේඛරය සැලලිහිණි සන්දේශය පංචිකාප්‍රදීපය බුද්ධ්ප්පසාධනීය  9. රහල් හිමියන් හැඳින්වීමේදී යොදාගත් උපධි නාමය නම් කරන්න   තොටගමුවේ විජයබා පිරිවෙන්පති ටික ත්‍රිපිටක වාගීශ්වර ෂට් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි  10. රාහුල හිමියන් විසින් අනුදත් භාෂාවන් නම් කරන්

සැළලිහිණි සංදේශය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රතිභා පූර්ණ කවීත්වය විදහාපාන කැඩපතයි. විමසන්න. https://www.facebook.com/සිංහල ව්ෂය සටහන් ඇසුරෙන්

සැළලිහිණි සංදේශය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රතිභා පූර්ණ කවීත්වය විදහාපාන  කැඩපතයි. විමසන්න. සැළලිහිණි සංදේශය තොටගමුවේ විජයබා පරිවෙණාධිපති ශී‍්‍ර රාහුල හිමියන් විසින්් රචනා කරණ ලද්දකි. මෙය ලියවුණේ (පබැදුවේ) සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ කෝට්ටේ යුගයේයි. මේ යුගයේ රචිත සන්දේශ 05 කි. එනම් පරෙවි සන්දේශය, ගිරා සංදේශය, හංස සන්දේශය, කෝකිල සන්දේශය හා සැලලිහිණි සන්දේශයයි. සැළලිහිණි සන්දේශය අනෙක් සන්දේශ වලට වඩා නවතාවයෙන් කියවිය හැකි සන්දේශයකි. මෙය රචනා කරන ලද්දේ කෝට්ටේ යුගයේ රාජ්‍යය කළ සත් වෙනි පැරකුම්බා නිරිදුන්ගේ දියණිය වූ උලකුඩය දේවියට සුදුසු පුත්්රුවනක් ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණියේ විභීෂණ දෙවියන් වෙත යැවෙන අස්නක් ලෙසිනි. සැලළිහිණි සන්දේශයට අමතරව රාහුල හිමියන් විසින් රචිත අනෙක් ග‍්‍රන්ථ වන්නේ පරෙවි සන්දේශය හා සිංහලයෙහි මහා කාව්‍ය ග‍්‍රන්ථයක් වන කාව්‍ය ශේඛරයයි. පරවි සන්දේශය සිරි රහල් හිමියන් තුරුණුවියේ දී පැරකුම්බා නිරිදුගේ වැඩිමහල් දියණිය වූ චÁද්‍රාවතී කුමරියට සුදුසු ස්වාමියකු ලබා දෙන ලෙස ඉල්ලමින් උපුල්වන් දෙවියන්ට කෙරෙන අස්නක නියායෙන් කෙරුණි. එසේම කාව්‍ය ශේඛරයද රචනා කරන ලද්දේ එම රජ

සැළලිහිණි සංදේශ කවියාගේ කවිත්වය

සැළලිහිණි සංදේශ කවියාගේ කවීත්වය / ප්‍රතිභානය  ප්‍රතිභානය යනුවෙන් සංස්කෘත කාව්‍ය විචාරකයෝ හඳුන්වා ඇත්තේ අපූර්ව වස්තු නිර්මාණය සූර ප්‍රඥාව යි . රස ආවේශ  කරන ලද සෞන්දර්ය කාව්‍යය නිර්මාණය හුරු කමයි . සැළලිහිණි  සන්දේශ කතුවරයා ද සාම්ප්‍රදායික කාව්‍ය ආකෘතිය මත පිහිටා කාව්‍ය රචනා කළ ද, තම අත්දැකීම් හා ස්වභාව සෞන්දර්යේ චමත්කාරය අපූර්වත්වයෙන් යුතු ව පද්ය බන්ධනයට මුසු කොට ගත් ඒ අවස්ථා සුලබ ග්‍රන්ථයකි.එවැනි අවස්ථා  කවිත්වයෙන්  පරිපූර්ණ නිර්මාණයන් වේ . පද්‍ය පන්ති 108 කින් සැදුම්ලත් සංදේශ සාහිත්‍යයේ කෙටි සඳෙස වෙන මෙහි අපූරු කාව්‍ය සංකල්පනා වන් රැසෙකි. කාව්‍ය අලංකාර උචිත අවස්ථාවන්ට යොදා ගෙන තිබීම මෙහි ඇති සුවිශේෂී ගුණයයි. ජයවර්ධනපුර වැනුමේ පහත සඳහන් පද්‍යයට අවධානය යොමු කරන රහල් හිමියන් එ හි ශ්‍රී විභූතිය කෙටියෙන් රසවත් ව ඉදිරිපත් කරයි. පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා  මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා  ජය වද්දන කැරුමෙන් සුදු ඇඳුම් තම තමා  ජයවද්දන පුරවර දනු මිතුරු තුමා  ජයවර්ධන පුරය කෙබඳු නගරයක් දැයි විස්තර කරන කවියා එම නගරයේ ජීවත් වන ජනතා ව තුනුරුවන් කෙරෙහි භක්තිමත් පෙමින් යුක්ත වේ. දිව්‍ය පුරය මු

බැද්දේගම නවකතාව හැඳින්වීම

බැද්දේ ගම  නවකතාව නම් සාහිත්‍ය පරිවර්තන සාහිත්‍ය සුවිශේෂී ස්ථානයක් හිමි වේ. 1904 වර්ෂයේ එංගලන්තයේ සිට ලංකාවට පැමිණි සිඩ්නි ලෙනාඩ් වුල්ෆ් ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් පරිපාලන නිලධාරියකු වශයෙන් යාපන කච්චේරියේ වැඩ අරඹන ඔහු පසු ව  අතිරේක රේගු  නිලධාරීයෙකු ලෙසත්, අතිරේක පොලිස් මහේස්ත්‍රාත් ලෙසත්, උතුරු පළාතේ අතිරේක සහකාර ඒජන්ත ලෙසත්, මහනුවර දිස්ත්‍රික්කයේ සිවිල් නිලධාරියෙකු ලෙසත්, 1908 දී හම්බන්තොට දිස්ත්‍රික් සහකාර දිසාපති ලෙස රාජකාරි කටයුතු කළේය. පසුව එංගලන්තයට ගොස් ඇඩ්ලින් වර්ජනියා වුල්ෆ් සමග විවාහ විය. එතුමා මෙරට රැදී සිටි කාලයේදී විශේෂයෙන්  යාපන ප්‍රදේශයේ දී දෙමළ ජනතාව පිලිබඳවත්, මහනුවර සේවා කාලය තුළ දී සිංහල සමාජය පිළිබඳ කරුණු දැනගත් හෙතෙම  හම්බන්තොට දිස්ත්‍රික්කයේදී  ලාංකිකයන් පිළිබඳ ජීවන  අත්දැකීම් ගොන්නත් ලබා ගනී. එම සියලු අත්දැකීම් පාදක කරගනිමින් village in the jungle කෘතිය  1913  වර්ෂයේ දී මුද්‍රණය කරයි. මෙම කෘතිය බැද්දේගම නමින් ඒ. පී. ගුණරත්න  විසින් 1949 දී සිංහල පරිවර්තනය කරන ලදී . මුල් කෘතිය විලේජ් ඉන් ද ජන්ගල් 1913  කතුවරයා ලෙනාඩ් සිඩ්නි වුල්ෆ්  පරිවර්තකයා ඒ. පී. ගුණරත්න  පරිවර්