සද්ධර්මාලංකාරය ප්‍රශ්න හා පිළිතුරු
1. සද්ධර්මාලංකාර යන්න අර්ථ දක්වන්න සද් + ධර්ම + අලංකාර යහපත් ධර්මය නම් සැරසිල්ල
2. සද්ධර්මාලංකාර ලියන කවර යුගයකද ගම්පොළ යුගය
3. එහි කතුවරයා කවුරුන් ද ගඩලාදෙණි විහාරයේ විසූ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති සංඝරාජ හිමියන් ය .
4. ඒ හිමියන් විසින් රචිත කෘති කවරේ ද ගඩලාදෙනි සන්නස ජින බෝධාවලිය නිකාය සංග්‍රහය
5. මෙම කෘතිය රචනා කිරීමට ප්‍රධාන මූලාශ්‍ර වූයේ කවර ග්‍රන්ථයද පාලි රසවාහිනිය
6. පාලි රසවාහිනිය බණකථා කොපමණද 103යි.
7. පාලි රසවාහිනී කෘතියට පාදක වූ කෘති නම් කරන්න සහස්සවත්ථුප්පකරණය සීහල වත්ථුප්පකරණය
8. රසවාහිනියේ විශේෂත්වය කුමක්ද දඹදිව හා ලක්දිව කතා පුවත් පදනම් කරගෙන රචනා වීම ය.
9. පාලි රසවාහිනිය ට අමතරව සද්ධර්මාලංකාරය රචනා කිරීමට පාදක වූ වෙනත් කෘති නම් කරන්න බුද්ධ වංසට්ඨකථා, අනාගතවංශය, අවදාන කල්ප ලතා
10. සද්ධර්මාලංකාරය වැදගත් වන්නේ ඇයි ලක්දිව කතා ප්‍රවෘත්ති ඇතුළත් කළ බණ කතා සංග්‍රහයක් වීමය.
11. සද්ධර්මාලංකාරයේ අන්තර්ගත කතා කවර රජවරුන්ගේ කාල සීමාවට අයත් වේ ද දෙවන පෑතිස් හා වට්ටගාමිණි අභය රජු දක්වා කාල සීමාවට අයත් වේ.
12. එම කතා වලින් වැඩි ප්‍රමාණයක් රචනා වූයේ කවර රාජ සමයේ ද සද්ධා තිස්ස රජු සමයේ.
13. සද්ධර්මාලංකාරයේ කතාවට පසුබිම් වූ නගර දෙක නම් කරන්න අනුරාධපුරය හා මාගම
14. සද්ධර්මාලංකාරය වැදගත් වන්නේ කවර කරුණු නිසා ද අනුවාද ග්‍රන්ථයක්, ධර්ම ග්‍රන්ථයක්, සාහිත්‍ය ග්‍රන්ථයක්, ඉතිහාස ග්‍රන්ථයක්
15. සද්ධර්මාලංකාර කතුවරයා ස්වාධීන රචනා රීතිය ගරු කළ ලේඛකයෙකි. හේතුව පහ දන්න කිසියම් කතාවක් ඉදිරිපත් කිරීමේදී කතාව වෙන මත් ධර්ම කරුණු වෙනමත් දක්වයි.
16. දේශීය බණ කතාවට ප්‍රාර්ථනා කිරීමේ ස්වරූපය හඳුන්වා දුන් කතුවරයා නම් කරන්න ගඩලාදෙණි විහාරයේ වැඩ විසූ වැඩ විසූ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති සංඝරාජ හිමියෝ
17. සද්ධර්මාලංකාර කතුවරයාගේ රචනා ගේ රචනා රීතියේ හඳුනාගත හැකි ලක්ෂණ නම් කරන්න
• සෑම කතා වස්තුවක් ම අවසන් වන්නේ උපදේශාත්මක ගාථාවකිනි.
• ස්ථාන උචිත අයුරින් නොයෙක් උපමා භාවිතා කිරීම.
• දීර්ඝ විස්තර ඇතුලත් කිරීම.
• දිගු කාව්‍ය වර්ණනා හඳුනා ගත හැකි වීම.
• උපදේශ ලබා දීම.
18. ධම්මසවණෝපාසිකා වස්තුව හා කුඩ්ඩරජ්ජ වස්තුවට පාදක වන ලක්ෂණය නම් කරන්න
සත්‍යක්‍රියා බලය
19. සද්ධර්මාලංකාර කතුවරයාගේ අරමුණ ධර්ම දානමය පුණ්‍ය කර්මයක නිරත වීම හා බණ ඇසීමේ ආනිසංස කියාපෑමය. මෙම කරුණ උදාහරණ සහිත ව සනාථ කරන්න
සද්ධර්මාලංකාරය ගම්පොළ යුගයට අයත් වන සද්ධර්මාලංකාරය, ගඩලාදෙණි විහාරයේ විසූ ඕ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති සංඝරාජ හිමියන් විසින් යහපත් ධර්මය නම් සැරසිල්ල යන අරුතෙන් රචනා කරන ලද්දකි. කතුවරයාගේ අභිප්‍රාය ධර්ම දානමය පුණ්‍ය කර්මයක නිරත වීම හා බණ ඇසීමේ ආනිසංස කියාපෑමය. ධර්ම දානමය පුණ්‍ය කර්මය මගින් අපේක්ෂා කරන්නේ සාධු ජනයාගේ සිත් පහදවා ශ්‍රද්ධා බුද්ධි වර්ධනය කරමින් ඔවුන්ට ත්‍රිවිධ සම්පත් ලබාදීම හා මතු බුදු බව ලබන බුදුන් දැක, විවරණ ලැබ, ලොව්තුරා බුද්ධත්වයට පත් ව, මුළු ලොවටම අභිවෘද්ධිය ලබාදීමට ප්‍රාර්ථනා සාදා ගැනීමය. බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා අගය පෙන්වාදී ඇත . ඒ අනුව බුදු බණ පදයක් දේශනා කිරීම, ශ්‍රවණය කිරීම, මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද, එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයටද, නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ හා උතුම් වේ.
ධම්මසවණෝපාසිකා කතා වස්තුවේ පවුරු සිදුරෙන් නික්ම වැලි කෙළිමින් සිටි කුඩා පුතුට සර්පයකු දෂ්ට කළ බව දැක දැකත් සිත එකඟ කර ගනිමින් ධර්ම ශ්‍රවණය කළ උපාසිකාව බණ ඇසීම දුර්ලභ ය'යි ද ධර්මය ඇසීම උතුම් වන්නේ යැ'යි සිතා කටයුතු කරන ආකාරයෙන් ද කුණ්ඩ රජ්ජ කතාවේ පොළඟෙකු අවුත් මහ තෙරුන් තෙරුන් වහන්සේ ගේ කකුලට දෂ්ඨ කළ ද එය බණ ඇසීමට අන්තරායක් වන්නේ යැ යි සිතා තම පසුම්බියට දමා බණ ඇසීමෙන් ද ධර්ම ශ්‍රවණයේ උතුම් බව හා ශ්‍රේෂ්ඨ බව පෙන්වා දෙයි .
මෙම කතා අවසන සත්‍යානුක්‍රියා බලයෙන් දරුවා හා තෙරුන් වහන්සේ සුවය ලබයි. ධර්ම ශ්‍රවණයේ උතුම් බව හා සත්‍ය ක්‍රියාවේ අනු බලයෙන් පුතු ට ලෞකික සුවයද, උපාසිකාවට ලෝකෝත්තර වශයෙන් දිව්‍ය ලෝක සැප සම්පත් සුවය ද උදා වේ. මහ තෙරුන් වහන්සේ ආයුෂ විඳ අවසන දෙව්ලොව උපන් සේක. මෙම කතා ප්‍රවෘත්ති දෙකෙන් දම් ශ්‍රවණය කිරීමෙන් ලෞකික හා ලෝකෝත්තර සුවය ලබා ගැනීමට හේතු ආධාර වන බව පසක් වේ.
කතුවරයා මෙම කතා දෙක අවසන දම් අසන්නාට පණිවිඩය ලබා දීමට උත්සාහ දරයි. ධම්මසවණෝපාසිකා උපාසිකා වස්තුවේදී
" එබැවින් දැනුදු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ව සැදැහැයෙන් බණ අසා කුශලධර්මයෙහි හැසිරෙන්නා වූ ජන සමුහයන් දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ කෙළවර නිවන් සම්පත් ලැබෙති යි යනු ඒකාන්ත වන බැවින් සාදර සිතින් බණ අසා තම තමා ශක්ති පමණින් පිළිවන් කුසල් කොට දිව්‍ය මනුෂ්‍ය සම්පත් සාධා අමාමහ නිවන් දකින්ට උත්සාහ කළ මැනවි. "
ලෙසින් ද , කුඩ්ඩරජ්ජ වස්තුව අවසනදී
" එබැවින් සත්වයෙනි, කෑම ද සෙසු දෑ නැතත් බණ පමණක් අසව. ඒ ඇසූ ඇසුවා වූ ධර්මය තොපට මතු ඒකාන්තයෙන් දිව්‍යමනුෂ්‍ය සම්පත්තීන් නිර්වාණ සම්පත්තිය සාදා දෙන්නේමය. " ලෙසින් ධම්ම ඇසීමේ ආනිසංස පෙන්වා දේ. ධර්ම දානමය පුණ්‍ය කර්මයක නිරත වීම හා බණ ඇසීමේ ආනිසංස කියා පෑමේ කතුවරයාගේ අරමුණ ඒ අනුව සාර්ථක වී ඇත.
Comments
Post a Comment