සැළලිහිණි සංදේශය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ප්රතිභා පූර්ණ කවීත්වය විදහාපාන කැඩපතයි. විමසන්න. https://www.facebook.com/සිංහල ව්ෂය සටහන් ඇසුරෙන්
සැළලිහිණි සංදේශය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ප්රතිභා පූර්ණ කවීත්වය විදහාපාන කැඩපතයි. විමසන්න.
සැළලිහිණි සංදේශය තොටගමුවේ විජයබා පරිවෙණාධිපති ශී‍්‍ර රාහුල හිමියන් විසින්් රචනා කරණ ලද්දකි. මෙය ලියවුණේ (පබැදුවේ) සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ කෝට්ටේ යුගයේයි. මේ යුගයේ රචිත සන්දේශ 05 කි. එනම් පරෙවි සන්දේශය, ගිරා සංදේශය, හංස සන්දේශය, කෝකිල සන්දේශය හා සැලලිහිණි සන්දේශයයි. සැළලිහිණි සන්දේශය අනෙක් සන්දේශ වලට වඩා නවතාවයෙන් කියවිය හැකි සන්දේශයකි. මෙය රචනා කරන ලද්දේ කෝට්ටේ යුගයේ රාජ්‍යය කළ සත් වෙනි පැරකුම්බා නිරිදුන්ගේ දියණිය වූ උලකුඩය දේවියට සුදුසු පුත්්රුවනක් ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණියේ විභීෂණ දෙවියන් වෙත යැවෙන අස්නක් ලෙසිනි. සැලළිහිණි සන්දේශයට අමතරව රාහුල හිමියන් විසින් රචිත අනෙක් ග‍්‍රන්ථ වන්නේ පරෙවි සන්දේශය හා සිංහලයෙහි මහා කාව්‍ය ග‍්‍රන්ථයක් වන කාව්‍ය ශේඛරයයි. පරවි සන්දේශය සිරි රහල් හිමියන් තුරුණුවියේ දී පැරකුම්බා නිරිදුගේ වැඩිමහල් දියණිය වූ චÁද්‍රාවතී කුමරියට සුදුසු ස්වාමියකු ලබා දෙන ලෙස ඉල්ලමින් උපුල්වන් දෙවියන්ට කෙරෙන අස්නක නියායෙන් කෙරුණි. එසේම කාව්‍ය ශේඛරයද රචනා කරන ලද්දේ එම රජුගේ කණිටු දියණිය වූ උලකුඩය දේවියගේ ඇරයුමෙන් බව එම කාව්‍යයෙහි ආරම්භයෙහිම සඳහන් ය.කාව්‍යයෙහි ඇති ප‍්‍රතිභාව අලංකාරියන් දැක ඇත්තේ මෙසේය. ඒ සඳහා ඔවුහු විවිධ නිර්වචන ඉදිරිපත් කළහ. "කවෙ: ප‍්‍රතිභෛව නිකෂායතේ" "ප‍්‍රතිභාව වූ කලී කවියාගේ හණගලයි""ඇති දෙයක් හෝ නැති දෙයක් හෝ ඇති දෙයක්ම හැටියට පාඨකයා තුළට ප‍්‍රවේශ කරවීම කවියාගේ කාර්යයයි"" ඕවන්‍යාලෝක""කවීන් කාව්‍යකරණයට පෙළෙඹෙන්නේ ප‍්‍රතිභා ශක්තිය නිසාය. ව්‍යුත්පන්ති හා අන්‍යාසය එය පෝෂණය කරයි"" කාව්‍ය තිලක"""අළුත් අළුත් දේ පුබුදුවා ගැනීමේ හැකියාව ප‍්‍රතිභාවයි" -භට්ටතෞත-මේ අනුව ප‍්‍රතිභා පූර්ණ කවියා යනු ඝෘෂිවරයෙක් වරෙක් බඳුය. ඔහු තමාට වඩා අඩු වැටහීීම් ශක්තියකින් යුත්් අනෙක් අය කෙරෙහි තමා උගත් භාෂා මාධ්‍යය උපයෝගී කරගෙන තමා සතුව පවත්නා පිබිදුණු හැගීමෙන් හා මහත් වූ පරිකල්පනයෙන් යුතු වූ හැඟීීම් සහෘදයන් වෙත සම්පේර්ක්ෂණය කරවයි.තොටගමුවේ සිරි රහල් හිමියන් ද එබඳු උසස් ප‍්‍රතිභා ශක්ති යෙන් සමලංකෘත වූ අගනා කවියෙකි. සැලලිහිණි සංදේශය සඳහා අප කවියා වැය කොට ඇත්තේ පද්‍ය 108 ක් වැනි සුළු ප‍්‍රමාණයකි. කවියා ගේ ප‍්‍රතිභාව පෙන්නුම් කරවන එක් ලක්‍ෂණයක් ලෙස එය දැක්විය හැකි ය. භාවිතාකොට ඇත්තේ අඩු කවි ප‍්‍රමාණයක් වු ව ද එයින් සංදේශයේ පරිපූර්ණ කවිත්වයට හානියක් වී නැත.* කෙටි ගමන් මඟ* සංක්‍ෂිප්ත වැනුම් වලින් යුක්තවීම* මනා ශබ්දාර්‍ථ සුසංයෝගය යනාදී විචිත‍්‍ර කාව්‍යත්මක රසභාව පුර්ණ හා පරිකල්පන ඥාණයෙන් පරිපූර්ණ කෘතියක් ලෙසිනි. ඒ අනුව සැලළිහිණි කතුවරයාගේ ප‍්‍රතිභාපූර්ණ කවිත්වය විෂ ද වන පණනල නම් මෙම සැලළිහිණිය යැයි සඳහන් කළහොත් අතිශයෝක්තියක් නොවනු ඇත. එසේම එම ලක්‍ෂණයන් මෙම සන්දේශ කාව්‍යය පුරාම දක්නට ඇත.*දූත ආසි වැණුම * කල්‍යණනදී වැණුම* ප‍්‍රසිද්ධ නායකයින් * නළගන වැණුම* ගෙන යා යුතු තැන * විභීෂණ නිරිඳු වැණුම* ජයවර්ධන පුර වර්ණනාව * සන්දේශය* මඟ වැණුම * දූත ආසි වැණුම සැලළිහිණියේ සම්ප‍්‍රදාය පැහැදිලි කිරීමෙන් තව තවත් එම තත්ත්වයන් මනාව විෂද වේ.සන්දේශයෙහි මුල්ම ගීය යාගී නම් ගීයකින් ආරම්භ කර ඇති අතර දසපද හෑල්ලකින් සන්දේශ කාරකයා වර්ණනා කරයි. ඒ සඳහා යොදාගෙන ඇත්තේ සරළ උපමාය. ඖචිත්‍යය ගුණයෙන් පරිපුර්ණය. ඒ තුලින්ද මෙහි විචිත‍්‍රතාව තීව‍්‍ර වේ. ප‍්‍රභාවිත චිත‍්‍රයක් පාඨකයා තුල ජනිත කරයි.
පුල්මල් කෙසරු මෙන් - රන්වනි කෙලෙ සරණ යුගසපුමල් කැලෙව් තුඩමද රතිනි මනහ රනිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පත රමලින් කල රූ එමි එබැවින්් නුබින් එන ව ර
සංදේශ හාරකයා යැවූ සැලළිහිණි නම් පක්‍ෂියා මේ තුළින් වර්‍ණනා කරයි. ඔහුගේ පාද යුග්මය පිපුණු මල්වල රේණු මෙන් රන්වන් පාටය හොටය සපුමල් කැකුලක් මෙන් මදරන් පැහැයෙන් යුක්තය. පියාපත් නිල් මහනෙල් පෙති දෙකක් හා සමානය. එසේ වූ ඔබව ගුවනින් එන කල මල් වලින් කරණලද රුවක් සේය. යනුවෙන් රචනාකරණ කතුවරයාගේ වර්‍ණනා චාතුය්‍යය මනාව විශද වේ.සැලළිහිණි සන්දේශයෙහි සුන්දරත්වය රැඳී ඇත්තේ එහි එන වර්‍ණනාවලය. ඒ අනුව රහල් හිමියන් ස්වභාව සෞන්දර්ය වර්‍ණනා කිරීමේදී සහෘද චිත්තසන්තානයේ චිත්ත රූප ජනිත කරවීමෙහිලා සමත් කමක් දක්වා ඇත. ජයවර්ධන පුරයේ සිට කැලණිය තෙක් කෙටි මඟක හමුවන ස්වභාවික සුන්දරත්වය ලගන්නා සුළුය. චමත්කාර ජනක යි. නැවුම් කාව්‍යෝත්තීන්ගෙන් භාවෝද්දීපනය කොට නොනැවතී ප‍්‍රඥප‍්‍රදීපය ද සහෘද සිත් තුළ ජනිත කරවයි. සන්දේශ කාරකයාට කොන්තගම් තොටින් එතෙරවීමට පවසන අවස්ථාව තවත් එක් අවස්ථාවකි.
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්පරව තඹර පෙති ගිලි දිය තලාා පිටින්තරව සිහි ඇතිව පරතෙරට යන අටින්කරව පියාසර සකි කොන්ත ගං තොටින්
කුමුදු මල් පිපී ඇත. එසේ පිපී ඇත්තේ සඳකිරණ පොරවාගෙනය. පරවූ නෙළුම් මල්වලින් ගිලිහුණු පෙති දිය තලා පිට පාවෙයි. සොබා දහමේ මේ දෙයාකාර ස්වභාවයට දර්ශනය කොට පරතෙරට යන අරමුණින් කොන්තගම් තොටින් පියාසර කරන්න යනුවෙන් උක්ත සඳහන් පද්‍යයෙන් මනාව පැහැදිලි කරයි. මෙහි පද සංඝටකයෙහි අපූර්වත්වය නිසා උත්පාදනය වන ධ්වනියත් රසභාවයත් වර්ධනය වන අතර සහෘද සිත් සතන් තුළ බුද්ධියද විකසිත කරවන සුලුය.එසේ ම ලොකු කුඩා සියලු දෛනා සංජානනය කොට ඇති මහා සමුද්‍රය ඇසුරෙන් කවියා දක්වන අපූරු සිතුවම ඉතා අග‍්‍රගණ්‍ය ය. චිත්ත රූප දනවන සුලුය. රසභාවයන් වඩා වර්ධනය කරයි.
වළඳින අදහසින් මෙන් සුරඟන අඟ නනල බල සසල දළ රළ පෙළ නුඹ නැගෙ නවෙළළ ස ගැවසි මුතුසක් පබළු බබළ නබලමහ මුහුද එම සඳ උතුරෙන් පෙනෙ න
සුළඟක් වේගයෙන් සෙළවෙන්නා වූ රළ පන්තීන් ආකාසයට නැගෙන්නේ පුරුෂයකු අත් ඔසවන්නා ලෙසින්ය. ඒ කුමක් සඳහා ද ආකාශය මනහර ලඟන්නා කාන්තාවකි. ඇය වැළඳ ගැනීමේ අටියෙන්ය. යනුවෙන් අපූර්වාකාරයෙන් විත‍්‍රනය කොට ඇත. මෙහි ස්වාමිපුරුෂයා නම් මහා සමුද්‍රයයි. ආකාශය නම් කාන්තාවයි. රළ පංතීන් හස්ත යුග්මයයි යනුවෙන් කවියා වර්‍ණනාකර ඇත. මෙහි එන ශබ්ද ධ්වනිය මගින් මහා සමුද්‍රය මැවී පෙනෙන විචිත‍්‍ර දර්ශනයක් නිර්මාණය කරයි. නළ - බල - සසළ - දළ - රළ පෙළ ආදී ලකාර භාවිතයෙන් මහා සමුද්‍රය නැග නැග බැස බැස එන ආකාරයක් ධ්වනිත කරයි. එපමණක් ද නොව මෙහි අන්තර්ගත වචන භාවිතය හේතුකොට ගෙන අපුරු චිත්ත රූපයක් මැවේ. එනම් නැඟෙමින් බැසෙමින් යන රළ පංතීන්ගෙන් යුතු මහා සමුද්‍රය බිඳීමද චිත‍්‍රයකි. රිද්මයද ඉතා උසස්භාව පූර්ණය.යම් වස්තුවක් දෙයක් තිබෙන අයුරින්ම දැකීම වර්‍ණනාකිරීම කාව්‍යයේදී වාර්තාවකි. ගොඩ මඩ දෙකම සරු සාරය ඵල බරය" මෙහි ඇත්තේ එබඳු ස්වරූපයකි. කාව්‍යොත්ති වලින් හීනය නමුත් රහල් හිමියන්ගේ කවිත්වය එසේ නො වේ.
සිසිවන මුවන ඉඟ සුඟ ගත හැකි මිටිනනිසි පුළු ළුකුල රිය සකයුරු තිසර තනදිසි රන් ලියෙව් රූ සිරි යුත් මෙපුර ඟනඇසිපිය හෙළන පමණින් නොවෙනි දෙවඟන
ජයවර්ධන පුරවරයේ කාන්තාවන්් වර්‍ණනා කර ඇත්තේ චන්‍ද්‍රයාට සමාන මුහුණකින්ද මිටින් ගත හැකි තරම් වූ ඉඟකින් ද රිය සකක්්වැනි පලල් උකුලකින් ද හංසයන් වැනි පියයුරුවලින් ද යුතු කාන්තාවෝ රත්රන් මල් හා සමාන බවටය. රහල් හිමියන් මෙහිදී සාම්ප‍්‍රදායික උපමා යොදාගෙන ඇත. නමුත් ඉන් ගම්‍යමානවන අර්‍ථය සින් ගන්නා සුළුය. එම පුරවරයෙහි කාන්තාවන්ගේ රූමත් බව කෙතරම්ද යන්න සඳහන් කරන්නේ නම් "ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන් "ඔවුන් දිව්‍ය අංගනාවන්ගෙන් වෙනස් වන්නේ ඇසිපිය හෙළන නිසාය. මෙහි වාච්‍යාර්ථ ඉක්මවා ධ්වනිතාර්‍ථ මතු කරයි.මටසිළිටි වදන් තුළින් ඕජෝ ගුණය තව තවත් වැඩි කරයි.රහල් හිමියන් කවීත්වය කෙරෙහි දක්වන ප‍්‍රතිභාව විෂද කිරීම සඳහා සැළලිහිණි සංදේශයෙහි එන සියලුම කාව්‍යයන් උදාහරණ ලෙස ගෙන විග‍්‍රහ කළ හැකිය. භාවිත විචාරයෙහි සඳහන් පරිදි “කාව්‍යයන්හි වචන ආධාරයෙන් සැදුණු මෙවැනි රූප අපේ ඉන්ද්‍රියයන් පසට ම ගොදුරු වන බැව් පෙනෙයි. එනම් දෘෂ්‍යය නොහොත් ඇසට ලක්වන රූපය අනුභාව නොහොත් දිවට ලක්වන රූපය ස්පර්ශ නොහොත් ස්පර්ශය ලක්වන රූපය යනුවෙනි”.මෙම විග‍්‍රහයට අනුව කවියා මවන චිත්ත රූපය කුමක්දැයි යන්න පැහැදිලිය. මෙසේ සංකල්ප රූප යොදා ගත් පමණින් ම කාව්‍යයක් සාර්ථක හෝ අසාර්ථක වන්නේ නැත. නමුත් සාර්ථක කාව්‍යයක සංකල්ප රූප දක්නට පුළුවන. එම අංශයන්ගෙන් ද රහල් හිමියන්ගේ ප‍්‍රතිභාව මනාව පිළිබිඹු වේ.විචිත‍්‍ර සංකල්ප රූප මැවීමේදී සාර්ථක ක‍්‍රම කීපයක් අනුගමනය කළ හැකිය. ඉන් ප‍්‍රධාන ස්ථානයක් උපමාවට හිමිවෙයි. උපමාවෙන් සිදුවනුයේ එක් දෙයක් තව දෙයකට සමාන කර දැක්වීමයි. ප‍්‍රතිභා පූර්ණ කවියා නිතරම උපමා යොදනු ලබන්නේ බුද්ධිමත් ලෙසිනි. ඒ තුළින් සජීව සංකල්ප රූප මැවීම සඳහා නවතාවයක් තිබිය යුතුය. උපමාව මගින් ජීවමාන සංකල්ප රූප මැවීමකදී වැදගත් කරුණු කීපයක් දක්නට ඇත.
1. උපමාව මගින් නිශ්චිත පැහැදිලි සංකල්ප රූප නිර්මාණය කිරීම.2. උපමාව ප‍්‍රස්තුත විෂයටත් අවස්ථාවටත් උචිත වීම.3. උපමාව පාඨකයාගේ අත්දැකීමෙහිම කොටසක් වීම යනුවෙනි.
විදෙන ලෙළෙන තරුබර පුළුලුකුල රැ දීහෙළන නඟන අතන නුවණඟ බැලුම් දි දීරුවින දිලෙන අබරණ කැලුම ගත යෙ දීසැළෙන පහන සිළුවැනි රඟන ලිය සැ දී
මෙහිදී කාන්තාවගේ භාව විලාශය මෙන් ම දේශ ලාලිත්‍යය කවියා පිඬුකොට දක්වා ඇත. ඔවුන් රංගනයෙහි යෙදෙන විට නෙරිපොට ලෙලදෙමින් විහිදී යයි. අංග චලනය කරයි. ඒ දෙසට දෑස් යොමු කරයි. එය අඩවන් බැල්මෙකි. රංග විලාසය කෙරෙහි පේර්ක්ෂකයාගේ අවධානය යොමු වෙයි. මෙසේ රංගනයේ යෙදීම ඔබ මොබ සැළෙන පහන් සිළුවක් හා සමානය. එය පාඨකයාට හුරු පුරුදු අත්දැකීමකි. පහන් සමූූහයක් පහන් දැලි සමූූහයක් වැනෙන ලෙස එම අවස්ථාව කවියා දකී. ඒ සඳහා මනාව ගැළපෙන උපමාවක් යොදාගෙන ඇත.අකුරු තුනෙන් තුනට එළිසමය යොදා ඇත. පාදාන්තයේ ගුරු අක්‍ෂරයකින් අවසන් කර ඇත. මෙයින් නළඟනන්ගේ නර්තන විලාසය ධ්වනිත කරයි. මෙවැනි අවස්ථා පද්‍ය කීපයකින් වර්ණනා කිරීමට අවස්ථාව තිබුණත් රහල් හිමියන්ගේ ප්රතිභා පූර්ණ කවීත්වය නිසාම එකම පදයකින් අවසන් කර ඇත. නරුබර, පුළුලුකුල, හෙළන, නඟන අත, නුවණඟ බැලුම්, සැළෙන පහන් සිළු වැනි යෙදුම් නිසා අර්ථාන්විත සංකල්ප රූප ජනිත කරවන සුළුය. පාඨකයා තුළ තියුණු වින්දනයක් ද ජනිත කරවීමට සමත් ය.
ගනවන් මියුරු නද දෙන ගුවන වන් විටවිලසින් මෙමා කරවන මිතුර මන් තුට
රහල් හිමියන් සැළලිහි තෙමේ උපමා කර ඇත්තේ වැහි වළාවකටය. වැහි වළාවක් ආකාශයෙහි පාවෙනු දැකීම මොනරු තුටු වන්නා සේ ම සැළලිහිණියා දැකීම ද කවියාගේ සතුටට කරුණකි. වැහි වලාකුල අර්ථවත් වස්තුවකි. එවැනි වස්තුවක් දූත කාර්යයෙහි යෙදවීමෙන් එම කාර්යය ඉටුවන බැව් ඇඟවීම ප‍්‍රශස්තය. කාලිදාසයන්ගේ මේඝදූතයෙහි ද මෙවැනි අවස්ථාවක් දක්නට ඇත.සොබාදහම සුන්දර ලෙස වර්ණනාවට ලක්කර ගත් අවස්ථාවද ලගන්නා සුලුය.
වන සිරි පියුම් රා බඳ රණ බරණ යුරූවට පිපි සුපුල් දුන්කේ මල් මුරුත තුරූබිඟු පිරි වැරූ ඔලු පුලැඹුලවල තුඹු රූහිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතු රූ මෙහිදී වනය කාන්තාවකට උපමා කරයි. දුනුකේ මුරුත ආදී ගස්වල මල් වනය නැමති කාන්තාව පැළඳි ආභරණ වැනි ය. ඕලු නෙළුම් මානෙල් යන මල්වලින් පිරී ගිය හිම වැනි සීතල ජලාශවලින් ද යුක්ත වූ වනය වර්ණනා කිරීමෙන් දක්වා ඇති විචිත‍්‍රතාවෙන් ද රහල් හිමියන්ගේ ප‍්‍රතිභාව නිසර්ග කවිසම්පත්තිය උත්පාදක ශක්තිය පෙන්නුම් කරයි
Comments
Post a Comment