බැද්දේ ගම ප්‍රශ්න 32

බැද්දේ ගම 
1. බැද්දේගම නවකතාවේ  ප්‍රධාන චරිතය කුමක්ද සිලිඳු
2. බැද්දේ ගම  පිහිටි උළු සෙවිලි කළ එකම නිවාසය හිමිකරුවා කවුද බබේහාමි ආරච්චිල 
3. බැද්දේගම නවකතාවේ  බබේහාමි ආරච්චි ලගින් පසුව ගමේ ප්‍රධානියා ලෙස සැලකුවේ කවුද වෙදරාල 
4. බැද්දේගම ගම්මුන් විසින් පිස්සු වැද්දා කොටියා ලෙස හඳුන්වන ලද්දේ කවුද  සිලිඳු 
5. බැද්දේගම නවකතාවේ මුල් රචකයා කවුද ලෙනාඩ් වුල්ෆ් 
6. බැද්දේගම නවකතාව පරිවර්තනය කලේ කවුද ඒ පී ගුණරත්න 
7. මෙම නව කතාව රචනා වී ඇත්තේ කවර කරුණක් පදනම් කරගෙන ද කැලෑබද ගමක පරිහානිය හා අවසානය 
8. බබේ හාමි ආරච්චිලගේ සහෝදරිය කවුද ඩිංගිහාමි
9. සිලිඳුගේ දියණියන් දෙදෙනා කවුද පුංචි පුංචිමැණිකා හා හින්නිහාමි 
10. බබුන් අප්පු කාගේ මස්සිනා ද බබේ හාමි ආරච්චිලගේ මස්සිනාය 
11. සිළිදුගේ නැගණිය කවුද කර්ලිනා හාමි 
12. සිළිඳු විවාපත් වූයේ කවර සමගද ඩිංගිරි හාමි 
13. සිළිඳු පුංචි මැණිකා හඳුන්වන්නේ කුමන නම් වලින්ද ගෙඹි පැටික්කි කපුටු පැටික්කියේ 
14. සිලිඳු වනයේ යක්කු ලෙස සැලකූවේ මොකුන්ද  කොටි 
15. ගම්මුන් සිළිඳුගේ ගෙදර   හැඳින්වූයේ  කවර නමකින්ද  වැදි  ගෙදර 
16. බැද්දේගම නව කතාවේ  සිලිඳු  කුමන පුද්ගලයෙක්ද නිහඩතාව ප්‍රිය කරන දඩයම් කරුවෙක් , ගොවියෙක් 
17. පුංචි මැණිකා ඇති දැඩි වූයේ කවරෙකු යටතේ ද    කර්ලිනා හාමි 
18. ඩිංගිහාමි මියයාමට හේතුව කුමක්ද පිරිමි දරුවකු නොවදා ගැහැණු දැරියන් දෙදෙනකු වැදු බවට උරණවූ සිළිඳුගේ පහරදීමකින් ය.
19. පුංචි රාල සිළිඳු සුවපත් කර කර ගැනීමට රැගෙන යා යුතු යැයි ප්‍රකාශ කළේ කුමන දේවාලයට ද  බෙරගම දේවාලය 
20. හින්නිහාමි ට දා ව උපන් දරුවාගේ නම කුමක්ද  පොඩි නෝනා 
21. පුංචි අප්පු යන නමින් හැඳින් වූයේ කවුරුන්ද  මුව පැටියෙක් 
22. වැස්සත් සමග බැද්දේ ගම ට ඇති වුයේ කුමන රෝග ද  උණ හා අතීසාරය 
23. ප්‍රනාන්දු මුදලාලි බබුන් අප්පු ට දීමට ඉටා ගත්  නිලය කුමක්ද ගම්බාරයා
24. බබුන් බන්ධනාගාර සතු වූයේ ඇයි ආරච්චි ගේ නිවස බිඳ බඩු මුට්ටු සොරකම් කිරීමේ බොරු නඩුවකට ය 
25. සිළිඳුට ගමෙන් පිටවී යා යුතු යැයි යෝජනා කලේ කවුද පුංචි මැණිකා 
26. සිලිඳු  බන්ධනාගාර ගත වීමට හේතුව කුමක් ද ආරච්චි සහ ප්‍රනාන්දු යන දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ හේතුවෙනි.
27. ගම්බාර යෙකු ලෙස බබුන් තබා ගැනීමට සිතුවේ කවුද ප්‍රනාන්දු මුදලාලි 
28. පුංචි මැණිකාගේ ආදරය බිඳ තමා වෙත කැඳවා ගැනීමට බලාපොරොත්තු වූයේ  කවුද ප්‍රනාන්දු මුදලාලි 
29. සිලිඳු  ට එරෙහි නඩුවේ ජූරි සභා වේ තීරණය කුමක් ද  මිනී මැරීමේ චෝදනාවට සිලිඳු වැරදිකාරයා ය 
30. සිලිඳුට  මරණීය දණ්ඩනය ඉවත් කොට අවුරුදු කීයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කළේ ද  අවුරුදු විස්සයි 
31. පුංචි මැණිකාට වෙනත් විවාහයක් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ කවුද පුංචිරාළ 
32. ආරච්චිලගේ මරණයෙන් පසු නැන්චොහාමි ගම අත හැර යන්ට තීරණය කළේ කොහාටද  කොටගොඩ ගම ට 

අවස්ථා සම්බන්ධය ලියන්න
1) අයියෝ ! අවුරුද්දකින් පොල් ගෙඩියක් මං ඇහින් දැක්කෙ නෑ 
• අවස්ථාව ලියන්න  
සිලිඳු  දඩයම් කර ගත් මුව මස් බබෙ හාමි ආරච්චිට නිවසට රැගෙන ගිය අවස්ථාවේ සිදුවන කතා බහ 
• ප්‍රකාශ කරන ලද්දේ කවුරුන් ද 
සිලිඳු විසින් ප්‍රකාශ කරන ලද්දකි .
2. අයියෝ! මං බය  වෙච්ච තරමක් ! මට හිතුනේ ගස් වල ඉන්න යකෙක් කියා.
හේන් ගොවිතැනට ගොස් පසු දා උදේ පාන්දර ගෙදර එන පුංචි මැනිකා ට බබුන් අප්පු හමුවූ  අවස්ථාව හා සම්බන්ධයි.
පුංචි මැණිකා විසින් බබුන්ට ප්‍රකාශ කරන ලද්දකි .
3. "අක්කා මට දැන් හිරයක් ගන්ඩ කාලය හොඳා"
පුංචි මැණිකා හමු වූ දා හැන්දෑවෙ බබුන් අප්පු, ඔබෙහාමි හා නැන්චොහාමිත් සමග රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේ බබුන් අප්පු විසින් ප්‍රකාශ කරන ලද්දකි .


Comments