සිලිඳුගේ චරිතය

සිලිඳු 
බැද්දේගම නවකතාවේ නවකතාවේ ප්‍රධාන චරිතය  වූයේ සිලිඳුය. ගම්මුලාදෑනියා වූ ඔබේ හාමි ආරච්චිලගේ සහෝදරිය  වන ඩිංගිහාමි  හිරගත් මස්සිනාය. ඔහුට නිවුන් දරුවන් (පුංචි මැණිකා, හින්නිහාමි) දෙදෙනෙක් විය. කර්ලිනා හාමිගේ අයියාය . සිලිඳු ගොවියෙක්, දඩයම්කරුවෙක් , පියෙක් , දාමරිකයෙක්, නිහඬතාවයෙන් ජීවත් වන පිය කළ අයෙක් ලෙස බැද්දේගම නවකතාවේ හඳුනාගත හැකිය . ඔහු  දියණියන්ට මෙන්ම වනයට ආදරය කළ පුද්ගලයෙකි . වරෙක ඔහු සත්‍යවාදී මිනිසෙකි. මිත්‍යා විශ්වාස එල්බ ගත්  මෝඩ චරිතයක් ලෙස හඳුන්වා දිය හැකිය .
සිලිඳු පිළිබඳ විස්තර කරන කතුවරයා 
'අන් හැම ගැමියකු මෙන්ම, සිලිඳු ගොවියෙකි. ඔහුට   ටිකක් පිස්සු ගම්මු කීවෝය.   හේන් ගොවිතැන් කිරීමේදී පවා ඔහු ගමෙන් ම අලසයා විය. මොහුගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ දඩයම ය. 
එමෙන්ම කතුවරයා ඔහුගේ ගති ලක්ෂණ හා ශරීර ස්වාභාවය පිළිබඳ කදිම  විස්තරයක් ඉදිරිපත් කරයි. මුහුණේ ස්වරූපය තුළ රිළවකුගේ මෙනි. ගමන් බිමන් යාමේ දී දුරින් දුරින් අඩි තබා යන්නකු ලෙස ද, වැඩි කතාබහක් න බහක් නැතිව  වන සතුන් මෙන්  නිදා ගන්නා තැනැත්තකු ලෙස හඳුන්වයි . එසේ ම පැල්පත යට ඇන තියාගෙන හිඳ හිස් බැල්මෙන් යුතුව කාලය ගත කරන බව කතුවරයා පෙන්වා දෙයි. ඔහුගේ සිතේ හට ගන්නා අභ්‍යන්තර චෛතසික පිළිබඳ විවරණය කරන කතුවරයා, සිතුම් පැතුම් හා අදහස් උදහස් පුදුම සහගත බව ප්‍රකාශ කරයි . තම  නිවසෙහිදී හා ගමේදී සන්සුන් ගති ඇත්තෙක් වුව ද වනයේ දී සහාසික මෘගයකු මෙන් හැසිරෙන බව චරිත විග්‍රහයේ දී හඳුනා ගත හැකිය .ඔහුට කෝපය ඇවිස්සීම අන් අයකුට ලෙහෙසි නො වන බවත් , කෝපය ඇවිස්සුනු විට දවස් ගණන් පැල්පත යටට වී තැවෙමින් සිට සතුරා සොයා ගොස් කඩා පනින බව කියැවේ. 
සිලිඳු දාමරිකයෙකුගේ  භූමිකාව ඉස්මතු කරයි .එයට හේතු වන්නේ ඔහු තුළ පවත්නා මෝඩකම හා වනචාරී ජීවිතය නිසයි. සිලිඳුට  දාව ඩිංගි හාමිට නිවුන් දැරිවියන් දෙදෙනෙකු ලැබුණ විගස හැසිරෙන  ආකාරයෙන් ය ඉස්මතු විය. 
"පරට්ටි පරට්ටි කෝ මට පුතෙක් , කෝ මගෙ තුවක්කු උස්සාගෙන කැලේට යන්න පුතෙක්, කෝ මගෙ හේන එළි කරවා ගන්න පුතෙක් ? යනුවෙන් ඩිංගිහාමිට පහර දෙමින් කෑ ගසයි. මෙම සිදුවීම සිරිඳු හා බබී හාමි ආරච්චි රාළ සමඟ අසමගිය ඇති වීමට හේතුවේ. එය නවකතාවේ ඉදිරි සිදුවීම් විකාශනයට මග පාදා ගැනීමට කතුවරයා උත්සුක වේ .
පිරිමි දරුවකු පිළිබඳ තමා අපේක්ෂා බිඳ වැටීමෙන් පසු තම දැරිවියන් දෙදෙනාට අවුරුදු තුනක් යනතෙක් සොයා නො බැලූ ඔහුට නොසිතූ  සිදුවීමකට මුහුණ පාන්නට සිදුවේ.  එක් දිනක  පුංචි  මැණිකා තමා ළඟට පැමිණ මුහුණ දෙස බැලීමෙන් අනතුරුව දෑතින් අල්ලා ළඟට ගෙන පවසන වදනින් ඔහුගේ පිය සෙනහස ඉස්මතු ව දෝරේ ගලා යයි. 
" ගෙඹි පැටිත්තියේ ඇයි උඹ විල අත්හැරලා ද ආවේ ? උඹේ මේ පුංචි බඩට ඇතිවෙන්න කෑම නැද්ද ඒකෙ ? බතුයි , පොලුයි , අඹයි, පුංචි කුරක්කන් රොටීයි, උඹේ බඩ පිරිලා ද ? මෝඩ ගෙඹි පැටිත්ති, විල  අතහැරලා කැලේට ආවා? 
යනුවෙන් වනාන්තරේ සතා සිවුපාවා සම්බන්ධ කරමින් තම  ජීවන රටාව පිළිබඳ දීර්ඝ කතාවක් ඉදිරිපත් කරයි. කතාව අවසන  පුංචි මැනිකා  හාන්සි වී සිටියාය. එදා සිට තම දරුවන් දෙදෙනා ට වැඩි සැලකිල්ලක් දක්වන්නට සිළිඳුට සිදුවිය. පසුව සිදු තමා ජීවත්වන ජීවත් වන ලෝකය පිළිබද විස්තර කරමින් විනෝදාස්වාදයක් ලබන්නට මෙම සිදු වීම හේතු විය. 
" සිලිඳුගේ ලොකු ම සන්තෝෂය වූයේ, වනය ගැනත්, තමා දඩයමේ ගිය ගමන් ගැනත්, දිය කඩවල සමීපයේ රාත්‍රීයේ රැක සිටි සැටිත්, ගස් සෙවණේ සිටි සතුන් හා යකුන් ගැනත් තම ළමයින්ට විස්තර කරදීමටය."

එසේ ම වනයට මෙන්ම හේනට අඬ ගහගෙන ගොස් ඒ පිළිබඳ අත්දැකීම් තම දරුවන්ට ලබා දීමට පසුබට නො වූ පියෙක් බවට සිලිඳු  පත්වේ.

ඔහු නිහඬතාවය අගය කළ අයෙකු විය. තම ප්‍රධාන ජීවනෝපාවූ දඩයමට නිහඬතාවය ලොකු අස්වැසිල්ලක් සපයාදීමට කතුවරයා සමත් විය. වනාන්තරය බිය හා සැක මත දෝලනය වන කුරිරු තැනකි. එහි ජීවනෝපාය රදවා ගැනීමට මඟ පෑදුවේ ඔහු තුළ පවත්නා නිහඬතාවයයි.
" යකින්නි නිසොල්මනේ අත්ත උඩ ඉඳගෙන ඌරු පැටියාගේ බෙල්ලෙන් වෑහෙන ලේ ලෙව කකා සිටියා. තරහ ගිය ඌරු රැලකගෙන් අන්තරාව වැඩි නිසා මමත් නිසොල්මනේ ම හිටියා පඳුර අස්සේ ඇන බා ගත් ගමන් ම, අන්තිමට නාකි ඌරාට තෙහෙට්ටු වෙලා ඌරු පැටවු ටිකදෙනත් රංචුවට මැදි කරගන පාර දිගේ එතැනින් පහළට යන්න ගියා."
සිලිඳුගේ චරිතයේ සුවිශේෂ ලක්‍ෂණය වූයේ වනාන්තරය හා සතා සිවුපාවන් සමඟ තිබූ බැඳියාවයි. එය තම දරුවන්ට කළ ආදරයට සමාන විය. දඩයම්කරුවෙක් වූ  හෙතෙම වනයේ සතුන් සමඟ කතා කළේය.
" තිරිසන් සතුන් කතා කරන්නේ මිනිහෙක් අවුරුදු ගාණක් කැලේ ජීවත් වූණාම." 
තම දරුවන් දෙදෙනාටද වනාන්තරයේ සුන්දරත්වය විඳීමට සැලැස්සුවේ ඔවුන්ද වනයට ඇති ඇල්ම ඔප්නැන්වීමේ අරමුණුනි.
වනයේ මහ ගල් කුළු මත තිබෙන දිය කඩවල්, ග්‍රීෂ්මයේදී ඇතුන් සැඟවී සිටින කැලෑ රොදවල් හා අතු කඩා කන ගස්, මී හරකුන් ලගින මඩවගුරු, දිවි වලසුන්  ගුහා සාදා ගන්නා තැන් ආදිය ඔහු ඔවුන්ට පෙන්නුවේය."
 සිලිඳු තම දරුවන්ට අසීමිතව ප්‍රේමයෙන් යුතුව පියෙකු ගේ භූමිකාව අවස්ථා ගණනාවක දී නිරූපණය කරයි. ඔවුන්ට රැකවරණය ලබා දීමට යුහුසුළු වේ. බබුන් සිලිඳු වෙත පැමිණ  පුංචි මැණිකා විවාහ කර දෙන මෙන් ඉල්ලා සිටින මොහොතේ ඔහුගෙන් ප්‍රකාශ වදන් වලින් ඉස්මතු වේ. 
" අයියෝ අයියෝ මගෙ දූත් මගින් ගන්න හදනවා . ගෙදර හරිය තියෙනවද සතයක් හාල් ඇටයක් ඇටයක් කුරක්කන් මිරිස් කරන අකුරු ටිකක් එච්චර එපා ලුණු පුපුරක් වත් නෑ නෑ නෑ ගේ පිටින් ම හිස් . ඒත් හොරුන්ට නම් මොනව නමුත් නැත්තෙ නෑ මං ගෙදර නැති අතර හොර රිංගනවා මම කවලා පොවලා හදාපු මට අප්පොච්චියේ කියාපු කියපු මං කැලේ ඉඳන් එනකොට පල වෙලත් මේවා දත් ගෙනත් දීපු මගේ පුංචි උන් දකිනවා නයි පොළොංගු වගේ හොරු මේකට හොරෙන් සිංහල මගේ පුංචි උන් මගෙන් හොරකම් කරනවා 
පුංචි මැණිකා හා බබුන් අතර සිදුවන විවාහයෙන් පසු සිළිඳු එය දකින්නේ ගෙදර පාලු බවත් එයින් ජීවත් වී පලක් නැති බවත්ය 
හින්නිහාමි ට ගමේ මිනිසුන් පහරදී පහර දී මරණාසන්න ව කැලේ වැටී සිටි විට සිළිඳුගේ ඇසට කඳුළු එයි. ඒ මොහොතේ දිළිඳු මොහොතේදී සිළිඳු රෙදිකඩක් අවුලාගෙන හදවා ඇය වඩා ගෙන නිවසට ගෙන එන මොහොතේ  සිළිඳුගේ කඳුළු බිඳු හින්නිහාමිගේ මුහුණට වැටුණු බව කල් කල් කතුවරයා පෙන්වා දෙයි.හින්නිහාමි ගේ මරණය හා බබුන් හිරගෙට යාම නිසා සිළිඳු අසරණ වුව ද තම ආත්ම ශක්තියෙන් පුංචි මැණිකා මැණිකා ට රැකවරණයක් ලබාදෙයි .
ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන සිළිඳුගේ ජීවිතයට යම් අස්වැසිල්ලක් කිසි විටෙක දක්නට නො ලැබේ . ඔහුට පැමිණෙන්නේ සැමවිටම දුක් කම්කටුලු ය . සමාජ පරිසරයෙන් පවා ඔහුට ලැබුණේ පීඩනයක් පමණි .ගමේ මුලාදෑනියා වූ බබේ හාමි ආරච්චිලගෙන් හා ප්‍රනාන්දුගෙන් තම ජීවිතයට හා පවුලේ උදවියට සිදු වන කෙනහිලිකම් හඳුනා ගැනීමට ඔහු සමත් නො වී ය . 

"තමාට විරුද්ධව අවට සිදුවන දේ ගැන සිලිඳු  කිසිවිටෙකත් සැක නො සිතුවේ ය. සුළු ණයක් දීම ප්‍රතික්ෂේප කිරීම හෝ ඇඟ බද්ද  ගෙවන්ට යැයි බල කිරීමට හෝ බබෙ හාමි කිසියම් වැදගත් හේතුවක් හැම විටකම දැක්වූයේ ය. ඔහු තමා ට විරුද්ධ ව කටයුතු කරන බව හෝ තමාගේ ජීවිතය මෙතරම් අමාරු තත්ත්වයකට වැටුණේ බබෙහාමි නිසාම බව හෝ සිලිඳු  කිසි විටකත් සැක නො කළේය."
බැද්දේගම නව කතාවේ සිලිඳු  ගේ පවුල් ජීවිතය විනාසයට වගකිව යුත්තෝ වූයේ ඔබේහාමි ආරච්චිල හා ප්‍රනාන්දුය . ඔවුන් දෙදෙනා මරා අ කැලේ සැඟවී සිටීමට සිලිඳු  නම් සත්‍යවාදී මිනිසාට හිත දුන්නේ නැත . ඔහු නීතිය හමුවට යන්නේ හිත නිදහස් කර ගත් නිදහස්  පුද්ගලයෙකු ලෙස ය . 
බැද්දේගම නව කතාවේ සිළිඳුගේ චරිතය ඉතා සාර්ථක චරිතයකි . එය තාත්ත්වික සජීවී චරිතයක් බවට පත් කිරීමට ලෙනාඩ් වුල්ෆ් ගත් උත්සාහය සාර්ථක වී ඇත. මානව දයාව හා සානුකම්පිත හැගීම පාඨකයා තුළ ඔප්නැංවීමට සිළිඳුගේ චරිතය සමත් වී ඇත .

Comments

Popular posts from this blog

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

සාහිත්‍ය යුග-

දඹදෙණි සාහිත්‍ය යුගය