ග්‍ිරා විනිස 100-254
101
අර්ථය - මිත්රනය, ගස්
සෙවනැල්ල සූර්ය රශ්මිය දුරු කළ, අනංගයා නටන රංග භූමිය වැනි සුදු
වැල්ලෙහි සිතේ හැටියට ඇවිදින ප්රිසය වූ ස්ත්රී්න් සමූහය ඉදිරි මාර්ගය අලංකාර කළා
වූ කලමුල්ල බලන්න.
විස්තර - (1) වෘක්ෂ
ඡායවේන සෙවණ වුණු සුදු මුහුදු වැල්ලෙහි ඔබ මොබ ඇවිදින්නා වූ සුන්දර කාන්තාවන් නිසා
ඉදිරි මාර්ගය අලංකාර වී ඇත.
(2) පතඟ - සූර්යයා
නරඟ - අනංගයා
සිතඟ - සිතැඟි; සිතෙහි
කැමැත්ත
102
අන්වය මෙන්ම අර්ථයද පහසුය.
අන්වයි - වයි යා කරන් -
ඉක්මනින් යන්න. ‘වයි’ යනු වහා යන අර්ථය දේ. ‘වයි යා කරන් මග සලකුණු නියම දැන’ යනුවෙන්
සැළලිහිණියේද එයි.
පල’රම් - පල
+ අරම් = පලතුරු වතු
103
අර්ථය - සිත් සනසන්නා වූ රතු
තොල් කෝවක්කා ගෙඩිය. ළං වන්නා වූ මිනිසුන් මත් වන්නා වූ මිහිරි වචනය. මිත්රොය, ඔබේ ඇස්
දෙක ලත් ප් මයෝජනය අත් වන, මත්ගොන ක්රීසඩාශීලි කාන්තාවන්ගේ ආකාරය දැක යන්න.
විස්තර - ලවනත - තොල්; ලවනත +
අත. මෙහි අත යනු ස්වාර්ථයි. ලවනත ස්වාර්ථ තද්ධිතයකි.
බිඹු පල - කෙම් ගෙඩි, කෝවක්කා
ගෙඩි
සකි - මිත්රෙය
104
අර්ථය - ස්වර්ණ පත්රා (පැලඳි)
කන් ඇති නොකිළිටි මුස්ලිම් කාන්තාවන් සිටින රත්රන් හා මැණික්වලින් පිරි සල්පිල්
වලින් අලංකාර වූ ගෙවල්වල බැඳි නොයෙක් කොඩිවලින් බබලන, මුහුද
අසල බේරුවල (ට) ඔබ සන්තොසින් පිවිසෙන්න.
විස්තර - රන්පත් සවන් - බේරුවල
ස්ත්රීලන් රනින් කළ පත්රි, කනෙහි පැළඳ සිටි බව මින් කියවේ. ‘පන්’ යනු ‘පර්ණ’ යන්නෙන්
හින්නයි.
නිමල - නිර්මල; බාල
ස්ත්රී න් අදහස් කළා විය හැකිය.
යොන් ලිය - අද මෙන් එදාද බේරුවල
යොන් ලියන් හෙවත් මුස්ලිම් කාන්තාවන් සිටි බව පෙනේ.
රන් රුවන් - අදද බේරුවල මැණික්
ආදියට ඉතා ප්රහසිද්ධය.
සන් - සැදි, සජ්ජිත
වූ
බන් - බඳනා ලද
සිඳුනා - සිඳු යනු ගංගාවලටද
නමි. ගංගාවන්ට නායක හෙයින් මුහුදට ‘සිඳුනා’ යි
කියති.
105
අර්ථය - යහළුව, මත්
වන්නා වූ ඉතා කර්කශ අබින් හා කංසා කා අත්තන මල් හා රත් මල් කනේ පැළඳ අලංකාර කර ගෙන
පොලු ලෙළවා ගත් ගමන්ම රැවුල ඇද හිතේ හැටියට කැරකෙන බර්බරයන් බලන්න.
විස්තර - අබිං කංසා - අභිඵෙණ හා
ත්රෛිලෝක විජයාතපත්ර ; මේ දෙකම මත් ද්ර්ව්ය ය.
රළුපරළු - අබින් හා කංසාවල නරක
විපාක දැක්වීම සඳහා මෙසේ කියවිණ.
මුගුරු - පොලු
බබුරන් - බර්බරයන්; මොවුන්
අප්රිමකානු බර්බර්වරුන් යැයි සමහරුන් කියන අතර තවත් සමහරු ම්ලේච්ඡයන් යයි කියති.
මෙපෙදෙස පෙර අප්රිඅකානු ජාතිකයන් සිටි බවද සිතිය හැකිය.
106
අන්වය - මල් පිටින් විදෙන වරලස
නොබැඳ, පටින් පටින් ගිලිහෙන සළු තරව නොහැඳ, ත-වෙත
පැහැද ලිය වටින් පිටින් දිව එත, සබඳ, තුටින්
නොසිට බෙන්තොටින් යා ගන්න.
අර්ථය - මල් සහිතව පිට දිගේ
විහිදී යන කේශකලාපය නොබැඳ පටින් පට ගිලිහී යන වස්ත්ර් තදින් නොහැඳ තා කෙරේ පැහැදී
කාන්තාවන් වටින් පිටින් දිව එන කල්හි මිත්රගය සන්තෝෂයෙන් (එහි) නොසිට බෙන්තොටින්
යා ගන්න.
විස්තර - (1) මල්
පැළඳි කෙස් විදා ගෙන ඇඳි වත ලිහිල් කර කාන්තාවන් දිව ඒම සන්තෝෂයෙන් එහි නතර වීමට කාරණයක්
නොවේ.
(2) මල් පිටින් - මල් සහිතව, මෙය කතා
ව්යලවහාරයෙහිද එන යෙදුමකි.
පටින් පටින් - කාන්තාවන් සළුව
පට කිහිපයකින් ඇඳ තිබූ බව පෙනේ.
107
අර්ථය - මිත්ර්ය, අනාගතයේ
බොහෝ ස්වර්ග මෝක්ෂ සැප විඳින පිණිස වනවාස විහාරයට ගොස් ඇතුළුව ජීවමාන බුදුන්
දුටුවාක් මෙන් පැහැදී සිට බොහෝ සෙයින් ගෞරව කරමින් වැඳ.
විස්තර - සග මොක් සිරි - මෙහි
සිරි යනු සැපතය.
වන වාසේ - පොළොන්නරු යුගයේදී, ලංකාවේ
කලින් පැවති මහා විහාර, අභයගිරි භේදය යටපත් වී ගොස් වන වාසි, ග්රාලමවාසි
භේදය ඇති විය. මින් බෙන්තොට වනවාස විහාරය ඉතිහාසයෙහි ඉතා ප්රදසිද්ධය.
දිවමන් - ජීවමාන, ජීවත් වන
බුහුමන් - ගෞරව
108
අන්වය - පරතරකය වැද, රුසිරින්
දිව අසර කය දන සකය පෑ තිලකය ඇඳි නළලතෙහි අලකය සැදි නිසැකය සිටි ළද කොමළ අඟනක් දැක
මග නොවැළක යව.
අර්ථය - පරතරකයට පැමිණ
රූපශ්රීකයෙන් දිව්යො අප්සරාවන්ගේ ශරීරය ජනයාගේ ඇස්වලට පෙන්වූ තිලකය ඇඳි නළලෙහි
කියඹුවැල ගැවසුණු සැකක් නැතිව සිටි තරුණ කාන්තාවන් දැක මග නොනැවතී යන්න.
විස්තර - දිව’සර - දිව
+ අසර, දිව්යඇප්සරාවන්; ගන්ධර්ව නම් වූ දිව්ය කුලයට
අයත් අප්සරාවෝ ඉතා රූමත්හ. නැටුම් ගැයුම්හි දක්ෂයහ.
කය - ශරීරය
සක - ඇස
109
අන්වය - රිවි අවට එළි කොට සිඳු
මැඳුරතට බට, එක විට ලොවට එළි බට ගන අඳර කඳට සඳ රොස කොට යුදට අඹරට එන කලට
මග නොසිට ලැගුමට වැලිතොට ගමට ගොස්
අර්ථය - සූර්යයා හාත්පස ආලෝක කර
සමුද්රමය නමැති මන්දිරය ඇතුළට පිවිසි කල්හි එක වරම ලෝකයට පැමිණි ඝනාන්ධකාර සමූහයට
චන්ද්රමයා කෝප වී යුද්ධ පිණිස ආකාශයට පැමිණෙන කල්හි මග නොනැවතී නවාතැන් පිණිස
වැලිතොට ගමට ගොස් (ම. ස.)
විස්තර - (1) ‘මෙහි
එළිකොට අවට’ යනුවෙන් කියවෙනුයේ සූර්යයා ගැනය. ඔහු සිඳු මැදුරතට බැස්සේ
අවට එළි කොට නොව, අඳුරු කොටය. සූර්යයා ලෝකය එළි කරමින් සිටියේ දිවා කාලය තුළය.
(2) අඳර කඳ - අන්ධකාර සමූහය, ජල කඳ, වාතස්කන්ධය
යනුත් මෙබඳුම යෙදුම්ය.
රොස කොට - කෝප වී; ‘රොසින්
මෙන් එකලා-පහන නිවුවා කටින් පිඹලා’ යනු කව්සේකර යෙදුමි.
110
අන්වය - අම්බලම කෙරේ, නිල්
පැහැ බර කොළ අතු විසිතුරු මැඳුරු, දිගු තරසර මනහර වීදි කඳ නොවිතර පියකර
බිඟු දද සෙනඟ රැඳි, තුරු කඳවුර සැතපෙව.
අර්ථය - අම්බලම අසල නිල්
පැහැයෙන් යුක්ත කොළ අතු නමැති විචිත්රව වූ මන්දිර, දික් වූ
ස්ථිරසාර සිත් ගන්නා මහා වීදි නමැති කඳන්, අප්රදමාණ මීමැස්සන් (නැතහොත්
සලෙළුන්) නමැති බමුණු (නැතහොත් පක්ෂි) සේනාව සිටියා වූ ගස නමැති කඳවුරෙහි
සැතපෙන්න.
විස්තර - (1) මෙයද ඒ
තරම් සිත් ගන්නාසුලු වර්ණනයක් නොවේ. ගසක් කඳවුරකට උපමා කිරීම කොයි තරම් අනුචිතද? කොළ අතු
මන්දිරවලටත්, කඳන් වීදිවලටත් උපමා කිරීම වැනි දේ කෙසේ නම් රසිකයෙකුගේ
සිත් ගන්නේද?
(2) දද - ද්විජ, බමුණෝ; දෙවරක්
උපන්නේය යන අර්ථයෙන් බමුණෝද පක්ෂීමුද විජ නම් වෙති. බ්රාදහ්මණයන් දෙවෙනි වර
උපදින්නේ උපනයනයෙනි. පක්ෂීන් බිජුවටින් එළියට ඒමෙනි.
නොවිතර - බොහෝ
111
විස්තර - නිවාස ග්ර හණය -
නවාතැන් ගැන්ම
ශාලො’පගත -
ශාලා + උපගත = ශාලාවට පැමිණි
නෛක ජන - නොයෙක් ජනයා
අන්යොනන්ය් වර්ණනාලාප - උනුන්
වර්ණනයට කියන කියුම්; ආලාප යනු වචනය. (කියුම්ය)
ස්වර්ණාලංකාර - කනට අලංකාරයක්
වනුයේ කර්ණාභරණයි. එය ස්වර්ණයෙන් කළ විට වඩාත් වටී. කනට රන් බරණක් කරන්නට කීමේ
අර්ථය ඉතා හොඳින් අසා ගන්න යනුයි.
විමර්ශනය - මේ ප්රිවේශයෙන් පසු
ආරම්භ වනුයේ සිංහල සන්දේශ සාහිත්යයයට සුවිශේෂ ආභරණයක් බඳු විස්තර වර්ණනාවකි. කවියා
පැරකුම්බා රජ කෙරේ තමා තුළ ඇති භක්තිය ප්රවකාශ කිරීමට මේ අවස්ථාව උපයෝගි කර ගෙන
ඇත්තේ ඉතා සියුම් ලෙසය.
112, 113
අර්ථය - වෙනත් දේශයන්ගෙන් පැමිණ
මග ගමනින් වෙහෙසට පත්ව, (එහි) සැදී තිබූ නොයෙක් පලතුරුවලින් සන්තර්පිතව සතුටු වූ ජනයා
අතුරින් සමහරු අපාය මාර්ගය වළක්වන්නා වූ බොහෝ සම්පත් ගෙන දෙන්නා වූ සිංහල බණ (කතා)
ඉගෙන බුදුන්ගේ ගුණ කියති.
විස්තර - දෙසතුරින් - දෙස්+
අතුරින් = වෙනත් දේශවලින්, දේශාන්තර යන්නෙහි තේරුම වෙනත් දේශ යනුයි. මෙසේම ‘ජාත්යුන්තර’ යනු
වෙනත් ජාතීන්ය. ඒ නිසා ජාතීන් අතර යන තේරුම දීම සඳහා යෙදිය යුත්තේ ‘අන්තර්
ජාතික’ යනුයි.
සැතපුණු - සන්තර්පණය වූ
අවා මග - අපාය මාර්ගය
අවරණ - ආවරණය කරන, වළක්වන
එළු බණ - සිංහල බණ කතා
114, 115
අර්ථය - නොයෙක් කාව්ය නාටක රස
දැන ගත්තා වූ මිථ්යාන දෘෂ්ටි ගත් කෙනෙක් පූර්වයෙහි තම තමන් ඉගෙන ගත්තා වූ රාම සීතා
කතා කියති. උදාරම් (උදාරකම් සිතට ගත්) සමහරු ඔවුනොවුන්ට අවස්ථාව දෙමින් වචනයෙන්
වචනය පාදා සිත් නාම පද තෝරා කියති.
විස්තර - මිස දිටු - මිථ්යාො
දෘෂ්ට; එක් ආගමක් අදහන් තැනැත්තා අනික් ආගම් මිථ්යා දෘෂ්ටි හැටියට
සලකයි.
රාම සීතා කතා - රාමායණයේ කතා
උදාර - මෙහි තේරුම උසස් යනුයි.
ඒ උසස්කම බොරුවට හිතට ගත්විට කටවහරෙහි එයට ‘උදාරම්’ යැයි
කියනු ලැබේ. ‘උජාරු’ යනුත් එම තේරුම දෙයි. මෙහිදී වඩා
ගැළපෙන්නේ කටවහරෙහි එන ඒ තේරුමයි.
වාරා - වාරය, අවස්ථාව
බසින් බස සාරා - පදයෙන් පදය මතු
කරමින්
සිත් නාම - දැනට තුන් තේරවිලි, නොපිට පද
ආදි වසයෙන් ගැනෙන තේරවිලි විය යුතුයි.
116, 117
අර්ථය - සමහරු වෙන වෙනම එක් වී
(තැන් තැන්වල කාණ්ඩ ගැසී) එකිනෙකාට වහසි බස් කියමින්, සිනාසී
සීපද, දෙපද බොහෝ කියති.
තවත් අයෙක් සතුරන්ගේ එඩි බිඳ ලූ, ලෝකය
කෙළවර ජයකොඩි නැංවූ රජුගේ නාමයෙන් බැඳවූ සින්දු කියති.
විස්තර - වාසි - වහසි බස්, අභියෝග
කිරීම්
දෙපද - සීගිරි කවීන් බොහෝ විට
ගී හඳුන්වා ඇත්තේ ‘දෙපද’ හැටියටය.
දිය දද - ජය කොඩි, ලෝකය
කෙළවර ජය කොඩි බැඳවිය හැක්කේ ලෝකය ජය ගත් අයෙකුට පමණි.
118, 119
අර්ථය - සමහරු රජුට බඳනා ලද
සුන්දර, විචිත්රි කීර්ති ශ්ලෝක මිහිරි පදාර්ථයන් කියා දැන ගෙන කට
පාඩම් කරති.
සමහරු ඔවුන්ගේ කියමන්වලින්
පිබිදී ඉඳ විශේෂයෙන් රජුගේ විරුදාවලී මහ හයියෙන් සතුටින් කියති.
විස්තර - යස සොලෝ - කීර්තිය
පුකාශ කරන සිලෝ හෙවත් ශ්ලෝක
වන පොත් කරති - කට පාඩම් කරති.
සැඬ ගොසින් - චණ්ඩ වූ ඝෝෂාවෙන්, හය්යෙන්
විරුදාවලි - විරුද + ආවලි; ප්රසශස්ති
රචනා පන්ති
120
ඉතා පහසුය.
121, 122, 123, 124, 125
අර්ථය - ඥානයට ඇසක් වැනි වූ
මුළු ලෝකයේ ආඥා චක්රසය ප්ර5කාශ කළ පඬි රජු විරුද්ධ (රාජ) සමූහය ජය ගත්තේකැයි ඔහුගේ
විශේෂයක් කියති.
චෝළ, පාණ්ඩ්යය, ලාට රට, ගුජ්ජර, තුළුවර, මහා
රාෂ්ට්ර්, තෙලිඟු, වංග ආදි රටවල සිට පැමිණි ජනයා තිම
තමන්ගේ රටවල විරුද්ධ රජවරුන් ජය ගෙන, සියලුම දිළින්දන් සතුටු කර
නන්දන වූ සියලු ශ්රීර විඳ රජවරුන් රජ කරන ආකාරය කියන කල්හි, අප රජුගේ
කීර්තිය නොකියා ඔවුන් සාහසික ලෙස පවසන වචන අසා උසස් නුවණ ඇති ජනයා, විශේෂයෙන්
සූර්ය වංශයට අග තැන් පැමිණියා වූ රජවරුම යහපත් වෙති. ඒ නිසා අප රජුගේ ප්රූවෘත්ති
අසවයි මෙසේ කියති.
විස්තර - පඬි - පාණ්ඩ්ය දකුණු
ඉන්දියාවේ පිහිටි ප්රවධාන දෙමළ රාජ්ය් තුනෙන් එකකි. අනික් දෙක සොළී හා කේරළයි.
නැණසක් - වෙනත් සංස්කරණවල මෙයට
අර්ත කියා ඇත්තේ ඥාන නමැති ඇස් කියායි. එහෙත් ඥානයට ඇසක් බඳු යන්න වඩා ගැළපේ යයි
සිතමු.
විරුදුසක් - විරුද්ධ චක්ර ය, සතුරු
සමූහය
සොළී - චෝල දේශය, මෙය චෝළ
මණ්ඩල හෙවත් කොරමන්ඩල් වෙරළෙහි පිහිටියේය.
ලාට රට - ඉන්දියාවේ නැෙඟනහිර
මෙන්ම බටහිරද ලාට රට නමින් ප්‍හිදේශයක් තිබුණි.
ගුජර - වර්තමාන ගුජරාටය
තුළුවර - තුළු නම් ද්රුවිඩ ගණයට
අයත් භාෂාව කතා කරන වැසියන් සිටින ප්රුදේශය.
මහරට - මහා රාෂ්ට්රව හෙවත් මරාඨ
දේශය
තෙළිඟු - වර්තමාන ආන්ධ්රාු
ප්රාදේශය
වගු - වංග හෙවත් බෙංගාලය
සහසා - සාහසික ලෙස
දිනමිණි කුල - සූර්ය වංශයයි.
ලංකාවේ රජවරු නොයෙක් විට තමන් සූර්ය වංශයට අයත් බව ප්රබකාශ කර සිටියහ.
126, 127
අර්ථය - තේජසින් සූර්ය බිම්බය
හා සමාන වූ පරාක්ර මබාහු රාජොත්තමයා සතුරන් නමැති සමුද්රසය කළඹා වීරත්වය නමැති
ශ්රීා කාන්තාව තම බිරිඳ බවට පත් කෙළේය.
උතුම් වූ අපගේ මේ රජතුමා
මනුනීති චාරිත්රත සම්පූර්ණ කොට සතර සංග්ර හය අත නොහැර නිරන්තරයෙන් ලෝකයාට සත්කාර
කෙරෙයි.
විස්තර - රිවි බිම්බා - සූර්ය
බිම්බය හෙවත් රිවි මඬල
කුල’ම්බි -
කුල + අම්බා = කුල කාන්තාව - සංස්කෘතයෙහි අම්බා යනුවෙන් හැඳින්වෙනුයේ මවය. එහෙත්
සිංහලයෙහි මෙය භාර්යාව සඳහා භාවිතා කරනු ලැබේ.
මනු නය - මනු නීතිය - මෙය
මනුස්මෘති, මානවධර්ම ශාස්ත්ර- යන නම්වලින්ද හැඳින්වෙන නීති ග්ර න්ථයකි.
පුරාණ රජවරුන් රාජ්යව කිරීමේදී අනුගමනය කළ යුතු වූ චාරිත්රන වාරිත්රන මෙහි දැක්වේ.
128, 129
අර්ථය - අපේ මෙම රජතුමා
රාජධර්මය සිතෙහි රඳවා ගෙන සන්තෝෂ නමැති සාගරයෙහි ගිලුණේ බොහෝ බ්රාමහ්මණයන්ට නිතර
දන් දෙයි.
නව නිධානය ලැබුණු කල්හි මෙන්
පාපය අතුරුදහන් කොට තමාගේ සිත සතුටු කර අවුරුදු පතා මහ දන් දෙයි.
විස්තර - නවනදන් - වෛශ්රටවණයා
සතුව, කොතෙක් ගත්තද අඩුවක් නොවන මහා නිධාන නවයක් ඇතැයි කියනු ලැබේ.
ඒවා නම් පද්මය, මහාපද්මය, ශංඛය, මකරය, කක්ෂපය, මුකුන්දය, නීලය, ඛර්වය
යනුයි.
130
අර්ථය - ප්ර සිද්ධ වූ සූර්ය
වංශයට පැමිණියා වූ මෙරජු නිතර ප්රතශංසා කිරීමෙන් මුළු ලොවට හිංසාවක් නොවේ.
විස්තර - මෙම පද්යයට
ව්යාරඛ්යාණනකරුවන් දී ඇති අර්ථය මඳක් පැටලිලි සහිත බව පෙනේ. අප දී ඇති අර්ථය වුවද
එතරම් පැහැදිලි නැති බව කිව යුතුය. කෙසේ වුවද ප්ර ශංසාවට නුසුදුසු තැනැත්තෙකු
වෙනුවෙන් කරන බොරු ප්රේශංසා මුළු ලෝකයාටම හිරිහැරයක් වන බව අප විසින් සලකා ගෙනය
මෙම අර්ථකථනය කරන ලද්දේ.
131, 132
අර්ථය - මේ රජුගේ ශ්රීඑ පාදය (වෙනත්) රජවරුන්ගේ මුදුන්
ආභරණයයි. ශ්රීද කාන්තාවට ආරක්ෂා ස්ථානයයි. මුළු ලොවට එකම පිහිට වෙයි.
මේ අපගේ නර ශ්රේෂ්ඨයා ශ්රී. ලංකාවේ සිටින මනහර මහා සංඝ
සමූහයා අත නොහැර අවුරුදු පතා පිරිකර දෙයි.
විස්තර - මුදුන් බරණය - මෙහි මුදුන නම් හිසය. වෙනත් රජවරු මේ
රජුගේ පා වඳිති. එවිට මේ රජුගේ පය ඔවුන්ගේ හිසෙහි ආභරණයක් බවට පත් වෙයි.
වරණය - ආවරණය හෙවත් ආරක්ෂා ස්ථානයයි.
සරණය - පිහිට
පිරිකර - අට පිරිකර, පාත්රිය, තුන්
සිවුර, පටිය, දැලි පිහිය ඉදිකටුව, පෙරහන්කඩ යන අට
133, 134
මේ පද්යඅයන්ගෙන් රජුගේ ආගම භක්තිය ගැන කියවේ. අර්ථකථනයක්
දැක්වීමක් අවශ්යො නොවේ.
135, 136
අන්වය - අපමණ විකුම් අප හිමි ගිරි දුදුළු බල කොට තෙද රළු
බළසෙන් සමඟ තැන තැන උන් අඹුළු නැබුළු විකුම් ඇති නොයෙක් රජ මුළු ජය ගෙන මුළු දෙරණ
තමා තෙද අණ පෙන්වා ලක එක හිරවරණ කෙළේ.
අර්ථය - අප්රකමාණ වික්ර ම ඇති අප ස්වාමියා ගිරි දුර්ග
බලස්ථාන කර ගෙන තේජසින් රළු (ක්රෑර) වූ භටසේනා සමග තැන් තැන්වල සිටි අඹුළු මහත්
වික්රනම ඇති බොහෝ රාජ සමූහයා ජයග්ර්හණයකර මුළු ලෝකයටම තමාගේ තේජසද ආඥාවද පෙන්වා
ලංකාව එක සේසත් කෙළේය.
විස්තර - බල කොට - ශක්ති සම්පන්න කොට, මෙහි
ගිරි දුදුළු බලසම්පන්න කිරීම නම් සතුරන්ට ඒවායින් පැමිණිය නොහැකි පරිදි ආරක්ෂක
විධවිධාන යෙදීමයි.
ගිරි දුදුළු - ගිරි දුර්ග, පර්වතවල
අමාරුවෙන් යා හැකි තැන; දුර්-ගම වූයේ දුර්ගයි.
අඹුළු - මේ වනාහි ගැටලු සහිත පදයකි. මුනිදාස කුමාරතුංග
සංස්කරණයෙහි එය ‘අමුළු’ යැයි ගෙන ‘අමූඪ’ යනුවෙන්
අර්ථ දක්වා ඇත. මකුළුදූවේ හිමියෝ වර්ගයට අයත් සතෙකුගේ නම හැටියට එය ගනිති.
නැබුළු - මහත්, ‘නැබුළු යකෙක් මා අත ගති තදේයා’ (කුස)
හිරවරණ - හිර අවුරන නිසා සේසත හිරවරණ නමි. ලක එක හිරවරණ
කිරීම නම් ලංකාව එක්සත් කිරීමයි.
137
අන්වය පහසුය. දුලබ පදයක් ඇත්තේ ‘තෙවිකුම්’ යන්න
පමණකි. එය විෂ්ණුට නමකි.
විස්තර - වන්නි - වන්යත යන්නෙන් බිඳුණකි. විශේෂයෙන් වයඹ
පළාතේ කැළෑ ප්ර්දේශ; පෙර මේවා කුඩා රාජ්යය හැටියට පැවතිණි.
138
අර්ථය - ශ්රීව ලංකාවේ සියලු රජවරු තමන්ගේ මුදුන් මිණි කැලුම්
නමැති ජලයෙන් පා සෝදා රජුගේ අදහස් හොඳින් දැන සිටිති.
විස්තර - (1) ප්රායදේශික රජවරුන් රජු වැඳ
පසකට වී සිටි අයුරු මෙයින් කියවිණ.
(2) සිළු මිණි දෝ - ශිඛා මාණික්යු කාන්තිය; ‘ජ්යෝ්ති, යන්නෙන් ‘දෝ’ යනු බිඳී
ඇත.
සිලිලින් - වතුරෙන්
දෝ කර - දොවා, සෝදා
139, 140
විස්තර - මෙහි දුෂ්කර වචනයකට ඇත්තේ බල දෙවි යන්න පමණකි. ඉන්
අදහස් වනුයේ බලභදුය. හින්දු කතාවලට අනුව කෘෂ්ණගේ බාල සහෝදරයා වන මොහු වික්ර4ම
වන්තයෙකි.
141, 144
අන්වය - (141) තම තෙද
අණට සතර දලනිඳු උදු හිම් කර, සැඬ විරිදු පිම්බූථ පසිඳු රුදු කන්නඩි
නිරිඳුගේ
(142) ගිරි දුදුළු දස අටක් ජය ගෙන, රුපු
අමුළු විකුම් තෙද රළු දප හළ, මරසෙන් අයුරු දරුණු බළ මුළු
(143) මෙර මත වැද අඹළ වෙරළ ගල සිඳු
දිය කඳ ලෙස නොමඳ ගොස කර අවුත් එක යුදට වන් කල
(144) යුද ඔද පසින්දා ඔවුන් ලුහුබන්දා
බිඳ යස දස අත අන්දා මුළු දඹදිවට නින්දා කෙළේ.
අර්ථය - (141) තමාගේ
තේජසටද ආඥාවටද සතර සාගරය කෙළින්ම සීමා කර, චණ්ඩ වූ විරුදු ගායනා කරන්නට
සැලැස්වූ ප්රතසිද්ධ රෞද්රස කණ්ණඩි රජුගේ
(142) ගිරි දුර්ග දහ අටක් ජය ගෙන
විරුද්ධ රාජ සමූහයාගේ වික්රමමය, තේජස, (සහ) චණ්ඩ
වූ දර්පය දුරු කළා වූ මාර සේනා වැනි දරුණු භට සමූහය.
(143) මහ මෙර වැදී ඇඹරුණා වූ වෙරළට
ගලා ගිය සමුද්රණ ජලස්කන්ධය මෙන් මහත් වූ ඝෝෂා කොට අවුත් එක සේ යුද්ධයට වැදුණු
කල්හි
(144) සටන් එඩි ප්රදච්ඡින්න කොට ඔවුන්
ලුහුබැඳ පරදවා කීර්තිය දශ දිශාවෙහි අඳවා මුළු ජම්බුද්වීපයටම නිග්රඩහ කෙළේය.
විස්තර - උදා හිම්කර - සෘජුව
සීමා කොට - අතර මග නතර වීමක් නැතිව සතර මහා සාගරය දක්වා යන අර්ථයයි.
සතර දලනිඳු - පැරණි විශවාසයට
අනුව මහ මෙර සතර පැත්තේ සතර සාගරය පිහිටියේය. මෙහි ගණන් ගැනෙනුයේ ඒවාය.
සැඬ විරිදු පිම්බූ - සාමාන්යඒ
තේරුම ‘ආඩම්බරයෙන් හඬ නඟා කියවූ’ යන්නයි.
කන්නඩි - කර්ණාට දේශය, වර්තමනා
කන්නඩ ප්රාබන්තය
පසින්දා - සිඳ යනු කඩා යන
අර්ථයි. ‘පසිඳ’ යනු විශේෂයෙන් කඩා හෙවත් බිඳ යනුයි.
145, 146, 147
අර්ථය - පූර්වයෙහි සිට මේ
ලංකාවේ රජුන් හට යටත් නුවූ ආර්ය චක්රවර්තිට (එරෙහිව) යුද්ධයට බොහෝ භට සේනා යවා වේදනා
ඇති කොට ඒ රජු එලවා ගොස් ඔහුගේ එඩි මැඩ මාමා, ඤාති සහෝදරයා හා බාල සහෝදරයාද
බැඳ මන්ත්රීර සේනාව යොදා වහා යාපන රාජ්යාය අල්ලා නෙ අවුරුදු පන්දහසකට කීර්තිය තබා
ලීය.
විස්තර - ආරිය සක්විති - දහතුන්
වැනි ශතවර්ෂයේ සිට යාපනයෙහි රජ කළෝ ආරිය සක්විතිවරුය. මොවුන් බලය අල්ලා ගත් තැන්
සිට යාපනය සිංහල රාජ්යසයට අවනත වීමෙන් වැළකී සිටියේය. ‘මෙලක
නිරිඳුන්හට අවනත නුවූ පෙර සිට’ යැයි කීයේ ඒ නිසාය.
මයිල් නා බෑ මලුන් - මාමා, ඥාති
සහෝදරයා හා බාල සොහොයුරා ‘මයිල්නා’ යනුවෙන් ඇතැමුන් ගන්නා යෙදුමෙහි
අර්ථයක් නොමැත.
පස්වා දහස් - අවුරුද පන් දහසක්
148, 149, 150
අර්ථය - ප්රෙවර වූ මෙරජු විසින්
බඩු පුරවා හරින ලද නැව් අතර මගදී මලවර (ජාතිත) උදුර ගත්තේයැයි ඉන්දියාවේ සොළී
රටෙහි අදිවිරරාම නැව් තොටට වහාම මහා නෞකා පිටින් මහා සේනාව යුද්ධය සඳහා යවා
නිරන්තරයෙන් යුද්ධයට ආශා කළ දෙමළ භට සේනාවන්ගේ මානය නැති කොට ජම්බුද්වීපය නිහඬ කොට
ශ්රී ලංකාද්වීපයට ජය (ගෙන දෙන) වැඩ කෙළේය.
විස්තර - රාමන් මලවරායා -
පැරකුම්බා සිරිතෙහිද මොහු ගැන සඳහන්ය. මලබාර් ජාතිකයෙකු විය යුතුය. රාමන් යනුද
මලයාලම් නමකි.
පටන - නැව්තොට යන අර්ථ ඇති ‘පට්ටනම්’ යන දෙමළ
වචනයෙන් බිඳී ආවකි.
යුද සොඩ - යුද්දයට කැමති
දියවැඩ - මෙහි දිය යනු ජය යන
අර්ථය දේ.
51, 152, 153
පැරකුම්බා රජුගේ වර්ණනය
ඉදිරිපත් කෙරෙන සෙසු ලඝු කවි මෙන්ම මේවාද සරලය. එහෙයින් අර්ථ දැක්වීමක් අවශ්යෙ
නොකෙරේ. මෙම වර්ණනය සමස්ත වසයෙන් ගෙන පරාක්රහම රාජ වර්ණනයක් කිරීමට උත්සාහ ගන්න.
විස්තර - දස රද දහම් - යහපත්
රජුන් සතු දාන, ශීල පරිත්යානග, සෘජුත්ව, මෘදුත්ව, තපස්, අක්රෝසධ, අවිහිංසා, ක්ෂාන්ති, අවිරෝධතා
යන ගුණ දහය.
විස්තර - ස සමය - ෂඩ් දර්ශනය; ගෞතමගේ
න්යාණය, කණාදගේ වෛශෙෂික, කපිලගේ සාංඛ්යා, පතංජලිගේ
යෝග, ජෛමිනීගේ මීමංසා, ඛාදරායනගේ වේදාන්ත යන හතයි.
154
මිලිඳු රජු - මිනැන්ඩර් නමැති
ග්රී,ක් රජු; බෞද්ඛ සාහිත්යයයේ එන මිලිඳු රජු
නොයෙකුත් සමය සමයාන්තරවල නිපුණයෙකු හැටියට හැඳින්වේ. මේ රජු නියම වසයෙන්ම සිටි
අයෙකු නොව මිලින්ද ප්රහශ්නය රචනා කිරීම සඳහා මැවූ චරිතයක් සේ සමහරු ගනිති. කෙසේ
වුවද මෙතෙම බෞද්ධ භික්ෂුවක වූ නාගසේන තෙරුන් සමග වාද කොට පරාජයට පත් විය.
155, 156
අර්ථය - (155) ආයුධ
ශිල්ප හරඹය දැන, විරුද්ධවුන් දුරු කොට රාජනීති නමැති ආශ්රයමයට වැදී සියලු
කාව්යව නාට්යධ අත් නොහැරම ශ්ර වණය කෙළේය.
(156) ශ්රී ලංකාව අලංකාර ලෙස ආරක්ෂා
කොට සියලු සත්වයාගේ සිත් සතුටු කළා වූ බැබලුණු අප නරේන්ද්රශයා ලෝකයට පහළ වූ
පිරිසිදු පින් කැටියකි.
විස්තර - රද නීති අසරම වැද - ‘රාජ
නීතියම පිහිට කොට’ යැයි මෙයට කුමාරතුංග සංස්කරණය අරුත් කියන නමුත් ‘අසරම’ යනු ‘ආශ්රිමය’ යැයි
ගැනීම වඩා සුදුසු බව පෙනේ.
157, 158, 159
අර්ථය - (157) කරුණාවෙන්
දුකට පැමිණියන්ගේද, තීක්ෂණ ඥානයෙන් උගතුන්ගේද, විකුමයෙන්
බලවතුන්ගේද, නිතර දෙන්නා වූ මහා දානයේන් දුප්පතුන්ගේද
(158) මෛත්රිෙයෙන් රජවරුන්ගේද, සුදුසු
තනතුරුවලින් මන්ත්රීනන්ගේද, වර්ධනය කිරීමෙන් කුලවතුන්ගේද, මහත් වූ
භක්ති ප්රේදම මනසින් ශ්රලමණයන්ගේද,
(159) වචනයෙන් යහපත් දේ කියන්නවුන්ගේද, (රූප)
විලාසයේන කාන්තාවන්ගේද මේ ආකාරයට ලොකවාසීන්ගේ සිත් ගත්තේය.
විස්තර - නිවතුන් - මෙහි ‘වත්’ නම්
වස්තුවය; වස්තු නැත්තෝ නිවත්තුය.
වැඩුමෙන් කුලැතියන - කුලවත්තු
නොයෙක් විට තම කුලය වර්ධනය වනු දැකීමට කැමති වෙති.
සිය - තම
සියන් - ඥාතීන්
විලසින් - විලාසයෙන්, රූපයෙන්
විලසියන් - විලාසිනින්, කාන්තාවන්.
160, 161, 162
අර්ථය - (160) අනාගතයෙහිද
ලංකාව තම පරම්පරාවට එක්සත් වන ආකාරයට රාජ චාරිත්ර පෙන්නුම් කොට මනු රජු මෙන්
මධ්යිස්ථ විය.
(161) මොහුගේ ජය ඝෝෂාව, යුගාන්තයෙහි
සාගර ඝෝෂාව පරිද්දෙන් මුළු ලෝක කුක්ෂියට වැදී විරුද්ධ රජුන්ගේ කීර්තිය මර්දනය කොට
කවර තැනක නම් නොපැතුරුණේද?
(162) දශ දිශාවට ගොස් පෙනුණා වූ
මොහුගේ ආඥා චක්රකය සැණකෙළි මල්දම් අයුරින් කවර නම් රජෙක් විශේෂයෙන් හිසින්
නොදැරුවේද?
විස්තර - (1) මධ්යආස්ථ
රජෙකු සිටින විට එය ඔහුගේ පරම්පරාවේ අයටද වාසියකි. ඒ අයටද ඔහුගේ ගති ගුණ පිහිටා
ඇතැයි මහජනයා සිතන බැවිනි. පැරකුම්බා රජු මනු රජු මෙන් යහපත්ය. ඒ වනාහි මතුත්
ඔහුගේ පරම්පරාවට ලංකාව එක්සත් කළ හැකි වන ගුණයකි.
රජු මධ්යතස්ථ වී යයි කීවද ඥාති
සංග්‍රහයෙහි යෙදුණුබව ‘ඉසුරින් සිය කුල සියන්’ සිත් ගත්තේයයි කීමෙන් පෙනී යයි.
(2) යුග කෙළ සයුර - යුගාන්තයේදී
(ලෝක විනාශයේදී) මහා සාගරය මහා හඬ නඟමින් ගොඩ ගමන් ගනී.
අණසක - රජෙකුගේ ආඥාව චක්රපයෙන්
සංකේතවත් කෙරෙයි.
163, 164, 165
අර්ථය - (163) සියලු
ලෝකයෙහි දිලිසී සිටි මොහුගේ නිර්මල ආඥාව හැර කවරෙකුගේ බලවත් ආඥාව අන්ය1 රජුන්
නමැති ඇතුන්ට හැකිලි (යදම්) වීද?
(164) සෑම දුර්ගයකම වාසය කරන රෞද්රත
සතුරු රජුන්ගේ එඩි දුරු කෙළේ, විෂ්ණුද ඉක්මවා ලීය. මොහු නොකෙළේ කවර
වික්රගමයක්ද?
(165) දස දහසක් යොදුන් ජම්බුද්වීපයෙහි
සියලු විරුද්ධකරුවන් ජයගත් ධර්මා6ශෝක රජු හැර කවරෙක් මේ රජුට සමානද?
බලී - බලවත්
විස්තර - පර රජ ගජන් හැකිලි -
පැරකුම්බා රජුගේ අණ වෙනත් රජවරුන් නමැති ඇතුන්ට හැකිල්ලක් විය. මෙහි අදහස ඔහු
ඔවුන් අවනත කළ බවයි.
උවිඳු - උප්රේයන්ද්රට; විෂ්ණු -
වරක් විෂ්ණු ඉන්ද්ර යාට (ශක්ර යාට) බාල සොහොයුරුව උපනි. ඒ නිසා ඔහුට (උප +
ඉන්ද්ර්) උපේන්ද්ර යැයි කියනු ලැබේ.
දප’ළේ - දප +
අළේ; දප හැරියේ. දර්පය නැති කෙළේය.
දම්සෝ - දඹදිව එක්සත් කළ ධර්මාශෝක
රජතුමා. ලංකාවට බුද්ධාගම එවන ලද්දේද මෙතුමා විසිනි. මොහු ලෝකයේ සිටි ශ්රෙරෂ්ඨම
රජුන්ගෙන් කෙනෙකි.
166
මේ කවිය ඉතා පහසුය.
167
අන්වය - සරණ අවි තුරු සිරේය
රැව් කෙරේය. පුල් සරේය බිඟු පැහැද හැසිරේය. අරුණු රැස් තුමුල් ගන අඳරේය හැර පෙර
අඹරේය පැතිරේය.
අර්ථය - කුකුළා ගස මුදුනේ
හඬලයි. පිපුණු පියුමෙහි භෘංගයා ප්රැසන්නව හැසිරෙයි. අරුණාලෝකය මහත් වූ ඝනාන්ධකාරය
දුරු කර පෙරදිග අහසෙහි පැතිරෙයි.
විස්තර - සරණ’වි - සරණ
+ අවි; සරණ හෙවත් කකුල අවියක් කර ගත් තැනැත්තා, කුකුළා; කුකුළා
පහර දෙන්නේ පයිනි.
සිරේ - මුදුනෙහි
සරේ - විලෙහි; පියුමෙහි
යන අර්ථ දෙකම දෙයි.
තුමුල් - මහත්
වීමර්ශනය - කලින් දින රාත්රි
යේද නිදා නොගත් (98) දූතයා මෙදිනද නිදි නොලද බව පෙනී යයි.
168
අන්වය - මඳ පවන් වැඳ ලෙළ දෙන
ලිය වදල සහයුරු පලු කසට කට පරපුටු තෙපුල් මඳ මඳ ඇසේ.
අර්ථය - මඳ සුළඟ වැදී සෙලවෙන්නා
වූ වැල්ගොමුවල මී අඹ දලු (කෑමෙන්) කහට වූ කටින් (එන)කෝකිලයන්ගේ නාදය ටික ටික ඇසේ.
විස්තර - ලිය වදල - වැල් එකට
එතී ගොනු වූ තැන් ලිය වදල හෙවත් ලිය වදුල් නමින් හැඳින්වේ.
සහයුරු පලු - සහකාර පල්ලව; මී අඹ
දලු; සහකාර නම් මී අඹයි.
පරපුටු - කෝකිලයා; කෙවිලිය
බිජු දමන්නේ කපුටු කූඩුවෙහිය. කපුටිය ඒවා රකිනු ලැබ පැටවුන් එළියට අවුත් වැඩෙන්නට
වූ කල කොටා පන්නා දමයි. මලු කාලයේ තම මව නොව වෙනත් තැනැත්තියක විසින් පෝෂණය කරනු
ලැබූයෙන් කෝකිලයා පරපුටු යන නාමය ලබයි.
169
අර්ථය - මිත්රිය, චන්ද්ර්
රශ්මිය නමැති වතුර ලෝකයෙහි පිරී බසින විට ගස් මුදුන් අතරෙහි විසිරී රැඳුණාවූ පෙණ
සමූහය මෙන්, එදා උදය බොහෝ වූ කැලෑ මල් දැක සිතේහි සන්තෝෂය වර්ධනය කර
මඳක් තැන් ගොස් ....
170
අන්වය - පබළ කැල සමග රැඳි පෙණ
පෙළ ලකළ තරඟ විසුළ පුවළ නිල් සිඳු පළ කළ, සුළඟට ලෙළ දළු මල් තුරු වැළ වතළ
උදුළ නැබළ වන ගළ පෙර මගබල
අර්ථය - පබළු සමූහය සමග රැඳුණා
වූ පෙන සමූහයෙන් අලංකාර වූ රළ විසිරුණු ප්රෞයඩ වූ මුහුදෙහි (ආකාරය) ප්රළකාශ කළ, සුළඟට
ලෙළ දෙන දළු මල් (සහිත) වෘක්ෂ සමූහය වැතුරුණා වූ බබලන, මහත්
වනරේඛාව ඉදිරි මාර්ගයෙහි බලන්න.
විස්තර - (1) ඈත වන
ඝටය නිල්ය. එහි රතුපාට දළුද සුදු පාට මල්ද විසිරී තිබේ. ඒවා හරියටම පබළුවලින් හා
පෙණවලින් ගැවසී සමුද්රඑය වැන්න. මේ දළු හා මල් සුළඟින් සෙලවීම මුහුදේ පබළු හා පෙණ
තරඟවලින් චලනය වීම වැනිය.
(2) පුවළ සිඳු - ප්රෞපඩ වූ සාගරය
වන ගළ - වන ඝටය, වන පන්තිය
171
අන්වය - ගිරි කුළේය සිකි පිල්
සත් කෙළේය. තුරු බෙළේය, රොන් සක් සක අඹළේය. ගජ රළේය. බිඟු දැල් වම් උදුළේය. වන ගෙළේය
රජ සිරි අත් කෙළේය.
අර්ථය - පර්වත මුදුනෙහි මොනරා
පිල් නමැති ඡත්රයය (ඇති) කෙළේය. ගස නමැති බට තෙමේ රොන් වළල්ල නමැති චක්රුය
(චක්රඡයුධය) කරකැවීය. හස්ති සමූහව මීමැසි සමූහය නමැති සන්නාහයෙන් දිලිසිණි. (මෙසේ)
වන ඝටය රාජශ්රීයය හිමි කර ගති.
විස්තර - (1) අර්ථ රසය
ගත් කල්හි මෙම පද්යුයේ එතරම් විශේෂත්වයක් ඇත්තේ නැත. කව්සිළුමිණ වැනි උසස්
කාව්ය්යන්හිත් යෙදී ඇති නමුත් රේණු සමූහය චක්රතයකට (රොන් සක් සක) උපමා කිරීම
සුදුසු නොවේ. එසේ වෙතත් මේ කවිය ශබ්ද රසය අතින් අනූන වූවකි. බොහෝ තැන්වල අතිරේක ‘ය’ කාරය
අර්ථයක් ගෙන නොදෙන නමුත් ඉන් ශබ්ද රසය තීව්ර් වෙයි. මින් ඉදිරි කවිවල මේ ලකෂණය
විද්යාෙමාන වේ.
(2) සිකි - මොනරා
සත් කෙළේය - පර්වත මුදුනේ මොනරා
පිල් විදහූ කල එය කූඩයක් එසවීම වැනිය.
රොන් සක් සක - රේණු සමූහය නමැති
චක්රිය
වම් - සන්නාහය
172
අන්වය - ඇද හැලීය දිලියෙහ
ගඟුලැලිය, ගිලි මල් රොන් අවුලිය. සුදුවැලීය, මද මත්
හස කැලීය, වන විලීය. මන කලීය වන මලීය, දැක යව.
අර්ථය - ඇද වැටී බබලන්නා වූ දිය
ඇලිද පතිත වුණු රේණුවලින් ගැවසි ගත් සුදු වැලි (තලා) ද මද මත් හංද සමූහයා සහිත වන
විල්ද (සහිත) මනහර වන පන්තිය දැක යන්න.
විස්තර - ගඟුලැලි - ගඟුල් + ඇලි, දිය ඇලි
මද මත් - (මල් පැණිවල) මදයෙන්
මත් වූ
හස කැලි - හස කැල, හංස
සමූහය
වන මලී - වන මාලාව, එකින් එක
පිහිටි වන පන්තිය
173
අන්වය - තුරු රැසාය, අතු
අතින් ඇද ගසාය සඟතොසාය කෙළන පන්දු ලෙසාය මග අසාය වන හිසාය පැන ගෙන යන වඳුරන් නිසාය
ලසාය නොව.
අර්ථය - ගස් සමූහය අතු නමැති
අතින් ඇද ගසමින් සතුටින් ක්රීයඩා කරන පන්දු ආකාරයෙන් මාර්ගය අසල වන මුදුනෙහි පැන
ගෙන යන වඳුරන් නිසා ප්රුමාද නොවන්න.
විස්තර - (1) මෙම
කවියෙහි තාලය වුවද වඳුරන් ගසින් ගසට පනින විලාසය ධ්වනිත නොවන්න. ලසාය නොව -
ප්රමමාද නොවන්න.
174
අන්වය - තඹ පබා අඹ දලු නොතබායා
සිඳ ගෙන තම පිය අඹා තුඬු අග තබායා රති ලොබා දෙපිය ගබායා සිඹ සිඹ උන් පරපුටු සුබා
නරඹා සකි යා
අර්ථය - තඹ පැහැති අඹ දලු ඉතුරු
නොකොට කඩා රැගෙන තම ප්රිඅය භාර්යාවගේ තුඬ අඟ තා කාමාශාවෙන් පියාපත් අතර සිප සිප
සිටි කොවුලන්ගේ සැටි බලා මිත්රඟය, ගමන් කරන්න.
විස්තර - තඹ පබා - තඹ පාට
දෙපිය ගබායා - පියාපත් දෙක අතර
නරඹා යා - නරඹා යන්න.
175
අන්වය - ඉඳුනිල් කොළ අතුරා එ
පැහැ අයුරායා විලිකුන් අඹ අවුරා තුඬු අගින් ඉරායා එන රස උර උරා ලොබ නොහැරායා රඳන
පෙළ ඉඳුරායා නරඹ.
අර්ථය - ඉන්චද්රරනීල කොළ අතරෙහි
ඒ පැහැයෙහි ආකාරයෙන්ම ඉදුණු අඹ වසා ගෙන හොට අගින් සිදුරු කොට එන්නා වූ රසය උර උරා
ආශාව අත් නොහැර සිටින ගිරා පන්තිය කෙළින්ම බලන්න.
විස්තර - ඉඳුනිල් - තද නිල්
පැහැයට ඉන්ද්රානීල යැයි කියනු ලැබේ. මේ නමින් මැණික් වෙසෙසක්ද වේ.
විලිකුන් - ඉදුණු
176
අන්වය - එන දුලා රිවි බිඹු
බලායා ගිරි අග ගිරි නීල් මල් තුලා පිල් සසලායා පිල් හෙලා නිල් ගෙලා දිගු කර හඬලායා
රඟන මොනර බලා නොසිට පලා යා.
අර්ථය - (නැඟ) එන්නා වූ දිලිසෙන
සූර්ය බිම්බය බලා කඳු මුදුන්හි ගිරි නිල් මල් හා සමාන පිල් සොලවා නිල් බෙල්ල දික්
කොට දිගට හඬ ලා නටන්නා වූ මයූරයන් බලා නොනැවතී යන්න.
විස්තර - තුලා - සමාන
සසලා - හොඳින් සොලවා
177
අන්වය - ඉතා යා වරල දුනුකේ පෙති
ගොතා පිපි මල් රොන් ගතා තවර ගතායා, වියොවග යුද පතායා වන සර කතා එන
එවන පෙතායා නොකර කතා යා.
අර්ථය - ඉතා යහපත් කෙස්
වැටියෙහි දුනුකේ මල් පෙති ගොතා පිපුණු මල් රේණු ශරීරයෙහි තවරා ගෙන අනංග යුද්ධය
සඳහා වනචාරි කතුන් එන එම වනාන්තරයෙහි කතා නොකර යන්න.
විස්තර - (1) එම
වනයෙහි වනචාරි (වැදි) කාන්තාවෝ මදන යුදයට සැරසී ගෙන එති. එම නිසා කතා නොකර යෑම
යහපත්ය. පරතරකයේන ඔබ පෙදෙස එදවස වනාන්තරයක් වූ බවත් එහි වැද්දන් පව සිටි බවත් මින්
හැඟවේ.
(2) ඉතා යා - ඉතා යහපත්.
වියොවග - අනංගායාට නමකි.
වියොවග යුද පතා - අනංග ක්රීමඩාව
බලාපොරොත්තුවෙන්
වනසර කතා - වනචාරි කාන්තාවන්
178
අන්වය - දුෂ්කර නැත.
අර්ථය - වනචාරීන් හෙවත් වැද්දන්
දැක තම සිතෙහි බිය ඇති කර ගෙන වලා ගැබෙහි ලෙළ දෙන්නා වූ විදුලිය ආකාරයෙන් වනය තුළ එහෙ
මෙහෙ ඉක්මනින් පැන යන්නා වූ මුවන් සමූහය තන්හි තන්හි දැක සතුටින් යන්න.
විස්තර - වනය නිල්වන්ය; ඝන
වලාකුළක් වැන්න. ඒ තුළ ඉක්මනින් දිව යන රන් පැහැති මුවෝ වලාවෙහි විදුලිය වැන්න. මේ
වනාහි ගිරාකරුගේ කවිත්වය විදිහා දක්වන තවත් අපූරු කවි කල්පනයකි.
179
අන්වය - මඳ ප්රියත්නයකින් යොදා
ගත හැකිය.
අර්ථය - කැලෑවෙහි විල්වල පිවිස
ඝන සෙවෙල ශරීරයෙහි තවරා ගෙන වල් පඳුරු සමූහය ඉදිරි පාවලින් උදුරා රැගෙන දික් වූත්
උල් වූත් අං එල්ල කොට බෙල්ල කරකවා ඔවුනොවුන්ට එරෙහි වන (පොරට සූදානම් වන) මහිෂයන්
නුදුරෙහි බලව.
විස්තර - බොල් - බහල, ඝන
අතින් - මෙහිලා ඉදිරි පාද අදහස්
කෙරිණි.
සිඟු - අං, ශෘංග
පිළිමල් වන - ප්රිතිමල්ල වන්නා
වූ; එරෙහිව සටනට සැරසෙන
180
අර්ථය - විල් ඉවුරුවල වළවල්
හාරා ලැග මඩ ගා ගෙන ආශාවෙන් සුදු නෙලුම් අල උදුරා කමින් ඝන වූ, පෙණ කැටි
සහිත කෙළ මුව දෙපසින් වගුරමින් කැලෑ වැදී යන ඌරන් කෙළින්ම බලන්න,
විස්තර - (1) පද
ගැළපීම එතරම්ම මනහර නොවෙතත් මෙද සිත් ගන්නා වාක් චිත්රරයක් ඉදිරිපත් කරයි.
(2) හෙව - නිදා ගෙන; මෙහිදී
ලැග යන අරුත ගත හැකියි
නෙළුඹ’ල -
නෙළුඹු + අල = නෙලුම් අල
දෙකෙළින් - කට දෙකෙළවරින්
181
අර්ථය - එකිනෙකාට පසු නොවී වහා
අවුත් මී අඹ වලු අතින් ගෙන කඩමින්. ඇද ඇද ගස් පන්තිය එකට එක් කරන ආකාරයෙන් රංචු
ගැසී එන රිළවුන් සන්තෝෂයෙන් බලව.
විස්තර - (1) මෙද
කලින් පද්යත දෙකටත් වඩා අපූරු චිත්රදයක් ඉදිරිපත් කරයි. වඳුරන් රංචු ගැසී ගසින්
ගසට පැනීම ඒ ගස් ඇද ඇද එකට එක් කිරීමක් වැන්න.
(2) ගළපන - එකට එක් කරන
රොද බැඳ - රංචු ගැසී
182
අන්වය - නිති තුරු හිමියන් වැල
- ලා ගෙන, එන බමරුන් පලු පත් අතිනි දැහැ කුල අඟන මෙනී සිටි පිපි ලිය
දැක, සකි ලස නොව තොස වඩමිනී යව.
අර්ථය - නිතරම වෘක්ෂ නමැති
සැමියන් වැලඳ ගෙන, එන්නා වූ මීමැස්සන් දළු කොළ නමැති අත්වලින් පලවා හැර කුල
ස්ත්රීසන් මෙන් සිටියා වූ (මල්) පිපි ලතාවන් බලා, මිත්රුය, ප්රිමාද
නොවී, සන්තෝෂය වර්ධනය කරමින් යන්න.
විස්තර - (1) මේ
කැලයෙහි ලතාවෝ කුල කාන්තාවන් වැන්න ඔවුහු නිතරම සිය සැමියන් වැළඳගෙන සිටිති. තමා
වෙත මී බොන්නට එන බමරුන් නමැති පර පුරුෂයන් අතින් ගසා පලවා හරිති.
(2) දැහැ - දුරු කොට
පලු පත් අතිනී - පල්ලව පත්රර
නැමති අතින්
183
අන්වය - මහ වන ගැබා ගිරවුන් ලොබ
කොට දුන් තුඬු පබා අසු කොට නොහැරම ඇතුළත තබා බිඹු වැළ සුබා පිටතට පෑ අයුරු ත නෙතට
පෙනෙනුය.
අර්ථය - මහා වන ගර්භයෙහි
ගිරවුන් ආශා උපදවා දුන්නා වූ හොටෙහි, ස්වභාවය අල්ලා අත් නොහැර ඇතුළත
තබා ගෙන කෝවක්කා ගෙඩිවල විලාසයෙන් පිටතට පෙන්වූ ආකාරය ඔබේ ඇසට පෙනෙන්නේය.
විස්තර - (1) ගිරව්
කෙම් ගෙඩි කැමට ආශා කරති. ඒවාත් ඔවුන්ගේ තුඬුත් පැහැයෙන් එක හා සමානය. මේ සමානකම
ගිරවා ගෙඩි කෑමට ගැසූ තුඬ හසු කළ කෙම් ගෙඩිය ඒ පැහැය උකහා ගෙන ඇතුළත තබා ගෙන පිටතට
පෙන්වීමක් වැන්න.
(1) තුඬු පබා - තුඬු ප්ර භාව, හොටෙහි
පැහැය.
බිඹු වැළ - ඉදුණු කෝවක්කා ගෙඩි
184
අන්වය - වෙනේ නිකසළ වැලිතල, පිටුවල
වෙන වෙනේ පිල් අඹල සිකි කැන් ලෙස, රොන දොළ බිඟු මුළු රැඳි පැහැදුල මල්
කස තුරු පෙළ තැන තැන පෙනේ.
අර්ථය - කැලෑවල පිරිසිදු
වැලිතලා මත වෙන වෙනම පිල් විදහා ගත් මොනර සමූහයන් මෙන් රොනට ආශා කළ මී මැසි
සමූහයා සිටි, පැහැයෙන් බබලන මල් (සහිත) ගස් තන්හි තන්හි පෙනේ.
විස්තර - පිල් අඹළ - පිල් විදහා
ගත්
රොන දොළ - රොනට ආශා කළ
185
අන්වය - නිමල් වන දෙව් කලා
මනකලා දිසි මිණි මෙවුල් ලෙස රැඳි මිදෙල් මල් කැන් බලා කොඬොල් මිණි සිරි උසුලා යව.
අර්ථය - නිර්මල වූ වනය නමැති
දෙව් ලියගේ සිත් ගන්නා, දෘශ්ය මාන මණි මේඛලාව වැනිව රැඳී ගත් මිදෙල්ල මල් සමූහය බලා
මැණික් කුණ්ඩලාභරණයක සිරි උද්වහනය කර යන්න.
විස්තර - වන දෙව් කලා - වනය
නමැති දිව්යන කාන්තාව
මිණි මෙවුල් - පුරාණ කාන්තාවන්
ඉණෙහි පැළඳි ආභරණයකි.
කොණෙඬාල් මිණි - කුණ්ඩලාභරණ
186
අන්වය - ඇති සැටියෙන් වුවද ගත
හැකිය.
අර්ථය - වන දෙව් ලියන්ගේ පයෙහි
ලතු තැන තැන තැවරුනු ආකාරයට බැබලුණා වූ කැලයෙහි ගස් මුදුන්වල රැඳුණ ළපටි කොළ (දළු)
එකල්හි සිත් සතුටු කර බලන්න.
විස්තර - ලා - ලතු, අත් පාවල
ගාන රතු පාට ආලේපය.
ළදලා - ලපටි කොළ, දළු
187
අර්ථය - ආකාශයෙහි පැතිරුණා වූ
සූර්ය රශ්මියට බියෙන් ඒ කැලයෙහි සැඟවෙමින් සැලෙන්නා වූ අන්ධකාර කැටි ආකාරයෙන්
එල්ලෙන්නා වූ වවුල් සමූහයා පෙනෙයි.
විස්තර - සූර්ය රශ්මියට
අන්ධකාරයද වවුල්ලුද බිය වෙති. හිරු පායා එන විට අඳුර කැටි ගැසී වෙව්ලමින් ගස්වල
එල්ලි සිටින්නාක් මෙනි, වවුලන් පෙනෙන්නේ. මෙද චමත්කාරජනක වර්ණනයකි.
188
අර්ථය - යහළුව, ඒ වනය
නමැති රජුගේ මහත් වූ තේජස් සමූහය අවට හැසිරෙන විලාසය ඉතා අලංකාර ලෙස පෙන්වා විල්
අසල හැසිරෙන්නා වූ වලි කුකළු රංචු ඔබේ හිතේ හැටියට බලන්න.
විස්තර - විල’ස - විල්
+ අස; විල අසල
ත-මන ලෙසට - ඔඅබේ හිතේ හැටියට; ඇති තරම්
189
අන්වය - සබඳ, අවට තුරු
යට නොමඳ රැසින් රැඳුණු කරඳ කුසුම් දැක, විලඳ වෙදැයි සිත සැක කොට ගොසින්
නිවට නොවන්.
අර්ථය - කිසි සේත් දුෂ්කර නැත. ‘නිවට
නොවන්’ යනු ලජ්ජාවට පත් නොවන්න යනුයි.
190
අන්වය - ගඟුලැලි වැදේ විසිර
හෙන මල් මුවරෙඳ් තවර ගෙන බමර රැව් මඳ මෙඳ් ඇද පැතිර එන මඳ නල විෙඳ්.
අර්ථය - ගඟුල් හැලි වැදී විසිරී
වැටෙන මල් රේණු තවරා ගෙන මී මැසි නාදය ටික ටික ඇද පැතිරී එන්නා වූ මඳ සුළං (සුවය)
විඳ (මතු සබඳි)
විස්තර - මඳ සුළඟ ගඟුලැලිවලින්
උකහා ගත් කුඩා දිය බින්දුවලින් යුක්තය. ඒවා සුළඟට එක් වනුයේ මල් රේණු සහිතවය. මේ
නිසා සුළඟ සිසිල්ය. සුවඳවත්ය. එසේම ගීතවත්ය.
191
අන්වය - පහසුය.
අර්ථය - ග්රීයෂ්මය දුරු කරන
පිණිස සලන්නා වූ මැණික් විජිනි පත් මෙන් දෙපියා පත් ගසමින් යන්නාවූත් එන්නාවූත්
ස්වකීය පක්ෂීන් (ගිරවුන්) සමූහය දකින්න.
විස්තර - නිසා - සඳහා
තල් වට - වටාපත
සිය සියොතුන් - තම පක්ෂීන්, ගිරවාට
තම පක්ෂීන් වනුයේ ගිරවුන්ය.
192
අර්ථය - මිත්රටය, ශරත් ආකාශයෙහි
තාරකා සමූහය මෙන් බොහෝ කොඳ කුසුම් පිපිලතා මඬුලු තුළ ඉඳ පල රස වින්දනය කොට සතුටුව
(ම. ස.)
විස්තර - සරද නුබ - ශරත් (වප්
ඉල් දෙමස) ආකාශය. මෙකල ආකාශය ඉතා පැහැදිලාය.
කොඳ - ඉද්ද, සමන්පිච්ච
වැනි මල් විශේෂයකි.
ලියමඬු - ලතා මණ්ඩප; වැල් එකට
එතීමෙන් සෑදුණු මඬු
193
අන්වය - කොවුල් නොකමසේ කුල්නා
තුරු හිසේ සුපුල්, මල්, කමල් විල් වෙත මුව රැසේ රැඳි විසල් වල් තොසේ දැක ගොස්...
අර්ථය - කෝකිලයන් කෙළවරක් නැතිව
නාද කරන ගස් මුදුන්හි හොඳින් පිපුණු මලුත්, නෙළුම් විල් අසල මුව රංචුත්
හොඳින් රැඳි විශාල වනය සන්තෝෂයෙන් දැක ගොස්
විස්තර - නොකමසේ - අතරක් නැතිව
කුල්නා - කූජනය කරන, නාද කරන
කමල් - නෙලුම් මල්
විසල් වල් - විශාල කැලෑ
194
අන්වය - සිඳු මැදට බැස දිය ගෙන
ඇවිටුව ලා නුබ කුස යනු බැරිව වෙරළ අවලා සිටි නොමඳ වලාකුළු ලෙස ඇම දවස දිසි මුහුදු
වලා තුරු පෙත වැද සතොස ඉඳ
අර්ථය - මුහුද මැදට බැස ජලය ගෙන
ආශා වී ලා අහස් ගැබට යා නොහැකිව මූදු තීරයෙහි ආකූලව සිටි බොහෝ වලාකුළු ලෙස සියලු
කල්හි පෙනුණා වූ මුහුදු කැලෑවෙහි ගස් සමූහයට වැද සතුටින් ඉඳ
විස්තර - අතිරික්තයක් සේ පෙනෙන
මෙම කවිය ඒ තරම් ව්යෙක්ත නිබන්ධයක්ද නොවේ. ‘ඇවිටුව ලා’ යන්නට
හැම දෙනාම දී ඇති තේරුම ‘ආවිෂ්ටව හෙවත් පිරී’ යන්නය. සෝරත හිමියන් ධම්පියා
අටුවා ගැට පදය ප්රකමාණ කර ගනිමින් දක්වන ‘ආශා වී’ යන්න වඩා
සුදුසු අර්ථයකැයි සිතමු. කෙසේ වුවද ‘ව’ ‘ලා’ යන පූර්ව
ක්රිසයා දෙකින් ‘ලා’ යනු ගිරාකරුවාට එතරම් හුරු පුරුදු යෙදුමක් නොවේ. ‘මුහුදු
වලා’ යන්නට ‘මුහුදු බඩ කැලය’ යන තේරුම
දීමද එතරම් ප්රවශස්ත නොවේ. එය තුරුපෙත් සමගද නොගැළපේ. ‘මුහුදෙන්
වට වූ’ යන තේරුම මෙයට දිය හැකිද?
195
අන්වය - මිතුර, දෙතෙර
හැසිරෙන සියොතුන් පා පහරින් නිති කම්පා වන තුරු මල් රොන් පැතිර එන දිය දහර ලැබ තද
ගිම් පා කර මහ දම්පා මෝදර දැක යව.
(ගිම් පා කර මහ දම්පා මෝදර දැක
යව කිවද මහ දම්පා මෝදර දැක...ගිම් පා කර යව කිවද වරදක් නැති සේ පෙන්. ගිරවා
ගොඩබිමින් පියාසර කරන නිසා ගිම් නිවා ගෙන අහසට නැඟුණු පස් මෝදර බලන්නට සැලසීම
වඩාත් සුදුසුය.)
අර්ථය - යහළුව, ඉවුරු
දෙකෙහි සංචාරය කරන කුරුල්ලන්ගේ පාද ප්ර හාරයෙන් නිතර සෙලවෙන ගස්වල මල් රේණු පැතිරී
එන්නා වූ ජල ධාරාව ලබා තද ග්රී ෂ්මය පහ කොට මාදම්පා මෝදර දැක යන්න.
විස්තර - සියොතුම්පා - සියොතුන්
+ පා = කුරුලු පාද
ගිම් පා කර - ග්රීාෂ්මය දුරු
කොට
මෝදර - මුවදොර; ගඟක්
මුහුදට වැටෙන ස්ථානය
196
අන්වය - වෙරළ වැද වැද දෙන
විහිගුම් සිඳු ගොස ආයෙන් සල සිත්ව බා නොගොසින් තො කසායෙන් සෙද ගොසින්....
අර්ථය - වෙරළෙහි වැදි වැදී
දෙන්නා වු මහත් සමුද්ර් ඝෝෂාව පැමිණීම නිසා චංචල වූ සිත් ඇතිව භයට පත් නොවී ඔබ
කහවෙන් ගොස්
විස්තර - විහිගුම් - මහත්
ගොසායෙන් - ගොස + ආයෙන්, ඝෝෂාව
පැමිණි නිසා; මෙතැන මෙය මනහර ලෙස යෙදී නැත
සල සිත්ව - සිත චලිතව
බා නොගොසින් - භයට පත් නොවී
කසාය - අද මෙ පෙදෙස ‘කහව’ නමින්
හැඳින්වේ. ගොසායෙන්, කසායේන යනු ‘ගොසාවෙන්’ ‘කසාවෙන්’ යැයි
ගත්තේ නම් වඩා මැනවි.
197
අන්වය - විහිගුම් සමුදුරු වෙරළ
අත හමුව විදි බිම් බට සුර පුර මෙන් අළ මුව වඩවන, විසිතුරු
පල අරම් ගෙවුයන් සුමුව සැදි සව් සිරි පිරි මනරම් තොටගමුව දකු.
අර්ථය - මහත් වූ සාගර වෙරළෙහි
කෙළවර දක්වා විහිදී, බිමට පැමිණි දිව්යෙ ලෝකය මෙන්, අයා ගත්
මුවවල් වැඩි කරන්නා වූ විචිත්රව වූ පලතුරු උයන්, ගෘහෝද්යා,න
සමූහයෙන් අලංකාර වූ සියලු සම්පත්තීන් පිරි තොටගමුව දකින්න. විස්තර - වෙරළත හමුව -
වෙරළ අත හමුව. වෙරළෙහි කෙළවර හමු වනුයේ නගරය සමුද්රනය දක්වා විහිද තිබුණොතිනි.
අළ මුව වඩවන - පුදුම දෙයක් දුටු
විට මුව විවෘත වීම ස්වාභාවිකය. එසේ විවෘත වන මුඛ ගණන තොටගමුව වැඩි කරයි.
සුමුව - සමූහය
198
අන්වය - වෙන් තමා උදුළ තරළ මිණි
හැර ගතැයි පුවළ නතිඳු හට පමුණන ලෙසින් තරළ නැබළ රළ බමා ගොස පහළ කර දමා වෙරළ වතළ
සිඳු රඟ නෙත් යොමා බලග.
අර්ථය - විෂ්ණු තමාගේ බබලන
ප්රිධාන මැණික ඇර ගත්තේ යයි ප්රෞලඪ වූ නාථ දෙවියන්ට පැමිණිලි කරන ආකාරයට චංචල වූ
මහත් තරඟ භ්රධමණය කොට ශබ්ද නඟා වෙරළෙහි වැතිර ගත් මුහුදෙහි ආකාරය ඇස් යොමු කොට
බලන්න.
විස්තර - තරළ මිණි - ප්රොධාන
මධ්යය මාණික්යෞය; ලොකුම මැණික, කිරි මුහුද අළලන විට පහළ වූ
කෞස්තුභ නම් මාණික්යණය ගැන කළ සඳහනකි. කිරි මුහුදට අයත් වූ මැණික ගැන කීමට
සාමාන්යණ සාගරයට අයිතියක් නැත.
නතිඳු - නාථ දෙවියා; මහායාන
දෙවියෙකු වූ මොහු හින්දු විශ්වාසයට අනුව නම් විෂ්ණුට වඩා බලවතෙකු සේ සැලකීමට ඉඩක්
නැත. එහෙත් මහායානයට ගරු කළ අය මොහු වඩා බලසම්පන්න සේ සැලකූ බව මේ පද්යායෙන් පෙන්.
වෙන් - විෂ්ණු
තරළ නැබළ රළ - සෙලවෙන මහත් වූ
තරඟ; මෙතැන තරළ යනු ‘සෙලවෙන’ යන තේරුම
දේ.
199
අර්ථය - ඉතා නිල් පොල් වනය
නමැති පියාපතින් විරාජමාන වන සිත්කලු විහාරය නමැති ගුරුළු රාජයා විශාල වූ සාගරය
තුළින් ගත් නාගරාජයෙකු වැනි පිරිසිදු වැල්ලෙන් අලංකාර වූ අඩි පාරට පැමිණ.
විස්තර - (1) තොටගමු
විහාරය මෙහි ගුරුළෙකුටත් එයට යන සුදු වැලි අතුළ අඩි පාර නාගයෙකුටත් සමාන කර ඇත.
ගුරුළාගේ පියාපත්, විහාරය දෙපස පිහිටි පොල් වතුය.
නාලොව පිහිටා ඇත්තේ සමුද්රරය යට
යැයි කියනු ලැබේ. ගුරුළා නාගයා මුහුදෙන් ඇද ගත්තේ ඒ නිසාය.
නෙරළු - පොල්
වොරඳනා - වැජඹෙන, බබලන
සයුරතින් - සාගරය තුළින්; අත යනු
ඇතුළ යන තේරුව දේ (රුවන්මල 690)
පුලින - වැලි
පෙත් මඟ - අඩි පාර, විහාරය
කොතරම් විශාල වුවත් එයට යෑමට තිබී ඇත්තේ අඩි පාරකි. රියෙන් පැමිණෙන ජනයා වුවද
ගෞරවය නිසා ඈත රිය නතර කොට පයින් එහි ගියා විය හැකිය.
200
අන්වය - මිතුර, පළමු කොට
වෙහෙර අතුරට සෙද නොගොසින් අවට පවර සුරිඳු නඳුන් එව් දිසි, වනපෙතට
පිවිස නිතොර මල් පල සුසැදි අරම් සිත සතුටු කොට නරඹව.
අර්ථය - මිත්රයය, ප්රපථමයෙන්
විහාරය තුළට ඉක්මනින් නොගොස් වටේට, උතුම් සුරේන්ද්ර යාගේ නන්දන නම්
උයන මෙන් පෙනුණා වූ කැලයට ඇතුළු වී නිතරම මලින් හා ඵලයෙන් සජ්ජිත වූ ආරාමයන්
(උයන්), සිත සතුටු කර බලව.
විස්තර - වෙහෙර’තුරට -
වෙහෙර + අතුරට, වෙහෙර තුළට නඳුනුයන - නන්දන උයන, ශක්ර-යාගේ
උයන
ආරාම - උයන
201
අර්ථය - වෙනස් වෙනස් ආකාරයට
බඳනා ලද දිය කඩිතිවල ජලක්රීනඩා කොට යන්නා වූත් එන්නා වූත් කුරුලු සමූහයා
රාව ප්ර්තිරාව කළ, මිනිසුන්ගේ
සිත් සතුටු වන රස ඵලවැල දිලි වටේට තැන් තැන් වල බබලන නොයෙක් රුක් පෙළය.
විස්තර - තෝතැනි - ගස් අසල ජලය
පුරවා කළ කුඩා ජලාශ, ජපානය ආදි මහායාන බුදු සමය පවත්නා රටවල පන්සල් වල මෙවැනි
ජලාශ බහුලය. විජයබා පිරිවෙන මහායානය පැවති ස්ථානයක් නිසා එහි මෙබඳු කුඩා ජලාශ
තනවා තිබෙන්නට ඇත.
සියොත් - පක්ෂීන්
රැව් පිළිරැව් - රාව ප්ර තිරාව; එකෙකු කළ
නාදය හා එයට පිළිතුරු වශයෙන් කරන නාදය
පලවැල - කුඩා ගෙඩි හා ලොකු ගෙඩි, ඵලාඵල
යන්නෙන් බිඳී ඇත.
202
අන්වය - රැළින් රැළ බිඟුන් කෙළ
වතළ, කෙළින් කෙළ දිමුතු තඹර අචල පොකුණු නුමුතුය. පළින් පළ
මිණිමුතු සුරත් නිල් මල් පෙළින් පෙළ විහිදි සුසැදුණු මල්වතුය.
අර්ථය - රංචුවෙන් රංචුව
මීමැස්සන් ක්රීිඩා කරමින් විසිරුණා වූ කොනින් කොන දීප්තිමත් නෙලුම් ගැවසි
පොකුණුවලින් විනිර්මුක්ත නොවේ. තැනින් තැන පිපුණු රතු සහ නිල් මල් පේළියෙන් පේළියට
විහිදුණා වූ හොඳින් සෑදුනු මල් වතුය.
විස්තර - රැළින් රැළ -
මීමැස්සන් හැසිරෙන බව කියා ඇත්තේ රංචුවෙන් රංචුවය.
කෙළින් කෙළ - කෙළවරින් කෙළවරට
නුමුතුය - මුක්ත වූයේ නොවේ; ගහනය
මිණිමුතු - මිණියෙන් (මණියෙන්)
මුතුයේ මිණි මුතු; පිපුණු
203
අන්වය - පසෙක, නොයෙක
සුවඳ මුවරඳ හෙන පිවිතුරුය සුපුල් සල් කොළඹ ඉළු විසිතුරය. දෙසෙක අතුරුය නොව සසක
සහසකර කිරණ එව් සුපිපි සපු නා කිණිහිරි තුරුය.
අර්ථය - පැත්තක (ඇති) නොයෙක්
සුවඳ මකරන්ද වැටෙන පවිත්රක, මනාව පිපුණු සල්, කදම්බ වනය විසිතුරුය.
පැත්තක, අතරක්
නැතිව චන්ද්රි සූර්ය රශ්මිය මෙන් මනාව පිපුණු සපු නා හා කිණිහිරි ගස්ය.
විස්තර - (1) පැත්තක
ඇති සල් හා කොළොම් ගස්වලින් නොයෙක් (එකිනෙකට වෙනස්) සුවඳ සහිත රේණු පතිත වෙයි.
අනික් පැත්තේ ඇති සපු, නා හා කිණිහිරි මල් අතරක් නැතිව චන්ද්රප සූර්ය රැස් පැතිරී
සිටින්නාක් වැනිය. මෙහි නාමල් සුදු නිසා චන්ද්රප රශ්මයටද, සපු
කිණිහිරි රතු නිසා සූර්ය රශ්මියටද උපමා කර ඇත.
(2) ඉළු - වනය, කැලෑව
සසක - සස + අක, සාවා
අංකය හෙවත් සලකුණ හැටියට ඇත්තේ යමක්ද ඒ සසකයි. චන්ද්ර යායි.
නොව’තුරුය -
අතුරු + නොව; අතරක් නැතිව
204
අර්ථය - පළොල්, හීන්කෙන්ද, ඇසළ, සමන්පිච්ච, සව්කෙන්ද, උල්කෙන්ද, නිල්
මානෙල්, අංකෙන්ද, සීනිද්ද (යන මේවායේ) සුවඳ අතරක් නොතබා
දස අතේ විහිදෙයි.
205
අන්වය - තුරු සිරේය මල් රොන්
නිරතුරේය පවන් වැදී මළු අතුරේය ඉසිරේය. බිඟු තුරේය ලොබ කර නොවිතරේය දම් පිළිරැව්
යුරේය නද කෙරේය.
අර්ථය - ගස් මුදුන්හි මල් රේණු
නිතරම සුළං වැදී මිදුල් මත ඉහිරී යයි. මී මැස්සෝ තද ආශා උපදවා අප්රතමාණ ධර්මය
ප්රේතිරාව කරන්නාක් මෙන් නාද කරති.
විස්තර - නොවිතර - විතර නැති; අප්රිමාණ
පිළිරැව් යුරේය - ප්රපතිරාව
ආකාරයෙන්
206
අන්වය - සබඳ, නොමඳ බමර
අකුරු රැඳි මල් රෙහෙණු පට සිය අතු අතට ඇර ගෙන වෙහෙර වට තුරුද කොවුල් රැවු තෙපලෙන්
නිතොර දහම් මිහිරි කොට පවසන වැනි.
අර්ථය - යහළුව, බොහෝ වූ
මී මැසි නමැති අකුරු රැඳුණා වූ මල් රේණු නමැති වස්ත්රැය තමන්ගේ අතු නමැති අතට
රැගෙන විහාරය වටා ඇති ගස්ද, කෝකිල රාව නමැති වචනයෙන් නිතරම ධර්මය මිහිරි කොට පවසන්නාක්
වැනිය.
විස්තර - (1) මෙය අපට
රහල් හිමියන්ගෙ පහත සඳහන් කවිය සිහිපත් කරවයි.
දෙසන බණ සඟවැ ළ උගත් ගිරවුන්
නිකස ළ කියත ඉඳ බිළ තුළ තුරුදු බණනෙ’ව් මගද ගා පෙළ (කාව්යන ශේඛරය 1.56)
මෙහි අර්ථ බීජය අශ්වඝෝෂගේ බුද්ධ
චරිත කාව්ය්යෙහි එයි.
(2) වෘක්ෂයෝ බණ කියති. ඒවායේ අතු
අත්ය. මල් රේණු බණ ලියූ වස්ත්රරයයි. එහි හැසිරෙන බමරු අකුරුයි. කොවුල් නාදය ශබ්ද
නඟා බණ කීමට සමානය.
(3) පට - වස්ත්රරය; අතීතයෙහි
ලිවීම සඳහා රෙදිද පාවිච්චියට ගැනිණ.
207
අන්වය - එවෙහෙර අතුර රඳන මහරු
මහ සඟන නිරතුරු රඳ සිවුරු පැහැ දියුණු කර පිපි සොඳුරු නිමල් නඳන මල් කැන් සැදි
රුසිරු ඇසළ තුරු නොයෙක තැන බබලයි.
අර්ථය - ඒ විහාරය තුළ වසන
මහාර්ග මහා සංඝයා නිතර රංජනය කරන්නා වූ (පඬු පොවන) සිවුරුවල පාට දෙගුණ කරමින්, පිපුණා
වූ සුන්දර පිරිසිදු මල් පොකුරු සැදි සිත්කලු ඇසළ ගස් නොයෙක් තැන බබලයි.
විස්තර - රඳන - රැඳි සිටින යන
තේරුම මෙන්ම රංජනය කරන. වර්ණවත් කරන යන තේරුමද දේ. දෙවන රඳන යනු සිවුරු පඬු
පෙවීමයි.
208
අර්ථය - ගස් අතුවලින් වැටුණු
පුංචි ලේනුන් රැගෙන සිතේ ආශාවේන පිඹ ඇඟ හෙමින් පිරිමැද, මල්
ගොටුවලින් වතුර පොවමින් අතින් අතට (ගනිමින්) බාල භාවයෙහි සිටි සාමණේරවරුන්ගෙන්
ශෝභමාන වෙයි.
විස්තර - (1) විහාර
ආරාමයෙහි සිටි පුංචි හෙරණුන් පිළිබඳ කදිම විස්තරයකි.
(2) යටියෙන් - යෂ්ටියෙන්, මෙතැන
ගස්වල අතුය.
සිතු අටියෙන් - සිතේ කැමැත්තෙන්
පැටි ලෙහෙනුන් - ලේන් පැටියන්; නොයෙක්
විට මෙබඳු තැන්වල විශේෂණ විශෙෂ්යටයන් මාරු වී සිටි. ලමා ළපටින් = ළපටි ළමයින්, පොඩි
මුට්ටි = මුට්ටි පොඩි ආදි වසයෙනි.
මල ගෙටියෙන් - ගස්වල කොළ කුඩා
මලක් මෙන් රවුම් කර තැනූ ගොටුව; ගොටුවෙන්ම ගෙටියෙන්
පැටියෙන් සිටි - බාල බවින් සිටි, ළමා
හෙරණුන් - සාමණේර භික්ෂූන්
209
අන්වය - වෙනස්ව යෙදී ඇත්තේ
වචනයක් දෙකක් පමණි.
අර්ථය - ගස් යට මනාව පිපුණා වූ
නිල් කටරොළු මල් සමූහය අභිභවා දික් නිල් ඇස් (සහිත) පිල් රැස විදහා මනස්කාන්ත වූ
ගෘහ මයූර ගණයා නටන්නා වූ මුතුපටක් හා සමාන පිරිසිදු සුදු වැලිතලාය.
විස්තර - මල් කුලය - මල් සමූහය
පැටි කොට - පුංචි කොට, පරදවා
ඇස් පිල් - මොනරාගේ පිල් කලඹෙහි
ඇස් ලකුණ දක්නට ලැබේ.
පිල් කැලය - පිල් සමූහය, එකම අදහස
වෙන වෙන වචනවලින් ප්රටකාශ කිරීමට සිංහල කවි සම්ප්ර-දායෙන් ඉඩ ඇත.
සුදුසු - සදෘශ, සමාන
210
අන්වය - එහි තුරින් තුර පල රස
බී සැනහී කුසුම් රදසින් තැවරි සැරි සතොසින් වෙහෙරට ගොසින්
අර්ථය - එහි ගසින් ගසෙහි පල රස
පානය කොට සන්තර්පිතව මල් රේණුවලින් සැරසී සන්තෝෂයෙන් විහාරයට ගොස්
විස්තර - කුසුම් රදසින් -
කුසුම් රජසින් හෙවත් මල් රේණුවලින්
සැරී - සැරහී යන්නෙහි ‘හ්’ ලෝපයෙන්
නිපදී ඇත. මල් රේණු තැවරීම සැරසීමක් ලෙස දැක්විණ.
211
අන්වය - දද බඳ ලැල් පැහැ රද දස
අතේ පැතිර නඳ සඳ කැල්මෙන් කෙලෙස කුළු යුතේ දිලි කොඳ සඳ කල් සුනුවම් උදුළ පල බිතේ, වහසල් කැරලි
මුදුනතේ මඳ කල් ඉඳ
අර්ථය - කොඩිවල බඳිනා ලද
මුතුවැල්හි වර්ණ කාන්තිය දස අතේ පැතිර (සිත්) සතුටු කරවන සඳ රැසින් කෛලාස කූටය
මෙන් දිලිසුණ කුමුදු හා සඳුන් මෙන් මනහර ලෙස සුනු ගෑම් කළ පියස්සෙන් හා බිත්තියෙන්
බබලන වාසල කොත් කැරැල්ල මුදුනෙහි ස්වල්ප වේලාවක් ඉඳ
විස්තර - (1) තොටගමු
විහාරය ඉදිරිපිට විශාල දොරටුවක් වෙයි. බිත්තියෙහිත් වහලෙහිත් සුදු හුණු පිරියම්
කොට ඇත. ඒ නිසා එය කෛලාස පර්වතය වැන්න. මෙහි බඳ කොඩිවල කුඩා මුතුවැල් එල්ලා ඇත.
ඒවායින් වාසලට වැටෙන දීප්තිය කෛලාස පර්වතයට සඳ රැස් වැටී බබලනු හා සමානය.
(2) ලැල් - ලතිකා, මුතුපට
පැහැරද - ප්රරභාරාජිය; මුතුවලින්
නික්මෙන වර්ණ කාන්තිය.
කොඳසඳ - කුමුදු හා සඳුන්; මෙහිදී
සුදු සඳුන් ගැනේ.
කල් - විලාසය (රුවන්මල 121)
වහසල් - මෙය දොරටුව යන අර්ථය
ඇති දෙමළ වචනයකි. පසුව මාලිගාව හැඟවීම සඳහාද මෙය යෙදෙන්නට විය.
212
අන්වය - බොහේ දුරට ඇති සැටියෙන්මය.
අර්ථය - පැහැදිලිව පෙනෙන සුදු
වලාවන්හිද තුෂාරයෙහිද හිමාලය පර්වතයෙහිද ආනුභාවය දුරු කොට ආකාශ ගංගාවෙහි පැතුරුණා
වූ තරඟ පන්තියෙහි ශෝභාව පරදවා, (කලඹන අවස්ථාවෙහි) ඇඹරුණා වූ
කිරිසයුරෙහි පෙණ සමූහය මෙන් වැහැරී නොගොස් බබලන්නා වූ විහාරයෙහි පෝය මළුවෙහි ශ්රී
සමෘද්ධිය බලන්න.
විස්තර - පහළ - ප්රහකාශිත, පැහැදිලිව
පෙනෙන.
සිත’බ - සිත්
+ අබ = ශ්වෙතාභ්රී, සුදු වලාකුළු
වතළ - වැතිරුණා වූ
හිම - පින්න
මහිම - මහිමය, ආනුභාවය
(අනුභාව)
කිරණ - කිරි + අණ = ක්ෂීරාර්ණවය, කිරි
මුහුද
පොහොය මළු - උපෝසථාගාරයෙහි
මිදුල, භික්ෂූන් විනය කර්ම කරන ගෙයි මළුව.
213
අන්වය - මිතුර, නිතොර
මුනි පුදට රඳන සඳ රස් ලෙස සතර මළු පිට නොහැර බැබලි පැහැසර පැතිර ඇඹර කඳ ගෙන අවට
සිටි මෙන් උදුල මහ අවුර දුට සතුටු වෙයි.
අර්ථය - මිත්රවය, නිතරම
බුදු පුදට රැඳීක සිටින සඳ රැස් මෙන් (විහාර) මළු සතර මත එක දිගට බබලන ප්ර භාසාරය
විහිදී ඇඹරී ස්කන්ධගතව වටේට සිටියාක් මෙන් බබලන මහා ප්රා කාරය දුටු කල්හි සතුට ඇති
වෙයි.
විස්තර - (1) තොටගමු
විහාරය සුදෙන් බබලන බව එක දිගට කීමෙන් එහි පාරිශුද්ධිය ධ්වනිත වේ.කලින් කී පරිදි
එහි වාසල සුදු පාටය. දැන් කියවෙන පරිදි වෙහෙර මළුවද සුදු පාටය. ඒ අවට ඇති
ප්රාදකාරයද සඳ රැස් කැටි වුවාක් මෙන් සුදු පාටය.
(2) රඳන - රැඳී සිටින.
පැහැසර - ප්රාභා සාරය. පැහැයෙහි
තදගතිය.
කඳ ගෙන - පැහැය ඝන වස්තුවක් බවට
පත් වීම මින් අදහස් කෙරේ.
මහ’වුර - මහ
+ අවුර, මහා ප්රා.කාරය; අවුර යනු ප්රාළකාරයයි. ‘මහ පවුර’ වුවද
මහවුර වීමට පුළුවන.
214
අන්වය - ගුවන් කුස පැතිරි රන්
කැරලි මිණි රැසේ. පවන් වැද ලෙළෙන දද මිණි කිකිණි ගොසේ හිම ගිරි කුළු එක ලෙසේ
ලෙවන් සතුටු කළ, ඉඳුරු දෙසේ දිලිහෙන සවන් මැඳුර බල
අර්ථය - ආකාශ ගර්භයෙහි පැතුරුණා
වූ රන් කොත්හි මාණික්යු රශ්මියෙන්ද සුළඟ වැදී සෙලවෙන කොඩිවල මිණි කිංකිණ නාදයෙන්ද
(යුක්ත වූ) හිමාලය පර්වත කූටය මෙන් ලෝකයා සතුටු කළා වූ. නැෙඟනහිර දිශාවෙහි
දිලිසෙන්නා වූ බුදු මැඳුර බලන්න.
විස්තර - මිණි කිකිණි - මැණික්
අල්ලා කළ කුඩා මිණිගෙඩි. ‘රසු’ යනුවෙන්ද පුරාණ පොත්වල එයි; ගෙජ්ජි
ලෙවන් - ලෝකයා
සවන් මැඳුර - සවන් යනු සර්වඥ
යන්නෙන් බිඳුණේය. එහෙයින් බුදුන්ට නමකි. සවන් මැඳුර යනු බුදුගෙයයි.
ඉඳුරු දෙසේ - ඉන්ද්රන හෙවත්
ශක්රියා අධිපති දිශාව, නැෙඟනහිර
215
අන්වය - නරණ නොකමසේයා සකොබ කළ
සඳ කිරණ අමරස පිඬුව දිසි ලෙසේයා. දෙරණ පසිඳු එවෙහෙර වම් දෙසේයා කිරණ විහිදී දහ ගැබ
තොසේයා බල.
අර්ථය - විෂ්ණුහු විසින් එක
දිගටම කැළඹූ කල්හි ක්ෂීර සාගරයෙහි අමෘතය කැටිව පෙනුණාක් මෙන් ලෝකයෙහි ප්රුසිද්ධ ඒ
විහාරය වම් පැත්තෙහි කාන්ති විහිදුණු දාගැබ සතුටින් බලව.
විස්තර - නරණ - නාරායන, විෂ්ණුට
නමකි.
සකොබ කළ - සංක්ෂෝභ කළ, හොඳින්
කැළඹූ.
216
අන්වය - යහළු, විදු
කිඳු වැලඳි මුදුනත කළු අබ කුළු රැඳි, උදු රුදු කෙලෙස ගිරි කුළු පැහැ
සිරි රුකුළු මුදු දිදුලන දළු නිල් සා බර ලකළු සුදු රුදු කඳින් උදුල දුමිඳුන් බල.
අර්ථය - මිත්රුය, විද්යුරත්
කාන්තිය වැලඳගත් මුදුනෙහි කළුවලාකුළු රැඳුණා වූ සෘජු විශාල කෛලාස පර්වත ශිඛරයෙහි
වර්ණශ්රීලය ගෙන හැර පෑ මෘදු දළු බබලන නිල් පැහැති අතුවලින් බර අලංකාර සුදු මහත්
කඳින් බබලන බෝ ගස බලන්න.
විස්තර - විදුකිඳු විද්යුිත්
කාන්තිය, විදුලියෙහි කැල්ම
රුකුළු - ගෙන හැර දැක්වූ; ‘රුකුර’ ධාතුවෙනි.
දිදුල - දිලිසෙන්නා වූ
දුමිඳු - බෝ ගස, ගස්වල
නායකයා
217
අන්වය - පතඟ කිරණ දුරු කළ දද
ගළපාය සරඟ කවුළු බිම් බිතු පිළිපාය දිලි සුරපහ සිරි වෙළපාය නිසග බැබලි විජයබ මහ
පාය උතුරු දිග බලග.
අර්ථය - සූර්ය රශ්මිය දුරු කළා
වූ කොඩි එක් කොට බැඳ වර්ණවත් කවුළු භූමිය නියම කොට පෙන්වූ දිව්යූ ප්රාුසාදයෙහි
ශෝභාව ඉක්මවා නිසර්ගයෙන් බැබලුණු විජයබාහු මහා ප්රා්සාදය උතුරු දිශාවෙහි බලන්න.
විස්තර - (1) මෙය
තරමක් පැටලිලි සහිත කවියකි. මෙයට කුමාරතුංග දී ඇති තේරුම මෙසේය.
‘කොඩි ගළපා (බඳැ) සූර්ය රශ්මිය
දුරු කළාවූ, කාවාට, භූමි, භිත්ති
(ආදි) අංගයන් සාර (ශක්තිමත්) වූ ස්ඵටික පාද (පළිඟු ටැම්) බැබැළුණාවූ දිව්යර
ප්රානසාදයෙකැ ආකාරය විජම්බනය කොටැ නිසර්ගයෙන් (සම්භාවයෙන්) දිලිහුණා වූ, විජයබාහු
මහා ප්රා සාදය උත්තර (දිශායෙහි) බලන්නැ’. මෙහ ‘සරඟ’ සර + අඟ
= අඟසර ‘අංගයෙන්සාර’ හෙවත් ‘ශක්තිමත්’ යැයි
අරුත් පවසා ඇත. එබඳු තද බල විකෘත කිරීම්වලින් පසුව ලැබෙන ‘අඟසර’ පදයෙහි
පවා ‘ශක්තිමත්’ යන තේරුම ඇද්ද යනු අතිශයින්ම සැක
සහිතය.
පිළි මිණි පවුරු ගැන සඳහන්
වෙතත් ‘පිළිපා’ ගැන සඳහන් වන තැනක් නොලැබේ. ඉන් ‘පළිඟු
ටැම්’ යන අදහස ලැබේද යනුත් සැක සහිතය.
(2) අප අර්ථයට අනුව මෙහි ‘දද’ යනු
සූර්ය රශ්මිය වළකනු පිණිස ජනෙල් අසල බැඳි කොඩිය. ඒවා සරඟය. එනම් වර්ණවත්ය. ඒ නිසා
බිත්තිවල ජනෙල් පිහිටි ප්ර දේශය නියම කොට දැක්වෙයි. ‘පිළිපා’ යන්නෙහි
ඒ අර්ථය ඇති බව සෝරත ශබ්ද කෝෂය කියයි.
(3) පතඟ - පතංග, සූර්යයා
සරඟ - නියම කොට දැක්වීම
පිළිපා - නියම කොට දැක්වීම
විජයබ මහ පාය - විජයබා පිරිවෙන්
බිමේම විජයබ නමින් ගොඩනැඟිල්ලක් වූ බව මින් පෙනේ.
218
විස්තර - විශුද්ධ - ඉතා ශුද්ධ
සමෘද්ධ - ආඪ්යද
අසාධාරණ - වෙනත් ස්ථානවලට පොදු
නොව
219
අර්ථය - සිත් ගන්නා වූ
විහාරයෙහි තැනින් තැනට පැමිණ සිතුවම් සහිත බණපොත් වැසුම් දිග හැර සිතෙහි අපමණ
සන්තෝෂයෙන් බුදු ගුණ සිහි කරමින් අභිධර්ම පාඨයන්හි අර්ථ විමසා බලන සංඝ සමූහයාය.
විස්තර - බණ වසුන් - බණ පොත්
වසා බැඳි රෙදි කඩ. මේවායේ චිත්රඒ ඇඳ තිබූ බ ‘සිතියම් බණ වසුන්’ යැයි
කීමෙන් පෙනේ.
විදහා - දිග හැර යන අර්ථයෙනි.
අබිදම් පෙළ - අභිධර්ම පාළිය; බුදු දහම
ප්රිධාන වසයෙන් විනය, සූත්ර , අභිධර්මයැයි පිටක තුනකට බෙදේ. ඉන් සිත
පිළිබඳ විවරණය වන පිටකය අභිධර්ම පිටකය නමි. පෙළ හෙවත් පාළිය යනු අටුවා ආදිය ලිවීමට
කලින් පැවති මුල් පාඨයයි.
අභිධර්මය බුදුන් වහන්සේ විසින්
දෙවියන්ට දේශනා කරන ලැදැයි ඇතැම් පොත්වල සඳහන් වන අතර එය බුද්ධ භාෂිතයක් නොවේයැයි
නූතන සමහර පඬිවරු කියති.
220
අන්වය - උතුරු ගුණෙන් පිළිවෙත්
මගය සපැමිණ සත වෙත මෙත් මහ ගඟය පතුරුවමින් සිවු අව මගය අතුරදහන් කෙරෙමින් සුතුරු
දහම් පවසන සමහර සඟය.
අර්ථය - ඉතා උසස් ගුණයෙන් ප්ර
තිපත්ති මාර්ගයට සම්ප්රාපප්ත සත්වයා වෙත මෛත්රිම නමැති මහා ගංගාව යොමු කොට සතර
අපාය මාර්ගයන් නැති කරමින් සූත්රර ධර්මය කියන්නා වූ සමහර සංඝයාය.
විස්තර - සිවු අව මග - සතර අපා
මාර්ගය; නරකය, තිරිසන් යෝනිය, ප්රේ,ත යෝනිය, අසුර
නිකාය යනු සතර අපායයි. සුතුරු දහම් - සූත්රු පිටකය; පිටකත්ර්යේ
දෙවැන්න. මෙය දීඝ, මජ්ජිම, බුද්දක, සංයුක්ත, අංගුත්තර
නමින් නිකාය පහකට බෙදේ.
221
අන්වය - සමහර සුපිළිපන් සඟ ගණ
මන මෙනය පුවතර අරුත් ටීක වෙන වෙනය ගෙන පැණසර ඇදුරු උවදෙස් බස් දැන ගෙනය විනය නය
ගැඹුරු තැන් නොම හැර විමසති.
අර්ථය - ඇතැම්, මනා වූ
ප්රඹතිපත්ති සහිත සංඝ සමූහයා සිත් වූ පරිදි, ප්රයසිද්ධ අර්ථ ටීකා වෙන වෙනම
ගෙන ප්රතඥාවෙන් සාර වූ ආචාර්ය උපදේශ වචන දැන ගෙන විනය න්යා යයන්හි ගම්භීර ස්ථාන අත
නොහැර විමර්ශනය කරති.
විස්තර - (1) ඉහත
සඳහන් පද්යර දෙකෙන් කියවුණේ ත්රි පිටකයේ අභිධර්ය, සූත්රධ
යන පිටක අධ්යනයනය කරන සංඝයා ගැනය.
(2) සුපිළිපන් - සුපටිපන්න. යහපත්
ප්රකතිපත්තීන්හි පිහිටි
අරුත් - අර්ථ කථා, සමන්ත
පාසාදිකා ආදි ග්රපන්ථ.
ටීකා - අර්ථ කථාවන් සඳහා කළ
ව්යාතඛ්යා න; මේවා දුරවබෝධ පදවලට කළ අර්ථ කථනයන්ය.
විනය - භික්ෂූන් සඳහා වූ
ශික්ෂාපද ආදිය ඇතුළත් පිටකය.
222
අන්වය - සොඳ පත් පොත් රැගෙන, වෙහෙර පසෙක
ඉඳ නොයෙක ගැඹුර තැන් සිත් ලෙසින පිළිවිස යෙදෙන සන් සඳ අරුත් නොහැර සලකමින් වියරණ
වනපොත් කරන හෙරණ රැසක.
අර්ථය - උසස් පොත් පත් ගෙන
විහාරයෙහි පැත්තක ඉඳ ගෙන නොයෙක් ගම්භීර ස්ථාන අභිමත පරිදි විමසමින් යෙදෙන්නා වූ
සංඥා, සන්ධි හා අර්ථයන් සලකා බලමින් ව්යාිකරණ කට පාඩම් කරන්නා වූ
සාමණේර සමූහයකි.
විස්තර - (1) විහාරයෙහි
ධර්මය උගන්වන භික්ෂූන් ගැන කීමෙන් ඉක්බිතිව මෙතැන් සිට ශාස්ත්රා හදාරන අය ගැන
විස්තර කෙරේ.
(2) සන් සඳ - සංඥා හා සන්ධි; සිදත්
සඟරාවෙහිද සඳහන් වන ව්යා2කරණ විධි දෙකකි. වනපොත් කරන - කට පාඩම් කරන
223
අන්වය - දැමුණු සිතින් වෙහෙර
පූරණ කර ඉඳ, තියුණු නැණින් සැත නිවාරණ කෙරෙමින් එකින් එක සමය කාරණ
පමුණුවමින් බමුණු රැසෙක් වෙද අරුත් දාරණ කෙරෙති.
අර්ථය - හික්මුණු සිත් ඇතිව
විහාරය පුරා ඉඳ, තීක්ෂණ ඥානයෙන් සැක පහ කෙරෙමින් එකින් එක ආගමික මතවලට හේතූන්
ගෙන හැර දක්වමින් බ්රාමහ්මණ සමූහයක් වේද අර්ථ ධාරණය කරති.
විස්තර - (1) තොටගමු
වෙහෙරෙහි බුදු සමය පමණක් නොව වෙනත් ආගම්ද ඉගැන්වුණු බව මෙයින් පෙනේ.
(2) සැක නිවාරණ කෙරමින් - සැක දුරු
කරමින්
සමය - ආගම්
කාරණ - කාරණ යන වචනයෙහි නියම
තේරුම හේතු යනුයි. ‘සාධක’ වැනි තේරුමක් එහි නැත. මේ අනුව කරුණු හා කාරණ යනු අර්ථ දෙකක
යෙදෙන බව පෙනේ. ‘කිමද නොසතුටු වන්ට කාරණ?’ (ගුත්තිලය) ආදි තැන්වල කාරණ යනු
යෙදී ඇත්තේද හේතු යන තේරුමෙනි. කෙසේ වුවද අද මේ වචනය යෙදෙන්නේ ‘කාරණා’ අර්ථය
දීම සඳහා යෙදීම අනුමත කළ හැකිය.
වෙද’රුත් -
වෙද + අරුත්; වේදයන්හි අර්ථ; ලෝකයේ ඇති පැරණිම ලේඛන අතර
ගැණෙන වේද හින්දූන්ගේ ශුද්ධ ග්රුන්ථ වේ. මුලදී වේදය කොටස් තුනකින් යුක්ත විය. සෘග්, යජුර්, සාමන්
යනු එහි නම්ය. ත්රි වේදය නමින් හැඳින්වුණු මෙයට අථර්ව වේදය එක් වීමෙන් චතුර්වේදය
ඇති විය.
224
අන්වය - පබා තුරු ලෙසින් නොමද
බොල්ලන් ගෙන නිල් පලග මැද පෙළින් පෙළ තබා ඇද සෙද බබා තැනින් තැන ගණන් බැඳ, ඉඳ සමහරු
පබාකර සිදත් ගණිති.
අර්ථය - ප්රනභා සහිත තාරකා වැනි
බොහෝ බෙල්ලන රැගෙන නිල් ඵලක මධ්යයයෙහි පේළියෙන් පේළියට තබා අදිමින් වහා භාග
කෙරෙමින් තැනින් තැන ග්රෙහ ගණන් බැඳ ඉඳිමින් සමහරු සූර්ය සිද්ධාන්තය ගණිති.
විස්තර - (1) පුරාණ
කාලයෙහි නක්ෂත්ර්, ග්රතහ ගණිත උගත් ආකාරය මෙයින් විස්තර වේ.
(2) පබා - ප්රමභාව
බොල්ලන් වර්තමාන ව්ය වහාරයෙහි ‘බෙල්ලන්’ යැයි
එයි.
නිල් පලග - දාම් ලෑලි වැනි ලී
පුවරුවල; ග්රාහ මණ්ඩලය පිහිටුවන ලද්දේ මේ පුවරු මතය.
පබාකර සිදත - පබාකර යනු
සූර්යයාය. එහෙයින් පබාකර සිදත නම් සූර්ය සිද්ධාන්තයයි. සූර්යයා විසින් මය නම් වූ
අසුරයාට උගන්වන ලදැයි කියන ජ්යොයතිශ්ශාස්ත්රය ග්ර න්ථයකි.
225
අන්වය - එහි වෙදවරු, ඇම දමස
උවදුරු දුර ඇර සත්වග වෙසෙස රකිනුව මුනි විරු දෙසූ සදහම මෙන් පෙර ඇදුරු ඉසිවරන්
නොයෙක ලෙස පැවසූ වෙද සතර සතොස පිරුවති.
අර්ථය - එහි වෛද්යුවරු හැමදා
උපද්රැවයන් දූරීභූත කොට සත්ව වර්ගය විශේසයෙන් ආරක්ෂා කරනු පිණිස මුනීන්ද්රව වීරයා
දේශනා කළ සද්ධර්මය මෙන් පූරුවාචාර්ය සෘෂිවරුන් විසින් නොයෙක් ආකාරයට ප්රධකාශ කරන
ලද වෛද්යව ශාස්ත්රරය සතුටින් පාඩම් කරති.
විස්තර - මුනිවිරු - මුනි වීරයා; බුදුන්
වහන්සේ
ඉසිවරන් - සෘෂිවරුන්
වෙද සතර - වෛද්යද ශාස්ත්රවය; ආයුර්වෙද
මතයට අනුව මෙය මහා බ්ර හ්මයා විසින් ලොවට දෙන ලද්දකි. සමහර ග්ර;න්ථවල
භාරද්වජ මගින්ද සමහර ග්රන්ථවල ධන්වන්තරී ආදි වෙනත් සෘෂිවරු මගින්ද එය ලැබුණු බව
පැවසේ. සුරයන් කිරිසයුර කැළඹූ අවස්ථාවේ ධන්වන්තරෟ බෙහෙත් මංජුසාවක් රැගෙන ඉන් මතු
වූ බව කියති.
226
අන්වය - සමහරු පෙර පටන පරසිදු
මනහර පොත් රැගෙන එහි පද අරුත් කියන ලෙස නොහැර දැන ගෙන සුරගුර අවත් වනපොතින් උතුරු
දෙම්හයි නොයෙක් තැන අත් සතර පිරුවති.
අර්ථය - ඇතැම් අය පුරාණ කාලයේ
සිට ප්ර්සිද්ඛ මනහර පොත් රැගෙන ඒවායේ පදාර්ථ කියන ආකාරය අත් නොහැර දැන ගෙන
බෘහස්පතිට වුවත් කටපාඩමින් උත්තර දෙම්හයි නොයෙක් තැන්වල අර්ථ ශාස්ත්ර්ය පාඩම්
කරති.
විස්තර - තොටගමුවේ විජයබා
පිරිවෙනෙහි ගිහියන්ට අවශ්යප ශාස්ත්රප විෂයන්ද ඉගැන්වූ බව පෙනේ. වෛද්යව ශාස්ත්රිය
වුවද භික්ෂූන් ප්රයගුණ කළ නමුත් අර්ථ ශාස්ත්රෙය වැනි ඒවා ගිහි විෂයන්ය. අර්ථ
ශාස්ත්රෂය යනු කෞටිල්යළ නම් බ්රා්හ්මණ පඬිවරයා විසින් ලියන ලද දේශපාලන තන්ත්ර ය
පිළිබඳ ග්ර න්ථයකි. එහි විෂය දැනට අප අර්ථ ශාස්ත්රතය නමින් ගන්නා කරුණුවලට වෙනස්ය.
කෙසේ වුවද මෙතැන අදහස් කරන්නට
ඇත්තෙ අර්ථ ශාස්ත්රපයද යනු සැක සහිතය. අර්ථ ශාස්ත්රතය ‘අත් සතර’ යනුවෙන්
වෙන තැනක සඳහන් වී නැත. රජුන්ට ‘අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ’ බව පැරණි
පොත්වල නිතර කියවෙන නිසා මෙය එදිනෙදා කටයුතු කර ගැනීමේ ශාස්ත්රනය විය යුතුය.
227
අන්වය - පෙර කිවියර සිරි රුකුළු, සඳ ලකර
වියරණ දැන ගත් වියත් මුළු සිරිමත් සොඳුරු එවෙහෙර ලකුළු තැන තැන ඉඳ සකු. මගද, එළු.
දෙමළ කව් නළු පවසත්.
අර්ථය - පුරාණ කවිවරයන්ගේ ආකාරය
ගෙන හැර දැක්වූ, ඡන්දස්, අලංකාර, ව්යායකරණ
දැන ගත්තා වූ උගතුන් සමූහය ශ්රීදමත්, සුන්දර එම විහාරයෙහි අලංකාර
කරනු ලැබූ තැන් තැන්වල හිඳ සංස්කෘත, පාලි, සිංහල හා
දෙමළ කාව්යු නාටක ප්රවකාශ කරති.
විස්තර - (1) පොළොන්නරු
යුගයේදී කාව්යත නාටක ආදිය භික්ෂූන් ඉගෙනීම හෝ ඉගැන්වීම නොකටයුතු ‘ගර්භිත’ විද්යාක’ හැටියට
සැලකිණි. එහෙත් මෙම පිරිවෙනේ ඒවා ඉගැන්වුණු බව පෙනේ.
(2) ලකුළු තැන තැන - අලංකාර කරනු
ලැබූ තැන් තැන්වල; නාට්යාගදිය පෙන්විය හැක්කේ සරසන ලද ස්ථානවලය. ඒ නිසා මෙසේ
කියවිණ.
රුකුළු - ඉදිරිපත් කළ. ප්රමකාශ
කළ
සඳ ලකර - ඡන්දස් හා අලංකාර; පද්යවල
වෘත්තාදිය උගන්වන ශාස්ත්රදය ඡන්දස්ය. කාව්යන අලංකාර කරන, රසවත්
කරන ලක්ෂණ උගන්වන ශාස්ත්ර ය අලංකාරයි.
මගද - මාගධි, පාලි
භාෂාව; බුද්ධ ධර්මය මාගධියෙන්ද ජෛන ධර්මය අර්ධ මාගධයෙන්ද ලියවී ඇත.
සකු - සංස්කෘත
කව්නළු - කාව්ය හා නාටක
228
අන්වය - දැමිටු ම - ඉටු මිතුර.
පවර එ වෙහෙර පෙර තොප නුදුටු නොඇසූ මෙබඳු සිරිසර නෙත සිත සතුටු කර දැක පුදයට පිවිටු
දන කොලහල නැවති වර මුනි මැඳුර තුර වැද
අර්ථය - ධර්මිෂ්ඨ වූ මාගේ ඉෂ්ට
මිත්රහය. උතුම් වූ ඒ විහාරයෙහි කලින් ඔබ නුදුටු නොඇසූ මේ ආකාර ශ්රී සාරය, ඇසත්
සිතත් පිනවමින් දැක පූජාව සඳහා ජනයාගේ කලබල නැවතුණු කල්හි බුදු මැඳුර ඇතුළට පිවිස
විස්තර - පෙර තොප නුදුටු - මෙසේ
කියන්නට ඇත්තේ වෙනත් පිරිවෙන්වල මෙබඳු විෂයන් නූගැන්වුණුනිසා විය හැකිය.
සිරිසර - ග්රීව සාරය; ශ්රී
සම්පත්තිය
පිවිටු දැමිටු ම-ඉටු මිතුර -
ප්රතවිෂ්ට වූ, පැමිණියා වූ මාගේ ඉෂ්ට මිත්රයය
කොලහල - සාමාන්ය යෙන් පවත්නා
කලබලකාරි ගතියද කොලහල නමින් හැඳින්වේ.
229
අන්වය - ලක රද ඉසුරු ලද දද
කැලණිතිස් මහ රද යුවරද වරද තතු ලෙස පිරිසිඳ නොදැන නිවරද වරද යතිඳුට වරද කළ සෙඳ්
සුරන් සිත් කිපියෙන් සිඳු වෙරළ මැඬ ගෙන එත මෙලක සෙත නිසා සක් දෙවිඳු මැවූ ඒ මුහුද
පැහැම වූ දිසා පිළිම රුව දැක. රුදුව සෙනඟ ගෙන යුදට ආ වසවතු
මුදුව බිණූ තෙපලෙන් ජය ගෙන
බුදුව ලොවට නොයෙක් සෙත් කළ මුනිඳුහට අදර බැති පෙම් සිත් දියුණු කොට වඳුව.
අර්ථය - ලංකා රාජ්යව ඓශ්චර්ය
ලැබූ මුග්ධ කැලණිතිස්ස මහරජු යුවරාජයාගේ වැරැද්ද නියම පරිදි විනිශ්චය කොට නොදැන
වැරැද්දක් නැති කල්හිත් (නැතහොත් නිර්විණදායි) ස්ථවිරතුමාට වරද කළ කල්හි දෙවියන්ගේ
සිත් කුපිත වූයෙන් සමුද්රණය වෙරළ ඉක්මවා එන කල්හි මේ ලංකාවේ ශාන්තිය සඳහා ශක්රෙ
දේවේන්ද්රායා නිර්මිත කළ ඒ මුහුදෙහි පාටම වූ දිසා ප්ර තිමාව දැක, රෞද්රේ
සේනාව රැගෙන යුද්ධයට ආ වසවර්ති මාරයා මෘදුව කියූ වචනයනේ ජය ගෙන බුදු වී ලෝකයට
නොයෙක් ශාන්ති කළ අප බුදුන්ට ආදර භක්ති ප්රේලම සිත් වඩා නමස්කාර කරව.
විස්තර - දද - මෝඩ
කැලණිතිස් මහරද - කාවන්තිස්ස
රජු දවස කැලණියේ රජ කළ නිරිඳු. මොහු විහාර මහා දේවියගේ පියාය. මොහුගේ බිසව රජුගේ
මලණුවන් සමග මිත්රරව සිටියාය. ඔහු ඇයට ලියූ ලිපියක් රහත් තෙර නමක විසින් ලියන
ලදැයි සැක කළ රජු එම රහත් තෙර උණු තෙල් කටාරමක ලා මැරවීය. මෙයින් කෝප වූ දෙවියන්
මුහුද ගොඩ ගලන්නට සැලැස්වූයෙන් තම දූ වූ විහාර මහා දේවිය මුහුදට බිලි දෙන්නට රජුට
සිදු විය. මෙම පද්යහයෙහි සඳහන් වනුයේ එම සිද්ධියයි.
නිවරද වරද - නිවැරදි කල්හිද; ‘වරද’ යන පදයට ‘නිවන්
සලසන’ යන තේරුමද දීමට පුළුවන.
දිසා පිළිම රුව - මෙය කවර පිළිම
විශේෂයක්දැයි කීමට නොදනිමු. දිසාවෙහි ප්රුධාන ප්ර තිමා රූපය, මුහුද
ගැලීම වළක්වනු පිණිස ශක්රවයා මැවූ ප්රාතිමාව යන තේරුම් සෝරත හිමියෝ දෙති.
මුදුව බිණූ - මෘදුව කියූ
230
අර්ථය - මහත් වූ සංසාර සාගරයෙහි
නිමග්නව හැසිරෙන කෙළවරක් නැති සත්වයා නිර්වාණ පුරයට ගෙන යන අදහසින් නිතර සොඳුරු
බෝධිසත්ව ගුණධර්ම පුරන්නා වූ ලෝක ප්රනකට ශෝභන නාථ දෙවිඳුන් දැක ගොසින්.
විස්තර - කුමුටුව - කිමිදී, ගිලී
අනත - අන්තයක්, කෙළවරක්
නැති.
සතත - නිරන්තරයෙන්
බුදුකුරු - බුදු + අකුරු, බුදුධාංකුර, බුද්ධාංකුරයෝ
නම් බෝධිසත්වයෝය
231
අන්වය - මිතුර, පවර
රුසිරු මහ සඟ සමග බෝතුරු බැති පෙම් සිතිනි නොහැර නැමද පිවිතුරු වෙහෙර පසඟතුරු රැවු
පුද නොදෙන තුරු සැදි සොඳුරු පහ අතුරු වැද
අර්ථය - (1) මිත්රොය, උසස්, සිත්කලු
මහා චෛත්යරය සමග බෝධි වෘක්ෂයද, භක්ති ප්රේයම සිතින් අත් නොහැර වැඳ
පවිතු වූ විහාරයෙහි පංචාංගික තූර්ය නාද පූජා පැවැත්වීමට පෙර අලංකාර සුන්දර
ප්රාවසාදය තුළට සන්තෝෂයෙන් වැදී.
(2) පසඟතුරු රැවු - පංචාංගික තූර්ය
නාදය; ආතත, විතත, විතතාතක, ඝන. ශුෂිර යන තූර්ය භාණ්ඩ වර්ග පසින්
දෙන නාදය.
232
අන්වය - කඳවුරුගම් කුල දලනිඳු
ලකළ මුදලිඳු. පිවිතුරු සොඳුරු උතුරුමුල මහ තෙරිඳුට මුනුබුරු මහරු ගුණ සරු, පිළිවෙත්
ගැඹුරු, ඇම කල තම තෙපුල් කිවිකුල මුදුන් මල් කළ, නිකසළ
මනරම් මුනි සසුන් වැඩ පිණිස පැරකුම් රජු විසින් සුත පෙමිනි ඇති කළ සිරිබර මෙසිරි
ලක අඟන පැලඳි පිරිසිදු පුවතර මහ වෙහෙර වැසි සිනිඳු ගුණ තෙර මනහර රුවන් වැළ මැද බඳ
මිණි එක බඳු පවර විජයබ පිරුවන් තෙරිඳු නම කර.
අර්ථය - ස්කන්ධවාරග්රාවම කුලය
නමැති සමුද්රිය අලංකාර කළ මහා මේරු පර්වතය වැනි, පිරිසිදු
සුන්දර උත්තරමූල මහා ස්ථවිරයන්ට මුනුබුරු, මාහරභ ගුණයෙන් සාර, ප්රුතිපත්තීන්ගෙන්
ගැඹුරු, සියලු කල්හිම තමන්ගේ වචනය කවීන් සමූහයාගේ මුදුනෙහි පළඳින
පුෂ්පය බවට පත් කළ, නොකැළැල්, මනරම් බුද්ධ ශාසනයෙහි හිත පිණිස
පරාක්රලම රජු විසින් පුත්රක ප්රේ මයෙන් ඇති කළා වූ සිරියෙන් බර මේ ශ්රීර ලංකා
නමැති කාන්තාව පැළැන්දා වූ පවිත්ර , ප්ර සිද්ධ මහා විහාරවාසි
ස්නිග්ධ ගුණ (ඇති) ස්ථවිරවරුන් නමැති මනෝහර රත්නාවලිය මැද බැඳි මැණිකක් හා සමාන
උතුම් විජයබාහු විහාර (අධිපති) ස්ථවිරතුමාට නමස්කාර කරව.
විස්තර - කඳවරුගම් කුල -
ස්කන්ධවාර වංශය; සිරි රහල් හිමියන් උපන්නේ මෙම වංශයෙහිය. කඳවුරු පුරය නමින්
හැඳින්වෙන්නේ පොළොන්නරුවයි. එහි සම්බන්ධයක් නිසා කඳවුරු ගම් කුලය ඇති වූයේ යැයි
සමහරුන් කියතත් එය පිළිගැනීම දුෂ්කරය. මේ කාලය වන විට පොළොන්නරුව වැනි විශාල
නගරයක් හැඳින්වීම සඳහා ‘ගම්’ යන වචනය භාවිතා කෙළේ යැයි සිතීම දුෂ්කරය.
දලනිදු - ජලනිධිය; ජලයට
නිධාන වන නිසා සමුද්රටය දලනිදු යැයි හැඳින්වේ.
මුදලිඳු - මහාමේරු පර්වතය
උතුරුමුල මහ තෙරිඳු - උත්තරමූල
යනු පෙර පැවති සංඝායතනයක නමකි. ගලතුරුමුල, විල්ගම්මුල, මහනෙත්පාමුල, කපාරා
මූල සේනාධිපති මූල ආදි වසයෙන් මෙවැනි ගුරුකුල අටක් තිබිණ. අනුරාධපුර යුගයේදී ආරම්භ
වූ මේ ආයතන ගැන දැන් එතරම් විස්තර ලබාගත නොහැකිය.
සුත පෙමින - පුත්ර ප්රේ්මයෙන්; රහල්
හිමියන් කුඩා කල පුත්රමයෙකු හැටියට හදා වඩා ගනු ලැබුයේ හවන පැරකුම්බා රජු විසිනි.
මහ වෙහෙර - අනුරාධපුරයෙහි
මහාවිහාරය.
විජයබ පිරුවන් තෙරිඳු - විජයබා
විහාරාධිපති. නොයෙක් විට විහාරයක අධිපති හිමියෝ විහාරයේ නමින් හැඳින්වුණහ. මයූරපාද
හිමි ආදි වසයෙනි. මෙහි කියවෙනුයේ සිරිරහල් හිමි ගැනය.
233
විස්තර - අසදෘශ - අසමාන
ප්ර්ඥාපාටව - ප්රුඥව නිසා ඇති
වු දක්ෂකම
ප්ර්ශස්තතර - වඩා පැසසිය යුතු
ත්රිතපිටක වාගීශ්වර - ත්රි පිටක
වචනයට අධිපති; ත්රිපිටකයෙහි ඕනෑම දෙයක් ක්ෂණයකින් කිව හැකි.
වාග් + ඊශ්වර = වාගීශ්වර
වර්ණ භාෂණයක - ගුණ කීමකි.
කර්ණභූෂණය කර - කර්ණ පළඳනාවක්
කරව; හොඳින් අසන්න යන අර්ථයයි.
234
අර්ථය - ගම්භීර වූ අභිධර්ම
පිටකය නමැති ක්ෂීර සාගරය නිතරම සොඳුරු වූ නුවණ නැමිත මහාමේරු පහරින් කලඹා මිහිරි
වූ පදාර්ථ නමැති අමෘතය ලෝකයාට ගෙන දෙන්නා වූ ඒ යතිවරයාට මේ කාලයෙහි කවුරු නම් සමාන
වෙත්ද?
විස්තර - විජම් පෙළ - අභිධර්ම
පාළිය; මෙය ‘ධම්ම සංගණී’ ආදි ප්ර කරණ හතකින් යුත්තය; අබිදම්> බිදම්> විදම්> විජම්; ‘ද’ යන්නට
ඇතැම් විට ‘ජ’ ආදේශ වේ. බුදස් = බුජස් ආදි තැන්වල මෙනි. බීජ. වීජ යනාදි
තැන්වල ‘බ’ කාරයට ‘ව’ කාරාදේශයද සිදු වේ.
සකොබ කොට - සංක්ෂොභ කොට, කලඹා
235
අර්ථය - මහත් වූ විවිධ කිලුටු
දෘෂ්ටි නමැති ග්රී ෂ්මය දුරු කොට උතුම් වූ ස්වර්ග මෝක්ෂ ඵල සම්පත් ලෝකයට දෙන්නා වූ
බුදුන් වහන්සේගේ සූත්ර ධර්ම
නමැති උස් වූ දිව්යද වෘක්ෂයට මනස්කාන්ත ඔහුගේ ඥානය නමැති භූමියම පිහිට විය.
විස්තර - (1) කලින්
කවියේන විජයබා තෙරුන්ගේ අභිධර්ම විශාරදත්වය ප්ර්කාශ කළ කවියා මෙයින් උන් වහන්සේගේ
සූත්ර ධර්ම ඥානය පිළිබඳව කියයි. සුත්ර ධර්මය විශාල ගසකි. ඉන් මිථ්යාත දෘෂ්ටි නමැති
ග්රීිෂ්මය දුරු වෙයි. එහි හට ගන්නා ගෙඩි වනුයේ ස්වර්ග මෝක්ෂ සම්පත්තීන් මේ මහා
වෘක්ෂය පිහිටියේ විජයබා පිරිවෙන් හිමිගේ ඥානය නමැති පොළොවෙහිය.
(2) විහිගුම් - මහත් වූ
විහිට - විහිදුවා, දුරුකොට
නරදම් සැරි - පුරුෂ දම්යළ සාරථි
යනුයි. දමනය කළ යුතු අය දමනය කරන යනු එහි තේරුමයි.
සුරතුර - දෙව්ලොව දිව්යය වෘක්ෂ
පහක් වේ. ඉන් කල්ප වෘක්ෂය සඳහා මෙසේ කියන ලද බව සැලකීම සුදුසුය.
236
අන්වය - මුනිවර සසුන් මිහි
මඬලෙහි නදනා කළ මනහර විනය පද අරුත් මහ මිණි අදනා පෙර ඇදුරන් උවදෙසුන් ලැබ නැණ පතළ
දනා ඇර ගෙන දෙමින් යති ගණ නඳනා කරවයි.
අර්ථය - බුද්ධ ශාසනය නමැති පොළෝ
තලයෙහි නිධන් කළ සිත් ගන්නා විනය පදාර්ථ (නමැති) මහත් මැණික් අදින්නා වූ, පුරාණ
ආචාර්යවරුන්ගේ උපදෙස් ලබා ඥානය නමැති ප්ර කට ධනය රැගෙන දෙමින් යතීන් සමූහයා සතුටු
කරවයි.
විස්තර - (1) බුද්ධ
ධර්මය වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම සඳහා අටුවා ඉදිරිපත් කළෝ බුද්ධඝෝෂෘචාරීහුය.
ඔවුන් එසේ කෙළේ ඊට කලින් සිටි පුරාණ ආචාර්යවරුන්ගේ
මතද සැලකිල්ලට ගනිමිනි. මේ
පුරාණාචාර්යවරුන්ගේ මත පොළොවෙහි නිධන් කළ මැණික් මෙන් අර අටුවාවල අන්තර්ගත වෙයි.
තොටගමු වෙහෙර වැසි යතිවරු මේ පුරාණාචාර්ය මත නමැති ඒ මැණික් මතු කර දීමෙහි සමත්
වෙති.
(2) මිහි මඬල - පෘථිවි මණ්ඩලය
237
නැණ පතල දන - ඥානය වනාහි පෙර
පටන්ම ප්රයකට ධනයකි.
අන්වය - සතර පහළ කළ පොරණ ඇදුරන්
සෙ අට වියරණය නොහැර සිත සෙ දැන ගෙන සත සතොස කරන පවර පබඳ බැඳ සියලු දෙරණ නිතොර
පසිඳු කරවියත
අර්ථය - ශාස්තුයන් ඇති කළා වූ
පුරාණ ආචාර්යවරුන් මෙන් අෂ්ට ව්යාගකරණය අත් නොහැර සිත් සේ දැන සත්වයාගේ (ලෝ
වැසියාගේ) සන්තෝෂයට හේතු වූ උසස් ප්රතබන්ධ බැඳ මුළු ලෝකයෙහි නිතර ප්ර සිද්ධ කරවීය.
විස්තර - අට වියරණය - ශාස්ත්රනය
පහළ කළා වූ පුරාණාචාර්යවරයන් දැන සිටියේ සංස්කෘත ව්යා කරණයයි. එහෙයින් මෙහි අදහස්
කරනුයේ ඉන්ද්රළ, චන්ද්ර , කාස්කෘත්සන, අපිශල, ශාකටායන, පාණිනි, අමර, ජෛනෙන්ද්ර
යන අට දෙනාගේ ව්යායකරණයන්ය. රහල් තෙරණුවෝ ඒ සියල්ල දත්හ. උන් වහන්සේ බුද්ධිප්පසාදනී, පඤ්චිකාප්රකදීප
යන ව්යා කරණ විවරණ පොත් දෙකක්ද රචනා කළහ.
පවර පබඳ - උසස් ප්රපබන්ධ; සංස්කෘත
වියරණ දැනසිටි පමණින්ම, කුමාරතුංග අදහස් කරන පරිදි, මේවා සකු
ප්ර;බන්ධ විය යුතු නොවේ. රහල් හිමියෝ සැළලිහිණිය, කාව්ය
ශේඛරය ආදි උසස් ප්රිබන්ධ සිංහලෙන් කළහ. මින් ඒවාද අදහස් වන්නේ විය හැකිය.
238
අන්වය - සසමය, සතර සිඳු
අගතිසි කරතලය සපිරි පිරිසිදු ගුණ ඇම කලය අසමය. මෙසමය දියතෙහි පසිඳු එහිමි තෙපලය
විසමය ඇදුරු තුරු උදුරන සැඬ නලය.
අර්ථය - ෂඩ් සමය නැමැති සතර
සාගරයට නැතහොත් ආගම සහිත ශාස්ත්රක නමැති සාගරයට අගස්ති සෘෂිහුගේ අත්තල බඳු හොඳින්
පිරුණු පිරිසිදු ගුණ හැම කල්හිම අසමානය. මේ කාලයෙහි ලෝකයෙහි ප්රිසිද්ධ නමැති ගස්
උදුරා ලන චණ්ඩ මාරුතයකි.
විස්තර - සසමය- න්යාහය, වෛශෙෂික, සාංඛ්යන, යෝග, මීමංසා, වේදාන්ත
යන දර්ශන විධි හය. සසමය යන්නට නිවැරදි දර්ශනය යනුවෙන්ද අරුත් කිව හැකිය.
අගතිසි-අගස්ත්යය සෘෂිවරයා; වරක්
ඉන්දු විසින් ලුහු බඳිනු ලැබූ අසුරයෝ දිව ගොස් මුහදෙහි සැඟවුණහ. මෙවිට අගස්ත්යර
සෘෂිවරයා මුහුදෙහි දිය දෝතින් ගෙන පානය කොට ඔවුන් දැක්වීය. මෙහි එන සඳහන ඒ ගැනය.
අගතිසිට අත්ලට ගත් වතුර ගැන හොඳ දැනුමක් ඇත. ෂඩ් දර්ශනය ගැන විජයබ හිමියන්ට ඇත්තේද
එබඳු දැනුමකි
කරතල - හස්ත කලයෙහි; අත්තලෙහි
විසමය ඇදුරු තුරු - මිථ්යාබ
දෘෂ්ටි නමැති ගස්
සැඬ නලය - චණ්ඩ වූ මාරුතයයි.
239
අන්වය - සේ පිරියත් මහ කව්
යෙහෙන දැන ගෙන, සියපත්, කොඳ සඳ සේ සොබන යස රැස් පෑ දියතෙහි
නිතින දියකොත් බඳවා ඒ නඳන සිරිමත් යති බබලයි.
අර්ථය - දක්ෂ භාවයේ කෙළවරට
(ගොස් බඳනා ලද) මහා කාව්යනයන් හොඳින් දැන ගෙන නෙලුම්, කුමුදු
හා චන්ද්ර(යා මෙන් ශෝභන යශෝරශ්මිය පෙන්වා ලෝකයෙහි නිතර ජයකොඩි බඳවා ඒ නන්දනීය වූ
හිමිතුමා බබලයි.
විස්තර - සේ පිරියත් = ‘සේ’ යනු ඡෙක
හෙවත් දක්ෂ භාවයයි. එහි කෙළවරට ගියේ සේ පිරියත්ය.
දියකොත් බඳවා - ජය කොඩි නංවා
240
අන්වය - පසිඳු, රුසිරු
සරසවි ලිය නිතර රැඳි, කිවිඳු සවන් බිඟු වැල නොහැර තුටු කළ පුබුදු සොඳුරු පවර ඔහු
මුව තඹරට, සඳ ලකර සිනිඳු සුවඳ මුවරඳ විය.
අන්වය - පසිඳු, රුසිරු
සරසවි ලිය නිතර රැඳි, කිවිඳු සවන් බිඟු වැල නොහැර තුටු කළ පුබුදු සොඳුරු පවර ඔහු
මුව තඹරට, සඳ ලකර සිනිඳු සුවඳ මුවරඳ විය.
අන්වය - ප්රුසිද්ධ වූ, සිත්කලු
සරස්වතී කාන්තාව අනවරතයෙන් සිටි කවිඳුන්ගේ කන් නමැති මී මැසි සමූහයා අත් නොහැ
සතුටු කළා වූ ප්ර්බුද්ධ, සුන්දර ඔහුගේ මුඛ පද්මයට, ඡන්දෝලංකාර සිනිඳු සුවඳ රේණු
විය.
විස්තර - (1) විජයබා
පිරුවන්පති හිමියන්ගේ මුහුණ නෙලුම් මලකි. එහි සරසවි වසන බව කීමෙන් උන් වහන්සේගේ
කවිත්වය ධ්වනිතය. ඒ කවිත්වයෙන් කවීන්ගේ කන් නමැති මී මැස්සෝ සතුටු වෙති. එසේම ඒ
පියුමෙහි රේණු ඡන්දස් අලංකාරයැයි කීමෙන් එම ශාස්ත්රතයන් විෂයෙහි උන් වහන්සේගේ
නිපුණත්වය ප්රරකාශ වේ.
(2) සරසවි ලිය - සරසවි යැයි කී විට ‘ලිය’ යනු
අනවශ්යගය. එහෙත් බැමිණිලීය, බිසෝලඳ ආදි ව්යාවහාර සිංහලයෙහි දක්නට ලැබේ.
සඳලකර - කවිවල විරිත් පිළිබඳව
උගන්වන ශාස්ත්රටය ඡන්දස්ය. අලංකාර විධීන් උගන්වනුයේ ලකරය.
241
අන්වය - තිවට, කසුබු
ඉසි, සුරගුරු මෙන් සුබද, ඒ යති සඳුෙග් ලොවට කලණ නොමඳ
සුමට වදන් දුළ විසිතුරු මහ මුහුද. දස අට පොරණ රළ පතරින් නිබඳ පිරි. අර්ථය - මහා
බ්ර හ්මයා, කාශ්යරප සෘෂි, හා බෘහස්පති මෙන් ඉතා භද්රත වූ
ඒ යතිතුමාගේ, ලෝකයට කල්යාමණ වූ, බොහෝ වූ ඉතා මටසිලුටු වචන නමැති
බැබලුණු විචිත්රෝ මහ මුහුද, දහ අට පුරාණ නමැති රළ සමූහයෙන් නිතර පිරුණේය.
විස්තර - තිවට - මහා බ්රැහ්මයා; වට හෙවත්
පැවතුම් තුනක් ඇති නිසා මහා බ්ර්හ්මයාට තිවට යයි කියනු ලැබේ. මේ පැවතුම් තුන නම්
ලෝකය මැවීම. ආරක්ෂා කිරීම සහ විනාශ කිරීමය.
කසුබු ඉසි - කාශ්යකප නම්
සෘෂිවරයා - හින්දු දේව කතාවලට අනුව හොහු මහා බ්ර හ්මයාගේ මුණුබුරෙකි. සියලු
ප්රාණණීන්ගේ ආදි පුරුෂයා ඔහු යයි සලකන ලදි.
සුබද - සුභද්රග, ඉතා
යහපත්
දසඅට පොරණ - බ්රේහ්මම, පද්ම, විෂ්ණු, ශිව, භගවත්, නාරද, මාර්කණ්ඩෙය, අග්නි, භවිෂ්යාත්, බ්රීහ්මවෛවර්ත, ලිඬග, වරාහ, ස්කන්ධ, වාමන, කුර්මු, මත්ස්යා, සුපර්ණ, බ්රරහ්මාණ්ඩ
යන නමින් ඇති පුරාණ ශාස්ත්රද අටළොස.
242
අන්වය - අවට ඉඳින අඩදැණි
පඬිවරුනටද පෙර ඇදුරන් පැමිණි ලෙස සිතට සතුටු වන සොඳ පද අරුත් සරණි, රුවට
කියන ඔහුට දස අ විදු තැන් සිය පවෙණි විය.
අර්ථය - වටේට ඉන්නා වූ අඩදැණි
පඩිවරුන්ට, පූර්වාචාරයවරුන් පැමිණි ආකාරයට සිතට සන්තෝෂය ඇති වන යහපත්
පදාර්ථ සමූහය විචිත්රට ලෙස කියන්නා වූ ඔහුට අෂ්ටාදශ විද්යාද ස්ථාන ස්වකීය ප්ර
වේණිය විය.
විස්තර - (1) රහල්
හිමියන් පුරාණ ශාස්තුයන්හි අර්ථ පැහැදිලිකර දක්වනුයේ ආධුනිකයන්ට පමණක් නොවේ.
පඩිවරුන්ටත් ඔවුන්ගේ සිත් සතුටු වන ආකාරයට එසේ කරති.
(2) අඩදැණි - දණ නමා සිටින
සරණි - සමූහය
දස අට විදු තැන් - පුරාණයෙහි
විද්යාිවෝ කොටස් දහ අටකට බෙදා දැක්වුණාහ. ඒවා මෙසේය: (1) ශික්ෂා (2) කල්ප (3) ව්යා්කරණ
(4) නිරුක්ති (5) ඡන්දස්ශාස්ත්ර (6) ජ්යො)තිශ්ශාස්ත්රධ
(7) සෘග්(8) යජුර් (9) සාම (10) අථර්ව්න්
(යන වේද සතර) (11) මීමංසා (12) න්යාසය (13) ධර්ම9
ශාස්ත්රි (14) පුරාණ (15) ආයුර්වේද (16) ධනුර්වෙරද
(17) ගාන්ධර්වධ (18) අර්ථ ශාස්ත්ර
පවේණි - පරම්පරාවෙන් පැවත එන
උරුමය.
243
අන්වය - මිසදිටුවන් අබඳ බස්
නොසී කරන නිසී නැණ ඇති පැරකුම් රජුට සැක සිත පසිඳ නඳ රසී ගැඹුරු තෙපලෙන් සූවාසූ
දහසක් දහම් කඳ දෙසී.
අර්ථය - මිථ්යාලදෘෂ්ටිකයන්ගේ
අසම්බන්ධිත වචන සිහිනොකරන්නා වූ යහපත් නුවණ ඇති පරාක්ර මබාහු රජුට සැක සිත නැති
කොට සතුට ගෙන දෙන රසවත් ගැඹුරු වචනයෙන් අසූ හාර දහසක් ධර්මස්කන්ධය දේශනා කෙළේය.
විස්තර - අබඳ - පිටපත්හි නො එන
නමුත මෙය ‘අබද’ යනුවෙන් ගෙන ‘අභද්ර ’ යැයි
අරුත් කීම වඩා සුදුසු බව පෙනේ.
නො සී කරන - නොසිහි කරන; සිහියට
හෙවත් මතකයට නොගන්නා.
නිසී නැණැති - යහපත් ඥානයෙන්
යුක්ත
පසිඳ - ප + සිඳ; නැති කොට
රසී - රස ඇති; රසවත්
සූවාසූ දහසක් දහම් කඳ - බුදුන්
වදහළ ධර්මය ස්කන්ධ (සමූහ) වසයෙන් අසූ හාර දහසක්යැයි කියනු ලැබේ.
244
අර්ථය - ඒ ස්වාමීන් නැමති කෛලාස
පර්වතයෙන් වැටෙන්නා වූ යහපත් ධර්මය නැමැති ආකාශ ගංගාවෙහි දීප්තිමත් ජල ධාරාව වැදී
අප්රෙමාණ සන්තෝෂය නැමැති අමෘත ඕජසින් පිරි නරේන්ද්රෝැත්තමයා නමැති කිරි මුහුද
නිතරම විශේෂයෙන් බැබලුණේය.
විස්තර - රජු නමැති කිරි මුහුද
ධර්මය නමැති ආකාශ ගංගාව වැටීමෙන් ප්ර භාවත් වූ බව මෙයින් කියවෙයි.
245
අන්වය - දන මන විකාසය කර දහම්
දෙසන ගුණ නිවාසය සොබන එයති සඳුගේ වදන් නළු අඟන විසේසය පෑ රඟන පවර සබාසය රඟ බිම්
විය.
අර්ථය - ජනයාගේ මනස පුබුදු
කරමින් ධර්ම දේශනා කරන්නා වූ ගුණයට නිවාස වූ (ගුණවත්) ශෝභන ඒ යතිතුමාගේ වචන නමැති
නාටිකාංගනාව විශේෂය පෙන්වා නටන්නා වූ උතුම් වූ ෂඩ් භාෂාව රංග භූමියක් විය.
විස්තර - රහල් හිමියන්ගේ වචන
නළඟනක් නම් ඇය විශේෂත්වයක් පා නැටුම් දක්වන්නේ, ෂඩ් භාෂාව නමැති රඟ බිමෙහිය.
විකාසය කර - පුබුදුවා
සබාසය - සංස්කෘත, ප්රාිකෘත, මාගධී, පෛශාවි, ෙශෟරසෙනි, අපහ්රංයස
යන භාෂා සය.
246
අන්වය - පස් ඇස් පසැස් කර සොඳ
ලෙසම වදහළ නිදොස් වෙසෙස් පිළිවෙත් සිරිත නොවිහිද සදොස් කෙළෙස් සතුරන් නොමඳ ඔද මැඬ
නිබඳ අපිස් සතොස් ගුණයෙන් වැජඹෙයි.
අර්ථය - බුදුන් වහන්සේ විසින්
ප්රඬත්ය ක්ෂ කර ගෙන සුදුසු ආකාරයට වදාරන ලද්දා වූ වැරදි රහිත විශේෂ ප්රනතිපත්ති, චාරිත්රෙ
උල්ලංඝනය නොකර දොස් සහිත ක්ලේවශ නමැති සතුරන්ගේ බොහෝ වූ එඩි මර්දනය කොට නිරතුරුව
අල්පේච්ඡ සන්තෝෂ ලක්ෂණයෙන් වැජෙඹයි.
විස්තර - පසැස් - පස් + ඇස්; ඇස් පසක්
ඇති තැනැත්තා = බුදුන්; මසැස, දිවැස, පැණ ඇස, බුදු ඇස, සමතැස යන
පංචාක්ෂීන් බුදුන්ට ඇතැයි කියති.
පසැස් කර - ප්ර්ත්යසක්ෂ කර
අපිස් - අල්පේච්ඡ
247
අන්වය - බැලූ බැල්මට දුෂ්කර සේ
පෙනෙතත් එසේ නොවේ.
අර්ථය - සිල් නමැති සේනාවද, කීර්තිය
නමැති චාමරද. මෛත්රීැ නමැති සේසත්ද. ගුණ නමැති ආභරණද, ධර්මය
නමැති ඔටුන්නද, ඥානය නමැති කඩුවද, බිඳින ලද අනංගයා හෙවත් කාමයද, තපස්
තේජස නමැති ආඥාවද ඇති රජුට සමාන ඔහු වෘහස්පති හැර කවුරු වර්ණනා කරත්ද?
විස්තර - (1) විජයබා
තෙරුන් රජෙකුට සමාන කිරීමේදී ‘නැණකගහු’ යන්න
දක්වා සුදුසු උපමා ලැබුණු බව පෙනේ. එහෙත් අනංගයා ජය ගැනීමේ ලක්ෂණය රජුට නැත.
මෙහිදී ‘නරඟ’ යන්නෙන් ‘නරාග්රු’ යන අර්ථය
ගැනීමට හැකි යැයි සමහරුන් අදහස් කරන නමුත් එය සුදුසු යැයි සමහරුන් අදහස් කරන නමුත්
එය සුදුසු යැයි නොසිතේ. ‘නරාග්ර්’ යන්නෙන් රජුම ගැනෙන බැවිනි.
(2) යස සෙමෙරහු - යසසත් සෙමෙරත්
දෙකම සුදුය. ඒ නිසා මේ උපමාව ගැළපේ.
නරඟ - අනංගයා
තව තෙද’ණහු -
තපස බොහෝ බලවත් සේ පෙර සැලකිණි. ඒ නිසා තේජසට උපමා කෙරිණ.
248
අන්වය - සහස් ඇස් අයුරු සොඳුරු
පැරකුම් නිරිඳුන්ගෙන් මහවෙල් ගොඩපිටිය ඇතුළුව නොයෙක නැත අමුතු මහ ගම් බිම් පමුණු
කොට ලැබ ගෙන බහදුරු සිරි සිරින් නිතින් එහි වැජඹෙයි.
අර්ථය - (එතුමා) ශක්ර යා වැනි
පරාක්ර මබාහු රජුගෙන් මහවෙල් ගොඩපිටිය ඇතුළුව නොයෙක් තැන අලුතෙන් මහ ගම් බිම් උරුම
කොට ලැබ ගෙන සඳුන් රුකක් මෙන් නිතර වැජඹෙයි.
විස්තර - සහසැස් - ඇස් සහසක්
හෙවත් දහසක් ඇත්තේ යමෙකුටද හේ සහසැස් - ශක්ර-යා
පමුණු කොට - ප්රයවේණි කොට; උරුම කොට.
අමුතු ලැබ ගෙන - යමක් අමුතුවෙන්
ලැබ ගැනීම නම් කලින් නොතිබී අලුතෙන් ලබා ගැනීමයි. එය පරම්පරා ගත වන පරිදි ලබා
ගැනීම පමුණු කොට ලැබ ගැනීම වේ.
බහදුරු සිරි - භද්රඑ
ශ්රීව-සඳුන් ගසට නමකි
249
අර්ථය - මිත්ර ය, ඒ
යතිඳුන්ට දැන්විය යුතු සේ පළමුවෙන් දක්වන ලද අති උතුම්. සත් පුරුෂයන්ට අභිමත වූ
සන්දේශයට දැන් පැමිණි ඉඩ ඇත්තේය. එයද අසනු මැනවි.
විස්තර - විඥාපනීය - දැන්විය
යුතු
ප්ර්ථමොද්දිෂ්ට - ප්රපථම +
උද්දිෂ්ට - පළමුවෙන් කියන ලද
සදිෂ්ට - සත් + ඉෂ්ට - මනා වූ අදහස්
ඇති
ප්රා්ප්තාවසර - ප්රාඉප්ත + අවසර; පැමිණි
හෙවත් ලැබුණු ඉඩ
ස්වර්ණැ කර්ණාවතංස කර - ස්වර්ණ
කර්ණාවතංස යනු රනින් කළ කර්ණාභරණයයි. ස්වර්ණා කර්ණාවතංස කර යනුවෙන් අදහස් කරන්නේ
හොඳින් අසා ගන්නා යනුයි.
250
අන්වය - පවර මුනි වදහළ පිළිවෙත්
නොහැරම වසන, සසග පවර සැප සැබවින් සිදු කරන, මහඟු මහ
සඟ ගණ සමග මෙහෙවරින මුළු ලොවට වැඩ වන, මෙමා පවසන තෙපලක. නිතොර සතන්
වෙත මෙත් කුලුණු දක්වා මෙසිරි ලක්දිව නොහැර රැකුමෙහි දැපුණු මුනිඳු සිරි පද කමල
උතුම් අඟ පැළඳි, සුසිරි මනු රද නීති කොමළ අඟ වැලඳි, ගැමුණු
නරනිඳු සේ දහම් මග පැහැදි, මෙ සිරි පැරකුම් නරනිඳු සමග සුසැදි, (මතු
සම්බන්ධයි)
අන්වය - උතුම් වූ බුදු රදුන්
වදහළ ප්ර තිපත්ති අත නොහැර වාසය කරන දිව්යෙ ලෝක සයෙහි සම්පත් සත්යත වසයෙන්
සිද්ධ කරන මහාර්ඝ මහා සංඝ
සමූහයා සමග සේවයෙන් සකල ලෝකයටම වැඩ සිදු වන මා කියන වචනයකි. නිරතුරුව සත්වයා වෙත
මෛත්රී කරුණා පෙන්වා මේ ශ්රීක ලංකාද්වීපය අත් නොහැර රැකීමෙහි උදම් වූ, මුනිඳුන්ගේ
ශ්රී පාද පත්මය හිසින් දැරූ යහපත් ශ්රී යෙන් යුක්ත මනුරාජ නීතිය නමැති කෝමල
ස්ත්රිසය වැලඳ ගත් ගැමුණු රජු මෙන් ධර්ම මාර්ගයෙහි ප්රයසාදිතව, මේ ශ්රීස
පරාක්රගමබාහු රජු සමග හොඳින් සජ්ජිතව,
විස්තර - ලක්දිව රැකුමෙහි
දැපුණු - මෙහි අදහස රජු හොඳින් රට පාලනය කළ බවයි. එසේ කිරීම ඔහුටම ආඩම්බරයට හේතු
වී තිබේ.
උතුමඟ පැළඳි - මෙහි අදහස හිස
නමා වැන්දා වූ යනුයි.
සුසැදි - හොඳින් සැරසී සිටියා
වූ
251
අන්වය - අවට සමුදුර ඟිම් සව්
සිරි සපිරි සිරිලක, අමාකර කිරණ සේ. පිරිසුදු දිව ඇස කුලුණු ගුණයෙන් යොමා ඇම දවස, දැක, අමිතුරු
- විස - වැසන් වෙසෙසින් අතුරුදන් කොට, රෝග බිය, යක්
උවදුරු දුරට පන්වා, තමා බෝසත් බව මුළු ලොවට පෙන්වා, විජය සුබ
සිරි සැප නොහැර. දියුණු කොට, නිතර සහ පිරිවරින් සිට රකින ලෙස, අදර
සිතින් නතිඳුහට අයදින ලෙස, මිතුර ඒ යති සඳුට තොසින් සැළ කර.
අර්ථය - වටේට ඇති සමුද්රටය සීමා
කොට, සියලු ශ්රී යෙන් මනාව පිරුණා වූ ශ්රීස ලංකාව චන්ද්ර- රශ්මිය
මෙන් පිරිසිදු වූ දිව්යාකක්ෂිය කරුණා ගුණයෙන් යොමු කොට හැම දා දැක, සතුරු
විෂ ව්ය සන විශේෂයෙන් නැති කොට රෝග බව යක්ෂ උවදුරු ඈත යවා තමා බෝධිසත්ව ලීලාව මුළු
ලෝකයට පෙන්වා විජය සහ ශුභශ්රීස සම්පත්තිය අත් නොහැර වර්ධනය කර නිරන්තරයෙන් පිරිවර
සහිතව සිට ආරක්ෂා කරන ලෙස ආදර සිතින් එකල නාථ දෙවියන් හට ආයාචනා කරන ලෙස මිත්රආය, යතීන්ද්ර්යා
හට සන්තෝෂයෙන් දන්වන්න.
විස්තර - අමාකර - අමෘත වූ හෙවත්
ප්රිඑයංකර වූ රශ්මියක් ඇති නිසා චන්ද්රවයා අමාකර නම් වේ.
අමිතුරු විස වැසන් - සතුරු විෂ
හා ව්යහසන
සහපිරිවරින් සිට - රහල්
හිමියන්ට සහපරිවරින් සිට ආයාචනය කිරීමට ඉල්ලීමක් කළ සේ සමහරු ගනිති. එහෙත්
සහපිරිවර වඩාත් අවශ්යය වන්නේ රටක් රැකීමටය. ඒ නිසා නතිඳුන්ට සහපරිවරින් රට රක්නා
ලෙස ඉල්ලූ ලෙස ගැනීම වඩාත් සුදුසුය.
252
අන්වය - මිතුර, පමණින්
දස දහස් යොදුන් වූ දඹදිව සිට සිරි ලකට තුන්තරා ගමනක් වැඩ මුනි යක් සෙනඟ දුරුකොට
මතු අන්තරා හැර දිව ඇසින් බලා සසුන් පිහිටන ලෙස සැලසීය. සුර අසුර ලොව එක ලෙස
තුස්වා දිස්න බුදු සස්න වා පස්දහස් පවතින ලෙස ඇම වර සිත සතොස් නොහැර රකිනුව ලොව
හිමකර සේ දක්වා යස විසිර වෙසෙසේ දිලි එම නතිඳුට යළි යදින ලෙස, පවර
තෙරිඳුට සැළ කර.
අර්ථය - මිත්රවය, ප්රතමාණයෙන්
දස දහසක් යොදුන් වූ ජම්බුද්වීපයෙහි සිට බුදුන් වහන්සේ ශ්රීස ලංකාවට තුන් වරක්
පැමිණ යක්ෂ සේනාව පන්නා දමා අනාගත අන්තරායන් වළක්වා දිව්යාැඥානයෙන් බලා සසුන්
පිහිටන ලෙස සැලසීය. සුරාසුර ලෝකයන් එක ආකාරයට සතුටු කොට දෘශ්යැමාන වන බුද්ධ ශාසනය
අවුරුදු පන්දහසක් පවතින ආකාරයට නිතරම සිතෙහි සන්තෝෂය අත් නොහැර රක්ෂා කරනු සඳහා
ලෝකයෙහි චන්ද්රනයාගේ ආකාරය පෙන්වා කීර්තිය ප්රයසාරණය කොට විශේෂයෙන් බබලන ඒ නාථ
දෙවියන්ටම නැවතත් ආයාචනය කරන ලෙස උතුම් වූ ස්ථවිරයන්ට දන්වන්න.
විස්තර - තුන් තරා ගමනක් - යම්
යම් ආගමික විස්තරවලදී තුන් යන්න වෙනුවට තුන්තරා යයි සඳහන් වේ. මෙහි තරා යනු අර්ථ
රහිතය.
යක් සෙනඟ දුරු කොට - වරක්
බුදුන් වහන්සේ ලංකාවට වැඩ යක්ෂයන් දමනය කිරීම පිළිබඳව කළ සඳහනකි මේ.
පස්වා දහස් - පන් දහසක් අවුරුද; ‘වා’ යනු
වර්ෂයි.
හිමකර - හිම මෙන් සිසිල් වූ
රශ්මියක් ඇති හෙයින් චන්ද්ර යාට මේ නම කියනූ ලැබේ. රාත්රිමයට හිම හෙවත් පිනි ඇති
කරන හෙයින් චන්ද්රෂයා හිමකර නමින් හැඳින් වී යයි කීමටද පුළුවන.
යස විසිර - කීර්තියෙහි පැතිරීම.
මෙහි ‘විසිර’ යනු පූර්ව ක්රියයා පදයක් හැටියට නොව
නාම පදයක් හැටියට ගැන්ම සුදුසුය. මෙසේ ධාතු රූපයම නාම පදයක් හැටියට සිටින තැන්
තවත් ඇත. පතර (පැතුරුම), බණ (දෙසුම) අණ (ඇණවුම) ආදි වසයෙනි.
253
අන්වය - සකි අප කී ලෙසට මෙතතු
වදන් දන්වා අවට දිගු බිත කිතු ලිය මල් ගන්වා, සිතු සතොසින් ලොවට වැඩ සිදු කළ
තොපට මතු දෙලොවින් සුබසිරි සිදු වෙයි.
අර්ථය - මිත්රිය, අප කී
ආකාරයට මේ ප්රසවෘත්ති වචන දන්වා හාත්පස ලෝකයෙහි කීර්තිය ඇති කොට සන්තෝෂ සිතින්
ලෝකයට වැඩ සිද්ධ කළහොත් තොපට අනාගතයෙහි මෙලෝ පරලෝ යන දෙකින්ම සුබසිරි ඇති වේ.
විස්තර - තතු වදන් - ප්ර වෘත්ති
විස්තර කරන වචන
කිතුලිය මල් ගන්වා - කීර්තිය
උච්චාවස්ථානයට පමුණුවා යන අර්ථයයි.
දෙලොව - මෙලෝ පරලෝ යන දෙකයි.
සුබ සිරි - යහපත් සම්පත්තීන්
254
අන්වය - ම-සග පියවී පිය ගිය
ගමන් නොහැරම ගොස්, ගිය කාරිය සැළ කොට සිත් අග සිදු කර තොප යස රැස අග නොව සියල්
දිය කියවා, සිය නෑ සමිතුරු සමග සියව පවතුව.
අර්ථය - මාගේ යහළුව, ප්රවකෘති
ප්රි ය ගමන අත් නොහැරම ගොස්, ගියා වූ කාර්ය දන්වා චිත්තාග්රවය
හෙවත් සිතෙහි අභිලාෂය සිදු කොට තොපගේ කීර්ති සමූහය කෙළවර නොවන පරිදි සකල ලෝකයෙහි
කියවා තම නෑදෑයන් හා මිත්රතයන් සමග එක්ව ජීවත් වව.
විස්තර - පිය වී - මෙය ‘ප්රිය
වූ’ යනුවෙන් සමහරු අර්ථ කථනය කරති. එහෙත් ‘පියවී’ යන්නෙන් ‘ප්රි ය
වූ’ යන තේරුම ලැබෙතැයි නොසිතමු. ‘පියවි’ යනු
ප්ර්කෘතියයි. එය දීර්ඝ වී ඇත්තේ ඡන්දස් හේතුවෙනි.
සන්දේශකරු ගිරවාට පියවි ගමනින් යන්නටය කියා ඇත්තේ ඉක්මනින් සිදු කළ යුතුව තිබූ දූත කාර්ය දැන් අවසාන බැවිනි.
පිය ගමන් - පියඹා යෑම
නොවග - කෙළවර නොකොට
නෑ සිය - ඥාති සමූහයා
සියව - එක් වී
Comments
Post a Comment