සංස්කෘත
සංස්කෘත භාෂාවෙන් පමණක් කතා කරන ගම්මානයක් සංස්කෘත භාෂාව , පාලි , හීබෲ වැනි මළ භාෂා ගනයට අයත්වේ. මළ භාෂාවක් යනු ව්‍යවහාරයෙන් නොපවතින භාෂාවකි. පාලි භාෂාව අප අධ්‍යයනය කරනු ලබන්නේ ව්‍යවහාර කිරීම සඳහා නොවේ. සංස්කෘතය ද එසේමයි. හින්දු භක්තිකයින් විසින් බොහෝවිට සංස්කෘත ශ්ලෝක තම ආගමික කටයුතු සඳහා යොදා ගනු ලබයි. ඒ හැර “ ඔබගේ සැප සනීප කෙසේද ” “ කොහොමද ජීවිතේ ” “ මම මෙහාට යනවා ” යනාදී ලෙසින් සංස්කෘත භාෂාව කථා කිරීම සඳහා යොදා නොගනී. ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මාතුර් ගම්මානය තමන්ගේ එදිනෙදා කටයුතු මෙන් ම අනෙකුත් සෑම කටයුත්තක් සඳහා ම එකිනෙකා සමඟ සංවාදය සිදුකරනු ලබන්නේ සංස්කෘති භාෂාවෙනි. සංස්කෘතික වශයෙන් ඉතාම පොහොසත් මාතුර් ග්‍රාමය කර්නාටක ප්‍රාන්තයේ ටුන්ගා ගංගාව අසබඩ පිහිටා ඇති අතර මෙම ගම්මානය ඉන්දියාව පුරා ප්‍රසිද්ධයක් උසුලන්නේ “ සංස්කෘත ගම්මානය ” ලෙසටයි. එයට හේතුව එළවළු විකුණන වෙළෙන්දියන්ගේ පටන් මෙහි වාසය කරන සියලුම දෙනා පාහේ එකිනෙකා සමඟ කථාබහ කරන්නේ සංස්කෘත භාෂාවෙන් බැවිනි. දේව භාෂාව ලෙසත් හඳුන්වනු ලබන සංස්කෘත භාෂාව අද බොහෝ තැන්වල අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම දෙවියන්ට කරනු ලබන වන්දනාමාන...