සැළලිහිණි සංදේශය පිරිවෙන් නව නිර්දේශය 2017 අන්තර්ජාල උපුටා ගැනීම්
https://si.wikipedia.org/wiki/සැළලිහිණි_සන්දේශය විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් සැළලිහිණි සන්දේශය යනු කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි . පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය නමින් හැඳින්වේ. දැනට අප අතට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ගම්පොල යුගයේ දී ලියැවුණු මයුර සන්දේශ කාව්‍යය යි. සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ කෝට්ටේ යුගයෙහි දී ය. ඉන් පසු එය සීතාවක යුගය ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සිටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි. ම...