Posts

කුස ජාතකය

  514   කුස ජාතකය තවද දසබලදාරී සුරාසුරව චක්‍රාචාරු චූඩමානි මරිචිසච්ච පරිචුඹිත වරණ යුගල ඇති සර්වඥයන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතනම් රාජ කුමාරයන්ගේ උයන්හි අනේපිඬු මහා සිටානන් විසින් සිව්පණස්කෙළක් ධන වියදම් කොට කරවා පිළිගන්වන ලද රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමන මණ්ඩප මාලාකාදීන් විරාජමානවූ පද්මෝද්පල කුචලකුමුදු කල්හාර කුසුමොපශෝභිත පුෂ්කරනීන් රම්‍යවු භූමිප්‍රදේශ ඇති ජේතවන මහා විහාරයෙහි බ්‍රහ්ම ආර්ය ඊර්යාපථ විහරණයෙන් දවස් යවන සේක් සස්නෙහි උකටලීවු ඒක්තරා භික්‍ෂු කෙණෙකුණ් අරභයා මේ කුස ජාතකය ධර්මදේශනාව වදාළසේක. ඒ කෙසේද යත් සැවැත් නුවර වසන්නාවු එක්තරා කුලපුත්‍රයෙක් බුදු සස්නෙහි යෙදී මහණව එක් දවසක් සැවැත්නුවර පිඬුසිඟා ඇවිඳිනේය. සර්වාභරණ විභූසිතවු එක් මාතුගාමයෙක් දැක සුභ නිමිත්ත ග්‍රහණයෙන් බලා කෙලශ වසඟව ශාසනයෙහි ඇලුම් නැතිව දික්වු නිය කෙස් හා ඉළුපුනු නහරබහන් කිළුටුවූ සිවුරු හා සුදු මැලිවූ සිරුරු ඇතිව වසන්නේය. යම්සේ දිව්‍යලෝකයෙන් චුතවන්නාවු දිව්‍යපුත්‍රයන්ට පැලදි මල් මාලානිකවිමය දිවසළු කිළුටුවිමය ශරීරය දුර්වණී යට පැමිණවීමය දෙකිසිල්ලෙන් ඩා වැහීමය දිව්‍යලොකයෙහි ආලය මදවීමය නමේ ප...