Posts

සිංහල අක්ෂර මාලාව

Image

ගී රස වින්දනය රත්න දීප ජන්ම භූමි - ලංක දීප විජය භූමි අන්තර්ජාල උපුටා ගැ නීම්

පුංචි පහේ හපණුන්ට ගී රස වින්දනය මගෙ ආදරණීය දුවේ පුතේ. අද මම ශිෂ්‍යත්ව විභාගෙට නිර්දේශ වෙලා තියෙන ‘‘ රත්න දීප ජන්ම භූමී ‘‘ යන ගීතය තමයි ඔයාලට තේරෙන විදියට ඉතාම සරළව රසවින්දනය කරන්න සූදානම් වෙන්නෙ.. ඔක්කොටම කලින් ගීතයේ ‘‘ අයිතිකරුවො ‘‘ ගැන දැනගෙන ඉමු.. ගීතය ලියල තියෙන්නෙ ‘‘ මහගමසේකර ශූරීන් ‘‘ මෙතුමා තමයි ලංකාවෙ ‘‘ ස්වතන්ත්‍ර ගීත කලාව ‘‘ හඳුන්වල දුන්නෙ කියල හැමෝම පිළිගන්නෙ. ‘‘ ස්වතන්ත්‍ර ගීත කලාව ‘‘ කියන්නෙ සිංහල භාෂාවෙන් , අපි හැමොටම තේරෙන විදියට වෙනත් කිසිම භාෂාවක් අණුකරණය කරන්නෙ නැතිව අපේ රටටම ආවේනික වුන ගීත කලාවට. මෙතුමාගේ නම කෙටි කරල ‘‘ සේකරයන් ‘‘ කියලත් විචාර කරන නැන්දල මාමල කියල තියනව මගෙ පුතාල දැකල ඇති. ඒකට හේතුව තමයි මෙතුමන් ගේ ඇත්තම නම ‘‘ සේකර ‘‘ වීම. හැබැයි මෙතුමා මේ ගීතය ලියල තියෙන්නෙ ‘‘ සකු බස ‘‘ ඒ කිව්වෙ ‘‘ සංස්කෘත භාෂාව ‘‘ මිශ්‍ර වූ සිංහල භාෂාවෙන්. ඒ වගේම ගීතයේ ‘‘ තනුව ‘‘ ( ඒ කිවුවෙ අපි අද ගායනා කරන තාලය නැත්නම් නාද මාලාව) නිර්මාණය කළේ පුතාල හැමෝම දන්න , අපේ ශ්‍රී ලාංකීය සංගීත කලාවේ ‘‘ මහා ගාන්ධර්වයා ‘‘ යනුවෙන් හඳුන්වන ‘‘ පණ්ඩිත් , අමරදේව ශූරීන් ...

ජාත්‍යන්තර මව්භාෂා දිනය පිළිබඳ තොරතුරු

ජාත්‍යන්තර මව් භාෂා දිනය , නීතිය මව් භාෂාවෙන් ඉගෙනීමේ අයිතිය සහ රටේ සංවර්ධනය …! in Featured, විශේෂාංග February 8, 2017 රටක , ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කොතෙක්ද යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ ( UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21 වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි. http://www.un.org/en/sections/observances/international-days/ මරියා ස්මිත් ජෝර්න්ස් , ඇමෙරිකාවේ අලෙස්කා (දකුණු මධ්‍යම ඇලෙස්කාවේ) ප්‍රාන්තයේජීවත් වූ 89 වියේ කාන්තාවකි. ඇය දරුවන් 9 දෙනෙකුගේ මවක් විය. ආදිවාසි ගෝත්‍රයකට අයත් එම කාන්තාවගේ මරණයෙන් පිරවිය නොහැකි හිඩසක් වෙනත් කිසිම මරණයකින් සිදු නොවූ බව පෙබරවාරි 21 දිනට යෙදී ඇති ජාත්‍යන්තර මව් භාෂා දිනයේදී ලාංකිකයන් අවබෝධ කිරීම වටී. එයට හේතුව , ඇගේ මරණයත් සමගින් ලෝකයේ එයික්( Eyak ) නැමති භාෂාව කථා කළ අවසාන පුද්ගලයා ද මෙලොවින් සමුගෙන එම එයික්භාෂාව මළ භාෂා ලැයිස්තුවට එකතුවිමය. Merry ඇයගේ අවසාන කාලයේ ස්ව උත්සාහයෙන් ඇය මහගු සේවාවක් කර ඇත. එය එයික් භාෂාවෙන් ශබ්ද කෝෂයක් ලියා නිම කිරීමය.අවාසනාව වන්නේ එහි...