Posts

අක්ෂර මාලාව .උත්පත්ති ස්ථාන. අකුරු වර්ග . පිල්ලම්

Image
අක්ෂර මාලාව උත්පත්ති ස්ථාන උත්පත්ති උච්චාරණ  කරණ  ස්ථාන අකුරු වර්ග පිල්ලම්

සිදත් සඟරාව

සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයේ ඉගැන්වෙන මූලික ව්‍යාකරණ විධි පැහැදිලි කරගැනීම සඳහා පදනම් කොටගන්නා ග්‍රන්ථය සිදත් සඟරාව යි. සිදත් සඟරාවේ ව්‍යාකරණ විධි පැහැදිලි කරගැනීමෙන් ඉනික්බිති ව සමකාලීන ව්‍යාකරණයේ ද නූතන වාග් විද්‍යාඥයන්ගේ ද මතවාද සාකච්ඡා කළ හැකිය. වියරණ විධි අරඹයා උගතුන් පළ කොට ඇති මතවාද සාකච්ඡා කළ හැක්කේ ද අවබෝධය පුළුල් කොටගත හැක්කේ ද සිදත් සඟරාව පිළිබඳ සාධාරණ ඇගයීමක් කිරීමෙන් පසුව පමණි. භාෂාවක් නිවැරදි ව ලියන්නට කියන්නට උගන්වන ශාස්ත්‍රය ‘ ව්‍යාකරණ ශාස්ත්‍රය ’ නම්: එකී ව්‍යාකරණය පිළිබඳ ව ලියැවී ඇති දැනට දෘශ්‍යමාන පළමු වැනි ග්‍රන්ථය වන සිදත් සඟරාව පිළිබඳ දළ අදහසක් ඇති කරගත යුතු ය. සිදත් සඟරාව ලියැවෙන්නේ 13 වන සියවසේ දඹදෙණි කාලයේ දී ය. තුන් වැනි විජයබාහු හෙවත් දඹදෙණි විජයබා , දඹදෙණිය ගොඩනැඟූ පාලකයා ය. දඹදෙණි විජයබාහු රජතුමාගේ පුත්‍රයා වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු හෙවත් දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දඹදෙණියෙහි සෞභාග්‍යය වඩාත් තීව්‍ර විය. දඹදෙණි යුගය ජනෝපයෝගී රාජ්‍ය පාලන යුගයකි. එකල භාෂා සාහිත්‍යය සුපෝෂණය විය. පිරිවෙන් විද්‍යායතන දීප්තිමත් විය....

සාහිත්‍ය යුගවල විශේෂතා

Image

දඹදෙණි සාහිත්‍ය යුගය

Image
දඹදෙණි යුගය ඈත අතීතයේදී වට දඹරන් වැස්සකින් සශ්‍රීක වූ හෙයින් , ඒ ප්‍රදේශ දඹදෙණිය වූ බව ජනප්‍රවාදයේ සඳහන් දඹදෙණිය  ක්‍රි . ව . 1232 දී ආරම්භ වූ දඹදෙණි යුගය දශක 5 කට ආසන්න කාලයක් පුරා දිවෙයි . මෙම  වකවානුව තුළ සිංහල රජ දරුවන් සිව් දෙනකු විසින් දේශපාලනික , ආගමික සංස්කෘතික සමාජීය හා සාහිත්‍ය ක්ෂේත්‍රයන්හි දිදුල ආලෝකයෙන් දඹදෙණි යුගය එකලු කරනු ලැබූහ . I. තුන්වන විජයබාහු ( ක්‍රි . ව . 1232 - 1236) II. දෙවන පරාක්‍රමබාහු ( ක්‍රි . ව . 1236 - 1270) III. සිව්වන විජයබාහු ( ක්‍රි . ව . 1270 - 1272) IV. පළමුවන බුවනෙකබාහු ( ක්‍රි . ව . 1272 - 1284) ශ්‍රී ලංකා වංශකතාවේ විවිධ යුග අතරින් දඹදෙණි යුගය විද්වතුන්ගේ වැඩිම අවධානයක් යොමු විය යුතු කාල පරිච්ඡේදයක් බව අපගේ හැඟීමයි . දඹදෙණි යුගය වැඩි බහුමානයකට බඳුන්වීම නිතැතින් ම සිදුවිය  යුතු යැයි අප කියන්නේ , ප්‍රධාන කරුණු දෙකක් පාදක කොට ගෙන ය . I. කාලිංග මාඝගේ දැඩි ආක්‍රමණයෙන් බිඳ වැටුණු අනුරපුර , පොළොන්නරු යුගවලින් පසුව රජ රට මුළුමනින් ම විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ ක්‍රමෝපායන් සැලසුම් කෙරෙන්නේ දඹදෙණිය කේන්ද්‍රස්ථාන කරගෙන ය...

කෝට්‌ටේ යුගයේ ශාස්‌ත්‍රීය නවෝදය

කෝට්‌ටේ යුගයේ ශාස්‌ත්‍රීය නවෝදය ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ආරම්භය අනුරාධපුර යුගයේ දිග්සඳ සෙනෙවියා විසින් ආරම්භ කරන ලද දීඝසන්ද ප්‍රසාද පිරිවෙන වෙයි . මේ යුගයේදී අනුරාධපුර මහා විහාරය , අභයගිරිය සහ ෙ - තවන විහාරය අධ්‍යාපන කේන්ද්‍රස්‌ථාන වශයෙන් පැවතිණි . මධ්‍ය අනුරාධපුර යුගයේ පස්‌වැනි අග්බෝ ( ක්‍රි . ව . 718 - 724) රජතුමාගේ කාලයේදී උතුරුමුළ , වාදුමුළ , කපුගම් පිරිවෙන , දෙමටමල් පිරිවෙන , අලගිරි පිරිවෙන , සත්නැලිය පිරිවෙන හා උතුරු පිරිවෙන යනුවෙන් පිරිවෙන් ආයතන හතක්‌ පැවැති බව පූජාවලියේ සඳහන් ය . පොලොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු ( ක්‍රි . ව . 1153 - 1186) රජතුමාගේ කාලයේ දී ආලාහන පිරිවෙන් සංකීර්ණය ඉදි කළහ . එම යුගයේ ' අෂ්ටමූලායතන ' පැවැතිබව චූලවංශයේ සඳහන් ය . ( 1) උත්තරෝළ්හ ආයතනය ( උතුරු මුළ ) ( 2) මහානෙත්තපාසාද ආයතන ( මහනෙත්පා මුළ ) ( 3) කප්පූර - මූල ආයතනය ( කපාර මුළ ) ( 4) වාහකදීපක ආයතන ( වහදු මුළ ) ( 5) දක්‌  ණ මූළ ආය තනය ( දකුණු මුළ ) ( 6)   සේලත්තර මූල ආයතනය ( ගලතුරුමුළ ) ( 7) සරෝගාම මූළ ආයතනය ( විල්ගම් මුළ ) ( 8) සේනාපති මූළ ආයතනය ( සෙනෙවිරත් මූළ ) යනු එම පි...